බබාට උණ ගත්තොත් මොකද කරන්නේ?
මේ සතියේ මුල පොරොන්දු උනා වගේම මේ දවස් වල ලැව් ගින්නක් වගේ පැතිරෙන වෛරස් උණ ගැන තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර බඳින්න හිතාගෙන තමයි මේ ලිපි පෙල ලියන්න පටන් ගන්නේ. මතක තියාගන්න ඕන වැදගත්ම කරුණ තමයි ඩෙංගු වගේම ඉන්ෆ්ලුවෙන්සාවත් වෛරස් උණ කාණ්ඩයට අයිති වෙන බව. මේ ලිපිය ටිකක් ළමයින්ට හැදෙන වෛරස් උණ ගැන පාදක කරගෙන ලියැවුනත් වැඩිහිටියන්ටත් බොහෝදුරට අදාළ කරගන්න පුලුවන්.
මේ දවස් වල ළමා රෝග සායනයට අම්මලා වැඩියෙන් එක්කන් එන්නේ උණ හැදුනු ළමයි. සමහරුන්ට උණ හැදිලා තියෙන්නේ එදා උදේ. සමහරුන්ට දවස් 2-3කට කලින්. සමහරුන්ට සතියකට වැඩියි. ඉතින් මේ හැම කෙනාම විශේෂයි. මොකද උණ හැදිලා ගත වුනු කාලය අපිට රෝග විනිශ්චයට ඉතාමත් වැදගත්.
ඒ වගේම මට දැනුනු දෙයක් තමයි තමන්ගේ දරුවාට උණ ගත්තම මොකද කරන්න ඕන කියන එක ගැන අම්මලට තියෙන දැනුමත් ටිකක් අඩුයි. දරුවෙක් ඉන්න හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම මේ තොරුතුරු අනිවාර්යයෙන්ම දැන ගත යුතුයි.
බබාට උණ ගත්තොත් මොකද කරන්නේ?
වැදගත්ම දේ උණ මැනගැනීම සහ ඉක්මණින් පාලනයට කටයුතු යෙදීම. හැම අම්මා කෙනෙක්ම ගෙදර උණ කටුවක් තියා ගැනීම සහ ඒකෙන් උණ මනින්න ඉගෙන ගැනීම වැදගත්.
උණ මනින්නේ කොහොමද?
උණ කටු රසදිය සහ ඩිජිටල් ලෙස ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. ඩිජිටල් උණ කටු භාවිතය පහසුයි. ක්‍රියාත්මක කර කිහිල්ල යට විනාඩි 5ක් වැනි කාලයක් තිබ්බම එලාමයක් නාදවී හරියටම උණ කීයද කියලා තිරයේ පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් 37°C හෝ 98.6°F කියන්නේ සාමාන්‍ය දේහ උෂ්ණත්වය. ඊට වඩා වැඩියි නම් දරුවාට උණ තියෙනවා. ඒ අගය ලැබුනු දිනය වෙලාවත් එක්ක හැකිනම් කොලයක සටහන් කර ගැනීම වැදගත්.
රසදිය උණ කටු නිරවද්‍යතාවයෙන් ඉහළයි. මේවා භාවිතයේදී කල්පනාකාරී විය යුත්තේ රසදිය අපට විෂ සහිත නිසා. ඒවා භාවිතා කරන්නට පෙර රසදිය බල්බය ඇති පැත්ත පිටතට සිටින සේ ගසා දැමිය යුත්තේ රසදිය කඳ නැවත බල්බය වෙතට ගෙන ඒමටයි. ඉන්පසු ඉහත ආකාරයටම විනාඩි 5ක් තබා රසදිය කඳේ දිගට අදාළව උණ මැන ගත හැකියි. උණ බැලීමෙන් පසු අත යටින් තැබූ කොටස පිරිසිඳු කර ආරක්ෂාකාරීව ගබඩා කර තැබීම වැදගත්.
ඊලඟට දරුවෙක් නම් වයසේ හැටියට (බෝතලයේ සටහන් කර ඇත) හෝ දේහ බරේ හැටියට (දේහ බර 1kg කට පැරසිටමෝල් 15mg වන පරිදි) පැරසිටමෝල් සිරප් හෝ පෙති ලබා දිය හැකියි. මේ ගැන පැරසිටමෝල් සිරප් බෝතලයේ විස්තර සඳහන් වෙනවා. වයස අවුරුදු 18ට වැඩි අයට 500mg පෙති දෙකක් (1g) එකවර ලබා දිය හැකියි. උණ නැවත පැමිණේ නම් පැය 6කට පසු නැවත ලබා දිය හැකියි.
පැරසිටමෝල් වලට උණ අඩුවෙන්නේ නැත්තම් මොකද කරන්නේ?
ටිකක් රස්නේ වතුරෙන් තෙතමාත්තු කිරීම තමයි එකම විකල්පය. විශේෂයෙන් නළල, කිහිලි යට වගේ ප්‍රදේශ
. කිසිම හේතුවක් මත පැය 6කට අඩුවෙන් පැරසිටමෝල් නැවත ලබා නොදිය යුතුයි. මාත්‍රාව ඉක්මවා යෑමෙන් පසුකාලීනව අක්මාවට හානි ඇති විය හැකියි. ඒවගේම NSAID කාණ්ඩයේ Brufen, Diclofenac, Mefanamic Acid වැනි බෙහෙත්ද කිසිම විටෙක ලබා නොදිය යුත්තේ එය ඩෙංගු රෝගයේදී අභ්‍යන්තර ලේ ගැලීම් ඇතිවීමට මූලික වන බව සොයාගෙන ඇති නිසා. ඒත් උණ අඩු වෙන්නේ නැතිනම් වෛද්‍යවරයෙකුට දරුවා පෙන්වා ගත යුතුයි.
උණ පාලනයට අමතරව මොකද කරන්න පුලුවන්?
දරුවාට බොන්න තරල වර්ග ඇති තරම් ලබා දීමෙන් විජලනය වීම වැලැක්වීම උණ පාලනය වගේම වැදගත්. ජලය, කිරි, ජීවනී වැනි ඕනෑම තරලයක් (රතු සහ කලු පැහැති නොවන - අභ්‍යන්තර ලේ ගැලීමක් හඳුනාගැනීමට අපහසු නිසා) ලබා දිය හැකියි.
උණ හැදුනු බබෙක් වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕන කොයි වෙලේද?
1. උණ දවස් 2 (පැය 48) ඉක්මවා යනවා නම්
2. දරුවාගේ ක්‍රියාශීලි බව අඩු නම්
3. දරුවා ආහාර පාන ගැනීම අඩු නම්/ප්‍රතික්ෂේප කරනවා නම්
4. වෙනත් රෝග ලක්ෂණ (උදරයේ වේදනාව, අධිකව වමනේ යාම, බඩ බුරුල් කර යාම, හැසිරීමේ වෙනස්කම්, වලිප්පුව සෑදීම, කලාන්තය වැනි) ඇත්නම්
වෛද්‍යවරයෙකු ගාවට යන්න කලින් කරගෙන යන්න අවශ්‍ය පරීක්ෂණ (blood tests) මොනවාද?
මේවා අනිවාර්ය නෑ. දවස් 2 (පැය 48) ඉක්මවා ඇත්නම් Full Blood Count පරීක්ෂණයක් කරගෙන යෑම ප්රමාණවත්. අවශ්‍යතාවය අනුව වෛද්‍යවරයා දරුවා පරික්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය පරීක්ෂණ ඇනවුම් කරාවි. Dengue NS1 Antigen පරීක්ෂණය උණ සෑදී පළමු පැය 24න් පසුව දවස් 5ක් දක්වා ඇනවුම් කළ හැකියි. නමුත් මෙය negative වීම කිසිම අයුරකින් දරුවාට ඩෙංගු රෝගය නැති බවට ඉඟි නොකරන බව තරයේ මතක තබා ගත යුතුයි.
බබාට උණ හැදිලා ඉස්පිරිතාලේ නතර කරන්න උනොත් දැන ගන්න අවශ්‍ය කරුණු ඉදිරි ලිපියේදී පැහැදිලි කරන්නම්.
අදහස් වලට හැමදාම වගේ විවෘතයි. අනිත් දෙමව්පියන්ටත් දැනගන්න share කරලා බෙදා ගන්න අමතක කරන්න එපා.
වෛද්‍ය චන්දිම ජයසිංහ [14-12-2019]

Last edited: