බබාලාගේ ජනාධිපති

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    බබාලාගේ ජනාධිපති

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ජගත් කලා ඉතිහාසයේ හාස්‍ය උදෙසා නිපද වූ සියලුම වැඩසටහන් පරාජයට පත් කරමින් කදිම හාස්‍ය ජනක රංගනයක නිරත වෙමින් සිටින්නේය. මෙය නව ආරක සිනමාවකි. ඔහු වටා සිටින “කලා කරුවන්” මොහුගෙන් ඉගෙන ගෙන මෙම නව ආකාරයේ සිනමාව ලෝකයට රැගෙන යා යුත්තේය. ඔහුගේ “තුන් කල් දක්නා” ණුවනින් උදාවෙන්නේ යැයි කියන “සුභ අනාගතයේ”, නව සිනමාව වශයෙන් මෙය හැඳින්වීමේ වරදක් නැත.

    මාස අටක වයසැති දරුවකු අම්මා තාත්තා කීමටත් පෙර තමන්ට ජය වේවා! ජය වේවා!! යැයි කී බව ඔහු සඳහන් කළේ මීට මාස කිහිපයකට පෙරදීය. ඉන් පසු රාජපක්ෂ සහභාගී වන රැළි වලට ඔහුට වඩා ගැනීම සඳහා දරුවන් වෙනම ගෙන ඒමට පවා සිදු විය. මෙය ඔහුගේ පාක්ෂිකයන් අතර තරගයක් ඇති කළේය. මෙහි අලුත් සිද්ධිය වාර්තා වූයේ පසුගියදා මොණරාගල පැවති රාජපක්ෂගේ ප්‍රචාරක රැළියේදීය. එහිදී ද සුපුරුදු අන්දමින් හැසිරුණු ජනාධිපති රාජපක්ෂ, එක් කුඩා දැරියක වඩාගෙන කවුද පුතා ජනාධිපති වෙන්නේ යැයි විමසුවේය.

    පුවත්පත් වාර්තා කළ අන්දමට, ජනාධිපතිවරයා එසේ ඇසු පසු, “එම දැරිය මහින්ද මහත්තයා යැයි කීවාය.” පසුව ජනාධිපතිවරයා කෝ පුතා මහින්ද මහත්තයා යනුවෙන් ඇසුවේලු. එවිට එම දැරිය සිය දකුණු අත ජනාධිපතිවරයාගේ පපුවට තබා මේ ඉන්නේ යනුවෙන් කීවාය, යැයි වාර්තා වේ.

    අදාළ දැරියට දීර්ඝ පුහුණුවක් දී ඇති ආකාරයකි. කාලාන්තරයක් තිස්සේ පොඩි ළමයින්ට “මාමා” කෙනෙකු වූ මෙම රෝගී නායකයා, මේ වන විට කුඩා දරුවන් ලවා “මහින්ද මහත්තයා” යයි කියවා ගෙන සතුටු වන්නේය. මෙවැනි විකාර සෙල්ලමක් මේ ලංකා ඉතිහාසයේ තබා ලෝක ඉතිහාසයේවත් තිබුණේ දැයි දන්නේ නැත.

    මෙවැනි කුඩා ළමුන් මාර්ගයෙන් තමන් ජනාධිපති යැයි ලෝකය ඉදිරියේ කියවා ගැනීමට තරම් මෙම නායකයා රෝගාතුර වූයේ මන්ද?

    ඊට දිය හැකි සරලම පිළිතුර වන්නේ,සීමා රහිත බලය මඟින් සහ එය රැකගැනීමට ඔහු සිදුකරමින් සිටින අනවරත අරගලය මඟින් ඇතිකොට ඇති සැබෑ පෞද්ගලික ඛේදවාචකයය. ඔහුට හැරයාමක් ගැන සිතීමට තබා වෙනකෙකුගෙන් ඇසීමටවත් නොහැකිය. ඔහුගේ ඉවසීම එපමණකට දෙදරාගොස් ඇත.

    මෙම දෙදරීම කෙතරම් දුරට සංකීර්ණ වීදයත් ජනාධිපති රාජපක්ෂ, තමන්ගේ සහ තමදරුවන්ගේ අවභාවිතයන් සධාරානීකරණය කිරීම සඳහා අනුන්ගේ පෞද්ගලික කුණුකන්දල් පවා අදින තත්වයට පත් වී තිබේ.

    රාජපක්ෂ හයක් හතරක් නොදන්නා දරුවන් වඩාගෙන ඔවුන්ගෙන් ජනාධිපති වන්නේ මම නේද පුතේ යයි බලෙන් කියවාගෙන, ඔවුන් ඉදිරියේම කුණුහරපෙන් බනින ආකාරය අතිශය අප්‍රසන්නය. ඔහු මෙම දරුවන් ඉදිරියේ තබා, අනෙකාගේ නෝනාගේ බඩ උඩ නැග්ග අහවලා ගැන කියා සතුටු වන්නේය. මේ “මහින්ද මහත්තයා” පත් වී ඇති කණගාටු දායක තත්වයය.

    මෙවැනි කුණුහරප කීමට තරම් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය බංකොලොත් වීම සැබවින්ම කණගාටුදායක කාරණයක් වන බව සැබෑය. නමුත් මෙම කාරණා වලින් එක දෙයක් පැහැදිලිය. එනම්, ඔහු බලය අත්හැරීම ලෙහෙසියෙන් නොකරන බවය.

    දෙවියන්ගෙන්ද, යකුන්ගෙන්ද, යමපල්ලන්ගෙන් මෙන්ම රාජපක්ෂ සිදුකරන කිසිම කටයුත්තක් ගැන සිහිනෙන් තබා නොදන්නා කුඩා දරුවන් මාර්ගයෙන්ද මොහු තෙවැනි වරටත් ජනාධිපති වීම සඳහා යදින්නේය. ඡන්ද අයිතියක් නැති මෙන්ම ඡන්දය යනු කුමක්ද කියාවත් නොදන්නා මොවුන්ගෙන් මෙසේ යදින්නේ නම් ඡන්ද අයිතිය ඇති අයගෙන් ඔහු බලාපොරොත්තුවන දේ කිව යුතු නොවේ.

    ඔහුගේම වචන වලින් ඔහුට අවශ්‍ය වන්නේ, ජයග්‍රහණයක් නොව, අති විශිෂ්ඨ ජයග්‍රහණයකි. ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ ද්‍රෝහීන්ව මට්ටු කළ හැකි ජයග්‍රහණයකි. ඔහු තම දේශපාලන වේදීකා සියල්ල තුළම සඳහන් කරනු ලබන්නේ ජනතාව වෙනුවෙන් සිදුකිරීමට බලාපොරොත්තු වන දේට වඩා අනෙකාගෙන් පළිගන්නා ආකාරය පිළිබඳවය.

    මෙවැනි පුද්ගලයෙකුට තවත් වසර අටක් අපේ මාතෘ භූමිය අනුභව කිරීම සඳහා ඉඩදීම වූකලී, මූලික වශයෙන්ම රටට රට අහිමි වීමය. එවැනි අදූරදර්ශී තත්වයක් ඇති කිරීම සඳහා රාජපක්ෂගේ රැවටිලිවලට හසු වුවහොත් එහි වන්දිය ගෙවීමට සිදු වන්නේ මේ වන විට, තමන් මීළඟ වරටත් ජනාධිපති යැයි බලෙන් කියවා ගන්නා, බබලාටය.

    වෙනත් වචනයකින් කිවහොත්, මොහු තෙවැනි වරටත් නායකයා බවට පත් වුවහොත් ලංකාවට උදා වන්නේ අන්දකාරයේ යුගයය. ඔහු මුල සිට අගටම තම ඍජු මර්ධනය දියත් කරනු ඇත. තම විකෘති ආශාවන් සංසිදුවා ගැනීම සඳහා කළ හැකි උපරිම දේ සිදු කරනු ඇත.

    කෙසේ වෙතත්, රටේ සමස්ථයක් ලෙස මතුවෙමින් පවතින රාජපක්ෂ විරෝධී රැල්ල අතිශය තීර්ණාත්මක එකකි. එමඟින් රාජපක්ෂගේ නියම රෝගී බාවය මතුපිටට රැගෙනවිත් ඇත.

    මෙය කෙතරම් සංකීරණ වී ඇත්තේද යත්, ඔහුගේ “තුන් කල් දැක්ම” ආසියානු සුනාමිය සිදු වී වසර දහයක් පිරෙන මොහොතේ එළිදැක්වීම සඳහා, හකුලුවාගෙන ඇත. මෙවර ඔහු තම ප්‍රතිපත්ති ප්‍රකාශනය පවා එළිදැක්වීමට කටයුතු යොදා ඇත්තේ, මුළු ලෝකයම සාතිශය සංවේගයට පත් කරමින් ලක්ෂ ගණනක් මිනිසුන් මරුමුවට පත් වූ දිනයක දසවස් සැමරුමකට සමගාමීවය.

    රාජපක්ෂ, රාජපක්ෂට නොදැනිවම පසුකරමින් සිටින්නේ බබාලාගේ ජනාධිපති භූමිකාවේ අවසන් කොටස වුවහොත් පුදුමයක් නැත.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    2441s29.png
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    තුන්කල් දැක්ම එලියට එන්නත් කලින් උඹලට තුන්බිය දැනිල වගේ නේද.බය වෙන්න එපා ජනවාරි 9වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආරාධනයෙන් මහා සංඝරත්නය තුන් සූත්‍රයම කියලා උඹලගේ බය යවනවා.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද? අඩුම ගානෙ අවු 4ක් ඇති බන්ස්...:rolleyes::rolleyes::rolleyes:

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට:(:(??? පොඩි අපි ට:(:(???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි:(:(

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..:(:(

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!:(:(:(

    3 n wareketa Wada Denne Epoooooooo Awurudu 4k hodeme athi kawuru awath ...:yes::yes::yes: