Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බහිරවයාට ගිය රිච්මන්ඩ් කාසල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බහිරවයාට ගිය රිච්මන්ඩ් කාසල්

මේ රිච්මන්ඩ් කාසල් එක බලාගන්න දීල තියෙන කෙනාගේ නම ආරියදාස

මේ තියෙන්නේ මිනිහගේ ගෙදර ඕක තියෙන්නේ රිච්මන්ඩ් කාසල් එකට අල්ලපු වත්තේ. ඕකට ඒ පැත්තේ මිනිස්සු කියන්නේ පුංචි රිච්මන්ඩ් කාසල් එක කියල

https://www.google.com/maps/@6.5995719,79.9779916,3a,75y,307.26h,79.72t/data=!3m6!1e1!3m4!1sF17b4vEQkDOby2HYoYXVeQ!2e0!7i13312!8i6656

බහිරවයාට ගිය රිච්මන්ඩ් කාසල්

(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන, ඡායාරුප - ගයාන් අමරසේකර)

(bingundld@gmail.com,tharindudld@gmail.com)

කළුතර පිහිටි රිච්මන්ඩ් කාසල් මන්දිරය යනු සොඳුරු දසුන් සොයන සංචාරකයන්ගේ ඇස ගිය තැනකි. යටත්විජිත සමයේ එන්. ඩී. ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මහමුදලි විසින් ඉදිකරන ලද මේ සුවිසල් මැදුර සංචාරකයන් අතර සුප්‍රකටව ඇත්තේ පැති දෙකකිනි. එක් අතෙකින් එහි දෙස් විදෙස් ගෘහ නිර්මාණ ශිල්පය මුසු කළ අපූර්ව කලාත්මක නිර්මාණ ශක්තියයි.

අනෙක් අතින් එය පසුබිමෙහි වූ මුදලිතුමන් හා එම මැතිණියගේ ශෝකාන්තයයි. කෙසේ වෙතත් මෙවර සත්‍ය ගවේෂණයට අප පාදක කරගන්නේ මේ පැතිකඩ දෙකම නොවේ. හිමිකරුවාගේම අවසන් කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැවැරුණු රිච්මන්ඩ් කාසල් මැදුරට අරක්ගත් බහිරවයන් නිසා අද වනවිට ඊට අත්ව ඇති විපතයි.

දෙපාර්තමේන්තු දත්තවලට අනුව අක්කර 42 ක් විශාල වූ රිච්මන්ඩ් පාක් නම් වත්ත සහිත රිච්මන්ඩ් කාසල් නම් වූ මන්දිරයද, අක්කර 80 ක් විශාල වූ ඉරහදයාව වත්තද, එන්.ඩී.ඒ. සිල්වා විජේසිංහ මුදලිතුමා අන්තිම කැමති පත්‍රයකින් මහා භාරකරු වෙත පවරා දී තිබේ. ඒ එම දේපළ අර්ථාන්විතව භාවිතයට ගෙන අන්තිම කැමැත්තේ සඳහන් පරිදි මහජන සුබසාධන කටයුතු රජයේ භාරකරුවකු මගින් කිරීමටය.

එහෙත් පසුගිය දශක ගණනාව පුරාම ප්‍රකෝටි ගණනක් වූ මේ දේපළ ගැන නිසි සොයාබැලීමක් හෝ සුරක්ෂාවක් ලැබී නැත. එය දැකබලා ගැනීමට යන සාමාන්‍ය සංචාරකයකුට වුවද මේ ඇත්ත ඇස් දෙකින් දැකිය හැකිය. සිදුව ඇත්තේ එහි වටිනා කියන දේපළ වස්තුව කාබාසිනියා වීමය. කාබාසිනියා වීමටත් වඩා දරුණු අනතුර වී ඇත්තේ එහි සිදුව ඇති වැටත් නියරත් ගොයම් කන පන්නයේ වැඩය.

මේ සිදුවීම වී තිබෙන්නේ 2014 වසරේදීය. මන්දිරය ඉදිරියේත් පසුපසත් අකුණු සන්නායක දෙකක් ස්ථාපිත කර තිබේ. එහෙත් එක් රාත්‍රියක කඩිමුඩියේම ඉන් එක් සන්නායකයක පාද තැටිය (ප්ලේට්) අතුරුදන් වී තිබේ.

අකුණු සන්නායක පාද තැටිවලට රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවා මිලදී ගන්නා විදෙස් විශේෂඥයන් පිළිබඳ ප්‍රචාර රට පුරා පැතිර ගියේ හරියටම මේ කාලයේදීය.

විශ්වසනීය ආරංචි මාර්ගවලට අනුව රිච්මන්ඩ් කාසල්හි අකුණු සන්නායකයට මේ සන්තෑසිය වී තිබෙන්නේ ද මේ සුප්‍රකට ප්‍රචාරය සමඟිනි. වඩා නරකම පුවත වන්නේ නොදැනුවත්ව හෝ ඊට සම්බන්ධ වී ඇතැයි චෝදනා ලැබ සිටින මන්දිරයේම මුරකරු හා තවත් සේවකයකු වීමය.

අදාළ සේවකයා මේ වනවිට වෙනත් කරුණක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නමුත් මුරකරු තවමත් සේවය කරයි. මුරකරු මීට සම්බන්ධ වී ඇත්තේ මේ ගැන හරි හැටි නොදැන ප්‍රධානියකුගේ පැරැත්තටය. අකුණු සන්නායකය තිබුණු බව කියන ස්ථානයේ වළක් හාරා ඇති අතර උදෑසන වන විට එම වළ වසා පිඩලි අල්ලා පෙර පරිදි සකස් කර තිබුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් ඒ දිනවල මන්දිරය තුළ සාකච්ඡා ගියත් කිසිවකු පොලිසියට පැමිණිලි කර හෝ ඉහළට දැනුම් දී තිබුණේ නැත. එම ස්ථානයේ වළක් හාරනවා දුටු අය ද සිට ඇති අතර මෙය මෙතරම් කාලයක් පැවැතියේ ප්‍රසිද්ධ රහසක් ලෙසය.

මෙය හුදු සිදුවීමකට එහා අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රකෝටි ගණනින් යුතු දේපළවල ආරක්ෂාව මෙමගින් ප්‍රශ්න කෙරෙන නිසාය.

අකුණු සන්නායකය ගොඩගැනීම සිදුව ඇත්තේ 2014 වසරේදීය. එහෙත් මේ ගැන විමර්ශනයක් දෙපාර්තමේන්තු මට්ටමින් ආරම්භ කර තිබෙන්නේ 2015 දීය. ඒ 2015 දී මහාභාරකාර තනතුරට පත් තරංගනී කීනවැන්න මහත්මියට ලැබුණු නිර්නාමික පැමිණිල්ලක් මතය.

මූලික විමර්ශනයක් කිරීම සඳහා හිටපු මහාභාරකාරවරිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරවරයාගේ මූලිකත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

එහෙත් මේ දක්වාම ඊට අදාළ විමර්ශනය ආරම්භ කිරීමට එම කමිටුව ක්‍රියා කර නැත. මේ සම්බන්ධයෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී ප්‍රධාන ගණකාධිකාරී ටෝනි අබේසිංහ මහතාම එය පිළිගත්තේය. මේ ඒ සම්බන්ධයෙන් ඔහු කී කතාවය.

විමර්ශන නියෝගය ගැන ඇසු පමණින් ප්‍රධාන ගණකාධිකාරිගේ දිව පැටලෙයි

ලංකාදීප: රිච්මන්ඩ් කාසල් මන්දිරයේ අකුණු සන්නායකය ගැන පරීක්ෂණයක් වෙනවද?

අබේසිංහ මහතා : මෙහෙමයි. ඒක නම් මහාභාරකාරතුමාගෙන්ම තමයි දැනගන්න වෙන්නේ. මොකද මම නම් දන්නේ නෑ. ඒ නිසා හරි උත්තරයක් දෙන්න බෑ.

ලංකාදීප: විමර්ශන ඒකකයක් තිබෙනවාද? සාමාන්‍යයෙන් කොහොමද විමර්ශනයක් වෙනවා නම් වෙන්නේ?

අබේසිංහ මහතා : වෙනවා නම් වෙන්නේ අපේ අභ්‍යන්තර විගණන ඒකකයෙන්. මා දැනුවත්ව නම් තාම ඒකකයට මුකුත් දීලා නෑ.

ලංකාදීප: හැබැයි හිටපු මහාභාරකාරතුමිය ප්‍රධාන ගණකාධිකාරීගේ මූලිකත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව අපට කිව්වා. එහෙම නම් ඊට අදාළ ලිපිගොනුවක් තිබෙන්න ඕන නේද?

අබේසිංහ මහතා : මෙහෙමයි. අලූත් භාරකාරතුමා හරහා ඒ ෆයිල් එක ගිහින් තිබුණා. හිටපු මැඩම් යන අන්තිම කාලේ තමයි පත්කළේ. ඒක ක්‍රියාත්මක වුණේ නෑ.

ලංකාදීප: අපට පැහැදැලි නෑ. ඒ කියන්නේ පත්කළ කමිටුව විමර්ශනය සිදුකළේ නැද්ද?

අබේසිංහ මහතා : ඉන්වෙස්ටිගේෂන් එක කියන්නේ මං හිතන විදියට අලූත් භාරකාරතුමා ඒක කරන්න එතැනට යොමු කරලා තිබුණා. එතැනින් අවසරය ලැබුණේ නෑ.

ලංකාදීප: එතැනින් කියන්නේ කොතැනින්ද?

අබේසිංහ මහතා : ඒක සම්බන්ධයෙන් හරියටම උත්තරයක් දෙන්න බෑ. මම දන්නේ නැති නිසා. කොහොමත් ඔබට මහා භාරකාරතුමාට තමයි කතා කරන්න වෙන්නේ.

ලංකාදීප: එතකොට කතා කරන ඔබතුමා කවුද?

අබේසිංහ මහතා : මම එකවුන්ටන් කතාකරන්නේ.

ලංකාදීප: චීෆ් අකවුන්ටන්?

අබේසිංහ මහතා : ඔව්.

ලංකාදීප: එතකොට ඔබේ නමත් මේ කමිටුවේ තිබුණා නේද?

අබේසිංහ මහතා : ඔව්. ඒක අලූත් මහා භාරකාරතුමාට ඉදිරිපත් කළා.

ලංකාදීප: හිටපු මහාභාරකාරතුමිය ඔබලාට කාරිය පැවැරීම ප්‍රමාණවත් නැද්ද?

අබේසිංහ මහතා : ප්‍රමාණවත් වුණාට අලූත් කෙනාගෙන් අවසර ගන්න ඕනෑ. මොකද එතුමා ඔය රිච්මන්ඞ් පාක් එකේ සංචාරයක් කළා. හැබැයි විමර්ශනයට තාම නියෝගයක් දුන්නේ නෑ.

ලංකාදීප: මෙහෙම කාලය ගතවුණාම හරිහමන් විමර්ශනයක් කිරීමට සාක්ෂි හොයාගන්නත් බැරි වෙනවා නේද?

අබේසිංහ මහතා : හ්ම්.... ඔව් ඉතින් එහෙම ගැටලූවකුත් තිබෙනවා. ආරම්භයේදීම ප්‍රධාන ගණකාධිකාරීවරයා පවසන්නේ (ඇමතුම ආරම්භයේදී ඔහු අනන්‍යතාව හෙළි කළේ නැත) විමර්ශනයක් ගැන අසාවත් නැති බවකි. තවද විමර්ශනයක් වෙනවා නම් වෙන්නේ අභ්‍යන්තර විගණන ඒකකයෙන් බව ද ඔහු කියයි. එහෙත් හිටපු මහාභාරකාරතුමිය විමර්ශනයකට නියෝග කළා නේදැයි ඇසූ සැණින්ම ඔහු දිව පටලවා ගනී. විමර්ශනයක් ගැන අසාවත් නැති අබේසිංහ මහතා අදාළ ලිපිගොනුව නව භාරකාරවරයාට බාර දුන් බව කියයි.

ඔහු එය විමර්ශනයකට කොහේදෝ තැනකට බාර දුන් බව කියයි. තැන කොතැනදැයි නොකියයි. තැන ගැන අසද්දී යළිත් වචන පටලමින් කියන්නේ විස්තර නොදන්නා බවයි. එහෙත් අවසානයේදී තමා ප්‍රධාන ගණකාධිකාරීවරයා බවත් අදාළ ත්‍රිපුද්ගල කමිටුව තමා ද නියෝජනය කළ බවත් අබේසිංහ මහතා පවසයි.

කල් මැරීම නිසා නිවැරැදි විමර්ශනයකට බාධා පැමිණෙන බවත් පිළිගනී. දැන් අපි සාමාන්‍ය දැනීම ගනිමු. පොලිස්පතිවරු යති එති. එසේය කියා හිටපු පොලිස්පතිවරයාගේ කාලයේ සිදුකළ පරීක්ෂණ විමර්ශන කිසිවක් නතර වන්නේ නැත. නීතිපතිවරු යති. එති. එසේය කියා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උසාවිවලදී.

එතෙක් කළ මැදිහත්වීම් නතර කරන්නේ නැත. රජයේ සෙසු දෙපාර්තමේන්තු ගත්තත් එසේය. එහෙත් ටෝනි අබේසිංහ මහතා කියන ආකාරයට මහා භාරකාර දෙපාර්තමේන්තුවේ තිබෙන්නේ අමුතුම ක්රමවේදයකි. අබේසිංහ මහතාගේ කතාව සැබෑ නම් අධිකරණ ඇමැතිවරයා මුලින්ම කළ යුතුව තිබෙන්නේ මේ ක්‍රමවේදය ගැන සොයාබැලීමය.

මක්නිසාද යත් මේ ව්‍යාධිය සෙසු දෙපාර්තමේන්තුවලට ද වැළඳුණහොත් තත්ත්වය මීට වඩා දරුණු වන බැවිනි. අනෙක් අතට මහජනතාව දැන ගත යුතු ඇත්ත සැඟවීමට ගොස් ඔහු පත්වූයේ ඉඳුරුවේ ආචාරියාගේ තත්ත්වයට නොවේද? මේ ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ දුක්ඛදායක වර්තමානයයි. සැබැවින්ම රිච්මන්ඩ් කාසල් සිදුවීමට එහි භාරකරු එම්.ආරියදාස මහතාට පිං පැමිණවිය යුත්තේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ වගකීම්විරහිත පාලනය මුළු රටටම පෙනෙන සේ දිගහරින්න ඔහු කටයුතු කළ නිසාය. සිදුවීම ගැන ලංකාදීපය විමසීමේදී ආරියදාස මහතා එවැනි සිදුවීමක් නොවූ බවත් අකුණු සන්නායකය මන්දිරයේම තිබෙන බවත් පැවැසීය.

නාට්‍යයේ හොඳම ජවනිකාව ආවේ ඉන් පසුවය. රිච්මන්ඞ් කාසල් මන්දිරයේ වත්ත බාරව සිටින බාරකරුවා පසුගිය 4 වැනි දා කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ ම අතරේය.

එයින් කියාතිබුණේ රිච්මන්ඩ් කාසල්හි අකුණු සන්නායක පාද තැටිය ගලවා ඇතිදැයි සොයා බලන හැටියටය. එසේ පැමිණිලි කරන හැටියට ඔහුට උපදෙස් දී ඇත්තේ මහා භාරකාරවරයාය. උපදෙසට පදනම වී ඇත්තේ ඔවුන්ට ලැබුණු නිර්නාමික පෙත්සමකි.

එහෙත් ඒ පෙත්සම දෙපාර්තමේන්තුවට ලැබී තිබුණේ මීට වසරකට පමණ පෙරය. දෙපාර්තමේන්තුව නින්දෙන් අවදි වී ඇත්තේ අකුණු සන්නායක සිදුවීම සම්බන්ධයෙන් අප අදාළ බලධාරීන්ගෙන් විමසූ පසුවය.

පසුගිය 5 වැනි දා පොලිසියෙන් පැමිණ එහි භාරකරු එම්.ආරියදාසගෙන් කටඋත්තරයක් ගෙන තිබුණු අතර සන්නායක පාද තැටියේ කොටසක් යැයි කියමින් යමක් ඔහු එහිදී පෙන්වා තිබේ.

