Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බද්දකින් ලංකාවේ කාර් බිස්නස් දඬු කඳේ ගහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බද්දකින් ලංකාවේ කාර් බිස්නස් දඬු කඳේ ග&#3524

ලෝකයේ කොහෙවත් නැති බද්දකින් ලංකාවේ කාර් බිස්නස් දඬු කඳේ ගහපු හැටි

fShare

සමස්ත ආර්ථිකය හොම්බෙන් යෑවූ පෙර වැරදි රැසක් තිබියදී දැන් යහපාලන ආණ්ඩුව සිය දෙවැනි අයවැය ද රටට ඉදිරිපත් කර ඇත. මුදල් ඇමැති මංගලගේ කිරිකෝඩු අයවැය ලෙස එය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මංගල ඇමැතිවරයා හාපුරා කියා ඉදිරිපත් කළ එම අයවැය "නීල-හරිත" ලෙස නම් කිරීමට ද ආණ්ඩුව කටයුතු කර තිබිණි. මේ වන විට එහි දෙවැනි වර කියෑවීම පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මතවී ද අවසන්ය.

එසේ ඉදිරිපත් කෙරුණු යහපාලනයේ දෙවැනි අයවැයේත් දක්නට තිබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ මීට ඉහත හිටපු ඇමැති රවි කළාක් මෙන්ම රටේ ආර්ථික සුක්කානම කැරකැවීමේදී මෝටර් රථ බදුමත රැඳී රටම මඤ්ඤං කරන වෙනස්කම් කිහිපයක් කිරීමට ඇමැති මංගලද කටයුතු කර තිබීමය.

ඕනෑම රටක වාර්ෂික අයවැය යනු රටේ ආර්ථිකයේ හැඩරුව පිළිබිඹු කෙරෙන කැඩපතය. අයවැය යන්න වසරින් වසර ඉදිරිපත් කෙරුණද එහි එන යෝජනා තුළින් දීර්ඝ කාලීනව රටේ ආර්ථිකයට බලපෑම් සිදුවීම ආර්ථික ගලා යැම තුළ නියතවම සිදු වන්නකි.

අයවැයක යෝජනා කෙරෙන ආදායම හෝ වියදම ඊළඟ අයවැය තෙක් වසරක් තුළ සිදුවන ක්‍රියාදාමයක් වුවද රුපියල් බිලියන ගණනින් සිදුවන එකී ක්රියාදාමයේ ඝෘජු බලපෑම රටට දැනෙන්නට තවත් වසර දෙක තුනක් හෝ ඊටත් වැඩි කාලයක් ගතවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙයින් අයවැයක් ඉදිරිපත් කිරීමේදී තුන්කල් බලා සැලසුම්සහගතව කටයුතු කිරීම මුදල් ඇමැතිවරයකුගේ වගකීම වන්නේය.

එහෙත් මෙවර අයවැයේදී ඇමැති මංගල සිය මංගල අයවැය ඉදිරිපත් කරමින් මෝටර් රථ බදුමත පැටලී සිදු කර ඇත්තේ කුමක්ද? ඔහුගේ "නීල හරිත" අයවැයට අනුව සිදු කළ කාර් සෙල්ලමේදී විදුලි රථ සඳහා ඉහළම බදු සහන ලබා දීමට කටයුතු කෙරිණි.

එසේම මෝටර් රථ සඳහා බදු අය කිරීමේදී මෙතෙක් පැවති ක්‍රමය පූර්ණ වෙනසකට ලක් කර විදුලි නොවන මෝටර් රථ සඳහා සී.සී. අගය හෙවත් සිලින්ඩර් ධාරිතාව මත පමණක් බදු අයකිරීමට ද තීරණය කළේය. මේ සිදුව ඇත්තේ ඉහත කී අන්දමේ අයවැයකට අවැසි සැලසුම්සහගත ක්‍රියාවක්ද?

සවිඥානිකව අයවැය දෙස බැලීමේදී අපට නම් එයට දිය හැකි පැහැදිලි පිළිතුර වන්නේ නැත යන්නය. ඉකුත් 2016 වසර වන විට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ සඳහා බදු අය කිරීමේ ක්‍රම දෙකක් ක්‍රියාත්මක විය.

ඉන් එක් ක්‍රමයක් වූයේ මොටර් රථයක් ආනයනය කිරීමේදී ගැනුම් මිල මත (සීඅයිඑෆ්) ප්‍රතිශතයක් ලෙස බදු නියම කිරීමය. මෝටර් රථයේ සී.සී. අගය හෙවත් සිලින්ඩර් ධාරිතාව මත බදු අය කිරීම දෙවැනි ක්‍රමය විය. මෙහිදී සිදුවූයේ මෝටර් රථයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී ඉහත සඳහන් ක්‍රම දෙකටම බදු මුදල ගණනය කර එයින් වැඩිම මිල බදු ලෙස අය කිරීමය.

උදාහරණයක් ලෙස ගත හොත් ගැනුම් මිල (සීඅයිඑෆ්) මත ප්‍රතිශතයක් ලෙස බදු ගණනය කිරීමේදී ලැබෙන මුදල සිලින්ඩර් ධාරිතාව මත බදු ගණනය කිරීමේදී ලැබෙන මුදලට වඩා අඩු වුවහොත් රජය බදු ලෙස අයකරනු ලැබුවේ සිලින්ඩර් ධාරිතාව මත ගණනය කිරීමේදී ලැබුණු මුදලය.

එහෙත් මෙවර අයවැයේදී මෙය පැහැදිලි වෙනසකට ලක් කරමින් ගැනුම් මිල මත බදු ගණනය කිරීමේ ක්‍රමය අහෝසි කර දමා නවීන සහ අලුත්වැඩියා කරන ලද (රීකන්ඩිෂන්) යන සියලුම වාහන සඳහා සී.සී. (කියුබික් සෙන්ටිමීටර්) හෙවත් සිලින්ඩර් ධාරිතාව මත බදු අය කිරීමට මංගලගේ මංගල අයවැයෙන් පියවර ගනු ලැබිණි. ලොව කොහේවත් එවන් බදු ගැහැල්ලක් නැති නිසා එක් පැත්තකින් එය ලෝක වාර්තාවකි.

මෙසේ ගැනුම් මිල මත ගණනය කළ බදු අය කිරීම නතර කර සිලින්ඩර් ධාරිතාව මත බදු අයකිරීමට තීරණය කරනු ලැබුවේ අලුත්වැඩියා කළ (රීකන්ඩිෂන්) මෝටර් රථ ගෙන්වීමේදී ගැනුම් මිල තීරණය කිරීම අසීරු බැවින් යෑයි රජය සඳහන් කරන්නකි.

එහෙත් එය නම් කිසි සේත්ම පිළිගැනීමට නොහැකිය. නූතන තාක්ෂණික දියුණුව සමඟ වාර්ෂික ක්ෂය වීම මත ඕනෑම වාහනයක මිල සොයාගැනීම ඉතාම පහසුය. රීකන්ඩිෂන් වාහන ගෙන්වීමේදී සිදු කෙරෙන අක්‍රමිකතා හේතුවෙන් බදු ගණනය කිරීමට අපහසු වූ බව රජය මෙහිදී කීවේ නම් අපට එය පිළිගත හැකිය. මන්ද යථාර්ථය තිබුණේ එතැන වන නිසාය. කෙසේ වෙතත් තීරු බදු අය කිරීමේදී මේ අන්දමට ස්ථාවර ඝෘජු ක්‍රමයක් අනුගමනය කිරීම නම් හොඳ තීරණයකි. එහෙත් මෙහිදී රජය සිදු කළ සුවිශේෂී දෙයක්ද විය. ඒ මෙතෙක් පැවති සිලින්ඩර් ධාරිතාව මත බදු අය කිරීමේදී නියම කළ අගයන් පූර්ණ සංශෝධනයකට ලක් කිරීමය. එහිදී අලුතින් සිලින්ඩර් ධාරිතා කාණ්ඩ නම් කරමින් පැවති අගයන් විශාල ලෙස ඉහළ දැමීමටද කටයුතු කෙරිණි.

උදාහරණයක් ලෙස පෙර පිනට ලැබෙන පර්මිට් එකෙන් අපේ දේශපාලක උතුමන් තීරු බදු රහිතව තමන් සතු කර ගැනීමට වඩාත් කැමැති ලෑන්ඩ් කෲෂර් රථයක බදු මිල වෙනස් වී ඇති ආකාරය පෙන්වා දිය හැකිය.

මෙම රථය සඳහා අයවැයට පෙර සිලින්ඩර් ධාරිතාව මත බදු අය කිරීමේදී එක සී.සී. අගයක් සඳහා අය කරනු ලැබූ මිල වූයේ රුපියල් 7000 කි. ලෑන්ඩ් කෲෂර් ජීප් රථයේ සාමාන්‍ය සිලින්ඩර් ධාරිතාව ඇත්තේ සී.සී. 4000-4500 ත් අතරය.

එහෙත් මෙවර අය වැය මගින් සිලින්ඩර් ධාරිතාව මත මෝටර් රථ සඳහා බදු ගණනය කිරීම සංශෝධනය කිරීමේදී ලෑන්ඩ් කෲෂර් රථයක සී.සී. එකක් සඳහා අය කළ බදු මුදල රුපියල් 7000 සිට 12000 දක්වා ඉහළ දැමිණි. අලුතින් සිලින්ඩර් ධාරිතා කාණ්ඩ හඳන්වා දීම එයට හේතු විය.

ඒ අනුව මෙහිදී සිදු වූයේ 7000 සිට 12000 දක්වා රුපියල් පන් දහසකින් ලෑන්ඩ් කෲෂර් රථයක් සඳහා එක් සී.සී. එකකට ගණනය කළ මිල ඉහළ දැමීමේදී 4500දූ5000 ලෙස ලෑන්ඩ් කෲෂර් රථයේ මිල රුපියල් මිලියන 23 කින් පමණ ඉහළ යැමය.

එහෙත් අයවැයෙන් ලෑන්ඩ් කෲෂර් රථයට ඒ ඉරණම අත්වෙද්දී යුරෝපයෙන් ගෙන්වන රේන්ඡ් රෝවර් රථයේ ගැනුම් මිල ලෑන්ඩ් කෲෂර් රථයට වඩා ඉහළ මට්ටමක තිබියදීත් එහි සිලින්ඩර් ධාරිතාව අවම වීම නිසාම එම රථයක වත්මන් මිල විශාල ලෙස පහළ ගොස් ඇත. ඒ අනුව සරලව බලන කල අයවැයේ කාර් සෙල්ලමෙන් මේ සිදුව ඇත්තේ යුරෝපයට කිරි අපට කැකිරි න්‍යායේ වැඩක් නොවේද?

මෙවර අයවැය මගින් බදු අයකිරීම ඉහළ දැමුණේ සිලින්ඩර් ධාරිතාව 1000 ඉක්මවා ඉහළට ඇති වාහන සඳහාය. මෙහිදී සිදුවූ සුවිශේෂී දෙයක්ද විය. ඇමැති මංගලගේ මංගල අයවැයෙන් කළ මෙකී බදු පෙරළියේදී ඉතිහාසය වෙනස් කෙරෙමින් සිලින්ඩර් ධාරිතාව අඩු යුරෝපා සුපිරි රථවල මිල පහළ ගියේය. සිලින්ඩර් ධාරිතාව ඉහළ මට්ටමක ඇති ජපන් සහ කොරියා වාහන මිල සීඝ්රයෙන් ඉහළ ගියේය. මේ නිසා අවසානයේ කිසිවකුටත් නොදැනීම ඇති වූ බරපතළම තත්ත්වය වූයේ මෙරට මෝටර් රථ වෙළෙඳ පොළ එක්වරම උඩුයටිකුරු වීමය. යුරෝපයෙන් මෙරටට ආනයනය කරනු ලබන මෝටර් රථ සඳහා ඉතා අඩු බදු මුදලක් ගණනය වෙද්දී ජපානය, කොරියාව වැනි රටවලින් ආනයනය කරනු ලබන වාහන සඳහා විශාල බදු මුදලක් ගෙවීමට මෝටර් ආනයනකරුවන්ට සිදුවීම එයට හේතු විය. එහි අවසානය ප්‍රතිඵලය වූයේ මෙරට මධ්‍යම පාන්තික ජනතාවට සුඛෝපභෝගී නොවන සාමාන්‍ය වාහනයක් මිලදී ගැනීමට තිබු අවස්ථාව තවදුරටත් බොඳවී ගිය සිහිනයක් බවට වීමය. යුරෝපයේ නිෂ්පාදනය කෙරෙන බෙන්ස්, අවුඩි රේන්ඡ් රෝවර් වැනි සුපිරි මෝටර් රථවල නිෂ්පාදිත මිල හෙවත් ගැනුම් මිල ඇත්තේ ඉතා ඉහළ මට්ටමකය. පෙර පැවති බදු අයකිරීම්ද සමඟ එවන් රථයක් මෙරට ඉහළ පෙළේ ධනපතියකුට හැර සාමාන්‍ය මධ්‍යම පාන්තික අයකුට මිලදී ගැනීමට කිසිසේත්ම නොහැකිව තිබිණ. එසේම එවන් රථයක් නඩත්තු කිරීමද ලෙහෙසි පහසු නොවීය. යුරෝපයේ නිෂ්පාදනය කෙරෙන මෙම සුපිරි රථවල පැහැදිලිව දක්නට ලැබෙන එක් සුවිශේෂී ලක්ෂණයක් ද ඇත. ඒ බොහෝ විට සිලින්ඩර් ධාරිතාව 2000-3000 මට්ටමේ පවත්වා ගනිමින් ටර්බෝ තාක්ෂණය හරහා ඒවායෙහි එන්ජිමේ බලය (බීඑච්ඕ අගය හෙවත් හෝස් පවර්එක) වැඩි කෙරෙන පරිදි එම රථ නිෂ්පාදනය කර තිබීමය.

මේ අනුව එම රථවල ගැනුම් මිල හෙවත් නිෂ්පාදිත මිල ඉතා ඉහළ මට්ටමක තිබුණද සිලින්ඩර් ධාරිතාව 2000-3000 වැනි අඩු මට්ටමක පැවතීම නිසා මෙවර අයවැය අනුව එවන් රථයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී ගෙවීමට සිදුවන බදු මුදල දැන් ඇත්තේ ඉතා අවම මට්ටමකය. එයින් රටේ ආර්ථිකයට සිදුවන යහපත කුමක්ද?

උදාහරණයක් ලෙස එක්තරා ආනයනකරුවකු අයවැයෙන් පසුව මෙරටට ලැම්බෝගිනි රථයක් ගෙන්වීමේදී රජයට සිදුවූ තීරුබදු පාඩුව පෙන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් සිලින්ඩර් ධාරිතාව සී.සී. 5200 ක් පමණ වන ලැම්බෝගිනි රථයක ගැනුම් මිල රුපියල් මිලියන 37 පමණ විය. එම මිල අනුව පෙර පැවති ක්‍රමයට ගැනුම් මිල මත මෙම ලැම්බෝගිනි රථයට බදු අය කළේ නම් තීරු බදු වශයෙන් රජයට රුපියල් මිලියන 89 ක් පමණ හිමි විය යුතුය.

එහෙත් අයවැයෙන් හඳුන්වා දුන් නව ක්‍රමය නිසා පසුගියදා මෙරටට ආනයනය කරනු ලැබූ ඉහත කී ලැම්බෝගිනියට බදු නියම කිරීමේදී සිලින්ඩර් ධාරිතාව මත බදු ගණනය කිරීම හේතුවෙන් රජයට හිමි වූ මුදල රුපියල් මිලියන 57 ක් විය. එහිදී සිදුවූ පාඩුව රුපියල් මිලියන 32 කි. වෙනසක් කිරීමට පැමිණි ආණ්ඩුව මේ නම් සිදුකර ඇත්තේ සැබෑ වෙනසක් නොවේද?

අයවැයෙන් සිලින්ඩර් ධාරිතාව අඩු යුරෝපා වාහනවලට හිමිවූ තැන එසේ වෙද්දී අද දැවැන්තම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ජපානය සහ කොරියාව වැනි රටවල නිෂ්පාදනය කෙරෙන වාහනවලටය.

ජපන් සහ කොරියා වාහනවල රථයේ ස්වභාවය අනුව එන්ජිමේ සිලින්ඩර් ධාරිතාව ක්‍රමයෙන් වැඩි වීමක් දක්නට ඇති අතර එම හේතුව මත සිලින්ඩර් ධාරිතාව අනුව බදු මුදල ගණනය කිරීමට ගත් තීන්දුවෙන් සිදුවූයේ එම රටවල නිෂ්පාදිත රථවල මිල සීඝ්‍ර ලෙස ඉහළ යැමය. එහිදී අනෙක් පැත්තෙන් පහර වැදුණේ ගැටලුවලින් තොරව වැඩි කලක් වාහනයක් නිදහසේ පාවිච්චි කිරීම සඳහා ජපන් හා කොරියා වාහන තෝරාගත් රටේ සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාවටය.

මෙවර අයවැයෙන් පසුව සිලින්ඩර් ධාරිතාව සී.සී. 1800 වන පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 30 දුරක් ගමන් කරන පියර්ස් හයිබ්‍රිඩ් රථයක මිල රුපියල් ලක්ෂ 120-130 දක්වා ඉහළ ගොස් ඇත. එසේම අයවැයෙන් පසු නිසාන් මෝටර් රථයට අත්වූ ඉරණමද එයම විය එහි මිල රුපියල් ලක්ෂ 105 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ මෝටර් රථ දෙකම බොහෝ විට භාවිත කරනු ලැබුවේ මෙරට මධ්‍යම පාන්තික සාමාන්‍ය ජනතාව නොවේද? ඉහත කී මිල ඉහළ යැම අනුව දැන් ඔවුන් මැදි වී සිටින්නේ රුපියල් ලක්ෂ 130 ක්දී පියර්ස් හයිබ්‍රිඩ් එකක් ගන්නවාද? නැතහොත් නිසාන් එකක් ගන්නවාද? මේ දෙකම අතහැර ඒ මුදලින් යුරෝපීය අවුඩි රථයක් මිලදීගෙන නඩත්තු කළ නොහැකිව ඉල්ලන් කනවාද? එසේත් නැතහොත් අපට පුරුදු පරණ ක්‍රමයට යමින් ගොන් කරත්තයක් ගන්නවාද යන ප්රශ්නයටය.

එක් අතකට මෙවර ඉදිරිපත් කෙරුණු නීල හරිත අයවැයෙන් විදුලි මෝටර් රථ චුම්බනය කර ඇති ආණ්ඩුව ඇක්සියෝ, වෙසෙල්, ඇක්වා ආදී වශයෙන් වූ අර්ධ විදුලි හෙවත් හයිබ්‍රිඩ් කුලයේ රථවලටද එල්ල කර ඇති ප්‍රහාරය දෙස බලන කල පරණ ක්‍රමයට ගොන් කරත්තයක් ගැනීමද ජනතාවට අද ප්‍රශ්නයක් වී තිබෙනවාට සැක නැත. මන්ද මේ යන ක්‍රමයට ආණ්ඩුව ඉදිරියේදී යුරෝපයෙන් අශ්වයෙන් ගෙනෙන් කියා කරත්තයේ බඳින ගොනාගේ බරට බදු ගැසීමටද ඉඩ ඇති නිසාය.

ජනතාවට ඇති ප්‍රශ්න එසේ වුවද කනගාටුවට කරුණ වන්නේ රටේ ආර්ථික සුක්කානම කරකවමින් ඇමැති මංගල ගෙනා අයවැයේ සාමාන්‍ය මිනිසුන්ගේ මේ ප්‍රශ්නයට කිසිදු පිළිතුරක් නොතිබීමය. කාර් කෙසේ වෙතත් දවසේ වැටුප ගෙන පොල් සම්බෝලයි බතුයි කන්නටවත් බැරිව සිටින මේ රටේ මිනිස්සුන්ට දැන් කරන්නට ඉතිරිව තිබෙන්නේ මංගල අඩුකළ ස්ට්‍රොං බියර් දෙකක් නොව තුනක්ම ගෙන පාලු තැනකට ගොස් පානය කර හතරගාතෙන් වැටී නිදාගන්නටය.

නිෂ්පාදිත ගැනුම් මිල නොසලකා හරිමින් මෝටර් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත බදු අයකිරීමට මෙවර අයවැයෙන් ගත් තීරණයත් සමඟ ආණ්ඩුවට නිකමටවත් කල්පනා වුණේදැයි සැක සිතෙන තවත් බරපතල කරුණක්ද අද රට ඉදිරියේ ඇත.

එය වන්නේ මහා පරිමාණ ජාවාරම්කරුවන්ට රටේ විදේශ විනිමය පිටතට යවමින් තමන්ගේ කලු සල්ලි සුදු කර ගැනීමට එමගින් අවස්ථාවක් ලැබී තිබීමය. ජාත්‍යන්තර මෝටර් රථ අලෙවි ඒජන්තවරයකු හා සම්බන්ධ වී සිලින්ඩර් ධාරිතාව අඩුමට්ටමක තිබෙන යුරෝපීය සුපිරි රථයක් ඉතා ඉහළ මිලක් පෙන්වා ආනයනය කිරීමෙන් රටේ විදේශ විනිමය පිට කරන අතරේ කලු සල්ලි සුදු කිරීම දැන් ඕනෑම අයකුට ඉතාම පහසුවෙන් සිදු කළ හැකිය. මේ කතාව අසා එහෙම වෙන්නේ කොහොමදැයි කියමින් දැන් අපේ දේශපාලක උතුමන් බයිලා කියන්නටද බැරිනැත. එහෙත් අනුන්ගේ ගිණුම්වල සල්ලි ටෙලර් මැෂින් එකෙන් අදින රටක ඕකත් කඡ්ජක්ද කියනු හැර මෙහිදී වෙන කියන්නට දෙයක් අපට නැත.

මෙවර අයවැය "නීල හරිතය" එනිසා විදුලි මෝටර් රථ සඳහා ඉහළ බදු සහන හිමි විය. එහෙත් එමගින් සිදුවන්නේ තවත් නැති අර්බුදයක් රටේ ඇති කිරීම නොවන්නේද? දැන් මිලේ හැටියට ජනතාවට සාමාන්‍ය මෝටර් රථයක් මිලදී ගැනීමේ හැකියාවක් නැත. මිල අඩු වූ විදුලි රථයක් නම් ගත හැකිය.

එහෙත් මේවා ගන්න ජනතාව එම රථවල බැටරි දිනපතා අරෝපණය කරනුයේ කෙසේද? දැන් රටේ බුහුතරක් ජනතාව සතුව තිබෙන්නේ විදුලි රථයෑයි අපි නිකමට සිතමු. වැඩ කරන මිනිස්සු සවසට නිවසට ගොස් රථයේ බැටරිය ගෙන ආරෝපණය කිරීමට ගෙදර ෆ්ලග් එකට ගසනු ඇත. එය ජාතික පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිම කාලය වන්නේය

මෙසේ ආරෝපණය කරනු ලබන කාර්වලට විදුලිය ලැබෙන්නේ ජාතික පද්ධතියෙනි. අවම තරමේ හිරු එළියෙන් විදුලිය නිපදවන "සෝලා පවර්" වැඩපිළිවෙළක්වත් ආරම්භ කර අප මෙතනට ගියා නම් ඒ හැටි ගැටලුවක් නැත. එහෙත් ඒවා අපට තවමත් සිහිනය. නොරොච්චෝලේ බලාගාරය නතර වුණ විට හොම්බෙන් යන රටක ජාතික පද්ධතියට මෙසේ කාර් ගහන්නට ගියොත් කුමකින් කුමක් සිදුවනු ඇතිද?

අනෙක් අතට බලන කල කාර් අරෝපණය කිරීම හමුවේ මෙසේ ජාතික පද්ධතියෙන් අමතර විදුලියක් වැය වන විට තව තවත් විදුලි උත්පාදන ක්‍රම වෙත යන්නට අපට සිදු වන්නේය. එහිදී දැනට තෝරා ගැනීමට ඇත්තේ ඩිසල් මගින් විදුලිය ජනනය කිරීම හෝ ගල් අඟුරු බලාගාරය.

මෙසේ විදුලි කාර් ගෙන්වීමෙන් අමතර ඩීසල් හා ගල් අඟුරු බලාගාර තැනීමට වන තත්ත්වයක් නිර්මාණය වන්නේ නම් එයින් පහර වදින්නේ "නීල හරිත" අයවැයේ හරිත කෑල්ලට නොවේද?

ඒ අනුව බලන කල මෙදා අයවැයෙන් ලද සහන මත විදුලි කාර් රටට ළඟා වෙද්දී ඇවැයේ හරිත කෑල්ල විසිවී ඉතිරි වන්නේ නීල කෑල්ල පමණය. මේ නීල යන්න අයවැයට යෙදුණේ රට වටා ඇති මහ සමුදුර සංකෙතවත් කරනු සඳහාය. ඒ නිසා මේ නීල කෑල්ල ඉතිරි වන එකනම් ඉතාම වටින්නේය.

මන්ද මේ "නීල හරිත" අයවැය නිසා මෙරට මොටර් වෙළෙඳ පොළ උඩුයටිකුරු වෙද්දී බිඳ වැටෙන්නේ මෝටර් රථ ආනයනය කරනු ලබන බහුතර සමාගම්වල ස්ථාවරත්වය ය. මේ සමාගම්වල රැකියා කරනු ලබන්නේ අපේ මිනිස්සුය. ඒවා කඩා වැටෙන විට රස්සා නැති වන්නේද ඔවුන්ටය.

ඒත් ගැටලුවක් නැත. අයවැයේ තිබූ "නීල" කෑල්ල ඉතිරිව ඇති නිසා රස්සා නැතිවන ඒ මිනිස්සුන්ට කරන්නට දෙයක් දැන් ඉතිරිව ඇත. ඒ පීනනන්නට දන්නේ නම් අතපය බැඳගෙන ගොස් මුහුදට පැනීමය. ඇත්තටම ජීවත් වන්නට බැරි තැන සියදිවි නසා ගැනීමටවත් මඟ ඉතිරි කරන යහපාලන ආණ්ඩුව මොනතරම් සුන්දර එකක්ද? රටේ ජනතාව පිළිබඳ ආණ්ඩුව ගැඹුරින් සිතා බලන අන්දම පෙන්වා දීමට මීට වඩා තවත් උදාහරණ අවශ්‍ය නැත. ඉතින් මෙවන් ආණ්ඩුවක යටත් වැසියන් වූ අපි මොනතරම් වාසනාවන්ත කාලකණ්ණින් වී සිටින්නෙමුද?

මංගල අල්විස්

[QUOTE="Target Hoona, post: 22610377, member: 558749"] [b]බද්දකින් ලංකාවේ කාර් බිස්නස් දඬු කඳේ ගහ[/b] [B][SIZE=5][COLOR=DarkSlateGray] ලෝකයේ කොහෙවත් නැති බද්දකින් ලංකාවේ කාර් බිස්නස් දඬු කඳේ ගහපු හැටි [/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkSlateGray][B]f[/B]Share[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray][IMG]http://divaina.com/sunday/images/paper/2017/12/10/s2/vehicle.jpg[/IMG]සමස්ත ආර්ථිකය හොම්බෙන් යෑවූ පෙර වැරදි රැසක් තිබියදී දැන් යහපාලන ආණ්ඩුව සිය දෙවැනි අයවැය ද රටට ඉදිරිපත් කර ඇත. මුදල් ඇමැති මංගලගේ කිරිකෝඩු අයවැය ලෙස එය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මංගල ඇමැතිවරයා හාපුරා කියා ඉදිරිපත් කළ එම අයවැය "නීල-හරිත" ලෙස නම් කිරීමට ද ආණ්ඩුව කටයුතු කර තිබිණි. මේ වන විට එහි දෙවැනි වර කියෑවීම පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මතවී ද අවසන්ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එසේ ඉදිරිපත් කෙරුණු යහපාලනයේ දෙවැනි අයවැයේත් දක්නට තිබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ මීට ඉහත හිටපු ඇමැති රවි කළාක් මෙන්ම රටේ ආර්ථික සුක්කානම කැරකැවීමේදී මෝටර් රථ බදුමත රැඳී රටම මඤ්ඤං කරන වෙනස්කම් කිහිපයක් කිරීමට ඇමැති මංගලද කටයුතු කර තිබීමය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ඕනෑම රටක වාර්ෂික අයවැය යනු රටේ ආර්ථිකයේ හැඩරුව පිළිබිඹු කෙරෙන කැඩපතය. අයවැය යන්න වසරින් වසර ඉදිරිපත් කෙරුණද එහි එන යෝජනා තුළින් දීර්ඝ කාලීනව රටේ ආර්ථිකයට බලපෑම් සිදුවීම ආර්ථික ගලා යැම තුළ නියතවම සිදු වන්නකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]අයවැයක යෝජනා කෙරෙන ආදායම හෝ වියදම ඊළඟ අයවැය තෙක් වසරක් තුළ සිදුවන ක්‍රියාදාමයක් වුවද රුපියල් බිලියන ගණනින් සිදුවන එකී ක්රියාදාමයේ ඝෘජු බලපෑම රටට දැනෙන්නට තවත් වසර දෙක තුනක් හෝ ඊටත් වැඩි කාලයක් ගතවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙයින් අයවැයක් ඉදිරිපත් කිරීමේදී තුන්කල් බලා සැලසුම්සහගතව කටයුතු කිරීම මුදල් ඇමැතිවරයකුගේ වගකීම වන්නේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එහෙත් මෙවර අයවැයේදී ඇමැති මංගල සිය මංගල අයවැය ඉදිරිපත් කරමින් මෝටර් රථ බදුමත පැටලී සිදු කර ඇත්තේ කුමක්ද? ඔහුගේ "නීල හරිත" අයවැයට අනුව සිදු කළ කාර් සෙල්ලමේදී විදුලි රථ සඳහා ඉහළම බදු සහන ලබා දීමට කටයුතු කෙරිණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එසේම මෝටර් රථ සඳහා බදු අය කිරීමේදී මෙතෙක් පැවති ක්‍රමය පූර්ණ වෙනසකට ලක් කර විදුලි නොවන මෝටර් රථ සඳහා සී.සී. අගය හෙවත් සිලින්ඩර් ධාරිතාව මත පමණක් බදු අයකිරීමට ද තීරණය කළේය. මේ සිදුව ඇත්තේ ඉහත කී අන්දමේ අයවැයකට අවැසි සැලසුම්සහගත ක්‍රියාවක්ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]සවිඥානිකව අයවැය දෙස බැලීමේදී අපට නම් එයට දිය හැකි පැහැදිලි පිළිතුර වන්නේ නැත යන්නය. ඉකුත් 2016 වසර වන විට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ සඳහා බදු අය කිරීමේ ක්‍රම දෙකක් ක්‍රියාත්මක විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ඉන් එක් ක්‍රමයක් වූයේ මොටර් රථයක් ආනයනය කිරීමේදී ගැනුම් මිල මත (සීඅයිඑෆ්) ප්‍රතිශතයක් ලෙස බදු නියම කිරීමය. මෝටර් රථයේ සී.සී. අගය හෙවත් සිලින්ඩර් ධාරිතාව මත බදු අය කිරීම දෙවැනි ක්‍රමය විය. මෙහිදී සිදුවූයේ මෝටර් රථයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී ඉහත සඳහන් ක්‍රම දෙකටම බදු මුදල ගණනය කර එයින් වැඩිම මිල බදු ලෙස අය කිරීමය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]උදාහරණයක් ලෙස ගත හොත් ගැනුම් මිල (සීඅයිඑෆ්) මත ප්‍රතිශතයක් ලෙස බදු ගණනය කිරීමේදී ලැබෙන මුදල සිලින්ඩර් ධාරිතාව මත බදු ගණනය කිරීමේදී ලැබෙන මුදලට වඩා අඩු වුවහොත් රජය බදු ලෙස අයකරනු ලැබුවේ සිලින්ඩර් ධාරිතාව මත ගණනය කිරීමේදී ලැබුණු මුදලය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එහෙත් මෙවර අයවැයේදී මෙය පැහැදිලි වෙනසකට ලක් කරමින් ගැනුම් මිල මත බදු ගණනය කිරීමේ ක්‍රමය අහෝසි කර දමා නවීන සහ අලුත්වැඩියා කරන ලද (රීකන්ඩිෂන්) යන සියලුම වාහන සඳහා සී.සී. (කියුබික් සෙන්ටිමීටර්) හෙවත් සිලින්ඩර් ධාරිතාව මත බදු අය කිරීමට මංගලගේ මංගල අයවැයෙන් පියවර ගනු ලැබිණි. ලොව කොහේවත් එවන් බදු ගැහැල්ලක් නැති නිසා එක් පැත්තකින් එය ලෝක වාර්තාවකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මෙසේ ගැනුම් මිල මත ගණනය කළ බදු අය කිරීම නතර කර සිලින්ඩර් ධාරිතාව මත බදු අයකිරීමට තීරණය කරනු ලැබුවේ අලුත්වැඩියා කළ (රීකන්ඩිෂන්) මෝටර් රථ ගෙන්වීමේදී ගැනුම් මිල තීරණය කිරීම අසීරු බැවින් යෑයි රජය සඳහන් කරන්නකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එහෙත් එය නම් කිසි සේත්ම පිළිගැනීමට නොහැකිය. නූතන තාක්ෂණික දියුණුව සමඟ වාර්ෂික ක්ෂය වීම මත ඕනෑම වාහනයක මිල සොයාගැනීම ඉතාම පහසුය. රීකන්ඩිෂන් වාහන ගෙන්වීමේදී සිදු කෙරෙන අක්‍රමිකතා හේතුවෙන් බදු ගණනය කිරීමට අපහසු වූ බව රජය මෙහිදී කීවේ නම් අපට එය පිළිගත හැකිය. මන්ද යථාර්ථය තිබුණේ එතැන වන නිසාය. කෙසේ වෙතත් තීරු බදු අය කිරීමේදී මේ අන්දමට ස්ථාවර ඝෘජු ක්‍රමයක් අනුගමනය කිරීම නම් හොඳ තීරණයකි. එහෙත් මෙහිදී රජය සිදු කළ සුවිශේෂී දෙයක්ද විය. ඒ මෙතෙක් පැවති සිලින්ඩර් ධාරිතාව මත බදු අය කිරීමේදී නියම කළ අගයන් පූර්ණ සංශෝධනයකට ලක් කිරීමය. එහිදී අලුතින් සිලින්ඩර් ධාරිතා කාණ්ඩ නම් කරමින් පැවති අගයන් විශාල ලෙස ඉහළ දැමීමටද කටයුතු කෙරිණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]උදාහරණයක් ලෙස පෙර පිනට ලැබෙන පර්මිට් එකෙන් අපේ දේශපාලක උතුමන් තීරු බදු රහිතව තමන් සතු කර ගැනීමට වඩාත් කැමැති ලෑන්ඩ් කෲෂර් රථයක බදු මිල වෙනස් වී ඇති ආකාරය පෙන්වා දිය හැකිය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මෙම රථය සඳහා අයවැයට පෙර සිලින්ඩර් ධාරිතාව මත බදු අය කිරීමේදී එක සී.සී. අගයක් සඳහා අය කරනු ලැබූ මිල වූයේ රුපියල් 7000 කි. ලෑන්ඩ් කෲෂර් ජීප් රථයේ සාමාන්‍ය සිලින්ඩර් ධාරිතාව ඇත්තේ සී.සී. 4000-4500 ත් අතරය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එහෙත් මෙවර අය වැය මගින් සිලින්ඩර් ධාරිතාව මත මෝටර් රථ සඳහා බදු ගණනය කිරීම සංශෝධනය කිරීමේදී ලෑන්ඩ් කෲෂර් රථයක සී.සී. එකක් සඳහා අය කළ බදු මුදල රුපියල් 7000 සිට 12000 දක්වා ඉහළ දැමිණි. අලුතින් සිලින්ඩර් ධාරිතා කාණ්ඩ හඳන්වා දීම එයට හේතු විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ඒ අනුව මෙහිදී සිදු වූයේ 7000 සිට 12000 දක්වා රුපියල් පන් දහසකින් ලෑන්ඩ් කෲෂර් රථයක් සඳහා එක් සී.සී. එකකට ගණනය කළ මිල ඉහළ දැමීමේදී 4500දූ5000 ලෙස ලෑන්ඩ් කෲෂර් රථයේ මිල රුපියල් මිලියන 23 කින් පමණ ඉහළ යැමය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එහෙත් අයවැයෙන් ලෑන්ඩ් කෲෂර් රථයට ඒ ඉරණම අත්වෙද්දී යුරෝපයෙන් ගෙන්වන රේන්ඡ් රෝවර් රථයේ ගැනුම් මිල ලෑන්ඩ් කෲෂර් රථයට වඩා ඉහළ මට්ටමක තිබියදීත් එහි සිලින්ඩර් ධාරිතාව අවම වීම නිසාම එම රථයක වත්මන් මිල විශාල ලෙස පහළ ගොස් ඇත. ඒ අනුව සරලව බලන කල අයවැයේ කාර් සෙල්ලමෙන් මේ සිදුව ඇත්තේ යුරෝපයට කිරි අපට කැකිරි න්‍යායේ වැඩක් නොවේද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මෙවර අයවැය මගින් බදු අයකිරීම ඉහළ දැමුණේ සිලින්ඩර් ධාරිතාව 1000 ඉක්මවා ඉහළට ඇති වාහන සඳහාය. මෙහිදී සිදුවූ සුවිශේෂී දෙයක්ද විය. ඇමැති මංගලගේ මංගල අයවැයෙන් කළ මෙකී බදු පෙරළියේදී ඉතිහාසය වෙනස් කෙරෙමින් සිලින්ඩර් ධාරිතාව අඩු යුරෝපා සුපිරි රථවල මිල පහළ ගියේය. සිලින්ඩර් ධාරිතාව ඉහළ මට්ටමක ඇති ජපන් සහ කොරියා වාහන මිල සීඝ්රයෙන් ඉහළ ගියේය. මේ නිසා අවසානයේ කිසිවකුටත් නොදැනීම ඇති වූ බරපතළම තත්ත්වය වූයේ මෙරට මෝටර් රථ වෙළෙඳ පොළ එක්වරම උඩුයටිකුරු වීමය. යුරෝපයෙන් මෙරටට ආනයනය කරනු ලබන මෝටර් රථ සඳහා ඉතා අඩු බදු මුදලක් ගණනය වෙද්දී ජපානය, කොරියාව වැනි රටවලින් ආනයනය කරනු ලබන වාහන සඳහා විශාල බදු මුදලක් ගෙවීමට මෝටර් ආනයනකරුවන්ට සිදුවීම එයට හේතු විය. එහි අවසානය ප්‍රතිඵලය වූයේ මෙරට මධ්‍යම පාන්තික ජනතාවට සුඛෝපභෝගී නොවන සාමාන්‍ය වාහනයක් මිලදී ගැනීමට තිබු අවස්ථාව තවදුරටත් බොඳවී ගිය සිහිනයක් බවට වීමය. යුරෝපයේ නිෂ්පාදනය කෙරෙන බෙන්ස්, අවුඩි රේන්ඡ් රෝවර් වැනි සුපිරි මෝටර් රථවල නිෂ්පාදිත මිල හෙවත් ගැනුම් මිල ඇත්තේ ඉතා ඉහළ මට්ටමකය. පෙර පැවති බදු අයකිරීම්ද සමඟ එවන් රථයක් මෙරට ඉහළ පෙළේ ධනපතියකුට හැර සාමාන්‍ය මධ්‍යම පාන්තික අයකුට මිලදී ගැනීමට කිසිසේත්ම නොහැකිව තිබිණ. එසේම එවන් රථයක් නඩත්තු කිරීමද ලෙහෙසි පහසු නොවීය. යුරෝපයේ නිෂ්පාදනය කෙරෙන මෙම සුපිරි රථවල පැහැදිලිව දක්නට ලැබෙන එක් සුවිශේෂී ලක්ෂණයක් ද ඇත. ඒ බොහෝ විට සිලින්ඩර් ධාරිතාව 2000-3000 මට්ටමේ පවත්වා ගනිමින් ටර්බෝ තාක්ෂණය හරහා ඒවායෙහි එන්ජිමේ බලය (බීඑච්ඕ අගය හෙවත් හෝස් පවර්එක) වැඩි කෙරෙන පරිදි එම රථ නිෂ්පාදනය කර තිබීමය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මේ අනුව එම රථවල ගැනුම් මිල හෙවත් නිෂ්පාදිත මිල ඉතා ඉහළ මට්ටමක තිබුණද සිලින්ඩර් ධාරිතාව 2000-3000 වැනි අඩු මට්ටමක පැවතීම නිසා මෙවර අයවැය අනුව එවන් රථයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී ගෙවීමට සිදුවන බදු මුදල දැන් ඇත්තේ ඉතා අවම මට්ටමකය. එයින් රටේ ආර්ථිකයට සිදුවන යහපත කුමක්ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]උදාහරණයක් ලෙස එක්තරා ආනයනකරුවකු අයවැයෙන් පසුව මෙරටට ලැම්බෝගිනි රථයක් ගෙන්වීමේදී රජයට සිදුවූ තීරුබදු පාඩුව පෙන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් සිලින්ඩර් ධාරිතාව සී.සී. 5200 ක් පමණ වන ලැම්බෝගිනි රථයක ගැනුම් මිල රුපියල් මිලියන 37 පමණ විය. එම මිල අනුව පෙර පැවති ක්‍රමයට ගැනුම් මිල මත මෙම ලැම්බෝගිනි රථයට බදු අය කළේ නම් තීරු බදු වශයෙන් රජයට රුපියල් මිලියන 89 ක් පමණ හිමි විය යුතුය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එහෙත් අයවැයෙන් හඳුන්වා දුන් නව ක්‍රමය නිසා පසුගියදා මෙරටට ආනයනය කරනු ලැබූ ඉහත කී ලැම්බෝගිනියට බදු නියම කිරීමේදී සිලින්ඩර් ධාරිතාව මත බදු ගණනය කිරීම හේතුවෙන් රජයට හිමි වූ මුදල රුපියල් මිලියන 57 ක් විය. එහිදී සිදුවූ පාඩුව රුපියල් මිලියන 32 කි. වෙනසක් කිරීමට පැමිණි ආණ්ඩුව මේ නම් සිදුකර ඇත්තේ සැබෑ වෙනසක් නොවේද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]අයවැයෙන් සිලින්ඩර් ධාරිතාව අඩු යුරෝපා වාහනවලට හිමිවූ තැන එසේ වෙද්දී අද දැවැන්තම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ජපානය සහ කොරියාව වැනි රටවල නිෂ්පාදනය කෙරෙන වාහනවලටය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ජපන් සහ කොරියා වාහනවල රථයේ ස්වභාවය අනුව එන්ජිමේ සිලින්ඩර් ධාරිතාව ක්‍රමයෙන් වැඩි වීමක් දක්නට ඇති අතර එම හේතුව මත සිලින්ඩර් ධාරිතාව අනුව බදු මුදල ගණනය කිරීමට ගත් තීන්දුවෙන් සිදුවූයේ එම රටවල නිෂ්පාදිත රථවල මිල සීඝ්‍ර ලෙස ඉහළ යැමය. එහිදී අනෙක් පැත්තෙන් පහර වැදුණේ ගැටලුවලින් තොරව වැඩි කලක් වාහනයක් නිදහසේ පාවිච්චි කිරීම සඳහා ජපන් හා කොරියා වාහන තෝරාගත් රටේ සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාවටය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray][IMG]http://divaina.com/sunday/images/paper/2017/12/10/s2/vehicle1.jpg[/IMG]මෙවර අයවැයෙන් පසුව සිලින්ඩර් ධාරිතාව සී.සී. 1800 වන පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 30 දුරක් ගමන් කරන පියර්ස් හයිබ්‍රිඩ් රථයක මිල රුපියල් ලක්ෂ 120-130 දක්වා ඉහළ ගොස් ඇත. එසේම අයවැයෙන් පසු නිසාන් මෝටර් රථයට අත්වූ ඉරණමද එයම විය එහි මිල රුපියල් ලක්ෂ 105 ක් දක්වා ඉහළ ගොස් ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මේ මෝටර් රථ දෙකම බොහෝ විට භාවිත කරනු ලැබුවේ මෙරට මධ්‍යම පාන්තික සාමාන්‍ය ජනතාව නොවේද? ඉහත කී මිල ඉහළ යැම අනුව දැන් ඔවුන් මැදි වී සිටින්නේ රුපියල් ලක්ෂ 130 ක්දී පියර්ස් හයිබ්‍රිඩ් එකක් ගන්නවාද? නැතහොත් නිසාන් එකක් ගන්නවාද? මේ දෙකම අතහැර ඒ මුදලින් යුරෝපීය අවුඩි රථයක් මිලදීගෙන නඩත්තු කළ නොහැකිව ඉල්ලන් කනවාද? එසේත් නැතහොත් අපට පුරුදු පරණ ක්‍රමයට යමින් ගොන් කරත්තයක් ගන්නවාද යන ප්රශ්නයටය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එක් අතකට මෙවර ඉදිරිපත් කෙරුණු නීල හරිත අයවැයෙන් විදුලි මෝටර් රථ චුම්බනය කර ඇති ආණ්ඩුව ඇක්සියෝ, වෙසෙල්, ඇක්වා ආදී වශයෙන් වූ අර්ධ විදුලි හෙවත් හයිබ්‍රිඩ් කුලයේ රථවලටද එල්ල කර ඇති ප්‍රහාරය දෙස බලන කල පරණ ක්‍රමයට ගොන් කරත්තයක් ගැනීමද ජනතාවට අද ප්‍රශ්නයක් වී තිබෙනවාට සැක නැත. මන්ද මේ යන ක්‍රමයට ආණ්ඩුව ඉදිරියේදී යුරෝපයෙන් අශ්වයෙන් ගෙනෙන් කියා කරත්තයේ බඳින ගොනාගේ බරට බදු ගැසීමටද ඉඩ ඇති නිසාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ජනතාවට ඇති ප්‍රශ්න එසේ වුවද කනගාටුවට කරුණ වන්නේ රටේ ආර්ථික සුක්කානම කරකවමින් ඇමැති මංගල ගෙනා අයවැයේ සාමාන්‍ය මිනිසුන්ගේ මේ ප්‍රශ්නයට කිසිදු පිළිතුරක් නොතිබීමය. කාර් කෙසේ වෙතත් දවසේ වැටුප ගෙන පොල් සම්බෝලයි බතුයි කන්නටවත් බැරිව සිටින මේ රටේ මිනිස්සුන්ට දැන් කරන්නට ඉතිරිව තිබෙන්නේ මංගල අඩුකළ ස්ට්‍රොං බියර් දෙකක් නොව තුනක්ම ගෙන පාලු තැනකට ගොස් පානය කර හතරගාතෙන් වැටී නිදාගන්නටය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]නිෂ්පාදිත ගැනුම් මිල නොසලකා හරිමින් මෝටර් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත බදු අයකිරීමට මෙවර අයවැයෙන් ගත් තීරණයත් සමඟ ආණ්ඩුවට නිකමටවත් කල්පනා වුණේදැයි සැක සිතෙන තවත් බරපතල කරුණක්ද අද රට ඉදිරියේ ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එය වන්නේ මහා පරිමාණ ජාවාරම්කරුවන්ට රටේ විදේශ විනිමය පිටතට යවමින් තමන්ගේ කලු සල්ලි සුදු කර ගැනීමට එමගින් අවස්ථාවක් ලැබී තිබීමය. ජාත්‍යන්තර මෝටර් රථ අලෙවි ඒජන්තවරයකු හා සම්බන්ධ වී සිලින්ඩර් ධාරිතාව අඩුමට්ටමක තිබෙන යුරෝපීය සුපිරි රථයක් ඉතා ඉහළ මිලක් පෙන්වා ආනයනය කිරීමෙන් රටේ විදේශ විනිමය පිට කරන අතරේ කලු සල්ලි සුදු කිරීම දැන් ඕනෑම අයකුට ඉතාම පහසුවෙන් සිදු කළ හැකිය. මේ කතාව අසා එහෙම වෙන්නේ කොහොමදැයි කියමින් දැන් අපේ දේශපාලක උතුමන් බයිලා කියන්නටද බැරිනැත. එහෙත් අනුන්ගේ ගිණුම්වල සල්ලි ටෙලර් මැෂින් එකෙන් අදින රටක ඕකත් කඡ්ජක්ද කියනු හැර මෙහිදී වෙන කියන්නට දෙයක් අපට නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මෙවර අයවැය "නීල හරිතය" එනිසා විදුලි මෝටර් රථ සඳහා ඉහළ බදු සහන හිමි විය. එහෙත් එමගින් සිදුවන්නේ තවත් නැති අර්බුදයක් රටේ ඇති කිරීම නොවන්නේද? දැන් මිලේ හැටියට ජනතාවට සාමාන්‍ය මෝටර් රථයක් මිලදී ගැනීමේ හැකියාවක් නැත. මිල අඩු වූ විදුලි රථයක් නම් ගත හැකිය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]එහෙත් මේවා ගන්න ජනතාව එම රථවල බැටරි දිනපතා අරෝපණය කරනුයේ කෙසේද? දැන් රටේ බුහුතරක් ජනතාව සතුව තිබෙන්නේ විදුලි රථයෑයි අපි නිකමට සිතමු. වැඩ කරන මිනිස්සු සවසට නිවසට ගොස් රථයේ බැටරිය ගෙන ආරෝපණය කිරීමට ගෙදර ෆ්ලග් එකට ගසනු ඇත. එය ජාතික පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිම කාලය වන්නේය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මෙසේ ආරෝපණය කරනු ලබන කාර්වලට විදුලිය ලැබෙන්නේ ජාතික පද්ධතියෙනි. අවම තරමේ හිරු එළියෙන් විදුලිය නිපදවන "සෝලා පවර්" වැඩපිළිවෙළක්වත් ආරම්භ කර අප මෙතනට ගියා නම් ඒ හැටි ගැටලුවක් නැත. එහෙත් ඒවා අපට තවමත් සිහිනය. නොරොච්චෝලේ බලාගාරය නතර වුණ විට හොම්බෙන් යන රටක ජාතික පද්ධතියට මෙසේ කාර් ගහන්නට ගියොත් කුමකින් කුමක් සිදුවනු ඇතිද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]අනෙක් අතට බලන කල කාර් අරෝපණය කිරීම හමුවේ මෙසේ ජාතික පද්ධතියෙන් අමතර විදුලියක් වැය වන විට තව තවත් විදුලි උත්පාදන ක්‍රම වෙත යන්නට අපට සිදු වන්නේය. එහිදී දැනට තෝරා ගැනීමට ඇත්තේ ඩිසල් මගින් විදුලිය ජනනය කිරීම හෝ ගල් අඟුරු බලාගාරය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මෙසේ විදුලි කාර් ගෙන්වීමෙන් අමතර ඩීසල් හා ගල් අඟුරු බලාගාර තැනීමට වන තත්ත්වයක් නිර්මාණය වන්නේ නම් එයින් පහර වදින්නේ "නීල හරිත" අයවැයේ හරිත කෑල්ලට නොවේද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ඒ අනුව බලන කල මෙදා අයවැයෙන් ලද සහන මත විදුලි කාර් රටට ළඟා වෙද්දී ඇවැයේ හරිත කෑල්ල විසිවී ඉතිරි වන්නේ නීල කෑල්ල පමණය. මේ නීල යන්න අයවැයට යෙදුණේ රට වටා ඇති මහ සමුදුර සංකෙතවත් කරනු සඳහාය. ඒ නිසා මේ නීල කෑල්ල ඉතිරි වන එකනම් ඉතාම වටින්නේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මන්ද මේ "නීල හරිත" අයවැය නිසා මෙරට මොටර් වෙළෙඳ පොළ උඩුයටිකුරු වෙද්දී බිඳ වැටෙන්නේ මෝටර් රථ ආනයනය කරනු ලබන බහුතර සමාගම්වල ස්ථාවරත්වය ය. මේ සමාගම්වල රැකියා කරනු ලබන්නේ අපේ මිනිස්සුය. ඒවා කඩා වැටෙන විට රස්සා නැති වන්නේද ඔවුන්ටය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]ඒත් ගැටලුවක් නැත. අයවැයේ තිබූ "නීල" කෑල්ල ඉතිරිව ඇති නිසා රස්සා නැතිවන ඒ මිනිස්සුන්ට කරන්නට දෙයක් දැන් ඉතිරිව ඇත. ඒ පීනනන්නට දන්නේ නම් අතපය බැඳගෙන ගොස් මුහුදට පැනීමය. ඇත්තටම ජීවත් වන්නට බැරි තැන සියදිවි නසා ගැනීමටවත් මඟ ඉතිරි කරන යහපාලන ආණ්ඩුව මොනතරම් සුන්දර එකක්ද? රටේ ජනතාව පිළිබඳ ආණ්ඩුව ගැඹුරින් සිතා බලන අන්දම පෙන්වා දීමට මීට වඩා තවත් උදාහරණ අවශ්‍ය නැත. ඉතින් මෙවන් ආණ්ඩුවක යටත් වැසියන් වූ අපි මොනතරම් වාසනාවන්ත කාලකණ්ණින් වී සිටින්නෙමුද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray]මංගල අල්විස්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom