බලූ ටීවී

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    බල්ලන්ටත් ටීවී! මිනිසාගේ හොඳම සුරතලා වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්!

    දැන් බල්ලන්ගේ ජීවිතයත් මිනිස් ජීවිතයට ආසන්නයි! බල්ලන්ට විශේෂ කෑම. බල්ලන්ට බාබර් සාප්පු. බල්ලන්ට හෝටල. දැන් බල්ලන්ට අලූතින්ම ලැබිලා තියෙන්නේ ටීවී. ඒක විශේෂයෙන් බල්ලන් වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්! එහි රූප රාමුවලින් පෙනෙන්නේ බල්ලන්ට පේන වර්ණ විතරයි. ඇහෙන්නේ බල්ලන්ගේ කනට මිහිරි ශබ්ද තරංග ආයාමවලින් නිකුත් වෙන සංගීතය විතරයි.

    ඇමරිකා එක්සත් ජනපදයේ සැන් දියේගෝ ප‍්‍රාන්තයේ මුලින් ම ඇරඹෙන මේ බලූ ටීවී එක පස්සේ අනෙක් ප‍්‍රාන්තවලටත් පැතිර යාවි. බලූ සුරතලූන්ට ආදරේ ඇති අයට වාරික මුදලක් ගෙවා කේබල් ඔස්සේ මේ විශේෂ බලූ චැනලය ලබා ගත්තෑකි. පටන් ගැනීමේ දී මෙහි පැය අටක වැඩසටහන් මාලාවක් විකාශය කෙරෙනවා. ඔබ වැඩට ගිය පසු ඔබේ සුරතලාට පාළු නම් ඔබ එන තෙක් ටීවී බල බලා ඉන්න පුළුවන්.


    1.jpg

    ඔබේ සුරතල් සුනඛයා සතුටින් තබන ‘ඩෝග් ටීවි’ බලන ප‍්‍රංශ බුල්ඩෝග් බල්ලෙක්.

    බලූ ටීවී එක නිසා කැමරාකරණයේත් ලොකු වෙනසක් කෙරෙනවා. මෙහි දී වැඩසටහන් රූප ගත කිරීමට කැමරාව තබන්නේ සාමාන්‍ය බල්ලන්ගේ ඇස් මට්ටමටයි. කැමරාශිල්පියාට රූප ගත කිරීම් කරන්න වෙන්නේ එක්කෝ දණගහගෙන නැත්නම් කුඩා පුටුවක වාඩි වෙලයි.

    ”මං බල්ලන් වෙනුවෙන් තැනූ චිත‍්‍රපටය කැමරා ගත කිරීමට තෝරා ගත්තේ පහත් කෝණයක්. ඒ බල්ලකුට පෙනෙන හැටියට ඒ ඇස් මට්ටමට නිපදවුවා ම තමා බල්ලාගේ සිත හොඳින් ම එයට ග‍්‍රහණය කර ගත් හැක්කේ.” ඩොග් ටීවී ආයතනයේ ප‍්‍රධාන විධායක ගිලාඞ් නිවුමන් කියනවා.


    මේ ටීවී චැනලය සඳහා වැඩසටහන් නිපදවද්දී වර්ණත්, ශබ්දයත්, විශේෂයෙන් සංගීතයත්, බල්ලන්ගේ ඇසත් කනත් ඉලක්ක කර ගෙන වෙනස් කරන්න වුණා. මේ චැනලයේ වෙළඳ දැන්වීම් නැහැ. වර්ග කිරීම්, නැවත විකාශ නෑ.


    ”දැනටමත් සැන් දියේගෝවල මිලියනයක් දෙනා ඩෝග් ටීවී ලබා ගැනීමට ඇනවුම් කරලා. ඒ නිසා ඒ සමාගම මාස කීපයක් ඇතුළත අනික් ප‍්‍රාන්තවලටත් මෙය ලබා දෙන්න සූදානම්.” නිවුමන් කියනවා.


    මේ සඳහා වැය වන්නේ මසකට වාරිකය ඩොලර් 4.99ක් පමණයි. ඇමරිකාවේ මිලියන හතළිස් ලක්ෂයක් දෙනා ගෙදරදොර බල්ලන් ඇති කරනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස සියයට 97කට ටෙලිවිෂන් යන්ත‍්‍ර තියෙනවා. ඒ නිසා බලූ ටීවී එකට ඒ ගැන විශාල බලාපොරොත්තුවක් තියා ගත්තෑකි.


    මෙහි ඉන්නා අවුරුද්දක් වයසැති මේ ‘බ්ලූ’ නම් බලූ සුරතලා දැන් විශේෂ බලූ ටෙලිවිෂන් එක බලන්න පටන් අරන් මාසයක් විතර ඇති. ප‍්‍රංශ බුල්ඩෝග් වර්ගයේ සුනඛයකු වූ ඌ දැනටමත් ඊට ඇති විශේෂ කැමැත්ත උගේ අයිතිකාරිය වූ සැන් දියේගෝ හී මේරි කැටනියාට අඟවලා ඉවරයි.


    ”මට හැම තිස්සෙ ම මගේ බලූ පැටියා තනියමයි දාලා යන්නෙ වැඩට යන කොට. ඒ ගැන මට පොඩි දුකක් තිබුණා. දැන් ඒක නෑ, මේ චැනලය නිසා. දරුවන් නැති මට එයා මගේ දරුවෙක් වාගෙයි. මම මේ චැනලය ගැන සතුටු වෙනවා.” කැටානියා කියනවා.


    අවුරුදු ගානක් තිස්සේ සුරතල් සතුන් තනිකරල දාල යන අය ඒ යන කොට ඒ සුරතලූන්ගේ තනියට ටෙලිවිෂන් එක හරි රේඩියෝ එක හරි දාල යන එක සිරිතක් කර ගෙන සිටි බවයි, මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විශේෂඥ ආචාර්ය නික් ඩොඞ්මන්ගේ අදහස.


    ඔහු කියන්නේ පර්යේෂණ අනුව පෙනී ගිය දෙයක් නම් මේ ටෙලිවිෂන තිරයෙන් බල්ලන්ට පෙනෙන්නේ ආලෝකය නිවෙන පත්තු වෙන නිකම් රූප රාමුවක් විතරයි කියන එකයි.


    ඒත් ඩිජිටල් ටීවී, අධිරූපණ කැමරා ආදිය යොදා ගෙන, නව තාක්ෂණයට අනුව කරන වැඩසටහන් බල්ලන්ට රූප ග‍්‍රහණය කර ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කළ හැකි බව පර්යේෂණවලින් පෙනී ගොස් තියෙන බවත්, ඔහු සඳහන් කරනවා.


    ඒ අතර නිවුමන් කියන්නේ, ”අනෙක් අතට බලූ සුරතලූන්ට කාමරයේ ඕනෑම තැනක සිට නැරඹිය හැකි විශාල රූපවාහිනී තිරත් දැන් තියෙනවා.” කියලයි.



    2.jpg

    ටෙලිවිෂනය හරහා බල්ලන්ට දිනපතා අලූත් අත්දැකීම් ලබන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණය යොදා ගෙන බල්ලන්ට බලා තේරුම් ගත හැකි විදියට රූප රචනා කොට වැඩසටහන් තැනීමටත් ඔවුන් සූදානම්.

    ඇත්තටම බල්ලන්ට ඔවුන් බලන දේ තේරෙනවද? ඩොඞ්මන් කියන්නේ ඒ ගැන තවමත් පර්යේෂණ සිදු කෙරෙන බවයි. ඒත් බල්ලන්ට අතින් බල්ලන් නම් ටීවී එකෙන් අඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් ම තමන්ගේ වරිගයා දැක්කහම ප‍්‍රතිචාර දක්වනවා.

    ස්ථිරවම ශබ්ද නම් ඔවුන් හඳුනා ගන්නවා. බුරන ශබ්ද, සයිරන් නළා හඬ එහෙම හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා බලූ ටීවී එකේදි ශබ්දය නම් පරිස්සමෙන් හසුරුවන්න වෙනවා.


    3.jpg

    බල්ලාගේ හොඳම මිතුරාට සිදු වුණා, දණ ගහගෙන රූප ගත කරන්න, බල්ලන්ට ඔවුන් දකින විදියට ම වැඩසටහන් පෙන්වන්න.

    අධි සංඛ්‍යාතවල ශබ්ද බල්ලන්ගේ කන්වලට දරන්න බැහැ. ඒවා ඉවත් කරලයි තියෙන්නෙ. සංගීතය බල්ලන්ගේ කනට මිහිරි වෙන විදියටමයි සකස් කෙරෙන්නෙ. සාමාන්‍ය ටිවීවල මොර දෙන ශබ්ද, වෙඩි ශබ්ද, පිපිරීම් ශබ්ද, රොක්, ජෑස් වගේ සංගීතයන් මේ බලූ ටීවී එකේ නැහැ.

    ”බල්ලන්ට නිල් හා කහ පැහැයන් පෙනෙනවා. ඒත් රතු හෝ කොළ පැහැයන් පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේ බලූ ටීවී එකේ වර්ණත් සාමාන්‍ය ටීවී එකකට වඩා වෙනස්” නිවුමන් කියනවා.


    බල්ලන්ව කම්මැලි නැතිව, ප‍්‍රබෝධවත්ව තැබීම තමයි, ‘ඩෝග් ටීවී’වල අරමුණ. මේක සාර්ථක වුණාට පස්සේ ‘කැට් ටීවී’ එකකුත් ගේන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.


    4.JPG

    6.jpg

    බල්ලන්ගේ නිදා ගැනීමේ රටාවන් අධ්‍යයනය කර ඒවාට බාධාවක් නොවන අයුරින් උත්තේජනය වෙන, සන්සුන් වෙන, ආකාරයෙන් වැඩසටහන් සම්පාදනය කරල තියෙනවා.

    5.jpg

    බල්ලන්ට පෙනෙන වර්ණවලින් විතරයි, ඩෝග් ටීවී තිරය පිරිල තියෙන්නෙ.


    Read more: http://www.malkakulu.com/2012/04/blog-post_683.html#ixzz1sZh0pSaX
     
    • Like
    Reactions: Mirrors