ඒ අනුව අදාළ පාද තැටිය ව්‍යාජ එකක්ද නැද්ද යන්න සෙවිය යුතුවේ. කෙසේ වෙතත් එකක් නම් පැහැදිලිවේ. ඒ, පාද තැටිය සන්නායකයෙන් ගලවා ඇති බවයි. අප දන්නා තරමින් ඔහු පාද තැටිය ගැල වූ බවට මහා භාරකාර දෙපාර්තමේන්තුවට කිසිදු දැනුම්දීමක් කර නැත.

සන්නායකය රිච්මන්ඞ් කාසල් භාණ්ඩ ලේඛනයට ඇතුළත් කර තිබෙන්නේ ද 2016 වසරේදීය. එයින් තවදුරටත් ප්‍රශ්න කෙරෙන්නේ රිච්මන්ඩ් කාසල් මන්දිරයේ භාණ්ඩ ලේඛනයේ නිරවද්‍යතාවයයි.

රිච්මන්ඩ් කාසල්හි භාරකරු එම්.ආරියදාස නොදන්නවා වුණාට එහි ආරක්ෂක භාරකරු වශයෙන් ක්‍රියා කරන්නේ ද මහා භාරකාර තැනය. එහි නෛතික පසුබිම නම් භාර පිහිටුවන විට මහා භාරකාර ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව මහා භාරකාර තැන ආරක්ෂක භාරකරු වශයෙන් පත්කිරීමද කළහැකිය. එසේ මහා භාරකාර තැන ආරක්ෂක භාරකරු වශයෙන් පත්කරනු ලබන විට එම සියලූ දේපළ මහා භාරකාර තැන වෙත පැවරිය යුතුය.

ඉන්පසු අදාළ දේපළ සහ ඒවාට අදාළ ලියකියවිලි සියල්ල තිබෙන්නේ මහා භාරකාර තැනගේ ආරක්ෂාව යටතේය. ඒ අනුව රිච්මන්ඞ් කාසල්හි ආරක්ෂාව ගැන වැඩි වගකීමක් වත්මන් මහා භාරකාර සනත් වීරරත්න මහතාට පැවැරේ. අනෙක් අතට මේ පොලිස් පැමිණිල්ල ද විකාරරූපීය. සිදුවීම වී වසරකට පසුව හිටපු මහා භාරකාරවරිය ඒ ගැන විමර්ශනයක් කිරීමට නියෝග කළ ද එය සිදු වී නැත. එහෙත් ඒ විමර්ශනයේ ප්‍රගතිය ගැන ලංකාදීප කළ විමසීමකින් පසුව රිච්මන්ඞ් කාසල් පරිපාලනයෙන්ම කළුතර දකුණ පොලීසියට පැමිණිල්ලක් සිදුවේ.

මහා භාරකාර දෙපාර්තමේන්තුව බාරව සිටින අධිකරණ ඇමැතිවරයා මේ විකාරරූපී සමස්ත ක්‍රියාවලිය ගැනම සෙවීම වටී. කොහොමටත් රිච්මන්ඩ් කාසල්හි වැඩ කටයුතු පසුගිය කාලය පුරාම සිදුව තිබුණේ පටලැවිලි සහගත ආකාරයටය. ඊට තවත් උදාහරණයක් වන්නේ කලක් එහි පවත්වාගෙන ගිය පෙර පාසලයි. පසුගිය කාලයේ හදිසියේම පෙර පාසල වසා දැමුණි. ඊට හේතු ලෙස දක්වා තිබුණේ මුදලිතුමාගේ අවසන් කැමැත්තෙහි එවැන්නක් ගැන සඳහන් නොවීම යැයි දෙපාර්තමේන්තුව පැත්තෙන් කියැවේ.

එහෙත් පුදුමය වන්නේ වසර ගණනක් තිස්සේ එවැන්නක් ආරම්භ කර පවත්වාගෙන යද්දී මුදලිතුමාගේ අන්තිම කැමැත්ත ගැන හොයන්නට භාරකරුවන් කටයුතු කර නොතිබීමය. එම්.ආරියදාස මහතා රිච්මන්ඩ් කාසල් භාරකරු හැටියට කටයුතු කරන්නේ දැන් වසර නොව දශක ගණනක් තිස්සේය. මේ නිසා අකුණු සන්නායකය පමණක් නොව මන්දිරයට අදාළව සිදුවන ඕනෑම විමර්ශනයකදී මූලික වගඋත්තරකරුවකු බවට ඔහු පත්වේ.

විශේෂයෙන්ම රිච්මන්ඩ් කාසල් අසල්වැසියන් පවසන ආකාරයට සන්නායක සිදුවීම ගැන දැනට සිදුවෙමන් පවතින පරීක්ෂණයේ විශ්වසනීයත්වය ප්රශ්නකාරීය.

ඊට හේතුව නම් මන්දිරයේ භාරකරු හැටියට ක්‍රියා කරන එම්.ආරියදාස හා එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අතර ඇති සමීප සම්බන්ධයයි. පොලිස් පැමිණිල්ලෙන් පසුව ආරියදාස මහතා අවස්ථා කීපයකදීම අදාළ පොලිස් නිලධාරියා මුණගැසී තිබේ.

එම පොලිස් ජ්‍යෙෂ්ඨයා හා ආරියදාස අතර කුළුපගභාවයේ තරම ගැමියෝ ද එහි සේවකයෝ ද හොඳින් දනිති. අනෙක් වැදගත්ම කරුණ වන්නේ භාරකරු ආරියදාසගේ සේවා කාලය පසුගිය ජූලි 31 වැනි දා යින් අවසන්ව තිබීමය. හරි නම් මේ වනවිට රිච්මන්ඩ් කාසල් මැදුරේ භාරකාර තනතුර පුරප්පාඩුය.

කාලය අවසන් බාරකරු තවමත් තනතුරේ

නීතියට අනුව එම්.ආරියදාසට එම තනතුරේ කටයුතු කිරීමටවත් එහි සම්පත් භුක්ති විඳීමටවත් නොහැකිය. විශේෂයෙන්ම එම්.ආරියදාසගේ සේවා කාලය මෙසේ අවසන්ව ඇත්තේ සේවා දිගු දෙකකට පසුවය. මේ වනවිට ඔහු වයස අවුරුදු හැට ඉක්මවා ඇත.

දෙපාර්තමේන්තුවේ නිලධාරින්ම පවසන ආකාරයට භාරයන් මෙවැනි අවදානම් සහගත තත්ත්වයට පත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඒවා එකම තැනැත්තෙකු යටතේ දිගු කලක් තිස්සේ පාලනය වීමය.

අන්තිම කැමැත්තකින් දේපළ උරුම වන පුද්ගලයින්ට එකී දේපළ පාලනය කරමින් ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාවක් නොමැති සේ සැළකිය හැකි අවස්ථාවලදී වත්කම් උරුමකොට පවරනවා වෙනුවට, භාරයක් ඇති කිරීම නුවණට හුරු බව මහා භාරකාර දෙපාර්තමේන්තුව පවසයි.

ඊට හේතුව ලෙස දෙපාර්තමේන්තුව දක්වන්නේ එසේ ඇති කරණු ලබන භාර නිසා අර්ථලාභියාට දේපළ සිත්ගන්නා පරිදි නිසිආකාරව පාලනය කරගැනීමට හැකිවනු පිණිස භාරකරුවකූ පත් කිරීමේ අවස්ථාව සැලසෙන බවය. ”ඔබගේ ජීවිත කාලය තුළදීම ඔබගේ බලාපොරොත්තු ඉටුවන ආකාරය සියැසින් බලාගත හැක.” යැයි තවදුරටත් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සිය පුරාජේරුව විස්තර කරයි. එහෙත් රිච්මන්ඞ් කාසල් සිදුවීමෙන් පමණක් මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සීතාම්බර පටය ගැලැවී ඇති සැටි දැන් පෙනේ. ඒ අනුව ඊළඟට මතුවන ප්රශ්නය වන්නේ දෙපාර්තමේන්තුව සතුව ඇතැයි කියන හාරදහසකට අධික සෙසු භාරයන්හි තත්ත්වය කෙබඳුද යන්නය.

මන්දයත් රිච්මන්ඩ් කාසල් නිර්මාතෘ එන්.ඞී.ඒ. සිල්වා විජේසිංහ මුදලිතුමා නම් දැන් මිය ගොස් බොහෝ කල්ය. එහෙත් දෙපාර්තමේන්තු වදනින්ම කියැවෙන පරිදි ජීවිත කාලය තුළදීම තමන්ගේ බලාපොරොත්තු ඉටුවන ආකාරය සියැසින් බලාගැනීමට පිං කර සිටින දානපතින් තවත් වෙතොත් ඔවුන්ගේ හදවතට මේ පුවත වඩාත් කම්පනයක් වන බැවිනි.

හිටපු මහාභාරකාර තරංගනී කීනවැන්න මහත්මිය

ලංකාදීප: රිචමන්ඩ් කාසල් මන්දිරයේ අකුණු සන්නායකය නැතිවීම ගැන ඔබ යම් දැනුම්වත්මක් වුණාද? ඒ ගැන යම් විමර්ශනයක් කළා ද?

ඔව්. ඒ ගැන මට නිර්නාමිකව පැමිණිලි ලැබුණා. ඡායාරූප ලැබුණා. ඒ අනුව රිච්මන්ඩ් කාසල් මන්දිරයේ බාරකරු සමඟ මා කතා කළා. අකුණු සන්නායකය ගැන විමසුවා. එතැන පිරිස සමඟ කතාකරද්දී යම් ප්‍රශ්නයක් ඇති බව මට දැනුණා.

ඊට පස්සේ ඒ ගැන විමර්ශනය කිරීමට අනු කමිටුවක් පත්කළා. මට මතක හැටියට මහා භාරකාර දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන නිලධාරී, ගණකාධිකාරී හා ප්‍රධාන ගණකාධිකාරී යන අයගෙන් සමන්විත කමිටුවක් පත්කළේ. එයින් අදහස් කළේ මූලික පරීක්ෂණයක් කිරීමයි. මේ අතරේ මාගේ සේවා කාලය නිමා වුණා. මගේ සේවය දීර්ඝ කරන්නැයි විවිධ ඉල්ලීම් තිබුණත් මා නම් එවැනි ඉල්ලීමක් කළේ නෑ. කොහොම වුණත් අධික වැඩ සමඟ මේ කමිටුවට පරීක්ෂණය නිමාකරන්න බැරි වුණා කියලයි මා හිතන්නේ.නමුත් විමර්ශනයකට අවශ්‍ය මූලික පියවර මා ගත්තා. ඊට අදාළ ලිපිගොනුවක් ද තිබෙනවා.

ලංකාදීප: රිචමන්ඩ් කාසල්හි භාණ්ඩ ලේඛනයක් තිබුණා ද?

මුලින් තිබුණේ නෑ. පසුව මා කළ ඉල්ලීමක් අනුව එහි භාරකරුවා ලේඛනයක් සැකැසුවා. කාසල් එක ජරාවාස වෙලා තිබුණේ. එය පිළිසකර කිරීමට අවශ්‍ය මුදල් ටික හොයලා ටෙන්ඩර් කැඳවලා දිස්ත්‍රික් ඉංජිනේරුවරයාගෙන් වාර්තාවක් ගත්තා.

ලංකාදීප: කෝටි ගණන් මුදල් හා දේපළ පසුගිය රජය සමයේ හොරකම් කර ඇති බව අධිකරණ ඇමැතිවරයා කියනවා. ඔබතුමිය මේ ගැන විමර්ශන කළේ නැද්ද?

හොර ගුහාවක් තමයි. හැබැයි මම ? අට නවය වෙනකන් වැඩ කරලා සත පහක් හොරකම් කරන්න බැරි වෙන තැනට දෙපාර්තමේන්තුව හැදුවා. වංචා දුෂණ නොවෙන්න නම් විය යුතු දේ කුමක්ද කියා මා ඇමැතිවරයාත් දැනුම්වත් කළා. මාගේ දෙවසරක සේවා කාලයේදී දෙපාර්තමේන්තුව තුළ සැළකිය යුතු ප්රතිසංස්කරණයක් සිදු වූ බව ඒ ගැන දැනුවත් පාර්ශව දන්නවා. මගේ පාලන කාලයේදී කිසිදු සිදුවීමක් වී නෑ.

ලංකාදීප: මහා භාරකාර දෙපාර්තමේන්තුවට පස්ස දොරෙන් දේශපාලන පත්වීම් ලැබිය හැකිද?

ඒ සඳහා සුදුස්සන් පත්කිරීමේදී නියෝජ්‍ය මහාභාරකාර තනතුරේ සිටින්නන් ඊට පුහුණු කළ යුතු යැයි මා යෝජනා කළා. නමුත් බලධාරින් පුවත්පත් දැන්වීම් මගින් අයැදුම්කරුවන් කැඳෙව්වා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයටවත් මා සහභාගී කරගත්තේ නෑ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී , නීතීඥ රුවන් ගුණසේකර මහතා

කලූතර රිච්මන්ඞ් කාසල් මන්දිරයේ සවි කර තිබූ වසර සියයක් පමණ පැරණි අකුණු සන්නායකයක් 2014 වර්ෂයේදී සොරා ගෙන ඇත්දැයි පරීක්ෂණයක් සිදු කරන ලෙස මන්දිරයේ අධීක්ෂණ වතු අධිකාරී කේ කරුණාරත්න නම් පුද්ගලයකු 2017 අගෝස්තු හතර වැනි දා කලූතර දකුණ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඔහු වැටුප් ලබා ගැනීමට කොළඹ බුලස් පාරේ මහා භාරකාර කාර්යාලයට ගිය විට මහා භාරකාර සනත් වීරරත්න මහතා නිර්ණාමික පෙත්සමක් පෙන්වා එහි ඇති කරුණු ගැන විමර්ශනයක් පවත්වන ලෙස කළුතර දකුණ පොලිසියට පැමිණිලි කරන්නැයි දැන්වූ බව පැමිණිලිකරු සඳහන් කර තිබෙනවා.

මෙම අකුණු සන්නායකය තිබුණු තැන හෝ එහි වටිනාකමක් ගැන තමා නොදන්නා බවත් එවැනි අකුණු සන්නායකයක් නැතිවුණාද කියා පරීක්ෂණ කරන ලෙසත් පැමිණිල්ලේ සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මහා භාරකාර සම්ප්රදාය

ලොව පළමු වරට මහා භාරකාර සම්ප්රදාය 19 වැනි සියවසේ අග භාගයේදී නවසීලන්තයේ ආරම්භ වූවද නිල වශයෙන් ධූරයක් පිහිටුවන්නේ ඕස්ටේ්රලියාවේය. 1906 දී මහා බි්රතාන්යයේ ද ඉන්පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් රැසක ද මෙම ධූරය පිහිටුවිණි.

ලංකාවේදී මහාභාරකාර දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1930 නොවැම්බර් මස 22 වැනි දාය. දෙපාර්තමේන්තුව 1931 දී සිය මෙභෙයුම් කටයුතු හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ඇතුව ආරම්භ කළේය. මෙම භාර සහ බූදල් සතු සුවිශාල ධන සම්භාරයක් තිබේ. මෙරට විසූ දානපතීන් ස්වකීය ධනය ජාති,ආගම්, කුල භේද නොතකා පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැය කිරීමට මෙම දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. මෙම

පරිත්‍යාගශිලීන් අතර සුප්‍රකට ජනහිතකාමීන් වන අනගාරික ධර්මපාල, ශ්‍රීමත් ඞී.බී.ජයතිලක, ඒ.ඒ.ද.අල්විස්, මුහන්දිරම් ජයවික්‍රම, ලෙනාඞ් රූපසිංහ, ශ්‍රීමත් චන්ද්‍රසේකර, සිල්වා විජේසිංහ මුදලි සහ ජෝශප් හෝක් වූහ. පොදු ජනයාගේ සුබසාධන කටයුතුවලට සැලකිය යුතු ධනයක් මෙම භාර මගින් වැය කෙරෙන අතර මහජන මුදල් ඉතිරි කරගැනීමේදී රජයට එය විශාල සහායකි.

http://www.lankadeepa.lk/features/%E0%B6%B6%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A/2-516229

(සත්‍ය ගවේෂණ)

[QUOTE="rangana26, post: 22069795, member: 461943"] [b]බහිරවයාට ගිය රිච්මන්ඩ් කාසල්[/b] [SIZE="5"][COLOR="Green"] මේ රිච්මන්ඩ් කාසල් එක බලාගන්න දීල තියෙන කෙනාගේ නම ආරියදාස මේ තියෙන්නේ මිනිහගේ ගෙදර ඕක තියෙන්නේ රිච්මන්ඩ් කාසල් එකට අල්ලපු වත්තේ. ඕකට ඒ පැත්තේ මිනිස්සු කියන්නේ පුංචි රිච්මන්ඩ් කාසල් එක කියල [URL="https://www.google.com/maps/@6.5995719,79.9779916,3a,75y,307.26h,79.72t/data=!3m6!1e1!3m4!1sF17b4vEQkDOby2HYoYXVeQ!2e0!7i13312!8i6656"]https://www.google.com/maps/@6.5995719,79.9779916,3a,75y,307.26h,79.72t/data=!3m6!1e1!3m4!1sF17b4vEQkDOby2HYoYXVeQ!2e0!7i13312!8i6656[/URL] [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]බහිරවයාට ගිය රිච්මන්ඩ් කාසල් [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_85623d731d.jpg[/IMG] (බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන, ඡායාරුප - ගයාන් අමරසේකර) (bingundld@gmail.com,tharindudld@gmail.com) කළුතර පිහිටි රිච්මන්ඩ් කාසල් මන්දිරය යනු සොඳුරු දසුන් සොයන සංචාරකයන්ගේ ඇස ගිය තැනකි. යටත්විජිත සමයේ එන්. ඩී. ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන මහමුදලි විසින් ඉදිකරන ලද මේ සුවිසල් මැදුර සංචාරකයන් අතර සුප්‍රකටව ඇත්තේ පැති දෙකකිනි. එක් අතෙකින් එහි දෙස් විදෙස් ගෘහ නිර්මාණ ශිල්පය මුසු කළ අපූර්ව කලාත්මක නිර්මාණ ශක්තියයි. අනෙක් අතින් එය පසුබිමෙහි වූ මුදලිතුමන් හා එම මැතිණියගේ ශෝකාන්තයයි. කෙසේ වෙතත් මෙවර සත්‍ය ගවේෂණයට අප පාදක කරගන්නේ මේ පැතිකඩ දෙකම නොවේ. හිමිකරුවාගේම අවසන් කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැවැරුණු රිච්මන්ඩ් කාසල් මැදුරට අරක්ගත් බහිරවයන් නිසා අද වනවිට ඊට අත්ව ඇති විපතයි. දෙපාර්තමේන්තු දත්තවලට අනුව අක්කර 42 ක් විශාල වූ රිච්මන්ඩ් පාක් නම් වත්ත සහිත රිච්මන්ඩ් කාසල් නම් වූ මන්දිරයද, අක්කර 80 ක් විශාල වූ ඉරහදයාව වත්තද, එන්.ඩී.ඒ. සිල්වා විජේසිංහ මුදලිතුමා අන්තිම කැමති පත්‍රයකින් මහා භාරකරු වෙත පවරා දී තිබේ. ඒ එම දේපළ අර්ථාන්විතව භාවිතයට ගෙන අන්තිම කැමැත්තේ සඳහන් පරිදි මහජන සුබසාධන කටයුතු රජයේ භාරකරුවකු මගින් කිරීමටය. එහෙත් පසුගිය දශක ගණනාව පුරාම ප්‍රකෝටි ගණනක් වූ මේ දේපළ ගැන නිසි සොයාබැලීමක් හෝ සුරක්ෂාවක් ලැබී නැත. එය දැකබලා ගැනීමට යන සාමාන්‍ය සංචාරකයකුට වුවද මේ ඇත්ත ඇස් දෙකින් දැකිය හැකිය. සිදුව ඇත්තේ එහි වටිනා කියන දේපළ වස්තුව කාබාසිනියා වීමය. කාබාසිනියා වීමටත් වඩා දරුණු අනතුර වී ඇත්තේ එහි සිදුව ඇති වැටත් නියරත් ගොයම් කන පන්නයේ වැඩය. මේ සිදුවීම වී තිබෙන්නේ 2014 වසරේදීය. මන්දිරය ඉදිරියේත් පසුපසත් අකුණු සන්නායක දෙකක් ස්ථාපිත කර තිබේ. එහෙත් එක් රාත්‍රියක කඩිමුඩියේම ඉන් එක් සන්නායකයක පාද තැටිය (ප්ලේට්) අතුරුදන් වී තිබේ. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e975d8c4c5.jpg[/IMG] අකුණු සන්නායක පාද තැටිවලට රුපියල් කෝටි ගණනින් මුදල් ගෙවා මිලදී ගන්නා විදෙස් විශේෂඥයන් පිළිබඳ ප්‍රචාර රට පුරා පැතිර ගියේ හරියටම මේ කාලයේදීය. විශ්වසනීය ආරංචි මාර්ගවලට අනුව රිච්මන්ඩ් කාසල්හි අකුණු සන්නායකයට මේ සන්තෑසිය වී තිබෙන්නේ ද මේ සුප්‍රකට ප්‍රචාරය සමඟිනි. වඩා නරකම පුවත වන්නේ නොදැනුවත්ව හෝ ඊට සම්බන්ධ වී ඇතැයි චෝදනා ලැබ සිටින මන්දිරයේම මුරකරු හා තවත් සේවකයකු වීමය. අදාළ සේවකයා මේ වනවිට වෙනත් කරුණක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නමුත් මුරකරු තවමත් සේවය කරයි. මුරකරු මීට සම්බන්ධ වී ඇත්තේ මේ ගැන හරි හැටි නොදැන ප්‍රධානියකුගේ පැරැත්තටය. අකුණු සන්නායකය තිබුණු බව කියන ස්ථානයේ වළක් හාරා ඇති අතර උදෑසන වන විට එම වළ වසා පිඩලි අල්ලා පෙර පරිදි සකස් කර තිබුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන් ඒ දිනවල මන්දිරය තුළ සාකච්ඡා ගියත් කිසිවකු පොලිසියට පැමිණිලි කර හෝ ඉහළට දැනුම් දී තිබුණේ නැත. එම ස්ථානයේ වළක් හාරනවා දුටු අය ද සිට ඇති අතර මෙය මෙතරම් කාලයක් පැවැතියේ ප්‍රසිද්ධ රහසක් ලෙසය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e0ea901fc6.jpg[/IMG] මෙය හුදු සිදුවීමකට එහා අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රකෝටි ගණනින් යුතු දේපළවල ආරක්ෂාව මෙමගින් ප්‍රශ්න කෙරෙන නිසාය. අකුණු සන්නායකය ගොඩගැනීම සිදුව ඇත්තේ 2014 වසරේදීය. එහෙත් මේ ගැන විමර්ශනයක් දෙපාර්තමේන්තු මට්ටමින් ආරම්භ කර තිබෙන්නේ 2015 දීය. ඒ 2015 දී මහාභාරකාර තනතුරට පත් තරංගනී කීනවැන්න මහත්මියට ලැබුණු නිර්නාමික පැමිණිල්ලක් මතය. මූලික විමර්ශනයක් කිරීම සඳහා හිටපු මහාභාරකාරවරිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරවරයාගේ මූලිකත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. එහෙත් මේ දක්වාම ඊට අදාළ විමර්ශනය ආරම්භ කිරීමට එම කමිටුව ක්‍රියා කර නැත. මේ සම්බන්ධයෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී ප්‍රධාන ගණකාධිකාරී ටෝනි අබේසිංහ මහතාම එය පිළිගත්තේය. මේ ඒ සම්බන්ධයෙන් ඔහු කී කතාවය. විමර්ශන නියෝගය ගැන ඇසු පමණින් ප්‍රධාන ගණකාධිකාරිගේ දිව පැටලෙයි ලංකාදීප: රිච්මන්ඩ් කාසල් මන්දිරයේ අකුණු සන්නායකය ගැන පරීක්ෂණයක් වෙනවද? අබේසිංහ මහතා : මෙහෙමයි. ඒක නම් මහාභාරකාරතුමාගෙන්ම තමයි දැනගන්න වෙන්නේ. මොකද මම නම් දන්නේ නෑ. ඒ නිසා හරි උත්තරයක් දෙන්න බෑ. ලංකාදීප: විමර්ශන ඒකකයක් තිබෙනවාද? සාමාන්‍යයෙන් කොහොමද විමර්ශනයක් වෙනවා නම් වෙන්නේ? අබේසිංහ මහතා : වෙනවා නම් වෙන්නේ අපේ අභ්‍යන්තර විගණන ඒකකයෙන්. මා දැනුවත්ව නම් තාම ඒකකයට මුකුත් දීලා නෑ. ලංකාදීප: හැබැයි හිටපු මහාභාරකාරතුමිය ප්‍රධාන ගණකාධිකාරීගේ මූලිකත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව අපට කිව්වා. එහෙම නම් ඊට අදාළ ලිපිගොනුවක් තිබෙන්න ඕන නේද? අබේසිංහ මහතා : මෙහෙමයි. අලූත් භාරකාරතුමා හරහා ඒ ෆයිල් එක ගිහින් තිබුණා. හිටපු මැඩම් යන අන්තිම කාලේ තමයි පත්කළේ. ඒක ක්‍රියාත්මක වුණේ නෑ. ලංකාදීප: අපට පැහැදැලි නෑ. ඒ කියන්නේ පත්කළ කමිටුව විමර්ශනය සිදුකළේ නැද්ද? අබේසිංහ මහතා : ඉන්වෙස්ටිගේෂන් එක කියන්නේ මං හිතන විදියට අලූත් භාරකාරතුමා ඒක කරන්න එතැනට යොමු කරලා තිබුණා. එතැනින් අවසරය ලැබුණේ නෑ. ලංකාදීප: එතැනින් කියන්නේ කොතැනින්ද? අබේසිංහ මහතා : ඒක සම්බන්ධයෙන් හරියටම උත්තරයක් දෙන්න බෑ. මම දන්නේ නැති නිසා. කොහොමත් ඔබට මහා භාරකාරතුමාට තමයි කතා කරන්න වෙන්නේ. ලංකාදීප: එතකොට කතා කරන ඔබතුමා කවුද? අබේසිංහ මහතා : මම එකවුන්ටන් කතාකරන්නේ. ලංකාදීප: චීෆ් අකවුන්ටන්? අබේසිංහ මහතා : ඔව්. ලංකාදීප: එතකොට ඔබේ නමත් මේ කමිටුවේ තිබුණා නේද? අබේසිංහ මහතා : ඔව්. ඒක අලූත් මහා භාරකාරතුමාට ඉදිරිපත් කළා. ලංකාදීප: හිටපු මහාභාරකාරතුමිය ඔබලාට කාරිය පැවැරීම ප්‍රමාණවත් නැද්ද? අබේසිංහ මහතා : ප්‍රමාණවත් වුණාට අලූත් කෙනාගෙන් අවසර ගන්න ඕනෑ. මොකද එතුමා ඔය රිච්මන්ඞ් පාක් එකේ සංචාරයක් කළා. හැබැයි විමර්ශනයට තාම නියෝගයක් දුන්නේ නෑ. ලංකාදීප: මෙහෙම කාලය ගතවුණාම හරිහමන් විමර්ශනයක් කිරීමට සාක්ෂි හොයාගන්නත් බැරි වෙනවා නේද? අබේසිංහ මහතා : හ්ම්.... ඔව් ඉතින් එහෙම ගැටලූවකුත් තිබෙනවා. ආරම්භයේදීම ප්‍රධාන ගණකාධිකාරීවරයා පවසන්නේ (ඇමතුම ආරම්භයේදී ඔහු අනන්‍යතාව හෙළි කළේ නැත) විමර්ශනයක් ගැන අසාවත් නැති බවකි. තවද විමර්ශනයක් වෙනවා නම් වෙන්නේ අභ්‍යන්තර විගණන ඒකකයෙන් බව ද ඔහු කියයි. එහෙත් හිටපු මහාභාරකාරතුමිය විමර්ශනයකට නියෝග කළා නේදැයි ඇසූ සැණින්ම ඔහු දිව පටලවා ගනී. විමර්ශනයක් ගැන අසාවත් නැති අබේසිංහ මහතා අදාළ ලිපිගොනුව නව භාරකාරවරයාට බාර දුන් බව කියයි. ඔහු එය විමර්ශනයකට කොහේදෝ තැනකට බාර දුන් බව කියයි. තැන කොතැනදැයි නොකියයි. තැන ගැන අසද්දී යළිත් වචන පටලමින් කියන්නේ විස්තර නොදන්නා බවයි. එහෙත් අවසානයේදී තමා ප්‍රධාන ගණකාධිකාරීවරයා බවත් අදාළ ත්‍රිපුද්ගල කමිටුව තමා ද නියෝජනය කළ බවත් අබේසිංහ මහතා පවසයි. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d21db03b2c.jpg[/IMG] කල් මැරීම නිසා නිවැරැදි විමර්ශනයකට බාධා පැමිණෙන බවත් පිළිගනී. දැන් අපි සාමාන්‍ය දැනීම ගනිමු. පොලිස්පතිවරු යති එති. එසේය කියා හිටපු පොලිස්පතිවරයාගේ කාලයේ සිදුකළ පරීක්ෂණ විමර්ශන කිසිවක් නතර වන්නේ නැත. නීතිපතිවරු යති. එති. එසේය කියා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උසාවිවලදී. එතෙක් කළ මැදිහත්වීම් නතර කරන්නේ නැත. රජයේ සෙසු දෙපාර්තමේන්තු ගත්තත් එසේය. එහෙත් ටෝනි අබේසිංහ මහතා කියන ආකාරයට මහා භාරකාර දෙපාර්තමේන්තුවේ තිබෙන්නේ අමුතුම ක්රමවේදයකි. අබේසිංහ මහතාගේ කතාව සැබෑ නම් අධිකරණ ඇමැතිවරයා මුලින්ම කළ යුතුව තිබෙන්නේ මේ ක්‍රමවේදය ගැන සොයාබැලීමය. මක්නිසාද යත් මේ ව්‍යාධිය සෙසු දෙපාර්තමේන්තුවලට ද වැළඳුණහොත් තත්ත්වය මීට වඩා දරුණු වන බැවිනි. අනෙක් අතට මහජනතාව දැන ගත යුතු ඇත්ත සැඟවීමට ගොස් ඔහු පත්වූයේ ඉඳුරුවේ ආචාරියාගේ තත්ත්වයට නොවේද? මේ ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ දුක්ඛදායක වර්තමානයයි. සැබැවින්ම රිච්මන්ඩ් කාසල් සිදුවීමට එහි භාරකරු එම්.ආරියදාස මහතාට පිං පැමිණවිය යුත්තේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ වගකීම්විරහිත පාලනය මුළු රටටම පෙනෙන සේ දිගහරින්න ඔහු කටයුතු කළ නිසාය. සිදුවීම ගැන ලංකාදීපය විමසීමේදී ආරියදාස මහතා එවැනි සිදුවීමක් නොවූ බවත් අකුණු සන්නායකය මන්දිරයේම තිබෙන බවත් පැවැසීය. නාට්‍යයේ හොඳම ජවනිකාව ආවේ ඉන් පසුවය. රිච්මන්ඞ් කාසල් මන්දිරයේ වත්ත බාරව සිටින බාරකරුවා පසුගිය 4 වැනි දා කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ ම අතරේය. එයින් කියාතිබුණේ රිච්මන්ඩ් කාසල්හි අකුණු සන්නායක පාද තැටිය ගලවා ඇතිදැයි සොයා බලන හැටියටය. එසේ පැමිණිලි කරන හැටියට ඔහුට උපදෙස් දී ඇත්තේ මහා භාරකාරවරයාය. උපදෙසට පදනම වී ඇත්තේ ඔවුන්ට ලැබුණු නිර්නාමික පෙත්සමකි. එහෙත් ඒ පෙත්සම දෙපාර්තමේන්තුවට ලැබී තිබුණේ මීට වසරකට පමණ පෙරය. දෙපාර්තමේන්තුව නින්දෙන් අවදි වී ඇත්තේ අකුණු සන්නායක සිදුවීම සම්බන්ධයෙන් අප අදාළ බලධාරීන්ගෙන් විමසූ පසුවය. පසුගිය 5 වැනි දා පොලිසියෙන් පැමිණ එහි භාරකරු එම්.ආරියදාසගෙන් කටඋත්තරයක් ගෙන තිබුණු අතර සන්නායක පාද තැටියේ කොටසක් යැයි කියමින් යමක් ඔහු එහිදී පෙන්වා තිබේ. ඒ අනුව අදාළ පාද තැටිය ව්‍යාජ එකක්ද නැද්ද යන්න සෙවිය යුතුවේ. කෙසේ වෙතත් එකක් නම් පැහැදිලිවේ. ඒ, පාද තැටිය සන්නායකයෙන් ගලවා ඇති බවයි. අප දන්නා තරමින් ඔහු පාද තැටිය ගැල වූ බවට මහා භාරකාර දෙපාර්තමේන්තුවට කිසිදු දැනුම්දීමක් කර නැත. සන්නායකය රිච්මන්ඞ් කාසල් භාණ්ඩ ලේඛනයට ඇතුළත් කර තිබෙන්නේ ද 2016 වසරේදීය. එයින් තවදුරටත් ප්‍රශ්න කෙරෙන්නේ රිච්මන්ඩ් කාසල් මන්දිරයේ භාණ්ඩ ලේඛනයේ නිරවද්‍යතාවයයි. රිච්මන්ඩ් කාසල්හි භාරකරු එම්.ආරියදාස නොදන්නවා වුණාට එහි ආරක්ෂක භාරකරු වශයෙන් ක්‍රියා කරන්නේ ද මහා භාරකාර තැනය. එහි නෛතික පසුබිම නම් භාර පිහිටුවන විට මහා භාරකාර ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව මහා භාරකාර තැන ආරක්ෂක භාරකරු වශයෙන් පත්කිරීමද කළහැකිය. එසේ මහා භාරකාර තැන ආරක්ෂක භාරකරු වශයෙන් පත්කරනු ලබන විට එම සියලූ දේපළ මහා භාරකාර තැන වෙත පැවරිය යුතුය. ඉන්පසු අදාළ දේපළ සහ ඒවාට අදාළ ලියකියවිලි සියල්ල තිබෙන්නේ මහා භාරකාර තැනගේ ආරක්ෂාව යටතේය. ඒ අනුව රිච්මන්ඞ් කාසල්හි ආරක්ෂාව ගැන වැඩි වගකීමක් වත්මන් මහා භාරකාර සනත් වීරරත්න මහතාට පැවැරේ. අනෙක් අතට මේ පොලිස් පැමිණිල්ල ද විකාරරූපීය. සිදුවීම වී වසරකට පසුව හිටපු මහා භාරකාරවරිය ඒ ගැන විමර්ශනයක් කිරීමට නියෝග කළ ද එය සිදු වී නැත. එහෙත් ඒ විමර්ශනයේ ප්‍රගතිය ගැන ලංකාදීප කළ විමසීමකින් පසුව රිච්මන්ඞ් කාසල් පරිපාලනයෙන්ම කළුතර දකුණ පොලීසියට පැමිණිල්ලක් සිදුවේ. මහා භාරකාර දෙපාර්තමේන්තුව බාරව සිටින අධිකරණ ඇමැතිවරයා මේ විකාරරූපී සමස්ත ක්‍රියාවලිය ගැනම සෙවීම වටී. කොහොමටත් රිච්මන්ඩ් කාසල්හි වැඩ කටයුතු පසුගිය කාලය පුරාම සිදුව තිබුණේ පටලැවිලි සහගත ආකාරයටය. ඊට තවත් උදාහරණයක් වන්නේ කලක් එහි පවත්වාගෙන ගිය පෙර පාසලයි. පසුගිය කාලයේ හදිසියේම පෙර පාසල වසා දැමුණි. ඊට හේතු ලෙස දක්වා තිබුණේ මුදලිතුමාගේ අවසන් කැමැත්තෙහි එවැන්නක් ගැන සඳහන් නොවීම යැයි දෙපාර්තමේන්තුව පැත්තෙන් කියැවේ. එහෙත් පුදුමය වන්නේ වසර ගණනක් තිස්සේ එවැන්නක් ආරම්භ කර පවත්වාගෙන යද්දී මුදලිතුමාගේ අන්තිම කැමැත්ත ගැන හොයන්නට භාරකරුවන් කටයුතු කර නොතිබීමය. එම්.ආරියදාස මහතා රිච්මන්ඩ් කාසල් භාරකරු හැටියට කටයුතු කරන්නේ දැන් වසර නොව දශක ගණනක් තිස්සේය. මේ නිසා අකුණු සන්නායකය පමණක් නොව මන්දිරයට අදාළව සිදුවන ඕනෑම විමර්ශනයකදී මූලික වගඋත්තරකරුවකු බවට ඔහු පත්වේ. විශේෂයෙන්ම රිච්මන්ඩ් කාසල් අසල්වැසියන් පවසන ආකාරයට සන්නායක සිදුවීම ගැන දැනට සිදුවෙමන් පවතින පරීක්ෂණයේ විශ්වසනීයත්වය ප්රශ්නකාරීය. ඊට හේතුව නම් මන්දිරයේ භාරකරු හැටියට ක්‍රියා කරන එම්.ආරියදාස හා එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අතර ඇති සමීප සම්බන්ධයයි. පොලිස් පැමිණිල්ලෙන් පසුව ආරියදාස මහතා අවස්ථා කීපයකදීම අදාළ පොලිස් නිලධාරියා මුණගැසී තිබේ. එම පොලිස් ජ්‍යෙෂ්ඨයා හා ආරියදාස අතර කුළුපගභාවයේ තරම ගැමියෝ ද එහි සේවකයෝ ද හොඳින් දනිති. අනෙක් වැදගත්ම කරුණ වන්නේ භාරකරු ආරියදාසගේ සේවා කාලය පසුගිය ජූලි 31 වැනි දා යින් අවසන්ව තිබීමය. හරි නම් මේ වනවිට රිච්මන්ඩ් කාසල් මැදුරේ භාරකාර තනතුර පුරප්පාඩුය. කාලය අවසන් බාරකරු තවමත් තනතුරේ නීතියට අනුව එම්.ආරියදාසට එම තනතුරේ කටයුතු කිරීමටවත් එහි සම්පත් භුක්ති විඳීමටවත් නොහැකිය. විශේෂයෙන්ම එම්.ආරියදාසගේ සේවා කාලය මෙසේ අවසන්ව ඇත්තේ සේවා දිගු දෙකකට පසුවය. මේ වනවිට ඔහු වයස අවුරුදු හැට ඉක්මවා ඇත. දෙපාර්තමේන්තුවේ නිලධාරින්ම පවසන ආකාරයට භාරයන් මෙවැනි අවදානම් සහගත තත්ත්වයට පත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඒවා එකම තැනැත්තෙකු යටතේ දිගු කලක් තිස්සේ පාලනය වීමය. අන්තිම කැමැත්තකින් දේපළ උරුම වන පුද්ගලයින්ට එකී දේපළ පාලනය කරමින් ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාවක් නොමැති සේ සැළකිය හැකි අවස්ථාවලදී වත්කම් උරුමකොට පවරනවා වෙනුවට, භාරයක් ඇති කිරීම නුවණට හුරු බව මහා භාරකාර දෙපාර්තමේන්තුව පවසයි. ඊට හේතුව ලෙස දෙපාර්තමේන්තුව දක්වන්නේ එසේ ඇති කරණු ලබන භාර නිසා අර්ථලාභියාට දේපළ සිත්ගන්නා පරිදි නිසිආකාරව පාලනය කරගැනීමට හැකිවනු පිණිස භාරකරුවකූ පත් කිරීමේ අවස්ථාව සැලසෙන බවය. ”ඔබගේ ජීවිත කාලය තුළදීම ඔබගේ බලාපොරොත්තු ඉටුවන ආකාරය සියැසින් බලාගත හැක.” යැයි තවදුරටත් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සිය පුරාජේරුව විස්තර කරයි. එහෙත් රිච්මන්ඞ් කාසල් සිදුවීමෙන් පමණක් මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සීතාම්බර පටය ගැලැවී ඇති සැටි දැන් පෙනේ. ඒ අනුව ඊළඟට මතුවන ප්රශ්නය වන්නේ දෙපාර්තමේන්තුව සතුව ඇතැයි කියන හාරදහසකට අධික සෙසු භාරයන්හි තත්ත්වය කෙබඳුද යන්නය. මන්දයත් රිච්මන්ඩ් කාසල් නිර්මාතෘ එන්.ඞී.ඒ. සිල්වා විජේසිංහ මුදලිතුමා නම් දැන් මිය ගොස් බොහෝ කල්ය. එහෙත් දෙපාර්තමේන්තු වදනින්ම කියැවෙන පරිදි ජීවිත කාලය තුළදීම තමන්ගේ බලාපොරොත්තු ඉටුවන ආකාරය සියැසින් බලාගැනීමට පිං කර සිටින දානපතින් තවත් වෙතොත් ඔවුන්ගේ හදවතට මේ පුවත වඩාත් කම්පනයක් වන බැවිනි. හිටපු මහාභාරකාර තරංගනී කීනවැන්න මහත්මිය ලංකාදීප: රිචමන්ඩ් කාසල් මන්දිරයේ අකුණු සන්නායකය නැතිවීම ගැන ඔබ යම් දැනුම්වත්මක් වුණාද? ඒ ගැන යම් විමර්ශනයක් කළා ද? ඔව්. ඒ ගැන මට නිර්නාමිකව පැමිණිලි ලැබුණා. ඡායාරූප ලැබුණා. ඒ අනුව රිච්මන්ඩ් කාසල් මන්දිරයේ බාරකරු සමඟ මා කතා කළා. අකුණු සන්නායකය ගැන විමසුවා. එතැන පිරිස සමඟ කතාකරද්දී යම් ප්‍රශ්නයක් ඇති බව මට දැනුණා. ඊට පස්සේ ඒ ගැන විමර්ශනය කිරීමට අනු කමිටුවක් පත්කළා. මට මතක හැටියට මහා භාරකාර දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන නිලධාරී, ගණකාධිකාරී හා ප්‍රධාන ගණකාධිකාරී යන අයගෙන් සමන්විත කමිටුවක් පත්කළේ. එයින් අදහස් කළේ මූලික පරීක්ෂණයක් කිරීමයි. මේ අතරේ මාගේ සේවා කාලය නිමා වුණා. මගේ සේවය දීර්ඝ කරන්නැයි විවිධ ඉල්ලීම් තිබුණත් මා නම් එවැනි ඉල්ලීමක් කළේ නෑ. කොහොම වුණත් අධික වැඩ සමඟ මේ කමිටුවට පරීක්ෂණය නිමාකරන්න බැරි වුණා කියලයි මා හිතන්නේ.නමුත් විමර්ශනයකට අවශ්‍ය මූලික පියවර මා ගත්තා. ඊට අදාළ ලිපිගොනුවක් ද තිබෙනවා. ලංකාදීප: රිචමන්ඩ් කාසල්හි භාණ්ඩ ලේඛනයක් තිබුණා ද? මුලින් තිබුණේ නෑ. පසුව මා කළ ඉල්ලීමක් අනුව එහි භාරකරුවා ලේඛනයක් සැකැසුවා. කාසල් එක ජරාවාස වෙලා තිබුණේ. එය පිළිසකර කිරීමට අවශ්‍ය මුදල් ටික හොයලා ටෙන්ඩර් කැඳවලා දිස්ත්‍රික් ඉංජිනේරුවරයාගෙන් වාර්තාවක් ගත්තා. ලංකාදීප: කෝටි ගණන් මුදල් හා දේපළ පසුගිය රජය සමයේ හොරකම් කර ඇති බව අධිකරණ ඇමැතිවරයා කියනවා. ඔබතුමිය මේ ගැන විමර්ශන කළේ නැද්ද? හොර ගුහාවක් තමයි. හැබැයි මම ? අට නවය වෙනකන් වැඩ කරලා සත පහක් හොරකම් කරන්න බැරි වෙන තැනට දෙපාර්තමේන්තුව හැදුවා. වංචා දුෂණ නොවෙන්න නම් විය යුතු දේ කුමක්ද කියා මා ඇමැතිවරයාත් දැනුම්වත් කළා. මාගේ දෙවසරක සේවා කාලයේදී දෙපාර්තමේන්තුව තුළ සැළකිය යුතු ප්රතිසංස්කරණයක් සිදු වූ බව ඒ ගැන දැනුවත් පාර්ශව දන්නවා. මගේ පාලන කාලයේදී කිසිදු සිදුවීමක් වී නෑ. ලංකාදීප: මහා භාරකාර දෙපාර්තමේන්තුවට පස්ස දොරෙන් දේශපාලන පත්වීම් ලැබිය හැකිද? ඒ සඳහා සුදුස්සන් පත්කිරීමේදී නියෝජ්‍ය මහාභාරකාර තනතුරේ සිටින්නන් ඊට පුහුණු කළ යුතු යැයි මා යෝජනා කළා. නමුත් බලධාරින් පුවත්පත් දැන්වීම් මගින් අයැදුම්කරුවන් කැඳෙව්වා. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයටවත් මා සහභාගී කරගත්තේ නෑ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී , නීතීඥ රුවන් ගුණසේකර මහතා කලූතර රිච්මන්ඞ් කාසල් මන්දිරයේ සවි කර තිබූ වසර සියයක් පමණ පැරණි අකුණු සන්නායකයක් 2014 වර්ෂයේදී සොරා ගෙන ඇත්දැයි පරීක්ෂණයක් සිදු කරන ලෙස මන්දිරයේ අධීක්ෂණ වතු අධිකාරී කේ කරුණාරත්න නම් පුද්ගලයකු 2017 අගෝස්තු හතර වැනි දා කලූතර දකුණ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඔහු වැටුප් ලබා ගැනීමට කොළඹ බුලස් පාරේ මහා භාරකාර කාර්යාලයට ගිය විට මහා භාරකාර සනත් වීරරත්න මහතා නිර්ණාමික පෙත්සමක් පෙන්වා එහි ඇති කරුණු ගැන විමර්ශනයක් පවත්වන ලෙස කළුතර දකුණ පොලිසියට පැමිණිලි කරන්නැයි දැන්වූ බව පැමිණිලිකරු සඳහන් කර තිබෙනවා. මෙම අකුණු සන්නායකය තිබුණු තැන හෝ එහි වටිනාකමක් ගැන තමා නොදන්නා බවත් එවැනි අකුණු සන්නායකයක් නැතිවුණාද කියා පරීක්ෂණ කරන ලෙසත් පැමිණිල්ලේ සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මහා භාරකාර සම්ප්රදාය ලොව පළමු වරට මහා භාරකාර සම්ප්රදාය 19 වැනි සියවසේ අග භාගයේදී නවසීලන්තයේ ආරම්භ වූවද නිල වශයෙන් ධූරයක් පිහිටුවන්නේ ඕස්ටේ්රලියාවේය. 1906 දී මහා බි්රතාන්යයේ ද ඉන්පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් රැසක ද මෙම ධූරය පිහිටුවිණි. ලංකාවේදී මහාභාරකාර දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1930 නොවැම්බර් මස 22 වැනි දාය. දෙපාර්තමේන්තුව 1931 දී සිය මෙභෙයුම් කටයුතු හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ඇතුව ආරම්භ කළේය. මෙම භාර සහ බූදල් සතු සුවිශාල ධන සම්භාරයක් තිබේ. මෙරට විසූ දානපතීන් ස්වකීය ධනය ජාති,ආගම්, කුල භේද නොතකා පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැය කිරීමට මෙම දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. මෙම පරිත්‍යාගශිලීන් අතර සුප්‍රකට ජනහිතකාමීන් වන අනගාරික ධර්මපාල, ශ්‍රීමත් ඞී.බී.ජයතිලක, ඒ.ඒ.ද.අල්විස්, මුහන්දිරම් ජයවික්‍රම, ලෙනාඞ් රූපසිංහ, ශ්‍රීමත් චන්ද්‍රසේකර, සිල්වා විජේසිංහ මුදලි සහ ජෝශප් හෝක් වූහ. පොදු ජනයාගේ සුබසාධන කටයුතුවලට සැලකිය යුතු ධනයක් මෙම භාර මගින් වැය කෙරෙන අතර මහජන මුදල් ඉතිරි කරගැනීමේදී රජයට එය විශාල සහායකි. [URL="http://www.lankadeepa.lk/features/%E0%B6%B6%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A/2-516229"]http://www.lankadeepa.lk/features/%E0%B6%B6%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A/2-516229[/URL] (සත්‍ය ගවේෂණ)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom