copied from FB
ලංකාවේ අම්මලා තාත්තලා ලමයින්ව ලොකු මහත් කරන්නේ සාපේක්ෂව වෙනස් විදියට..දූවිල්ලක් වැදෙන්න නොදී..රෙද්දක් හෝදගන්න නොදී..සියළු පුද සත්කාර කරමින් තමයි ලමයින්ව ලොකු කරන්නේ..ඒත් ඒ දේවල් වලින් ලමයින්ට ලොකු අයහපත් බලපෑමක් වෙනවා කිව්වොත් ඔයාලා පිලිගනීද දන් නෑ..
අපිට අවුරුදු 25 26 වෙලත් සමහර වෙලාවට බෙහෙත් ගන්න යන්නේ අම්මා හරි තාත්තා හරි එක්ක..දොස්තර ලෙඩේ අහනකොට අපි බලන්නේ තාත්තගේ මූණ දිහා..ඉන්ටවීව් එහෙකට තනියම කොලඹ යන්න බෑ.. එළවලුවක් ගන්න පොළේ ගියොත් කුණු එළවළු ටිකක් ගිණි ගානට දීලා අපිව කරමුලට අන්දලා එවනවා..වාහනේ රෙපයාර් කරගන්න ගියොත් හොදට දත ගලෝනවා..මෙකී නොකී දාහක් ප්‍රශ්න..
ඒත් සුද්දෝ...උන් 18 වෙච්චි ගමන් කෑල්ල එක්ක මෙහේ එනවා.. නිකමටවත් හිතුවද එහෙම වෙන්නෙ ඇයි කියලා..
චූටි බබාලාට අවුරුදු 1 1/2 වගේ පැන්න ගමන් එයාලා මේ ලෝකේ සාමාජිකත්වය ගන්න පටන් ගන්නවා..පැටලි පැටලි වචන කතා කරනවා..තව ටිකක් ලොකු වෙද්දි පැයකට ප්‍රශ්න 1000 ක් විතර අහන්න ගන්නවා..ඊට හපන් කෑම කවන්න දෙන වදේ..ගම වටේම ඉන්න කුරුල්ලෝ පෙන්නුවත්..ගමේ ඉන්න නසරානිම එකා පෙන්නලා බය කරත් ඌ නෙමෙයි කෑම කටේ තියෙන්නේ..
මේං මේ කාලේ ඉදන් ඉතිං දුෂ්කරක් ක්‍රියා සමය ඇරඹෙනවා..
මෙහෙමයි ළමයි ඇත්තටම බත් කන්න හොරයි තමයි..හැබැයි ළමයි පළතුරු කන්න ආසයි..ඒ නිසා ඒ කාලේ පුලුවන් තරම් පළතුරු කවන්න..අපේ අය හිතං ඉන්නේ මස්,බිත්තර පොඩි කරලා ඒවා එක්ක බත් කැව්වාම තමයි පොඩි එකාගේ බර හරියන්නේ කියලා.. අපි වගේ ආසියාතික රටවල් විතරයි උදේ ඉදන් රෑ වෙනකල් බත් කොටන්නේ..ඒ පුරුද්දට තමයි ලොකු උනාම රෑට බුරිය උල් වෙන්න බත් කෑවේ නැත්තන් එක පැයක් ඇහැ පිය වෙන්නෙ නැත්තේ..
පළවෙනිම දේ ලමයිට බත් කවන්න වද දෙන්න එපා..ඒ වෙනුවට පුලුවන් තරම් පළතුරු කවන්න..බෙහෙත් බොන්න හොරයි නම් බෙහෙත් පෙත්ත චූටි චූටි කෑලි වලට කඩලා කෙසෙල් ගෙඩි එක්ක පොඩි කරලා කවලා බලන්න..උන් ආසාවෙන් කනවා..පොඩි උන් ආසම පැණි රසට.. ඒ නිසාම තමයි පොඩි උන්ගේ බෙහෙත් පෙත්තේ ඉදන් පැණි රසට හදන්නේ..
අවුරුදු 3 විතර වෙද්දි අහන හැම ප්‍රශ්නයකටම පුලුවන් තරම් හරි උත්තර දෙන්න..ඒ මොළය විසින් මේ ලෝකය තේරුම් ගන්න ළමයාගේ මාර්ගයෙන් යොමු කරන ප්‍රශ්න..ඒවට දෙන උත්තර අනුව තමයි මොළය ඒ ඒ අදාල දේ වලට වෙන වෙනම ෆයිල් හදන්නේ..
ළමයට පුලුවන් තරම් සෙල්ලම් කරන්න දෙන්න..ළමයි ගොඩක් ආසයි වැලි අල්ලන්න..ඒ නිසා වැලි කොට්ට දෙකක් විතර දූවිලි මඩ අයින් වෙනකල් හොදට සෝදලා ගෙදර පේමන්ට් එකේ තියන්න..ගේන ගේන සෙල්ලම් බඩු කැඩුවට ගහන්න බනින්න එපා..ඒ මොළය විසින් ඒ දේවල් තේරුම් ගන්න උත්සහා කරනවා..
අනික තමයි මොනවා හරි ඉල්ලලා දුන් නැත්තන් අඩනකොට ඔයාලා දෙනවා..කවදාවත් ඒක කරන්න එපා..මොකද එතකොට එයාගේ මොලේ තේරුම් ගන්නවා හරි දෙයක් හරි වැරදි දෙයක් හරි එයාට ඕනේ වෙලාවට ගන්න..එහෙම උන් තමයි විනාඩි 5 ක් පෝලිමක ඉන්න බැරි..තමන්ගේ කොටස දෙනකල් ඉන්න බැරුව වලි දාගන්නේ..හොදට බලන්න ගොඩක් එහෙම කරන්නේ ධනවත් පවුල් වල දරුවෝ..ඒ ඉල්ලපු ගමන් හැමදේම පොඩි කාලේ ඉදන් දීලා පුරුදු වෙලා.. එ නිසා ඔහේ අඩපු දෙන්..ඔයා ඒකට චුට්ටක් වත් අවධානය නොදී ඉන්නවා වගේ අගවන්න..ඕක අමාරුවෙන් හරි ටික දවසක් කරලා බලන්න..ඊටපස්සේ ඒ වදේ ආයි දෙන් නෑ..මොලය ඒකට අනුගත වෙනවා..
ඊටපස්සේ අවුරුදු 7 දි විතර ඔයාලා රෙදි සෝදනකොට එයාගේ චූටි චූටි ඇදුම් කෑලි එයාට සෝදන්න දෙන්න..( මැෂිමේ නෙමෙයි ) අවුරුදු 10 දි විතර සතියට සැරයක් බාත් රූම් ටොයිලට් සෝදන්න දෙන්න..ඒ හැමවෙලාවෙම එයාට කියන්න "ඔයා දැන් ලොකු ළමයෙක්" කියලා..ඉස්කෝලේ යනකොට අතට පොකට් මනි දෙනවානම් සතියකට හරි යන්න එක දවසේ දෙන්න..සතියක් දෙකක් ඒ සල්ලි දවසෙන් ඉවර කරයි..එතකොට ඊලග දවස් වල දෙන්න එපා..එතකොට එයා පුරුදු වෙනවා ඒ සල්ලි කොහොමහරි සතියට බැලන්ස් කරගන්න..එතකොට එයාටත් නොදැනීම එයාගේ මොළය හුරු වෙනවා මුදල් කළමනාකරණය කරගන්න..
චූටි කාළෙ ඉදන් කාල සටහනක් හදලා දෙන්න..අනිවාර්යයෙන්ම ඒක ෆලෝ කරනවද බලන්න..අවුරුදු 4 වගේ වෙනකොට රුබික් කියුබ් එකක් ගෙනත් දෙන්න..උදේට වැඩට යනකොට ඒක හොදටම කළවම් කරලා අතට දීලා කියන්න මේක හරියට හැදුවොත් එයා ආසම කෑමක් ගෙනත් දෙන බව..එනකොට හදලා නැත්තන් දෙන්න එපා..හදලා නම් ඔක්කොම දෙන්නත් එපා..චුට්ටක් දෙන්න..ඉතුරු ටික අනිත් දවසට දෙන්න..එතකොට ඒක කන්න ආසාවට මොළය එයාව ඒකට පොළබවනවා..එතකොට එයාටත් නොදැනීම එයාගේ මොළයේ නියුරෝන උත්තේජනය වෙනවා..
කතාපොත් ගෙනත් දීලා ඒකේ කොහේ හරි තැනක පිටුවක පොඩි වාක්‍යයක් එයාට කියලා හවස එනකොට ඒ වාක්‍ය හොයලා තියන්න කියන්න..හොයලා නම් පොඩි පගාවක් දෙන්න..එතකොට ළමයා කියවීමට හුරු වෙනවා..දිගටම ඒක කරන්න පුලුවන් තරම් පොත් කියවන්න හුරු කරන්න..
බබාගේ ආච්චි සීයා එයාවත් එකතු කරගෙන නාවන්න..එයාටත් සබන් ගාන්න දෙන්න. විසබීජ කියලා එයාලව ඈත් කරන්න එපා..වයසට ගියාම අපි දෙමව්පියන්ට සලකන්න ආදරෙන් බලාගන්න ඕනේ කියන දේ කටින් නොකියා එයාගේ හිතේ ඒ හැගීම ඇතිවෙන්න ඉඩ හරින්න..එතකොට තමයි ඔයාලා වයසට ගියදාක එයාලා ඔයාලව බලාගන්නේ..මොනතරම් කාර්‍යබහුල උනත් එතකොට එයාලා ඔයාලව අතාරින්නේ නෑ..මොකද චූටි කාලේදිම මොළයේ ඒ දේ වෙනුවෙන් එයා ෆයිල් එකක් හදලා ඉවරයි..
කිසිම දෙයක් කරද්දි "ඔයාට බෑ" කියන වචනේ කියන්න එපා..ඒ වචනේ අපේ ජීවිතේ සෑහෙන්න පහලට ඇද දානවා..හැමදේකදිම ඔයාට පුලුවන් කියලා දිරි ගන්වන්න..පීනන්න,පොල් ගෙඩියක් ලෙලි ගහන්න..තේ එකක් හදාගන්න..හැමදේම පුරුදු කරන්න..කවදාවත් ඇද ලගට තේ එක ගිහින් දෙන්න එපා..කුස්සියට ඇවිත් ඔයාලත් එක්ක තේ බොන්න දෙන්න..හැමවෙලේම ළමයට පරිසර යථාර්ථය පෙන්නන්න..
අපේ මොළය හරි අමුතු දෙයක්.. අපේ ශරීරය ජීවත් වෙන පරිසරය, අපිට එන ප්‍රශ්න අනුව මොළය විසින් අනුවර්තනය කරනවා..ඇගපත ලස්සනට බාහිර පෙනුම කොච්චර ලස්සනට තිබුනත් වැඩක් නෑ තනියම සමාජේ ජීවත් වෙන්න බැරිනම් එයාව හැමවෙලේම රිජෙක්ට් වෙනවා සහ එයාට ගොඩක් පාඩු සිද්ද වෙනවා..ඒ නිසා අවුරුදු 15 වෙනකොට සමාජේ ඇති හැම අභියෝගයකටම මුහුණ දෙන්න පුලුවන් විදියේ මල්ටි පර්පස් ළමයෙක් හදන්න..