Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බ්‍රහ්මවිහාර ධර්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශාක හාමුදුරුවෝ

කලකට ඉස්සර පාටලීපුත්රයේ විශාක කියලා පොහොසත් මිනිසෙක් ඉඳියා. මේ කෙනාට අහන්න ලැබුනා ලංකාවේ මාලයකට මුතු අමුණලා තියෙනවා වගේ බෞද්ධ වෙහෙර විහාර ඉදිකරලා තියෙනවා කියලා. මුළු රටම කහ සිවුරු පොරවන් සිටින හාමුදුරුවන්ගෙන් බැබැළෙන බව ඔහුට අහන්න ලැබුනා. කිසිම අතුරු ආන්තරාවක් නැතිව රටේ ඕනාම තැනක යන්න එන්න පුළුවන් බව, කිසිම බයක් සැකක් නැතිව රැයක් ගත කරන්න පුළුවන් බව ඔහුට අහන්න ලැබුනා. මිනිසුන්ගේ හොඳ ගති ගුණ ගැන අහන්න ලැබුනා.

මේ තත්වයන් නිසා විශාකටත් හිතුනා ලංකාවට ඇවිත් භික්ෂුවක් බවට පත්වෙන්න. ඉතින් මෙයා තමන්ගේ වස්තු සම්පත් බිරිඳට හා දරුවන්ට පවරලා එක කහවණුවක් අරගෙන නිවසින් පිටත් වුනා. ඒ දවස් වල ඉතින් නැව් වලින් ගමන් යන කාලේ. මෙයාට සිද්ධ වුනා ලංකාවට නැවක් එනකම් මාසයක කාලයක් බලාගෙන ඉන්න. මේ මාසයක කාලය තුලදී විශාක වරාය ආශ්‍රිතව ඉන්න ගමන් තමන් ගෙනාපු කහවණුව වියදම් කරලා කහවණු දහසක් උපය ගත්තා වෙළඳාම් වල යෙදිලා. හැබැයි වංචනික වෙළඳාම් නෙමෙයි. යහපත්ව ජීවිකාව උපයා ගැනීම ඉතින් සම්මා ආජීව බව අපි දන්නවානේ. කොහොම වුනත් විශාකගේ අරමුණ වුනේ වෙළඳාමේ යෙදෙන්න නෙමෙයි. මේ බව පැහැදිලා වෙනවා පස්සේ තමන් උපයපු සියළු දේ අතහැරලා දාපු ආකාරය නිසා.

ඉතින් මේ විශාක නැවක නැගිලා ලංකාවට ගොඩ බැහැලා මහාවිහාරයට ගිහිල්ලා තමන්ව භික්ෂුවක් බවට පත් කරන ලෙසට ඉල්ලීමක් කලා. සීමා මාලකයට යද්දී මෙයා උපයපු අර කහවණු දහස ඉනේ බැඳලා තිබ්බේ, ඒවා එකිනෙක හැපිලා ශබ්ද වෙන්න ගත්තා. මේ ගැන ඔහුව සීමාවට එක්ක යමින් සිටි වැඩිහිටි හාමුදුරුවෝ විමසුවා. විශාක උත්තර දුන්නා තමන් විසින් උපයපු සල්ලි කියලා. හාමුදුරුවෝ උපදෙස් දුන්නා උපාසක මහත්තයෝ විනයට අනුව උපසපන් මහණක් වෙන්න නම් මුදල් පරිහරණය කිරීමෙන් ඉවත් වෙන්න වෙනවා. ඒ නිසා මේ සල්ලි වලින් ඈත් වෙන්න ක්‍රමයක් හොයා ගන්න වෙනවා කියලා. විශාක එහෙමයි හාමුදුරුවනේ. මන් මහණ වෙනවා දකින්න පැමිණි කිසිවෙක් හිස් අතින් යන්නේ නෑ කියලා සීමාවට පිටින් සිටි උපාසකයින් ගේ පැත්තට මේ කහවණු ටික විසි කරලා මහණ වුනා.

පසුව මොහුව හැඳින්වුනේ විශාක හාමුදුරුවෝ කියලා. පස් අවුරුදු කාලය විනය, සිල් ආදිය නිසි ලෙස ගුරු හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්ත විශාක හාමුදුරුවෝ තමන්ගේ වස් කාල පහ ගත වුනාට පස්සේ කමටහන් අරගෙන භාවනා කරන්න පටන් ගත්තා. මේ භාවනා කරද්දී එක පන්සලක හිටියේ මාස හතරක පමණ කාලයක් විතරයි. මේ විදියට භාවනා පුහුණු කරමින් ඉන්න මොහු දවසක් වනාන්තරයට යමින් සිටියදී විවේකස්ථානයක නැවතිලා තමන් ගැන උදම් ඇනුවා මෙන්න මේ විදියට,

යාවථ උපසම්පන්නෝ, යාවථ ඉධ අගාතෝ.

එත්තන්තරෙ ඛලිතම් නත්ථි, අහො ලාභා තෙ මරිසා.

යාවථ උපසම්පන්නෝ - මම භික්ෂුවක් බවට පත් වූ දා ඉඳන්, යාවථ ඉධ අගාථෝ - මම මේ වන සීමාවට එනතෙක්, එත්තන්තරෙ - මේ විවේක කාල සීමාවෙදී, ඛලිතම් - භික්ෂුවක් විසින් රැකිය යුතු සිල් රැකීමට අපොහොසත් වීමක්, නත්ථි - සිදු වෙලා නෑ. මරිසා - විශාකයෙනි, ථෙ - ඔබේ, ලාභ - භික්ෂුවක් විසින් සැපරිය යුතු ගුණධර්ම, අහෝ - විශිෂ්ටයි.

ඉතින් පසුව මේ විශාක හාමුදුරුවෝ සිතුල් පව්ව ගැන අහලා භාවනා කරන්න සිතුල් පව්වට පිටත් වුනා. ඒ අතර මග දෙමංසලකදී කොයි පැත්තට යන්නද කියන ප්රශ්නය ඇති වුනා. මේ වෙලාවෙදි දේවතාවෙක් පෙනී සිටලා නියමිත මාර්ගය පැත්ත දක්වලා මේ දිශාවෙන් වඩින්න ස්වාමිණී කියාලා මාර්ගය පෙන්වලා දුන්නා. සිතුල් පව්වෙ මාස හතරක කාලය භාවනාවෙන් කල් ගෙවලා ඉන් පිටත් වෙන කාලය ලන් වුනා. මේ අතරෙ හාමුදුරුවො සැතපිලා ඉද්දි මනිලා කියන රුක් දෙවියෙක් ඊට අඩියක් විතර ඈතින් ඉඳන් අඬමින් සිටියා.

කවුද ඔබ? ඇයි අඬන්නේ විශාක හාමුදුරුවෝ ඇහුවා. මන් රුක් දෙවියෙක්. ඔබ වහන්සේගේ පිටත් වීම දැනිලා අඬන බව දැනුම් දුන්නා. මන් මෙහි රැඳීමෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්දැයි විශාක හාමුදුරුවෝ විමසනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ වැඩසිටීම දෙවියන් අතරෙත් මෛත්‍රී හැඟීම් ඇති කරවනවා. ඉතින් ඔබ වහන්සේ මේ ස්ථානයෙන් පිට වී ගියාම ආයිත් ඔවුන් අතරේ රණ්ඩු සරුවල් ඇති වේවි. සැර වචන පිට වේවි කියලා දෙවියා උත්තර දුන්නා. හොඳයි මන් මෙතන නතර වීම ඔබ සැමට සැප ඇති කරවනවා නම් මන් නවතින්නම් කියපු විශාක හාමුදුරුවෝ තවත් සිව් මාසයක් එහිම වැඩ සිටින්න තීරණය කලා. ඒ කාලය අන්තිමෙදී වෙන තැනකට වඩින්න හදද්දිත් කලින් සිදු වුන දේම සිදු වුනා. ඉතින් මේ විදියට විශාක හාමුදුරුවන්ගේ පරිනිර්වාණය වෙන තෙක්ම උන්වහන්සේ දෙවියන්ගේ ඉල්ලීම මත සිතුල් පව්වේම වැඩ සිටියා.

විශුද්ධිමාර්ගයේ දැක්වෙන මේ පුංචි අතීත කථාව මෙත්තාව වර්ධනය කරපු කෙනෙක් දෙවියන්ගේ ආදරයට ගෞරවයට ලක්වීම ගැන හොඳ නිදර්ශනයක් සපයනවා.

[QUOTE="hpalpola, post: 9405430, member: 321413"] [SIZE="4"] විශාක හාමුදුරුවෝ කලකට ඉස්සර පාටලීපුත්රයේ විශාක කියලා පොහොසත් මිනිසෙක් ඉඳියා. මේ කෙනාට අහන්න ලැබුනා ලංකාවේ මාලයකට මුතු අමුණලා තියෙනවා වගේ බෞද්ධ වෙහෙර විහාර ඉදිකරලා තියෙනවා කියලා. මුළු රටම කහ සිවුරු පොරවන් සිටින හාමුදුරුවන්ගෙන් බැබැළෙන බව ඔහුට අහන්න ලැබුනා. කිසිම අතුරු ආන්තරාවක් නැතිව රටේ ඕනාම තැනක යන්න එන්න පුළුවන් බව, කිසිම බයක් සැකක් නැතිව රැයක් ගත කරන්න පුළුවන් බව ඔහුට අහන්න ලැබුනා. මිනිසුන්ගේ හොඳ ගති ගුණ ගැන අහන්න ලැබුනා. මේ තත්වයන් නිසා විශාකටත් හිතුනා ලංකාවට ඇවිත් භික්ෂුවක් බවට පත්වෙන්න. ඉතින් මෙයා තමන්ගේ වස්තු සම්පත් බිරිඳට හා දරුවන්ට පවරලා එක කහවණුවක් අරගෙන නිවසින් පිටත් වුනා. ඒ දවස් වල ඉතින් නැව් වලින් ගමන් යන කාලේ. මෙයාට සිද්ධ වුනා ලංකාවට නැවක් එනකම් මාසයක කාලයක් බලාගෙන ඉන්න. මේ මාසයක කාලය තුලදී විශාක වරාය ආශ්‍රිතව ඉන්න ගමන් තමන් ගෙනාපු කහවණුව වියදම් කරලා කහවණු දහසක් උපය ගත්තා වෙළඳාම් වල යෙදිලා. හැබැයි වංචනික වෙළඳාම් නෙමෙයි. යහපත්ව ජීවිකාව උපයා ගැනීම ඉතින් [I]සම්මා ආජීව [/I]බව අපි දන්නවානේ. කොහොම වුනත් විශාකගේ අරමුණ වුනේ වෙළඳාමේ යෙදෙන්න නෙමෙයි. මේ බව පැහැදිලා වෙනවා පස්සේ තමන් උපයපු සියළු දේ අතහැරලා දාපු ආකාරය නිසා. ඉතින් මේ විශාක නැවක නැගිලා ලංකාවට ගොඩ බැහැලා මහාවිහාරයට ගිහිල්ලා තමන්ව භික්ෂුවක් බවට පත් කරන ලෙසට ඉල්ලීමක් කලා. සීමා මාලකයට යද්දී මෙයා උපයපු අර කහවණු දහස ඉනේ බැඳලා තිබ්බේ, ඒවා එකිනෙක හැපිලා ශබ්ද වෙන්න ගත්තා. මේ ගැන ඔහුව සීමාවට එක්ක යමින් සිටි වැඩිහිටි හාමුදුරුවෝ විමසුවා. විශාක උත්තර දුන්නා තමන් විසින් උපයපු සල්ලි කියලා. හාමුදුරුවෝ උපදෙස් දුන්නා උපාසක මහත්තයෝ විනයට අනුව උපසපන් මහණක් වෙන්න නම් මුදල් පරිහරණය කිරීමෙන් ඉවත් වෙන්න වෙනවා. ඒ නිසා මේ සල්ලි වලින් ඈත් වෙන්න ක්‍රමයක් හොයා ගන්න වෙනවා කියලා. විශාක එහෙමයි හාමුදුරුවනේ. මන් මහණ වෙනවා දකින්න පැමිණි කිසිවෙක් හිස් අතින් යන්නේ නෑ කියලා සීමාවට පිටින් සිටි උපාසකයින් ගේ පැත්තට මේ කහවණු ටික විසි කරලා මහණ වුනා. පසුව මොහුව හැඳින්වුනේ විශාක හාමුදුරුවෝ කියලා. පස් අවුරුදු කාලය විනය, සිල් ආදිය නිසි ලෙස ගුරු හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්ත විශාක හාමුදුරුවෝ තමන්ගේ වස් කාල පහ ගත වුනාට පස්සේ කමටහන් අරගෙන භාවනා කරන්න පටන් ගත්තා. මේ භාවනා කරද්දී එක පන්සලක හිටියේ මාස හතරක පමණ කාලයක් විතරයි. මේ විදියට භාවනා පුහුණු කරමින් ඉන්න මොහු දවසක් වනාන්තරයට යමින් සිටියදී විවේකස්ථානයක නැවතිලා තමන් ගැන උදම් ඇනුවා මෙන්න මේ විදියට, [CENTER][B]යාවථ උපසම්පන්නෝ, යාවථ ඉධ අගාතෝ. එත්තන්තරෙ ඛලිතම් නත්ථි, අහො ලාභා තෙ මරිසා. [/B][/CENTER] [B]යාවථ උපසම්පන්නෝ[/B] - මම භික්ෂුවක් බවට පත් වූ දා ඉඳන්, [B]යාවථ ඉධ අගාථෝ [/B]- මම මේ වන සීමාවට එනතෙක්, [B]එත්තන්තරෙ [/B]- මේ විවේක කාල සීමාවෙදී, [B]ඛලිතම් [/B]- භික්ෂුවක් විසින් රැකිය යුතු සිල් රැකීමට අපොහොසත් වීමක්,[B] නත්ථි [/B]- සිදු වෙලා නෑ. [B]මරිසා [/B]- විශාකයෙනි,[B] ථෙ [/B]- ඔබේ, ලාභ - භික්ෂුවක් විසින් සැපරිය යුතු ගුණධර්ම, [B]අහෝ[/B] - විශිෂ්ටයි. ඉතින් පසුව මේ විශාක හාමුදුරුවෝ සිතුල් පව්ව ගැන අහලා භාවනා කරන්න සිතුල් පව්වට පිටත් වුනා. ඒ අතර මග දෙමංසලකදී කොයි පැත්තට යන්නද කියන ප්රශ්නය ඇති වුනා. මේ වෙලාවෙදි දේවතාවෙක් පෙනී සිටලා නියමිත මාර්ගය පැත්ත දක්වලා මේ දිශාවෙන් වඩින්න ස්වාමිණී කියාලා මාර්ගය පෙන්වලා දුන්නා. සිතුල් පව්වෙ මාස හතරක කාලය භාවනාවෙන් කල් ගෙවලා ඉන් පිටත් වෙන කාලය ලන් වුනා. මේ අතරෙ හාමුදුරුවො සැතපිලා ඉද්දි මනිලා කියන රුක් දෙවියෙක් ඊට අඩියක් විතර ඈතින් ඉඳන් අඬමින් සිටියා. කවුද ඔබ? ඇයි අඬන්නේ විශාක හාමුදුරුවෝ ඇහුවා. මන් රුක් දෙවියෙක්. ඔබ වහන්සේගේ පිටත් වීම දැනිලා අඬන බව දැනුම් දුන්නා. මන් මෙහි රැඳීමෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්දැයි විශාක හාමුදුරුවෝ විමසනවා. ස්වාමිනී, ඔබ වහන්සේගේ වැඩසිටීම දෙවියන් අතරෙත් මෛත්‍රී හැඟීම් ඇති කරවනවා. ඉතින් ඔබ වහන්සේ මේ ස්ථානයෙන් පිට වී ගියාම ආයිත් ඔවුන් අතරේ රණ්ඩු සරුවල් ඇති වේවි. සැර වචන පිට වේවි කියලා දෙවියා උත්තර දුන්නා. හොඳයි මන් මෙතන නතර වීම ඔබ සැමට සැප ඇති කරවනවා නම් මන් නවතින්නම් කියපු විශාක හාමුදුරුවෝ තවත් සිව් මාසයක් එහිම වැඩ සිටින්න තීරණය කලා. ඒ කාලය අන්තිමෙදී වෙන තැනකට වඩින්න හදද්දිත් කලින් සිදු වුන දේම සිදු වුනා. ඉතින් මේ විදියට විශාක හාමුදුරුවන්ගේ පරිනිර්වාණය වෙන තෙක්ම උන්වහන්සේ දෙවියන්ගේ ඉල්ලීම මත සිතුල් පව්වේම වැඩ සිටියා. විශුද්ධිමාර්ගයේ දැක්වෙන මේ පුංචි අතීත කථාව මෙත්තාව වර්ධනය කරපු කෙනෙක් දෙවියන්ගේ ආදරයට ගෞරවයට ලක්වීම ගැන හොඳ නිදර්ශනයක් සපයනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom