Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
බ්‍රිගේඩියර්වරයා සහ ගෙල කැපිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිගේඩියර්වරයා සහ ගෙල කැපිම

මිනුෂ ප්‍රනාන්දු විසිනි, 2018 පෙබරවාරි 19

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ හිතවාදීන් පැවැත්වූ උද්ඝෝෂනයකට සහභාගීවුවන්ට එම කාර්යාලයේ සේවයේ නියුතුව සිටින ලංකාවේ මිලිටරියේ ඉහල පෙලේ නිලධාරියෙකු විසින් ගෙල කපා දමන ආකාරය ඉඟියකින් දැක්වීමේ සිද්ධිය ගැන ආන්ඩුවේ, දේශපාලන පක්ෂවල හා ජනමාධ්‍ය වල ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ පාලක පන්තිය දීන ලෙස මිලිටරිය හා වර්ගවාදය මත යැපී සිටින ආකාරයයි.

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු නැමැති මෙම තානාපති කාර්යාල නිලධාරියා කොලඹ ආන්ඩු විසින් දෙමල ජනතාවට එරහිව ගෙන ගිය වාර්ගවාදී යුද්ධයේ අවසන් ප්‍රහාර වලදී හමුදාංකයක් භාරව ක්‍රියාකල බව ප්රකාශවේ. ඔහු ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ආරක්ෂක උපදේශකයෙකු වශයෙන් ක්‍රියා කරමින් සිටියි.

මෙම ප්රකෝපකාරී සිද්ධියත් සමග බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රීන් දෙදෙනෙක් බ්‍රිගේඩියර්ගේ “රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි අවලංගුකර ඔහු පිටුවහල් කරන” ලෙස ඉල්ලා එරට විදේශ ලේකම්වරයාට ලිපියක් යැවීය.

සිද්ධිය ජාත්‍යන්තර මට්ටමේ සෝලියක් බවට වර්ධනය වීමෙන් ඇතිවිය හැකි අපකීර්තියෙන් ගැලවීමේ මාර්ගයක් ලෙස ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ බ්‍රිගේඩියර්වරයා සේවයෙන් පහකිරීමට මහ කොමසාරිස් කාර්යාලයට උපදෙස් ලබා දී තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ මිලිටරිය ඇතුලු බලධාරීන් සිද්ධිය පිලිබඳ පරීක්ෂනයක් වහාම පවත්වනු ඇති බවත්ය.

මුහුන බේරා ගැනීමේ මේ ක්‍රියාව කෙසේ වෙතත්, ලංකාවේ ආන්ඩුව, අනෙකුත් දේශපාලන පක්ෂ, මිලිටරිය හා ජනමාධ්‍ය කිසිදු භේදයකින් තොරව බ්‍රිගේඩියර් ආරක්ෂා කිරීමට ඉදිරියට පැන ගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වහාම ක්‍රියාත්මක වන පරිදි බ්‍රිගේඩියර් ප්‍රනාන්දු නැවත සේවයේ පිහිටුවීමට නියෝග කල අතර හමුදාපතිවරයා සඳහන් කලේ ඔහුට විරුද්ධව කිසිම ආකාරයක පරීක්ෂනයක් නොපවත්වන බවයි.

ආරක්ෂක කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, “එල්ටීටීඊ ඩයස්පෝරාවට නිවැරදි සංඥාව ලබා දුන් නිසා” තමන්ගේ “ප්‍රසාදය” බ්‍රිගේඩියර්ට හිමිවන බව පවසමින් ඔහු අගය කලේය. එමෙන්ම ජනාධිපතිවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් තමන් “සතුටුවන” බවද විජේවර්ධන පැවසීය.

වර්තමාන ආන්ඩුවේ තවත් ඇමතියෙකු වන නවීන් දිසානායක, බ්‍රිගේඩියර් නෙරපන ලෙස ඉල්ලා සිටි බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රීන් දෙපලට කෝපාවිෂ්ඨ ලිපියක් යොමු කලේය. ඔහු සඳහන් කලේ , බ්‍රිගේඩියර්වරයා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ සිටි නිසා ඔහුගේ ක්‍රියාව “රාජ්‍යතාන්ත්‍රිකව හෝ නෛතිකව ප්‍රශ්න කල නොහැකි” බවයි. එමෙන්ම “බ්‍රිගේඩියර් ප්‍රනාන්දු තරයේ ආරක්ෂා කරන අතර” ඔහු ලංකා තානාපති කාර්යාලයේ “ආරක්ෂක උපදේශකයා ලෙස දිගටම කටයුතු කරනු” ඇතැයි සහතික වූයේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මොවුන් පරයා යාමට තැත් කරමින් සිංහල වර්ගවාදය ඇවිස්සීමට හා ආන්ඩුවට එරෙහි සිය ප්‍රචාරය ගෙන යාමට එයද නිමිත්තක් කර ගත්තේය. රාජපක්ෂ ප්‍රකාශ කලේ ආන්ඩුව බ්‍රිගේඩියර් සේවයෙන් නෙරපා ඇත්තේ ඔහුගේ නිල ඇඳුමේ ඇති “සිංහයා පෙන්වීම” නිසා බවයි.

දිවයින පුවත්පත සිය කතුවැකිය තුල බ්‍රිගේඩියර්වරයා වර්නනා කලේ “සිය ජාතික අභිමානය ඉතා ඉහලින් ආරක්ෂා කල” “ජාති හිතෛශියෙකු” ලෙසය. “විදේශ අමාත්‍යංශයේ තීරනය අවලංගු කිරීම මගින්” ජනාධිපතිවරයා “ඥානාන්විත ලෙස” ක්‍රියාකර ඇති බව ඩේලි නිවුස් පුවත් පතේ කතුවැකියක සඳහන් විය.

විදේශයක දී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික මිලිටරි නිලධාරියෙක් ප්රකෝපකාරී ක්‍රියාවක් සිදු කිරීම ගැන චෝදනා එල්ලවූ තත්වයක දී, කිසිදු පරීක්ෂනයකින් තොරව අදාල නිලධාරියාට පක්ෂ ආස්ථානයකට ජනාධිපතිගේ පටන් දේශපාලකයන් පැකිලීමකින් තොරව පැන ගැනීමෙන් අනාවරනය වන්නේ, ලංකාවේ පාලක පන්තිය මිලිටරිය මත මුලුමනින්ම රැඳී සිටින ආකාරයි. මිලිටරිය නෛතික විධිවිධාන වලින් ශක්තිමත් කර ඇති අතරම ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් මුක්තිය සහතික කර දීමට ද බලයේ සිටි හා සිටින ආන්ඩු ක්‍රියා කර ඇත.

රට පුරා කම්කරුවන් දුගීන් මැඞීම සඳහා යොදා ගත් බෙදුම්වාදී එල්ටීටීඊ එරෙහි වර්ගවාදී යුද්ධයේ දී හා එය දිනීමෙන් පසු මිලිටරිය පුම්බා තබා ඇත්තේ රනවිරුවන් ලෙස ය. ලංකාවේ පාලක පන්තිය මිලිටරිය මිනිස් බලයෙන් තරකොට, නවීන අවිවලින් සන්නද්ධ කර, ජාතික ආදායමෙන් ඉහලම පංගුව හා වරප්‍රසාද දී නඩත්තු කරමින් රටේ දේශපාලනය තීන්දු කිරීමේ ප්රමුඛ සාධකයක් බවට පරිවර්තනය කර තිබේ.

සන්නද්ධ හමුදා වෙනුවෙන් පාලක පන්තියේ මෙම කැපවීම, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය තුලදී එය විසින් සිදු කෙරුනු යුද අපරාධ හා මානව අයිතීන් මැඩීම සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වා ක්‍රියා මාර්ග ගන්නා බවට විටින් විට දෙන කොලඹ ආන්ඩු දෙන පොරොන්දු වල ඇති ව්‍යාජ භාවය ද එලිමහනට ගෙන එයි. මිලිටරි නායකයන් පමනක් නොව සියලුම දේශපාලන පක්ෂ, වත්මන් සිරිසේන ආන්ඩුව හා පසුගිය රාජපක්ෂ පාලනය ආරක්ෂක හමුදා යුද්ධයේදී මොනම අපරාධයක් වත් කර නැතැයි එය නිදොස් කොට ඇත. සිරිසේන පුනපුනා සඳහන් කරන්නේ කිසිදු අයුරකින් එහි සාමාජිකයන් යුද අපරාධ පරීක්ෂනවලට ලක් කිරීමට තමන් ඉඩ නොදෙන බවයි.

මිලිටරිය පිලිබඳව පාලක පන්තියේ ඇති සුවිශේෂී බැඳීම ප්‍රකාශයට පත්වූ පලමු අවස්ථාව මෙය නොවේ. මහින්ද රාජපක්ෂ ආන්ඩු සමයේදී, යුද්ධයේ අවසන් මාසවලදී බෙදුම්වාදී එල්ටීටීඊට එල්ල කර ප්රහාරයන්හීදී මිලිටරිය යුද අපරාධ සිදුකල බවට ඉදිරිපත්වූ සෑම සාක්ෂියකදීම කොලඹ දේශපාලන සංස්ථාපිතය ප්‍රතිචාර දැක්වුයේ ඒවා හමුදාවන්ගේ කීර්ති නාමයට හානි පැමිනවීම සඳහා වූ “ජාත්‍යන්තර කුමන්ත්රනයක” කොටසක් බවත් හමුදාව ගෙනගියේ “මානුෂීය ක්‍රියාන්විතයක්” බවත් පවසමින්ය.

මිලිටරිය ආරක්ෂා කිරීම සඳහා පාලක පන්තියේ සෑම කොටසකම උත්සුකය අහම්බයක් නොවේ. සිය අර්බුද ග්රස්ත පාලනය ගෙන යාමට යුද්ධයේදී මුවහත් කෙරුනු මිලිටරි විධික්රම යොදා ගන්නා පාලක පන්තිය හා එහි ආන්ඩුව කම්කරු පන්තියේ අරගලවල නව කාල පරිච්ඡේදයක් විවෘතවී ඇති තත්වය තුල ආඥාදායක පාලනයකට සුදානම් වෙමින් මිලිටරිය මත වෙන කවරදාකටත් වැඩියෙන් රැඳී සිටියි.

[QUOTE="සොහොන, post: 22900866, member: 454429"] [b]බ්‍රිගේඩියර්වරයා සහ ගෙල කැපිම[/b] මිනුෂ ප්‍රනාන්දු විසිනි, 2018 පෙබරවාරි 19 [SIZE="3"][B]බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ හිතවාදීන් පැවැත්වූ උද්ඝෝෂනයකට සහභාගීවුවන්ට එම කාර්යාලයේ සේවයේ නියුතුව සිටින ලංකාවේ මිලිටරියේ ඉහල පෙලේ නිලධාරියෙකු විසින් ගෙල කපා දමන ආකාරය ඉඟියකින් දැක්වීමේ සිද්ධිය ගැන ආන්ඩුවේ, දේශපාලන පක්ෂවල හා ජනමාධ්‍ය වල ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ පාලක පන්තිය දීන ලෙස මිලිටරිය හා වර්ගවාදය මත යැපී සිටින ආකාරයයි. බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු නැමැති මෙම තානාපති කාර්යාල නිලධාරියා කොලඹ ආන්ඩු විසින් දෙමල ජනතාවට එරහිව ගෙන ගිය වාර්ගවාදී යුද්ධයේ අවසන් ප්‍රහාර වලදී හමුදාංකයක් භාරව ක්‍රියාකල බව ප්රකාශවේ. ඔහු ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ආරක්ෂක උපදේශකයෙකු වශයෙන් ක්‍රියා කරමින් සිටියි. මෙම ප්රකෝපකාරී සිද්ධියත් සමග බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රීන් දෙදෙනෙක් බ්‍රිගේඩියර්ගේ “රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි අවලංගුකර ඔහු පිටුවහල් කරන” ලෙස ඉල්ලා එරට විදේශ ලේකම්වරයාට ලිපියක් යැවීය. සිද්ධිය ජාත්‍යන්තර මට්ටමේ සෝලියක් බවට වර්ධනය වීමෙන් ඇතිවිය හැකි අපකීර්තියෙන් ගැලවීමේ මාර්ගයක් ලෙස ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ බ්‍රිගේඩියර්වරයා සේවයෙන් පහකිරීමට මහ කොමසාරිස් කාර්යාලයට උපදෙස් ලබා දී තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ මිලිටරිය ඇතුලු බලධාරීන් සිද්ධිය පිලිබඳ පරීක්ෂනයක් වහාම පවත්වනු ඇති බවත්ය. මුහුන බේරා ගැනීමේ මේ ක්‍රියාව කෙසේ වෙතත්, ලංකාවේ ආන්ඩුව, අනෙකුත් දේශපාලන පක්ෂ, මිලිටරිය හා ජනමාධ්‍ය කිසිදු භේදයකින් තොරව බ්‍රිගේඩියර් ආරක්ෂා කිරීමට ඉදිරියට පැන ගත්තේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වහාම ක්‍රියාත්මක වන පරිදි බ්‍රිගේඩියර් ප්‍රනාන්දු නැවත සේවයේ පිහිටුවීමට නියෝග කල අතර හමුදාපතිවරයා සඳහන් කලේ ඔහුට විරුද්ධව කිසිම ආකාරයක පරීක්ෂනයක් නොපවත්වන බවයි. ආරක්ෂක කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, “එල්ටීටීඊ ඩයස්පෝරාවට නිවැරදි සංඥාව ලබා දුන් නිසා” තමන්ගේ “ප්‍රසාදය” බ්‍රිගේඩියර්ට හිමිවන බව පවසමින් ඔහු අගය කලේය. එමෙන්ම ජනාධිපතිවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් තමන් “සතුටුවන” බවද විජේවර්ධන පැවසීය. වර්තමාන ආන්ඩුවේ තවත් ඇමතියෙකු වන නවීන් දිසානායක, බ්‍රිගේඩියර් නෙරපන ලෙස ඉල්ලා සිටි බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ මන්ත්‍රීන් දෙපලට කෝපාවිෂ්ඨ ලිපියක් යොමු කලේය. ඔහු සඳහන් කලේ , බ්‍රිගේඩියර්වරයා මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ සිටි නිසා ඔහුගේ ක්‍රියාව “රාජ්‍යතාන්ත්‍රිකව හෝ නෛතිකව ප්‍රශ්න කල නොහැකි” බවයි. එමෙන්ම “බ්‍රිගේඩියර් ප්‍රනාන්දු තරයේ ආරක්ෂා කරන අතර” ඔහු ලංකා තානාපති කාර්යාලයේ “ආරක්ෂක උපදේශකයා ලෙස දිගටම කටයුතු කරනු” ඇතැයි සහතික වූයේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මොවුන් පරයා යාමට තැත් කරමින් සිංහල වර්ගවාදය ඇවිස්සීමට හා ආන්ඩුවට එරෙහි සිය ප්‍රචාරය ගෙන යාමට එයද නිමිත්තක් කර ගත්තේය. රාජපක්ෂ ප්‍රකාශ කලේ ආන්ඩුව බ්‍රිගේඩියර් සේවයෙන් නෙරපා ඇත්තේ ඔහුගේ නිල ඇඳුමේ ඇති “සිංහයා පෙන්වීම” නිසා බවයි. දිවයින පුවත්පත සිය කතුවැකිය තුල බ්‍රිගේඩියර්වරයා වර්නනා කලේ “සිය ජාතික අභිමානය ඉතා ඉහලින් ආරක්ෂා කල” “ජාති හිතෛශියෙකු” ලෙසය. “විදේශ අමාත්‍යංශයේ තීරනය අවලංගු කිරීම මගින්” ජනාධිපතිවරයා “ඥානාන්විත ලෙස” ක්‍රියාකර ඇති බව ඩේලි නිවුස් පුවත් පතේ කතුවැකියක සඳහන් විය. විදේශයක දී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික මිලිටරි නිලධාරියෙක් ප්රකෝපකාරී ක්‍රියාවක් සිදු කිරීම ගැන චෝදනා එල්ලවූ තත්වයක දී, කිසිදු පරීක්ෂනයකින් තොරව අදාල නිලධාරියාට පක්ෂ ආස්ථානයකට ජනාධිපතිගේ පටන් දේශපාලකයන් පැකිලීමකින් තොරව පැන ගැනීමෙන් අනාවරනය වන්නේ, ලංකාවේ පාලක පන්තිය මිලිටරිය මත මුලුමනින්ම රැඳී සිටින ආකාරයි. මිලිටරිය නෛතික විධිවිධාන වලින් ශක්තිමත් කර ඇති අතරම ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් මුක්තිය සහතික කර දීමට ද බලයේ සිටි හා සිටින ආන්ඩු ක්‍රියා කර ඇත. රට පුරා කම්කරුවන් දුගීන් මැඞීම සඳහා යොදා ගත් බෙදුම්වාදී එල්ටීටීඊ එරෙහි වර්ගවාදී යුද්ධයේ දී හා එය දිනීමෙන් පසු මිලිටරිය පුම්බා තබා ඇත්තේ රනවිරුවන් ලෙස ය. ලංකාවේ පාලක පන්තිය මිලිටරිය මිනිස් බලයෙන් තරකොට, නවීන අවිවලින් සන්නද්ධ කර, ජාතික ආදායමෙන් ඉහලම පංගුව හා වරප්‍රසාද දී නඩත්තු කරමින් රටේ දේශපාලනය තීන්දු කිරීමේ ප්රමුඛ සාධකයක් බවට පරිවර්තනය කර තිබේ. සන්නද්ධ හමුදා වෙනුවෙන් පාලක පන්තියේ මෙම කැපවීම, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය තුලදී එය විසින් සිදු කෙරුනු යුද අපරාධ හා මානව අයිතීන් මැඩීම සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වා ක්‍රියා මාර්ග ගන්නා බවට විටින් විට දෙන කොලඹ ආන්ඩු දෙන පොරොන්දු වල ඇති ව්‍යාජ භාවය ද එලිමහනට ගෙන එයි. මිලිටරි නායකයන් පමනක් නොව සියලුම දේශපාලන පක්ෂ, වත්මන් සිරිසේන ආන්ඩුව හා පසුගිය රාජපක්ෂ පාලනය ආරක්ෂක හමුදා යුද්ධයේදී මොනම අපරාධයක් වත් කර නැතැයි එය නිදොස් කොට ඇත. සිරිසේන පුනපුනා සඳහන් කරන්නේ කිසිදු අයුරකින් එහි සාමාජිකයන් යුද අපරාධ පරීක්ෂනවලට ලක් කිරීමට තමන් ඉඩ නොදෙන බවයි. මිලිටරිය පිලිබඳව පාලක පන්තියේ ඇති සුවිශේෂී බැඳීම ප්‍රකාශයට පත්වූ පලමු අවස්ථාව මෙය නොවේ. මහින්ද රාජපක්ෂ ආන්ඩු සමයේදී, යුද්ධයේ අවසන් මාසවලදී බෙදුම්වාදී එල්ටීටීඊට එල්ල කර ප්රහාරයන්හීදී මිලිටරිය යුද අපරාධ සිදුකල බවට ඉදිරිපත්වූ සෑම සාක්ෂියකදීම කොලඹ දේශපාලන සංස්ථාපිතය ප්‍රතිචාර දැක්වුයේ ඒවා හමුදාවන්ගේ කීර්ති නාමයට හානි පැමිනවීම සඳහා වූ “ජාත්‍යන්තර කුමන්ත්රනයක” කොටසක් බවත් හමුදාව ගෙනගියේ “මානුෂීය ක්‍රියාන්විතයක්” බවත් පවසමින්ය. මිලිටරිය ආරක්ෂා කිරීම සඳහා පාලක පන්තියේ සෑම කොටසකම උත්සුකය අහම්බයක් නොවේ. සිය අර්බුද ග්රස්ත පාලනය ගෙන යාමට යුද්ධයේදී මුවහත් කෙරුනු මිලිටරි විධික්රම යොදා ගන්නා පාලක පන්තිය හා එහි ආන්ඩුව කම්කරු පන්තියේ අරගලවල නව කාල පරිච්ඡේදයක් විවෘතවී ඇති තත්වය තුල ආඥාදායක පාලනයකට සුදානම් වෙමින් මිලිටරිය මත වෙන කවරදාකටත් වැඩියෙන් රැඳී සිටියි. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom