රුපියල් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමට යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ සැකකාර සභාපතිවරයා මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා මෙලෙස අල්ලස් ලබාගැනීමට උත්සාහ කර ඇති බවටය.
ඒ අනුව මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමට සූදානම්වන අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.