Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
බඹරගල ආරන්ය සෙනසුන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඹරගල ආරන්ය සෙනසුන

ශ්‍රී ලංකාවේ ස්වභාවික ස්ථාන අතර ගල්ලෙන් සහිත කඳු ශිඛර සුවිශේෂි තැනක් ගනී. අතීත රාජධානී තුල ගල් ශිඛර සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වේ. අතීතයේ රජකම් කළ රජවරු තම ආරක්ෂාව සඳහා මෙවන් ස්ථාන වල තම රාජධානී ඉදිකොට ඇත. බොහෝ විට බෞද්ධ භික්ෂූ සංඝයාගේ විහාරය සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත. එවන් අතීත රාජධානියක් හා බෞද්ධාරාම බොහෝමයක් පැවති සුවිෙශ්ෂී පින්බිමකි බඹරගල. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්පාය ගම තුල බඹරගල කන්ද පිහිටා ඇත.

රත්නපුර, ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පල්ලේබැද්ද කුඩා නගරයෙන් ගල්පාය අතුරු මාර්ගයේ සැතපුම් 5 ක් පමණ ගමන් කළ විට ඓතිහාසික බඹරගල ආරණ්‍ය සේනාසනය හමුවෙයි.

ගල්පාගම ආරම්භයේ තැනිතලා පෙදෙසේ සිට බැලු විට බඹරගල කඳු වැටිය ඉතා මනස්කාන්ත දර්ශනයකි.

බඹරගල ඉතිහාසයට සාක්ෂි දරණ සෙල් ලිපි සමහරක් වසර 2300 ක් පමණ පැරණි බවට පුරාවිද්‍යා පර්යේෂණ අනූව පෙන්වා දී ඇත. ක්‍රි.පු. 03 වන සියවසේ සිට ක්‍රි.පු. 12 වන සියවස දක්වා මෙය ආරණ්යක්ව පැවති අතර මෙයට වසර 800 කට පමණ පෙර මෙහි ලිය වී ඇති අවසාන සෙල් ලිපිය සටහන් කර ඇත.

අතීත. තොරතුරු අනුව වලගම්භා රජු යුගයේ ඇති වූ බැමිනිටියා සාය නැමති නියඟයට පසු වල් බිහි වී බොහෝ කාලයක් වනගතව තිබී ඇත.

පරණි සෙල් ලිපි සහිත ලෙන් 06 ක් සමඟ මෙම කන්දෙන් මෙතෙක් හමු වී ඇති ගල්ලෙන් ගණන 15 ක් පමණ වේ. බඹරගල ලෙන ආශ්‍රිතිව ක්‍රි.පු. 03 වන සියවසේ ලියවුනු බ්රාහ්මී අක්ෂර සෙල්ලිපියක් ඇත. බඹරගල ලෙන් තුල විශාල වශයෙන් බඹර වද බැද තිබීම මෙයට බඹරගල නම පටබැඳිමට හේතු වී යයි පැවසේ.

එමෙන්ම මෙහි හමු වන ලෙන් වලට සාපේක්ෂව විශාල ලෙනක් වන කන බිසෝ ලෙන වැදගත් කමක් උසුලයි. දිගින් අඩි 100 ක්ද පළලින් අඩි 24 ක්ද වන මෙම ලෙන් පියස්සේ අඩි 24 දිගට කටාරම් කොටා ඇත. පසෙකින් මැටියෙන් බිත්ති බැඳ ඇති අතර එයට යාම උළුවස්සක් හා ජනේලයක් සකස්කර ඇත.

එමෙන්ම වත්මන් බෝධීන් වහන්සේ අභියස ගල්තලාව මත දුන්නක ඊතලයක හා කඩුවක සටහනක්ද සටහන් වී ඇති අතර නගර අකුරින් කොටා ඇති සෙල්ලිපයක්ද දැකගත හැකිය

බඹරගල කන්දේ ඵෙතිහාසික පසුබිම ගැන කරුනු සෙවිමේදී එහි ඇති නටඹුන් ගල්කණු පිළිම ආදිය වැදගත් වේ. මෙහි ඇති විහාර ගොඩැල්ල පැරණි විහාරයක නටබුන් සේම වෙහෙරගොඩැල්ල නම් ගල්ගොඩ එම ආකාරයේ චෛත්‍යයකි. බඹරගල කන්ද හා බැඳුනු ජන ශ්රැතිද බෙහෝමයකි.

අතීතමය්දී මෙය බලකොටුවක්ව පැවති ස්ථානයක් යැයි සමහරු පෙන්වා දෙති. කන්දේ ඉහළ නටඹුන්ව ඇති විශාල ගල් බැම්ම එහි කොටසකැයි සමහරු පෙන්වා දෙති.

කෙසේ නමුදු මංගර නම් රජකෙනෙකු මෙහි විසූ බවත් ඔහු සතුව ඉතා වටිනා මානික්‍යයක් පැවති බවත් පැවසේ. මංගර රජු මාලිගයෙන් පිටතට යන විට මෙය ෙදස බලා යාම සිරිතක්ව පැවති බවත් එය රහස් කුටියක තම දේවියටවත් නොපෙනෙන ලෙස තිබු බවත් පැවසේ.

එහිදී දේවියට මේ පිළිබඳව සැක සිතී හොර රහසේ දොර සිදුරෙන් බැලීමට ගිය විට එක් ඇසක් අන්ධ වූ බවත් අනෙක් ඇසත් තබා බැලු විට එයද අන්ධ වූ හෙයින් කණ බිසෝ ලෙස ඇයට නම පටබැදී ඇත. පසුව මංගර රජු විසින් ඇයට ආවතේව සඳහා පිරිසක් වෙන් කළ අතර ලෙනේ සිට ඉහළ පොකුණ වෙත යාමට කණ වැලක්ද ඇද සකස්කර දී ඇත. එහෙත් ඇයට ආවතේව කිරීමට අකමැති මෙහෙකරුවන් පිරිසක් ලෙනේ බිමට දිවෙන කනවැල ප්රපාතයක් දෙසට දිෙවන පරිදි ඇද තබා ඇත. සුපුරුදු ලෙසින් කනවැල අල්ලාගෙන ඉහළ පොකුණට මුව දෝවනයට ගිය කන බිසව ප්‍රපාතයෙන් පහලට ඇද වැටී මිය ගිය බන සඳන් වේ. එහිදි මංගර රජු විසින් තමන් සතු වටිනා මැණික් ගලද රත්තරන් යෂ්ටි දෙකක්ද සමගින් කණබිසවගේ දේහය කණබිසෝ ලෙන අසල ගල්තලවේ තැන්පත් කර ඇත. අදද එම ස්ථානය ගල් පියන් තුනකින් වසා ඇති අයුරු දැක ගත හැකි අතර මෙම නිධානය ගැනීමට ගල් බෝර දමා එම ප්‍රදේශය විනාශ කර ඇති අයුරු දැක ගත හැක. මේ අයුරන් කණ බසෝ ලෙනට නම පටබැදුනු අතර ඒ වටා බැඳුනු පුරා වෘතද අදත් මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන යනු ලබයි.

මංගර රජු අභාවයෙන් පසු දේවත්වයක් ලැබූ බවත්, දැන් මංගර දෙවියන් යනුවෙන් හැදින්වෙන බවත් තතු දත්තෝ පවසති.

මංගර දෙවියන් පිළිබඳව මෙම ප්‍රදේශයේ ගැමියන් අතර විවධ මත වාද ඇත.

මංගර දෙවියන් හරකුන්ට අධිපති දෙවියෝ ගොපළු යකා ආදී විශ්වාස ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

මංගර දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තම ගවපට්ටි ලෙඩරෝග වලින් ආරක්ෂා වන බව ඔහු විශ්වාස කරති.

බඹරගල හා බැදුනු අපූරු ජනකථාවක් ඇත. අදද මෙහි ගැමියෝ ගල්පාය කුඹුරු වපුරමින් ගොඩමඩ ගොවිතැන් කටයුතු කෘෂිකාර්මික දිවිපෙවතක් ගත කරයි. බඹරගල වන භූමිය ආසන්නයේ කුඩාව නම් ඔය ගලා බසී. එය හරස් කොට ගල් අමුණ හා තල් අමුණ ලෙස අමුණු 02 ක් පැවත ඇත. ඒ අනූව ගල්පාය වෙල නම් විශාල වෙල් යාය බිහි වූ අතර ගැමි පුද සිරිත අනූව එම කුඹුරු වැපිරීම ප්‍රදේශයේ ගොවියෝ සිදු කරයි.

අතීතයේදී මෙම කුඹුරු වපුරා අස්වනු නෙලීමේදී දැ කැති ලබා ගැනීම සඳහා බඹරගල ආණ්ය මුල් කරරගෙන අපුරු පුද සිරිතක් පවත්වා ඇත. අස්වනු නෙලීමට පෙර දින කුඩා ඔයෙන් නා පිරිසිදු වන ගෙවීන් සුදු වතින් සැරසී සන්ධ්‍යාවේ දී පසු දින තමන්ට අවශ්‍ය දැ කැති ගණනට බුලත් කොළ තබති. පසු දින උදේ බඹරගල ලෙන් දොර අභියස ඇත්දත් මිටවල් ගැසූ රන් දෑ කැති අවශ්‍යය පමණට තිබී ඇත. එම දැ කැති ගෙන තම කාරිය කරගත් ගොවීන් ඒවා පිරිසිදු කර සවස ලෙන් දොර ඇභියස තබා යති.

මෙහිදී අස්වනු නෙලූ දා රාත්‍රියේ අපූරු සිද්ධියක් වන්නේයයි මෙම ගැමි කථාවේම සඳහන් වේ. මංගර දෙවියන්ගේ කොටස හා ගොවීන්ගේ කොටස රාත්‍රී කාලයේ පැමිණෙන සුදු නයෙකු විසින් සම සමව බෙදා යන බවත් මංගර දෙවියන්ගේ තවලම් ගොනුන් පැමිණ එම වී අස්වනු බඹරගල භූමියට රැගෙන එන බවත් සඳහන් වේ.

එහෙත් පසුකලෙක ගොවීන් ලබාගන්නා රන් දෑකැති වෙනුවට එක් ගොවියෙක් වෙනත් දෑකැත්තක් තබා වංචා කිරීමත් සමග රන් දෑකැති දීම නතර වී ඇති අතර අස්වනු නෙලූ පසු ඒවා ගෙන යෑමට පැමිණෙන මංගර දෙවියන්ගේ තවලම් ගොනුන්ගේ නායක ගොනා පිට මත බොල් වී ගෝනියක් පැටවූ දින ගල්පාය අමුණා බිදී ගොස් මහ වනාශක් වී ඇති බවත් අද දක්වාම මෙම අමුණ කිසි ම ආකාරයෙකින් පිලියෙල කිරීමට නොහැකි වි ඇති බවත් ගැමියෝ පවසති.

මෙම ජනකතාව දැඩි භක්තියකින් විශ්වාස කරන වැඩිහිටි ගැමි ගොවීහු වෙති. අද ද ගල්පාය ගම හා බඹරගල ආරණ්‍ය අතර පවතින්නේ යහපත් සම්බන්ධතාවයකි. මෙම ප්‍රදේශ වලට දැඩි ඉඩෝරකාලවලදී බඹරගල ආරණ්‍ය භූමියේ කන්ද උඩ ඇති 17 පමණ ගැඹුරු පොකුණ ඉසීම පෙර ලෙසින්ම අදද ගැමියන් ප්‍රදේශයට වැස්ස බලාපොරොත්තුවෙන් කරන චාරිත්රයකි. මෙය සිදුකල විට අනිවාර්යයයෙන්ම මෙම ප්‍රදේශයට වැස්ස ලැබෙන බව මෙහි වෙසෙන හිමිවරු පවසති. එහෙත් 1992 පැවති නියඟයේදී පොකුණ ඉස්ස විට බඹරගල කන්ද සීමවට පමණක් එම වේලේම වැසි ලැබුණු බව විහාර වාසී හිමි වරු පවසති. බඹරගල ආසන්නයෙන් කුඩාව ඔය නිසොල්මනේ ගලා බසී. මෙය වලවේ ගඟ පෝෂණය කරන අතුගංගාවකි. ඔයෙන් මෙපිට පුස්සතොට ප්‍රදේශයේ අතීත ජනාවාස තිබී ඇත. මේ හා සමානව ජනාවාස තිබු ප්‍රදේශයක් වනුයේ බඹරගලට ගිනිකොන දෙසින් පිහිටි වෙහෙරබින්ද යාය ප්රදේශයයි. පුස්සතොට හා වෙහෙර බින්ද යාය ප්‍රදේශ දෙෙකහිම පතල් කැනීමේදී වළංකොටු. ගල්කණු, මැණික් මාල, තඹ කාසි අදිය හමු වීම මෙහි අතීත සශ්‍රිකත්වය පිළිබඳ ඉතා හොද සාක්ෂියකි. අතීතයේදී මෙම ආරණ්‍ය සංවිධිධානය වී ඇත්තේ භික්ෂූ ආවාස කන්ද ඉහලින් පැවති බවත් පහල භෞතික පුජනීය ස්ථාන පැවති බවත් ය. එයට හේතුව වන්නට ඇත්තේ ආරණය වාසී භික්ෂුන් හට තම භවනා කටයුතු නිදහසේ සිදු කිරීමටත් පහත තැනිතලා ප්‍රදේශයක් පුජනීය ස්ථාන වලට බෞද්ධ ගැමි ජනතාවට බාධාවකින් තොරව සිත්සේ තම වන්දනා කටයුතු සිදු කර ගැනීමටත් හැකි වන ආකාරයෙන් විය හැක. වර්තමානයේ ගොතටුවේ ධම්මානන්ද හිමියන්ගේ නායකත්වය යටතේද වේර වත්තේ ඉන්ද්‍ර සුමන හිමිගේ උපදේශකත්වය යටතේද ඉතා රමණීය බෞද්ධාරාමයක් බවට පත්ව ඇත. ඵෙතිහාසික හා සාමාජික පසුබිම මෙසේ වෙතත්, මෙම අක්කර 800 පමණ වන භූමිය ආශ්‍රිතව ඇති පරිසර පද්ධතිය පිළිඳව සඳහන් කළ යුතු කරුණු අපමණය. අතර මැදි කලාපයට අයත් ව පිහිටා ඇති බඔරගල කඳු වටිය ආශ්‍රිතව දහයියා ගල, භඹරගල, මාලිගා ගල, කණබිසෝ ගල, ආදී වශයෙන් විශාල ගල්තලා දැකිය හැකිය. මෙම භුමි ප්‍රදේශය තුල සිදු කල නිරීක්ෂන අනූව වියලි කළාපීය මෝසම් වනාන්තර පුමුඛව දැකගත හැකි අතර තැනිතලා භූමි ආශ්‍රිතව තෘණ භූමි දැකගත හැකිය. මෙම වනාන්තර තුල කලුවර, කලුමැදිරිය, මිල්ල, හල්මිල්ල, දමිල, මුගුණ, බුරුත, හික්, කරඹ, ලෝලු, වෙලං, ආදිය මෙන්ම වටිනා ඹෟෂධ වන බිං කොහොඹ, විශ්ණු කාන්ති. රසකිඳ, කොතළ හිඹටු, සස්සඳ, යකිනාරං, හාතවාරියා, ඊතන, කෝමාරිකා, සිරිවැඩි බැබිල, හීං බෝවිටියා, කඩුපුල්, බේදුරු, මූනමල්, ඉගින, මගුල්කරද, වැනි දුර්ලභ ඹෟෂධ ශාකයන් දැක ගත හැකිය. උඩවලව ජාතික වනෝද්‍යානයේ ඉහළ සීමාව කිලෝමීටර් 3 ක් පමණ වන බැවින් මෙම ප්‍රදේශයේ අලි ඇතුන් දැක ගත හැක. දිවියන්ද දැක ගත හැක. ගෝනා, තිත් මුවා, මී මින්නා , ඉත්තෑවා, දඩුලේනා, වදුරා, කොළ දිවියා, හදුන් දිවයා, රිලවා ආදී සතුන්ද රාජලීන් විශේෂ කිපයක්ද මෙහි ජිවත් වීම විශේෂත්වයකි. ගිරවා, මයිනා සැළ ළිහිණියා, පතුල පෙන්දා, අවිච්චියා වලිකුකුළා ආදී පක්ෂින්ද දැක ගත හැක. උරගයින් අතර පිඹුරා නාගයා, තිත්පොළගා කුණකටුවා කරවලා, ආදීන් සේම මහ දණ්ඩියා බණ්ඩි තිත්තයා මඩකනයා, බුලත් පාපයා, පොල්මල් ආදා ආවේනික මිරිදිය මත්ස්‍යයින් වේ. සමනලුන් වර්ග බෙහෝමයක් වෙසෙනා මෙම වන වදුල හා සම්බනන්ධ පෞරාණික රාජධානිය අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරිමට නම් අප හට සුවිශාල මෙහෙයක් ඉටු කිරීමට ඇත.

[QUOTE="mayuri., post: 21435645, member: 291736"] [b]බඹරගල ආරන්ය සෙනසුන[/b] [SIZE="3"]ශ්‍රී ලංකාවේ ස්වභාවික ස්ථාන අතර ගල්ලෙන් සහිත කඳු ශිඛර සුවිශේෂි තැනක් ගනී. අතීත රාජධානී තුල ගල් ශිඛර සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වේ. අතීතයේ රජකම් කළ රජවරු තම ආරක්ෂාව සඳහා මෙවන් ස්ථාන වල තම රාජධානී ඉදිකොට ඇත. බොහෝ විට බෞද්ධ භික්ෂූ සංඝයාගේ විහාරය සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත. එවන් අතීත රාජධානියක් හා බෞද්ධාරාම බොහෝමයක් පැවති සුවිෙශ්ෂී පින්බිමකි බඹරගල. රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගල්පාය ගම තුල බඹරගල කන්ද පිහිටා ඇත. [IMG]http://i.imgur.com/R68Qgqe.jpg[/IMG] රත්නපුර, ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ පල්ලේබැද්ද කුඩා නගරයෙන් ගල්පාය අතුරු මාර්ගයේ සැතපුම් 5 ක් පමණ ගමන් කළ විට ඓතිහාසික බඹරගල ආරණ්‍ය සේනාසනය හමුවෙයි. ගල්පාගම ආරම්භයේ තැනිතලා පෙදෙසේ සිට බැලු විට බඹරගල කඳු වැටිය ඉතා මනස්කාන්ත දර්ශනයකි. [IMG]http://i.imgur.com/88MumtM.jpg[/IMG] බඹරගල ඉතිහාසයට සාක්ෂි දරණ සෙල් ලිපි සමහරක් වසර 2300 ක් පමණ පැරණි බවට පුරාවිද්‍යා පර්යේෂණ අනූව පෙන්වා දී ඇත. ක්‍රි.පු. 03 වන සියවසේ සිට ක්‍රි.පු. 12 වන සියවස දක්වා මෙය ආරණ්යක්ව පැවති අතර මෙයට වසර 800 කට පමණ පෙර මෙහි ලිය වී ඇති අවසාන සෙල් ලිපිය සටහන් කර ඇත. අතීත. තොරතුරු අනුව වලගම්භා රජු යුගයේ ඇති වූ බැමිනිටියා සාය නැමති නියඟයට පසු වල් බිහි වී බොහෝ කාලයක් වනගතව තිබී ඇත. [IMG]http://i.imgur.com/lIbe5xV.jpg[/IMG] පරණි සෙල් ලිපි සහිත ලෙන් 06 ක් සමඟ මෙම කන්දෙන් මෙතෙක් හමු වී ඇති ගල්ලෙන් ගණන 15 ක් පමණ වේ. බඹරගල ලෙන ආශ්‍රිතිව ක්‍රි.පු. 03 වන සියවසේ ලියවුනු බ්රාහ්මී අක්ෂර සෙල්ලිපියක් ඇත. බඹරගල ලෙන් තුල විශාල වශයෙන් බඹර වද බැද තිබීම මෙයට බඹරගල නම පටබැඳිමට හේතු වී යයි පැවසේ. එමෙන්ම මෙහි හමු වන ලෙන් වලට සාපේක්ෂව විශාල ලෙනක් වන කන බිසෝ ලෙන වැදගත් කමක් උසුලයි. දිගින් අඩි 100 ක්ද පළලින් අඩි 24 ක්ද වන මෙම ලෙන් පියස්සේ අඩි 24 දිගට කටාරම් කොටා ඇත. පසෙකින් මැටියෙන් බිත්ති බැඳ ඇති අතර එයට යාම උළුවස්සක් හා ජනේලයක් සකස්කර ඇත. [IMG]http://i.imgur.com/UAf7Z0T.jpg[/IMG] එමෙන්ම වත්මන් බෝධීන් වහන්සේ අභියස ගල්තලාව මත දුන්නක ඊතලයක හා කඩුවක සටහනක්ද සටහන් වී ඇති අතර නගර අකුරින් කොටා ඇති සෙල්ලිපයක්ද දැකගත හැකිය බඹරගල කන්දේ ඵෙතිහාසික පසුබිම ගැන කරුනු සෙවිමේදී එහි ඇති නටඹුන් ගල්කණු පිළිම ආදිය වැදගත් වේ. මෙහි ඇති විහාර ගොඩැල්ල පැරණි විහාරයක නටබුන් සේම වෙහෙරගොඩැල්ල නම් ගල්ගොඩ එම ආකාරයේ චෛත්‍යයකි. බඹරගල කන්ද හා බැඳුනු ජන ශ්රැතිද බෙහෝමයකි. අතීතමය්දී මෙය බලකොටුවක්ව පැවති ස්ථානයක් යැයි සමහරු පෙන්වා දෙති. කන්දේ ඉහළ නටඹුන්ව ඇති විශාල ගල් බැම්ම එහි කොටසකැයි සමහරු පෙන්වා දෙති. කෙසේ නමුදු මංගර නම් රජකෙනෙකු මෙහි විසූ බවත් ඔහු සතුව ඉතා වටිනා මානික්‍යයක් පැවති බවත් පැවසේ. මංගර රජු මාලිගයෙන් පිටතට යන විට මෙය ෙදස බලා යාම සිරිතක්ව පැවති බවත් එය රහස් කුටියක තම දේවියටවත් නොපෙනෙන ලෙස තිබු බවත් පැවසේ. එහිදී දේවියට මේ පිළිබඳව සැක සිතී හොර රහසේ දොර සිදුරෙන් බැලීමට ගිය විට එක් ඇසක් අන්ධ වූ බවත් අනෙක් ඇසත් තබා බැලු විට එයද අන්ධ වූ හෙයින් කණ බිසෝ ලෙස ඇයට නම පටබැදී ඇත. පසුව මංගර රජු විසින් ඇයට ආවතේව සඳහා පිරිසක් වෙන් කළ අතර ලෙනේ සිට ඉහළ පොකුණ වෙත යාමට කණ වැලක්ද ඇද සකස්කර දී ඇත. එහෙත් ඇයට ආවතේව කිරීමට අකමැති මෙහෙකරුවන් පිරිසක් ලෙනේ බිමට දිවෙන කනවැල ප්රපාතයක් දෙසට දිෙවන පරිදි ඇද තබා ඇත. සුපුරුදු ලෙසින් කනවැල අල්ලාගෙන ඉහළ පොකුණට මුව දෝවනයට ගිය කන බිසව ප්‍රපාතයෙන් පහලට ඇද වැටී මිය ගිය බන සඳන් වේ. එහිදි මංගර රජු විසින් තමන් සතු වටිනා මැණික් ගලද රත්තරන් යෂ්ටි දෙකක්ද සමගින් කණබිසවගේ දේහය කණබිසෝ ලෙන අසල ගල්තලවේ තැන්පත් කර ඇත. අදද එම ස්ථානය ගල් පියන් තුනකින් වසා ඇති අයුරු දැක ගත හැකි අතර මෙම නිධානය ගැනීමට ගල් බෝර දමා එම ප්‍රදේශය විනාශ කර ඇති අයුරු දැක ගත හැක. මේ අයුරන් කණ බසෝ ලෙනට නම පටබැදුනු අතර ඒ වටා බැඳුනු පුරා වෘතද අදත් මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන යනු ලබයි. [IMG]http://i.imgur.com/coJAyaq.jpg[/IMG] මංගර රජු අභාවයෙන් පසු දේවත්වයක් ලැබූ බවත්, දැන් මංගර දෙවියන් යනුවෙන් හැදින්වෙන බවත් තතු දත්තෝ පවසති. මංගර දෙවියන් පිළිබඳව මෙම ප්‍රදේශයේ ගැමියන් අතර විවධ මත වාද ඇත. මංගර දෙවියන් හරකුන්ට අධිපති දෙවියෝ ගොපළු යකා ආදී විශ්වාස ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මංගර දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තම ගවපට්ටි ලෙඩරෝග වලින් ආරක්ෂා වන බව ඔහු විශ්වාස කරති. බඹරගල හා බැදුනු අපූරු ජනකථාවක් ඇත. අදද මෙහි ගැමියෝ ගල්පාය කුඹුරු වපුරමින් ගොඩමඩ ගොවිතැන් කටයුතු කෘෂිකාර්මික දිවිපෙවතක් ගත කරයි. බඹරගල වන භූමිය ආසන්නයේ කුඩාව නම් ඔය ගලා බසී. එය හරස් කොට ගල් අමුණ හා තල් අමුණ ලෙස අමුණු 02 ක් පැවත ඇත. ඒ අනූව ගල්පාය වෙල නම් විශාල වෙල් යාය බිහි වූ අතර ගැමි පුද සිරිත අනූව එම කුඹුරු වැපිරීම ප්‍රදේශයේ ගොවියෝ සිදු කරයි. අතීතයේදී මෙම කුඹුරු වපුරා අස්වනු නෙලීමේදී දැ කැති ලබා ගැනීම සඳහා බඹරගල ආණ්ය මුල් කරරගෙන අපුරු පුද සිරිතක් පවත්වා ඇත. අස්වනු නෙලීමට පෙර දින කුඩා ඔයෙන් නා පිරිසිදු වන ගෙවීන් සුදු වතින් සැරසී සන්ධ්‍යාවේ දී පසු දින තමන්ට අවශ්‍ය දැ කැති ගණනට බුලත් කොළ තබති. පසු දින උදේ බඹරගල ලෙන් දොර අභියස ඇත්දත් මිටවල් ගැසූ රන් දෑ කැති අවශ්‍යය පමණට තිබී ඇත. එම දැ කැති ගෙන තම කාරිය කරගත් ගොවීන් ඒවා පිරිසිදු කර සවස ලෙන් දොර ඇභියස තබා යති. මෙහිදී අස්වනු නෙලූ දා රාත්‍රියේ අපූරු සිද්ධියක් වන්නේයයි මෙම ගැමි කථාවේම සඳහන් වේ. මංගර දෙවියන්ගේ කොටස හා ගොවීන්ගේ කොටස රාත්‍රී කාලයේ පැමිණෙන සුදු නයෙකු විසින් සම සමව බෙදා යන බවත් මංගර දෙවියන්ගේ තවලම් ගොනුන් පැමිණ එම වී අස්වනු බඹරගල භූමියට රැගෙන එන බවත් සඳහන් වේ. එහෙත් පසුකලෙක ගොවීන් ලබාගන්නා රන් දෑකැති වෙනුවට එක් ගොවියෙක් වෙනත් දෑකැත්තක් තබා වංචා කිරීමත් සමග රන් දෑකැති දීම නතර වී ඇති අතර අස්වනු නෙලූ පසු ඒවා ගෙන යෑමට පැමිණෙන මංගර දෙවියන්ගේ තවලම් ගොනුන්ගේ නායක ගොනා පිට මත බොල් වී ගෝනියක් පැටවූ දින ගල්පාය අමුණා බිදී ගොස් මහ වනාශක් වී ඇති බවත් අද දක්වාම මෙම අමුණ කිසි ම ආකාරයෙකින් පිලියෙල කිරීමට නොහැකි වි ඇති බවත් ගැමියෝ පවසති. මෙම ජනකතාව දැඩි භක්තියකින් විශ්වාස කරන වැඩිහිටි ගැමි ගොවීහු වෙති. අද ද ගල්පාය ගම හා බඹරගල ආරණ්‍ය අතර පවතින්නේ යහපත් සම්බන්ධතාවයකි. මෙම ප්‍රදේශ වලට දැඩි ඉඩෝරකාලවලදී බඹරගල ආරණ්‍ය භූමියේ කන්ද උඩ ඇති 17 පමණ ගැඹුරු පොකුණ ඉසීම පෙර ලෙසින්ම අදද ගැමියන් ප්‍රදේශයට වැස්ස බලාපොරොත්තුවෙන් කරන චාරිත්රයකි. මෙය සිදුකල විට අනිවාර්යයයෙන්ම මෙම ප්‍රදේශයට වැස්ස ලැබෙන බව මෙහි වෙසෙන හිමිවරු පවසති. එහෙත් 1992 පැවති නියඟයේදී පොකුණ ඉස්ස විට බඹරගල කන්ද සීමවට පමණක් එම වේලේම වැසි ලැබුණු බව විහාර වාසී හිමි වරු පවසති. බඹරගල ආසන්නයෙන් කුඩාව ඔය නිසොල්මනේ ගලා බසී. මෙය වලවේ ගඟ පෝෂණය කරන අතුගංගාවකි. ඔයෙන් මෙපිට පුස්සතොට ප්‍රදේශයේ අතීත ජනාවාස තිබී ඇත. මේ හා සමානව ජනාවාස තිබු ප්‍රදේශයක් වනුයේ බඹරගලට ගිනිකොන දෙසින් පිහිටි වෙහෙරබින්ද යාය ප්රදේශයයි. පුස්සතොට හා වෙහෙර බින්ද යාය ප්‍රදේශ දෙෙකහිම පතල් කැනීමේදී වළංකොටු. ගල්කණු, මැණික් මාල, තඹ කාසි අදිය හමු වීම මෙහි අතීත සශ්‍රිකත්වය පිළිබඳ ඉතා හොද සාක්ෂියකි. අතීතයේදී මෙම ආරණ්‍ය සංවිධිධානය වී ඇත්තේ භික්ෂූ ආවාස කන්ද ඉහලින් පැවති බවත් පහල භෞතික පුජනීය ස්ථාන පැවති බවත් ය. එයට හේතුව වන්නට ඇත්තේ ආරණය වාසී භික්ෂුන් හට තම භවනා කටයුතු නිදහසේ සිදු කිරීමටත් පහත තැනිතලා ප්‍රදේශයක් පුජනීය ස්ථාන වලට බෞද්ධ ගැමි ජනතාවට බාධාවකින් තොරව සිත්සේ තම වන්දනා කටයුතු සිදු කර ගැනීමටත් හැකි වන ආකාරයෙන් විය හැක. වර්තමානයේ ගොතටුවේ ධම්මානන්ද හිමියන්ගේ නායකත්වය යටතේද වේර වත්තේ ඉන්ද්‍ර සුමන හිමිගේ උපදේශකත්වය යටතේද ඉතා රමණීය බෞද්ධාරාමයක් බවට පත්ව ඇත. ඵෙතිහාසික හා සාමාජික පසුබිම මෙසේ වෙතත්, මෙම අක්කර 800 පමණ වන භූමිය ආශ්‍රිතව ඇති පරිසර පද්ධතිය පිළිඳව සඳහන් කළ යුතු කරුණු අපමණය. අතර මැදි කලාපයට අයත් ව පිහිටා ඇති බඔරගල කඳු වටිය ආශ්‍රිතව දහයියා ගල, භඹරගල, මාලිගා ගල, කණබිසෝ ගල, ආදී වශයෙන් විශාල ගල්තලා දැකිය හැකිය. මෙම භුමි ප්‍රදේශය තුල සිදු කල නිරීක්ෂන අනූව වියලි කළාපීය මෝසම් වනාන්තර පුමුඛව දැකගත හැකි අතර තැනිතලා භූමි ආශ්‍රිතව තෘණ භූමි දැකගත හැකිය. මෙම වනාන්තර තුල කලුවර, කලුමැදිරිය, මිල්ල, හල්මිල්ල, දමිල, මුගුණ, බුරුත, හික්, කරඹ, ලෝලු, වෙලං, ආදිය මෙන්ම වටිනා ඹෟෂධ වන බිං කොහොඹ, විශ්ණු කාන්ති. රසකිඳ, කොතළ හිඹටු, සස්සඳ, යකිනාරං, හාතවාරියා, ඊතන, කෝමාරිකා, සිරිවැඩි බැබිල, හීං බෝවිටියා, කඩුපුල්, බේදුරු, මූනමල්, ඉගින, මගුල්කරද, වැනි දුර්ලභ ඹෟෂධ ශාකයන් දැක ගත හැකිය. උඩවලව ජාතික වනෝද්‍යානයේ ඉහළ සීමාව කිලෝමීටර් 3 ක් පමණ වන බැවින් මෙම ප්‍රදේශයේ අලි ඇතුන් දැක ගත හැක. දිවියන්ද දැක ගත හැක. ගෝනා, තිත් මුවා, මී මින්නා , ඉත්තෑවා, දඩුලේනා, වදුරා, කොළ දිවියා, හදුන් දිවයා, රිලවා ආදී සතුන්ද රාජලීන් විශේෂ කිපයක්ද මෙහි ජිවත් වීම විශේෂත්වයකි. ගිරවා, මයිනා සැළ ළිහිණියා, පතුල පෙන්දා, අවිච්චියා වලිකුකුළා ආදී පක්ෂින්ද දැක ගත හැක. උරගයින් අතර පිඹුරා නාගයා, තිත්පොළගා කුණකටුවා කරවලා, ආදීන් සේම මහ දණ්ඩියා බණ්ඩි තිත්තයා මඩකනයා, බුලත් පාපයා, පොල්මල් ආදා ආවේනික මිරිදිය මත්ස්‍යයින් වේ. සමනලුන් වර්ග බෙහෝමයක් වෙසෙනා මෙම වන වදුල හා සම්බනන්ධ පෞරාණික රාජධානිය අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරිමට නම් අප හට සුවිශාල මෙහෙයක් ඉටු කිරීමට ඇත. [IMG]http://i.imgur.com/PnUE4xV.jpg[/IMG] [IMG]http://i.imgur.com/SXAUFIm.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom