බටහිර ලෝකයේ වේගවත්ම පිහිය දරන්නා
පෙර දිනක දැයෙන් සමුගත් වෛද්‍ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය ක්ෂේත්රයේ විතරක් නෙමේ කලා,දේශපාලන,විද්‍යා ක්ෂේස්ත්‍ර වලටත් විශාල සේවයක් කල මහත්මයෙක්.අද අපි කතා කරන්න යන්නේ ලෝක වෛද්‍ය ක්ෂේත්රයට විශාල සේවයක් කල 19 වන ශතවර්ෂයේදී ජිවත් වූ ස්කොට්ලන්ත ජාතික වෛද්‍ය රොබර්ට් ලිස්ටන් මහතා පිලිබදවයි.
ඔහුව එකල හැදින්වුයේ බටහිර ලෝකයේ වේගවත්ම පිහිය දරන්නා ලෙසයි.වෙනත් විදියකට කිවහොත් ලොව වේගවත්ම ශල්‍ය වෛද්‍යවරයායි.
ශල්‍යකර්ම සිදුකිරීමේදී වේගවත් බව පිළිබදය ශල්යවයිද්යවරුන් අද වගේම එදත් පුරසාරම් කියන්න හරිම රුසියෝ.හැබැයි ශල්‍යකර්මයක් වේගයෙන් සිදුකිරීම වැදගත් බව ඇත්තක්.හැබැයි එදා නම් ශල්‍ය වෛද්‍යවරුන්ට වේගවත් භාවය හරිම වැදගත් උනා.
ඒ මොකද ඒ.
රොබට් ලින්ටන් ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස රාජකාරි කරපු කාලේ නිර්වින්දන පහසුමක් තිබ්බේ නැ.ඉතින් ශල්‍යකර්ම කලේ රෝගියා සිහි කල්පනාවෙන් ඉන්නකොට වේදනාවෙන් කෑමොර දෙද්දියි.එතකොට ගොඩක් ලෙඩ්ඩු මියගියා වේදනාව දරාගන්න බැරුව.අනික ඒ කලේ ප්‍රතිජීවක බෙහෙත් හොයාගෙන තිබ්බෙත් නැ.ඉතින් හිමින් හිමින් වෙලාව අරන් සැත්කම් කරනකොට විෂබීජ ආසාදන හැකියාවත් වැඩියි.
සරල උදාහරණයක් කිව්වොත් දොස්තර ලින්ටන් තමන්ගෙන් දක්ෂකම් වැඩිපුරම පෙන්නපු පාදය ඉවත් කිරීමේ සැත්කම්(limb amputation) වලදී වෙනත් දොස්තරලා තමන් කරපු සැත්කම් රෝගීන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු මිය ගියා.ඒ කියන්නේ එකට හතර අනුපාතයක්.එත් දොස්තර ලින්ටන් කරපු ශල්‍යකර්ම 10 කින් මරණ වාර්තා වෙන්නේ එක් රෝගියෙකුගේ පමණයි.ඒ කියන්නේ එකට දහය අනුපාතයක්.
වෛද්‍යවරයෙක් විදියට දොස්තර ලින්ටන් ඒ කලේ කොච්චර විශිෂ්ටයෙක් කියන්න මේ උදාහරණයම ප්‍රමාණවත්. ඔහු සාමාන්යෙන් කකුලක් සැත්කමකින් කපලා ඉවත් කරන්න ගත්තේ විනාඩි 2 1/2 වගේ කාලයක්.අවස්ථාවක ඔහු පාදය ඉවත් කරන සැත්කමක් ඉවර කරනවා තත්පර 28 කින් !!!!!
හැබැයි ඕනවට වඩා වේගවත් උනාමත් ප්‍රශ්න වැඩිනේ.සැත්කම් වලටත් එක අදාලයි.දොස්තර ලින්ටන් කරපු සැත්කම් වලත් ඒ වගේම සංකුලතා වැඩි කියලා කියනවා අනික් වෛද්‍යවරුන්ට වඩා. ඒ අතරින් වඩාත් කුප්‍රකට උදාහරණ 3ක් ගැන කියන්නම්.
1.ඒ කලේ ශල්‍යකර්ම කලේ රගහලක් වගේ ස්ථානයක.වෛද්‍යවරයා ශල්‍යකර්ම කරනකොට එක බලන්න ප්‍රේක්ෂකයෝ වට වෙලා ඉන්නවා.අදටත් ශල්‍යාගාරයට theatre එක කියන්නේ ඒ නිසා.ඉතින් ඒ කලේ වෛද්‍යවරු සැත්කම කර එකට අමතරව ඔය වටවෙලා ඉන්න ප්‍රේක්ෂකයෝ පිනවන්නත් අමතක කලේ නැ.
එක දවසක් දොස්තර ලින්ටන් කරපු ශල්‍යකර්මයක් නිසා මරණ 3ක් සිදුවෙනවා.වෛද්‍ය ඉතිහාසයේ එන අමුතුම සිදුවීමක් මේක.
සුපුරුදු විදියට දොස්ටර ලින්ටන් වේගයෙන් සැත්කම කරලා ඉවර කළා.ඒ කලේ දොස්තර වරු සැත්කම ඉවර උනාට පස්සේ සැත්කම් පිහිය උස්සලා ප්‍රේක්ෂකයන්ට ආචාර කරන පුරුද්දක් තිබ්බා හරියට ක්‍රිකට් තරග වලදී පිතිකරුවෝ තමන්ගේ බැට් එක උස්සලා ප්‍රේක්ෂකයන්ට ආචාර කරනවා වගේ.හැබැයි අවාසනාවට ලින්ටන් ගේ අතින් සැත්කම් පිහිය විසිවෙනවා ප්‍රේක්ෂකයෝ දිහාවට.සැත්කම් පිහිය ප්‍රේක්ෂකයෙක්ගේ මාරක ස්ථානයක වැදිලා ඔහු එතනම මිය යනවා.කලබලේ වැඩි කමට දොස්තර ලින්ටන් තමන්ගේ සහායකයාගේ ඇතත් කපලා රෝගියාගේ කකුලත් එක්කම.අධික රුධිර වහනය නිසා සහයකයත් මිය යනවා.විෂබීජ අසාධනයක් නිසා රෝගියාත් පසුව මිය යනවා.
2. ඔන්න තවත් දවසක දොස්තර ලින්ටන් කරපු සැත්කමක් අවසානයේ ලෙඩාගේ කකුල විතරක් නෙමේ වුෂණ කෝෂත් අයින් කරලා!!!!!
3.දොස්තර ලින්ටන්ව හමුවෙන්න ආවා තරුණ රෝගියෙක්.මෙයාගේ බෙල්ලේ ගෙඩියක් තිබ්බිලා එක පරික්ෂා කරගන්න.ගෙඩිය දැක්ක ගමන් දොස්තර ලින්ටන් කරලා තියන ශල්‍යකර්මත් එක්ක මේ ගෙඩිය මොකක්ද කියලා,ඉන්න දරුවෝ ඕක අදම පලලා අයින් කරන්නම් කියලා සැත්කම් පිහිය බෙල්ලට තිබ්බා පමණයි ගෙඩිය පලාගෙන ලේ ධාරාවක් විද්දා ශල්‍යාගාරයේ සිවිලිමට යනකම්.වැඩි වෙලා ගියේ නැ ලෙඩා මරණයට පත් උනා.අවාසනාවකට ලෙඩාට තිබිලා තියෙන්නේ හදවතින් ලේ මොලයට ගමන් කරන ප්‍රධාන ධමනියක් ආශ්‍රිතව ඇති වෙච්ච ගෙඩියක්.
ඔන්න ඔය වගේ සිදුවීම් නිසා දොස්තර ලින්ටන්ගේ ජනප්‍රියකම තරමක් අඩු උන කියලත් කියනවා.කොහොම උනත් සමස්තයක් විදියට ගත්තොත් දොස්තර ලින්ටන්ගේ සැත්කම් සාර්ථකයි සමකාලින වෛද්‍යවරුන්ට වඩා මරණ අනුපාත අතින්.අනික නිර්වින්දනය භාවිතා කරලා සැත්කම් කරපු ලොව පළමු වෛද්‍යවරුන් අතරට දොස්තර ලින්ටන්ගේ නමත් එකතු වෙනවා.
ඔහුගේ මරණයෙන් පසුව ගෞරව පිණිස එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ දොස්තර ලින්ටන් රොබර්ට් නමින් ප්‍රතිමාවක් ඉදිකරන්නත් එතුමන්ගේ සිසුන් වග බලා ගත්තා.