Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඵුස්සදේව තෙරුන් වහන්සේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඵුස්සදේව තෙරුන් වහන්සේ..

මෙසේ අසන්ට ලැබේ. උතුම් ද්වීපයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සිංහල ද්වීපයෙහි භාවනානුයෝගීන් වසන කාළකන්දර නම් විහාරයක් ඇත. ඒ වෙහෙරෙහි මෛත්‍රි විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු, සස්නෙහි පිහිටි ඵුස්සදේව නමැති යෝගී තෙර නමක් පන්සියයක් භික්ෂූන්ට අවවාද දෙමින් වාසය කරයි. හෙතෙම මිනිසුන්ට ප්‍රියමනාප වූ අතිශයෙන් දැකුම්කලු පුද්ගලයෙක් විය. යම් අවස්ථාවක තෙර නම පිඬුපිණිස යේ නම් ඒ මග කුඹුරුවල වැඩකරන මිනිස්සු ගොනුන් ලිහා තෙරුන් වැඳීමට මගට එති.

ගොන්නු ඒ කාලයේ දී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ ඒම බලාපොරොත්තුවෙමින් සතුටු සිතැත්තෝ වූහ. ඒ චිත්ත ප්‍රසාදයෙන් ඔවුහු තව්තිසාභවනයෙහි උපන්හ. ඉක්බිති එසේ උපන් පෙර ගොන්නුව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මාසභාවෙහි රැස්ව දෙව්රජු ඉදිරියෙහි මෙසේ කීහ: (1) සිල්වත් ගුණවත් උගත් ඵුස්සදේව යයි ප්‍රකට වූ තෙරමක් කාළකන්දර ලෙණෙහි වසයි.

(2) හෙතෙම අඩු ආශා ඇත්තේ ය. ධුතාඞ්ග දරන්නේ ය, සියලු සත්ත්වයන්ට අනුකම්පා කරන්නේ ය. විවේකයෙහි ඇලුණේ ය, ධ්‍යාන වඩන්නේ ය. මනා සිහි ඇත්තේ ය, ශාන්ත සිත් ඇත්තේ ය, (3) ඒ තෙරනම සියලු සතුන්ගේ යහපත කැමති වේ, සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කාළකන්දරයෙහි වසයි. (4) ඒ තෙරනම මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද මෘගපක්ෂීන්ට ද ප්‍රිය වේ.

හෙතෙම නිතර වනයෙහි වසයි. (5) දිනූ ඉඳුරන් ඇති ඒ ඵුස්සදේව තෙරනම මෙසේ අනන්තගුණ ඇත්තේ ය. (6) පන්සියයක් පමණ ගොනුන්ව ඉපද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවා මේ දෙව්ලොවට පැමිණියෙමු. (7) නොයෙක් මෘගපක්ෂීහු ද එතුමන් කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්හ. මිනිසුන් ගැන කියනුම කිම? (8) මෙසේ ඒ සිල්වත් මනාසංවර ඇති තෙරනම දෙව්මිනිස් බොහෝ දෙනෙකුන්ට ද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නකි.

තව්තිසා වැසි දෙවියෝ මෙසේ කාළකන්දර වෙහෙර වැසි ඵුස්සදේව තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමැත්තෙමු’ යි කීය.

ශක්‍ර තෙමේ ඒ කීම පිළිගෙන යම් පමණ ඉක්මනින් මිනිසෙක් වක් කළ අතක් දික්කරන්නේ ද, දික්කළ අතක් හකුළන්නේ ද, එපමණ ඉක්මනින් දෙව්ලොවින් බැස කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එක් පසෙක සිටගෙන (9) ‘ස්වාමිනි, තව්තිසාවැසි දෙවියෝ ඔබ දැකීමට කැමතිවෙති, එබැවින් දෙව්ලොවට යමු’යි යාඥා කළේ ය.

තෙරනම : (10) දේවේන්ද්රය, මම පෘථග්ජනයෙක් වෙමි. යම් ඍඩියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ ඍඬිය මට නැතැ යි කීය. ‘ස්වාමීනි, ඔබ පෘථග්ජන බව මම දනිමි. ඔබට ඍඬියක් නැති බවත් දනිමි. මම ඔබවහන්සේ ඔසවාගෙන යන්නෙමි; ඉවසුව මැනවැ’යි සක්දෙව් රජ කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට ශක්‍ර තෙමේ එතුමන් වැඩහුන් ගලත් සමග ඔසවා ගෙන ගියේ ය.

ඔසවන කෙණෙහි ම තෙරනම ඇස් පියා ගත්තේ ය. (එසේ කෙළේ දෙවඟනන් නොදැකීම සඳහා ය යි සහස්සවත්ථුවෙහි කියැවේ) දෙව්රජ තෙරුන් ගෙනගොස් වැඩහුන් ගල්තලාව සමගම සුධර්මා සභාවෙහි තැබීය. සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ.

තෙරනම සංයුක්ත නිකායේ මහා වර්ගය කටපාඩමෙන් කීය. ඒ දේශනාවසානයේ දී තෙරනම ‘දේවරාජයෙනි, මා මිනිස් ලොවට ගෙන යනු මැනවි; පිණ්ඩපාත කාලය වන්නේ ය’යි කීය. ශක්‍රතෙමේ යහපතැයි කියා ගල්තලාව සමග තෙරුන් ගෙනවුත් කාළකන්ද විහාරයෙහි තැබී. මින් පෙර ඒ තෙරුන් සංයුක්ත මහා වග්ගය කියවන විට යාම තුනකින් නිමාවට යයි.

එබැවින් මෙහිදීත් ඒ වර්ගය කියා අවසන් වෙන විට මිනිස් ලොව උදෑසන බත් කාලයයි එතුමෝ දැනගත්හ. ඒ නිසා තමා මිනිස් ලොවට ගෙනයන සේ සක්දෙව් රජුට කීය. සක්දෙව්රජ මේ ආකාරයෙන් ම සවරක් මේ තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍රවණය කෙළේය.

තෙරනම එක් දිනක් බෝමලුව මනාසේ ඇම ද බුදුගුණ සිහි කරමින් ඇඳිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියේ ය. මාරයා එය දැක වික්ෂේප කිරීම පිණිස මහාවාතයක් මවා බෝමලුවෙහි කසළ ගෙනවුත් දමා ගියේ ය. නැවත තෙරනම එය ඇම ද බුදුගුණ සිහිකරමින් සිටියේ ය. නැවත මාරයා වඳුරෙක් වී ඒ ඒ අත්තට පනිමින් මලුව කැත කළේය. තෙරනම නැවතත් එය ඇමද බුදුගුණ සිහිකරමින් සිටියේ ය.

නැවත මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් බෝමලුවෙහි ඇවිදිමින් පාගා අවුල් කෙළේය. එවිට තෙරනම මේ මාරයා යයි දැනගෙන (12) ‘පාපිෂ්ටය, මම මනාසේ හැමදි බෝමලුව දැක සිත පහදා ගත්තෙමි, තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහිදැ’යි ඇසී. මාරයා තෙරුන් විසින් මා හැඳිනගත්තා ලදැයි දැන සියවෙසින් පෙනී සිටියේ ය.

(13) ඵුස්සදේව තෙරනම තමා ඉදිරියෙහි සිටි මාරයා දැක මෙසේ කීය; (14) ‘ඔබ බුද්ධරූපය මවා පෙන්වීමට සමර්ථවෙහි. මම එය දකිනු කැමැත්තෙමි. එසේ කරන ලෙස ඉල්ලමි’යි. (15) යහපතැයි පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස් ලකුණින් යුත් බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේ ය.

ඉක්බිති තෙරනම බුද්ධරූපය දැක ඇඳිලි බැඳගෙන දැහැගත් ලොම් ඇත්තේ කඳුළු පිරුණු ඇස් ඇතිව පැහැදීමෙන් යුතුව දීපංකර පාදමූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදුගුණ සිහිකරමින් මෙසේ කීය: (16) මහාමුනීන්ද්රයෙනි, හුදකලා වූ මා සඳහා ඔබ විසින් කරුණාසහගත සිතින් නොයෙක් කලාපවල දී කුසල් රැස් කරන ලදී. (17) සිය සිරුරත් පරිත්‍යාග කරන ලදී.

සිල් රැක්කේ ය, තපසට ගියේ ය, ප්‍රඥාව පිරුවේය. (18) වීර්යය දැඩිසේ ගෙන ඉවසීම පුරුදු කෙළේය. සත්‍යයෙහි පිහිටියේ ය. අධිෂ්ඨානය පිරුවේය. (19) මෙත් සිතැති ඔබ සැප දුක් දෙකෙහි නොසැලුණාහ. නිවන් මඟ සොයමින් බොහෝ දුක් අනුභව කළහ. (20) මෙසේ ඔබ වහන්සේ ඒ ඒ ජාතිවල දී ලෝකයාට හිත පිණිස පිළිපදිමින් දීර්ඝ වූ සංසාර මාර්ගයෙහි ඇවිද්ද සේක.

(21)පිනින් හටගත්තා වූ ඔබගේ මේ මනෝරම්‍ය වූ බුද්ධ රූපය දෙව්මිනිස් අසුරයන්ගේ නෙත් අලවන්නකි. (22) චක්රලක්ෂණ ඇති ඔබගේ පාදයෝ උඩ පැත්තෙන් උස්ව සිටියාහ. විලුම්දෙක දිගය. කෙණ්ඩා දෙක ඒණි මුවන්ගේ කෙණ්ඩා වැනිය. කලවා මනාසේ පිහිටියහ.

(23) දකුණට කැරකුණු නාබියක් ඇත. කෝෂයක ගිලුණු පුරුෂ ලිංගය ඇත. උරහිස් දෙක ද බාහු දෙක ද දික්වෙති. බෙල්ල වටකුරුය. අඩුවක් නැත. (24) දික්වූ ඇගිලි ඇත්තාහ, තඹවන් නියපොතු ඇත්තාහ, උස්වූ නහයක් ඇත, මනා බැම දෙකක් ඇත. සිංහයාගේ ඉදිරිපස ශරීරය වැනි ශරීරයක් ඇත. සිංහයාගේ හක්ක වැනි හක්කක් ඇත.

(25) සුමුදු වූ සුදු වූ අඩු නොවූ සතළිසක් දත් ඇත්තාහ. පළල් දිවක් ඇත්තාහ. රතු තොල් ඇත්තාහ. වසුපැටවුන්ගේ ඇස් වැනි ඇස් අත්තාහ.(26) දේදුනු වැනි ඇස්බැම ඇත්තාහ. ගව කිරෙන් නගින පෙණ වැනි සුදු වූ ඌණී රෝමයක් ඇත. අදුන් පැහැති දකුණු අතට වකුටු ගැසුණු හිසකෙස් ඇත්තාහ.(27) උඩට හැරුණු ලොම් ඇත්තාහ. හිසෙහි උණ්හීසය* බබළයි. රන්වන් ශරීරය ඇත්තේය. නුගගසක අතුපතර හා ගැලපෙන උස මෙන නිග්‍රෝධපරිමණ්ඩල ඇත්තේය. (28) සියලු සත්වයන්ට උත්තම වූ හැම මරුන් දිනූ මෙවැනි සම්මා සම්බුදු රජ අනිත්‍යතාවෙන් වැඩුණේ අද නොදක්නා ලැබේ.

(29) කුණ්ඩලී වශයෙන් කැරකුනු නිල් පැහැති රැස් විහිදුවන උණ්භීස සහිත බුදුන්ගේ ඒ කෙශයෝ අද නොදක්නා ලැබෙත්.(30) පුන් සදේ පැහැය ඇති කිරි පෙණ මෙන් සුදු වූ ඒ ඌර්ණ රෝම ධාතුව දසදහස් සක්වළ ආලෝකය පතුරුවා අද නොදක්නා ලැබේ.(31) දික් වූ පුළුල් වූ නිල්වූ නිර්මල වූ ආලෝකය සහිත වූ ඒ ඇස් අද නොදක්නා ලැබේ.

(32) දකුණට කැරකුණු නාභියද, කෝෂයෙන් වැසුණු ලිංගය ද ඇතෙකුගේ බඩ වැනි කුක්ෂිය ද, එණිමුවකුගේ වැනි කෙන්ඩා ද විනාශයට ගොස් නොපෙනෙති.(36) බුදු රජුන්ගේ උඩි පතුල් පැලූ සක්ගෙඩියක් මෙනි, විලුම් දික්වෙති, යටිපතුල් චක්රලක්ෂණයෙන් යුක්ත වෙති. ඒ සියල්ල අද නොදක්නා ලැබේ.(36) බුදු රජ මසින් පිරුණු තැන් සතක් ඇත්තෙකි, අප්‍රති පුද්ගල අසමසමයෙකි. බබළන ලකුණු ඇත්තෙකි. සියල්ල අද අදෘශ්‍යමානය.

(37) මාරයා විසින් නිර්මිත රූපය දුටු තෙරනම මෙසේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. (38) මාර තෙමේ එය දැනගෙන තෙරුන් විසින් මම වංචා කරන ලදිමි සිතා දොම්නස් ඇතිව එතැනම අන්තර්ධාන විය. තෙරනම රහත්වී යයි දැනගත් ශක්‍ර තෙමේ එහි අවුත් "ස්වාමීනි, දෙව්ලොවට යමු" යි කීය. තෙරනම යහපතැයි කියා එහි ගොස් දහම් දෙසා සෘඪියෙන් ස්වකීය විහාරයට පැමිණියේය.

ඉක්බිති එක්තරා නා රජෙක් ස්වකීය භවනයෙන් නික්ම තෙරුන් වෙත ගොස් පන්සීයක් භික්ෂූන් සමග දානය පිළිගන්නා සේ තෙරුන්ගෙන් ඉල්විය. තෙරනම නිශ්ශබ්දවීමෙන් එය පිළිගත්තේය. එදවස්හිම තම්බායේ සුමනතෙර (=තම්බසුමනතෙර) නම ඵුස්සදේව තෙරුන් වැදීම සදහා පන්සීයක් භික්ෂූන් සමග එහි පමිණියේය. හෙතෙම තෙරුන් වැද " ස්වාමිනී, පින්ඩපාතය සදහා යාමට සුදුසු කාලය" යි කීය. "නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි" යි ඵුස්සදේව තෙර කීය. තම්බසුමන තෙරනම එකග විය. ඉක්බිති නා රජ ගොස් "ස්වාමිනී, පිඩු සදහා වැඩීමට යෝග්‍ය කාලය" යි දැන්වීය. නා රජුගේ කීම අසා ඵුස්සදේව තෙරුන් ප්රමුඛ දහස්නමක් භික්ෂූහු නා රජුගේ විමානයට සමීපයෙහි වූ ගං ඉවුරෙහි වැඩි මහලු පිළිවෙලින් සිටගත්හ. නාරජ සිය පිරිස සමග අවුත් මහතෙරුන්ගේ පත්‍රය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුණි; දිවසළු දෙකක් ද පාමුල තබීය. තෙරනම ඒ පිණ්ඩපාතයත් සළු දෙකත් අන්‍ය භික්ෂුනමකට දුණි. නාරජ නැවතත් පාත්‍රයක් හා සළු දෙකක් දුණි. තෙරනම එය තෙවෙනි භික්ෂුවට දුණි.

මෙසේ දහසක් පමණ භික්ෂූන්ට දෙන අතර තම්බසුමන තෙරැන්ගේ ශිෂ්‍ය වූ දෙනමක් ඒවා ගන්නට නොකැමති වූහ. නාරජ එය දැක එතනට අවුත් නොගැනීමට කාරණය කිමෙක්දැයි විචාළේය. "මහරජ අපි වත්බිදීම නොකරන්නෙමු" යි ඔවුහු කීහ. වත්බිදීම කුමක්දැයි ඇසූ විට තමන්ට ලැබෙන දෙය පමණක් ගැනීම යැයි කීහ.

නාරජ යහපතැයි කියා වස්ත්‍ර ජෝඩු දෙකක් ඒ දෙනමගේ පාමුල තැබීය. එහි තැබූ කෙනෙහි ඒ ජෝඩුදෙක ජෝඩු සතරක් විය. එය දැක භික්ෂූහු විස්මයට පත්වූහ. නාරජ වනාහි නොසතුටු වී ඒ භික්ෂූන්ට සංවේගය උපදවනු සදහා ඵුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ කීය.

(39) කාළකන්ද විහාරයෙහි වසන ඵුස්සදේව මහතෙරුන්ට මම බතින් ආරාධනා කළෙමි. මම ඒ තෙරුන්ට දානය දෙම්.(40) තෙරනම පිළිගෙන ඉදින් ඔබට නොදේ නම් තෙරනම ඔබගේ සැපය කැමති වන්නෙක් නොවේ. (41) ඒ තෙරුන්ගේ පින නිසා මම ආහාරත් වස්ත්‍රත් දෙමි. තෙරනම පිළිගෙන දහස්නමටම දෙයි.(42) තෙරුන් විසින් පෙර ජාතිවලදී මෙවැනි පින් කරන ලදී. ඒ පින ඔබට නැත. එබැවින් නුවණැත්තෙනි, මෙය පිළිගත මැනවි.

(43) ඒ තෙරනම මෛත්‍රී විහරණ ඇත්තේය. රහත්ය, ආශ්‍රව නැත්තෙකි, ඒ ගුණ ඔබට නැත. එබැවින් පඩිවරුනි, මෙය පිළිගත මැනවි.(44) මේ වනරොදෙහි දරුණු වූ, නිතර ලේ මස් අනුභව කරන, එකිනෙකාට හිරිහැර කරන සත්වයෝ ඇත්තාහ. (45) ඔවුහුද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසා කරන සිත් දුරුකොට සැප ලැබූහ.(46) ඵුස්සදේව මහතෙරනම මෙවැනි ගුණ ඇත්තෙකි. ඔබට ඒ ගුණ නැත. එබැවින් ප්‍රාන්නයෙනි, මෙය පිළිගත මැනවි.

(47) යක්ෂයෝද, නාගයෝද, භූතයෝද, දෙව්ලොව දෙවිවරුද ඉන් මත්තෙහි දෙවිවරුද (48) ඵුස්සදෙවයන් වහන්සේට ප්‍රිය කරත්. ඔබට ප්‍රිය කරන්නෙක් නැත. එබැවින් මෙය පිළිගත මැනවි.

(49) නාරජු විසින් ඉදිරියෙහි සිට මෙසේ අවවාද කරනු ලබූ ඒ භික්ෂූහු ඒ දනත් වස්ත්‍රත් පිළිගත්හ. (50) මෙසේ ඵුස්සදේව තෙරනම නාගයන්ටද යක්ෂයන්ට ද භූතයන්ට ද දෙවියන්ට ද මිනිසුන්ට ද ප්‍රිය වූවෙකි.(51) මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු මෙසේ බොහෝ ගුණ ඇත්තෝ යයි දැන බුදු රදුන් විසින් පසස්නා ලදහ. යම්සේ ඵුස්සදේව තෙරනම නාග-යක්ෂ-භූත-මිනිස් යන මොවුන්ට ප්‍රිය වී ද එමෙන් අන්‍ය මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු ද ඔවුන්ට ප්‍රියවෙති.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.

මම ගත්තේ මෙතනින්..

https://www.facebook.com/path.nirvana?fref=photo

[QUOTE="polwattacom, post: 18811893, member: 114075"] [b]ඵුස්සදේව තෙරුන් වහන්සේ..[/b] [IMG]https://scontent-iad3-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/11885107_887322084668448_3932046235427078854_n.jpg?oh=276043ac6223cf86c22b6638be9f869f&oe=567BFC26[/IMG] [SIZE="4"][COLOR="Purple"]මෙසේ අසන්ට ලැබේ. උතුම් ද්වීපයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සිංහල ද්වීපයෙහි භාවනානුයෝගීන් වසන කාළකන්දර නම් විහාරයක් ඇත. ඒ වෙහෙරෙහි මෛත්‍රි විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු, සස්නෙහි පිහිටි ඵුස්සදේව නමැති යෝගී තෙර නමක් පන්සියයක් භික්ෂූන්ට අවවාද දෙමින් වාසය කරයි. හෙතෙම මිනිසුන්ට ප්‍රියමනාප වූ අතිශයෙන් දැකුම්කලු පුද්ගලයෙක් විය. යම් අවස්ථාවක තෙර නම පිඬුපිණිස යේ නම් ඒ මග කුඹුරුවල වැඩකරන මිනිස්සු ගොනුන් ලිහා තෙරුන් වැඳීමට මගට එති. ගොන්නු ඒ කාලයේ දී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ ඒම බලාපොරොත්තුවෙමින් සතුටු සිතැත්තෝ වූහ. ඒ චිත්ත ප්‍රසාදයෙන් ඔවුහු තව්තිසාභවනයෙහි උපන්හ. ඉක්බිති එසේ උපන් පෙර ගොන්නුව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මාසභාවෙහි රැස්ව දෙව්රජු ඉදිරියෙහි මෙසේ කීහ: (1) සිල්වත් ගුණවත් උගත් ඵුස්සදේව යයි ප්‍රකට වූ තෙරමක් කාළකන්දර ලෙණෙහි වසයි. (2) හෙතෙම අඩු ආශා ඇත්තේ ය. ධුතාඞ්ග දරන්නේ ය, සියලු සත්ත්වයන්ට අනුකම්පා කරන්නේ ය. විවේකයෙහි ඇලුණේ ය, ධ්‍යාන වඩන්නේ ය. මනා සිහි ඇත්තේ ය, ශාන්ත සිත් ඇත්තේ ය, (3) ඒ තෙරනම සියලු සතුන්ගේ යහපත කැමති වේ, සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කාළකන්දරයෙහි වසයි. (4) ඒ තෙරනම මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද මෘගපක්ෂීන්ට ද ප්‍රිය වේ. හෙතෙම නිතර වනයෙහි වසයි. (5) දිනූ ඉඳුරන් ඇති ඒ ඵුස්සදේව තෙරනම මෙසේ අනන්තගුණ ඇත්තේ ය. (6) පන්සියයක් පමණ ගොනුන්ව ඉපද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවා මේ දෙව්ලොවට පැමිණියෙමු. (7) නොයෙක් මෘගපක්ෂීහු ද එතුමන් කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්හ. මිනිසුන් ගැන කියනුම කිම? (8) මෙසේ ඒ සිල්වත් මනාසංවර ඇති තෙරනම දෙව්මිනිස් බොහෝ දෙනෙකුන්ට ද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නකි. තව්තිසා වැසි දෙවියෝ මෙසේ කාළකන්දර වෙහෙර වැසි ඵුස්සදේව තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමැත්තෙමු’ යි කීය. ශක්‍ර තෙමේ ඒ කීම පිළිගෙන යම් පමණ ඉක්මනින් මිනිසෙක් වක් කළ අතක් දික්කරන්නේ ද, දික්කළ අතක් හකුළන්නේ ද, එපමණ ඉක්මනින් දෙව්ලොවින් බැස කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එක් පසෙක සිටගෙන (9) ‘ස්වාමිනි, තව්තිසාවැසි දෙවියෝ ඔබ දැකීමට කැමතිවෙති, එබැවින් දෙව්ලොවට යමු’යි යාඥා කළේ ය. තෙරනම : (10) දේවේන්ද්රය, මම පෘථග්ජනයෙක් වෙමි. යම් ඍඩියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ ඍඬිය මට නැතැ යි කීය. ‘ස්වාමීනි, ඔබ පෘථග්ජන බව මම දනිමි. ඔබට ඍඬියක් නැති බවත් දනිමි. මම ඔබවහන්සේ ඔසවාගෙන යන්නෙමි; ඉවසුව මැනවැ’යි සක්දෙව් රජ කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට ශක්‍ර තෙමේ එතුමන් වැඩහුන් ගලත් සමග ඔසවා ගෙන ගියේ ය. ඔසවන කෙණෙහි ම තෙරනම ඇස් පියා ගත්තේ ය. (එසේ කෙළේ දෙවඟනන් නොදැකීම සඳහා ය යි සහස්සවත්ථුවෙහි කියැවේ) දෙව්රජ තෙරුන් ගෙනගොස් වැඩහුන් ගල්තලාව සමගම සුධර්මා සභාවෙහි තැබීය. සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ. තෙරනම සංයුක්ත නිකායේ මහා වර්ගය කටපාඩමෙන් කීය. ඒ දේශනාවසානයේ දී තෙරනම ‘දේවරාජයෙනි, මා මිනිස් ලොවට ගෙන යනු මැනවි; පිණ්ඩපාත කාලය වන්නේ ය’යි කීය. ශක්‍රතෙමේ යහපතැයි කියා ගල්තලාව සමග තෙරුන් ගෙනවුත් කාළකන්ද විහාරයෙහි තැබී. මින් පෙර ඒ තෙරුන් සංයුක්ත මහා වග්ගය කියවන විට යාම තුනකින් නිමාවට යයි. එබැවින් මෙහිදීත් ඒ වර්ගය කියා අවසන් වෙන විට මිනිස් ලොව උදෑසන බත් කාලයයි එතුමෝ දැනගත්හ. ඒ නිසා තමා මිනිස් ලොවට ගෙනයන සේ සක්දෙව් රජුට කීය. සක්දෙව්රජ මේ ආකාරයෙන් ම සවරක් මේ තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍රවණය කෙළේය. තෙරනම එක් දිනක් බෝමලුව මනාසේ ඇම ද බුදුගුණ සිහි කරමින් ඇඳිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියේ ය. මාරයා එය දැක වික්ෂේප කිරීම පිණිස මහාවාතයක් මවා බෝමලුවෙහි කසළ ගෙනවුත් දමා ගියේ ය. නැවත තෙරනම එය ඇම ද බුදුගුණ සිහිකරමින් සිටියේ ය. නැවත මාරයා වඳුරෙක් වී ඒ ඒ අත්තට පනිමින් මලුව කැත කළේය. තෙරනම නැවතත් එය ඇමද බුදුගුණ සිහිකරමින් සිටියේ ය. නැවත මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් බෝමලුවෙහි ඇවිදිමින් පාගා අවුල් කෙළේය. එවිට තෙරනම මේ මාරයා යයි දැනගෙන (12) ‘පාපිෂ්ටය, මම මනාසේ හැමදි බෝමලුව දැක සිත පහදා ගත්තෙමි, තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහිදැ’යි ඇසී. මාරයා තෙරුන් විසින් මා හැඳිනගත්තා ලදැයි දැන සියවෙසින් පෙනී සිටියේ ය. (13) ඵුස්සදේව තෙරනම තමා ඉදිරියෙහි සිටි මාරයා දැක මෙසේ කීය; (14) ‘ඔබ බුද්ධරූපය මවා පෙන්වීමට සමර්ථවෙහි. මම එය දකිනු කැමැත්තෙමි. එසේ කරන ලෙස ඉල්ලමි’යි. (15) යහපතැයි පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස් ලකුණින් යුත් බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේ ය. ඉක්බිති තෙරනම බුද්ධරූපය දැක ඇඳිලි බැඳගෙන දැහැගත් ලොම් ඇත්තේ කඳුළු පිරුණු ඇස් ඇතිව පැහැදීමෙන් යුතුව දීපංකර පාදමූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදුගුණ සිහිකරමින් මෙසේ කීය: (16) මහාමුනීන්ද්රයෙනි, හුදකලා වූ මා සඳහා ඔබ විසින් කරුණාසහගත සිතින් නොයෙක් කලාපවල දී කුසල් රැස් කරන ලදී. (17) සිය සිරුරත් පරිත්‍යාග කරන ලදී. සිල් රැක්කේ ය, තපසට ගියේ ය, ප්‍රඥාව පිරුවේය. (18) වීර්යය දැඩිසේ ගෙන ඉවසීම පුරුදු කෙළේය. සත්‍යයෙහි පිහිටියේ ය. අධිෂ්ඨානය පිරුවේය. (19) මෙත් සිතැති ඔබ සැප දුක් දෙකෙහි නොසැලුණාහ. නිවන් මඟ සොයමින් බොහෝ දුක් අනුභව කළහ. (20) මෙසේ ඔබ වහන්සේ ඒ ඒ ජාතිවල දී ලෝකයාට හිත පිණිස පිළිපදිමින් දීර්ඝ වූ සංසාර මාර්ගයෙහි ඇවිද්ද සේක. (21)පිනින් හටගත්තා වූ ඔබගේ මේ මනෝරම්‍ය වූ බුද්ධ රූපය දෙව්මිනිස් අසුරයන්ගේ නෙත් අලවන්නකි. (22) චක්රලක්ෂණ ඇති ඔබගේ පාදයෝ උඩ පැත්තෙන් උස්ව සිටියාහ. විලුම්දෙක දිගය. කෙණ්ඩා දෙක ඒණි මුවන්ගේ කෙණ්ඩා වැනිය. කලවා මනාසේ පිහිටියහ. (23) දකුණට කැරකුණු නාබියක් ඇත. කෝෂයක ගිලුණු පුරුෂ ලිංගය ඇත. උරහිස් දෙක ද බාහු දෙක ද දික්වෙති. බෙල්ල වටකුරුය. අඩුවක් නැත. (24) දික්වූ ඇගිලි ඇත්තාහ, තඹවන් නියපොතු ඇත්තාහ, උස්වූ නහයක් ඇත, මනා බැම දෙකක් ඇත. සිංහයාගේ ඉදිරිපස ශරීරය වැනි ශරීරයක් ඇත. සිංහයාගේ හක්ක වැනි හක්කක් ඇත. (25) සුමුදු වූ සුදු වූ අඩු නොවූ සතළිසක් දත් ඇත්තාහ. පළල් දිවක් ඇත්තාහ. රතු තොල් ඇත්තාහ. වසුපැටවුන්ගේ ඇස් වැනි ඇස් අත්තාහ.(26) දේදුනු වැනි ඇස්බැම ඇත්තාහ. ගව කිරෙන් නගින පෙණ වැනි සුදු වූ ඌණී රෝමයක් ඇත. අදුන් පැහැති දකුණු අතට වකුටු ගැසුණු හිසකෙස් ඇත්තාහ.(27) උඩට හැරුණු ලොම් ඇත්තාහ. හිසෙහි උණ්හීසය* බබළයි. රන්වන් ශරීරය ඇත්තේය. නුගගසක අතුපතර හා ගැලපෙන උස මෙන නිග්‍රෝධපරිමණ්ඩල ඇත්තේය. (28) සියලු සත්වයන්ට උත්තම වූ හැම මරුන් දිනූ මෙවැනි සම්මා සම්බුදු රජ අනිත්‍යතාවෙන් වැඩුණේ අද නොදක්නා ලැබේ. (29) කුණ්ඩලී වශයෙන් කැරකුනු නිල් පැහැති රැස් විහිදුවන උණ්භීස සහිත බුදුන්ගේ ඒ කෙශයෝ අද නොදක්නා ලැබෙත්.(30) පුන් සදේ පැහැය ඇති කිරි පෙණ මෙන් සුදු වූ ඒ ඌර්ණ රෝම ධාතුව දසදහස් සක්වළ ආලෝකය පතුරුවා අද නොදක්නා ලැබේ.(31) දික් වූ පුළුල් වූ නිල්වූ නිර්මල වූ ආලෝකය සහිත වූ ඒ ඇස් අද නොදක්නා ලැබේ. (32) දකුණට කැරකුණු නාභියද, කෝෂයෙන් වැසුණු ලිංගය ද ඇතෙකුගේ බඩ වැනි කුක්ෂිය ද, එණිමුවකුගේ වැනි කෙන්ඩා ද විනාශයට ගොස් නොපෙනෙති.(36) බුදු රජුන්ගේ උඩි පතුල් පැලූ සක්ගෙඩියක් මෙනි, විලුම් දික්වෙති, යටිපතුල් චක්රලක්ෂණයෙන් යුක්ත වෙති. ඒ සියල්ල අද නොදක්නා ලැබේ.(36) බුදු රජ මසින් පිරුණු තැන් සතක් ඇත්තෙකි, අප්‍රති පුද්ගල අසමසමයෙකි. බබළන ලකුණු ඇත්තෙකි. සියල්ල අද අදෘශ්‍යමානය. (37) මාරයා විසින් නිර්මිත රූපය දුටු තෙරනම මෙසේ විදසුන් වඩා රහත්බවට පැමිණියේය. (38) මාර තෙමේ එය දැනගෙන තෙරුන් විසින් මම වංචා කරන ලදිමි සිතා දොම්නස් ඇතිව එතැනම අන්තර්ධාන විය. තෙරනම රහත්වී යයි දැනගත් ශක්‍ර තෙමේ එහි අවුත් "ස්වාමීනි, දෙව්ලොවට යමු" යි කීය. තෙරනම යහපතැයි කියා එහි ගොස් දහම් දෙසා සෘඪියෙන් ස්වකීය විහාරයට පැමිණියේය. ඉක්බිති එක්තරා නා රජෙක් ස්වකීය භවනයෙන් නික්ම තෙරුන් වෙත ගොස් පන්සීයක් භික්ෂූන් සමග දානය පිළිගන්නා සේ තෙරුන්ගෙන් ඉල්විය. තෙරනම නිශ්ශබ්දවීමෙන් එය පිළිගත්තේය. එදවස්හිම තම්බායේ සුමනතෙර (=තම්බසුමනතෙර) නම ඵුස්සදේව තෙරුන් වැදීම සදහා පන්සීයක් භික්ෂූන් සමග එහි පමිණියේය. හෙතෙම තෙරුන් වැද " ස්වාමිනී, පින්ඩපාතය සදහා යාමට සුදුසු කාලය" යි කීය. "නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි" යි ඵුස්සදේව තෙර කීය. තම්බසුමන තෙරනම එකග විය. ඉක්බිති නා රජ ගොස් "ස්වාමිනී, පිඩු සදහා වැඩීමට යෝග්‍ය කාලය" යි දැන්වීය. නා රජුගේ කීම අසා ඵුස්සදේව තෙරුන් ප්රමුඛ දහස්නමක් භික්ෂූහු නා රජුගේ විමානයට සමීපයෙහි වූ ගං ඉවුරෙහි වැඩි මහලු පිළිවෙලින් සිටගත්හ. නාරජ සිය පිරිස සමග අවුත් මහතෙරුන්ගේ පත්‍රය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුණි; දිවසළු දෙකක් ද පාමුල තබීය. තෙරනම ඒ පිණ්ඩපාතයත් සළු දෙකත් අන්‍ය භික්ෂුනමකට දුණි. නාරජ නැවතත් පාත්‍රයක් හා සළු දෙකක් දුණි. තෙරනම එය තෙවෙනි භික්ෂුවට දුණි. මෙසේ දහසක් පමණ භික්ෂූන්ට දෙන අතර තම්බසුමන තෙරැන්ගේ ශිෂ්‍ය වූ දෙනමක් ඒවා ගන්නට නොකැමති වූහ. නාරජ එය දැක එතනට අවුත් නොගැනීමට කාරණය කිමෙක්දැයි විචාළේය. "මහරජ අපි වත්බිදීම නොකරන්නෙමු" යි ඔවුහු කීහ. වත්බිදීම කුමක්දැයි ඇසූ විට තමන්ට ලැබෙන දෙය පමණක් ගැනීම යැයි කීහ. නාරජ යහපතැයි කියා වස්ත්‍ර ජෝඩු දෙකක් ඒ දෙනමගේ පාමුල තැබීය. එහි තැබූ කෙනෙහි ඒ ජෝඩුදෙක ජෝඩු සතරක් විය. එය දැක භික්ෂූහු විස්මයට පත්වූහ. නාරජ වනාහි නොසතුටු වී ඒ භික්ෂූන්ට සංවේගය උපදවනු සදහා ඵුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ කීය. (39) කාළකන්ද විහාරයෙහි වසන ඵුස්සදේව මහතෙරුන්ට මම බතින් ආරාධනා කළෙමි. මම ඒ තෙරුන්ට දානය දෙම්.(40) තෙරනම පිළිගෙන ඉදින් ඔබට නොදේ නම් තෙරනම ඔබගේ සැපය කැමති වන්නෙක් නොවේ. (41) ඒ තෙරුන්ගේ පින නිසා මම ආහාරත් වස්ත්‍රත් දෙමි. තෙරනම පිළිගෙන දහස්නමටම දෙයි.(42) තෙරුන් විසින් පෙර ජාතිවලදී මෙවැනි පින් කරන ලදී. ඒ පින ඔබට නැත. එබැවින් නුවණැත්තෙනි, මෙය පිළිගත මැනවි. (43) ඒ තෙරනම මෛත්‍රී විහරණ ඇත්තේය. රහත්ය, ආශ්‍රව නැත්තෙකි, ඒ ගුණ ඔබට නැත. එබැවින් පඩිවරුනි, මෙය පිළිගත මැනවි.(44) මේ වනරොදෙහි දරුණු වූ, නිතර ලේ මස් අනුභව කරන, එකිනෙකාට හිරිහැර කරන සත්වයෝ ඇත්තාහ. (45) ඔවුහුද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසා කරන සිත් දුරුකොට සැප ලැබූහ.(46) ඵුස්සදේව මහතෙරනම මෙවැනි ගුණ ඇත්තෙකි. ඔබට ඒ ගුණ නැත. එබැවින් ප්‍රාන්නයෙනි, මෙය පිළිගත මැනවි. (47) යක්ෂයෝද, නාගයෝද, භූතයෝද, දෙව්ලොව දෙවිවරුද ඉන් මත්තෙහි දෙවිවරුද (48) ඵුස්සදෙවයන් වහන්සේට ප්‍රිය කරත්. ඔබට ප්‍රිය කරන්නෙක් නැත. එබැවින් මෙය පිළිගත මැනවි. (49) නාරජු විසින් ඉදිරියෙහි සිට මෙසේ අවවාද කරනු ලබූ ඒ භික්ෂූහු ඒ දනත් වස්ත්‍රත් පිළිගත්හ. (50) මෙසේ ඵුස්සදේව තෙරනම නාගයන්ටද යක්ෂයන්ට ද භූතයන්ට ද දෙවියන්ට ද මිනිසුන්ට ද ප්‍රිය වූවෙකි.(51) මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු මෙසේ බොහෝ ගුණ ඇත්තෝ යයි දැන බුදු රදුන් විසින් පසස්නා ලදහ. යම්සේ ඵුස්සදේව තෙරනම නාග-යක්ෂ-භූත-මිනිස් යන මොවුන්ට ප්‍රිය වී ද එමෙන් අන්‍ය මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු ද ඔවුන්ට ප්‍රියවෙති. පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි. [/COLOR][/SIZE] මම ගත්තේ මෙතනින්.. [url]https://www.facebook.com/path.nirvana?fref=photo[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom