Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බදු නෙමේ වියදම් අඩුකර ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරවැසි අපි රාජ්‍ය මූල්‍ය ගැන තිත්ත පාඩමක් මේ වන විට ඉගෙන ගනිමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ අපි රජය කියන ආයතනය දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ බොහෝම ඉහළ ඇහැකින්. ඒ කියන්නේ බොහෝ අය රජය කියන්නේ සර්ව බලධාරියෙකු ලෙස හිතනවා. සිතූ පැතූ සම්පත් ජනතාවට ලබා දියහැකි, ධනවත්, බලවත් ආයතනයක් විදියට දකිනවා. ඒ නිසා රජයෙන් විවිධ දේවල් බලාපොරොත්තු වෙනවා.

ඒත් අපි දැන ගත යුතු යථාර්ථය නම් රජය කියන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුම තමයි. ගමක මිනිස්සු එකතු වෙලා මරණාධාර සමිතියක් පත් කර ගන්නවා වගේ, ඊට එහා ගිය සංකීර්ණ ක්‍රියාවලියකින් තමයි රටක මිනිස්සු එකතු වෙලා රජයක් පත් කර ගන්න එක. මරණාධාර සමිතියට එකතු කර ගන්නේ සාමාජිකයන්ගේ මුදල් වගේ, රටට එකතු වෙන්නෙත් බදු ගෙවන්නන්ගේ මුදල්.

මේ රටේ පුරවැසියෙකු වීම මත රජය පවත්වා ගෙන යෑමටත්, රජ්‍ය සේවා පවත්වා ගෙන යෑමටත් රටේ සියළුම සාමාජික පුරවැසියන් බදු ගෙවනවා. ඉතිං රජයේ ආදායම හෝ වත්කම තීරණය වෙන්නේ ඒ රටේම පුරවැසියන් උපයන මුදල මත. රටේ මිනිසුන් උපයන මුදලින් කොටසක් අරගෙන තමයි රජය කරන්නේ. මදි උනොත් රටේ මිනිස්සු බැංකු වල ඉතිරි කරපු මුදලින් ණය ගන්නවා. ඒත් මදි උනොත් වෙන රටකින් ණය ගන්නවා. නැත්නම් සල්ලි අච්චු ගහනවා.

ඉතිං මරණාධාර සමිතියේ නිල බලයෙන් පත් වෙන කට්ටිය කරන්නේ ඒ එකතු වෙන මුදලින් සේවාව පවත්වා ගෙන යන එක. රජයට පත් වෙන අය කරන්නෙත් ඒකම තමයි. එකතු වෙන මුදලයි, ණයට ගන්න ටිකයි, අච්චු ගහන ටිකයි දලා සේවා පවත්වා ගෙන යනවා.

ඒ අය කරන කරන වියදම පියව ගන්නේ ඔබේ මුදලින්. ඔබ මුදල් දෙන්න අකමැති නම් ඒ අය කරන වියදම් අඩු කර ගන්න කියන්න. ඔබ බඩු මිළ වැඩි වෙනවට අකමැති නම්, සල්ලි අච්චු ගහන්න එපා කියන්න.

රජයේ රස්සා හොයන අය, අමාරුවෙන් හරි ඒ රස්සා වල එල්ලිලා ඉන්න අය, ලොකු හමුදාවක් නඩත්තු කරනවට ආසා අය, මහින්දලා ණය වෙවී රට පුරා ඔළුවට එන දේවල්, පාරවල්, කුළුණු, කැලෑවල් වල් වල එයාර්පෝර්ට්, සම්මන්ත්රණ ශාලා හදන කොට අප්පුඩි ගහලා හුරේ කියපු අය, සල්ලි අච්චු ගහලා හරි කමක් නෑ වියදම් කරන්න කියපු අය, කරන්ට් බිල, තෙල් මිල අඩුවට තියාගෙන පාඩුවට සේවා ලබා දීපු අය, පාඩු ලැබුවත් රජය කර්මාන්ත කරන්න ඕනේ කියලා ඒවායේ බරෙන් නිදහස් වෙන්න නොදීපු අය, මේ ඔක්කොමලා මේකේ කොටස් කාරයෝ. ඒ හැමෝම හිතුවේ රජයට මුදල් උනනවා කියලා. පහල වෙනවා කියලා. ඒ නිසා ලැබෙන දේවල් ගන්න ඕනේ කියලා. හැබැයි රජයට මුදල් ලැබුනේ ඔබේම ඉපැයුම් වලින්. ඔබමයි ගෙව්වේ. ඔබෙන්මයි ණය ගත්තේ. සල්ලි අච්චු ගහන කොට ඔබේ බඩු මිළමයි ඉහළ ගියේ.

ඔබ කෑ ගහන්නේ බඩු මිළ අඩු කරන්න කියලා නම්, ඔබ තවමත් කෑ ගහන්නේ බදු ගහන්න එපා කියලා නම්, ඔබ තවමත් මේ පොදු රාජ්‍ය මූල්‍ය ගැන දන්නේ නෑ. ඔබ රජයේ වියදම් අඩු කරන්න, රජය කුඩා කරන්න කියන කං, ඒ වියදම් අවම කරන දේවල් කරව ගන්න කං ඒවට ගෙවන්න වෙන්නේ ඔබටම තමයි.

මේ ඔබ බදු ගෙවන්නේ පහුගිය දශක දෙක තුල අත්පුඩි ගගහා රජය ලව්වා වියදම් කරව ගත්ත ඒවට. ඒවා තමන්ටම දවසක ගෙවන්න වෙන බව නොදැන සතුටු උනාට. අද කන්න තියෙන දේ කළින්ම කාලා ඉවර වෙලා දැන් ගෙවන්න වෙන කොට බෑ කියලා හිටියට හරි යන්නේ නෑ. කවදා හරි ගෙවන්න වෙනවා. එහෙම තමයි මේ ණයට කාපු ජීවිත වල යථාර්ථය.

ඒ නිසයි අපි රාජ්‍ය කුඩා කිරීමක් ගැන කතා කරන්නේ. වියදම් අඩු කිරීම, පුද්ගලීකරණය, හමුදාව කුඩා කිරීම, රාජ්‍ය සේවය කුඩා කිරීම මේ දේවල් කියන්නේ. හැබැයි ඔබ හොයන්නේ තවත් රජය ලොකු කරන විසඳුමක් නම්, රජයේ වියදම වැඩි කරන විසඳුමක් නම්, රජයේ පඩි වැඩි කරන විසඳුමක් නම්, ඒකට ඔබට ගෙවන්න වෙනවා. වැට් බද්දත් කියන්නේ ඔබ ඉල්ලපු දේ. ඔබ නොදැන ඔබ ඉල්ලපු දේ. ඕක තමයි යථාර්ථය.

වැට් බදු අඩු කරමු කියලා කෑ ගහන්න කළින්, වියදම් අඩු කරමු කියලා කෑ ගහන්න.

පැතුම් කර්නර් #පැතූනොමික්ස්

[QUOTE="riduna pm, post: 29440117, member: 567786"] පුරවැසි අපි රාජ්‍ය මූල්‍ය ගැන තිත්ත පාඩමක් මේ වන විට ඉගෙන ගනිමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ අපි රජය කියන ආයතනය දිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ බොහෝම ඉහළ ඇහැකින්. ඒ කියන්නේ බොහෝ අය රජය කියන්නේ සර්ව බලධාරියෙකු ලෙස හිතනවා. සිතූ පැතූ සම්පත් ජනතාවට ලබා දියහැකි, ධනවත්, බලවත් ආයතනයක් විදියට දකිනවා. ඒ නිසා රජයෙන් විවිධ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒත් අපි දැන ගත යුතු යථාර්ථය නම් රජය කියන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුම තමයි. ගමක මිනිස්සු එකතු වෙලා මරණාධාර සමිතියක් පත් කර ගන්නවා වගේ, ඊට එහා ගිය සංකීර්ණ ක්‍රියාවලියකින් තමයි රටක මිනිස්සු එකතු වෙලා රජයක් පත් කර ගන්න එක. මරණාධාර සමිතියට එකතු කර ගන්නේ සාමාජිකයන්ගේ මුදල් වගේ, රටට එකතු වෙන්නෙත් බදු ගෙවන්නන්ගේ මුදල්. මේ රටේ පුරවැසියෙකු වීම මත රජය පවත්වා ගෙන යෑමටත්, රජ්‍ය සේවා පවත්වා ගෙන යෑමටත් රටේ සියළුම සාමාජික පුරවැසියන් බදු ගෙවනවා. ඉතිං රජයේ ආදායම හෝ වත්කම තීරණය වෙන්නේ ඒ රටේම පුරවැසියන් උපයන මුදල මත. රටේ මිනිසුන් උපයන මුදලින් කොටසක් අරගෙන තමයි රජය කරන්නේ. මදි උනොත් රටේ මිනිස්සු බැංකු වල ඉතිරි කරපු මුදලින් ණය ගන්නවා. ඒත් මදි උනොත් වෙන රටකින් ණය ගන්නවා. නැත්නම් සල්ලි අච්චු ගහනවා. ඉතිං මරණාධාර සමිතියේ නිල බලයෙන් පත් වෙන කට්ටිය කරන්නේ ඒ එකතු වෙන මුදලින් සේවාව පවත්වා ගෙන යන එක. රජයට පත් වෙන අය කරන්නෙත් ඒකම තමයි. එකතු වෙන මුදලයි, ණයට ගන්න ටිකයි, අච්චු ගහන ටිකයි දලා සේවා පවත්වා ගෙන යනවා. ඒ අය කරන කරන වියදම පියව ගන්නේ ඔබේ මුදලින්. ඔබ මුදල් දෙන්න අකමැති නම් ඒ අය කරන වියදම් අඩු කර ගන්න කියන්න. ඔබ බඩු මිළ වැඩි වෙනවට අකමැති නම්, සල්ලි අච්චු ගහන්න එපා කියන්න. රජයේ රස්සා හොයන අය, අමාරුවෙන් හරි ඒ රස්සා වල එල්ලිලා ඉන්න අය, ලොකු හමුදාවක් නඩත්තු කරනවට ආසා අය, මහින්දලා ණය වෙවී රට පුරා ඔළුවට එන දේවල්, පාරවල්, කුළුණු, කැලෑවල් වල් වල එයාර්පෝර්ට්, සම්මන්ත්රණ ශාලා හදන කොට අප්පුඩි ගහලා හුරේ කියපු අය, සල්ලි අච්චු ගහලා හරි කමක් නෑ වියදම් කරන්න කියපු අය, කරන්ට් බිල, තෙල් මිල අඩුවට තියාගෙන පාඩුවට සේවා ලබා දීපු අය, පාඩු ලැබුවත් රජය කර්මාන්ත කරන්න ඕනේ කියලා ඒවායේ බරෙන් නිදහස් වෙන්න නොදීපු අය, මේ ඔක්කොමලා මේකේ කොටස් කාරයෝ. ඒ හැමෝම හිතුවේ රජයට මුදල් උනනවා කියලා. පහල වෙනවා කියලා. ඒ නිසා ලැබෙන දේවල් ගන්න ඕනේ කියලා. හැබැයි රජයට මුදල් ලැබුනේ ඔබේම ඉපැයුම් වලින්. ඔබමයි ගෙව්වේ. ඔබෙන්මයි ණය ගත්තේ. සල්ලි අච්චු ගහන කොට ඔබේ බඩු මිළමයි ඉහළ ගියේ. ඔබ කෑ ගහන්නේ බඩු මිළ අඩු කරන්න කියලා නම්, ඔබ තවමත් කෑ ගහන්නේ බදු ගහන්න එපා කියලා නම්, ඔබ තවමත් මේ පොදු රාජ්‍ය මූල්‍ය ගැන දන්නේ නෑ. ඔබ රජයේ වියදම් අඩු කරන්න, රජය කුඩා කරන්න කියන කං, ඒ වියදම් අවම කරන දේවල් කරව ගන්න කං ඒවට ගෙවන්න වෙන්නේ ඔබටම තමයි. මේ ඔබ බදු ගෙවන්නේ පහුගිය දශක දෙක තුල අත්පුඩි ගගහා රජය ලව්වා වියදම් කරව ගත්ත ඒවට. ඒවා තමන්ටම දවසක ගෙවන්න වෙන බව නොදැන සතුටු උනාට. අද කන්න තියෙන දේ කළින්ම කාලා ඉවර වෙලා දැන් ගෙවන්න වෙන කොට බෑ කියලා හිටියට හරි යන්නේ නෑ. කවදා හරි ගෙවන්න වෙනවා. එහෙම තමයි මේ ණයට කාපු ජීවිත වල යථාර්ථය. ඒ නිසයි අපි රාජ්‍ය කුඩා කිරීමක් ගැන කතා කරන්නේ. වියදම් අඩු කිරීම, පුද්ගලීකරණය, හමුදාව කුඩා කිරීම, රාජ්‍ය සේවය කුඩා කිරීම මේ දේවල් කියන්නේ. හැබැයි ඔබ හොයන්නේ තවත් රජය ලොකු කරන විසඳුමක් නම්, රජයේ වියදම වැඩි කරන විසඳුමක් නම්, රජයේ පඩි වැඩි කරන විසඳුමක් නම්, ඒකට ඔබට ගෙවන්න වෙනවා. වැට් බද්දත් කියන්නේ ඔබ ඉල්ලපු දේ. ඔබ නොදැන ඔබ ඉල්ලපු දේ. ඕක තමයි යථාර්ථය. වැට් බදු අඩු කරමු කියලා කෑ ගහන්න කළින්, වියදම් අඩු කරමු කියලා කෑ ගහන්න. පැතුම් කර්නර් #පැතූනොමික්ස් [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom