Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොහොය වර්ණනාව - ඇසළ පොහොය - ශ්‍රී බුද්ධ වර්ෂ 2565
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමා දහම් බෙර වයා ලෝ සත දුකින් මිදූ ඇසළ පුන් පොහොය

වෙසක් පුන් පොහොය දිනයෙහි සියලු කෙලෙසුන් නසා අපරිමිත ලෝ ධා එකලු කොට සර්වඥතා ඥානය පසක් කළ අමා මෑණී වූ මාගේ බුදුරජාණන් වහන්සේ සිව් ඉරියව් ගෙවීම් වස් සත් සතියක් ගත කොට පට්ඨානය වශයෙන් තමන් වහන්සේ අවබෝධ කොට ගත් චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මය පුනරාවර්ජනය කළ සේක. ඒ වූ කලී, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා දස පාරමිතාවන් ඇතුළු බෝසත් ගුණ සපුරා බුදු වුණ ආත්මභාවයේදී පරම සත්‍ය සොයා වැඩි වෙහෙසකර ගමනේ ලත් ප්‍රීති සුඛවේදයික ආස්වාදනය යි. ඒ දක්වා ලොව කිසිදු මිනිසෙකු හෝ දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ අවබෝධ කොට නොගත් මේ ගැඹුරු දහම කවරෙකු නම් අවබෝධ කර ගන්නේ දැයි බුදුරජාණන් වහන්සේ මෙනෙහි කළ සේක.

බෝසතාණන් වහන්සේ උතුම් බුද්ධත්වය සාක්ෂාත් කරන තුරු උන්වහන්සේ ගැන විශේෂ අවධානයෙන් පසු වූ දෙව් බඹුන් පිරිස අතුරින් සහම්පති මහා බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේගේ සිතෙහි පහළ වූ අදහස තේරුම් ගෙන දස දහසක් සක්වල දෙව් බඹුන් පිරිවරා පැමිණ බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට මෙසේ ආරාධනා කොට සිටියහ. “උට්ඨෙහි වීර, විජිතසංගාම සත්ථවාහ, අනණ, විචර ලෝකේ දෙස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සති.” “මාර සංග්‍රාමය ජය ගත්, උත්තමයන් වහන්ස! ලෝක සත්වයා සසර කතරින් එතෙර කරවනු පිණිස නැගී සිටින සේක්වා..! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අවබෝධ කොට ගත් ගැඹුරු වූ ධර්මය දේශනා කරනු මැනව. එය අවබෝධ කොට ගැනීමට සමත් සත්වයෝ ඇත්තාහ.”

මේ වූ කලී භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කොට ගත් නෛර්යාණික ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම සඳහා කරන ලද ප්‍රථම ආරාධනය යි. එතැන් පටන් මේ දක්වා ධර්මය දේශනා කිරීම සඳහා පූර්ව ආරාධනයක් කිරීමේ චාරිත්‍රය බෞද්ධ සම්ප්රදාය තුළ ඇති විය.

ගයාවේ අජපාල නුග රුක මූලයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනය කරුණාවෙන් ඉවසා වදාරා, කෘතගුණ දැක්වීම බෝසත් චරිතයේ පමණක් නොව බුද්ධ චරිතයේ ද උතුම් අංගයක් බව ලොවට පෙන්වා දුන්නේ තමන් වහන්සේට පූර්ව උපකාරී වූවන් සොයා ගොස් ඔවුන් හට ධර්මය දේශනා කිරීමට සනිටුහන් කිරීමෙනි. තමන් වහන්සේ සත්‍ය සොයා යන ගමනේදී හමු වූ ආලාර කාලාම, උද්දක රාමපුත්‍ර යන ධ්‍යානලාභීන් හමු වීමට සිතා බැලුව ද ඒ වන විට ඒ අය ජීවතුන් අතර නැති බව පෙනී ගොස්, කලක් තමන් ඇසුරු කරමින් ආධාර උපකාර කළ මේරූ නුවණ ඇති කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන පස්වග භික්ෂූන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමට තීරණය කළ බුදුරජාණන් වහන්සේ ඔවුන් බරණැස ඉසිපතන මිගදායේ සිටින බව දැන බරණැස බලා පිටත් වූ සේක.

ගයාවේ සිට ඉසිපතනය දක්වා අටළොස් යොදුන් දිග මඟට පිළිපන් බුදුරජාණන් වහන්සේට ගයාවටත්, ශ්‍රී මහා බෝධි මූලයටත් අතර මඟදී උපක නම් වූ ආජීවකයා හමු විය. බුදුරජාණන් වහන්සේගේ අභ්‍යන්තරික ගුණය බාහිර වශයෙන් නිරූපණය කෙරෙන ඉන්ද්රිය ප්රසන්නතාව දුටු උපක මාර්ගයෙන් පසෙකට වී, තම ගෞරවය පළ කොට ‘ඔබගේ ශාස්තෘවරයා කවරෙකු දැ‘ යි විමසූ කල්හි බුදුරජාණන් වහන්සේ ඔහුට ගාථා සතරකින් පිළිතුරු දුන් සේක. බුදුරජාණන් වහන්සේගේ සියලු අභ්‍යන්තරික, බාහිර ගති ස්වභාව ඒ ගාථා සතර තුළ අන්තර් ගත වෙයි.

සබ්බාභිභූ සබ්බවිදූ හමස්මි

– සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ

සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ

– සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං

“කාම රූප අරූප භවයන්ට අයත් සියලු ධර්මතා මම මැඩ පැවැත්වීමි. කාම රූප අරූප ලෝකෝත්තර සිව් භූමියට අයත් සියල්ල දන්නේ වෙමි. භවත්‍රයෙහි පිහිටි කිසිවක නොඇලී සියල්ල ඉක්මවා සිටියෙමි. කෙලෙසුන්ගෙන් මිදුණේ වෙමි. අනුන් වෙතින් අසා ගත් ධර්මයක් අවබෝධ නොකළෙමි.”

න මේ ආචරියෝ අත්ථි

– සදිසෝ මේ න විජ්ජති

සදේවකස්මිං ලෝකස්මිං

– නත්ථි මේ පටිපුග්ගලෝ

“ලොව්තුරා දහම අවබෝධ කර ගැනීමෙහිලා මට ගුරුවරයෙකු නැත; මට සමාන වූවකු ද ලොව නැත. දෙව් මිනිසුන් අතර මා හා සමානයෙකු ද නැත.”

අහං හි අරහා ලෝකේ

– අහං සත්ථා අනුත්තරෝ

ඒකොම්හි සම්මා සම්බුද්ධෝ

– සීතිභූතෝස්මි නිබ්බුතෝ

“ලෝකයෙහි මම අරහත් වෙමි. අනුත්තර වූ ශාස්තෘ වෙමි. කිසිවෙකුගේ උපදෙස් නැති ව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළෙමි. සියලු කෙලෙසුන්ගෙන් මිදුණෙමි; ගත සිත සිසිල් වූයේ වෙමි.”

ධම්මචක්කං පවත්තේතුං

– ගච්ඡාමි කාසිනං පුරං

අන්ධභූතස්මිං ලෝකස්මිං

– ආහඤ්ඡං අමතදුන්දුභිං

“ධර්ම චක්‍රය පවත්වනු වස් මම කසී රට බරණැස් පුරය බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයට ඇසෙනු පිණිස අමා දහම් බෙරය වයන්නෙමි.”

තමන් කවරෙකු ද යන්න හඳුන්වා දෙද්දී තම වංශය හෝ රාජකීය බව හෝ පියාගේ තරාතිරම ගැන බුදුරජාණන් වහන්සේ හෙළි කළේ නැත. තමාගේ අනුත්තර ගුණය ම හෙළි කළ සේක. එය නිකෙලෙස් උතුමන්ගේ ස්වභාවය යි.

මිහිඳු මහරහතන් වහන්සේ පවා දෙවනපෑතිස් රජතුමාට පිළිතුරු දුන්නේ “සමණාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා..” යනුවෙනි.

බුදුරජාණන් වහන්සේගේ අනුත්තර බව වටහා ගත් උපක “ඇවැත්නි, එසේ නම් ඔබ ‘අනන්තජින’ වීමට සුදුස්සෙකුයි” පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.

උපක, මා මෙන් යමෙකු ආශ්‍රවයන් ක්ෂය කළාහු ද, ඔවුහු ඒකාන්තයෙන් ම‘ජින’ බවට පත් වෙයි. මවිසින් සියලුම පාප ධර්මයෝ දිනන ලද්දාහුය. එහෙයින් උපක, ‘අනන්තජින’ද වෙමි.”

එම බුදු වදන පිළිගත් උපක ආජීවක පිටත් ව ගිය පසු බුදුරජාණන් වහන්සේ අටළොස් යොදුන් මඟ ගෙවා බරණැස් නුවර ඉසිපතනයට වැඩි සේක. උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කොට සැට දිනක් ගෙවී ගිය එදින, ඇසළ මස පුර පසළොස්වක පොහොය දිනය විය.

වෙසක් පුර පසළොස්වක දිනය වූ කලී, බුදුරජාණන් වහන්සේට ම උරුම වූ දිනය වෙයි. මෙම භද්‍ර කල්පයේ සිව්වැනි වරට ලෝකයට පහළ වූ උත්තම මනුෂ්‍ය රත්නය උන්වහන්සේ ය. භාග්‍යවතුන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ ලෙස මෙලොව උපත ලැබූ දිනයත්, උතුම් සම්බුද්ධත්වයට පත් වූ දිනයත්, අනුපාදිශේෂ පරිනිර්වාණයට පත් වූ දිනයත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වෙයි. එම දිනය ඉක්මවා පොහොයක් ගත වීමෙන් පසු එළඹෙන ඊළඟ පොහොය දිනය ඇසළ පුර පසළොස්වක පොහොය දිනය වේ. උතුම් සම්බුද්ධත්වයට පත් වූ දිනයේදී සේ ම සකල ලෝ ධා කම්පිත කරවමින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය වීම සිදු වූයේ ඇසළ මස පුර පසළොස්වක දිනයේ දී ය.

සිදුහත් බෝසතාණන් වහන්සේ සමඟ සය අවුරුද්දකට ආසන්න කලක් නිවන් මඟ සොයමින් සිටි පස්වග භික්ෂූහු තම අසපුව දෙසට වඩිනා බුදුරජාණන් වහන්සේ දුටුවහ. ඉතා ප්‍රසන්න විලාසැති, ඡවි වර්ණයෙන් බබළන උන්වහන්සේගේ සම්බෝධි ගුණාංග හඳුනා ගැනීමට නොහැකි වූ පස්වග භික්ෂූන් සිතුවේ සිද්ධාර්ථ ගෞතමයන් තපසින් සිය පරමාර්ථ ඉටු කර ගැනීමට නොහැකි ව, දුෂ්කර ව්‍රත අතහැර මධුරාහාර පානවලින් කය සතපවා ගෙන, බුදු විය නොහැකි ව තමන් වෙත පැමිණෙන බව යි. එහෙයින් සැලකිලි ගෞරව නොදක්වා හිඳිනට අසුනක් පමණක් දෙම්හ යි ඔවුහු කතිකා කර ගත්හ. එහෙත් බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත ළං වත් ම සම්බුද්ධත්වානුභාවය නිසා තම කතිකාවෙහි පිහිටා ක්‍රියා කිරීමට ඔවුහු අසමත් වූහ. පෙර ගමන් කොට සිවුරු පාත්‍ර පිළිගැනීම, පා දෝවනයට පැන් පිළියෙල කිරීම, යෝග්‍ය අසුනක් පිළියෙල කිරීම ආදී සියලු ගෞරව සැලකිලි දැක්වීමට ඔවුනට සිදු විය. සත්‍ය ඓතිහාසික පුවතක් වූ මේ උතුම් අවස්ථාව සාරානාත් හි සෙල් කැටයමක විසිතුරු ලෙස නිරූපණය වෙයි.

බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වය එතෙක් හඳුනා ගැනීමට නොහැකි වූ පස්වග භික්ෂූන් විසින් ආවුසෝ වාදයෙන් උන්වහන්සේ ඇමතූ විට, එය නුසුදුසු බවත්, අවැඩදායක බවත් පැහැදිලි කොට, උතුම් සම්බුද්ධත්වයට පත්වූ තමන් වහන්සේ ඉසිපතනයට වැඩියේ ඔවුන් උදෙසා ම ඔවුන්ට දහම් දෙසීමට බවත් වදාරා, ඒ දහම් අසා පිළිපැද නොපමාව නිවන් සුව අවබෝධ කර ගන්නා ලෙස දන්වා සිටි සේක. තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවත්, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බවත් නැවත නැවතත් වදහළ බුදුරජාණන් වහන්සේ “මම මීට පෙරත් මෙසේ ප්‍රකාශ කළේ ද” යැයි පිළිවිසූ කල්හී ගෞතමයන් වහන්සේ දැන් සම්බුද්ධත්වයට පත් වී ඇතැයි පිළිගත් පස්වග භික්ෂූහු උන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළහ.

ඇසළ පුන් පොහෝ දින ඉසිපතන මිගදා වන අරණයෙහි දී දස සහස්සී ලෝක ධාතුව කම්පිත කරවමින් ප්‍රවර්තනය වූ ඒ අසිරිමත් ධර්ම චක්‍රය “ධම්මචක්ක පවත්තන සූත්‍රය” නම් විය. එදා පටන් දෙව් බඹ මිනිස් තුන් ලෝ වාසීන්ගේ හිත සුව සලසන්නා වූ මේ ප්‍රථම සම්බුද්ධ දේශනාව අරබයා “අච්ඡරිය මනුස්සෝ” පොත්වහන්සේ දක්වන දීර්ඝ අනාවරණය අවසානයේ මෙසේ සඳහන් වේ.

“ධර්ම චක්‍රය අසිරිමත් ය! ධර්ම චක්‍රය අද්භූත ය! දෙව් මිනිස් ලෝ සතුන් නොඇසූ විරූ දෙයකි; හේතු සම්පත් ඇති අයට අවබෝධ වන දෙයකි. පෙති විහිදා පිපී යන පියුම් විහිදුවීමට සමත් හිරුමඬල උදා වීම බඳු දෙයකි.”

(අච්ඡරිය මනුස්සෝ පිටු අංක 346)

භාග්‍යවතුන් වහන්සේ එදා ඇසළ පුන් පොහොය දින ප්‍රවර්තනය කළ ධර්ම චක්‍රයේ ගාම්භීර වූ ද, මිහිරි වූ ද හඬට භෞතික ලෝකය සංවේදී වූ ආකාරය “අච්ඡරිය මනුස්සෝ” ග්‍රන්ථයේ දැක්වෙන්නේ මෙපරිද්දෙනි;

“එකෙණෙහි, ඒ මොහොතෙහි අකනිටා බඹ ලොව තෙක් ම මේ ශබ්දය පැනනැංගේ ය. දස සහස්සී ලෝක ධාතුව කම්පා වූයේය; තදින් ම සැලී ගියේය; බලවත් ව වෙවුලා ගියේය;

දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් ලොවෙහි පැතිරගියේය.”

(අච්ඡරිය මනුස්සෝ පිටු අංක 347)

බුදුරජාණන් වහන්සේට උතුම් සම්බුද්ධත්වය ලබා ගැනීමට සෙවණ දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ එකම ජීවමාන ශාඛා වහන්සේගේ උරුමය ලැබී ඇත්තේ සිරිලක්දිව වැසියන්ට ය.

බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේ දී දේශනා කොට වදාළ උතුම් ධර්ම චක්‍රයේ පහස ඉන් වසර දෙසිය තිස් හයකට පසුව ද අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් සිරිලක් වාසීන්ට ලැබුණි. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් ප්‍රවර්තනය කළ උතුම් ධර්ම චක්‍රයේ පහස ලැබූ දන්ත ධාතූන් වහන්සේගේ උරුමය ද ලද සිංහල දේශවාසී බෞද්ධ ජනකාය සැබෑ වාසනාවන්තයෝ ය.

සටහන – දයාපාල ජයනෙත්ති

[MEDIA=youtube]RBWHBPLKnZ8[/MEDIA]

[QUOTE="vinuga, post: 26676302, member: 520332"] [HEADING=2][SIZE=7]අමා දහම් බෙර වයා ලෝ සත දුකින් මිදූ ඇසළ පුන් පොහොය[/SIZE] [SIZE=5][/SIZE][/HEADING] [SIZE=5]වෙසක් පුන් පොහොය දිනයෙහි සියලු කෙලෙසුන් නසා අපරිමිත ලෝ ධා එකලු කොට සර්වඥතා ඥානය පසක් කළ අමා මෑණී වූ මාගේ බුදුරජාණන් වහන්සේ සිව් ඉරියව් ගෙවීම් වස් සත් සතියක් ගත කොට පට්ඨානය වශයෙන් තමන් වහන්සේ අවබෝධ කොට ගත් චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මය පුනරාවර්ජනය කළ සේක. ඒ වූ කලී, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා දස පාරමිතාවන් ඇතුළු බෝසත් ගුණ සපුරා බුදු වුණ ආත්මභාවයේදී පරම සත්‍ය සොයා වැඩි වෙහෙසකර ගමනේ ලත් ප්‍රීති සුඛවේදයික ආස්වාදනය යි. ඒ දක්වා ලොව කිසිදු මිනිසෙකු හෝ දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ අවබෝධ කොට නොගත් මේ ගැඹුරු දහම කවරෙකු නම් අවබෝධ කර ගන්නේ දැයි බුදුරජාණන් වහන්සේ මෙනෙහි කළ සේක. බෝසතාණන් වහන්සේ උතුම් බුද්ධත්වය සාක්ෂාත් කරන තුරු උන්වහන්සේ ගැන විශේෂ අවධානයෙන් පසු වූ දෙව් බඹුන් පිරිස අතුරින් සහම්පති මහා බ්‍රහ්ම රාජයා බුදුරජාණන් වහන්සේගේ සිතෙහි පහළ වූ අදහස තේරුම් ගෙන දස දහසක් සක්වල දෙව් බඹුන් පිරිවරා පැමිණ බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට මෙසේ ආරාධනා කොට සිටියහ. “උට්ඨෙහි වීර, විජිතසංගාම සත්ථවාහ, අනණ, විචර ලෝකේ දෙස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සති.” “මාර සංග්‍රාමය ජය ගත්, උත්තමයන් වහන්ස! ලෝක සත්වයා සසර කතරින් එතෙර කරවනු පිණිස නැගී සිටින සේක්වා..! භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ අවබෝධ කොට ගත් ගැඹුරු වූ ධර්මය දේශනා කරනු මැනව. එය අවබෝධ කොට ගැනීමට සමත් සත්වයෝ ඇත්තාහ.” මේ වූ කලී භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කොට ගත් නෛර්යාණික ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම සඳහා කරන ලද ප්‍රථම ආරාධනය යි. එතැන් පටන් මේ දක්වා ධර්මය දේශනා කිරීම සඳහා පූර්ව ආරාධනයක් කිරීමේ චාරිත්‍රය බෞද්ධ සම්ප්රදාය තුළ ඇති විය. ගයාවේ අජපාල නුග රුක මූලයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනය කරුණාවෙන් ඉවසා වදාරා, කෘතගුණ දැක්වීම බෝසත් චරිතයේ පමණක් නොව බුද්ධ චරිතයේ ද උතුම් අංගයක් බව ලොවට පෙන්වා දුන්නේ තමන් වහන්සේට පූර්ව උපකාරී වූවන් සොයා ගොස් ඔවුන් හට ධර්මය දේශනා කිරීමට සනිටුහන් කිරීමෙනි. තමන් වහන්සේ සත්‍ය සොයා යන ගමනේදී හමු වූ ආලාර කාලාම, උද්දක රාමපුත්‍ර යන ධ්‍යානලාභීන් හමු වීමට සිතා බැලුව ද ඒ වන විට ඒ අය ජීවතුන් අතර නැති බව පෙනී ගොස්, කලක් තමන් ඇසුරු කරමින් ආධාර උපකාර කළ මේරූ නුවණ ඇති කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජී යන පස්වග භික්ෂූන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීමට තීරණය කළ බුදුරජාණන් වහන්සේ ඔවුන් බරණැස ඉසිපතන මිගදායේ සිටින බව දැන බරණැස බලා පිටත් වූ සේක. ගයාවේ සිට ඉසිපතනය දක්වා අටළොස් යොදුන් දිග මඟට පිළිපන් බුදුරජාණන් වහන්සේට ගයාවටත්, ශ්‍රී මහා බෝධි මූලයටත් අතර මඟදී උපක නම් වූ ආජීවකයා හමු විය. බුදුරජාණන් වහන්සේගේ අභ්‍යන්තරික ගුණය බාහිර වශයෙන් නිරූපණය කෙරෙන ඉන්ද්රිය ප්රසන්නතාව දුටු උපක මාර්ගයෙන් පසෙකට වී, තම ගෞරවය පළ කොට ‘ඔබගේ ශාස්තෘවරයා කවරෙකු දැ‘ යි විමසූ කල්හි බුදුරජාණන් වහන්සේ ඔහුට ගාථා සතරකින් පිළිතුරු දුන් සේක. බුදුරජාණන් වහන්සේගේ සියලු අභ්‍යන්තරික, බාහිර ගති ස්වභාව ඒ ගාථා සතර තුළ අන්තර් ගත වෙයි. [B]සබ්බාභිභූ සබ්බවිදූ හමස්මි – සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ – සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං[/B] “කාම රූප අරූප භවයන්ට අයත් සියලු ධර්මතා මම මැඩ පැවැත්වීමි. කාම රූප අරූප ලෝකෝත්තර සිව් භූමියට අයත් සියල්ල දන්නේ වෙමි. භවත්‍රයෙහි පිහිටි කිසිවක නොඇලී සියල්ල ඉක්මවා සිටියෙමි. කෙලෙසුන්ගෙන් මිදුණේ වෙමි. අනුන් වෙතින් අසා ගත් ධර්මයක් අවබෝධ නොකළෙමි.” [B]න මේ ආචරියෝ අත්ථි – සදිසෝ මේ න විජ්ජති සදේවකස්මිං ලෝකස්මිං – නත්ථි මේ පටිපුග්ගලෝ[/B] “ලොව්තුරා දහම අවබෝධ කර ගැනීමෙහිලා මට ගුරුවරයෙකු නැත; මට සමාන වූවකු ද ලොව නැත. දෙව් මිනිසුන් අතර මා හා සමානයෙකු ද නැත.” [B]අහං හි අරහා ලෝකේ – අහං සත්ථා අනුත්තරෝ ඒකොම්හි සම්මා සම්බුද්ධෝ – සීතිභූතෝස්මි නිබ්බුතෝ[/B] “ලෝකයෙහි මම අරහත් වෙමි. අනුත්තර වූ ශාස්තෘ වෙමි. කිසිවෙකුගේ උපදෙස් නැති ව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළෙමි. සියලු කෙලෙසුන්ගෙන් මිදුණෙමි; ගත සිත සිසිල් වූයේ වෙමි.” [B]ධම්මචක්කං පවත්තේතුං – ගච්ඡාමි කාසිනං පුරං අන්ධභූතස්මිං ලෝකස්මිං – ආහඤ්ඡං අමතදුන්දුභිං[/B] “ධර්ම චක්‍රය පවත්වනු වස් මම කසී රට බරණැස් පුරය බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයට ඇසෙනු පිණිස අමා දහම් බෙරය වයන්නෙමි.” තමන් කවරෙකු ද යන්න හඳුන්වා දෙද්දී තම වංශය හෝ රාජකීය බව හෝ පියාගේ තරාතිරම ගැන බුදුරජාණන් වහන්සේ හෙළි කළේ නැත. තමාගේ අනුත්තර ගුණය ම හෙළි කළ සේක. එය නිකෙලෙස් උතුමන්ගේ ස්වභාවය යි. මිහිඳු මහරහතන් වහන්සේ පවා දෙවනපෑතිස් රජතුමාට පිළිතුරු දුන්නේ “සමණාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා..” යනුවෙනි. බුදුරජාණන් වහන්සේගේ අනුත්තර බව වටහා ගත් උපක “ඇවැත්නි, එසේ නම් ඔබ ‘අනන්තජින’ වීමට සුදුස්සෙකුයි” පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. උපක, මා මෙන් යමෙකු ආශ්‍රවයන් ක්ෂය කළාහු ද, ඔවුහු ඒකාන්තයෙන් ම‘ජින’ බවට පත් වෙයි. මවිසින් සියලුම පාප ධර්මයෝ දිනන ලද්දාහුය. එහෙයින් උපක, ‘අනන්තජින’ද වෙමි.” එම බුදු වදන පිළිගත් උපක ආජීවක පිටත් ව ගිය පසු බුදුරජාණන් වහන්සේ අටළොස් යොදුන් මඟ ගෙවා බරණැස් නුවර ඉසිපතනයට වැඩි සේක. උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කොට සැට දිනක් ගෙවී ගිය එදින, ඇසළ මස පුර පසළොස්වක පොහොය දිනය විය. වෙසක් පුර පසළොස්වක දිනය වූ කලී, බුදුරජාණන් වහන්සේට ම උරුම වූ දිනය වෙයි. මෙම භද්‍ර කල්පයේ සිව්වැනි වරට ලෝකයට පහළ වූ උත්තම මනුෂ්‍ය රත්නය උන්වහන්සේ ය. භාග්‍යවතුන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ ලෙස මෙලොව උපත ලැබූ දිනයත්, උතුම් සම්බුද්ධත්වයට පත් වූ දිනයත්, අනුපාදිශේෂ පරිනිර්වාණයට පත් වූ දිනයත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වෙයි. එම දිනය ඉක්මවා පොහොයක් ගත වීමෙන් පසු එළඹෙන ඊළඟ පොහොය දිනය ඇසළ පුර පසළොස්වක පොහොය දිනය වේ. උතුම් සම්බුද්ධත්වයට පත් වූ දිනයේදී සේ ම සකල ලෝ ධා කම්පිත කරවමින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය වීම සිදු වූයේ ඇසළ මස පුර පසළොස්වක දිනයේ දී ය. සිදුහත් බෝසතාණන් වහන්සේ සමඟ සය අවුරුද්දකට ආසන්න කලක් නිවන් මඟ සොයමින් සිටි පස්වග භික්ෂූහු තම අසපුව දෙසට වඩිනා බුදුරජාණන් වහන්සේ දුටුවහ. ඉතා ප්‍රසන්න විලාසැති, ඡවි වර්ණයෙන් බබළන උන්වහන්සේගේ සම්බෝධි ගුණාංග හඳුනා ගැනීමට නොහැකි වූ පස්වග භික්ෂූන් සිතුවේ සිද්ධාර්ථ ගෞතමයන් තපසින් සිය පරමාර්ථ ඉටු කර ගැනීමට නොහැකි ව, දුෂ්කර ව්‍රත අතහැර මධුරාහාර පානවලින් කය සතපවා ගෙන, බුදු විය නොහැකි ව තමන් වෙත පැමිණෙන බව යි. එහෙයින් සැලකිලි ගෞරව නොදක්වා හිඳිනට අසුනක් පමණක් දෙම්හ යි ඔවුහු කතිකා කර ගත්හ. එහෙත් බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත ළං වත් ම සම්බුද්ධත්වානුභාවය නිසා තම කතිකාවෙහි පිහිටා ක්‍රියා කිරීමට ඔවුහු අසමත් වූහ. පෙර ගමන් කොට සිවුරු පාත්‍ර පිළිගැනීම, පා දෝවනයට පැන් පිළියෙල කිරීම, යෝග්‍ය අසුනක් පිළියෙල කිරීම ආදී සියලු ගෞරව සැලකිලි දැක්වීමට ඔවුනට සිදු විය. සත්‍ය ඓතිහාසික පුවතක් වූ මේ උතුම් අවස්ථාව සාරානාත් හි සෙල් කැටයමක විසිතුරු ලෙස නිරූපණය වෙයි. බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වය එතෙක් හඳුනා ගැනීමට නොහැකි වූ පස්වග භික්ෂූන් විසින් ආවුසෝ වාදයෙන් උන්වහන්සේ ඇමතූ විට, එය නුසුදුසු බවත්, අවැඩදායක බවත් පැහැදිලි කොට, උතුම් සම්බුද්ධත්වයට පත්වූ තමන් වහන්සේ ඉසිපතනයට වැඩියේ ඔවුන් උදෙසා ම ඔවුන්ට දහම් දෙසීමට බවත් වදාරා, ඒ දහම් අසා පිළිපැද නොපමාව නිවන් සුව අවබෝධ කර ගන්නා ලෙස දන්වා සිටි සේක. තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවත්, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූ බවත් නැවත නැවතත් වදහළ බුදුරජාණන් වහන්සේ “මම මීට පෙරත් මෙසේ ප්‍රකාශ කළේ ද” යැයි පිළිවිසූ කල්හී ගෞතමයන් වහන්සේ දැන් සම්බුද්ධත්වයට පත් වී ඇතැයි පිළිගත් පස්වග භික්ෂූහු උන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළහ. ඇසළ පුන් පොහෝ දින ඉසිපතන මිගදා වන අරණයෙහි දී දස සහස්සී ලෝක ධාතුව කම්පිත කරවමින් ප්‍රවර්තනය වූ ඒ අසිරිමත් ධර්ම චක්‍රය “ධම්මචක්ක පවත්තන සූත්‍රය” නම් විය. එදා පටන් දෙව් බඹ මිනිස් තුන් ලෝ වාසීන්ගේ හිත සුව සලසන්නා වූ මේ ප්‍රථම සම්බුද්ධ දේශනාව අරබයා “අච්ඡරිය මනුස්සෝ” පොත්වහන්සේ දක්වන දීර්ඝ අනාවරණය අවසානයේ මෙසේ සඳහන් වේ. “ධර්ම චක්‍රය අසිරිමත් ය! ධර්ම චක්‍රය අද්භූත ය! දෙව් මිනිස් ලෝ සතුන් නොඇසූ විරූ දෙයකි; හේතු සම්පත් ඇති අයට අවබෝධ වන දෙයකි. පෙති විහිදා පිපී යන පියුම් විහිදුවීමට සමත් හිරුමඬල උදා වීම බඳු දෙයකි.” [B](අච්ඡරිය මනුස්සෝ පිටු අංක 346)[/B] භාග්‍යවතුන් වහන්සේ එදා ඇසළ පුන් පොහොය දින ප්‍රවර්තනය කළ ධර්ම චක්‍රයේ ගාම්භීර වූ ද, මිහිරි වූ ද හඬට භෞතික ලෝකය සංවේදී වූ ආකාරය “අච්ඡරිය මනුස්සෝ” ග්‍රන්ථයේ දැක්වෙන්නේ මෙපරිද්දෙනි; “එකෙණෙහි, ඒ මොහොතෙහි අකනිටා බඹ ලොව තෙක් ම මේ ශබ්දය පැනනැංගේ ය. දස සහස්සී ලෝක ධාතුව කම්පා වූයේය; තදින් ම සැලී ගියේය; බලවත් ව වෙවුලා ගියේය; දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් ලොවෙහි පැතිරගියේය.” [B](අච්ඡරිය මනුස්සෝ පිටු අංක 347)[/B] බුදුරජාණන් වහන්සේට උතුම් සම්බුද්ධත්වය ලබා ගැනීමට සෙවණ දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ එකම ජීවමාන ශාඛා වහන්සේගේ උරුමය ලැබී ඇත්තේ සිරිලක්දිව වැසියන්ට ය. බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේ දී දේශනා කොට වදාළ උතුම් ධර්ම චක්‍රයේ පහස ඉන් වසර දෙසිය තිස් හයකට පසුව ද අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙතින් සිරිලක් වාසීන්ට ලැබුණි. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් ප්‍රවර්තනය කළ උතුම් ධර්ම චක්‍රයේ පහස ලැබූ දන්ත ධාතූන් වහන්සේගේ උරුමය ද ලද සිංහල දේශවාසී බෞද්ධ ජනකාය සැබෑ වාසනාවන්තයෝ ය. [B]සටහන – දයාපාල ජයනෙත්ති[/B][/SIZE] [HEADING=2] [/HEADING] [SIZE=7][MEDIA=youtube]RBWHBPLKnZ8[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom