බයියන් චූන් කිරීමට: 'මට යලිත් පුළුවන්'

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,964
    113
    බයියන් චූන් කිරීමට: 'මට යලිත් පුළුවන්'

    පවුලේ අවුල වසන් කර බයියන් චූන් කිරීමට ගොස් ගොඩ දීම නා ගන්නා මහින්දගේ 'මට යලිත් පුළුවන්'

    රාජපක්ෂවාදීන්ට සත්‍ය වශයෙන්ම හරිහමන් ජනාධිපති අපේක්ෂකයෙක් නැත. ඔවුන් තම ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙකුම විය යුතු යැයි අදහන තරම් මැදමූලන වලව් ගැති බයියන්ය. ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකට පත් විය නොහැකි බව ගීතා කුමාරසිංහ නඩු තීන්දුවෙන් පැහැදිලිය. ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෙකු වීමට සුදුසුකම් අතර අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකට පත්වීමේ සුදුසුකම තිබිය යුතුය. ඒ අනුව ඇමරිකානු සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි ලාභීන් වන ගෝඨාභයට හෝ බැසිල්ට ඒ සඳහා අයැදුම් කළ නොහැකිය. එසේ වීමට නම් ඔවුන් තම ඇමරිකානු පුරවැසි භාවය අත් හළ යුතුය. බැසිල් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තමා ඇමරිකානු පුරවැසිභාවය අත් නොහරින බවයි. ගෝඨාභය වරෙක එවැනි අයැදුම් පතක් ඉදිරිපත් කර ඇති බව කියන අතර තවත් වරෙක කියන්නේ එවැනි අයැදුම්පතක් ඇමරිකානු බලධාරීන් වෙත ඉදිරියේ දී ඉදිරිපත් කරන බවකි. නමුත් ඇමරිකාව එවැනි අයැදුම්පතක් පිළිගෙන ඔවුන්ගේ පුරවැසි භාවය ඉවත් කරනවා යයි මෙතෙක් කියා නැත. ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ මානව හිමිකම් සංවිධාන 2 ක් අධිකරණ 2 ක නඩු පවරා තිබියදී ඒ නඩු වලින් තීන්දුවක් නොමැතිව ඔහුගේ පුරවැසි භාවය ඉවත් කරන්නේ ද නැත. අනෙක් අතට ගෝඨාභයට නිශ්චිතවම ජනාධිපති අපේක්ෂක ධූරය ලැබේය යන්න පවා අවිනිශ්චිතව තිබියදී ඇමරිකාවේ ඇති තම දේපොල පිලිබඳ වගකීම ද අතහැර දමමින් පුරවැසි භාවයත් ඉවත් කර ගැනීමට ඉදිරිපත් වන්නේ ද නැත.

    ඊලඟට සිටින රාජපක්ෂ සාමාජිකයා චමල් රාජපක්ෂ වුවත් චමල්ගේ පුත් ශෂීන්ද්‍රට රාජයෝගයක් තිබෙනවා යැයි ඇති බිය නිසා මහින්ද ශිරන්ති පවුල කිසිසේත්ම චමල් ජනාධිපති කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය නාමල්ගේ වයස සම්පූර්ණ වන තුරු අල්ලාගෙන හිඳීම ය. චමල් ජනාධිපති වුවහොත් නාමල් නන්නත්තාර කර ශෂීන්ද්‍රලා ශමීන්ද්‍රලා ඉදිරියට ගැනීම වැළැක්විය නොහැකිය. මේ තත්ත්වය අනුව ගෝඨාභය පිල සහ බැසිල් පිල අතර දරුණු ගැටුමක් පවතින්නේ ය. බැසිල් ප්‍රසිද්ධියේම වැලිගමදී පසුගිය ආණ්ඩුවේ පරාජයට ගෝඨාභයගේ මිලිටරි ක්‍රියාකාරකම් හේතු වූ බව කියා සිටියේ ය. අනෙක් අතට අස්ගිරියේ ගොයියාගේ හිට්ලර් කතාව නිසා ගෝඨාභය සුනාමියට හසුවූ පරඬලාවක් සේ නන්නත්තාර වී ගිය අතර දැනට අධි චෝදනා බාර දී ඇති බැසිල්ගේ දූෂණ නඩු, එක දිගට නඩු ඇහෙන මහාධිකරණයක විභාග වුවහොත් ජනාධිපතිවරණයකට පෙර බැසිල්ට ද දඬුවම් ලැබෙන්නේ ය. අධිකරණයකින් දඬුවම් ලැබූවෙකුට කිසිසේත්ම ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි ය. මේ සියළු තත්ත්වයන් නිසා රාජපක්ෂලාට හරි හමන් ජනාධිපති අපේක්ෂකයෙක් සොයා ගැනීම කළුණික සෙවීමටත් වඩා අසීරු ය.

    මේ තත්ත්වය තම බයියන් අතර ප්‍රචාරය වුවහොත් බයියන්ගේ මොරාල් එක නැතිවන බව දන්නා කපටි මහින්ද රාජපක්ෂ ටික දිනක් ජනාධිපති අපේක්ෂකයා කව්දැයි කියා ප්‍රකාශ නිකුත් කිරීම තම කණ්ඩායමට තහනම් කර හිඳ දැන් අලුත් වටයකින් බයියන් චූන් කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කර තිබේ.

    ඒ අන් කිසිවක් නොව 19 වන සංශෝධනය බලපාන්නේ අනාගතයට මිස අතීතයට නොවේය, එබැවින් මහින්ද වන මටම යලි ජනාධිපතිවරණයකට ඉල්ලිය හැකිය, ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනවාය ආදී ගල් පැලෙන අමූලික පච තොගයක් ජනගත කිරීම ය.

    තමන්ට යලි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව හොඳින්ම දන්නා මහින්ද රාජපක්ෂ මේ කරන්නේ තමන්ගේ බයියන් චූන් කිරීම මිස අන් කිසිවක් නොවේ.

    19 වන සං‍ශෝධනයේ 4 (2) වන ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලි සිංහලෙන් මෙසේ දක්වා ඇත.

    “ජනතාව විසින් ජනාධිපති ධූරයට දෙවරක් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තෙකු ජනතාව විසින් නැවත එකී ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට සුදුස්සෙකු නොවන්නේය.”

    මෙය අනාගතයට බලපෑවත් එහි අර්ථයෙන්ම අතීතයේ දෙවතාවක් ජනාධිපති වූ එකෙකුට යලි ජනාධිපති වෙන්නට බැරි බව පැහැදිලි සිංහලෙන් දක්වා තිබියදී මේ ගැන අමුතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමකට අවශ්‍යතාවයක් නැත.

    අනෙක් අතට එක එක බැල්ලිගේ පුතාලාට හිතූ හිතූ වේලාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ද නොහැකිය. එසේ කළ හැකි වන්නේ අවස්ථා 3 ක දී පමණි. ධූරයේ සිටින ජනාධිපතිවරයෙකුට යම් කරුණක් අරභයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකිය. දෙවැන්න කතානායක වරයාට පාර්ලිමේන්තුවේ අණ පණතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකිය. තුන්වැන්න නම් දිසා අධිකරණයක් හෝ ඊට ඉහළ අධිකරණයකින් යම් නීතියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකිය. ඒ අනුව මහින්ද රාජපක්ෂට 'අනේ මට ආයිත් ජනාධිපති වෙන්න පුළුවන්දැයි' කියා කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය නොහැකිය. එසේ කිරීම අවශ්‍ය නම් රාජපක්ෂලාගේ බයියෙක් තම ඡන්ද අයිතිය අනුව මට යලි මහින්ද රාජපක්ෂ ජනාධිපති කළ හැකිදැයි විමසා දිසා අධිකරණයකට පෙත්සමක් ඉදිරිපත් කළ යුතුය. දිසා අධිකරණය 'තමුසෙට පිස්සුද ඕයි, ගිහින් 19 වෙනි සංශෝධනය කියනවා' කියා තරවටු කර නඩුව විසිකර නොදැමුවහොත් දිසා අධිකරණය විසින් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසිය හැකිය. :lol:

    ඒ අනුව මහින්ද රාජපක්ෂ 'මට යලි ජනාධිපති වෙන්න පුළුවනැයි' කියන කතාව දීර්ඝ නඩු කටයුත්තක් වන බව පැහැදිලිය.

    අද පැවැති මාධ්‍ය හමුකදී මේ ගැන පැහැදිලි කරමින් ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ ජනාධිපතිවරණයකට පෙර ජනාධිපති අපේක්ෂකයෙකු තමාගේ සුදුසුකම් කියා දිව්රුම් පෙත්සමක් දිය යුතු බවත් බැරිවෙලා හෝ ඔහු බොරුවට දිවුරුම් ප්‍රකාශයක් දී තිබුනහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 190 වගන්තිය යටතේ වසර 3 ක හිර දඬුවම් ලැබිය යුතු වන බවය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මේ කරන්නේ කිසිදාක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට කරන උත්සාහයක් නොව දැනට තම පිලේ පවතින ජනාධිපති අපේක්ෂක අවුල යටපත් කර ගනිමින් බයියන්ගේ චූන් එක පවත්වා ගෙන යෑම සඳහා කරන උප්පරවැට්ටියක්ම බව තේරුම් ගැනීමට මහා මොළයක් අවශ්‍ය නොවන්නේ ය.

    ඊයේ වෙනතුරු විපක්ෂ නායකධූරයට ෆයිට් කර එය අසමත් වුනු මහින්ද, ජනාධිපතිවරණයකට හත් ගව්වක් තිබියදී අමුඩ ගැසීමට ගොස් ගොඩ දීම නා ගන්නවා සිකුරුය. මහින්දට යළි ජනාධිපති වෙන්න පුළුවන් කියා බයියන්ට බලාපොරොත්තුවක් දී එය බිඳ වැටුනු පසු උන් හිටියාටත් වඩා මානසිකව හතරගාතෙන් වැටෙනු නොඅනුමානය. කපටිකම ඕවර් ගිය කල කිසිවක් කර ගත නොහැකිය. ලෝභයාගේ දේ කූඹි කන්නේය. මෝඩයාගේ මුඛය ලඟම විනාශය ඇත්තේ ය.

    විජේදාස රාජපක්ෂගේ කරුණු පැහැදිලි කිරීම පහතින්

    https://www.youtube.com/watch?v=UiGWyFRcR1k

    - https://www.facebook.com/lankaenews/posts/2014696981928790?__tn__=K-R


    pg01x_1.jpg

    pg06x_3.jpg


    - http://epaper.dinamina.lk/?id=01&tday=2018/08/20
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මෙකෙන් චූන් කරන්නෙ බයියන්ව නෙමෙයි ටොයියන්ව. ඒකනේ චූන් වෙලා පතරංග ජාතකේ වගේ දිග පෝස්ට් එකක් දාලා.
     
    • Like
    Reactions: neyohk

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මෙකෙන් චූන් කරන්නෙ බයියන්ව නෙමෙයි ටොයියන්ව. ඒකනේ චූන් වෙලා පතරංග ජාතකේ වගේ දිග පෝස්ට් එකක් දාලා.

    :yes::yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙකෙන් චූන් කරන්නෙ බයියන්ව නෙමෙයි ටොයියන්ව. ඒකනේ චූන් වෙලා පතරංග ජාතකේ වගේ දිග පෝස්ට් එකක් දාලා.

    bump
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙකෙන් චූන් කරන්නෙ බයියන්ව නෙමෙයි ටොයියන්ව. ඒකනේ චූන් වෙලා පතරංග ජාතකේ වගේ දිග පෝස්ට් එකක් දාලා.

    :rofl::rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,326
    113
    මෙකෙන් චූන් කරන්නෙ බයියන්ව නෙමෙයි ටොයියන්ව. ඒකනේ චූන් වෙලා පතරංග ජාතකේ වගේ දිග පෝස්ට් එකක් දාලා.

    :lol:
     
    Jun 22, 2018
    183
    30
    0
    තවත් "හත්පොලේ" ත්‍රෙඩ් එකක්
    ලංකාව ඉක්මනින් වලපල්ලටම යවමු. !