බදු නොගෙවූ නඩුවෙන් අර්ජුන් ඇලෝසියස් ඇප මත නිදහස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රජයට රුපියල් කෝටි 532ක ආදායම් බදු මුදල් නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනීසිටි ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ සහ පර්පවුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතා ඇප මත මුදාහැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. ඉලංගසිංහ මහතා ඊයේ (03දා) නියම කළේය.

    රුපියල් ලක්‍ෂ 75 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත අර්ජුන් ඇලෝසියස් මහතා මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නඩුවක් පදනම් කර ගනිමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව අර්ජුන් ඇලෝසියස් මහතා අධිකරණයේ පෙනී සිටියේය. ඩබිලිවි.එම්. මෙන්ඩිස් සමාගම ආදායම් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 532කට අධික මුදලක් නොගෙවා පැහැරහැර වංචාවක් සිදුකළ බවට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඩබලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

    මෙම පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් සිතාසියකට අනුව අධිකරණයේ පෙනීසිටි තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමක් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කළේය