පොහොර හිඟය නිසා ගොවීන් දැඩි අපහසුතාවයෙන්----------ETHANATH FAIL

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    https://elakiri.com/threads/රසායනික-පොහොර-ආනයනය-නැවැත්වීමේ-ගැසට්-එකත්-රිවර්ස්-වන-ලකුණු.1987406/


    කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය වෙළඳපොලේ හිඟවීම සහ මිල ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවට ගොවීන් දිනෙන් දින චෝදනා කරනවා.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇළහැර ගොවිජනපදයේ පිහිටි අත්තනකඩවල යාය 20 සහ 28 ගොවි සංවිධාන යටතේ මෙවර යල කන්නය සඳහා කුඹුරු අක්කර 278 කට ආසන්න ප්‍රමාණයක වී වගා කර තිබෙනවා. එම වගාවන් සඳහා යූරියා පොහොර මෙතෙක් නොලැබීමෙන් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය තීරණය කළ යුත්තේ ගොවීන් කාබනික පොහොර සඳහා හුරු කිරීමෙන් අනතුරුව බවයි.

    මේ අතර, රාජාංගනය ප්‍රදේශයේ ගොවීන්ට කෘෂි රසායනික පොහොර ලබාදීමට අද එම ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරින් කටයුතු කළා.

    කෙසේ වෙතත්, කෘෂි රසායන පොහොර ලබාදීම සඳහා ගිරිතලේ ගොවිජන සේවා කාර්යාලයට පැමිණෙන ලෙසට එම ප්‍රදේශයේ ගොවීන්ට දැනුවත් කළ ද අද පෙරවරුවේ එම ගොවිජන සේවා කාර්යාලය විවෘත කර නොතිබීම නිසා ගොවීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

    මේ අතර, කෘෂිකර්මාන්තය හැර වෙනත් කර්මාන්ත සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය විශේෂ බලපත්‍රයක් යටතේ මැයි 6 වනදා සිට බලපැවැත්වෙන පරිදි ආනයනය කිරීමට අවසර ලබා දීමට අදාළ ගැසට් නිවේදනය බොහෝදුරට අද දිනයේ නිකුත් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලය සඳහන් කළා.
     

    Similar threads