Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොසොන්_පොහෝ_දිනය_අදයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොසොන්_පොහෝ_දිනය_අදයි!

පොසොන් පොහෝ දිනය අදයි!

බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුසමය හඳුන්වා දුන්හ. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමක්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් ,භණ්ඩුක නම් අනාගාමී උපාසකත් යන රාජකීය, ධර්මදූත පිරිස මෙහි සැපත් වූහ.

මෙම මහින්දාගමනය සිදුවූයේ තෙවැනි මහා ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රාහකත්වයෙන් පැවැති එම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදු දහම එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ඒ අනුව ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ ධර්මාශෝක අධිරාජයා ස්වකීය පුත්‍රයා වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ රාජකීය දූත පිරිසක් මෙරටට පිටත්කොට හැරීය.

දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපත් දූත පිරිසට එහිදී දේවානම්පියතිස්ස රජු මුණ ගැසිනි. මිහිඳු මහරහතන් වහන්සේ මහරජුට ස්වකීය දූත පිරිස මෙසේ හඳුන්වා දුන්හ.

සමූණාමයං මහාරාජ

ධම්මරාජස්ස සාවකා

තමෙව අනුකම්පාය

ජම්බුදීපා ඉධාගතා

“මහරජතුමනි, ශ්රමණයන් වන අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු”

දඹදිව සිට කෙසේ පැමිණියාහු දැයි, රජු ඇසූ ප්‍රශ්නයට මිහිඳු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර වූයේ “දියෙන් හෝ ගොඩින් හෝ නො ආම්හ” යන්නයි. එම පිළිතුර රජු තේරුම්ගත් බැව් දත් මිහිඳු මහරහතන් වහන්සේ රජු ගේ බුද්ධි මට්ටම පරික්ෂා කිරීමට ප්‍රශ්න කිහිපයක් ඇසූහ. ළඟම තිබූ අඹ ගසක් රජුට පෙන්වූ මිහිඳු මාහිමි “මේ කිනම් ගසක් දැයි ඇසීය. එවිට රජු “මේ අඹ ගසෙකැයි පිළිතුරු දුන්නේය. මිහිඳු මා හිමි,මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?

රජු එසේය,බොහෝ අඹ ගස් තිබේ.

මිහිඳු මාහිමි :- මේ අඹ ගසත් අනෙක් අඹ ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද?

රජු :- එසේය තවත් බොහෝ ගස් තිබේ

මිහිඳු මාහිමි :- ඒ අඹ ගසත් අඹ නොවන ගසත් හැරෙන්නට තවත් ගස් තිබේද?

රජු :- එසේය. ඒ මේ අඹ ගසය.

බාහිර ලෝකයේ දක්නට ඇති උදාහරණයක් මුල් කරගෙන සිදු කළ මෙම සාකච්ඡාවෙන් රජුගේ තර්ක බුද්ධිය පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මාහිමි ඉක්බිතිව විමසූයේ රජු කේන්ද්‍රකරගත් ප්රශ්නයකි.

මිහිඳු මාහිමි :- නුඹට නෑයෝ සිටිත් ද?

රජු :- එසේය, බොහෝ නෑයෝ සිටිති

මිහිඳු මාහිමි :- නොනෑයෝත් සිටිත්ද?

රජු :- නොනෑයෝ ද බොහෝ වෙති

මිහිඳු මාහිමි :- නෑයෝත් නොනෑයෝත් හැර තවත් අය සිටිත් ද?

රජු :- ස්වාමීනි, ඒ මම වෙමි

මෙසේ සිදු කළ විධිමත් බුද්ධි පරීක්ෂණයෙන් පසු මිහිඳු මාහිමියනට දේවානම්පියතිස්ස රජු මනා බුද්ධිමතෙකු බව අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත රජුට තෙරුවන් පිළිබඳවත් බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළේය. දේශනාවසානයෙහි රජු ප්රමුඛ සතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. මහින්දාගමනයෙන් දෙවැනි දිනයේදි රජ ගෙදර දී පේතවත්ථු, විමානූවත්ථු, සච්චූසංයුත්තාදිය මුල් කරගෙන ධර්ම දේශනා පැවැත්වීය. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට ඒ ගැන දැන් වූ හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක් රැස් වූහ. ඒ සියලු දෙනාට රජමැදුර ඉඩ මඳ වූයෙන් රජු මගුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය. ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේවදූත බාල පණ්ඩිත ,ආසිවිසෝපම ,අනූවතග්ගිය, ධම්මචක්කප්පවත්තන යනාදී සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵූලාබෝධයට පත් කරවූහ. මිහිඳු මාහිමි ප්රමුඛ ධර්ම දුතයන් වහන්සේලා ගේ වාසස්ථානය සඳහා ‘මහමෙවුනා උයන’ පූජා කළ රජු උන්වහන්සේ සමගම එම උයන වටා ඇවිද සීමාමාලකාදිය පිහිටූවිය යුතු තැන් නියම කරවා ගත්හ. දූත පිරිස සමග සැපත් භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලංකාවේ මුල්ම පැවිදි උපසම්පදාව ද ඇරඹිනි.

මෙසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ථෙරවාදී බුදු සමය මෙරටට හඳුන්වාදීමත් සමගම එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වූ බව මේ අනුව පැහැදිලිය. මෙකී සංස්කෘතිය නිසා මෙරට ජනතාව ගේ බුද්ධිය, ක්‍රියාකාරිත්වය හා අන්තර්පුද්ගල සබඳතාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය විය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හඳුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන්ගේ සිතුම් පැතුම්,ආකල්ප, විශ්වාස හා අදහස් උදහස් සියල්ල පිළිබඳ මනෝවිද්‍යාත්මක අංශයෙන් අවධානය යොමුකොට සිදු කළ අත්‍යදාර වූ ධර්ම දූත සේවාව පිළිබඳ සිහිකිරීම ශ්‍රී‍්‍ර ලංකාවාසීන් ලෙස සිදුකළ යුතු ම දෙයක්ව පවතියි.

රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. එය ඉතා විචාරශීලි බුද්ධිමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදු කළ යුත්තකි. මෙහිදී මිහිඳු මාහිමි සිදුකළේ ප්රාග් බෞද්ධ යුගයේ ලංකාවේ පැවති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි. පැවැති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමවත්, එය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමවත්, මෙහිදී සිදු නොවුණි. මිහිඳු මාහිමියන්ගේ මෙකී දූරදර්ශී වැඩපිළිවෙළ නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවෝ බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණහ. ගිනි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදූහ මළවුන් ඇදහු අය මළවුන්ට පින් අනුමෝදන් කරූවීමෙන් එම යුතුකම් සිදු කළහ. ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළෝ චෛත්‍ය හා බුදු පිළිමවලට වන්දනා කිරීමෙන් ස්වකීය ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සලසා ගත්හ. දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට හුරුපුරුදු වූහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාරක විධීන් හුරුපුරුදු වූ ජනතාව බුද්ධියේ නිම්වළලු පුලුල්වීමත් සමගම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹූරු වූ බවයි.

අප ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර මූර්ති කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමූනයයි. අප සිංහල අක්ෂර සම්ප්රදාය ද තත්ත්වයට හැඩ ගැසුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් සමග සිරිලකට වැඩූමවීම නිසාද අපට උරුම වු සංස්කෘතික දායාද රාශියකි. තවත් අතෙකින් බැලූ කල මහින්දාගමනයත් සමගම අපට උරුම වූයේ එවූකට ලෝකයේ පැවැති විශිෂ්ටතම කලා සම්ප්රදාය වූ මෞර්ය කලා සම්ප්රදායයි. බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂී දායකත්වයකි.

සඳකඩ පහණ, වාහල්කඩ වැනි කලා නිර්මාණ සේම මහා කලුගල්වලට පණ පෙවූ සමාධි පිළිමය, අවුකන පිළිමය වැනි විශ්වකලාවේ සමතැන් ගන්නා අග්‍රගණ්‍ය කලා කෘති නිම වූයේ, මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයත් සමග වැවයි, දාගැබයි,කෙතයි යන සංස්කෘතික සබැඳියාවත්, ථෙරවාදි බුදු සමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත්වීමත් අප ගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැකිය. මහින්දාගමනයත් සමගම අපට උරුම වූ උසස් සංස්කෘතික හරපද්ධතීන් හා කලා නිර්මාණ මතු අනාගත පරපුර වෙනුවෙන් රැක ගැන්ම සඳහා ක්‍රියා කිරීමට මෙම පොසොන් පොහොයදා අපි තරයේ අදිටන් කර ගනිමු.

ඌරුගමුවේ අස්සජි හිමි

බුදුසරණ පුවත්පත

2014 ජූනි 12

සබ්බ දානං ධම්ම දානං ජිනාතී.

(සියලුම දාන වලට වඩා ධර්ම දානය උතුම් වේ)

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

පොහොය දොළහම ආවරණය වන පරිදි මෙතෙක් පලකල අනෙකුත් ත්‍රෙඩ්

- දුරුතු පොහෝ දිනය අදයි!

- නවම් පෝහෝ දිනය අදයි!

- මැදින් පොහෝ දිනය අදයි!

- බක් පොහෝ දිනය අදයි!

- වෙසක් පොහෝ දිනය අදයි!

- පොසොන් පොහෝ දිනය අදයි!

- ඇසළ පොහෝ දිනය අදයි!

- නිකිණි පොහොය අදයි!

- බිනර පොහෝ දිනය අදයි!

- වප් පොහෝ දිනය අදයි!

- ඉල් පොහෝ දිනය අදයි!

- උදුවප් පුර පොහොය අදයි!

[QUOTE="910, post: 16768314, member: 159085"] [b]පොසොන්_පොහෝ_දිනය_අදයි![/b] [CENTER][SIZE="5"][COLOR="DarkOrange"]පොසොන් පොහෝ දිනය අදයි![/COLOR][/SIZE] [IMG]https://dl.dropboxusercontent.com/u/60473672/z_pic350-f85585ea.jpg[/IMG][/CENTER] [SIZE="3"]බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුසමය හඳුන්වා දුන්හ. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමක්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් ,භණ්ඩුක නම් අනාගාමී උපාසකත් යන රාජකීය, ධර්මදූත පිරිස මෙහි සැපත් වූහ. මෙම මහින්දාගමනය සිදුවූයේ තෙවැනි මහා ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රාහකත්වයෙන් පැවැති එම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදු දහම එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමයි. ඒ අනුව ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ ධර්මාශෝක අධිරාජයා ස්වකීය පුත්‍රයා වූ මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ රාජකීය දූත පිරිසක් මෙරටට පිටත්කොට හැරීය. දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව අනුරාධපුරයේ මිහින්තලයට සැපත් දූත පිරිසට එහිදී දේවානම්පියතිස්ස රජු මුණ ගැසිනි. මිහිඳු මහරහතන් වහන්සේ මහරජුට ස්වකීය දූත පිරිස මෙසේ හඳුන්වා දුන්හ. [B]සමූණාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා තමෙව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා[/B] “මහරජතුමනි, ශ්රමණයන් වන අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” දඹදිව සිට කෙසේ පැමිණියාහු දැයි, රජු ඇසූ ප්‍රශ්නයට මිහිඳු මහරහතන් වහන්සේගේ ලිහිල් පිළිතුර වූයේ “දියෙන් හෝ ගොඩින් හෝ නො ආම්හ” යන්නයි. එම පිළිතුර රජු තේරුම්ගත් බැව් දත් මිහිඳු මහරහතන් වහන්සේ රජු ගේ බුද්ධි මට්ටම පරික්ෂා කිරීමට ප්‍රශ්න කිහිපයක් ඇසූහ. ළඟම තිබූ අඹ ගසක් රජුට පෙන්වූ මිහිඳු මාහිමි “මේ කිනම් ගසක් දැයි ඇසීය. එවිට රජු “මේ අඹ ගසෙකැයි පිළිතුරු දුන්නේය. මිහිඳු මා හිමි,මේ ගස හැර තවත් අඹ ගස් තිබේද? රජු එසේය,බොහෝ අඹ ගස් තිබේ. [B]මිහිඳු මාහිමි [/B]:- මේ අඹ ගසත් අනෙක් අඹ ගසුත් හැරෙන්නට තවත් ගස් තිබේද? [B]රජු[/B] :- එසේය තවත් බොහෝ ගස් තිබේ [B]මිහිඳු මාහිමි[/B] :- ඒ අඹ ගසත් අඹ නොවන ගසත් හැරෙන්නට තවත් ගස් තිබේද? [B]රජු [/B]:- එසේය. ඒ මේ අඹ ගසය. බාහිර ලෝකයේ දක්නට ඇති උදාහරණයක් මුල් කරගෙන සිදු කළ මෙම සාකච්ඡාවෙන් රජුගේ තර්ක බුද්ධිය පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මාහිමි ඉක්බිතිව විමසූයේ රජු කේන්ද්‍රකරගත් ප්රශ්නයකි. [B]මිහිඳු මාහිමි[/B] :- නුඹට නෑයෝ සිටිත් ද? [B]රජු [/B]:- එසේය, බොහෝ නෑයෝ සිටිති [B]මිහිඳු මාහිමි[/B] :- නොනෑයෝත් සිටිත්ද? [B]රජු[/B] :- නොනෑයෝ ද බොහෝ වෙති [B]මිහිඳු මාහිමි[/B] :- නෑයෝත් නොනෑයෝත් හැර තවත් අය සිටිත් ද? [B]රජු[/B] :- ස්වාමීනි, ඒ මම වෙමි මෙසේ සිදු කළ විධිමත් බුද්ධි පරීක්ෂණයෙන් පසු මිහිඳු මාහිමියනට දේවානම්පියතිස්ස රජු මනා බුද්ධිමතෙකු බව අවබෝධ විය. අනතුරුව පිරිස් සහිත රජුට තෙරුවන් පිළිබඳවත් බෞද්ධ චින්තනය පිළිබඳවත් හඳුන්වාදීමට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළේය. දේශනාවසානයෙහි රජු ප්රමුඛ සතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. මහින්දාගමනයෙන් දෙවැනි දිනයේදි රජ ගෙදර දී පේතවත්ථු, විමානූවත්ථු, සච්චූසංයුත්තාදිය මුල් කරගෙන ධර්ම දේශනා පැවැත්වීය. මුල් දිනයෙහි ධර්ම දූතයන් වහන්සේලා දුටු මිනිසුන් සිය අසල් වැසියනට ඒ ගැන දැන් වූ හෙයින් මෙම දෙවන දින බණ ඇසුමට දහස් ගණනින් ජනයා රජ මැදුරට එක් රැස් වූහ. ඒ සියලු දෙනාට රජමැදුර ඉඩ මඳ වූයෙන් රජු මගුල් ඇත්හල සරසා එහි අසුන් පැනවීය. ඉක්බිතිව මිහිඳු මහරහතන් වහන්සේ පිළිවෙලින් දේවදූත බාල පණ්ඩිත ,ආසිවිසෝපම ,අනූවතග්ගිය, ධම්මචක්කප්පවත්තන යනාදී සූත්‍ර දේශනාවන් පවත්වා දහස් ගණනින් ජනයා මාර්ගඵූලාබෝධයට පත් කරවූහ. මිහිඳු මාහිමි ප්රමුඛ ධර්ම දුතයන් වහන්සේලා ගේ වාසස්ථානය සඳහා ‘මහමෙවුනා උයන’ පූජා කළ රජු උන්වහන්සේ සමගම එම උයන වටා ඇවිද සීමාමාලකාදිය පිහිටූවිය යුතු තැන් නියම කරවා ගත්හ. දූත පිරිස සමග සැපත් භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කිරීමෙන් ලංකාවේ මුල්ම පැවිදි උපසම්පදාව ද ඇරඹිනි. මෙසේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ථෙරවාදී බුදු සමය මෙරටට හඳුන්වාදීමත් සමගම එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වූ බව මේ අනුව පැහැදිලිය. මෙකී සංස්කෘතිය නිසා මෙරට ජනතාව ගේ බුද්ධිය, ක්‍රියාකාරිත්වය හා අන්තර්පුද්ගල සබඳතාව ඉතා ඉහළම මට්ටමකින් පෝෂණය විය. මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හඳුන්වා දුන් වැදගත්ම ඓතිහාසික සිදුවීම බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන්ගේ සිතුම් පැතුම්,ආකල්ප, විශ්වාස හා අදහස් උදහස් සියල්ල පිළිබඳ මනෝවිද්‍යාත්මක අංශයෙන් අවධානය යොමුකොට සිදු කළ අත්‍යදාර වූ ධර්ම දූත සේවාව පිළිබඳ සිහිකිරීම ශ්‍රී‍්‍ර ලංකාවාසීන් ලෙස සිදුකළ යුතු ම දෙයක්ව පවතියි. රටක අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. එය ඉතා විචාරශීලි බුද්ධිමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදු කළ යුත්තකි. මෙහිදී මිහිඳු මාහිමි සිදුකළේ ප්රාග් බෞද්ධ යුගයේ ලංකාවේ පැවති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීමයි. පැවැති සංස්කෘතිය හෙළා දැක විවේචනය කිරීමවත්, එය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමවත්, මෙහිදී සිදු නොවුණි. මිහිඳු මාහිමියන්ගේ මෙකී දූරදර්ශී වැඩපිළිවෙළ නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූවෝ බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණහ. ගිනි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදූහ මළවුන් ඇදහු අය මළවුන්ට පින් අනුමෝදන් කරූවීමෙන් එම යුතුකම් සිදු කළහ. ගල් පර්වතවලට වන්දනාමාන සිදු කළෝ චෛත්‍ය හා බුදු පිළිමවලට වන්දනා කිරීමෙන් ස්වකීය ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සලසා ගත්හ. දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට හුරුපුරුදු වූහ. මේ අනුව පැහැදිලි වන්නේ අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාරක විධීන් හුරුපුරුදු වූ ජනතාව බුද්ධියේ නිම්වළලු පුලුල්වීමත් සමගම හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් කෙමෙන් නැඹූරු වූ බවයි. අප ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර මූර්ති කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය යනාදියෙහි පදනම මහින්දාගමූනයයි. අප සිංහල අක්ෂර සම්ප්රදාය ද තත්ත්වයට හැඩ ගැසුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයෙන් පසුව සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් සමග සිරිලකට වැඩූමවීම නිසාද අපට උරුම වු සංස්කෘතික දායාද රාශියකි. තවත් අතෙකින් බැලූ කල මහින්දාගමනයත් සමගම අපට උරුම වූයේ එවූකට ලෝකයේ පැවැති විශිෂ්ටතම කලා සම්ප්රදාය වූ මෞර්ය කලා සම්ප්රදායයි. බෞද්ධ කලාවේ පෝෂණයට ඉන් ලැබුණේ සුවිශේෂී දායකත්වයකි. සඳකඩ පහණ, වාහල්කඩ වැනි කලා නිර්මාණ සේම මහා කලුගල්වලට පණ පෙවූ සමාධි පිළිමය, අවුකන පිළිමය වැනි විශ්වකලාවේ සමතැන් ගන්නා අග්‍රගණ්‍ය කලා කෘති නිම වූයේ, මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දාගමනයත් සමග වැවයි, දාගැබයි,කෙතයි යන සංස්කෘතික සබැඳියාවත්, ථෙරවාදි බුදු සමයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත්වීමත් අප ගේ අනන්‍යතා ලක්ෂණ මනාව මූර්තිමත් වන අවස්ථාවන් ලෙස නම් කළ හැකිය. මහින්දාගමනයත් සමගම අපට උරුම වූ උසස් සංස්කෘතික හරපද්ධතීන් හා කලා නිර්මාණ මතු අනාගත පරපුර වෙනුවෙන් රැක ගැන්ම සඳහා ක්‍රියා කිරීමට මෙම පොසොන් පොහොයදා අපි තරයේ අදිටන් කර ගනිමු.[/SIZE] [B]ඌරුගමුවේ අස්සජි හිමි[/B] බුදුසරණ පුවත්පත 2014 ජූනි 12 [CENTER][SIZE="4"][COLOR="DarkOrange"]සබ්බ දානං ධම්ම දානං ජිනාතී. (සියලුම දාන වලට වඩා ධර්ම දානය උතුම් වේ) ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!![/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][B]පොහොය දොළහම ආවරණය වන පරිදි මෙතෙක් පලකල අනෙකුත් ත්‍රෙඩ් :yes:[/B][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1528913"]- දුරුතු පොහෝ දිනය අදයි![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1536413"]- නවම් පෝහෝ දිනය අදයි![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1605180"]- මැදින් පොහෝ දිනය අදයි![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1550467"]- බක් පොහෝ දිනය අදයි![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615059"]- වෙසක් පොහෝ දිනය අදයි![/URL] - පොසොන් පොහෝ දිනය අදයි! [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1567867"]- ඇසළ පොහෝ දිනය අදයි![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572753"]- නිකිණි පොහොය අදයි![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1577784"]- බිනර පොහෝ දිනය අදයි![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1582366"]- වප් පොහෝ දිනය අදයි![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1586699"]- ඉල් පොහෝ දිනය අදයි![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1520739"]- උදුවප් පුර පොහොය අදයි![/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom