Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රහ්මචාරී-සීලය-හා-එහි-ආනිශංස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රහ්මචාරී-සීලය-හා-එහි-ආනිශංස

බ්‍රහ්මචාරී සීලය හා එහි ආනිශංස

බ්‍රහ්මචාරී බව තුන්ලොවක් සසල කළ හැකි අද්භූත ගුණයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බ්‍රහ්මචරියාව කියන්නේ පිරිසිදු නිවන් මඟටයි. මහණ ජීවිතයටත් බ්‍රහ්මචාරී දිවිය කියනවා. ඒත් මෙතන දී මේ ලිපියෙන් අපි විස්තර කරන්නට යන්නේ බ්‍රහ්මචාරී සීලය ගැන හා එහි ආනිශංස ගැනයි.

සාමාන්‍යයෙන් බ්‍රහ්මචාරී බව යනු ළාමක, ග්‍රාම්‍ය ධර්මයක් වන මෛථූන සේවනයෙන් වැළකීම බව කවුරුත් දන්නා කරුණක්. ඒ වගේ ම පිරිසිදු බඹසර කියන්නේ සියලු ලිංගික කටයුතුවලින් වැළකීමට යි. සියලු ලිංගික කටයුතුවලින් වැළකී සිටීම යැයි යමක් ඇද්ද එය උතුම් ම සීලයක්. අතීතයේ උපන් දා සිට බඹසර රකින තාපසයෙක් ගැන ශක්‍ර දේවේන්ද්‍රයා පවා බිය වූ විස්තර ගැන ජාතක කතාවලින් තොරතුරු ලැබෙනවා. සමහර ජාතක කතාවල දෙව්ලොව පවා සලිත වන ඒ උතුම් සීලය දෙදරවන්නට දිව්‍ය අප්සරාවන් පවා එවා ඇති විස්තර තියෙනවා.

යම් කිසි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් බඹසර මනා ව රකිනවා නම් එහි ආනිශංස ගොඩාක් තියෙනවා. මනා ව රකිනවා කියන්නේ පිරිමියෙකු සමඟ හෝ ස්ත්‍රියක සමඟ අඹු සැමි ඇසුරක් නොපැවැත්වීම, ස්වයං වින්දනයේ නොයෙදීම, කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ශරීරය රාග සිතින් ස්පර්ශ නොකිරීම, රාගයෙන් මත් වූ යුවළක් සේ රාග නිශ්රිත වචන ස්ත්‍රියක හෝ පිරිමියෙකු සමඟ කතා නොකිරීම, අසභ්‍ය චිත්‍රපට නැරඹීමට යොමු නොවීම. හුදෙක් කෙටියෙන් ගතහොත් සියලු ලිංගික කටයුතුවලින් වැළකීමයි. බුද්ධ දේශනාවට අනුව තිරිසන්ගත සතෙකු සමඟ හෝ මුඛය, ගුද මාර්ගය, යෝනි මාර්ගය යන මාර්ගත්රයෙහි කාම සේවනයක් සිදු වේ නම් බඹසර නැති වෙනවා. මේ සියලු දෝසවලින් පහව සුදෝ සුදු සකක් සේ පිරිසිදු බඹසර රැකීමේ ආනිශංස ඛුද්දක නිකායට්ඨකතාවේ දසසික්ඛාවල මෙසේ සඳහන් වෙනවා.

1. පහ වූ සතුරන් ඇති බව. (සතුරන් අඩුයි)

2. ඕනෑම ජීවිතයක දී ආහාරපාන, වස්ත්‍ර, ඉඳුම් හිටුම්, නවාතැන්, බේත් හේත් වරදින්නේ නැහැ. ලැබෙනවා.

3. සුව සේ සැතපීම (හීනෙන් කය පරිහරණය කරන අමනුෂ්‍යයන්ට හසු වන්නේ නැහැ, සිහිනෙන් ධාතු පිට වීම අධික බව නම් රෝගයක් වේ ද එය නැති වනවා, මනාව නින්ද යෑම. විටින් විට අවදි නොවීම, කට කෙළ පෙරීම, ගෙරවීම, දත්කූරු ගෑම ආදිය නැති වීම.)

4. සුවසේ අවදි වීම (වස්ත්‍ර ලිහිල් නො වී නිදාගත් පරිදි ම තිබීම, කබ කඳුළු පිරි විරූපී ස්වරූපයක් නොවීම, ප්‍රසන්න මුව මඬලක් පැවතීම.)

5. අපාය බයෙන් මිදීම (බඹසර සිහි කිරීම පමණකින් තමන් විශේෂ සීලයක් ආරක්ෂා කරන බව සිහිපත් වීමෙන් තමන්ට සුගතියක් සිහි වන බව සිතට දැනේ, සතුට උපදියි. අපාය බය නැති වෙයි.)

6. ස්ත්‍රී භාවයට, නපුංසක භාවයට කිසිදිනක පත් නොවීම (බඹසර මුල් කරගෙන පිරිමි උපතක් ම ලැබෙනවා, ලිංග විපර්යාසවලට ලක් වන්නේ නැහැ, පිරිමි – පිරිමි/ ස්ත්‍රී – ස්ත්‍රී ආදි අසම්මත කාමුක හැඟීම් උපදින්නේ නැහැ, තමාගේ ලිංගය ප්‍රදර්ශනය කිරීම, අන් අයගේ කාම සේවන බැලීම, පර පීඩන අත්ත පීඩන කාමාශාව ආදි අසාමාන්‍ය කාමාශා සහිත වූවන් ලෙස නූපදීම, වැදගත් ජීවිතයක්, තෙදවත් ජීවිතයක් උරුම වීම.)

7. ක්‍රෝධ නොකරන සුලු බව (මෙත් සිත උපදවාගන්න පහසුයි, තරහ සිත් දුරු කරන්න පහසුයි, අන් අයගේ ගුණ සිහි කරන්න පහසුයි.)

8. ප්රත්යක්ෂ කොට කරන කටයුතු ඇති බව (තමා කරන කියන දේ හොඳින් දන්නවා, අමතක නොවීම, පිළිවෙළට වැඩ කිරීම, වැඩ අවුල් නොවීම, කරන කටයුතු වරදින්නේ නැහැ, යමක් නිවැරදිව කිරීමට ඔහුගෙන් උපදෙස් ගත හැකිය.)

9. යටිකුරු නොවන බව (දිව දෙකේ වංචනිකයෙකු නොවන බව, නොසිතූ බිඳ වැටීම්වලට ලක් නොවීම, වහා චරිතය වෙනස් වන්නෙකු නොවීම.)

10. බිම බලාගෙන නො යෑම (ඕනෑම කෙනෙකු සමඟ ඍජු ව හොඳට මූණ බලාගෙන කතාකරන්න පුළුවනි, හැංගෙන චරිතයක් වෙන්නේ නෑ, ඔළුව පහළට හැරෙන විදිහේ ආබාධ හට ගන්නේ නැහැ, කාන්තාවන් ලැජ්ජාවෙන් කතා කරනවා වගේ බිම බලාගෙන ඇඹරි ඇඹරි කතා කරන චරිතයක් නොවීම.)

11. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම ප්‍රියවන චරිතයක් වීම (බැහැර කරන/ අකමැති චරිතයක් නොවීම, සියලු දෙනාටම ප්‍රිය වීම, විශේෂයෙන් සසරේ සැමියාට බිරිඳ ප්‍රිය වෙයි. බිරිඳට සැමියා ප්‍රිය වෙයි, අවංක ආදරයක් හිමි වෙයි.)

12. පිරිපුන් ඉඳුරන් ඇති බව

13. පිරිපුන් ලකුණු ඇති බව (තමාගේ ශරීරයේ අංග මනාව පිහිටනවා, ලිංග දෝස හට ගන්නේ නැහැ, මනාව දෝස නැති රෝගාබාධ නැති ස්ත්‍රී/පුරුෂ නිමිත්ත පිහිටනවා.)

14. කිසි තැනක සැක නැති බව (ඕනෑම තැනකට බයක් සැකක් නැතිව විසාරද ව යෑමේ/වාසය කිරීමේ වාසනාව ලැබෙයි.)

15. නිරුත්සාහයෙන් කටයුතු සිදුවන බව (යම් කටයුත්තක් පටන් ගත් විට ඒ පස්සේ ම වැටීගෙන සිටින්න ඕන නැහැ. ගානට, සිතේ හැටියට කටයුතු සිදු වෙනවා.)

16. සැප විහරණ ඇති බව (සැපවත් ජීවිතයක් ලැබෙනවා, නිතර නිතර පීඩාවට පත්වන චරිතයක් නොවීම, යමක් කොට සතුටු විය හැකි බව ලබනවා, පසු නොතැවෙන කෙනෙක් වීම.)

17. කිසි තැනකින් එන බියක් නැති බව (ගිනි, ජල, සොර, රාජ, සත්ව ආදිය මෙන් ම මනුෂ්‍යය, අමනුෂ්‍යය ආදීන්ගෙන් බියක් නොපැමිණීම, අනවින ආදි බිය නොපැමිණීම, සෑම තැනක ම ආරක්ෂාකාරී ජීවිතයක් ලැබීම.)

18. ප්‍රියමනාප වස්තූන්ගෙන් වෙන් නොවීම (තමන් යමකට කැමති නම්, ආදරේ නම්, ප්‍රිය නම් ඒ දේවල් තමා ඇසුරටම පැමිණීම.)

මේ වගේ ලෞකික ආනිශංස ගොඩක් ලැබෙන බව ඛුද්දක නිකායේ අටුවාවේ විස්තර වෙනවා. ඊට අමතර ව නිවන සොයාගෙන යන සත්පුරුෂයෙකුගේ ජීවිතය මැණිකක් නම් ඒ ජීවිතය ඔපමට්ටම් වෙන්නේ බඹසරින්. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පළමුවෙන් පැනවුණු සිල්පදයත් බ්‍රහ්මචාරී බවයි. බඹසර රැකගන්නට කෙනෙකුට අමාරු නම් ඒ සංයෝජනය ප්රහාණය කිරීමට ඇත්තේ ද බ්‍රහ්මචාරී බව ම යි.

අනිත් කාරණාව අබ්රහ්මචාරී බවත්, වැරදි කාම සේවනයත් මුල් කරගෙන සත්වයා නිරයේ උපදිනවා. අවුරුදු කෝටි ගණනක් පැහෙන්න රාගයෙන් මැරෙන කෙනාගේ කර්මය බලවත් වෙන්න පුළුවන්. නරක වීඩියෝ බලන, අසභ්‍ය දේට එබිකම් කරන අය යන ගූථ නිරයක් තිබෙනවා. ඒ නිරයේ ඉන දක්වා පණුවෝ නටන අශූචි පිරිලා තියෙන්නේ. ඒ නිරි සතාගේ ඇස් ගෙඩි පොල් ගෙඩි වගේ. යකඩ වගේ හොට තියෙන සත්තු ඒ අශූචියේ ගිලිලා ඉන්න නිරි සතාගේ ඇස් ගෙඩි කොටලා අදිනවා. එතකොට අර අශූචි අත්වලින් අරන් ඇස් දෙකේ ගා ගන්නවා වේදනාවට. ආයෙත් ඇස් දෙකට ඒ කර්මානුරූප ව පහළ වූ සතුන් අනිනවා. ඒ දුක ඉවරයක් නෑ. මැරි මැරී ඉපදෙනවා. කාම ප්‍රේත යෝනි ගැන ඔබ අහලා ඇති නේ. මේ නිරය භය නැති වෙනවා උතුම් බඹසර රැක්කා නම්. එතකොට හිතන්නකෝ ධර්මය නොදන්නා නිසා තරුණ පරපුරට කොයි වගේ ඉරණමක් අත් වේවි ද කියලා. අඩු ම තරමේ විවාහයක් වෙනකල් වත් බඹසර රකිනවා නම් ඒ ජීවිතයත් පූජනීයයි. සමහර තරුණ ළමයි මහණ වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒත් විදිහක් නැහැ. ඉතින් ඒ අයට පුළුවන් වුණොත් බඹසරවත් රැකගන්න ඒක පූජනීයයි. ඉස්සර විවාහ වෙනකල් ස්ත්‍රී පුරුෂයන් සියලු ලිංගික කටයුතුවලින් වැළකුනා. ඒකට කියන්නේ කුමර බඹසර, කුමරි බඹසර කියලා. ඒ අය ව දෙවියොත් රැක්කා. ඒ අය විවාහ වුණා ම පවුල් අවුල් වුණේ නැහැ. පින්වන්ත දරුවෝ ඉපදුණා. අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුවා. බඹසර රකින අය දෙව්ලොව, බඹලොව උපදින්න හේතු සම්පත් ලබනවා!

තිරිසන් ලෝකයේ පවා සතුන්ගේ රහස් ප්‍රදේශ කුණු වෙලා, වණ වෙලා, පණුවෝ ගහලා, ඉදිමිලා, ලෙඩ වෙලා කොච්චර නම් විඳවනව ද? සමහර සතුන්ගේ රහස් ප්‍රදේශ අයින් කරනවා. විටෙක තලනවා. මේ සියල්ල බඹසරක් නැති වීමේ විපාක නො වෙයි ද? විවාහ වෙනකල් බඹසර රකින එක කොච්චර හොඳ ද? විවාහ වුණාට පස්සේ පතිවත රකින එකත් ඒ වගේ ම පූජනීයයි. දැන් දැන්ම වැරදි හදාගෙන සංවර වෙන්න. අපි කරන කර්ම අපි පිටිපස්සේ එනවා ම යි. ඉඩ ලද විගස විපාක දෙනවා.

ප්‍රේත ලෝකයේත් ඒ කාම පිපාසය තියෙනවා. ඒ දුකින් ම විඳවනවා. සමහර වයසක උදවිය වළපල්ලට යන්න ඔන්න මෙන්න තියෙද්දිත් කාම පිපාසයෙන් ම ඉන්නවා. අහෝ දුගතියේ ම යි උපදින්න සිත ඇදෙන්නේ. දරු මුණුබුරෝ දැක්කාමවත් ඒ වයසක දෙන්නා වෙන ම ඉන්නවා නම්, බඹසර සිල් සමාදන් වෙලා පුරනවා නම් කොතරම් පූජනීය ද?

කාම ප්‍රේත ලෝකයේ තියෙන ලිංග රෝග වචනයෙන් කියන්න බැහැ. මනුෂ්‍යය ලෝකයේ තියෙන ලිංග රෝග වගේ දහස් ගුණයක් අධික වේදනා තියෙනවා. සමලිංගික ආසාවන් නිසා ජීවිතය වරද්දාගෙන ප්‍රේත ලෝකයේ ඉපදුණ අය ඒ අවයව කඩ කඩා කනවා. ආයෙ මතුවෙනවා. ආයේ කඩ කඩා කනවා. වෙන සිහියක් නැහැ. ඒ දුක ඉවර වෙනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වේවි. අනේ මේ සංසාරයෙන් ගැලවෙන්නේ කවද්ද? මනුස්ස ලෝකයේ වුණත් ඉපදිලා ලිංගික දුර්වලතා, අවයව දුර්වලතා, අසාමාන්‍ය හැඟීම්, දරුවන් නොමැති වීම්, ආදරයේ හාමත, මේවාගෙන් විඳවන එක සසරේ තමන් කරපු දේවල් ම යි. කර්මයක් විඳවද්දී තවත් කර්ම රැස්කර ගන්න එපා. බලන්න බඹසර සීලය කොයිතරම් උතුම් ද කියලා. අනේ බඹසර රකින්න සිත් පහළ වෙනවා නම් කොයි තරම් හොඳ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු ජීවිතයේ අනුහසින්, විරාගයෙන් මිහි මඬල සලිත කළ මහා කස්සප මුනිඳුන්ගේ තේජසින්, වරදින් මිදී සසුන බැබළුෑ මෙත් කරුණා ගුණෙන් ශෝභමාන අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන්, සසුන් බඹසර රකින ලද භාග්‍යවතුන් වහන්සේගේ කෝටි ගණන් ආර්ය සඟරුවනේ ගුණ බලයෙන්, රුවන්මැලි මහා සෑ රජුන්ගේ ධාතු බලයෙන්, ජයසිරි මහා බෝ සමිඳුන්ගේ ඉර්ධියෙන්, සිරිපා කමලින් විහිදෙන රැස් පහසින් ඔබට උතුම් සීලයක් පුරුදු කර ගැනීමේ වාසනාව උදාවේවා!

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)

උපුටා ගැනීම - මහාමේඝ පුවත් සඟරාව

[QUOTE="vinuga, post: 22997056, member: 520332"] [b]බ්‍රහ්මචාරී-සීලය-හා-එහි-ආනිශංස[/b] [SIZE=5]බ්‍රහ්මචාරී සීලය හා එහි ආනිශංස --------------------------------------------------------[/SIZE] [SIZE=5] බ්‍රහ්මචාරී බව තුන්ලොවක් සසල කළ හැකි අද්භූත ගුණයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බ්‍රහ්මචරියාව කියන්නේ පිරිසිදු නිවන් මඟටයි. මහණ ජීවිතයටත් බ්‍රහ්මචාරී දිවිය කියනවා. ඒත් මෙතන දී මේ ලිපියෙන් අපි විස්තර කරන්නට යන්නේ බ්‍රහ්මචාරී සීලය ගැන හා එහි ආනිශංස ගැනයි.[/SIZE] [SIZE=5] සාමාන්‍යයෙන් බ්‍රහ්මචාරී බව යනු ළාමක, ග්‍රාම්‍ය ධර්මයක් වන මෛථූන සේවනයෙන් වැළකීම බව කවුරුත් දන්නා කරුණක්. ඒ වගේ ම පිරිසිදු බඹසර කියන්නේ සියලු ලිංගික කටයුතුවලින් වැළකීමට යි. සියලු ලිංගික කටයුතුවලින් වැළකී සිටීම යැයි යමක් ඇද්ද එය උතුම් ම සීලයක්. අතීතයේ උපන් දා සිට බඹසර රකින තාපසයෙක් ගැන ශක්‍ර දේවේන්ද්‍රයා පවා බිය වූ විස්තර ගැන ජාතක කතාවලින් තොරතුරු ලැබෙනවා. සමහර ජාතක කතාවල දෙව්ලොව පවා සලිත වන ඒ උතුම් සීලය දෙදරවන්නට දිව්‍ය අප්සරාවන් පවා එවා ඇති විස්තර තියෙනවා.[/SIZE] [SIZE=5] යම් කිසි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් බඹසර මනා ව රකිනවා නම් එහි ආනිශංස ගොඩාක් තියෙනවා. මනා ව රකිනවා කියන්නේ පිරිමියෙකු සමඟ හෝ ස්ත්‍රියක සමඟ අඹු සැමි ඇසුරක් නොපැවැත්වීම, ස්වයං වින්දනයේ නොයෙදීම, කාන්තාවකගේ හෝ පිරිමියෙකුගේ ශරීරය රාග සිතින් ස්පර්ශ නොකිරීම, රාගයෙන් මත් වූ යුවළක් සේ රාග නිශ්රිත වචන ස්ත්‍රියක හෝ පිරිමියෙකු සමඟ කතා නොකිරීම, අසභ්‍ය චිත්‍රපට නැරඹීමට යොමු නොවීම. හුදෙක් කෙටියෙන් ගතහොත් සියලු ලිංගික කටයුතුවලින් වැළකීමයි. බුද්ධ දේශනාවට අනුව තිරිසන්ගත සතෙකු සමඟ හෝ මුඛය, ගුද මාර්ගය, යෝනි මාර්ගය යන මාර්ගත්රයෙහි කාම සේවනයක් සිදු වේ නම් බඹසර නැති වෙනවා. මේ සියලු දෝසවලින් පහව සුදෝ සුදු සකක් සේ පිරිසිදු බඹසර රැකීමේ ආනිශංස ඛුද්දක නිකායට්ඨකතාවේ දසසික්ඛාවල මෙසේ සඳහන් වෙනවා.[/SIZE] [SIZE=5] 1. පහ වූ සතුරන් ඇති බව. (සතුරන් අඩුයි)[/SIZE] [SIZE=5] 2. ඕනෑම ජීවිතයක දී ආහාරපාන, වස්ත්‍ර, ඉඳුම් හිටුම්, නවාතැන්, බේත් හේත් වරදින්නේ නැහැ. ලැබෙනවා.[/SIZE] [SIZE=5] 3. සුව සේ සැතපීම (හීනෙන් කය පරිහරණය කරන අමනුෂ්‍යයන්ට හසු වන්නේ නැහැ, සිහිනෙන් ධාතු පිට වීම අධික බව නම් රෝගයක් වේ ද එය නැති වනවා, මනාව නින්ද යෑම. විටින් විට අවදි නොවීම, කට කෙළ පෙරීම, ගෙරවීම, දත්කූරු ගෑම ආදිය නැති වීම.)[/SIZE] [SIZE=5] 4. සුවසේ අවදි වීම (වස්ත්‍ර ලිහිල් නො වී නිදාගත් පරිදි ම තිබීම, කබ කඳුළු පිරි විරූපී ස්වරූපයක් නොවීම, ප්‍රසන්න මුව මඬලක් පැවතීම.)[/SIZE] [SIZE=5] 5. අපාය බයෙන් මිදීම (බඹසර සිහි කිරීම පමණකින් තමන් විශේෂ සීලයක් ආරක්ෂා කරන බව සිහිපත් වීමෙන් තමන්ට සුගතියක් සිහි වන බව සිතට දැනේ, සතුට උපදියි. අපාය බය නැති වෙයි.)[/SIZE] [SIZE=5] 6. ස්ත්‍රී භාවයට, නපුංසක භාවයට කිසිදිනක පත් නොවීම (බඹසර මුල් කරගෙන පිරිමි උපතක් ම ලැබෙනවා, ලිංග විපර්යාසවලට ලක් වන්නේ නැහැ, පිරිමි – පිරිමි/ ස්ත්‍රී – ස්ත්‍රී ආදි අසම්මත කාමුක හැඟීම් උපදින්නේ නැහැ, තමාගේ ලිංගය ප්‍රදර්ශනය කිරීම, අන් අයගේ කාම සේවන බැලීම, පර පීඩන අත්ත පීඩන කාමාශාව ආදි අසාමාන්‍ය කාමාශා සහිත වූවන් ලෙස නූපදීම, වැදගත් ජීවිතයක්, තෙදවත් ජීවිතයක් උරුම වීම.)[/SIZE] [SIZE=5] 7. ක්‍රෝධ නොකරන සුලු බව (මෙත් සිත උපදවාගන්න පහසුයි, තරහ සිත් දුරු කරන්න පහසුයි, අන් අයගේ ගුණ සිහි කරන්න පහසුයි.)[/SIZE] [SIZE=5] 8. ප්රත්යක්ෂ කොට කරන කටයුතු ඇති බව (තමා කරන කියන දේ හොඳින් දන්නවා, අමතක නොවීම, පිළිවෙළට වැඩ කිරීම, වැඩ අවුල් නොවීම, කරන කටයුතු වරදින්නේ නැහැ, යමක් නිවැරදිව කිරීමට ඔහුගෙන් උපදෙස් ගත හැකිය.)[/SIZE] [SIZE=5] 9. යටිකුරු නොවන බව (දිව දෙකේ වංචනිකයෙකු නොවන බව, නොසිතූ බිඳ වැටීම්වලට ලක් නොවීම, වහා චරිතය වෙනස් වන්නෙකු නොවීම.)[/SIZE] [SIZE=5] 10. බිම බලාගෙන නො යෑම (ඕනෑම කෙනෙකු සමඟ ඍජු ව හොඳට මූණ බලාගෙන කතාකරන්න පුළුවනි, හැංගෙන චරිතයක් වෙන්නේ නෑ, ඔළුව පහළට හැරෙන විදිහේ ආබාධ හට ගන්නේ නැහැ, කාන්තාවන් ලැජ්ජාවෙන් කතා කරනවා වගේ බිම බලාගෙන ඇඹරි ඇඹරි කතා කරන චරිතයක් නොවීම.)[/SIZE] [SIZE=5] 11. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම ප්‍රියවන චරිතයක් වීම (බැහැර කරන/ අකමැති චරිතයක් නොවීම, සියලු දෙනාටම ප්‍රිය වීම, විශේෂයෙන් සසරේ සැමියාට බිරිඳ ප්‍රිය වෙයි. බිරිඳට සැමියා ප්‍රිය වෙයි, අවංක ආදරයක් හිමි වෙයි.)[/SIZE] [SIZE=5] 12. පිරිපුන් ඉඳුරන් ඇති බව[/SIZE] [SIZE=5] 13. පිරිපුන් ලකුණු ඇති බව (තමාගේ ශරීරයේ අංග මනාව පිහිටනවා, ලිංග දෝස හට ගන්නේ නැහැ, මනාව දෝස නැති රෝගාබාධ නැති ස්ත්‍රී/පුරුෂ නිමිත්ත පිහිටනවා.)[/SIZE] [SIZE=5] 14. කිසි තැනක සැක නැති බව (ඕනෑම තැනකට බයක් සැකක් නැතිව විසාරද ව යෑමේ/වාසය කිරීමේ වාසනාව ලැබෙයි.)[/SIZE] [SIZE=5] 15. නිරුත්සාහයෙන් කටයුතු සිදුවන බව (යම් කටයුත්තක් පටන් ගත් විට ඒ පස්සේ ම වැටීගෙන සිටින්න ඕන නැහැ. ගානට, සිතේ හැටියට කටයුතු සිදු වෙනවා.)[/SIZE] [SIZE=5] 16. සැප විහරණ ඇති බව (සැපවත් ජීවිතයක් ලැබෙනවා, නිතර නිතර පීඩාවට පත්වන චරිතයක් නොවීම, යමක් කොට සතුටු විය හැකි බව ලබනවා, පසු නොතැවෙන කෙනෙක් වීම.)[/SIZE] [SIZE=5] 17. කිසි තැනකින් එන බියක් නැති බව (ගිනි, ජල, සොර, රාජ, සත්ව ආදිය මෙන් ම මනුෂ්‍යය, අමනුෂ්‍යය ආදීන්ගෙන් බියක් නොපැමිණීම, අනවින ආදි බිය නොපැමිණීම, සෑම තැනක ම ආරක්ෂාකාරී ජීවිතයක් ලැබීම.)[/SIZE] [SIZE=5] 18. ප්‍රියමනාප වස්තූන්ගෙන් වෙන් නොවීම (තමන් යමකට කැමති නම්, ආදරේ නම්, ප්‍රිය නම් ඒ දේවල් තමා ඇසුරටම පැමිණීම.)[/SIZE] [SIZE=5] මේ වගේ ලෞකික ආනිශංස ගොඩක් ලැබෙන බව ඛුද්දක නිකායේ අටුවාවේ විස්තර වෙනවා. ඊට අමතර ව නිවන සොයාගෙන යන සත්පුරුෂයෙකුගේ ජීවිතය මැණිකක් නම් ඒ ජීවිතය ඔපමට්ටම් වෙන්නේ බඹසරින්. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පළමුවෙන් පැනවුණු සිල්පදයත් බ්‍රහ්මචාරී බවයි. බඹසර රැකගන්නට කෙනෙකුට අමාරු නම් ඒ සංයෝජනය ප්රහාණය කිරීමට ඇත්තේ ද බ්‍රහ්මචාරී බව ම යි.[/SIZE] [SIZE=5] අනිත් කාරණාව අබ්රහ්මචාරී බවත්, වැරදි කාම සේවනයත් මුල් කරගෙන සත්වයා නිරයේ උපදිනවා. අවුරුදු කෝටි ගණනක් පැහෙන්න රාගයෙන් මැරෙන කෙනාගේ කර්මය බලවත් වෙන්න පුළුවන්. නරක වීඩියෝ බලන, අසභ්‍ය දේට එබිකම් කරන අය යන ගූථ නිරයක් තිබෙනවා. ඒ නිරයේ ඉන දක්වා පණුවෝ නටන අශූචි පිරිලා තියෙන්නේ. ඒ නිරි සතාගේ ඇස් ගෙඩි පොල් ගෙඩි වගේ. යකඩ වගේ හොට තියෙන සත්තු ඒ අශූචියේ ගිලිලා ඉන්න නිරි සතාගේ ඇස් ගෙඩි කොටලා අදිනවා. එතකොට අර අශූචි අත්වලින් අරන් ඇස් දෙකේ ගා ගන්නවා වේදනාවට. ආයෙත් ඇස් දෙකට ඒ කර්මානුරූප ව පහළ වූ සතුන් අනිනවා. ඒ දුක ඉවරයක් නෑ. මැරි මැරී ඉපදෙනවා. කාම ප්‍රේත යෝනි ගැන ඔබ අහලා ඇති නේ. මේ නිරය භය නැති වෙනවා උතුම් බඹසර රැක්කා නම්. එතකොට හිතන්නකෝ ධර්මය නොදන්නා නිසා තරුණ පරපුරට කොයි වගේ ඉරණමක් අත් වේවි ද කියලා. අඩු ම තරමේ විවාහයක් වෙනකල් වත් බඹසර රකිනවා නම් ඒ ජීවිතයත් පූජනීයයි. සමහර තරුණ ළමයි මහණ වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒත් විදිහක් නැහැ. ඉතින් ඒ අයට පුළුවන් වුණොත් බඹසරවත් රැකගන්න ඒක පූජනීයයි. ඉස්සර විවාහ වෙනකල් ස්ත්‍රී පුරුෂයන් සියලු ලිංගික කටයුතුවලින් වැළකුනා. ඒකට කියන්නේ කුමර බඹසර, කුමරි බඹසර කියලා. ඒ අය ව දෙවියොත් රැක්කා. ඒ අය විවාහ වුණා ම පවුල් අවුල් වුණේ නැහැ. පින්වන්ත දරුවෝ ඉපදුණා. අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුවා. බඹසර රකින අය දෙව්ලොව, බඹලොව උපදින්න හේතු සම්පත් ලබනවා![/SIZE] [SIZE=5] තිරිසන් ලෝකයේ පවා සතුන්ගේ රහස් ප්‍රදේශ කුණු වෙලා, වණ වෙලා, පණුවෝ ගහලා, ඉදිමිලා, ලෙඩ වෙලා කොච්චර නම් විඳවනව ද? සමහර සතුන්ගේ රහස් ප්‍රදේශ අයින් කරනවා. විටෙක තලනවා. මේ සියල්ල බඹසරක් නැති වීමේ විපාක නො වෙයි ද? විවාහ වෙනකල් බඹසර රකින එක කොච්චර හොඳ ද? විවාහ වුණාට පස්සේ පතිවත රකින එකත් ඒ වගේ ම පූජනීයයි. දැන් දැන්ම වැරදි හදාගෙන සංවර වෙන්න. අපි කරන කර්ම අපි පිටිපස්සේ එනවා ම යි. ඉඩ ලද විගස විපාක දෙනවා.[/SIZE] [SIZE=5] ප්‍රේත ලෝකයේත් ඒ කාම පිපාසය තියෙනවා. ඒ දුකින් ම විඳවනවා. සමහර වයසක උදවිය වළපල්ලට යන්න ඔන්න මෙන්න තියෙද්දිත් කාම පිපාසයෙන් ම ඉන්නවා. අහෝ දුගතියේ ම යි උපදින්න සිත ඇදෙන්නේ. දරු මුණුබුරෝ දැක්කාමවත් ඒ වයසක දෙන්නා වෙන ම ඉන්නවා නම්, බඹසර සිල් සමාදන් වෙලා පුරනවා නම් කොතරම් පූජනීය ද?[/SIZE] [SIZE=5] කාම ප්‍රේත ලෝකයේ තියෙන ලිංග රෝග වචනයෙන් කියන්න බැහැ. මනුෂ්‍යය ලෝකයේ තියෙන ලිංග රෝග වගේ දහස් ගුණයක් අධික වේදනා තියෙනවා. සමලිංගික ආසාවන් නිසා ජීවිතය වරද්දාගෙන ප්‍රේත ලෝකයේ ඉපදුණ අය ඒ අවයව කඩ කඩා කනවා. ආයෙ මතුවෙනවා. ආයේ කඩ කඩා කනවා. වෙන සිහියක් නැහැ. ඒ දුක ඉවර වෙනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වේවි. අනේ මේ සංසාරයෙන් ගැලවෙන්නේ කවද්ද? මනුස්ස ලෝකයේ වුණත් ඉපදිලා ලිංගික දුර්වලතා, අවයව දුර්වලතා, අසාමාන්‍ය හැඟීම්, දරුවන් නොමැති වීම්, ආදරයේ හාමත, මේවාගෙන් විඳවන එක සසරේ තමන් කරපු දේවල් ම යි. කර්මයක් විඳවද්දී තවත් කර්ම රැස්කර ගන්න එපා. බලන්න බඹසර සීලය කොයිතරම් උතුම් ද කියලා. අනේ බඹසර රකින්න සිත් පහළ වෙනවා නම් කොයි තරම් හොඳ ද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු ජීවිතයේ අනුහසින්, විරාගයෙන් මිහි මඬල සලිත කළ මහා කස්සප මුනිඳුන්ගේ තේජසින්, වරදින් මිදී සසුන බැබළුෑ මෙත් කරුණා ගුණෙන් ශෝභමාන අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන්, සසුන් බඹසර රකින ලද භාග්‍යවතුන් වහන්සේගේ කෝටි ගණන් ආර්ය සඟරුවනේ ගුණ බලයෙන්, රුවන්මැලි මහා සෑ රජුන්ගේ ධාතු බලයෙන්, ජයසිරි මහා බෝ සමිඳුන්ගේ ඉර්ධියෙන්, සිරිපා කමලින් විහිදෙන රැස් පහසින් ඔබට උතුම් සීලයක් පුරුදු කර ගැනීමේ වාසනාව උදාවේවා![/SIZE] [SIZE=5] _____________________________________________[/SIZE] [SIZE=5] (මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි) _____________________________________________[/SIZE] [SIZE=5] උපුටා ගැනීම - මහාමේඝ පුවත් සඟරාව[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom