මේ කතා කරන මෑන් කොහෙන් හරි අහල මිසක් කිරි යි බතුයි කාල නං නෑ මට හොඳට ම ෂුවර්.
කිරියි බතුයි කන්නේ කිරි එක ට බත් දාල නෙවෙයි, බත් වලට කිරි දාල. කිතුල් පැණි ටිකක් හරි සීනි ටිකක් හරි දාල කන්න පුළුවන්.
ඒත් දකුණෙ මිනිස්සු ප්‍රසිද්ධ ඒකට නෙවෙයි. දකුණේ මිනිස්සු බත් පිඟාන බෙදාගෙන ඒකට කිරි ටිකක් බෙදාගන්නවා වෑන්ජන බෙදා ගන්නවා වගේ.
මම පොඩි කාලේ දිනපතා රතු බත් එක්ක මී කිරි කාපු කෙනෙක්. බත් එක බෙදාගෙන, කිරි හැන්දක් දෙකක්, පොල් සම්බල්, වෙල් මාළු එක්ක කාපු කෙනෙක්. අමතර ව රතු ළූණු ගෙඩි ටිකකුත් සුද්ද කරල දෙනවා ආත්තම්මා.