Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෝදා ධම් සභාව-සතර අපායෙන් මුදවන උතුම් සෝතš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝදා ධම් සභාව-සතර අපායෙන් මුදවන උතුම් සෝතš

සතර අපායෙන් මුදවන උතුම් සෝතාපත්ති අංග

සතර අපායෙන් මුදවන උතුම් සෝතාපත්ති අංග

අපි සෑම කෙනෙක් ම අපේ ජීවිත වඩාත් සාර්ථක ව, ප්‍රීතිමත් ව ගත කරන්නට කැමැත්තෙමු. ඒ සඳහා අපි බොහෝ සෙයින් වෙහෙස මහන්සි වන්නෙමු. විටෙක සතුටින් යුතු ව ද විටෙක දුකෙන් යුතු ව ද ජීවිතය පවත්වාගෙන යාමට විවිධ දෑ කරන්නෙමු. ඒ අතරතුර තමන්ගේ සතුට, ආශාව වෙනුවෙන් යහපත් – අයහපත්, කළ යුතු – නොකළ යුතු ආදී වශයෙන් භේදයකින් තොරව ඕනෑම දෙයක් කරන්නට පසුබට නොවන අවස්ථාවන් ද නැතුවා නො වේ. තමන් කරන කියනා අයහපත් දෙයින් පසුවට විඳින්නට සිදුවන අයහපත් විපාක පිළිබඳවත්, තමන්ට ලැබී ඇති මේ මනුෂ්‍ය ජීවිතයේ ඇති අස්ථිර භාවය ගැනත්, මරණින් මතු පරලොව ජීවිතය ගැනත් අප දක්වා ඇත්තේ කෙතරම් නම් අවම වූ සැලකිල්ලක් ද?

මෙසේ ජීවිතයේ යථා ස්වභාවය ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට උනන්දුවක් නොමැති, ඒ සඳහා වෙහෙසක් මහන්සියක් නොගන්නා අයෙකුගේ ජීවිතය භයානක වූ අඳුරු සෙවණැල්ලකින් වැසී යන්නේ ඔහුටවත් සොයාගත නොහැකි පරිද්දෙනි.

සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයන්ගේ ජීවිත පැවැත්මේ යථා ස්වභාවය මැනවින් දන්නා සේක. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව යළි මිනිසුන් අතර උපදිත් නම් ඒ ඉතා ම අල්පයක් බවයි. බොහෝ සත්වයෝ මිනිස් ලොවින් චුතව නිරයෙහිත්, තිරිසන් යෝනියේත්, ප්‍රේත ලෝකයෙහිත් උපදින බවයි. මෙසේ මේ සත්වයාට භයානක වූ සසර ගමනක් පවතින බව මැනවින් වදාළේ ලෝකස්වාමී වූ අපගේ බුදුරජාණන් වහන්සේ ම ය. අතිශය භයානක වූ ඉරණමකට පත් වීමේ අවදානමක් සහිත මනුෂ්‍යයාට එයින් නිදහස් විය හැකි මාර්ගය පෙන්වා වදාළේ ද අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය.

ඒ අසහාය වූ, විස්මිත අවබෝධයෙන් යුක්ත වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරම පාරිශුද්ධ ධර්මයෙහි උපකාරයෙන් යමෙකුට සතර අපායෙන් නිදහස් වීමේ අවස්ථාව තම ජීවිතයට උදාකර ගත හැකි වුවහොත් එය කෙතරම් නම් භාග්‍යයක් ද? සැබැවින් ම පුණ්‍යවන්ත වූ සත්පුරුෂයන්ට බුද්ධ ශාසනයක් මුණගැසුණ විට ඒ වාසනාව උදාකරගත හැක්කේ ම ය. මව් කිරිල්ලියගේ උණුසුමින් වැඩෙන්නා වූ බිජුවක් පරිද්දෙන් උතුම් බුදු සසුනේ උණුසුම ලබනා සටකපට මායා නොමැති ශ්රාවකයා ගුණදමින් වැඩි වැඩී පරතෙරට ම යන්නේ ය. එබැවින් යමෙකුට බුද්ධ ශාසනයක් මුණගැසීම යනු පුදුමාකාර වූ වාසනාවකි.

සියලු කෙලෙසුන්ගෙන් සදහට ම නිදහස් වූ, යළි උපතක් නොමැතිව පිරිනිවනට වඩින රහතන් වහන්සේලා ද යළි කාම ලෝකයට නොපැමිණ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයන්හි ඉපිද එහි දී පිරිනිවන් පානා අනාගාමී ශ්‍රාවකයන් ද එක් වරක් පමණක් කාම ලෝකයට පැමිණ නිවන කරා ගමන් කරන සකදාගාමී ශ්‍රාවකයන් ද කොතරම් පමා වුව ද උපරිම වශයෙන් ආත්මභාව 7ක් ඇතුළත නිවන් අවබෝධ කරනා සෝතාපන්න ශ්‍රාවකයන් ද බිහිවන්නේ බුදු සසුනක් තුළ දී ම පමණකි. ආරම්භක කෙළවරක් දැකිය නොහැකි දීර්ඝ සසරක වල්මත් ව ඇවිද එන අපට උතුම් රහතන් වහන්සේනමක් බවට පත් වීම, අනාගාමී ශ්‍රාවකයෙකු බවට පත් වීම සකදාගාමී ශ්‍රාවකයෙකු බවට පත් වීම ආදිය තබා බුදු සසුනේ පිහිට පිළිසරණ ලද. සතර අපායෙන් සදහට ම නිදහස් වූ, ආත්මභාව 7ක් ඇතුළත නියත වශයෙන් ම නිවන කරා ගමන් කරන සෝතාපන්න ශ්‍රාවකයෙකු බවට පත් වීම යන්න ද විස්මිත වූත්, අද්භූත වූත් සිදුවීමකි. එවන් අසිරිමත් වාසනාවකට උරුමකම් කියන්නා වූ සෝතාපන්න ශ්‍රාවකයෙකු බිහිකරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ දහම් වැඩපිළිවෙළ තුළින් ම පමණකි. සෝතාපන්න ශ්‍රාවකයෙකු බිහිකරන්නා වූ වැඩපිළිවෙළ ඉස්මතු කරලමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ වැඩූ විට, බහුල ව ම ප්රගුණකර ගත් විට සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්ඃ

1. සත්පුරුෂයන් ඇසුරු කිරීම (සප්පුරිසසංසේවෝ).

2. සද්ධර්ම ශ්‍රවණය (සද්ධම්මසවනං).

3. යෝනිසෝ මනසිකාරය (යෝනිසෝ මනසිකාරෝ).

4. ධර්මානුධර්ම ප්‍රතිපදාව (ධම්මානුධම්මපටිපත්ති).”

(ඵල සූත්‍රය – සං. නි. 5)

කෙලෙස් සහිත වූත්, කෙලෙස් දුරුකරන්නට වෙහෙස මහන්සි වන්නාවූත්, සියලු කෙලෙසුන්ගෙන් සදහට ම නිදහස් වූත් සෑම පුද්ගලයෙකු පිළිබඳ ව ම පරිපූර්ණ අවබෝධයක් ඇත්තේ භාග්‍යවත් වූ අපගේ බුදුරජාණන් වහන්සේට පමණි. ඉහත දැක්වූ ධර්මයන් බහුලව ම ප්‍රගුණ කිරීමෙන් සෝතාපන්න බවට පත්වූ ආර්ය ශ්‍රාවකයෙකු තුළ දැකගත හැකි ධර්මයන් සතරක් පිළිබඳව ද අපට දේශනා කොට වදාළේ භාග්‍යවතුන් වහන්සේ විසිනි. යම් පිරිසකට අප අනුකම්පා කරන්නේ නම්, යම් කෙනෙක් අපගේ වචනයට ඇහුම්කන් දිය යුතු යැයි සිතන්නේ නම් ඒ සියල්ලෝ ම සමාදන් කරවිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයන් වන සතරක් වූ සෝතාපත්ති අංගයන් ගැන උතුම් බුද්ධ දේශනා ඇසුරින් ම දැන හැඳිනගන්නට ඇත්නම් කොතරම් වාසනාවක් ද.

ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඬලින් දේශනා කොට වදාළ උතුම් වූ සංයුත්ත නිකායේ පස්වන කොටසේ මහා වර්ගයෙහි සෝතාපත්ති සංයුත්තයෙහි සඳහන් වන පරම පාරිශුද්ධ බුද්ධ දේශනා ඇසුරුකර ගනිමින් මේ ලිපිය සැකසෙන්නේ ඒ සඳහා යම් පෙළඹවීමක්, උනන්දුවක් ඇතිකිරීමේ උතුම් අදහස පෙරදැරිකර ගනිමින් ය.

එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි මහානාම ශාක්‍ය තෙමේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ අප කාගේත් සිත්වල හටගන්නා ආකාරයේ ප්රශ්නයකි. එනම්, බුදුරජාණන් වහන්සේවත්, මනෝභාවනීය භික්ෂූන් වහන්සේලාත් ඇසුරු කිරීමෙන් අනතුරුව නගරයට පිවිසෙන තමන්ට නගරයේ පවතින කලබලකාරී පරිසරය තුළ බුදුරජාණන් වහන්සේවත්, ධර්මයත්, ශ්‍රාවක සංඝරත්නයත් සිහිකර ගැනීමට නොහැකි වන බවත්, එවන් අවස්ථාවක මරණයට පත් වුවහොත් තමන්ගේ පරලොව ජීවිතයට එය කුමන අයුරකින් බලපාන්නේදැයි කියාත් ය. එදාටත් වඩා අතිශය සංකීර්ණ කලබලකාරී සමාජ වටපිටාවක් තුළ ජීවත්වන අපට මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුර බෙහෙවින් ම ප්‍රයෝජනවත් වන්නේ ය. තමන්ගේ මරණය ගැන බියක්, තැති ගැනීමක් ඇති නොකරගන්නා ලෙසත්, තමන්ට හිමිවන්නේ අළාමක මරණයක් බවත් මහානාම ශාක්‍ය රජතුමාට වදාළ බුදුරජාණන් වහන්සේ තවදුරටත් වදාළේ සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්රාවකයා නිවනට නැඹුරු වූ, නිවනට යොමු වූ, නිවනට බර වූ අයෙක් වන බවත්, එම ශ්රාවකයා තුළ දැකගත හැකි සතර ධර්මය නම් සෝතාපත්ති අංගයන් සතර බවත් ය. එනම් එම ආර්ය ශ්රාවකයා,

1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)

2. ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)

3. සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)

4. ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙයි. (අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති)

යම් දිශාවකට නැමී පවතින, යම් දිශාවකට බර වූ රුකක් මුලින් සිඳින විට ඒ රුක බර වී නැමී පවතින දිශාවට වැටෙන්නේ යම් සේ ද මේ ධර්මයන් සතරෙන් සමන්විත වූ ශ්රාවකයා ද නිවනට බර ව, නිවනට නැඹුරු ව, නිවනට යොමු ව පවතින නිසාවෙන් නිවන කරා ම යොමුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

සියලු දුගති භය ඉක්මවා යාම පිණිස උපකාරී වන්නා වූ ධර්මයන් ලෙසින් ද, අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස මෙන් ම නොබබළන සත්වයන් හට බබළනු පිණිස පවතින දෙව් පියවර සතර ලෙසින් ද, නිරයෙහිත්, තිරිසන් ලොවෙහිත්, ප්‍රේත ලොවෙහිත්, අසුර ලොවෙහිත් උපත ක්ෂය කළ, සෝතාපන්න වූ, අපායට නොවැටෙන සුලු වූ, නියතයෙන් ම නිවන පිහිට කොට සිටින්නෙකු ලෙස තමාට ම තමා ගැන කිව හැකි දහම් කැඩපතක් ලෙසින් ද භාග්‍යවතුන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළ සෝතාපත්ති අංගයන් පිළිබඳ ව නිවැරදි වූ මනා දැනුමක් ලබාගත හැක්කේ බුද්ධ දේශනා ඇසුරින් ම පමණි. එම නිසා ඉඩප්‍රස්තා ලැබෙන පරිදි ඒ සෝතාපත්ති අංගයන් පිළිබඳ ව බුද්ධ දේශනා ඇසුරුකර ගනිමින් සුළුවෙන් නමුදු විමසා බැලීම වටින්නේ ය.

උතුම් සම්බුදු සසුනක් තුළ සෝතාපන්න බවට පත් වූ ආර්ය ශ්රාවකයා තුළ දැකගත හැකි පළමු සෝතාපත්ති අංගය නම් බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමෙන් යුක්ත වීම බව දැන් අපි කවුරුත් දනිමු.

එසේ බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන ප්‍රසාදයක් ඇතිකර ගැන්මට නම් ඒ බුදුරජාණන් වහන්සේ ව මනා කොට ගුණ වශයෙන් හඳුනාගත යුතු ම ය. කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයකින් තොර ව ම තමන් වහන්සේගේ ස්වකීය ඤාණයෙන් සියල්ල අවබෝධ කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ අන් අයට අවබෝධ කර ගැනීම පිණිස දහම් දෙසන සේක. දමනයට පත් වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට දමනය වීමට දහම් දෙසන සේක. සන්සිඳීමට පත් භාග්‍යවතුන් වහන්සේ අන් අයට සන්සිඳීම පිණිස දහම් දෙසන සේක. සසරින් එතෙර වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට සසරින් එතෙර වීමට දහම් දෙසන සේක. පිරිනිවනට පත් වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට පිරිනිවන් පාන්නට දහම් දෙසන සේක. දැනගත යුතු දේ දන්නා, දැකගත යුතු දේ දක්නා දහම් ඇසින් උපන්, නැණ මඬලින් උපන්, දහම තුළින් උපන්, පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් භාග්‍යවතුන් වහන්සේට සම කළ හැකි වෙනත් කිසිවෙකුත් නැත්තේ ම ය. දහම් අරුත් මතුකර දෙන ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ලෝකයට ම අග්‍ර වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ දැකිය හැකි පමණ කළ නොහැකි වූ උතුම් සම්බුදු ගුණ කඳ බුදුරජාණන් වහන්සේ විසින් ම ගුණ නවයකට කැටිකොට අපට දේශනා කොට වදාළ සේක.

එනම් බුදුරජාණන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ ප්රහාණය කළ නික්ලේශී උත්තමයන් වහන්සේනමකි (අරහං). චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඤාණ වශයෙන් ද කෘත්‍ය ඤාණ වශයෙන් ද කෘත ඤාණ වශයෙන් ද පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළසකින් යුතුව පරිපූර්ණ වශයෙන් ගුරු උපදේශ නැති ව ම අවබෝධ කොට වදාළ සේක (සම්මා සම්බුද්ධෝ). බුදුරජාණන් වහන්සේ ඉද්ධිවිධ ඤාණ, දිබ්බසෝත ඤාණ, දිබ්බචක්ඛු ඤාණ, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ආදී නොයෙකුත් ඤාණයන් උපදවා ගත් සේක. ඒ ඤාණයන්ට අනුව ම ජීවිතය ගත කළ සේක (විජ්ජාචරණ සම්පන්නෝ). භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සුන්දර මධ්‍යම ප්‍රතිපදාව තුළ තම ජීවිතය දියුණු කොට ඒ පරම සුන්දර නිවන සාක්ෂාත් කොට වදාළ සේක (සුගතෝ). බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක ද සියලු දිව්‍ය ලෝක ද මේ මිනිස් ලෝකය ද සතර අපාය ආදී සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ සේක (ලෝකවිදූ). දමනය කිරීමට අසීරු වූ අකීකරු බඹුන්ව ද අකීකරු දෙවියන්ව ද අකීකරු මිනිසුන්ව ද මහා කරුණාවෙන් දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණුවා වදාළ සේක (අනුත්තරෝ පුරිසදම්මසාරථී). භාග්‍යවතුන් වහන්සේ සියලු දෙවියන්ගේ ද සියලු මිනිසුන්ගේ ද එක ම ශාස්තෘන් වහන්සේ වන සේක (සත්ථා දේවමනුස්සානං). බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද අවබෝධ කර ගැනීම පිණිස ඉතා පැහැදිලි ලෙස, ඉතා සුන්දර ලෙස පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථවලින් දේශනා කොට වදාළ සේක (බුද්ධෝ). සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවේ වෙන කිසිවෙකුට දැරිය නොහැකි වූ මේ සියලු සම්බුදු ගුණයන් දරා වැඩ සිටි සේක (භගවා).

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ව ගුණ වශයෙන් හඳුනාගන්නා අයෙකුට උතුම් බෝසත් දිවිය ගැන ද ජාතක කතා ඇසුරින් දැනගන්නට ලැබෙන්නේ නම් ‘අනේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය සම්බුද්ධත්වයට පෙර බෝසත් අවධියේ දී ද මෙතරම් අසිරිමත් නම් සම්බුදු දිවිය කෙතරම් අසිරිමත් වන්නේදැ’ යි කියා තව තවත් සිතේ ප්‍රසාදය වැඩි දියුණුකර ගත හැක්කේ ම ය.

මෙලෙසින් බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් දැනගෙන නොසැලෙන චිත්ත ප්‍රසාදයෙන් යුතු ආර්ය ශ්රාවකයා මුල මැද අග කල්‍යාණ වූ අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, මුළුමනින් ම පිරිපුන් වූ, පාරිශුද්ධ වූ මේ උතුම් ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරන ලද්දේ ය (ස්වාක්ඛාතෝ), මේ ජීවිතයේ දී ම තමන් තුළින් මේ ධර්මය දැකගත හැක්කේ ය (සන්දිට්ඨිකෝ), කාලයකට අයත් නැත්තේ ය (අකාලිකෝ), ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය (ඒහිපස්සිකෝ), තමා තුළට පමුණුවා ගත යුත්තේ ය (ඕපනයිකෝ), නැණවතුන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි) යැයි කියා උතුම් ශ්‍රී සද්ධර්මය ගැන ද ගුණ වශයෙන් ම හැඳින සිත පහදවාගෙන සිටී. මෙසේ හෙතෙම දෙවන සෝතාපත්ති අංගයෙන් ද සමන්විත වේ.

එසේ ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වීම නම් වූ මී ළඟ සෝතාපත්ති අංගයෙන් සමන්විත ශ්රාවකයා ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය තුළ දැකිය හැකි ගුණයන් පිළිබඳ ව ද මනා අවබෝධයකින් යුක්ත වේ. කුදු මහත් භවබෝග සම්පත් අතහැර, කුදු මහත් ඤාති සමූහයා අතහැර, හිසකෙස් බා, කසාවත් පොරවා බුදු සසුනෙහි පැවිදි බිමට පත් වූ, ලද ආහාරයකින් යැපෙන, ලාභ සත්කාරයන්ට ගිජු නොවන, පාපී ආශාවන්ගෙන් නිදහස් වූ උතුම් ශ්‍රාවක සංඝරත්නය නිවැරදි ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (සුපටිපන්නෝ), ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති නිවන වෙත යන ඍජු ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (උජුපටිපන්නෝ), අවබෝධය ඇතිවෙන ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (ඤායපටින්නෝ), යහපත් ධර්මය පවසන ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (සාමීචිපටිපන්නෝ), පුරුෂ යුගල වශයෙන් සිව්නමක් ද පුරුෂ පුද්ගල වශයෙන් අටනමක් ද වන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දුර සිට දන්පැන් ගෙනවුත් පිදීමට සුදුසු ය (ආහුනෙය්‍යෝ), ආගන්තුක සත්කාරයට සුදුසු ය (පාහුනෙය්යෝ), පින් සලකා දෙන දනට සුදුසු ය (දක්ඛිණෙය්යෝ), වැඳුම් පිදුම් ලැබීමට සුදුසු ය (අඤ්ජලිකරණීයෝ), ලොවට උතුම් පින්කෙත ය (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස) කියා ලොවෙහි අග්රතම පිරිස වන අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි සිත පහදවා ගන්නා ආර්ය ශ්රාවකයා මෙසේ තුන්වන සෝතාපත්ති අංගයෙන් ද සමන්විත වේ.

මෙලෙසින් තුනුරුවන කෙරෙහි නොසැලෙන පරිදි මනා කොට සිත පහදවාගෙන සිටින්නා වූ ආර්ය ශ්රාවකයා සතරවන සෝතාපත්ති අංගය වන ආර්යකාන්ත සීලයෙන් ද සමන්විත වේ. එනම් නොකැඩුණු සිල් පද ඇති (අඛණ්ඩානි), සිදුරු නොවුණු (අච්ඡිද්දානි), පැල්ලම් නොගැසුණු (අසබලානි), අතරින් පතර නොබිඳුණු (අකම්මාසානි), තෘෂ්ණා දාස භාවයෙන් නිදහස් ව තිබෙන (භුජිස්සානි), නුවණැත්තන් විසින් පසසන ලද්දා වූ (විඤ්ඤුප්පසත්ථානි), දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නො වූ (අපරාමට්ඨානි), සමාධිය පිණිස පවතින (සමාධි සංවත්තනිකානි) උතුම් වූ සීලයෙන් යුක්ත වේ.

මෙසේ ආර්ය ශ්රාවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා වදාළ උතුම් සිල්පද මැනවින් සමාදන් ව දිවි දෙවෙනි කොට ඒවා රැකගනිමින් වාසය කරයි. උතුම් බුද්ධ දේශනා කියවා නොමැති දුස්සීල වූ අසත්පුරුෂයෝ නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි නොපහන් සිතින් යුතුව සීලයට ගරහති. මාර්ග ඵල ලැබූවන්ට සිල් පද අදාළ නැතැයි පවසති. ඔවුන් මේ සඳහා උපුටා දක්වන්නේ සරකානි සූත්‍රය යි. ඔවුහු ඒ උතුම් බුද්ධ දේශනාව නිවැරදිව කියවා තේරුම් නොගෙන “සරකානි ශාක්‍යයා ද සෝතාපන්න ව සිට මත්පැන් පානය කළා නො වේදැ?” යි කියා මහා මුළාවක පැටලී සිටිති. තමන් මහා ධර්ම ඤාණයකින් යුත් බුද්ධිමතුන් පිරිසක් යැයි පෙන්වන්නට ගිය ද ඔවුහු වනාහි බුද්ධ දේශනා කියවා නොමැති, අඩු තරමේ සරකානි සූත්‍රයවත් කියවා නොමැති, තම දුස්සීලකම් වසාගන්නට අසාර්ථක උත්සාහයක නිරත වන අභාග්‍ය සම්පන්න පිරිසක් වශයෙන් ධර්මය දන්නා වූ නුවණැත්තන් විසින් හඳුනාගැනෙති. මක් නිසා ද යත්, සරකානි සූත්‍රයේ අවසානයේ ඇති ‘සරකානි ශාක්‍ය තෙමේ මරණ කාලයෙහි ශික්ෂාව සමාදන් ව සිටියේ ය’ යන වැකියවත් ඔවුන් කියවා නොමැති බව පෙනෙන්නට තිබෙනා හෙයිනි.

එබැවින් අප සිත පහදවා ගත යුත්තේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත වූ අවබෝධය කෙරෙහි ම ය. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් රාත්‍රියක උතුම් සම්මා සම්බෝධියට පත් වී වදාළ සේක් ද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක් ද ඒ අතර කාලය තුළ යමක් පවසන්නාහු ද ප්‍රකාශ කරන්නාහු ද නිර්දේශ කරන්නාහු ද ඒ සියලු දෙය ම ඒ අයුරින් ම වන්නේ ය. අන් අයුරකින් නොවන්නේ ම ය. ලෝකාවබෝධ සූත්‍රයේ සඳහන් ඒ උතුම් බුදු වදන කොතරම් සත්‍යයක් ද…

එබැවින් අපට සත්‍ය වටහා ගත හැකි වන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මය තුළින් ම පමණි. ඒ උතුම් නිර්මල බුද්ධ දේශනාවන් ම ගෞරවයෙන් ඉගෙනගත යුතු වන්නේ එහෙයිනි. බුදුරජාණන් වහන්සේ වදාළ සෝතාපත්ති අංගයන් තම ජීවිතය තුළ ඇතිකර ගන්නට වාසනාව ලබන්නේ ද එසේ ශාස්තෘ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන්, සීල ගෞරවයෙන් යුක්ත ව ම නිර්මල බුද්ධ දේශනා ඉගෙනගෙන ජීවිතයට පුරුදු පුහුණුකර ගැනීම සඳහා අවංක ව වෙහෙස දරනා සත්පුරුෂයන් ය.

අපගේ ශාස්තෘන් වහන්සේ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිසි විටෙකත් අපව නොමඟ නොයැවූ සේක. මුළා නොකළ සේක. සෑම විට ම අපට අනුකම්පා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිය යුගයේ සමාජයෙහි පැවති විවිධ වැරදි සහගත දෘෂ්ටීන්ගේ නිස්සාර භාවය ද මැනවින් පෙන්වා දෙමින් ජීවිතයට සැබෑ ම පිහිට පිළිසරණ උදා කරන ලද නිවැරදි වූ මාර්ග ප්‍රතිපදාව ම අප හට පෙන්වා වදාළ සේක. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ විසින් බ්‍රාහ්මණවරුන්ගේ නිස්සාර වූ ප්‍රතිපදාවක් ගැන පෙන්වා වදාළේ මෙලෙසිනි.

“මහණෙනි, බ්රාහ්මණවරු උදයගාමිනී නමින් ප්‍රතිපදාවක් පනවති. ඔවුහු ශ්රාවකයා මෙසේ සමාදන් කරවති. එම්බා පුරුෂය, එව. නුඹ කලින් ම නැගිට නැගෙනහිර දෙසට මුහුණලා යව. ඒ නුඹ ඉදිරියට හමුවන වළ මග හරින්න එපා. ප්රපාතය මග හරින්න එපා. කණුව මග හරින්න එපා. කටුබිම මග හරින්න එපා. අසූචි සොරොව්ව මග හරින්න එපා. ගවර වළ මග හරින්න එපා. යම් තැනක නුඹ වැටෙන්නෙහි නම් එතැන දී ම මරණයට පත් වන්නෙහි ය. එම්බා පුරුෂය මෙසේ නුඹ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ ය.”

(බ්‍රාහ්මණ සූත්‍රය – සං. නි. 5)

බුදුරජාණන් වහන්සේ වදාළේ බ්‍රාහ්මණයන්ගේ මේ ගමන අඥාන වූ, මුළාවට පත් වූ ගමනක් බවයි. නිවන පිණිස නොපවතින බවයි. එසේ වුව ද නිවන පිණිස පවතින්නා වූ උදයගාමිණී ප්‍රතිපදාවත් බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය විනයෙහිලා පනවා වදාළ සේක. එය නම් සතරක් වූ සෝතාපත්ති අංගයන් තමා තුළ උපදවා ගැනීම යි.

එනිසා සෝතාපත්ති අංගයන් තම ජීවිතය තුළ උපදවා ගැනීමට අප සැවොම උත්සාහවත් විය යුතු ය. මන්ද එය අපගේ ජීවිතයට මහත් රැකවරණයක් සලසාලන නිසාවෙනි. බුදුරජාණන් වහන්සේ වදාළේ සක්විති රජ කෙනෙක් සතර මහා දිවයින්වලට අධිපති ව සිට මරණින් මතු දෙව්ලොව උපන්නත් හෙතෙම සෝතාපත්ති අංගයන්ගෙන් සමන්විත නො වූ නිසා සතර අපායෙන් නිදහස් වූ අයෙක් නොවන බව යි. එමෙන් ම ආර්ය ශ්‍රාවක තෙමේ පිඬුසිඟා යැපුන ද කඩමාළු රෙදිවලින් මසාගත් දෙයක් පෙරෙව්ව ද සතරක් වූ සෝතාපත්ති අංගයන්ගෙන් සමන්විත වූ නිසා සතර අපායෙන් නිදහස් වූ අයෙක් වන බවයි. එපමණක් ද නොව කඳු මුදුනෙහි මහා වැසි ඇදහැළෙන විට ඒ ජලය පහතට නැමී ඇති බෑවුම් දිගේ එමින් පර්වත කඳුරැළි ඇල දොළ පුරවයි ද කුඩා ගංගා පුරවයි ද, කුඩා ගංගා පුරවා මහා ගංගා පුරවයි ද, මහා ගංගා පුරවා සාගරය පුරවයි ද එලෙසින් ම යමෙක් තුළ මේ සතරක් වූ සෝතාපත්ති අංගයන් පිහිටා තිබෙත් ද, එම ධර්මයෝ ගලන්නාහු පරතෙරට ගොස් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස පවත්නා බව ද බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

එනිසා, මරණය ඉදිරියේ බියට – තැතිගැනීමට පත් නොවන්නා වූ, මරණින් මතු සතර අපායේ උපතක් කරා නොයන්නා වූ ශ්‍රාවකයෙකු බවට පත් වීම පිණිස හේතු උපකාර වන සතරක් වූ සෝතාපත්ති අංගයන් අපගේ ජීවිතය තුළ ද උපදවා ගැනීමට මේ උතුම් වෙසක් සමයේ අපි සැවොම අදිටන් කර ගනිමු. ඒ සඳහා උතුම් සත්පුරුෂ ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත් නිරන්තරයෙන් අපට හට හිමි වේවා…!

– මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි

[QUOTE="vinuga, post: 24638600, member: 520332"] [b]පෝදා ධම් සභාව-සතර අපායෙන් මුදවන උතුම් සෝතš[/b] [B][SIZE="5"][COLOR="RoyalBlue"] සතර අපායෙන් මුදවන උතුම් සෝතාපත්ති අංග සතර අපායෙන් මුදවන උතුම් සෝතාපත්ති අංග අපි සෑම කෙනෙක් ම අපේ ජීවිත වඩාත් සාර්ථක ව, ප්‍රීතිමත් ව ගත කරන්නට කැමැත්තෙමු. ඒ සඳහා අපි බොහෝ සෙයින් වෙහෙස මහන්සි වන්නෙමු. විටෙක සතුටින් යුතු ව ද විටෙක දුකෙන් යුතු ව ද ජීවිතය පවත්වාගෙන යාමට විවිධ දෑ කරන්නෙමු. ඒ අතරතුර තමන්ගේ සතුට, ආශාව වෙනුවෙන් යහපත් – අයහපත්, කළ යුතු – නොකළ යුතු ආදී වශයෙන් භේදයකින් තොරව ඕනෑම දෙයක් කරන්නට පසුබට නොවන අවස්ථාවන් ද නැතුවා නො වේ. තමන් කරන කියනා අයහපත් දෙයින් පසුවට විඳින්නට සිදුවන අයහපත් විපාක පිළිබඳවත්, තමන්ට ලැබී ඇති මේ මනුෂ්‍ය ජීවිතයේ ඇති අස්ථිර භාවය ගැනත්, මරණින් මතු පරලොව ජීවිතය ගැනත් අප දක්වා ඇත්තේ කෙතරම් නම් අවම වූ සැලකිල්ලක් ද? මෙසේ ජීවිතයේ යථා ස්වභාවය ගැන අවබෝධයක් ඇතිකර ගැනීමට උනන්දුවක් නොමැති, ඒ සඳහා වෙහෙසක් මහන්සියක් නොගන්නා අයෙකුගේ ජීවිතය භයානක වූ අඳුරු සෙවණැල්ලකින් වැසී යන්නේ ඔහුටවත් සොයාගත නොහැකි පරිද්දෙනි. සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයන්ගේ ජීවිත පැවැත්මේ යථා ස්වභාවය මැනවින් දන්නා සේක. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළේ යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව යළි මිනිසුන් අතර උපදිත් නම් ඒ ඉතා ම අල්පයක් බවයි. බොහෝ සත්වයෝ මිනිස් ලොවින් චුතව නිරයෙහිත්, තිරිසන් යෝනියේත්, ප්‍රේත ලෝකයෙහිත් උපදින බවයි. මෙසේ මේ සත්වයාට භයානක වූ සසර ගමනක් පවතින බව මැනවින් වදාළේ ලෝකස්වාමී වූ අපගේ බුදුරජාණන් වහන්සේ ම ය. අතිශය භයානක වූ ඉරණමකට පත් වීමේ අවදානමක් සහිත මනුෂ්‍යයාට එයින් නිදහස් විය හැකි මාර්ගය පෙන්වා වදාළේ ද අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය. ඒ අසහාය වූ, විස්මිත අවබෝධයෙන් යුක්ත වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරම පාරිශුද්ධ ධර්මයෙහි උපකාරයෙන් යමෙකුට සතර අපායෙන් නිදහස් වීමේ අවස්ථාව තම ජීවිතයට උදාකර ගත හැකි වුවහොත් එය කෙතරම් නම් භාග්‍යයක් ද? සැබැවින් ම පුණ්‍යවන්ත වූ සත්පුරුෂයන්ට බුද්ධ ශාසනයක් මුණගැසුණ විට ඒ වාසනාව උදාකරගත හැක්කේ ම ය. මව් කිරිල්ලියගේ උණුසුමින් වැඩෙන්නා වූ බිජුවක් පරිද්දෙන් උතුම් බුදු සසුනේ උණුසුම ලබනා සටකපට මායා නොමැති ශ්රාවකයා ගුණදමින් වැඩි වැඩී පරතෙරට ම යන්නේ ය. එබැවින් යමෙකුට බුද්ධ ශාසනයක් මුණගැසීම යනු පුදුමාකාර වූ වාසනාවකි. සියලු කෙලෙසුන්ගෙන් සදහට ම නිදහස් වූ, යළි උපතක් නොමැතිව පිරිනිවනට වඩින රහතන් වහන්සේලා ද යළි කාම ලෝකයට නොපැමිණ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයන්හි ඉපිද එහි දී පිරිනිවන් පානා අනාගාමී ශ්‍රාවකයන් ද එක් වරක් පමණක් කාම ලෝකයට පැමිණ නිවන කරා ගමන් කරන සකදාගාමී ශ්‍රාවකයන් ද කොතරම් පමා වුව ද උපරිම වශයෙන් ආත්මභාව 7ක් ඇතුළත නිවන් අවබෝධ කරනා සෝතාපන්න ශ්‍රාවකයන් ද බිහිවන්නේ බුදු සසුනක් තුළ දී ම පමණකි. ආරම්භක කෙළවරක් දැකිය නොහැකි දීර්ඝ සසරක වල්මත් ව ඇවිද එන අපට උතුම් රහතන් වහන්සේනමක් බවට පත් වීම, අනාගාමී ශ්‍රාවකයෙකු බවට පත් වීම සකදාගාමී ශ්‍රාවකයෙකු බවට පත් වීම ආදිය තබා බුදු සසුනේ පිහිට පිළිසරණ ලද. සතර අපායෙන් සදහට ම නිදහස් වූ, ආත්මභාව 7ක් ඇතුළත නියත වශයෙන් ම නිවන කරා ගමන් කරන සෝතාපන්න ශ්‍රාවකයෙකු බවට පත් වීම යන්න ද විස්මිත වූත්, අද්භූත වූත් සිදුවීමකි. එවන් අසිරිමත් වාසනාවකට උරුමකම් කියන්නා වූ සෝතාපන්න ශ්‍රාවකයෙකු බිහිකරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ දහම් වැඩපිළිවෙළ තුළින් ම පමණකි. සෝතාපන්න ශ්‍රාවකයෙකු බිහිකරන්නා වූ වැඩපිළිවෙළ ඉස්මතු කරලමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, මේ සතරක් වූ ධර්මයෝ වැඩූ විට, බහුල ව ම ප්රගුණකර ගත් විට සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්ඃ 1. සත්පුරුෂයන් ඇසුරු කිරීම (සප්පුරිසසංසේවෝ). 2. සද්ධර්ම ශ්‍රවණය (සද්ධම්මසවනං). 3. යෝනිසෝ මනසිකාරය (යෝනිසෝ මනසිකාරෝ). 4. ධර්මානුධර්ම ප්‍රතිපදාව (ධම්මානුධම්මපටිපත්ති).” (ඵල සූත්‍රය – සං. නි. 5) කෙලෙස් සහිත වූත්, කෙලෙස් දුරුකරන්නට වෙහෙස මහන්සි වන්නාවූත්, සියලු කෙලෙසුන්ගෙන් සදහට ම නිදහස් වූත් සෑම පුද්ගලයෙකු පිළිබඳ ව ම පරිපූර්ණ අවබෝධයක් ඇත්තේ භාග්‍යවත් වූ අපගේ බුදුරජාණන් වහන්සේට පමණි. ඉහත දැක්වූ ධර්මයන් බහුලව ම ප්‍රගුණ කිරීමෙන් සෝතාපන්න බවට පත්වූ ආර්ය ශ්‍රාවකයෙකු තුළ දැකගත හැකි ධර්මයන් සතරක් පිළිබඳව ද අපට දේශනා කොට වදාළේ භාග්‍යවතුන් වහන්සේ විසිනි. යම් පිරිසකට අප අනුකම්පා කරන්නේ නම්, යම් කෙනෙක් අපගේ වචනයට ඇහුම්කන් දිය යුතු යැයි සිතන්නේ නම් ඒ සියල්ලෝ ම සමාදන් කරවිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ධර්මයන් වන සතරක් වූ සෝතාපත්ති අංගයන් ගැන උතුම් බුද්ධ දේශනා ඇසුරින් ම දැන හැඳිනගන්නට ඇත්නම් කොතරම් වාසනාවක් ද. ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඬලින් දේශනා කොට වදාළ උතුම් වූ සංයුත්ත නිකායේ පස්වන කොටසේ මහා වර්ගයෙහි සෝතාපත්ති සංයුත්තයෙහි සඳහන් වන පරම පාරිශුද්ධ බුද්ධ දේශනා ඇසුරුකර ගනිමින් මේ ලිපිය සැකසෙන්නේ ඒ සඳහා යම් පෙළඹවීමක්, උනන්දුවක් ඇතිකිරීමේ උතුම් අදහස පෙරදැරිකර ගනිමින් ය. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි මහානාම ශාක්‍ය තෙමේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ අප කාගේත් සිත්වල හටගන්නා ආකාරයේ ප්රශ්නයකි. එනම්, බුදුරජාණන් වහන්සේවත්, මනෝභාවනීය භික්ෂූන් වහන්සේලාත් ඇසුරු කිරීමෙන් අනතුරුව නගරයට පිවිසෙන තමන්ට නගරයේ පවතින කලබලකාරී පරිසරය තුළ බුදුරජාණන් වහන්සේවත්, ධර්මයත්, ශ්‍රාවක සංඝරත්නයත් සිහිකර ගැනීමට නොහැකි වන බවත්, එවන් අවස්ථාවක මරණයට පත් වුවහොත් තමන්ගේ පරලොව ජීවිතයට එය කුමන අයුරකින් බලපාන්නේදැයි කියාත් ය. එදාටත් වඩා අතිශය සංකීර්ණ කලබලකාරී සමාජ වටපිටාවක් තුළ ජීවත්වන අපට මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුර බෙහෙවින් ම ප්‍රයෝජනවත් වන්නේ ය. තමන්ගේ මරණය ගැන බියක්, තැති ගැනීමක් ඇති නොකරගන්නා ලෙසත්, තමන්ට හිමිවන්නේ අළාමක මරණයක් බවත් මහානාම ශාක්‍ය රජතුමාට වදාළ බුදුරජාණන් වහන්සේ තවදුරටත් වදාළේ සතර ධර්මයකින් යුක්ත වූ ආර්ය ශ්රාවකයා නිවනට නැඹුරු වූ, නිවනට යොමු වූ, නිවනට බර වූ අයෙක් වන බවත්, එම ශ්රාවකයා තුළ දැකගත හැකි සතර ධර්මය නම් සෝතාපත්ති අංගයන් සතර බවත් ය. එනම් එම ආර්ය ශ්රාවකයා, 1. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) 2. ධර්මය කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) 3. සංඝයා කෙරෙහි නිසැක බවට පැමිණ නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) 4. ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙයි. (අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති) යම් දිශාවකට නැමී පවතින, යම් දිශාවකට බර වූ රුකක් මුලින් සිඳින විට ඒ රුක බර වී නැමී පවතින දිශාවට වැටෙන්නේ යම් සේ ද මේ ධර්මයන් සතරෙන් සමන්විත වූ ශ්රාවකයා ද නිවනට බර ව, නිවනට නැඹුරු ව, නිවනට යොමු ව පවතින නිසාවෙන් නිවන කරා ම යොමුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. සියලු දුගති භය ඉක්මවා යාම පිණිස උපකාරී වන්නා වූ ධර්මයන් ලෙසින් ද, අපිරිසිදු සත්වයන් හට පිරිසිදු වීම පිණිස මෙන් ම නොබබළන සත්වයන් හට බබළනු පිණිස පවතින දෙව් පියවර සතර ලෙසින් ද, නිරයෙහිත්, තිරිසන් ලොවෙහිත්, ප්‍රේත ලොවෙහිත්, අසුර ලොවෙහිත් උපත ක්ෂය කළ, සෝතාපන්න වූ, අපායට නොවැටෙන සුලු වූ, නියතයෙන් ම නිවන පිහිට කොට සිටින්නෙකු ලෙස තමාට ම තමා ගැන කිව හැකි දහම් කැඩපතක් ලෙසින් ද භාග්‍යවතුන් වහන්සේ විසින් අපට පෙන්වා වදාළ සෝතාපත්ති අංගයන් පිළිබඳ ව නිවැරදි වූ මනා දැනුමක් ලබාගත හැක්කේ බුද්ධ දේශනා ඇසුරින් ම පමණි. එම නිසා ඉඩප්‍රස්තා ලැබෙන පරිදි ඒ සෝතාපත්ති අංගයන් පිළිබඳ ව බුද්ධ දේශනා ඇසුරුකර ගනිමින් සුළුවෙන් නමුදු විමසා බැලීම වටින්නේ ය. උතුම් සම්බුදු සසුනක් තුළ සෝතාපන්න බවට පත් වූ ආර්ය ශ්රාවකයා තුළ දැකගත හැකි පළමු සෝතාපත්ති අංගය නම් බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමෙන් යුක්ත වීම බව දැන් අපි කවුරුත් දනිමු. එසේ බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන ප්‍රසාදයක් ඇතිකර ගැන්මට නම් ඒ බුදුරජාණන් වහන්සේ ව මනා කොට ගුණ වශයෙන් හඳුනාගත යුතු ම ය. කිසිදු ගුරුවරයෙකුගේ උපදේශයකින් තොර ව ම තමන් වහන්සේගේ ස්වකීය ඤාණයෙන් සියල්ල අවබෝධ කොට වදාළ භාග්‍යවතුන් වහන්සේ අන් අයට අවබෝධ කර ගැනීම පිණිස දහම් දෙසන සේක. දමනයට පත් වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට දමනය වීමට දහම් දෙසන සේක. සන්සිඳීමට පත් භාග්‍යවතුන් වහන්සේ අන් අයට සන්සිඳීම පිණිස දහම් දෙසන සේක. සසරින් එතෙර වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට සසරින් එතෙර වීමට දහම් දෙසන සේක. පිරිනිවනට පත් වූ භාග්‍යවතුන් වහන්සේ අන් අයට පිරිනිවන් පාන්නට දහම් දෙසන සේක. දැනගත යුතු දේ දන්නා, දැකගත යුතු දේ දක්නා දහම් ඇසින් උපන්, නැණ මඬලින් උපන්, දහම තුළින් උපන්, පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් භාග්‍යවතුන් වහන්සේට සම කළ හැකි වෙනත් කිසිවෙකුත් නැත්තේ ම ය. දහම් අරුත් මතුකර දෙන ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ලෝකයට ම අග්‍ර වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ තුළ දැකිය හැකි පමණ කළ නොහැකි වූ උතුම් සම්බුදු ගුණ කඳ බුදුරජාණන් වහන්සේ විසින් ම ගුණ නවයකට කැටිකොට අපට දේශනා කොට වදාළ සේක. එනම් බුදුරජාණන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ ප්රහාණය කළ නික්ලේශී උත්තමයන් වහන්සේනමකි (අරහං). චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඤාණ වශයෙන් ද කෘත්‍ය ඤාණ වශයෙන් ද කෘත ඤාණ වශයෙන් ද පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළසකින් යුතුව පරිපූර්ණ වශයෙන් ගුරු උපදේශ නැති ව ම අවබෝධ කොට වදාළ සේක (සම්මා සම්බුද්ධෝ). බුදුරජාණන් වහන්සේ ඉද්ධිවිධ ඤාණ, දිබ්බසෝත ඤාණ, දිබ්බචක්ඛු ඤාණ, පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතූපපාත ඤාණය, ආසවක්ඛය ඤාණය ආදී නොයෙකුත් ඤාණයන් උපදවා ගත් සේක. ඒ ඤාණයන්ට අනුව ම ජීවිතය ගත කළ සේක (විජ්ජාචරණ සම්පන්නෝ). භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සුන්දර මධ්‍යම ප්‍රතිපදාව තුළ තම ජීවිතය දියුණු කොට ඒ පරම සුන්දර නිවන සාක්ෂාත් කොට වදාළ සේක (සුගතෝ). බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝක ද සියලු දිව්‍ය ලෝක ද මේ මිනිස් ලෝකය ද සතර අපාය ආදී සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ සේක (ලෝකවිදූ). දමනය කිරීමට අසීරු වූ අකීකරු බඹුන්ව ද අකීකරු දෙවියන්ව ද අකීකරු මිනිසුන්ව ද මහා කරුණාවෙන් දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණුවා වදාළ සේක (අනුත්තරෝ පුරිසදම්මසාරථී). භාග්‍යවතුන් වහන්සේ සියලු දෙවියන්ගේ ද සියලු මිනිසුන්ගේ ද එක ම ශාස්තෘන් වහන්සේ වන සේක (සත්ථා දේවමනුස්සානං). බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට ද අවබෝධ කර ගැනීම පිණිස ඉතා පැහැදිලි ලෙස, ඉතා සුන්දර ලෙස පැහැදිලි වචනවලින්, පැහැදිලි අර්ථවලින් දේශනා කොට වදාළ සේක (බුද්ධෝ). සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවේ වෙන කිසිවෙකුට දැරිය නොහැකි වූ මේ සියලු සම්බුදු ගුණයන් දරා වැඩ සිටි සේක (භගවා). මෙසේ භාග්‍යවතුන් වහන්සේ ව ගුණ වශයෙන් හඳුනාගන්නා අයෙකුට උතුම් බෝසත් දිවිය ගැන ද ජාතක කතා ඇසුරින් දැනගන්නට ලැබෙන්නේ නම් ‘අනේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය සම්බුද්ධත්වයට පෙර බෝසත් අවධියේ දී ද මෙතරම් අසිරිමත් නම් සම්බුදු දිවිය කෙතරම් අසිරිමත් වන්නේදැ’ යි කියා තව තවත් සිතේ ප්‍රසාදය වැඩි දියුණුකර ගත හැක්කේ ම ය. මෙලෙසින් බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් දැනගෙන නොසැලෙන චිත්ත ප්‍රසාදයෙන් යුතු ආර්ය ශ්රාවකයා මුල මැද අග කල්‍යාණ වූ අර්ථ සහිත වූ, ව්‍යඤ්ජන සහිත වූ, මුළුමනින් ම පිරිපුන් වූ, පාරිශුද්ධ වූ මේ උතුම් ශ්‍රී සද්ධර්මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරන ලද්දේ ය (ස්වාක්ඛාතෝ), මේ ජීවිතයේ දී ම තමන් තුළින් මේ ධර්මය දැකගත හැක්කේ ය (සන්දිට්ඨිකෝ), කාලයකට අයත් නැත්තේ ය (අකාලිකෝ), ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය (ඒහිපස්සිකෝ), තමා තුළට පමුණුවා ගත යුත්තේ ය (ඕපනයිකෝ), නැණවතුන් විසින් තම තම නැණ පමණින් දැක්ක යුත්තේ ය (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි) යැයි කියා උතුම් ශ්‍රී සද්ධර්මය ගැන ද ගුණ වශයෙන් ම හැඳින සිත පහදවාගෙන සිටී. මෙසේ හෙතෙම දෙවන සෝතාපත්ති අංගයෙන් ද සමන්විත වේ. එසේ ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වීම නම් වූ මී ළඟ සෝතාපත්ති අංගයෙන් සමන්විත ශ්රාවකයා ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය තුළ දැකිය හැකි ගුණයන් පිළිබඳ ව ද මනා අවබෝධයකින් යුක්ත වේ. කුදු මහත් භවබෝග සම්පත් අතහැර, කුදු මහත් ඤාති සමූහයා අතහැර, හිසකෙස් බා, කසාවත් පොරවා බුදු සසුනෙහි පැවිදි බිමට පත් වූ, ලද ආහාරයකින් යැපෙන, ලාභ සත්කාරයන්ට ගිජු නොවන, පාපී ආශාවන්ගෙන් නිදහස් වූ උතුම් ශ්‍රාවක සංඝරත්නය නිවැරදි ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (සුපටිපන්නෝ), ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති නිවන වෙත යන ඍජු ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (උජුපටිපන්නෝ), අවබෝධය ඇතිවෙන ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (ඤායපටින්නෝ), යහපත් ධර්මය පවසන ප්‍රතිපදාවට පිළිපන්නෝ ය (සාමීචිපටිපන්නෝ), පුරුෂ යුගල වශයෙන් සිව්නමක් ද පුරුෂ පුද්ගල වශයෙන් අටනමක් ද වන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය දුර සිට දන්පැන් ගෙනවුත් පිදීමට සුදුසු ය (ආහුනෙය්‍යෝ), ආගන්තුක සත්කාරයට සුදුසු ය (පාහුනෙය්යෝ), පින් සලකා දෙන දනට සුදුසු ය (දක්ඛිණෙය්යෝ), වැඳුම් පිදුම් ලැබීමට සුදුසු ය (අඤ්ජලිකරණීයෝ), ලොවට උතුම් පින්කෙත ය (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස) කියා ලොවෙහි අග්රතම පිරිස වන අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි සිත පහදවා ගන්නා ආර්ය ශ්රාවකයා මෙසේ තුන්වන සෝතාපත්ති අංගයෙන් ද සමන්විත වේ. මෙලෙසින් තුනුරුවන කෙරෙහි නොසැලෙන පරිදි මනා කොට සිත පහදවාගෙන සිටින්නා වූ ආර්ය ශ්රාවකයා සතරවන සෝතාපත්ති අංගය වන ආර්යකාන්ත සීලයෙන් ද සමන්විත වේ. එනම් නොකැඩුණු සිල් පද ඇති (අඛණ්ඩානි), සිදුරු නොවුණු (අච්ඡිද්දානි), පැල්ලම් නොගැසුණු (අසබලානි), අතරින් පතර නොබිඳුණු (අකම්මාසානි), තෘෂ්ණා දාස භාවයෙන් නිදහස් ව තිබෙන (භුජිස්සානි), නුවණැත්තන් විසින් පසසන ලද්දා වූ (විඤ්ඤුප්පසත්ථානි), දෘෂ්ටියකට බැඳීමෙන් යුක්ත නො වූ (අපරාමට්ඨානි), සමාධිය පිණිස පවතින (සමාධි සංවත්තනිකානි) උතුම් වූ සීලයෙන් යුක්ත වේ. මෙසේ ආර්ය ශ්රාවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා වදාළ උතුම් සිල්පද මැනවින් සමාදන් ව දිවි දෙවෙනි කොට ඒවා රැකගනිමින් වාසය කරයි. උතුම් බුද්ධ දේශනා කියවා නොමැති දුස්සීල වූ අසත්පුරුෂයෝ නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි නොපහන් සිතින් යුතුව සීලයට ගරහති. මාර්ග ඵල ලැබූවන්ට සිල් පද අදාළ නැතැයි පවසති. ඔවුන් මේ සඳහා උපුටා දක්වන්නේ සරකානි සූත්‍රය යි. ඔවුහු ඒ උතුම් බුද්ධ දේශනාව නිවැරදිව කියවා තේරුම් නොගෙන “සරකානි ශාක්‍යයා ද සෝතාපන්න ව සිට මත්පැන් පානය කළා නො වේදැ?” යි කියා මහා මුළාවක පැටලී සිටිති. තමන් මහා ධර්ම ඤාණයකින් යුත් බුද්ධිමතුන් පිරිසක් යැයි පෙන්වන්නට ගිය ද ඔවුහු වනාහි බුද්ධ දේශනා කියවා නොමැති, අඩු තරමේ සරකානි සූත්‍රයවත් කියවා නොමැති, තම දුස්සීලකම් වසාගන්නට අසාර්ථක උත්සාහයක නිරත වන අභාග්‍ය සම්පන්න පිරිසක් වශයෙන් ධර්මය දන්නා වූ නුවණැත්තන් විසින් හඳුනාගැනෙති. මක් නිසා ද යත්, සරකානි සූත්‍රයේ අවසානයේ ඇති ‘සරකානි ශාක්‍ය තෙමේ මරණ කාලයෙහි ශික්ෂාව සමාදන් ව සිටියේ ය’ යන වැකියවත් ඔවුන් කියවා නොමැති බව පෙනෙන්නට තිබෙනා හෙයිනි. එබැවින් අප සිත පහදවා ගත යුත්තේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත වූ අවබෝධය කෙරෙහි ම ය. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් රාත්‍රියක උතුම් සම්මා සම්බෝධියට පත් වී වදාළ සේක් ද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක් ද ඒ අතර කාලය තුළ යමක් පවසන්නාහු ද ප්‍රකාශ කරන්නාහු ද නිර්දේශ කරන්නාහු ද ඒ සියලු දෙය ම ඒ අයුරින් ම වන්නේ ය. අන් අයුරකින් නොවන්නේ ම ය. ලෝකාවබෝධ සූත්‍රයේ සඳහන් ඒ උතුම් බුදු වදන කොතරම් සත්‍යයක් ද… එබැවින් අපට සත්‍ය වටහා ගත හැකි වන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මය තුළින් ම පමණි. ඒ උතුම් නිර්මල බුද්ධ දේශනාවන් ම ගෞරවයෙන් ඉගෙනගත යුතු වන්නේ එහෙයිනි. බුදුරජාණන් වහන්සේ වදාළ සෝතාපත්ති අංගයන් තම ජීවිතය තුළ ඇතිකර ගන්නට වාසනාව ලබන්නේ ද එසේ ශාස්තෘ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන්, සීල ගෞරවයෙන් යුක්ත ව ම නිර්මල බුද්ධ දේශනා ඉගෙනගෙන ජීවිතයට පුරුදු පුහුණුකර ගැනීම සඳහා අවංක ව වෙහෙස දරනා සත්පුරුෂයන් ය. අපගේ ශාස්තෘන් වහන්සේ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිසි විටෙකත් අපව නොමඟ නොයැවූ සේක. මුළා නොකළ සේක. සෑම විට ම අපට අනුකම්පා කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිය යුගයේ සමාජයෙහි පැවති විවිධ වැරදි සහගත දෘෂ්ටීන්ගේ නිස්සාර භාවය ද මැනවින් පෙන්වා දෙමින් ජීවිතයට සැබෑ ම පිහිට පිළිසරණ උදා කරන ලද නිවැරදි වූ මාර්ග ප්‍රතිපදාව ම අප හට පෙන්වා වදාළ සේක. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ විසින් බ්‍රාහ්මණවරුන්ගේ නිස්සාර වූ ප්‍රතිපදාවක් ගැන පෙන්වා වදාළේ මෙලෙසිනි. “මහණෙනි, බ්රාහ්මණවරු උදයගාමිනී නමින් ප්‍රතිපදාවක් පනවති. ඔවුහු ශ්රාවකයා මෙසේ සමාදන් කරවති. එම්බා පුරුෂය, එව. නුඹ කලින් ම නැගිට නැගෙනහිර දෙසට මුහුණලා යව. ඒ නුඹ ඉදිරියට හමුවන වළ මග හරින්න එපා. ප්රපාතය මග හරින්න එපා. කණුව මග හරින්න එපා. කටුබිම මග හරින්න එපා. අසූචි සොරොව්ව මග හරින්න එපා. ගවර වළ මග හරින්න එපා. යම් තැනක නුඹ වැටෙන්නෙහි නම් එතැන දී ම මරණයට පත් වන්නෙහි ය. එම්බා පුරුෂය මෙසේ නුඹ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොව උපදින්නේ ය.” (බ්‍රාහ්මණ සූත්‍රය – සං. නි. 5) බුදුරජාණන් වහන්සේ වදාළේ බ්‍රාහ්මණයන්ගේ මේ ගමන අඥාන වූ, මුළාවට පත් වූ ගමනක් බවයි. නිවන පිණිස නොපවතින බවයි. එසේ වුව ද නිවන පිණිස පවතින්නා වූ උදයගාමිණී ප්‍රතිපදාවත් බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය විනයෙහිලා පනවා වදාළ සේක. එය නම් සතරක් වූ සෝතාපත්ති අංගයන් තමා තුළ උපදවා ගැනීම යි. එනිසා සෝතාපත්ති අංගයන් තම ජීවිතය තුළ උපදවා ගැනීමට අප සැවොම උත්සාහවත් විය යුතු ය. මන්ද එය අපගේ ජීවිතයට මහත් රැකවරණයක් සලසාලන නිසාවෙනි. බුදුරජාණන් වහන්සේ වදාළේ සක්විති රජ කෙනෙක් සතර මහා දිවයින්වලට අධිපති ව සිට මරණින් මතු දෙව්ලොව උපන්නත් හෙතෙම සෝතාපත්ති අංගයන්ගෙන් සමන්විත නො වූ නිසා සතර අපායෙන් නිදහස් වූ අයෙක් නොවන බව යි. එමෙන් ම ආර්ය ශ්‍රාවක තෙමේ පිඬුසිඟා යැපුන ද කඩමාළු රෙදිවලින් මසාගත් දෙයක් පෙරෙව්ව ද සතරක් වූ සෝතාපත්ති අංගයන්ගෙන් සමන්විත වූ නිසා සතර අපායෙන් නිදහස් වූ අයෙක් වන බවයි. එපමණක් ද නොව කඳු මුදුනෙහි මහා වැසි ඇදහැළෙන විට ඒ ජලය පහතට නැමී ඇති බෑවුම් දිගේ එමින් පර්වත කඳුරැළි ඇල දොළ පුරවයි ද කුඩා ගංගා පුරවයි ද, කුඩා ගංගා පුරවා මහා ගංගා පුරවයි ද, මහා ගංගා පුරවා සාගරය පුරවයි ද එලෙසින් ම යමෙක් තුළ මේ සතරක් වූ සෝතාපත්ති අංගයන් පිහිටා තිබෙත් ද, එම ධර්මයෝ ගලන්නාහු පරතෙරට ගොස් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස පවත්නා බව ද බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එනිසා, මරණය ඉදිරියේ බියට – තැතිගැනීමට පත් නොවන්නා වූ, මරණින් මතු සතර අපායේ උපතක් කරා නොයන්නා වූ ශ්‍රාවකයෙකු බවට පත් වීම පිණිස හේතු උපකාර වන සතරක් වූ සෝතාපත්ති අංගයන් අපගේ ජීවිතය තුළ ද උපදවා ගැනීමට මේ උතුම් වෙසක් සමයේ අපි සැවොම අදිටන් කර ගනිමු. ඒ සඳහා උතුම් සත්පුරුෂ ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත් නිරන්තරයෙන් අපට හට හිමි වේවා…! – මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom