Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
පොලේ මිරිස් විකුණූ ව්‍යාපාරිකයා කෝටිපති&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලේ මිරිස් විකුණූ ව්‍යාපාරිකයා කෝටිපති&

මාවතගම සති පොලේ වියළි මිරිස් රාත්තල් දහයක් විකුණමින් ව්‍යාපාරික ක්ෂේත්රයට අවතීර්ණ වූ තරුණයෙකු ඉන් වසර ගණනාවකට පසුව ජපානයේ පාවිච්චි කරන ලද වාහන පිටරටවලට වැඩියෙන්ම අපනයනය කිරීමේ සම්මානයෙන් ජපානයෙන් පුද ලැබීමට තරම් ප්‍රබල ව්‍යාපාරිකයකු බවට පත් වීම දෛවයේ අපූරු සිදුවීමක් නොවේද?

එක් අතකට සැබැවින්ම මෙය විශ්වාස කළ නොහැකි කතාවක් සේ පෙනේ.

එහෙත් මෙය සැබෑ කතා පුවතකි. උත්සාහය සහ ධෛර්යය ඇති නම් කළ නොහැක්කක් නොමැති බව ජපානය ජය ගත් මේ අපූරු ව්‍යාපාරිකයා ලෝකයටම පෙන්වා දී ඇත. මේ අපූරු ව්‍යාපාරිකයාගේ නම ද අපට නුහුරු නමකි. ක්ෂත්රීය රාජපුත්‍ර වීරසිංහ ඒ නමයි. මේ අපූරු නාමය ලැබීමේ කතාවෙන්ම වීරසිංහ මහතා තම ජීවිත කතාව ආරම්භ කළේය.

“මේ නාමය මට ලැබුණේ අපේ සීයාගෙන්. අපේ සීයා ඒ කියන්නේ තාත්තාගේ තාත්තා ඉන්දීය සීක් ජාතිකයෙක්. ඔහුගේ නම ක්ෂත්රිය රාජපුත්‍ර ජිමල්සිං. සීයා ලංකාවට ඇවිත් හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරලා තියෙනවා.

එහෙම ඇවිත් ලංකාවේම පදිංචි වෙලා මෙහේ සිංහල කාන්තාවක් විවාහ කරගෙන තියෙනවා. ක්ෂත්රීය කුලය කියන්නේ ඉන්දියාවේ බොහෝම ඉහළ කුලයක්. මේ කුලයේ අය තමයි බොහෝ වේලාවට ඉන්දියාවේ රාජ්‍ය පාලනය ගෙන ගිය රජවරුන්ගේ ආරක්ෂාව බාරව ඉඳලා තියෙන්නේ.”

“ඔබ දැන් මේ කතා කරන්නේ ශ්‍රී ලාංකිකයෙක් සමග නොවෙයි. ජපානෙක් සමගයි.” කතාබහ ආරම්භයේදීම වීරසිංහ මහතා පැවසීය. ඊට හේතුව වීරසිංහ මහතා සමග ඔහුගේ මුළු දරු පවුලටම ජපානයේ පුරවැසිභාවය හිමි වී තිබීමය. අපේ රටෙන් ජපානයට ගිය බොහෝ පුද්ගලයෝ ජපානයේ පුරවැසිභාවය ලබා ගැනීමට එරට කාන්තාවන් හා විවාහ වුවද ව්‍යාපාරිකයෙකු ලෙස ලබා ගත් ප්‍රසිද්ධිය නිසාම වීරසිංහ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ජපානයේ පුරවැසිභාවය නිතැතින්ම හිමි වී තිබේ.

“මම කුඩා කාලයේදීම තාත්තා හදිසියේම මිය ගියා. තාත්තා රැකියාව හැටියට කරලා තිබුණේ වාහන ගෙනැල්ලා විකිණීමේ ව්‍යාපාරයක්. අපේ ගමට තිබුණු කාර් දෙක තුනෙන් එකක් අපේ තාත්තාට අයිතිව තිබුණා. මේ කාර් එකෙන් මගුල් හයර් වාගේ ඒවා ගිහින් ලැබෙන ආදායමෙන් තමයි තාත්තා අම්මයි, අයියයි, මල්ලිලා දෙන්නයි, අක්කයි, නංගියි, මායි ජීවත් කෙරෙව්වේ.

තාත්තා නැති වුණාට පස්සේ අම්මට අපිව ජීවත් කරවීම අමාරු වුණා. මේ නිසා අම්මා රෙදි මහලා වික්කා. මාවතගම පොලේ පුංචි කඩ කාමරයක ඇඳුම් ටිකක් තියන් විකුණන කොට මම අම්මා ළඟට වෙලා හිටියා මට මතකයි. ඊට අමතරව අම්මා කෑම හදලා කඩවල්වලටත් දැම්මා. අපේ අම්මා අපි පස්දෙනාව ජීවත් කරවන්න ලොකු උත්සාහයක් ගත්තා.

මේ කාලයේදි මට මතකයි අපේ අයියා දවසක් රාජාංගණයේ මළ ගෙදරක පිංකමකට ගියා. එතකොට මට වයස අවුරුදු දහසයක් විතර ඇති. අයියාට වයස අවුරුදු විසි එකක් විතර ඇති. අයියා රාජාංගණයේ පිංකම්ගෙදර ගිහින් ආපහු ගෙදර එනකොට වේළිච්ච මිරිස් රාත්තල් දහයක් යූරියා උරේකට දමාගෙන ආවා. මේ මිරිස් වෙළඳාම අයියාගෙන් තමයි අපි පටන් ගත්තේ.

අම්මා මාවතගම පොලේ රෙදි විකුණද්දි අයියයි මායි ඒ ගෙනාව මිරිස් ටික තවත් තැනක තියාගෙන විකුණන්න පටන් ගත්තා. මාවතගම ඉස්කෝලෙට යන ගමන් තමයි මේ විදිහට මිරිස් විකුණන්න පටන් ගත්තේ. මුලදි නම් ඉස්කෝලේ යාළුවෝ ගුරුවරු පොලේදී දකිනකොට ලොකු ලැජ්ජාවක් දැනුණත් පස්සේ එ්ක නැති වුණා. මුලින් ගෙනාව ඒ මිරිස් රාත්තල් දහය විකුණාගන්න අපිට මාසයකටත් වැඩිය කාලයක් ගියා. ඒ ටික විකුණලා ඉවර වුණාට පස්සේ අපි දෙන්නා මිරිස් ගෝණියක්ම ගෙනාවා. ඊට පස්සේ පොලේ සමහර වෙළෙන්දෝ අපෙන් මිරිස් අරගෙන එයාලා සිල්ලරට විකුණන්න ගත්තා. මෙහෙම යනකොට අපේ මිරිස් වෙළෙඳාම දියුණු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට වැඩියෙන් මිරිස් ගෙනැල්ලා ව්‍යාපාරය දියුණු කර ගන්න කියලා අපිට මාවතගම නගරයේ තිබුණු කුඹුරක් ඒක ගොවිතැන් කරපු අඳ ගොවියාටම විකුණලා ඒ සල්ලි අම්මා අපට දුන්නා.

මේ කාලයේදී රාත්තල් කිලෝ බවට පරිවර්තනය වුණා. අපි මිරිස් වෙළෙඳාම අරඹලා අවුරුදු තුනක් විතර යන කොට මිරිස් ගෝණි හතළිහක් විතර සතියකදි පොලේ විකුණන තත්ත්වයකට අපේ ව්‍යාපාරය දියුණු වුණා. දැන් අපි දෙන්නා හරිම ප්‍රසිද්ධයි. මාවතගම ඉඳලා නුවරට, කුරුණෑගලට යනකල් ගොඩාක් වෙළෙන්දෝ මිරිස් ගන්නේ අපෙන්. අපි ඒ කාලයේ මන්නාරම, අනුරාධපුර, යාපනයට පවා ගියා මිරිස් ගේන්න. ගොඩාක් වෙලාවට කෝච්චියෙන් තමයි ගෙනාවේ.

මේ විදිහට අපේ ව්‍යාපාරය බොහෝම සරුවට කරගෙන යද්දී එක්දහස් නවසිය හැත්තෑහතේ මැද භාගයේදී වගේ මගේ ලොකු අයියා කීර්තිසිංහ හදිසි යතුරුපැදි අනතුරකට ලක්වෙලා මිය ගියා. ඒ කාලය වෙන කොට අපි මිරිස් වෙළඳාමට අමතරව පොල් ලී වෙළඳාමකුත් පටන් අරගෙන තිබුණා. අයියා ඒ වෙනකොට විවාහ වෙලාවත් හිටියේ නැහැ. අයියාගෙ මරණයෙන් පසුව පවුලේ සියලුම වගකීම් මට පැවරුණා. එතකොට මට වයස විසි දෙකක් විතර ඇති. මේ කාලයේදීම මට පොලිසියේ රිසව් උප පරීක්ෂක කියන රැකියාවක් ලැබුණා. මම තීරණය කළා කොච්චර වැදගත් වුණත් ඒ රැකියාවට නොගිහින් දිගටම මිරිස් වෙළඳාමම කරනවා කියලා. මේ කාලය වෙන කොට ප්‍රේමදාස අගමැතිතුමා උදාගම් ව්‍යාපාරය පටන් අරගෙන හිටිය නිසා ඒවාට පොල් ලී සපයලා මාගේ පොල් ලී ව්‍යාපාරයත් බොහෝම දියුණු වුණා. ලොකු මල්ලියි පොඩි මල්ලියි දෙන්නත් මට මේ සඳහා උදව් කළා.”

අසූව වර්ෂය වනවිට සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්ව සිටි වීරසිංහ නම් මේ තරුණ ව්‍යාපාරිකයා මාවතගම නගරයේ වෙළෙඳ සැලක් ද මිලදී ගෙන තවත් සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් ද ඇරැඹුවේ පවුලේ සියලු වගකීම් කරට ගනිමින්ය. ඒ අනුව තම වැඩිමල් සොයුරියට සාර්ථක විවාහයක් බාර දීමට ද ඔහුට හැකි විය. බාල සොයුරියට එකල එජාප රජයෙන් ගුරු පත්වීමක් ලබා දීමට ද හැකි විය.

වීරසිංහ තරුණයාගේ ජීවිතයේ අනාගතය තීරණය කෙරෙන හැරවුම් ලක්ෂ්‍ය ඇරැඹෙන්නේ මින් පසුවය.

“මේ ව්‍යාපාර කරද්දී මට හිතුණා තාත්තා කරපු වාහන ව්‍යාපාරය නැවත පටන් ගන්න ඕනෑ කියලා. මේ කාලය වෙනකොට අපේ පවුලට අයිති වෙලා තිබුණු දේපළයි, මම හම්බ කරගෙන හිටිය දේපළයි මල්ලිලා දෙන්නාටම ලියලා දීලා මම එයාලට තනිව ජීවිතය ගෙනියන්න ඕනෑ මාර්ගය පෙන්වා දීලා තිබුණා. නංගිටත් මාවතගම නගරයෙන්ම ගෙයක් අරගෙන දුන්නා. මට සමෝදය නිවාස සංකීර්ණයෙන් ලැබුණු ගෙදරක මම අම්මත් එක්ක හිටියා. මේ විදිහට අයියා මිය ගියාට පසුව මම අයියාගේ වගකීම් කරට අරගෙන පවුලේ සියලු දෙනාගේම ප්‍රශ්න විසඳලා මම නිදහස් වුණා.”

මේ කාලය වනවිට මාවතගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ලෙස නමක් දිනාගෙන සිටි වීරසිංහ තරුණයාට අයත් ව්‍යාපාර රැසක්ම විය. ඒ අතරේම වාහන බ්‍රෝකර්වරයකු ලෙස ද ඔහු ජනතාව අතරේ ජනප්‍රියව සිටියේය. රථවාහන සම්බන්ධයෙන් පියාට තිබූ දැනුම සහ හැකියාව ඒ අයුරින්ම වීරසිංහට ද පිහිටා තිබුණි. එම කාලයේදී යතුරුපැදියක් හෝ වෙනත් වාහනයක් මිලදී ගැනීමට යාමේදී මාවතගම ප්‍රදේශයේ අය පමණක් නොව පිටස්තර ප්‍රදේශවලින් ද මේ තරුණ බ්‍රෝකර්වරයා සොයා ආවෝය. එම වකවානුව ජපානයේ සිට මෙරටට විවිධ රථවාහන ආනයනය කිරීම ඇරැඹුණු මුල්ම වකවානුව ද විය.

වීරසිංහ මුදලාලි ඒ වනවිට තොග වෙළෙඳ ව්‍යාපාරිකයකු පමණක් නොව වාහන බ්‍රෝකර්වරයකු සහ වාහන අලෙවිකරුවකු බවට ද ජනප්‍රිය හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු බවට ද පත්ව අවසන්ය. වීරසිංහ නම් වූ තරුණ ව්‍යාපාරිකයාට තම ජීවන මගේ සහකාරිය මුණ ගැසෙන්නේ ද මේ වාහන ව්‍යාපාරය නිසාමය. මාවතගම ප්‍රදේශයේම පදිංචි හිරාණි කැප්පෙටිපොළ නම් වූ මේ තරුණිය ඔහුගේ පාසල් මිතුරියක ද වූවාය. ඇය ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටියදී මෙරටට රැගෙන ආ මෝටර් රථයක් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා මොහු සොයා පැමිණි ඒ ගමනේ අවසානය වූයේ එහිදී ඇති කර ගත් හාදකම මත දෙදෙනා එක්දහස් නවසිය අසූහතරේ ජනවාරි මාසයේදී විවාහ වීමය. එම වසරේම අවසාන භාගයේ දී ඔවුන්ගේ වැඩිමල් දරුවා වූ ක්ෂත්රීය රාජපුත්‍ර සජීව් උපත ලැබීය.

ක්ෂත්රීය රාජපුත්‍ර වීරසිංහගේ ජීවිතය ජය ගත් කතාව ඇරැඹෙන්නේ මෙතැන් සිටය.

වාහන ව්‍යාපාරය එන්න එන්නම සරු වීමත් සමගම මාවතගම සති පොලේ මිරිස් අලෙවිය නතර කළ වීරසිංහ මිරිස් කිරීමට භාවිත කළ තරාදි පඩි ද ස්ථානය ද සමග එම ව්‍යාපාරය මාවතගම ප්‍රදේශයේ දන්නා හඳුනන තරුණයකුට පැවරීමට තරම් නිර්ලෝභී විය. වාහන විකිණීමේදී අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් ඉතා හොඳ ආදායමක් ඉපයුව ද ඔහුගේ ආශාව වූයේ තමන්ටම කියා වාහනයක් ජපානයෙන් ගෙනැවිත් කෙළින්ම විකුණා ලාභයක් හිමි කර ගැනීමය. නමුත් ඔහුට ඒ සඳහා කිසිදු අවස්ථාවක් උදා වූයේ නැත.

බිරිඳ ජපානයේ අධ්‍යාපනය ලබා ජපන් භාෂාව ලිවීමට සහ කතා කිරීමට හැකි වුවද වාහනයක් ගෙන්වා ගැනීමට තරම් වූ සබඳතාවයක් ඇයට ජපානයේ නොවීය. ඇගේ වැඩිමල් සොයුරා ද ඒ වනවිට ද ජපානයේ රැකියාවක් කරමින් පදිංචිව සිටිය ද තම ආසාව මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය කිසිදු සහායක් ඔහුගෙන් ලැබුණේ ද නැත. මේ පිළිබඳ ක්‍රම සහ විධි දන්නා අයගෙන් විමසීමේදී ඔවුන් කළේ තමන් දන්නා ක්‍රම සහ විධි වීරසිංහට නොකියා ඔවුන් ජපානයෙන් රැගෙන ආ වාහන පමණක් විකිණීම සඳහා ලබා දීමය.

මේ අතර කාලයේදී ජපානයේ සිටි වීරසිංහගේ බිරිඳගේ සොයුරන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය මේ රටේ දී සිදු කළ අතර, එම අවස්ථාවට සහභාගී වීමට මෙරටට පැමිණි ජපන් ජාතිකයින් පිරිසකගේ සම්බන්ධීකරණය පැවරී තිබුණේ වීරසිංහටය. ජපනුන්ගෙන් සතයක්වත් නොගෙන ඔවුන්ට කළ සැලකුම් පිළිබඳව බෙහෙවින් සිත් සතුටට පත් වූ ජපන්නු ඊට ප්‍රතිඋපකාර කළේ වීරසිංහට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ජපානයේ සංචාරයකට ආරාධනා කිරීමෙන්ය.

එසේ ජපානයේ පුකෝතා නගරයේ සංචාරයකට ඔවුන් ගියේ එක්දහස් නවසිය අනූදෙකේ වසරේදීය. එදින ඔහුගේ උපන් දිනය වීමද තවත් විශේෂත්වයක් විය. ජපනුන් වීරසිංහගේ පවුලට උපරිම සත්කාර කරමින් ජපානය පුරා ඇවිදීමට පවා එක්ක ගිය ද වීරසිංහගේ මනස වැඩ කළේම වාහනයක් ලංකාවට රැගෙන යාම පිළිබඳව කෙසේ හෝ සොයා බැලිය යුතුයි කියාය. මේ ගමන ද ඔහුට ඒ සඳහා ඉතා හොඳ ආශිර්වාදයක් වී තිබුණි.

“දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තිබුණු නිසා බිරිඳ දරුවන් සමග සති දෙකකට පසුව ආපසු ලංකාවට ආවත් මට තවත් මාස තුනක් පමණ වීසා තිබුණු නිසා වාහන සොයා ගැනීමේ අදහසින්ම ජපානයේ මිතුරෙකුගේ ගෙදරක නැවතුණා. මම මිතුරත් එක්ක වාහන සොය සොයා ඇවිදිද්දී අපිට ගන්න පුළුවන් ප්‍රමාණයේ වාහන හතරක් එක් තැනක තියෙනවා දැක්කා. තුට්ටු දෙකට වගේ මිලකට ඒ වාහන තිබුණා. නමුත් මගේ අතේ ජපන් සල්ලි නොතිබුණු නිසා ජපානයේ ඉන්න මගේ මස්සිනා හම්බවෙලා මේ අදහස ඔහුට කීවා. මම කීවා මේ වැඩේට ඔයාගේම කොම්පැණියක් විවෘත කරලා ඔයාගේම සල්ලිවලින් මේ වාහන හතර ලංකාවට එවන්න. ලංකාවේදී ඒවා විකුණලා ලාබයෙන් බාගයකුත් ඔයාට දෙන්නම් කියලා කීවා. එයා මේ අදහසට එකඟ වෙලා සිලෝන් පීවීටී ලිමිටඩ් කියලා ජපානයේ සමාගමක් ලියාපදිංචි කරලා ඒ වැඩේ කළා. මේ වාහන විකුණලා ලක්ෂ අටක විතර ලාබයක් ගත්තා.

මේ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට මගේ නම දාන්න කියලා කීවත් මස්සිනා ඒ වැඩේ කළේ නැහැ. ඒ මම ගැන අවිශ්වාස කරලා වෙන්නැති. මීළඟට මට ජපානයේදී මේ බිස්නස් එකම කරන පකිස්ථාන් ජාතිකයෝ කීප දෙනෙකුත් හම්බ වුණා. මේ කාලය ලංකාවට වාහන යවන්න පටන් ගත්තු කාලෙනෙ. ලංකාවට හෝ ගාලා වාහන යනවා. මේ පකිස්තාන් අයටත් ඕනෑ වෙලා තිබුණා ලංකාවට වාහන යවන්න. මේ අයට ලංකාවට වාහන විකුණා ගන්න කෙනෙක් නැතිවයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේ අයට මාව සම්පතක් වුණා.”

මේ අලුතින් හමුවුණු පකිස්තාන් ජාතිකයින් සමග එක්ව ඉන් පසුව ජපානයේ සිට ලංකාවට රීකන්ඩිෂන් කළ වාහන යැවීම ආරම්භ කළ අතර වීරසිංහ ඒ වනවිට වාහන ලංකාව ගෙන්වීමට අවශ්‍ය සියලු බැංකු ගිණුම් ද සහිත සමාගමක් ලංකාවේ පිහිටුවා ගෙන සිටියේය. වීරසිංහ පිහිට වූ එම සමාගම තම දරුවන් තිදෙනා වූ සජීව්, සජින්, හංසි යන අයගේ නම්වල මුල් අකුරු එක්කොට එස්.එස්.එච්. යනුවෙන් නම තැබුවේය. සමාගමට නමක් තැබීම සඳහා කේන්දරකරුවකු සොයාගිය අවස්ථාවේදී ඔහුගේ උපදෙස් අනුව මේ නම තැබුණි.

“මම කීප දෙනකු ළඟටම කීප වතාවකම මගේ කේන්දරය බලන්න ගියාම මගේ කේන්දරය බලලා මේ අය කියපු අමුතු කතාව තමයි ඔයා ලංකාවේ ඉඳලා හම්බ කළාට වැඩක් වෙන්නේ නැහැ. කීයක්වත් ඉතිරි කරන්න බැහැ. ඔයා සීයක් හම්බ කෙරුවොත් හැත්තෑවක්ම වියදම් වෙනවා. ඔයාට ඉතිරි වෙන්නේ තිහයි. හැබැයි ඔයා පිටරටකට ගියොත් ඔයාට ලැබෙන්නේ ඒකේ අනික් පැත්ත. තිහයි නැති වෙන්නේ. හැත්තෑවක් ඉතිරි වෙනවා කියලා මේ අය මට කීවා. ඒ වගේම මගේ පොඩි දුවගේ කේන්දරය බලලා කීවා මෙයා ඉපදුනාට පස්සේ අපේ පවුලේ සියලුම දෙනාට විදේශ ගතවීමේ වාසනාවක් තියෙනවා කියලා. ඒ වගේම ඔයාට ලැබීමක් තියෙන්නේ වෙනත් රටක් සමග කරන යකඩවලට සම්බන්ධ වෙළඳාමකින් කියලත් කීවා. ඔයා පිටරටකට යා යුතුමයි කියලා ඔවුන් මට කීවා.”

නොදැන කළ වෙළඳාම නිසා ජපානයේ සිටි වීරසිංහගේ මස්සිනාගේ ජපානයේ සමාගම මේ කාලය වනවිට වසා දැමීමට සිදු විය. ඔහුගේ කිසිදු සහායක් නොලැබුණ ද එයින් පසුබට නොවූ වීරසිංහ ජපානයේ සිටි පකිස්තානුවන් සමග අරඹා තිබුණු සමාගමෙන් හිතන තරමට ලාබයක් නොලැබෙන බව ද වටහා ගත්තේය. පසුව ශ්‍රී ලංකාවේ ජපන් රථවාහන සඳහා ප්‍රසිද්ධම ව්‍යාපාරික ආයතනයක හිමිකරු හමුව ඔහු සමග සාකච්ඡා කොට ජපානයේ සිට කෙළින්ම එම ආයතනයට එවා තරමක විශාල ලාභයක් ඉපැයීමට සමත් විය.

මේ අතරේදී ඔහු සමග එක්ව ජපානයේ වාහන වෙළඳාමෙහි යෙදී සිටි එක් පාකිස්තානු ජාතිකයකුගේ අනුග්‍රහයෙන් නැවත සිය පවුලම සමග ජපානයට ගිය වීරසිංහ එතෙක් වාහන වෙළෙඳාමෙන් එක්රැස් කර තිබූ විශාල මුදලක් ද රැගෙන ගොස් ජපානයේ නව සමාගමක් පිහිටුවීය. එහි නාමය වූයේ එස්.එස්.එච්. ජපානය ලෙසය. පකිස්තාන් ජාතිකයා මේ සමාගමේ කොටස්කාරයකු වුවද ඔහු ඒ සඳහා කිසිදු මුදලක් යොදවා නොතිබීම ද විශේෂත්වයකි.

කෙසේ හෝ ටික කාලක් යනවිට තමාගේ ව්‍යාපාරික සහකරු තමන්ට මේ ආකාරයට ජපානයට එන්න නිසා ආරාධනා කොට සමාගමක් පිහිට වූයේ ආදරයකට නොව කූට උපක්‍රමයකට යැයි වීරසිංහ වටහා ගන්නා විට ද මේ පකිස්තානු ජාතිකයා උපක්රමශීලීව ඔහුගෙන් විශාල මුදලක් වංචා කර තිබුණි. ඒ වනවිටත් ඔහුගේ ගැට කීපයකටම වීරසිංහ හසු වී අවසානය. ප්‍රමාද වී හෝ මේ තත්ත්වය අවබෝධ කර ගත් වීරසිංහ ඔහුගෙන් ඉවත් වී එම හවුල්කාර සමාගමේ අයිතිය කෙසේ හෝ තමන්ගේ නමට පවරා ගැනීමට සමත් විය. ඒ 1995 වසරේදී පමණ විය.

වීරසිංහ මේ වනවිට ජපානය පුරා ඇවිද යමින් එරට විවිධ ව්‍යාපාරික ආයතන සමග සබඳතා ගොඩනංවාගෙන සිටියේය. ව්‍යාපාරයක් කිරීමට ගොස් පකිස්තානු ජාතිකයා කළ වංචාව ද ඒ වනවිට ප්‍රසිද්ධ කරුණක් බවට පත්ව තිබූ අතර සිදුව තිබූ මේ සියලුම අයහපත් දේ යහපත් පැත්තට පෙරළීමට ද පටන් ගෙන තිබුණි.

එය නම් මේ කතා පුවත ද සමග දියුණු වන ව්‍යාපාරිකයකු නමින් ජපානයේ ප්‍රසිද්ධ පුවත්පතක වීරසිංහ නම් වූ තරුණ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයා පිළිබඳව ලිපියක් පළවීමය. මේ ලිපිය කියවා බැලූ ජපානයේ ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක් වූ පී.එස්.බී. රූපවාහිනිය මේ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයා පිළිබඳ වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කළේය. ජපනුන්ට ද ආදර්ශයක් වූ මේ විදේශීය ව්‍යාපාරිකයාගේ කතාව රූපවාහිනියේ නැරඹූ යොකෝහමා නගරයේ ප්‍රධානම බැංකුවක් වූ මිට්ෂුයි සුමිතොමු බැංකුව ඔහු සොයාගෙනම පැමිණ කිසිදු ඇපයකින් තොරව ඔහුගේ වාහන වෙළඳාමට අවශ්‍ය පමණට මුදල් ණයට දීමට කැමැත්ත පළ කළේය.

පකිස්තානුවාගේ උපක්රමවලට හසු වී උපයා තිබූ මුදලින් විශාල කොටසක් ද ඒ වනවිට නිකරුණේ විනාශ කරගෙන සිටි වීරසිංහට මිට්ෂුයි සුමිතොමු බැංකුව ගෙදරටම දෙවියන් විසින් ගෙන ආ තෑග්ගක් බඳු විය. ඉන් උපරිම ප්‍රයෝජනය ගත් මේ තරුණ ව්‍යාපාරිකයා එම බැංකුව ලබා දුන් ණය යොදවා විශාල ලෙස වාහන මිලදී ගනිමින් ඒවා ලංකාවට යවමින් ණය නිසියාකාරව ගෙවමින් මේ බැංකුවේ විශ්වාසය ඉහළින්ම දිනා ගත්තේය. අවසානයේදී එම බැංකුව ඔහුට ලංකාවේ මුදලින් රුපියල් කෝටි පනහ ඉක්මවා ගිය විශාල ණයක් ප්රදානය කිරීමට තරම් කටයුතු කිරීම ද විශේෂ කරුණකි.

මේ ආකාරයට කරගෙන ගිය ව්‍යාපාරවලින් ඉපැයූ මහා ධනයෙන් ජපානයේ ඇරැඹූ තම සමාගම සේම ශ්‍රී ලංකාවේ සමාගම ද දියුණුවෙන් දියුණුවට පත් කර ගත් වීරසිංහ ජපානයේ තවත් ව්‍යාපාරික ස්ථාන ආරම්භ කරමින් ස්ථිර පදිංචිය සඳහා නිවාස ඉඩකඩම් පවා මිලදී ගත්තේය. දරුවන් තිදෙනාට ද ජපානයේ සහ ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබා දීමට පියවර ගත් ඔහු සාර්ථකත්වයට පත් ජපානයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයකු බවට ද පත් විය. ඔහු යටතේ ජපන් ජාතිකයින් විශාල පිරිසක් ද සේවය කිරීම තවත් විශේෂ කරුණකි.

“මම රථවාහන 1299ක් එක මාසයකදී ලංකාවට එවලා තිබුණා. ලංකාවේ අද ජපන් රථවාහන අලෙවිය සිදු කරගෙන යන ව්‍යාපාරික ප්‍රජාවෙන් සීයට හැටක්ම හැදුවේ මමයි. මම ජපානයේදී මිලදී ගත්ත වාහන විකුණන්නත් ලංකාවේ පිරිසක් අවශ්‍ය වුණා. මම බොහෝ අයට විකුණලා පසුව මුදල් දෙන පදනම යටතේ වාහන එව්වා. මගෙන් එහෙම ණයට වාහන ගත්තු අය අද ලංකාවේ බොහෝම සාර්ථක ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නවා. මට හරිම සතුටුයි ඒ ගැන. මම හැම වේලාවේම වාහන වික්කේ ඇත්ත කියලා. බොරු කියලා වාහන විකුණලා ගනුදෙනුකරුවෝ අමාරුවේ දැම්මේ නැහැ.

මම විශ්වාසය නිසාමයි මගේ වාහන ව්‍යාපාරය දියුණු වුණේ. ජපානයේ වාහන වෙන්දේසි පොළේ වැඩිම වාහන ගන්න විදේශීය ව්‍යාපාරිකයා වුණේ මමයි. එතෙක් කාලයක් ස්වදේශිකයින්ට පමණක් විවෘත වෙලා තිබුණු ජපන් රීකන්ඩිෂන් වාහන වෙළෙඳ පොළ ශ්‍රී ලාංකිකයින්ටත් විවෘත කරලා දීමට මට පුළුවන් වුණා.”

වීරසිංහත් සමග හැප්පීමට නොහැකි වූ සමහර ජපන් ජාතික ව්‍යාපාරිකයෝ මේ වාහන වෙළෙඳ පොළෙන් ඉවත් වූ අතර, ජපන් වාහන වෙන්දේසි වෙළෙඳ පොළේ සීයට 35ක තනි හිමිකරුවා බවට ඔහු පත්විය. අවසානයේදී අතීතයේ කොළඹට සහ මහනුවරට පමණක් සීමාව තිබූ රථවාහන වෙළෙඳ පොළ මීගමුවට, කුරුණෑගලට කැඳවාගෙන ඒමට ද ඔහු සමත් විය.

මිරිස් ගෝණියෙන් අරඹා ජපානයේ වාහන වෙළෙඳ පොළ ආක්‍රමණය කළ මේ ධෛර්යවන්ත ව්‍යාපාරිකයා තමන් ඉපයූ සුවිශාල ධනයෙන් ජපානයේ රජෙකු සේ ජීවත් වුවද කිසිවිටෙකත් උපන් ගම අමතක නොකළේය. තමන්ව ව්‍යාපාරික ලෝකයට කැඳවා ගෙන ගිය මියගිය සොයුරාට පිං පිණිස දානමය පුණ්යකර්ම රැසක් සිදු කළේය. තමන් උපන් ගමට මාර්ග පද්ධති, මාවතගම දිසා රෝහලට වාට්ටු පද්ධති, ගිලන් රථ, අවමංගල්‍ය රථ, පාසල්වලට පරිගණක විද්‍යාගාර, ශ්‍රවණාගාර, නිවාස අහිමි අසරණ පවුල්වලට නිවාස ආදී පරිත්‍යාග රැසක් සිදු කළ ඔහු දිවයිනේ ආගමික ස්ථාන රැසක සංවර්ධනය සඳහා ද නොමසුරුව ධනය පරිත්‍යාග කළේය.

ජපානයේ සියලුම ව්‍යාපාර, විවාපත් තම වැඩිමල් පුතුට බාර කළ වීරසිංහ මහතා මේ වනවිට ආපසු මවුබිමට පැමිණ අපූරු හෝටල් ව්‍යාපාරයකට ද අත ගසා තිබේ. ‘ක්ෂත්රීය විලා’ යනුවෙන් මාවතගම නගරයේ දැවැන්ත හෝටල් සංකීර්ණයක් ඉදි කර තිබෙන අතර එය විවිධ කලාත්මක නිර්මාණවලින් පිරි කලාගාරයක් බඳුය. එම සුවිසල් සුඛෝපභෝගී හෝටල් බිමට පිවිසි විට හැඟෙන්නේ රෝමයේ ඉපැරැණි රාජධානියක සැරිසරන්නාක් මෙනි. තවමත් ගොඩ නැඟෙමින් පවතින මෙම අපූරු හෝටල් සංකීර්ණය මේ වනවිට තම බාලම දියණිය වූ හංසිට පවරා දී ඇත.

දෙවැනි දියණිය වූ සජිනි විවාහ වී සිටින්නේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේනගේ පුතු සමගය.

“මට දැන් අවශ්‍ය මේ සියලුම ව්‍යාපාරික කටයුතු අතහැරලා මගේ දැනුමෙන් පළපුරුද්දෙන් මම උපන් දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා යම් සේවයක් සිදු කිරීමයි.” වීරසිංහ නම් වූ මේ අපුරු ව්‍යාපාරිකයා අවසන් වශයෙන් අපට පැවසීය.

සේයාරූ හා සටහන - පුෂ්පකුමාර ජයරත්න

- ලංකාදීප -

මෙම ලිපිය මම උපුටා ගත්තේ අරුණාලෝකය ෆේස්බුක් පිටුවෙන් | ස්තූතියි !

[QUOTE="kavindu84, post: 24345697, member: 561840"] [b]පොලේ මිරිස් විකුණූ ව්‍යාපාරිකයා කෝටිපති&[/b] [IMG]https://i.ibb.co/HB2rvbB/55901808-2209226392673207-2200683462275366912-n.jpg[/IMG] [SIZE="4"]මාවතගම සති පොලේ වියළි මිරිස් රාත්තල් දහයක් විකුණමින් ව්‍යාපාරික ක්ෂේත්රයට අවතීර්ණ වූ තරුණයෙකු ඉන් වසර ගණනාවකට පසුව ජපානයේ පාවිච්චි කරන ලද වාහන පිටරටවලට වැඩියෙන්ම අපනයනය කිරීමේ සම්මානයෙන් ජපානයෙන් පුද ලැබීමට තරම් ප්‍රබල ව්‍යාපාරිකයකු බවට පත් වීම දෛවයේ අපූරු සිදුවීමක් නොවේද? එක් අතකට සැබැවින්ම මෙය විශ්වාස කළ නොහැකි කතාවක් සේ පෙනේ. එහෙත් මෙය සැබෑ කතා පුවතකි. උත්සාහය සහ ධෛර්යය ඇති නම් කළ නොහැක්කක් නොමැති බව ජපානය ජය ගත් මේ අපූරු ව්‍යාපාරිකයා ලෝකයටම පෙන්වා දී ඇත. මේ අපූරු ව්‍යාපාරිකයාගේ නම ද අපට නුහුරු නමකි. ක්ෂත්රීය රාජපුත්‍ර වීරසිංහ ඒ නමයි. මේ අපූරු නාමය ලැබීමේ කතාවෙන්ම වීරසිංහ මහතා තම ජීවිත කතාව ආරම්භ කළේය. “මේ නාමය මට ලැබුණේ අපේ සීයාගෙන්. අපේ සීයා ඒ කියන්නේ තාත්තාගේ තාත්තා ඉන්දීය සීක් ජාතිකයෙක්. ඔහුගේ නම ක්ෂත්රිය රාජපුත්‍ර ජිමල්සිං. සීයා ලංකාවට ඇවිත් හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරලා තියෙනවා. එහෙම ඇවිත් ලංකාවේම පදිංචි වෙලා මෙහේ සිංහල කාන්තාවක් විවාහ කරගෙන තියෙනවා. ක්ෂත්රීය කුලය කියන්නේ ඉන්දියාවේ බොහෝම ඉහළ කුලයක්. මේ කුලයේ අය තමයි බොහෝ වේලාවට ඉන්දියාවේ රාජ්‍ය පාලනය ගෙන ගිය රජවරුන්ගේ ආරක්ෂාව බාරව ඉඳලා තියෙන්නේ.” “ඔබ දැන් මේ කතා කරන්නේ ශ්‍රී ලාංකිකයෙක් සමග නොවෙයි. ජපානෙක් සමගයි.” කතාබහ ආරම්භයේදීම වීරසිංහ මහතා පැවසීය. ඊට හේතුව වීරසිංහ මහතා සමග ඔහුගේ මුළු දරු පවුලටම ජපානයේ පුරවැසිභාවය හිමි වී තිබීමය. අපේ රටෙන් ජපානයට ගිය බොහෝ පුද්ගලයෝ ජපානයේ පුරවැසිභාවය ලබා ගැනීමට එරට කාන්තාවන් හා විවාහ වුවද ව්‍යාපාරිකයෙකු ලෙස ලබා ගත් ප්‍රසිද්ධිය නිසාම වීරසිංහ මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ජපානයේ පුරවැසිභාවය නිතැතින්ම හිමි වී තිබේ. “මම කුඩා කාලයේදීම තාත්තා හදිසියේම මිය ගියා. තාත්තා රැකියාව හැටියට කරලා තිබුණේ වාහන ගෙනැල්ලා විකිණීමේ ව්‍යාපාරයක්. අපේ ගමට තිබුණු කාර් දෙක තුනෙන් එකක් අපේ තාත්තාට අයිතිව තිබුණා. මේ කාර් එකෙන් මගුල් හයර් වාගේ ඒවා ගිහින් ලැබෙන ආදායමෙන් තමයි තාත්තා අම්මයි, අයියයි, මල්ලිලා දෙන්නයි, අක්කයි, නංගියි, මායි ජීවත් කෙරෙව්වේ. තාත්තා නැති වුණාට පස්සේ අම්මට අපිව ජීවත් කරවීම අමාරු වුණා. මේ නිසා අම්මා රෙදි මහලා වික්කා. මාවතගම පොලේ පුංචි කඩ කාමරයක ඇඳුම් ටිකක් තියන් විකුණන කොට මම අම්මා ළඟට වෙලා හිටියා මට මතකයි. ඊට අමතරව අම්මා කෑම හදලා කඩවල්වලටත් දැම්මා. අපේ අම්මා අපි පස්දෙනාව ජීවත් කරවන්න ලොකු උත්සාහයක් ගත්තා. මේ කාලයේදි මට මතකයි අපේ අයියා දවසක් රාජාංගණයේ මළ ගෙදරක පිංකමකට ගියා. එතකොට මට වයස අවුරුදු දහසයක් විතර ඇති. අයියාට වයස අවුරුදු විසි එකක් විතර ඇති. අයියා රාජාංගණයේ පිංකම්ගෙදර ගිහින් ආපහු ගෙදර එනකොට වේළිච්ච මිරිස් රාත්තල් දහයක් යූරියා උරේකට දමාගෙන ආවා. මේ මිරිස් වෙළඳාම අයියාගෙන් තමයි අපි පටන් ගත්තේ. අම්මා මාවතගම පොලේ රෙදි විකුණද්දි අයියයි මායි ඒ ගෙනාව මිරිස් ටික තවත් තැනක තියාගෙන විකුණන්න පටන් ගත්තා. මාවතගම ඉස්කෝලෙට යන ගමන් තමයි මේ විදිහට මිරිස් විකුණන්න පටන් ගත්තේ. මුලදි නම් ඉස්කෝලේ යාළුවෝ ගුරුවරු පොලේදී දකිනකොට ලොකු ලැජ්ජාවක් දැනුණත් පස්සේ එ්ක නැති වුණා. මුලින් ගෙනාව ඒ මිරිස් රාත්තල් දහය විකුණාගන්න අපිට මාසයකටත් වැඩිය කාලයක් ගියා. ඒ ටික විකුණලා ඉවර වුණාට පස්සේ අපි දෙන්නා මිරිස් ගෝණියක්ම ගෙනාවා. ඊට පස්සේ පොලේ සමහර වෙළෙන්දෝ අපෙන් මිරිස් අරගෙන එයාලා සිල්ලරට විකුණන්න ගත්තා. මෙහෙම යනකොට අපේ මිරිස් වෙළෙඳාම දියුණු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට වැඩියෙන් මිරිස් ගෙනැල්ලා ව්‍යාපාරය දියුණු කර ගන්න කියලා අපිට මාවතගම නගරයේ තිබුණු කුඹුරක් ඒක ගොවිතැන් කරපු අඳ ගොවියාටම විකුණලා ඒ සල්ලි අම්මා අපට දුන්නා. මේ කාලයේදී රාත්තල් කිලෝ බවට පරිවර්තනය වුණා. අපි මිරිස් වෙළෙඳාම අරඹලා අවුරුදු තුනක් විතර යන කොට මිරිස් ගෝණි හතළිහක් විතර සතියකදි පොලේ විකුණන තත්ත්වයකට අපේ ව්‍යාපාරය දියුණු වුණා. දැන් අපි දෙන්නා හරිම ප්‍රසිද්ධයි. මාවතගම ඉඳලා නුවරට, කුරුණෑගලට යනකල් ගොඩාක් වෙළෙන්දෝ මිරිස් ගන්නේ අපෙන්. අපි ඒ කාලයේ මන්නාරම, අනුරාධපුර, යාපනයට පවා ගියා මිරිස් ගේන්න. ගොඩාක් වෙලාවට කෝච්චියෙන් තමයි ගෙනාවේ. මේ විදිහට අපේ ව්‍යාපාරය බොහෝම සරුවට කරගෙන යද්දී එක්දහස් නවසිය හැත්තෑහතේ මැද භාගයේදී වගේ මගේ ලොකු අයියා කීර්තිසිංහ හදිසි යතුරුපැදි අනතුරකට ලක්වෙලා මිය ගියා. ඒ කාලය වෙන කොට අපි මිරිස් වෙළඳාමට අමතරව පොල් ලී වෙළඳාමකුත් පටන් අරගෙන තිබුණා. අයියා ඒ වෙනකොට විවාහ වෙලාවත් හිටියේ නැහැ. අයියාගෙ මරණයෙන් පසුව පවුලේ සියලුම වගකීම් මට පැවරුණා. එතකොට මට වයස විසි දෙකක් විතර ඇති. මේ කාලයේදීම මට පොලිසියේ රිසව් උප පරීක්ෂක කියන රැකියාවක් ලැබුණා. මම තීරණය කළා කොච්චර වැදගත් වුණත් ඒ රැකියාවට නොගිහින් දිගටම මිරිස් වෙළඳාමම කරනවා කියලා. මේ කාලය වෙන කොට ප්‍රේමදාස අගමැතිතුමා උදාගම් ව්‍යාපාරය පටන් අරගෙන හිටිය නිසා ඒවාට පොල් ලී සපයලා මාගේ පොල් ලී ව්‍යාපාරයත් බොහෝම දියුණු වුණා. ලොකු මල්ලියි පොඩි මල්ලියි දෙන්නත් මට මේ සඳහා උදව් කළා.” අසූව වර්ෂය වනවිට සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්ව සිටි වීරසිංහ නම් මේ තරුණ ව්‍යාපාරිකයා මාවතගම නගරයේ වෙළෙඳ සැලක් ද මිලදී ගෙන තවත් සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් ද ඇරැඹුවේ පවුලේ සියලු වගකීම් කරට ගනිමින්ය. ඒ අනුව තම වැඩිමල් සොයුරියට සාර්ථක විවාහයක් බාර දීමට ද ඔහුට හැකි විය. බාල සොයුරියට එකල එජාප රජයෙන් ගුරු පත්වීමක් ලබා දීමට ද හැකි විය. වීරසිංහ තරුණයාගේ ජීවිතයේ අනාගතය තීරණය කෙරෙන හැරවුම් ලක්ෂ්‍ය ඇරැඹෙන්නේ මින් පසුවය. “මේ ව්‍යාපාර කරද්දී මට හිතුණා තාත්තා කරපු වාහන ව්‍යාපාරය නැවත පටන් ගන්න ඕනෑ කියලා. මේ කාලය වෙනකොට අපේ පවුලට අයිති වෙලා තිබුණු දේපළයි, මම හම්බ කරගෙන හිටිය දේපළයි මල්ලිලා දෙන්නාටම ලියලා දීලා මම එයාලට තනිව ජීවිතය ගෙනියන්න ඕනෑ මාර්ගය පෙන්වා දීලා තිබුණා. නංගිටත් මාවතගම නගරයෙන්ම ගෙයක් අරගෙන දුන්නා. මට සමෝදය නිවාස සංකීර්ණයෙන් ලැබුණු ගෙදරක මම අම්මත් එක්ක හිටියා. මේ විදිහට අයියා මිය ගියාට පසුව මම අයියාගේ වගකීම් කරට අරගෙන පවුලේ සියලු දෙනාගේම ප්‍රශ්න විසඳලා මම නිදහස් වුණා.” මේ කාලය වනවිට මාවතගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ලෙස නමක් දිනාගෙන සිටි වීරසිංහ තරුණයාට අයත් ව්‍යාපාර රැසක්ම විය. ඒ අතරේම වාහන බ්‍රෝකර්වරයකු ලෙස ද ඔහු ජනතාව අතරේ ජනප්‍රියව සිටියේය. රථවාහන සම්බන්ධයෙන් පියාට තිබූ දැනුම සහ හැකියාව ඒ අයුරින්ම වීරසිංහට ද පිහිටා තිබුණි. එම කාලයේදී යතුරුපැදියක් හෝ වෙනත් වාහනයක් මිලදී ගැනීමට යාමේදී මාවතගම ප්‍රදේශයේ අය පමණක් නොව පිටස්තර ප්‍රදේශවලින් ද මේ තරුණ බ්‍රෝකර්වරයා සොයා ආවෝය. එම වකවානුව ජපානයේ සිට මෙරටට විවිධ රථවාහන ආනයනය කිරීම ඇරැඹුණු මුල්ම වකවානුව ද විය. වීරසිංහ මුදලාලි ඒ වනවිට තොග වෙළෙඳ ව්‍යාපාරිකයකු පමණක් නොව වාහන බ්‍රෝකර්වරයකු සහ වාහන අලෙවිකරුවකු බවට ද ජනප්‍රිය හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු බවට ද පත්ව අවසන්ය. වීරසිංහ නම් වූ තරුණ ව්‍යාපාරිකයාට තම ජීවන මගේ සහකාරිය මුණ ගැසෙන්නේ ද මේ වාහන ව්‍යාපාරය නිසාමය. මාවතගම ප්‍රදේශයේම පදිංචි හිරාණි කැප්පෙටිපොළ නම් වූ මේ තරුණිය ඔහුගේ පාසල් මිතුරියක ද වූවාය. ඇය ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටියදී මෙරටට රැගෙන ආ මෝටර් රථයක් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා මොහු සොයා පැමිණි ඒ ගමනේ අවසානය වූයේ එහිදී ඇති කර ගත් හාදකම මත දෙදෙනා එක්දහස් නවසිය අසූහතරේ ජනවාරි මාසයේදී විවාහ වීමය. එම වසරේම අවසාන භාගයේ දී ඔවුන්ගේ වැඩිමල් දරුවා වූ ක්ෂත්රීය රාජපුත්‍ර සජීව් උපත ලැබීය. ක්ෂත්රීය රාජපුත්‍ර වීරසිංහගේ ජීවිතය ජය ගත් කතාව ඇරැඹෙන්නේ මෙතැන් සිටය. වාහන ව්‍යාපාරය එන්න එන්නම සරු වීමත් සමගම මාවතගම සති පොලේ මිරිස් අලෙවිය නතර කළ වීරසිංහ මිරිස් කිරීමට භාවිත කළ තරාදි පඩි ද ස්ථානය ද සමග එම ව්‍යාපාරය මාවතගම ප්‍රදේශයේ දන්නා හඳුනන තරුණයකුට පැවරීමට තරම් නිර්ලෝභී විය. වාහන විකිණීමේදී අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් ඉතා හොඳ ආදායමක් ඉපයුව ද ඔහුගේ ආශාව වූයේ තමන්ටම කියා වාහනයක් ජපානයෙන් ගෙනැවිත් කෙළින්ම විකුණා ලාභයක් හිමි කර ගැනීමය. නමුත් ඔහුට ඒ සඳහා කිසිදු අවස්ථාවක් උදා වූයේ නැත. බිරිඳ ජපානයේ අධ්‍යාපනය ලබා ජපන් භාෂාව ලිවීමට සහ කතා කිරීමට හැකි වුවද වාහනයක් ගෙන්වා ගැනීමට තරම් වූ සබඳතාවයක් ඇයට ජපානයේ නොවීය. ඇගේ වැඩිමල් සොයුරා ද ඒ වනවිට ද ජපානයේ රැකියාවක් කරමින් පදිංචිව සිටිය ද තම ආසාව මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය කිසිදු සහායක් ඔහුගෙන් ලැබුණේ ද නැත. මේ පිළිබඳ ක්‍රම සහ විධි දන්නා අයගෙන් විමසීමේදී ඔවුන් කළේ තමන් දන්නා ක්‍රම සහ විධි වීරසිංහට නොකියා ඔවුන් ජපානයෙන් රැගෙන ආ වාහන පමණක් විකිණීම සඳහා ලබා දීමය. මේ අතර කාලයේදී ජපානයේ සිටි වීරසිංහගේ බිරිඳගේ සොයුරන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය මේ රටේ දී සිදු කළ අතර, එම අවස්ථාවට සහභාගී වීමට මෙරටට පැමිණි ජපන් ජාතිකයින් පිරිසකගේ සම්බන්ධීකරණය පැවරී තිබුණේ වීරසිංහටය. ජපනුන්ගෙන් සතයක්වත් නොගෙන ඔවුන්ට කළ සැලකුම් පිළිබඳව බෙහෙවින් සිත් සතුටට පත් වූ ජපන්නු ඊට ප්‍රතිඋපකාර කළේ වීරසිංහට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ජපානයේ සංචාරයකට ආරාධනා කිරීමෙන්ය. එසේ ජපානයේ පුකෝතා නගරයේ සංචාරයකට ඔවුන් ගියේ එක්දහස් නවසිය අනූදෙකේ වසරේදීය. එදින ඔහුගේ උපන් දිනය වීමද තවත් විශේෂත්වයක් විය. ජපනුන් වීරසිංහගේ පවුලට උපරිම සත්කාර කරමින් ජපානය පුරා ඇවිදීමට පවා එක්ක ගිය ද වීරසිංහගේ මනස වැඩ කළේම වාහනයක් ලංකාවට රැගෙන යාම පිළිබඳව කෙසේ හෝ සොයා බැලිය යුතුයි කියාය. මේ ගමන ද ඔහුට ඒ සඳහා ඉතා හොඳ ආශිර්වාදයක් වී තිබුණි. “දරුවන්ගේ අධ්‍යාපන කටයුතු තිබුණු නිසා බිරිඳ දරුවන් සමග සති දෙකකට පසුව ආපසු ලංකාවට ආවත් මට තවත් මාස තුනක් පමණ වීසා තිබුණු නිසා වාහන සොයා ගැනීමේ අදහසින්ම ජපානයේ මිතුරෙකුගේ ගෙදරක නැවතුණා. මම මිතුරත් එක්ක වාහන සොය සොයා ඇවිදිද්දී අපිට ගන්න පුළුවන් ප්‍රමාණයේ වාහන හතරක් එක් තැනක තියෙනවා දැක්කා. තුට්ටු දෙකට වගේ මිලකට ඒ වාහන තිබුණා. නමුත් මගේ අතේ ජපන් සල්ලි නොතිබුණු නිසා ජපානයේ ඉන්න මගේ මස්සිනා හම්බවෙලා මේ අදහස ඔහුට කීවා. මම කීවා මේ වැඩේට ඔයාගේම කොම්පැණියක් විවෘත කරලා ඔයාගේම සල්ලිවලින් මේ වාහන හතර ලංකාවට එවන්න. ලංකාවේදී ඒවා විකුණලා ලාබයෙන් බාගයකුත් ඔයාට දෙන්නම් කියලා කීවා. එයා මේ අදහසට එකඟ වෙලා සිලෝන් පීවීටී ලිමිටඩ් කියලා ජපානයේ සමාගමක් ලියාපදිංචි කරලා ඒ වැඩේ කළා. මේ වාහන විකුණලා ලක්ෂ අටක විතර ලාබයක් ගත්තා. මේ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට මගේ නම දාන්න කියලා කීවත් මස්සිනා ඒ වැඩේ කළේ නැහැ. ඒ මම ගැන අවිශ්වාස කරලා වෙන්නැති. මීළඟට මට ජපානයේදී මේ බිස්නස් එකම කරන පකිස්ථාන් ජාතිකයෝ කීප දෙනෙකුත් හම්බ වුණා. මේ කාලය ලංකාවට වාහන යවන්න පටන් ගත්තු කාලෙනෙ. ලංකාවට හෝ ගාලා වාහන යනවා. මේ පකිස්තාන් අයටත් ඕනෑ වෙලා තිබුණා ලංකාවට වාහන යවන්න. මේ අයට ලංකාවට වාහන විකුණා ගන්න කෙනෙක් නැතිවයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේ අයට මාව සම්පතක් වුණා.” මේ අලුතින් හමුවුණු පකිස්තාන් ජාතිකයින් සමග එක්ව ඉන් පසුව ජපානයේ සිට ලංකාවට රීකන්ඩිෂන් කළ වාහන යැවීම ආරම්භ කළ අතර වීරසිංහ ඒ වනවිට වාහන ලංකාව ගෙන්වීමට අවශ්‍ය සියලු බැංකු ගිණුම් ද සහිත සමාගමක් ලංකාවේ පිහිටුවා ගෙන සිටියේය. වීරසිංහ පිහිට වූ එම සමාගම තම දරුවන් තිදෙනා වූ සජීව්, සජින්, හංසි යන අයගේ නම්වල මුල් අකුරු එක්කොට එස්.එස්.එච්. යනුවෙන් නම තැබුවේය. සමාගමට නමක් තැබීම සඳහා කේන්දරකරුවකු සොයාගිය අවස්ථාවේදී ඔහුගේ උපදෙස් අනුව මේ නම තැබුණි. “මම කීප දෙනකු ළඟටම කීප වතාවකම මගේ කේන්දරය බලන්න ගියාම මගේ කේන්දරය බලලා මේ අය කියපු අමුතු කතාව තමයි ඔයා ලංකාවේ ඉඳලා හම්බ කළාට වැඩක් වෙන්නේ නැහැ. කීයක්වත් ඉතිරි කරන්න බැහැ. ඔයා සීයක් හම්බ කෙරුවොත් හැත්තෑවක්ම වියදම් වෙනවා. ඔයාට ඉතිරි වෙන්නේ තිහයි. හැබැයි ඔයා පිටරටකට ගියොත් ඔයාට ලැබෙන්නේ ඒකේ අනික් පැත්ත. තිහයි නැති වෙන්නේ. හැත්තෑවක් ඉතිරි වෙනවා කියලා මේ අය මට කීවා. ඒ වගේම මගේ පොඩි දුවගේ කේන්දරය බලලා කීවා මෙයා ඉපදුනාට පස්සේ අපේ පවුලේ සියලුම දෙනාට විදේශ ගතවීමේ වාසනාවක් තියෙනවා කියලා. ඒ වගේම ඔයාට ලැබීමක් තියෙන්නේ වෙනත් රටක් සමග කරන යකඩවලට සම්බන්ධ වෙළඳාමකින් කියලත් කීවා. ඔයා පිටරටකට යා යුතුමයි කියලා ඔවුන් මට කීවා.” නොදැන කළ වෙළඳාම නිසා ජපානයේ සිටි වීරසිංහගේ මස්සිනාගේ ජපානයේ සමාගම මේ කාලය වනවිට වසා දැමීමට සිදු විය. ඔහුගේ කිසිදු සහායක් නොලැබුණ ද එයින් පසුබට නොවූ වීරසිංහ ජපානයේ සිටි පකිස්තානුවන් සමග අරඹා තිබුණු සමාගමෙන් හිතන තරමට ලාබයක් නොලැබෙන බව ද වටහා ගත්තේය. පසුව ශ්‍රී ලංකාවේ ජපන් රථවාහන සඳහා ප්‍රසිද්ධම ව්‍යාපාරික ආයතනයක හිමිකරු හමුව ඔහු සමග සාකච්ඡා කොට ජපානයේ සිට කෙළින්ම එම ආයතනයට එවා තරමක විශාල ලාභයක් ඉපැයීමට සමත් විය. මේ අතරේදී ඔහු සමග එක්ව ජපානයේ වාහන වෙළඳාමෙහි යෙදී සිටි එක් පාකිස්තානු ජාතිකයකුගේ අනුග්‍රහයෙන් නැවත සිය පවුලම සමග ජපානයට ගිය වීරසිංහ එතෙක් වාහන වෙළෙඳාමෙන් එක්රැස් කර තිබූ විශාල මුදලක් ද රැගෙන ගොස් ජපානයේ නව සමාගමක් පිහිටුවීය. එහි නාමය වූයේ එස්.එස්.එච්. ජපානය ලෙසය. පකිස්තාන් ජාතිකයා මේ සමාගමේ කොටස්කාරයකු වුවද ඔහු ඒ සඳහා කිසිදු මුදලක් යොදවා නොතිබීම ද විශේෂත්වයකි. කෙසේ හෝ ටික කාලක් යනවිට තමාගේ ව්‍යාපාරික සහකරු තමන්ට මේ ආකාරයට ජපානයට එන්න නිසා ආරාධනා කොට සමාගමක් පිහිට වූයේ ආදරයකට නොව කූට උපක්‍රමයකට යැයි වීරසිංහ වටහා ගන්නා විට ද මේ පකිස්තානු ජාතිකයා උපක්රමශීලීව ඔහුගෙන් විශාල මුදලක් වංචා කර තිබුණි. ඒ වනවිටත් ඔහුගේ ගැට කීපයකටම වීරසිංහ හසු වී අවසානය. ප්‍රමාද වී හෝ මේ තත්ත්වය අවබෝධ කර ගත් වීරසිංහ ඔහුගෙන් ඉවත් වී එම හවුල්කාර සමාගමේ අයිතිය කෙසේ හෝ තමන්ගේ නමට පවරා ගැනීමට සමත් විය. ඒ 1995 වසරේදී පමණ විය. වීරසිංහ මේ වනවිට ජපානය පුරා ඇවිද යමින් එරට විවිධ ව්‍යාපාරික ආයතන සමග සබඳතා ගොඩනංවාගෙන සිටියේය. ව්‍යාපාරයක් කිරීමට ගොස් පකිස්තානු ජාතිකයා කළ වංචාව ද ඒ වනවිට ප්‍රසිද්ධ කරුණක් බවට පත්ව තිබූ අතර සිදුව තිබූ මේ සියලුම අයහපත් දේ යහපත් පැත්තට පෙරළීමට ද පටන් ගෙන තිබුණි. එය නම් මේ කතා පුවත ද සමග දියුණු වන ව්‍යාපාරිකයකු නමින් ජපානයේ ප්‍රසිද්ධ පුවත්පතක වීරසිංහ නම් වූ තරුණ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයා පිළිබඳව ලිපියක් පළවීමය. මේ ලිපිය කියවා බැලූ ජපානයේ ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක් වූ පී.එස්.බී. රූපවාහිනිය මේ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයා පිළිබඳ වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කළේය. ජපනුන්ට ද ආදර්ශයක් වූ මේ විදේශීය ව්‍යාපාරිකයාගේ කතාව රූපවාහිනියේ නැරඹූ යොකෝහමා නගරයේ ප්‍රධානම බැංකුවක් වූ මිට්ෂුයි සුමිතොමු බැංකුව ඔහු සොයාගෙනම පැමිණ කිසිදු ඇපයකින් තොරව ඔහුගේ වාහන වෙළඳාමට අවශ්‍ය පමණට මුදල් ණයට දීමට කැමැත්ත පළ කළේය. පකිස්තානුවාගේ උපක්රමවලට හසු වී උපයා තිබූ මුදලින් විශාල කොටසක් ද ඒ වනවිට නිකරුණේ විනාශ කරගෙන සිටි වීරසිංහට මිට්ෂුයි සුමිතොමු බැංකුව ගෙදරටම දෙවියන් විසින් ගෙන ආ තෑග්ගක් බඳු විය. ඉන් උපරිම ප්‍රයෝජනය ගත් මේ තරුණ ව්‍යාපාරිකයා එම බැංකුව ලබා දුන් ණය යොදවා විශාල ලෙස වාහන මිලදී ගනිමින් ඒවා ලංකාවට යවමින් ණය නිසියාකාරව ගෙවමින් මේ බැංකුවේ විශ්වාසය ඉහළින්ම දිනා ගත්තේය. අවසානයේදී එම බැංකුව ඔහුට ලංකාවේ මුදලින් රුපියල් කෝටි පනහ ඉක්මවා ගිය විශාල ණයක් ප්රදානය කිරීමට තරම් කටයුතු කිරීම ද විශේෂ කරුණකි. මේ ආකාරයට කරගෙන ගිය ව්‍යාපාරවලින් ඉපැයූ මහා ධනයෙන් ජපානයේ ඇරැඹූ තම සමාගම සේම ශ්‍රී ලංකාවේ සමාගම ද දියුණුවෙන් දියුණුවට පත් කර ගත් වීරසිංහ ජපානයේ තවත් ව්‍යාපාරික ස්ථාන ආරම්භ කරමින් ස්ථිර පදිංචිය සඳහා නිවාස ඉඩකඩම් පවා මිලදී ගත්තේය. දරුවන් තිදෙනාට ද ජපානයේ සහ ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබා දීමට පියවර ගත් ඔහු සාර්ථකත්වයට පත් ජපානයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයකු බවට ද පත් විය. ඔහු යටතේ ජපන් ජාතිකයින් විශාල පිරිසක් ද සේවය කිරීම තවත් විශේෂ කරුණකි. “මම රථවාහන 1299ක් එක මාසයකදී ලංකාවට එවලා තිබුණා. ලංකාවේ අද ජපන් රථවාහන අලෙවිය සිදු කරගෙන යන ව්‍යාපාරික ප්‍රජාවෙන් සීයට හැටක්ම හැදුවේ මමයි. මම ජපානයේදී මිලදී ගත්ත වාහන විකුණන්නත් ලංකාවේ පිරිසක් අවශ්‍ය වුණා. මම බොහෝ අයට විකුණලා පසුව මුදල් දෙන පදනම යටතේ වාහන එව්වා. මගෙන් එහෙම ණයට වාහන ගත්තු අය අද ලංකාවේ බොහෝම සාර්ථක ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නවා. මට හරිම සතුටුයි ඒ ගැන. මම හැම වේලාවේම වාහන වික්කේ ඇත්ත කියලා. බොරු කියලා වාහන විකුණලා ගනුදෙනුකරුවෝ අමාරුවේ දැම්මේ නැහැ. මම විශ්වාසය නිසාමයි මගේ වාහන ව්‍යාපාරය දියුණු වුණේ. ජපානයේ වාහන වෙන්දේසි පොළේ වැඩිම වාහන ගන්න විදේශීය ව්‍යාපාරිකයා වුණේ මමයි. එතෙක් කාලයක් ස්වදේශිකයින්ට පමණක් විවෘත වෙලා තිබුණු ජපන් රීකන්ඩිෂන් වාහන වෙළෙඳ පොළ ශ්‍රී ලාංකිකයින්ටත් විවෘත කරලා දීමට මට පුළුවන් වුණා.” වීරසිංහත් සමග හැප්පීමට නොහැකි වූ සමහර ජපන් ජාතික ව්‍යාපාරිකයෝ මේ වාහන වෙළෙඳ පොළෙන් ඉවත් වූ අතර, ජපන් වාහන වෙන්දේසි වෙළෙඳ පොළේ සීයට 35ක තනි හිමිකරුවා බවට ඔහු පත්විය. අවසානයේදී අතීතයේ කොළඹට සහ මහනුවරට පමණක් සීමාව තිබූ රථවාහන වෙළෙඳ පොළ මීගමුවට, කුරුණෑගලට කැඳවාගෙන ඒමට ද ඔහු සමත් විය. මිරිස් ගෝණියෙන් අරඹා ජපානයේ වාහන වෙළෙඳ පොළ ආක්‍රමණය කළ මේ ධෛර්යවන්ත ව්‍යාපාරිකයා තමන් ඉපයූ සුවිශාල ධනයෙන් ජපානයේ රජෙකු සේ ජීවත් වුවද කිසිවිටෙකත් උපන් ගම අමතක නොකළේය. තමන්ව ව්‍යාපාරික ලෝකයට කැඳවා ගෙන ගිය මියගිය සොයුරාට පිං පිණිස දානමය පුණ්යකර්ම රැසක් සිදු කළේය. තමන් උපන් ගමට මාර්ග පද්ධති, මාවතගම දිසා රෝහලට වාට්ටු පද්ධති, ගිලන් රථ, අවමංගල්‍ය රථ, පාසල්වලට පරිගණක විද්‍යාගාර, ශ්‍රවණාගාර, නිවාස අහිමි අසරණ පවුල්වලට නිවාස ආදී පරිත්‍යාග රැසක් සිදු කළ ඔහු දිවයිනේ ආගමික ස්ථාන රැසක සංවර්ධනය සඳහා ද නොමසුරුව ධනය පරිත්‍යාග කළේය. ජපානයේ සියලුම ව්‍යාපාර, විවාපත් තම වැඩිමල් පුතුට බාර කළ වීරසිංහ මහතා මේ වනවිට ආපසු මවුබිමට පැමිණ අපූරු හෝටල් ව්‍යාපාරයකට ද අත ගසා තිබේ. ‘ක්ෂත්රීය විලා’ යනුවෙන් මාවතගම නගරයේ දැවැන්ත හෝටල් සංකීර්ණයක් ඉදි කර තිබෙන අතර එය විවිධ කලාත්මක නිර්මාණවලින් පිරි කලාගාරයක් බඳුය. එම සුවිසල් සුඛෝපභෝගී හෝටල් බිමට පිවිසි විට හැඟෙන්නේ රෝමයේ ඉපැරැණි රාජධානියක සැරිසරන්නාක් මෙනි. තවමත් ගොඩ නැඟෙමින් පවතින මෙම අපූරු හෝටල් සංකීර්ණය මේ වනවිට තම බාලම දියණිය වූ හංසිට පවරා දී ඇත. දෙවැනි දියණිය වූ සජිනි විවාහ වී සිටින්නේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේනගේ පුතු සමගය. “මට දැන් අවශ්‍ය මේ සියලුම ව්‍යාපාරික කටයුතු අතහැරලා මගේ දැනුමෙන් පළපුරුද්දෙන් මම උපන් දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා යම් සේවයක් සිදු කිරීමයි.” වීරසිංහ නම් වූ මේ අපුරු ව්‍යාපාරිකයා අවසන් වශයෙන් අපට පැවසීය. සේයාරූ හා සටහන - පුෂ්පකුමාර ජයරත්න - ලංකාදීප - මෙම ලිපිය මම උපුටා ගත්තේ අරුණාලෝකය ෆේස්බුක් පිටුවෙන් | ස්තූතියි ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom