බදියුඩීන් ඝෝටා ගෙන් ගේම ඉල්ලනවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    බදියුඩීන් ඝෝටා ගෙන් ගේම ඉල්ලනවා



    විල්පත්අතු ජාතික වනෝද්‍යානය හෙලිකර නිවාස ඉදිකිරීම හා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධ බවට නැගෙන චෝදනා පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හා පොලිසිය සිදුකළ විමර්ශනවලින් තමා නිර්දෝෂී පුද්ගලයෙකු බව තහවුරු වී තිබෙන බවද රිෂාඩ් බදියුඩීන් මහතා අවධාරණය කර සිටීයි.

    එම ලිපියේ මෙසේද සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිධූරයට පත්වීම පිළිබඳව ඔබතුමාට ප්‍රථමයෙන් මාගේ හා මා නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාක්ෂිකයන්ගේ හෘදයාංගම සුභපැතුම් එක්කරමි.

    රටේ පිළිගත් දේශපාලනික පක්ෂයක් නියෝජනය කරන නායකයෙකු වන මා ඉලක්ක කරගනිමින් මා විසින් නොකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව මා ඉමහත් කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි.

    පසුගිය රජයේ අමාත්‍යධූරය හොබවමින් සිටියදීම මා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කිරීමට මෙම පිරිස් කටයුතු කළ අතර එම චෝදනා අතරින් විල්පත්තු රක්ෂිතය හෙලිකර මුස්ලිම් ජනයා පදිංචි කරවීම හා සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වීම යනාදිය මූලික වේ.

    එම චෝදනා වචනයට පමණක් සීමා වී කිසිදු සත්‍යතාවයකින් හෝ වලංගු භාවයකින් තොර හුදෙක් පටු වාසි ලබාගැනීමේ අරමුණින් කළ චෝදනාවන් බව ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.

    තවද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සදහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවමගින් විමර්ෂණය කළ අතර පොලිසිය මගින් කළ පරීක්ෂණ හමුවේද මා නිර්දෝශී බව පවසමින් එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයා විසින් කතානායකවරයා වෙත වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි.

    එහෙත් මේ පිරිස් විසින් මෙම මාතෘකාවන් නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් මේ සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන් අපහසුතාවයට පත්වන්නේ මාගේ අසරණ සමාජය බව දැන්වීමට කැමැත්තෙමි.

    එකාමෙන් සමගියෙන් ජීවත්වන අපගේ මේ මාතෘ භූමියේ ආගම්, ජාති, කුල, බේද ඇති කර රට අස්ථාවර කිරීමේ උත්සාහයක මේ පිරිස යෙදෙන බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.

    තවද විල්පත්තු රක්ෂිතය තුළ රජයේ ඉඩම් කිසිවක් මාගේ බලය අයථා ලෙස භාවිතා කරමින් විනාශ කර නොමැති බව ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි.

    1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම් වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සඳහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි.

    වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය. එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සඳහා කටයුතු කරන ලදි.

    මෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විවිධ වූ සාකච්ඡා හා රැස්වීම් සමාලෝචන ආදිය පවත්වා මෙහි සත්‍ය අවබෝධ කළ අතර පරිසරවේදීන් විසින්ද එය පිළිගන්නා ලදි.

    කරණු මෙසේ තිබියදීත් දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදවඅසත්‍ය චෝදනා ඉදිරිපත් වෙමින් පවතින බැවින් එම චෝදනා වල සත්‍යතාවය රටට හෙලිකිරීම සදහාත් අප රටේ වටිනා ස්වභාවික සම්පතක් වු විල්පත්තු වනෝද්‍යානයට යම් හෙයකින් හෝ හානියක් වී ඇත්නම් ඒ සදහා වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බැලීම සදහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
    :lol::lol:
    තවද පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින මුලු මහත් ජනතාවම ශෝකයට පත්කරමින් සිදු වු ඒ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමඟ මා සම්බන්ධ යැයි පවසමින් කරන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ පවත්වා මා නිවැරදි බවට තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර එම ප්‍රහාරය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි.‘‘යැයිද ලිපියේ සඳහන් ය.

    කොහොමද කෙරුවාව :sorry::sorry:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහිනද ලං කර ගනීද :lol::lol:මම නම් ආයේ චන්දයක් නැහැ ඕකාට එහෙම වුනොත්:sorry::sorry:
     

    kanc

    Junior member
  • Jul 8, 2007
    48
    3
    8
    මහිනද ලං කර ගනීද :lol::lol:මම නම් ආයේ චන්දයක් නැහැ ඕකාට එහෙම වුනොත්:sorry::sorry:

    මම හිතන්නෙ නෑ, මොලයක් කියල කලඳක්වත් තියනව නම්...
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    "වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය. එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සඳහා කටයුතු කරන ලදි."

    මූ බලහන්කො උඹලමයි අපිට මේවා දුන්නෙ කියනව වගේනෙ :angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම් වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සඳහා :love::love::love:ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය :love::love::love:මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි.

    වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය. එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සඳහා කටයුතු කරන ලදි.

    මෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විවිධ වූ සාකච්ඡා හා රැස්වීම් සමාලෝචන ආදිය පවත්වා මෙහි සත්‍ය අවබෝධ කළ අතර පරිසරවේදීන් විසින්ද එය පිළිගන්නා ලදි.




    මේ කියන දේ නොතේරෙන්න මේකේ කමෙන්ට් කරන උන්ද හම්බ බඩුර් දීන් ෆෝන්ස් ද හම්බ?

    ගෝටට වැලි දාල ඇරලා තියෙන්නේ වන ලෝලී රණ කාමී සිංහලුන්ටත් උණ ගැනෙන්න. අප්පොච්චිගේ කාලේ පෙර වැරදි පස්සෙන් පන්නනවා.:rofl::rofl::baffled:



     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,810
    26,155
    113
    hari kiyapu de ahala onna
    රිෂාඩ් සොහොයුරාට රටින් පිටවීම තහනම්


    රිෂාඩ් බදුර්දින් මහතාගේ සොහොයුරකු වන බදුර්දින් මොහොමඩ් රිෆ්කාන්ගේ විදේශ ගමන් තහනම් කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (5දා) නියෝග කළාය. තලෙයිමන්නාරමේ අක්කර 280කට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නඩු විභාගයකට අදාලව මෙම නියෝගය නිකුත් කෙරිණි.