Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බඹසර රැක්කත් සුගතිය වළකන අකුසල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://mahamegha.lk/2020/07/06/mambasara-rakkath-sugathiya-wanasana-akusal/

මහාමේඝ පුවත්පත තුළින් විටින් විට, උතුම් සීලයක් වන බඹසර සීලය ගැන ඔබට කරුණු ඉගෙන ගන්ට ලැබිණි. බුද්ධ ශාසනය තුළ විශේෂයෙන් බඹසර ‘බ්‍රහ්මචරියාව’ යන නාමය යෙදෙන්නේ පිරිසිදු නිවන් මාර්ගයටයි. සීල, සමාධි, ප්‍රඥා සහිත උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ බ්‍රහ්මචරියාව යි. ඊට අමතරව හික්මීමක් ලෙස සියලු කාමුක හැසිරීම්වලින් වැළකීම බ්‍රහ්මචාරී සීලය ලෙස දැක්වේ. විවාහය තෙක් මේ සංවරය පවතිනවිට එය ‘කුමර බඹසර, කුමරි බඹසර’ ලෙස ළාබාල තරුණ දූපුතුන්ට මහත් පිනක් උපද්දයි. තවත් අයෙක් මේ සිල් පිළිබඳව නොදන්නා නිසාත් පිරිහුණු සමාජයක ජීවත් වන නිසාත් නොදැනම තමාගේ පිරිසිදු ජීවිත කිළිටි කර ගනිති. නමුත් ඒ ගැන ධර්මයෙන් දැනගත් දා පටන් බඹසර පුරුදු කරති. විවාහයෙන් පසු ‘පතිව්රතාව’ එක්තරා බඹසර සීලයක් ලෙස සඳහන් වන අවස්ථා ද වෙයි. ගිහි ගෙදර අත්හළ භික්ෂූන් වහන්සේලා හා සිල් මාතාවරු හුදෙක් මුළු ජීවිතය ම බඹසර සිල් රකිමින් පැවිදි දිවිය පවිත්‍ර කර ගනිති. මේ වන විටත් බොහෝ දෙනෙක් උතුම් බඔසර සිල් පුරුදු පුහුණු වීමට උත්සහ කරති. අයෙකුට එය ඉතා පහසු ය. අයෙකුට ඉතා අපහසු ය. පහසුවෙන් සිල් රකින අයෙක් ‘දැන් ඉතින් සියල්ල හරි’ ය යනුවෙන් වැරදි දෘෂ්ඨියකට පැමිණෙන්නට පුළුවන. සිල් රකින්නට අපහසු අය ‘අපට බුදු සසුනේ පිහිටක් නැද්දෝ’ යි අඳෝනා නැගීමට පුළුවන. මේ සියලු දෙනාගේ දැන ගැනීම පිණිස වැඩිපුර යමක් මේ ලිපියෙන් විස්තර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

උතුම් බ්‍රහ්මචාරී බව සීලයක් ලෙස ආරක්ෂා කරත් වෙනත් පාපී අකුසල් නිසා එතුළින් හුදෙක් සුගතිය හෝ නිවන කරා යෑමට බාධා පැමිණේ. ඒ පිළිබඳ දැනගෙන සිටීම උපකාරී ය. මේ සඳහා හොඳම උදාහරණය ඔබට ම වැටහෙනු ඇත. එනම් දේවදත්ත ගැන සිතන්න. දැන් දේවදත්ත සිටින්නේ අවිචී මහා නරකයේ ය. දේවදත්ත බ්‍රහ්මචාරී නොවේ ද? ඔහු බ්‍රහ්මචාරී ය. බඹසර සිල් කඩා ගත්තේ නැත. එනමුත් ආනන්තරීය පාපයත්, කෙලෙහි ගුණ නැතිවීමත්, ලාභ සත්කාරවලට යටවීමත්, මිත්‍රද්‍රෝහී බවත් ඔහුව නිරයට රැගෙන ගියේය. කෝකාලික භික්ෂුව දෙස බලන්න. ඔහු ද බඹසර කඩා ගත්තේ නැත. එනමුත් ආර්ය උපවාදය හේතු කරගෙන පදුම නිරයේ දුක් විඳියි. මේ පාපී අකුසල් විසින් ඔවුන් නිරයට රැගෙන යනු ලැබීය. ඒ පාපී අකුසල් නිසා බඹසර පින, මහා සොරෙක් ඉදිරියේ දිළින්දෙක් සේ බයාදු වී ගියේය.

136ක් වූ අපායේ උපත ලැබීමට හේතු වූ පාපී කාරණා දෙස බලද්දීත්, ප්‍රේත ජීවිත දෙස බලද්දීත්, මේ සතර අපා දුකට හෙලන බලවත් පාප කර්ම සත්වයා බොහෝ දුරට සිදුකරගෙන ඇත්තේ කටින් ය. වචනයෙන් සිදුවන පාපය බඹසර පින අභිබවා සිටි අවස්ථා තිබේ. නිදසුනක් ලෙස ගතහොත් ප්‍රේත වස්තුවේ සූකර ප්‍රේත වස්තුව, පූතිමුඛ ප්‍රේත වස්තුව දෙස බලද්දී ඒ ප්‍රේතයෝ බොහෝ කලක් ප්‍රේත අපායේ දුක් විඳින්නේ කටින් පව් කළ නිසා ය. කේළම, බොරුව, පරුෂ වචන, බොරුවට දිව්රීම නිසා කරගත් පාපයන් ය. එහිදී බඹසර රැක්ක නිසා රන්වන් සමක් ලැබිණි. නමුත් වචනයෙන් කළ පාපයෙන් ප්‍රේත ජීවිතයක් උරුම විය. සූකර ප්‍රේතයා කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුවකි. උන්වහන්සේ හොඳින් බඹසර රැකි නමුත් කේළාම් කියා යහපත් භික්ෂූන් භේද කිරීමේ පාපය සිදු කර ගත්තේ ය. බුද්ධාන්තරයක් අපා දුක ඒ තුළින් ඉපදවීය.

ප්‍රේත වස්තුවේ තවත් සිදුවීමක් එයි. එහි ප්‍රේතියක් අසූචි වලක අසූචි කමින් සිටී. ඈ සිටින්නේ තවත් ප්‍රේතයෙකුගේ කර පිටයි. ඇගේ අසූචි ඒ ප්‍රේතයා බුදියි. මේ මක් නිසා ද? කාශ්‍යප බුදු සසුනේ භික්ෂුවක් හා දායිකාවක් වූ මොවුන් දෙදෙනා, තරඟෙට සුපේෂල භික්ෂුන්ට ගරහා, අඩුපාඩු පැය ගණන් කතා කර කර සිටීම යි. ඒ භික්ෂුව බඹසර රැක්කේය. වචනය රැක්කේ නැත. දැන් ප්‍රේතයෙකි. කොපමණ හොඳින් බඹසර රැක්කත් වචනය අසංවර නම් එහි අනතුරක් ඇත. බඹසර නිසා නොව වචනය වරද්දාගත් නිසා ය.

යහපත් සත්පුරුෂ ගුරුවරුන් අතහැර යෑම, කෙලෙහි ගුණ නොදන්නා බව අනෙක් අඳුරු වළාවයි. මහා කස්සප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු විසින් මහා කස්සප තෙරුන්ගේ කුටියට ගිනි තබා පැන ගියේ ය. හේතුව මහා කස්සප තෙරුන් සිසුවාට අවවාද කිරීමයි. ගුරු ඔවදනට ගැටුනු, ගුරුවරයා අතහැර ගිය කෙළෙහිගුණ නොදත් ඒ අසත්පුරුෂ සිසුවා අදටත් නිරයේ පැසෙයි. කෘතඥතාවය නැති අයෙක් කොයිතරම් හොඳට බඹසර රැක්කත් ඔහු සිටින්නේ අසත්පුරුෂ භූමියෙහි ය. ගුරු ගෞරවය නැති බවත්, කෙළෙහිගුණ නොදන්නා බවත් බඹසර පින වසා දමයි.

සතර අපායට කෙනෙකු ඇද වැටීම සිදු වන්නේ විපත් තුනක් නිසාවෙනි. සීල විපත්ති, චිත්ත විපත්ති, දිට්ඨි විපත්ති යනු ඒ තුනයි. බඹසර රකින කෙනෙකු වෙනත් සිල්පද ගැන සංවරය නොවුණොත්, වචී සංවරය නොවුණොත් එය සීල විපත්තියක් ලෙස ඉදිරිපත් වී සුගතිය අහිමි කරන්නට පිළිවන. චිත්ත විපත්තිය යනු සිත දූෂණය වීමයි. කෙනෙක් උතුම් බඹසර ආදී සීලයෙන් හොඳින් පිරිසිදු වන්නට පුළුවන්. ඒත් ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන්, වෛරයෙන්, තරහාවෙන්, මසුරු බවින්, එකට එක කිරීම ආදී වෙනත් පාපී චේතනාවෙන් සිත අපිරිසිදු වී එය බලවත් වීමෙන් සුගතිය අහිමි වෙන්නට පිළිවන. පසුතැවිලි වීම අයිති චිත්ත විපත්තියට යි. නිදසුනක් වශයෙන් ගතහොත්, ඒරකපත්ත නාග රජුගේ කතාව බලන්න. මේ භික්ෂුව කාශ්‍යප බුද්ධ ශාසනයේ වසර 20,000ක් බඹසර රැකි භික්ෂුවකි.

නමුත් නැවකට ගොඩවෙද්දි තමාගේ අතින් ගසක කොළයක් කැඩී ඒ ගැන කුකුස් කරමින් පසුතැවිලි වෙවී සිටිනා අතරතුර නැව පෙරලී අපවත් වී ඒ ගඟේම නාගයෙක් විය. බලන්න, පසුතැවිලි වීම, කුකුස් කර කර සිටීම කොයිතරම් භයානක ද? සීලයක් පලුදු වූ විට ඒ ගැන තේරුම් ගෙන, පිරිසිදු වන ක්‍රමයෙන් පිරිසිදු වී හිත හදාගෙන තමන්ගේ ප්‍රතිපදාව පුරුදු කර ගත යුතුය. බඹසර රකින්නට අපහසු අයත් “අනේ මට බැරියෝ, මේ මගේ පාපයක් දෝ” කිය කියා පසුතැවිලි වීම මහා භයානක ය. තමා රකින පංචසීලය ගැන සිතා සතුටු වීමට ඇති අවස්ථා ඔහුට අහිමි වෙයි. ඒ නිසා චිත්ත ශුද්ධිය ගැන සිතිය යුතු ය.

දිට්ඨි විපත්තිය යනු දෘෂ්ටියේ ඇති වැරදි බවයි. හොඳින් බඹසර රකිමින් ස්ත්‍රී ඇසුරක් නොමැතිව, කාම ඇසුරක් නොමැතිව දේවාලවල සාස්තර කියන අය සිටිති. අණ විණ කොඩිවිණ කරමින් සිටිති. මේවා දෘෂ්ඨි විපත්ති ය. එබැවින් බඹසර රැකුනාට සුගතිය ලබා දෙන්නේ නැත. වෙනත් ආගම් හා දෘෂ්ඨි වාදවලත් බඹසර රකිමින් සිටින ශ්‍රාවකයෝ සිටිති. නිගණ්ඨ ශ්‍රාවකයෝ දිවි හිමියෙන් කාම ඇසුර වර්ජනය කළ තාපසයෝ ය. ඔවුහු නිරුවතින් සිටිති. කිසිදු රාගික හැඟීමක් උපදවා නොගනිති. එහෙත් ඔවුන් විපරීත දෘෂ්ඨිය නිසා සුගතිය වසාගෙන සිටිති. බඹසර රකින තාපසයෝ බොහෝ විට අසුර නිකායේ උපදින්නේ දිට්ඨි විපත්තිය නිසාවෙනි.

මේ අනුව බලන කල සීල විපත්ති, චිත්ත විපත්ති, දිට්ඨි විපත්ති, ආර්යෝපවාදය, මිත්‍රද්‍රෝහී වීම, කෙළෙහිගුණ නොදන්නා බව, සිල්වතුන්ට ගැරහීම, පසුතැවිලි වීම බහුල බව, පංච ආනන්තරීය කර්ම, මිත්‍යා දෘෂ්ඨික බව ආදී නොයෙක් අකුසල් නිසා උතුම් බඹසර නැමැති සීලයේ ඵලය වසා දමයි. ඒ සඳක් අඳුරු වලාවෙන් වැසෙන අයුරින් ය. උතුම් බඹසර සීලය ගැන පැහැදීම ඇති පින්වතුන් ඉහත කරුණු කාරණා ගැන විමසිය යුතුය. උතුම් ගුණ දහම් පුරුදු කරන සංවර අයෙකුට තමා රකින බඹසර මැණිකක් ඔප දැමීමක් බඳු ය. එයින් ඔහුගේ වටිනාකම, උතුම් බව තියුණු කරයි. ඔබ බොහෝ වෙහෙස විය යුත්තේ සත්පුරුෂයෙක් වීමට යි. සත්පුරුෂයා දුගතියට නොයයි. බඹසර කෙරෙහි පහන් අයගේ සුගතියට ඇති බාධා ඉවත් වේවා! යන අදහසින් මේ ලිපිය සැකසුවෙමි.

කායේන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ

මනසා සංවරෝ සාධු – සාධු සබ්බත්ථ සංවරෝ

සබ්බත්ථ සංවුතෝ භික්ඛු – සබ්බදුක්ඛා පමුච්චති.

කය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, වචනය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, සිත සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, ඔය සියල්ල සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, හැම දෙයකින් ම සංවර වූ භික්ෂුව, හැම දුකින් ම නිදහස් වන්නේය.

(ධම්ම පදය – භික්ෂු වර්ගය)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි

[QUOTE="vinuga, post: 25654702, member: 520332"] [URL]https://mahamegha.lk/2020/07/06/mambasara-rakkath-sugathiya-wanasana-akusal/[/URL] මහාමේඝ පුවත්පත තුළින් විටින් විට, උතුම් සීලයක් වන බඹසර සීලය ගැන ඔබට කරුණු ඉගෙන ගන්ට ලැබිණි. බුද්ධ ශාසනය තුළ විශේෂයෙන් බඹසර ‘බ්‍රහ්මචරියාව’ යන නාමය යෙදෙන්නේ පිරිසිදු නිවන් මාර්ගයටයි. සීල, සමාධි, ප්‍රඥා සහිත උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ බ්‍රහ්මචරියාව යි. ඊට අමතරව හික්මීමක් ලෙස සියලු කාමුක හැසිරීම්වලින් වැළකීම බ්‍රහ්මචාරී සීලය ලෙස දැක්වේ. විවාහය තෙක් මේ සංවරය පවතිනවිට එය ‘කුමර බඹසර, කුමරි බඹසර’ ලෙස ළාබාල තරුණ දූපුතුන්ට මහත් පිනක් උපද්දයි. තවත් අයෙක් මේ සිල් පිළිබඳව නොදන්නා නිසාත් පිරිහුණු සමාජයක ජීවත් වන නිසාත් නොදැනම තමාගේ පිරිසිදු ජීවිත කිළිටි කර ගනිති. නමුත් ඒ ගැන ධර්මයෙන් දැනගත් දා පටන් බඹසර පුරුදු කරති. විවාහයෙන් පසු ‘පතිව්රතාව’ එක්තරා බඹසර සීලයක් ලෙස සඳහන් වන අවස්ථා ද වෙයි. ගිහි ගෙදර අත්හළ භික්ෂූන් වහන්සේලා හා සිල් මාතාවරු හුදෙක් මුළු ජීවිතය ම බඹසර සිල් රකිමින් පැවිදි දිවිය පවිත්‍ර කර ගනිති. මේ වන විටත් බොහෝ දෙනෙක් උතුම් බඔසර සිල් පුරුදු පුහුණු වීමට උත්සහ කරති. අයෙකුට එය ඉතා පහසු ය. අයෙකුට ඉතා අපහසු ය. පහසුවෙන් සිල් රකින අයෙක් ‘දැන් ඉතින් සියල්ල හරි’ ය යනුවෙන් වැරදි දෘෂ්ඨියකට පැමිණෙන්නට පුළුවන. සිල් රකින්නට අපහසු අය ‘අපට බුදු සසුනේ පිහිටක් නැද්දෝ’ යි අඳෝනා නැගීමට පුළුවන. මේ සියලු දෙනාගේ දැන ගැනීම පිණිස වැඩිපුර යමක් මේ ලිපියෙන් විස්තර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. උතුම් බ්‍රහ්මචාරී බව සීලයක් ලෙස ආරක්ෂා කරත් වෙනත් පාපී අකුසල් නිසා එතුළින් හුදෙක් සුගතිය හෝ නිවන කරා යෑමට බාධා පැමිණේ. ඒ පිළිබඳ දැනගෙන සිටීම උපකාරී ය. මේ සඳහා හොඳම උදාහරණය ඔබට ම වැටහෙනු ඇත. එනම් දේවදත්ත ගැන සිතන්න. දැන් දේවදත්ත සිටින්නේ අවිචී මහා නරකයේ ය. දේවදත්ත බ්‍රහ්මචාරී නොවේ ද? ඔහු බ්‍රහ්මචාරී ය. බඹසර සිල් කඩා ගත්තේ නැත. එනමුත් ආනන්තරීය පාපයත්, කෙලෙහි ගුණ නැතිවීමත්, ලාභ සත්කාරවලට යටවීමත්, මිත්‍රද්‍රෝහී බවත් ඔහුව නිරයට රැගෙන ගියේය. කෝකාලික භික්ෂුව දෙස බලන්න. ඔහු ද බඹසර කඩා ගත්තේ නැත. එනමුත් ආර්ය උපවාදය හේතු කරගෙන පදුම නිරයේ දුක් විඳියි. මේ පාපී අකුසල් විසින් ඔවුන් නිරයට රැගෙන යනු ලැබීය. ඒ පාපී අකුසල් නිසා බඹසර පින, මහා සොරෙක් ඉදිරියේ දිළින්දෙක් සේ බයාදු වී ගියේය. 136ක් වූ අපායේ උපත ලැබීමට හේතු වූ පාපී කාරණා දෙස බලද්දීත්, ප්‍රේත ජීවිත දෙස බලද්දීත්, මේ සතර අපා දුකට හෙලන බලවත් පාප කර්ම සත්වයා බොහෝ දුරට සිදුකරගෙන ඇත්තේ කටින් ය. වචනයෙන් සිදුවන පාපය බඹසර පින අභිබවා සිටි අවස්ථා තිබේ. නිදසුනක් ලෙස ගතහොත් ප්‍රේත වස්තුවේ සූකර ප්‍රේත වස්තුව, පූතිමුඛ ප්‍රේත වස්තුව දෙස බලද්දී ඒ ප්‍රේතයෝ බොහෝ කලක් ප්‍රේත අපායේ දුක් විඳින්නේ කටින් පව් කළ නිසා ය. කේළම, බොරුව, පරුෂ වචන, බොරුවට දිව්රීම නිසා කරගත් පාපයන් ය. එහිදී බඹසර රැක්ක නිසා රන්වන් සමක් ලැබිණි. නමුත් වචනයෙන් කළ පාපයෙන් ප්‍රේත ජීවිතයක් උරුම විය. සූකර ප්‍රේතයා කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භික්ෂුවකි. උන්වහන්සේ හොඳින් බඹසර රැකි නමුත් කේළාම් කියා යහපත් භික්ෂූන් භේද කිරීමේ පාපය සිදු කර ගත්තේ ය. බුද්ධාන්තරයක් අපා දුක ඒ තුළින් ඉපදවීය. ප්‍රේත වස්තුවේ තවත් සිදුවීමක් එයි. එහි ප්‍රේතියක් අසූචි වලක අසූචි කමින් සිටී. ඈ සිටින්නේ තවත් ප්‍රේතයෙකුගේ කර පිටයි. ඇගේ අසූචි ඒ ප්‍රේතයා බුදියි. මේ මක් නිසා ද? කාශ්‍යප බුදු සසුනේ භික්ෂුවක් හා දායිකාවක් වූ මොවුන් දෙදෙනා, තරඟෙට සුපේෂල භික්ෂුන්ට ගරහා, අඩුපාඩු පැය ගණන් කතා කර කර සිටීම යි. ඒ භික්ෂුව බඹසර රැක්කේය. වචනය රැක්කේ නැත. දැන් ප්‍රේතයෙකි. කොපමණ හොඳින් බඹසර රැක්කත් වචනය අසංවර නම් එහි අනතුරක් ඇත. බඹසර නිසා නොව වචනය වරද්දාගත් නිසා ය. යහපත් සත්පුරුෂ ගුරුවරුන් අතහැර යෑම, කෙලෙහි ගුණ නොදන්නා බව අනෙක් අඳුරු වළාවයි. මහා කස්සප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු විසින් මහා කස්සප තෙරුන්ගේ කුටියට ගිනි තබා පැන ගියේ ය. හේතුව මහා කස්සප තෙරුන් සිසුවාට අවවාද කිරීමයි. ගුරු ඔවදනට ගැටුනු, ගුරුවරයා අතහැර ගිය කෙළෙහිගුණ නොදත් ඒ අසත්පුරුෂ සිසුවා අදටත් නිරයේ පැසෙයි. කෘතඥතාවය නැති අයෙක් කොයිතරම් හොඳට බඹසර රැක්කත් ඔහු සිටින්නේ අසත්පුරුෂ භූමියෙහි ය. ගුරු ගෞරවය නැති බවත්, කෙළෙහිගුණ නොදන්නා බවත් බඹසර පින වසා දමයි. සතර අපායට කෙනෙකු ඇද වැටීම සිදු වන්නේ විපත් තුනක් නිසාවෙනි. සීල විපත්ති, චිත්ත විපත්ති, දිට්ඨි විපත්ති යනු ඒ තුනයි. බඹසර රකින කෙනෙකු වෙනත් සිල්පද ගැන සංවරය නොවුණොත්, වචී සංවරය නොවුණොත් එය සීල විපත්තියක් ලෙස ඉදිරිපත් වී සුගතිය අහිමි කරන්නට පිළිවන. චිත්ත විපත්තිය යනු සිත දූෂණය වීමයි. කෙනෙක් උතුම් බඹසර ආදී සීලයෙන් හොඳින් පිරිසිදු වන්නට පුළුවන්. ඒත් ක්‍රෝධයෙන්, ඉරිසියාවෙන්, වෛරයෙන්, තරහාවෙන්, මසුරු බවින්, එකට එක කිරීම ආදී වෙනත් පාපී චේතනාවෙන් සිත අපිරිසිදු වී එය බලවත් වීමෙන් සුගතිය අහිමි වෙන්නට පිළිවන. පසුතැවිලි වීම අයිති චිත්ත විපත්තියට යි. නිදසුනක් වශයෙන් ගතහොත්, ඒරකපත්ත නාග රජුගේ කතාව බලන්න. මේ භික්ෂුව කාශ්‍යප බුද්ධ ශාසනයේ වසර 20,000ක් බඹසර රැකි භික්ෂුවකි. නමුත් නැවකට ගොඩවෙද්දි තමාගේ අතින් ගසක කොළයක් කැඩී ඒ ගැන කුකුස් කරමින් පසුතැවිලි වෙවී සිටිනා අතරතුර නැව පෙරලී අපවත් වී ඒ ගඟේම නාගයෙක් විය. බලන්න, පසුතැවිලි වීම, කුකුස් කර කර සිටීම කොයිතරම් භයානක ද? සීලයක් පලුදු වූ විට ඒ ගැන තේරුම් ගෙන, පිරිසිදු වන ක්‍රමයෙන් පිරිසිදු වී හිත හදාගෙන තමන්ගේ ප්‍රතිපදාව පුරුදු කර ගත යුතුය. බඹසර රකින්නට අපහසු අයත් “අනේ මට බැරියෝ, මේ මගේ පාපයක් දෝ” කිය කියා පසුතැවිලි වීම මහා භයානක ය. තමා රකින පංචසීලය ගැන සිතා සතුටු වීමට ඇති අවස්ථා ඔහුට අහිමි වෙයි. ඒ නිසා චිත්ත ශුද්ධිය ගැන සිතිය යුතු ය. දිට්ඨි විපත්තිය යනු දෘෂ්ටියේ ඇති වැරදි බවයි. හොඳින් බඹසර රකිමින් ස්ත්‍රී ඇසුරක් නොමැතිව, කාම ඇසුරක් නොමැතිව දේවාලවල සාස්තර කියන අය සිටිති. අණ විණ කොඩිවිණ කරමින් සිටිති. මේවා දෘෂ්ඨි විපත්ති ය. එබැවින් බඹසර රැකුනාට සුගතිය ලබා දෙන්නේ නැත. වෙනත් ආගම් හා දෘෂ්ඨි වාදවලත් බඹසර රකිමින් සිටින ශ්‍රාවකයෝ සිටිති. නිගණ්ඨ ශ්‍රාවකයෝ දිවි හිමියෙන් කාම ඇසුර වර්ජනය කළ තාපසයෝ ය. ඔවුහු නිරුවතින් සිටිති. කිසිදු රාගික හැඟීමක් උපදවා නොගනිති. එහෙත් ඔවුන් විපරීත දෘෂ්ඨිය නිසා සුගතිය වසාගෙන සිටිති. බඹසර රකින තාපසයෝ බොහෝ විට අසුර නිකායේ උපදින්නේ දිට්ඨි විපත්තිය නිසාවෙනි. මේ අනුව බලන කල සීල විපත්ති, චිත්ත විපත්ති, දිට්ඨි විපත්ති, ආර්යෝපවාදය, මිත්‍රද්‍රෝහී වීම, කෙළෙහිගුණ නොදන්නා බව, සිල්වතුන්ට ගැරහීම, පසුතැවිලි වීම බහුල බව, පංච ආනන්තරීය කර්ම, මිත්‍යා දෘෂ්ඨික බව ආදී නොයෙක් අකුසල් නිසා උතුම් බඹසර නැමැති සීලයේ ඵලය වසා දමයි. ඒ සඳක් අඳුරු වලාවෙන් වැසෙන අයුරින් ය. උතුම් බඹසර සීලය ගැන පැහැදීම ඇති පින්වතුන් ඉහත කරුණු කාරණා ගැන විමසිය යුතුය. උතුම් ගුණ දහම් පුරුදු කරන සංවර අයෙකුට තමා රකින බඹසර මැණිකක් ඔප දැමීමක් බඳු ය. එයින් ඔහුගේ වටිනාකම, උතුම් බව තියුණු කරයි. ඔබ බොහෝ වෙහෙස විය යුත්තේ සත්පුරුෂයෙක් වීමට යි. සත්පුරුෂයා දුගතියට නොයයි. බඹසර කෙරෙහි පහන් අයගේ සුගතියට ඇති බාධා ඉවත් වේවා! යන අදහසින් මේ ලිපිය සැකසුවෙමි. [B]කායේන සංවරෝ සාධු – සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු – සාධු සබ්බත්ථ සංවරෝ සබ්බත්ථ සංවුතෝ භික්ඛු – සබ්බදුක්ඛා පමුච්චති. [/B] කය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, වචනය සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, සිත සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, ඔය සියල්ල සංවර කරගැනීම කොයි තරම් හොඳ ද, හැම දෙයකින් ම සංවර වූ භික්ෂුව, හැම දුකින් ම නිදහස් වන්නේය. (ධම්ම පදය – භික්ෂු වර්ගය) මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom