Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
බල්ලො පූසො මැරෙනව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රේත පාදය

ප්‍රේත පාදය යනු ඕනෑම ඉඩමක මායිම ආසන්න කොටසයි. මීට කලින් පල වූ ලිපියක ඉඩමේ හැඩය පදනම් කර ගනිමින් පාද බෙදනා ආකාරය සවිස්තරව පැහැදිලි කර ඇත. එම ලිපිය හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඕනෑම ඉඩමක පාද බෙදීයන ආකාරය හඳුනාගත හැක.

ප්‍රේත පාදය ඉඩමක අපිරිසිදුම කොටසයි. කුණු වලකට, වැසිකිළි වලකට, නානළිඳකට, ගව මඩුවකට, බලු හෝ කුකුල් කූඩු වැනි දේ සඳහා එය යොදා ගනී. උස් නොවූ ගස් වැල් වැවීමටද සුදුසුය. ඉතා කුඩා ඉඩමක වූවද අඩුම වශයෙන් එක් පැත්තක් වත් ප්‍රේත පාදය සඳහා වෙන් කළ යුතුය. තවද ඉඩම පාරකට මායිම්ව ඇත්නම් සාමාන්‍යයෙන් එම පැත්තේ ප්‍රේත පාදය නොසලකා හරී.

කිසිදු විටක බුදු මැදුරක් පහන් පැලක් ප්‍රේත පාදයේ නොසෑදිය යුතුය. මේ කොටස ඉඩමක අනාරක්ෂිතම කොටසයි. ප්‍රේත පාදයේ අනතුරු සිදුවීමේ අවධානම වැඩිය. වියළි පොල් අත්තක්, පොල් ගෙඩියක් වුවද වැටෙන්නේ බොහෝ විට ප්‍රේත පාදයටය. ඒවා විසි වන්නේත් ප්‍රේත පාදයටය.

වර්තමානයේ ඉඩම් කුඩා වන බැවින් ඉඩම්වල පාද බෙදීම ගැටලුවක් වෙමින් පවතී. අතීතයේ පාද බෙදීම සිදු වූයේ පර්චස් 40ට වැඩි ඉඩම්වල ය. එනම් අක්කර කාලක ඉඩම්වල ය. (පර්චස් 160= අක්කර 1)

සාමාන්‍යයෙන් කුඩා ඉඩම් ලෙස සලකන්නේ පර්චස් 10ට අඩු ඉඩම්ය. එම ඉඩම්වල පාද බෙදීමක් සිදු නොකරයි. යම් ලෙසකින් පාද බෙදුවහොත් නිවෙස ස්ථාන ගත කිරීමේදී ගැටලු පැන නගී. අසීරුවෙන් හෝ ඉඩම පාද බෙදා ගැනීමට නම් ඉඩම පර්චස් 10ට වැඩි විය යුතුය.

විශාල ඉඩමක ප්‍රේත පාදය අත්හල යුතුම වුවත් කුඩා ඉඩමක අත්තිවාරමක් වුවද ප්‍රේත පාදයට අසුවූවාට කම් නැත. එයට හේතුව නිතර ජනයා ගැවසීමත් කටහඩ වැටීමත් නිසා දෝෂ භංග වීමයි. පාද බෙදිය හැකි ඉඩමක ප්‍රේත පාදයට ගෙය සම්බන්ධ වූ විට භූත දෝෂ, අසනීප, දියුණුව අඩු වීම වැනි අනිටු ඵල ගෙන දේ.

මනුෂ්‍ය පාදය

ප්‍රේත පාදයට ඇතුලතින් ඊලගට ඇති කොටස මනුෂ පාදයයි. මේ කොටස මිනිස් වාසයට ඉතාම සුදුසුය. විශාල ඉඩමක් නම් නිවස ඉදිකිරීම සදහා තනිකරම මනුෂ්‍ය පාදය භාවිතා කිරීම ඉතාම සුදුසුය. මේ පාදයේ නිවස ඉදිකිරීමේ විශේෂ වාසියක් වනුයේ එම නිවසේ වෙසෙන අය ධාර්මික වුවද අධාර්මික වුවද වාසයට ගැටලුවක් නැති වීමයි. ඉඩම එතරම් විශාල නොවේ නම් මනුෂ්‍ය පාදය හා දේව පාදය යන පාද දෙකම හසුවන සේ නිවස ඉදිකළ යුතු වේ. එලෙස මනුෂ්‍ය හා දේව පාදයන් එක්ව නිවෙස් සෑදූ කල එහි වෙසෙන ජනයා හැකි තාක් ධාර්මික විය යුතුය. එහෙත් සතුන් ඇතිදැඩි කිරීම නම් අපහසු වේ. සතුන් රෝගී වීම හෝ මියයෑම සිදුවේ.

දේව පාදය

මනුෂ්‍ය පාදයට ඇතුලතින් ඊලගට ඇති කොටස දේව පාදයයි. දේව පාදය නිවෙසක් තැනීමට යෝග්‍යම පාදය ලෙස වාස්තු විද්‍යාව නිර්දේශ කරයි. විශාල ඉඩමක සම්පූර්ණ නිවෙසම දේව පාදයේ පමණක් ඉදිකිරීමෙන් එම නිවෙසේ වෙසෙන නිවැසියන්ට දියුණුව සේම කීර්ති පැසසුම් නිරන්තර හිමිවේ. කිසිදා දුක් කම්කටොලු පැමිණීමක් සිදු නොවේ. මේ තත්ත්වය ලඟා කර ගැනීමට නම් නිවැසියන් අනිවාර්යයෙන්ම ඉතාම ධාර්මික විය යුතුය. අධාර්මික පංච ශීලයෙන් තොර ජීවිත ගත කරන්නන් හට දේව පාදයේ සෑදූ නිවෙස් ඵල නොදේ. කරදර පිට කරදර පැමිණේ. දේව පාදයට දෙවි දේවතාවුන්ගේ බැල්ම වැටෙන බැවින් දේව පාදය අමනුෂ්‍ය දෝෂ වලින්ද තොරය.

බ්‍රහ්ම පාදය

දේව පාදයට ඇතුලතින් ඊලගට ඇති කොටස බ්‍රහ්ම පාදයයි. බ්‍රහ්ම පාදය යනු ඉඩමේ හරි මැදට හසුවන කොටසයි. මේ කොටස ඉතා පිරිසිදුව තබා ගත යුතුය. මොනම හේතුවක් නිසාවත් බ්‍රහ්ම පාදයෙහි ලිඳක්, වැසිකිලියක්, සොහොන් කොතක් වැනි දෙයක් නොතිබිය යුතුය. බ්‍රහ්ම පාදය වඩාත් සුදුසු වන්නේ පූජනීය කටයුතු සඳහාය. බුදු මැදුරක් වැනි දෙයකට මෙම පාදය ඉතාම සුදුසුය. නොදැනුවත් කමින් විශාල ඉඩමක තනිකරම බ්‍රහ්ම පාදය හසුවන සේ නිවෙසක් ඉදිකළහොත් කරදර බාධක ඇතිවේ. මොනම ලෙසකටවත් නිවෙසේ විසිය නොහැක. ඊට හේතුව බ්‍රහ්ම පාදය මිනිස් වාසයට යෝග්‍ය නොවීමයි.

බ්‍රහ්ම පාදයට අයත් වන කොටස නිවසේ මිදුලට ගත හැකිනම් එය ඉතාම ශුභය. බ්‍රහ්ම පාදයේ කේන්ද්‍රය එම ඉඩමේ මධ්‍ය ලක්ෂයයි. මේ ලක්ෂයට අවට බිමේ ආකර්ෂණය පවතිනවා මෙන්ම මේ ලක්ෂයේ සිට පිටතට විකර්ශනයක්ද පවතී. වාස්තු විද්‍යාවේදී 'මරුසුලම' හෙවත් 'වාස්තු පුරුෂයාගේ හදවත' ලෙස බ්‍රහ්ම පාදයේ හඳුන්වයි. මෙය මහා මර්මස්ථාන 5න් එකකි. මේ මර්මස්ථාන පීඩා වීම මරණ, අඬදබර මෙන්ම කල කෝලාහල ආදියට මුලය. පැරණි පොත පතේ පාද නැකැත් අනුව එනම් ජන්ම, සම්පත් ආදී ලෙස ඉඩමේ මායිමේ සිට ඉඩම මධ්‍යයට අඩිය බැගින් ගෙන බෙදන ක්රමයක්ද වේ. එලෙස ලැබෙන පාද නවය එකිනෙකට වෙන්වේ.

මිලදී ගන්නා ඉඩමේ සුදුසුම පාදය තෝරා ඔබත් ඔබේ නිවස ඉදිකර සැපත, සතුට, සෞභාග්‍යය උදාකර ගන්න.

ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

[QUOTE="Prasad♠, post: 21573669, member: 247581"] ප්‍රේත පාදය ප්‍රේත පාදය යනු ඕනෑම ඉඩමක මායිම ආසන්න කොටසයි. මීට කලින් පල වූ ලිපියක ඉඩමේ හැඩය පදනම් කර ගනිමින් පාද බෙදනා ආකාරය සවිස්තරව පැහැදිලි කර ඇත. එම ලිපිය හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඕනෑම ඉඩමක පාද බෙදීයන ආකාරය හඳුනාගත හැක. ප්‍රේත පාදය ඉඩමක අපිරිසිදුම කොටසයි. කුණු වලකට, වැසිකිළි වලකට, නානළිඳකට, ගව මඩුවකට, බලු හෝ කුකුල් කූඩු වැනි දේ සඳහා එය යොදා ගනී. උස් නොවූ ගස් වැල් වැවීමටද සුදුසුය. ඉතා කුඩා ඉඩමක වූවද අඩුම වශයෙන් එක් පැත්තක් වත් ප්‍රේත පාදය සඳහා වෙන් කළ යුතුය. තවද ඉඩම පාරකට මායිම්ව ඇත්නම් සාමාන්‍යයෙන් එම පැත්තේ ප්‍රේත පාදය නොසලකා හරී. කිසිදු විටක බුදු මැදුරක් පහන් පැලක් ප්‍රේත පාදයේ නොසෑදිය යුතුය. මේ කොටස ඉඩමක අනාරක්ෂිතම කොටසයි. ප්‍රේත පාදයේ අනතුරු සිදුවීමේ අවධානම වැඩිය. වියළි පොල් අත්තක්, පොල් ගෙඩියක් වුවද වැටෙන්නේ බොහෝ විට ප්‍රේත පාදයටය. ඒවා විසි වන්නේත් ප්‍රේත පාදයටය. වර්තමානයේ ඉඩම් කුඩා වන බැවින් ඉඩම්වල පාද බෙදීම ගැටලුවක් වෙමින් පවතී. අතීතයේ පාද බෙදීම සිදු වූයේ පර්චස් 40ට වැඩි ඉඩම්වල ය. එනම් අක්කර කාලක ඉඩම්වල ය. (පර්චස් 160= අක්කර 1) සාමාන්‍යයෙන් කුඩා ඉඩම් ලෙස සලකන්නේ පර්චස් 10ට අඩු ඉඩම්ය. එම ඉඩම්වල පාද බෙදීමක් සිදු නොකරයි. යම් ලෙසකින් පාද බෙදුවහොත් නිවෙස ස්ථාන ගත කිරීමේදී ගැටලු පැන නගී. අසීරුවෙන් හෝ ඉඩම පාද බෙදා ගැනීමට නම් ඉඩම පර්චස් 10ට වැඩි විය යුතුය. විශාල ඉඩමක ප්‍රේත පාදය අත්හල යුතුම වුවත් කුඩා ඉඩමක අත්තිවාරමක් වුවද ප්‍රේත පාදයට අසුවූවාට කම් නැත. එයට හේතුව නිතර ජනයා ගැවසීමත් කටහඩ වැටීමත් නිසා දෝෂ භංග වීමයි. පාද බෙදිය හැකි ඉඩමක ප්‍රේත පාදයට ගෙය සම්බන්ධ වූ විට භූත දෝෂ, අසනීප, දියුණුව අඩු වීම වැනි අනිටු ඵල ගෙන දේ. මනුෂ්‍ය පාදය ප්‍රේත පාදයට ඇතුලතින් ඊලගට ඇති කොටස මනුෂ පාදයයි. මේ කොටස මිනිස් වාසයට ඉතාම සුදුසුය. විශාල ඉඩමක් නම් නිවස ඉදිකිරීම සදහා තනිකරම මනුෂ්‍ය පාදය භාවිතා කිරීම ඉතාම සුදුසුය. මේ පාදයේ නිවස ඉදිකිරීමේ විශේෂ වාසියක් වනුයේ එම නිවසේ වෙසෙන අය ධාර්මික වුවද අධාර්මික වුවද වාසයට ගැටලුවක් නැති වීමයි. ඉඩම එතරම් විශාල නොවේ නම් මනුෂ්‍ය පාදය හා දේව පාදය යන පාද දෙකම හසුවන සේ නිවස ඉදිකළ යුතු වේ. එලෙස මනුෂ්‍ය හා දේව පාදයන් එක්ව නිවෙස් සෑදූ කල එහි වෙසෙන ජනයා හැකි තාක් ධාර්මික විය යුතුය. එහෙත් සතුන් ඇතිදැඩි කිරීම නම් අපහසු වේ. සතුන් රෝගී වීම හෝ මියයෑම සිදුවේ. දේව පාදය මනුෂ්‍ය පාදයට ඇතුලතින් ඊලගට ඇති කොටස දේව පාදයයි. දේව පාදය නිවෙසක් තැනීමට යෝග්‍යම පාදය ලෙස වාස්තු විද්‍යාව නිර්දේශ කරයි. විශාල ඉඩමක සම්පූර්ණ නිවෙසම දේව පාදයේ පමණක් ඉදිකිරීමෙන් එම නිවෙසේ වෙසෙන නිවැසියන්ට දියුණුව සේම කීර්ති පැසසුම් නිරන්තර හිමිවේ. කිසිදා දුක් කම්කටොලු පැමිණීමක් සිදු නොවේ. මේ තත්ත්වය ලඟා කර ගැනීමට නම් නිවැසියන් අනිවාර්යයෙන්ම ඉතාම ධාර්මික විය යුතුය. අධාර්මික පංච ශීලයෙන් තොර ජීවිත ගත කරන්නන් හට දේව පාදයේ සෑදූ නිවෙස් ඵල නොදේ. කරදර පිට කරදර පැමිණේ. දේව පාදයට දෙවි දේවතාවුන්ගේ බැල්ම වැටෙන බැවින් දේව පාදය අමනුෂ්‍ය දෝෂ වලින්ද තොරය. බ්‍රහ්ම පාදය දේව පාදයට ඇතුලතින් ඊලගට ඇති කොටස බ්‍රහ්ම පාදයයි. බ්‍රහ්ම පාදය යනු ඉඩමේ හරි මැදට හසුවන කොටසයි. මේ කොටස ඉතා පිරිසිදුව තබා ගත යුතුය. මොනම හේතුවක් නිසාවත් බ්‍රහ්ම පාදයෙහි ලිඳක්, වැසිකිලියක්, සොහොන් කොතක් වැනි දෙයක් නොතිබිය යුතුය. බ්‍රහ්ම පාදය වඩාත් සුදුසු වන්නේ පූජනීය කටයුතු සඳහාය. බුදු මැදුරක් වැනි දෙයකට මෙම පාදය ඉතාම සුදුසුය. නොදැනුවත් කමින් විශාල ඉඩමක තනිකරම බ්‍රහ්ම පාදය හසුවන සේ නිවෙසක් ඉදිකළහොත් කරදර බාධක ඇතිවේ. මොනම ලෙසකටවත් නිවෙසේ විසිය නොහැක. ඊට හේතුව බ්‍රහ්ම පාදය මිනිස් වාසයට යෝග්‍ය නොවීමයි. බ්‍රහ්ම පාදයට අයත් වන කොටස නිවසේ මිදුලට ගත හැකිනම් එය ඉතාම ශුභය. බ්‍රහ්ම පාදයේ කේන්ද්‍රය එම ඉඩමේ මධ්‍ය ලක්ෂයයි. මේ ලක්ෂයට අවට බිමේ ආකර්ෂණය පවතිනවා මෙන්ම මේ ලක්ෂයේ සිට පිටතට විකර්ශනයක්ද පවතී. වාස්තු විද්‍යාවේදී 'මරුසුලම' හෙවත් 'වාස්තු පුරුෂයාගේ හදවත' ලෙස බ්‍රහ්ම පාදයේ හඳුන්වයි. මෙය මහා මර්මස්ථාන 5න් එකකි. මේ මර්මස්ථාන පීඩා වීම මරණ, අඬදබර මෙන්ම කල කෝලාහල ආදියට මුලය. පැරණි පොත පතේ පාද නැකැත් අනුව එනම් ජන්ම, සම්පත් ආදී ලෙස ඉඩමේ මායිමේ සිට ඉඩම මධ්‍යයට අඩිය බැගින් ගෙන බෙදන ක්රමයක්ද වේ. එලෙස ලැබෙන පාද නවය එකිනෙකට වෙන්වේ. මිලදී ගන්නා ඉඩමේ සුදුසුම පාදය තෝරා ඔබත් ඔබේ නිවස ඉදිකර සැපත, සතුට, සෞභාග්‍යය උදාකර ගන්න. ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom