Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රිතාන්‍යය; දෙපස ම පරාජිතයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍යය; දෙපස ම පරාජිතයි

බ්‍රිතාන්‍යය; දෙපස ම පරාජිතයි

"මෙය යුරෝපා සංගමයේ අවසානයේ ආරම්භය දැයි" ඊයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක අවසන් ප්රශ්නය ලෙස යුරෝපා සංගම් ප්‍රධානියාගෙන් මාධ්‍යවේදීනියක විසින් ඇසූ විට සභාපතිවරයා අවිනිශ්චිත බැල්මක් පෙන්වා මුහුණ බිමට හරවමින් ප්‍රකාශ කළේ "නෑ. මම හිතනවා එහෙම නොවෙයි කියල" යනුවෙනි. වචන කෙසේ වෙතත්, සභාපතිවරයාගේ ශරීර ඉරියව් නම් පැහැදිළි ව ප්‍රකාශ කළේ "ඔව්. මම හිතනවා එහෙම වෙයි කියල" යනුවෙන් ය.

අද බ්‍රිතාන්‍ය ඇතුළු ලොව පුරා කොටස් වෙළඳපොල හා මුදල් ඒකක එකපිට එක කඩා වැටෙන විට යුරෝපා සංගමයෙන් 'පිටවෙමු' 'නොවෙමු' යන කඳවුරු දෙකේ ම පිරිස් තමාගේ ඉදිරි අනාගතය කෙසේ ලියවෙන්නේ දැයි සිතා ගැනුමට අපහසුව රූපවාහිනි තිර ඉදිරියේ "විශේෂඥ" අදහස්වලට සමවැදී සිටිති. ජනමත විචාරණයේ දී ජයග්‍රහණය කළේ අන් කිසිවක් නොව ජාතිකත්වය හා එහි පැවැත්මට බාහිරින් එල්ල වෙමින් පැවති තර්ජනයට වන ප්‍රතිචාරය බව අමුතුවෙන් කිවයුතු නැත. එම ප්රශ්නය අබිමුව මෙම වෙන්වීම නිසා රටේ ආර්ථිකයට එල්ල විය හැකි දැඩි අවදානම පවා පසෙක දැමීමට තරම් බ්‍රිතාන්‍ය ජනයා නිර්භය විය. කෙසේ වෙතත්, මේ පාර්ශව දෙක ම පරාජය වූ බව මගේ නම් හැඟීම ය.

බ්‍රිතාන්‍යයේ වසර 40ක ම අතීතය නිර්වචනය වී තිබුණේ යුරෝපා සංගම්ය සමග වන සබඳතාවකිනි. ඔවුන් ඒ තුළින් නෙලාගත් විපුල ඵල තිබේ. බදුවලට හසු නොවෙමින් සිය භාණ්ඩ යුරෝපයේ සෙසු රටවලට යැවීම හරහා පමණක් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයින් ලැබූ වාසි අපමණ ය. බ්‍රිතාන්‍ය නිෂ්පාදකයාට යුරෝපය ම තනි යායක් විය. දශක ගණනාවක් තිස්සේ මෙම ව්‍යාපාර වර්ධනය වූයේ යුරෝපය ම තම වෙළඳපොල බව සිතන මානසිකත්වයක ය. එහෙත් දැන් ඒ සියල්ල එක් වරම යළි නිර්වචනය කරගත යුතු ව තිබේ. බ්‍රිතාන්‍යයේ කුඩා, මධ්‍යම හා මහාපරිමාන ව්‍යාපාර කරකවා අතහැර තිබේ.

ඉදිරි වසර දෙක තුන තුළ මේ රටට ගොඩ ඒමට හැකිවනු ඇතැයි සිතිය නොහැකි ය. මන්ද මුළු බ්‍රිතාන්‍ය පමණක් නොව යුරෝපය ම දැන් විශාල ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ව්‍යාකූලතාවකට හසු වීම වැළකිය නොහැකි ය. එකිනෙකා මත යැපුණු ව්‍යාපාර-නිෂ්පාදන හා සේවා- තම ව්‍යාපාරික උපක්‍රම හා සැලසුම් පිළිබද අලුතින් සිතන්නට සිදුවන පසුබිමක ව්‍යාපාර විස්වාසය කඩා වැටීම අනිවාර්ය ඵලයකි.

මේ අතර, ඉදිරියේ දී යුරෝපා සංගමයේ සෙසු රටවල ද වෙන්වීමේ ප්රවණතා ඇතිවීම අපේක්ෂා කළ හැකි ය. මන්ද බ්‍රිතාන්‍ය නැති වීමෙන් සංගමය ලැබුවේ දැඩි චිත්ත ධෛර්ය පසුබෑමකි. සෙසු රටවල ද මෙම ප්‍රවණතාව ඇති වීමේ ප්රතිපළයක් ලෙස එම රටවල ව්‍යාපාර විස්වාසයට ඒ තුළින් වල බලපෑම සුවිසල් වේ. මන්ද ව්‍යාපාරිකයින් මෙවැනි හදිසි වෙන්වීමකට මුහුණ දීමට සිදුවනු ඇති බව සිතමින් සිය ව්‍යාපාර දේශීය ව සැලසුම් කිරීමට උනන්දු වීම ය. ඒ තුළින් සංගමයට නව පීඩනක් එල්ල විය හැකි අතර ව්‍යාපාර හැකි ලී සංගමය පිළිබඳ විස්වාසය හීනවනු ඇත.

බ්‍රිතාන්‍යට වෙන්වීමේ අයිතියක් ඇත. එහෙත් ඔවුන් එකතු වූයේ ඇයි? ප්රශ්නය මේ ය. වරක් යුරෝපය සමග එකතු වීමට ඡන්දය ප්‍රකාශ කළේ ද මේ ජනතාවම ය. මෙවැනි සංගම් දේශපාලනය අසාර්ථක බව මොවුන් එදා තේරුම් ගත්තා නම් අද මෙවැනි අවිනිශ්චිත අනාගතයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. වසර 43ක් ගිය පසු-තම සකලවිධ පද්ධතිය ම යුරෝපයට ගැටගසා දැමීමෙන් පසු ගත් මේ හදිසි තීරණයේ තේරුම කුමක් ද? අපට මින් ගත හැකි පාඩම මේ ය.

By Mahinda Pathirana

[QUOTE="xcorat, post: 20332213, member: 555034"] [b]බ්‍රිතාන්‍යය; දෙපස ම පරාජිතයි[/b] [SIZE="5"]බ්‍රිතාන්‍යය; දෙපස ම පරාජිතයි [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/v/t1.0-9/13439125_10208548481402185_1523872499338342597_n.jpg?oh=98bc84867aa315925a19f83636f47d82&oe=57EEFE3D[/IMG] "මෙය යුරෝපා සංගමයේ අවසානයේ ආරම්භය දැයි" ඊයේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක අවසන් ප්රශ්නය ලෙස යුරෝපා සංගම් ප්‍රධානියාගෙන් මාධ්‍යවේදීනියක විසින් ඇසූ විට සභාපතිවරයා අවිනිශ්චිත බැල්මක් පෙන්වා මුහුණ බිමට හරවමින් ප්‍රකාශ කළේ "නෑ. මම හිතනවා එහෙම නොවෙයි කියල" යනුවෙනි. වචන කෙසේ වෙතත්, සභාපතිවරයාගේ ශරීර ඉරියව් නම් පැහැදිළි ව ප්‍රකාශ කළේ "ඔව්. මම හිතනවා එහෙම වෙයි කියල" යනුවෙන් ය. අද බ්‍රිතාන්‍ය ඇතුළු ලොව පුරා කොටස් වෙළඳපොල හා මුදල් ඒකක එකපිට එක කඩා වැටෙන විට යුරෝපා සංගමයෙන් 'පිටවෙමු' 'නොවෙමු' යන කඳවුරු දෙකේ ම පිරිස් තමාගේ ඉදිරි අනාගතය කෙසේ ලියවෙන්නේ දැයි සිතා ගැනුමට අපහසුව රූපවාහිනි තිර ඉදිරියේ "විශේෂඥ" අදහස්වලට සමවැදී සිටිති. ජනමත විචාරණයේ දී ජයග්‍රහණය කළේ අන් කිසිවක් නොව ජාතිකත්වය හා එහි පැවැත්මට බාහිරින් එල්ල වෙමින් පැවති තර්ජනයට වන ප්‍රතිචාරය බව අමුතුවෙන් කිවයුතු නැත. එම ප්රශ්නය අබිමුව මෙම වෙන්වීම නිසා රටේ ආර්ථිකයට එල්ල විය හැකි දැඩි අවදානම පවා පසෙක දැමීමට තරම් බ්‍රිතාන්‍ය ජනයා නිර්භය විය. කෙසේ වෙතත්, මේ පාර්ශව දෙක ම පරාජය වූ බව මගේ නම් හැඟීම ය. බ්‍රිතාන්‍යයේ වසර 40ක ම අතීතය නිර්වචනය වී තිබුණේ යුරෝපා සංගම්ය සමග වන සබඳතාවකිනි. ඔවුන් ඒ තුළින් නෙලාගත් විපුල ඵල තිබේ. බදුවලට හසු නොවෙමින් සිය භාණ්ඩ යුරෝපයේ සෙසු රටවලට යැවීම හරහා පමණක් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයින් ලැබූ වාසි අපමණ ය. බ්‍රිතාන්‍ය නිෂ්පාදකයාට යුරෝපය ම තනි යායක් විය. දශක ගණනාවක් තිස්සේ මෙම ව්‍යාපාර වර්ධනය වූයේ යුරෝපය ම තම වෙළඳපොල බව සිතන මානසිකත්වයක ය. එහෙත් දැන් ඒ සියල්ල එක් වරම යළි නිර්වචනය කරගත යුතු ව තිබේ. බ්‍රිතාන්‍යයේ කුඩා, මධ්‍යම හා මහාපරිමාන ව්‍යාපාර කරකවා අතහැර තිබේ. ඉදිරි වසර දෙක තුන තුළ මේ රටට ගොඩ ඒමට හැකිවනු ඇතැයි සිතිය නොහැකි ය. මන්ද මුළු බ්‍රිතාන්‍ය පමණක් නොව යුරෝපය ම දැන් විශාල ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති ව්‍යාකූලතාවකට හසු වීම වැළකිය නොහැකි ය. එකිනෙකා මත යැපුණු ව්‍යාපාර-නිෂ්පාදන හා සේවා- තම ව්‍යාපාරික උපක්‍රම හා සැලසුම් පිළිබද අලුතින් සිතන්නට සිදුවන පසුබිමක ව්‍යාපාර විස්වාසය කඩා වැටීම අනිවාර්ය ඵලයකි. මේ අතර, ඉදිරියේ දී යුරෝපා සංගමයේ සෙසු රටවල ද වෙන්වීමේ ප්රවණතා ඇතිවීම අපේක්ෂා කළ හැකි ය. මන්ද බ්‍රිතාන්‍ය නැති වීමෙන් සංගමය ලැබුවේ දැඩි චිත්ත ධෛර්ය පසුබෑමකි. සෙසු රටවල ද මෙම ප්‍රවණතාව ඇති වීමේ ප්රතිපළයක් ලෙස එම රටවල ව්‍යාපාර විස්වාසයට ඒ තුළින් වල බලපෑම සුවිසල් වේ. මන්ද ව්‍යාපාරිකයින් මෙවැනි හදිසි වෙන්වීමකට මුහුණ දීමට සිදුවනු ඇති බව සිතමින් සිය ව්‍යාපාර දේශීය ව සැලසුම් කිරීමට උනන්දු වීම ය. ඒ තුළින් සංගමයට නව පීඩනක් එල්ල විය හැකි අතර ව්‍යාපාර හැකි ලී සංගමය පිළිබඳ විස්වාසය හීනවනු ඇත. බ්‍රිතාන්‍යට වෙන්වීමේ අයිතියක් ඇත. එහෙත් ඔවුන් එකතු වූයේ ඇයි? ප්රශ්නය මේ ය. වරක් යුරෝපය සමග එකතු වීමට ඡන්දය ප්‍රකාශ කළේ ද මේ ජනතාවම ය. මෙවැනි සංගම් දේශපාලනය අසාර්ථක බව මොවුන් එදා තේරුම් ගත්තා නම් අද මෙවැනි අවිනිශ්චිත අනාගතයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. වසර 43ක් ගිය පසු-තම සකලවිධ පද්ධතිය ම යුරෝපයට ගැටගසා දැමීමෙන් පසු ගත් මේ හදිසි තීරණයේ තේරුම කුමක් ද? අපට මින් ගත හැකි පාඩම මේ ය.[/SIZE] By Mahinda Pathirana [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom