Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බ්‍රිතාන්‍ය හමුදාව පරාජය කල 1803 සංග්‍රාමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍ය හමුදාව පරාජය කල 1803 සංග්‍රාමය සිහිපත් කිරීම සහ එහි ප්‍රධාන ක්රමෝපායන් විමසා බැලීමක්

1803 පෙබරවාරි මාසයේදී මහනුවර අල්ලා ගැනීමට පැමිනි බ්‍රිතාන්‍ය හමුදාවන්ට මහනුවර නගරය,කඩවත් සතර සහ ගඟවට කෝරලය අත්පත් කරගැනීමට උපක්‍රමශීලී ලෙස ඉඩ දී,ඔවුන් පලවා හැරීමේ ජනතා සංග්‍රාමය (People's War) අපේ හමුදාවන් විසින් දිනා ගෙන බ්‍රිතාන්‍ය හමුදා 1803 ජූනි මස 24 දිනදී සුදු කොඩි ඔසවා යටත් වූ බව බොහෝ දෙනකු නොදන්නා කරුනකි.

මහනුවර නගරය අත් පත් කර ගැනීමට පැමිනි බ්‍රිතාන්‍ය හමුදා සමග මුහුනට මුහුන දී සටන් කරනු වෙනුවට ඔවුන් ප්‍රයෝගයෙන් ඉදිරියට ඒමට සලස්වා පසුව තමනට අභිරුචි අවස්ස්ථාවකදී පහරදී පරාජය කිරීමේ යුධ සැලැස්ම සකස් කර තිබෙන්නේ පිලිමතලාවේ මහ අධිකාරම් තුමා සහ ඇහැලේපොල දෙවැනි අධිකාරම් තුමා විසිනි.

බ්‍රිතාන්‍ය ආක්රමනය ඉදිරියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලා යාම මීට හේතුව විය. එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පිලිමතලාවේ අධිකාරම් තුමාගේ නියෝගයකට අනුව බ්‍රිතාන්‍ය හමුදා පැමිනීමට ප්රඨමයෙන් මහනුවර නගරය,ගඟවට කෝරලය සහ කඩවත් හතර යන ප්‍රදේශවල ජනතාව තම නිවෙස් වල වහලවල් ඉවත්කර,පලතුරු ගස් හැර සියලු ආහාර භෝග විනාශ කර උප්ක්රමශීලීලෙස එම ප්‍රදේශ අත් හැරයාම සිදුකර තිබේ.

මේ මඟින් සිදුවූයේ ආක්රමනික බ්‍රිතාන්‍ය හමුදාවට තමන්ට අවශ්‍ය ආහාරපාන බොහෝ වියදමක් දරා කොලඹ සිට සහ ත්රිකුනාමලයේ සිට ප්‍රවාහනය කිරීමට සිදු වීමයි.මීලන්ඟ අවධියේදී තම හමුදාවෙන් කොටසක් මහනුවරින් ඉවත් කර ගැනීමට මයත් ප්‍රධාන සාධකයක් විය.

සතුරු හමුදාවල් වලට තම භූමියෙන් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම වැලැක්වීම සඳහා බෝග සහ ආහාර ද්‍රව්‍ය විනාශ කිරීම අතීතයේ පටන් ලොව විවිධ ප්‍රදේශ වල හමුදාවන් විසින් අනුගමනය කල උපක්රමයකි.නමුත්,මේ අවස්ථාවේදී මීට මන්ඳ වෙනසක්,එනම් පලතුරු ගස් පමනක් ඉතිරිකර තිබේ.ඒ ගරිල්ලා යුද්ධයේ නියුතු කුඩා සෙබල කන් ඩායම් වලට අවශ්‍ය ආහාර ප්‍රභවයක් ලෙසින් විය.

යම් ප්‍රතිවාදියෙකුට සාර්ථකව මුහුනදීමට අවශ්‍ය ශක්තිය හෝ සුදුසු කාලය හෝ ලබාගැනීම පිනිස ප්‍රතිවාදියාට යම් තාවකාලික වාසියක් ලබාගැනීමට ඉඩ හැරීම කාලය වෙනුවෙන් අවකාශය හුවමාරු කර ගැනීම (Exchanging space for time) ලෙස හඳුන්වනු ලබයි.මෙය බොහෝවිට ආක්රමනික හමුදාවක් සමඟ මුහුනදී සටන් කිරීම යම් හේතුවකට අවාසි සහගත නිසා හෝ තමන්ට සුදුසු අවස්ථාවක් එනතුරු හෝ තමන් ශක්තිමත් වනතුරු හෝ ප්‍රතිවාදියා දුර්වල වනතුරු හෝ සතුරාට තම භූමියෙන් යම් කොටසක් අත්පත් කර ගැනීමට ඉඩදෙමින් කරන උපාය මාර්ගික පසුබැසීමක් කාලය වෙනුවෙන් අවකාශය හුවමාරු කර ගැනීම හෙවත් කාලය ලබාගැනීම සඳහා අවකාශය හෙවත් භූමිය කැප කිරීම ලෙස හැඳින්වේ. .මෙහිදී සතුරාට තම භූමියෙන් කිසියම් කොටසක් අත්පත් කරගන්නට ඉඩදී පසුබසින්නේ තමන්ට වඩාත් වටිනා දේ වන තම හමුදාව පසුකලකදී සටන් කිරීම සඳහා විනාශයට ලක්වීමෙන් වලක්වාගෙන ආරක්ශා කිරීමේ උපක්‍රමයක් වශයෙනි.එසේම ප්‍රති-ප්‍රහාරයකට වඩාත්ම යෝග්‍ය කාලය වන නිරිතදිග-මෝසමේ අධික වැසි සමය එලඹෙන තුරු සටන ප්‍රමාද කිරීම මෙහි මූලිකම අරමුන විය.

කාලය වෙනුවෙන් අවකාශය හුවමාරු කර ගැනීම ඉතා සාර්ථකව කල අවස්ථාවක් ලෙස බොහෝදෙනා දකින්නේ 1812දී රුසියාව ආක්රමනය කල නැපෝලියන් ප්රමුඛ ප්‍රංශ හමුදාවත එරට අගනුවර වන මොස්කව් නගරය පවා සටනකින් තොරව අත්පත් කරගැනීමට ඉඩදෙමින් සටනක් නොකොට පසුබැස ගිය මිකායිල් කුටුසොප් කුමරුගේ නායකත්වය යටතේ සිටි රුසියන් හමුදාව ලෙසය.මෙම පසුබැසීම සිදුකලේ ප්‍රංශ හමුදාවට පහරදීමට ප්‍රශස්ථ අවස්ථාව වන ශීත ඍතුව එලඹෙන තෙක් සිටීමට විය.

කිසියම් රටක පාලන තන්ත්රයේ කේඳ්‍රස්ථානය වන අගනුවර අත්පත් කර ගැනීම තුලින් රටක පාලනය තමන්ට මුලුමනින් නතුකර ගත හැකි බව අතිතයේ සිට තිබූ මතයයි.මේ නිසම බ්‍රිතාන්‍ය හමුදාව 1803දී එවකට අගනුවර වූ මහනුවර අල්ලා ගැනීම ඊට අනුකූල වන්නකි.1812 දී නැපෝලියන් විසින් රුසියාවේ මොස්කව් අගනුවර අල්ලා ගැනීමත් මීටම සමාන වන්නකි.නමුත්,මේ අවස්ථා දෙකේදීම අදාල රටේ පාලන තන්ත්රයට වැදගත් වූයේ භෞතික වස්තුවක් වූ නගරයක් රැක ගැනීම නොව තම පාලනයේ පදනම වන හමුදාව ආරක්ශා කර ගැනීමයි.මෙසේ තම හමුදාව අනාගත සටන් සඳහා රැක ගැනීම වෙනුවෙන් යම් වෙනත් දෙයක් සතුරාට ලබා ගැනීමට ඉඩදීම අතීත චීන යුද්ධ ක්රමෝපායන් 36 තුල තිබුන දෙයකි.එහි මේ ක්‍රමවේදය හඳුන්වන්නේ " Sacrifice a plum tree to sava a peach tree" ලෙසය.මෙසේ තමන්ට ඉතා වැදගත් සාධකයට 'ගුරුත්ව කේන්ඳ්‍රය යන අරුතින් යුත් "Center of Gravity"යන නම යුද්ධ දාර්ශන්කයෙක් වූ කාල් වොන් ක්ලෝසේවිස් (Karl von Clausewitz) විසින් තම 1832 පලකරන ලද "On War" නම් ග්‍රන්ථයෙන් ලබා දුන් නම විය.මේ අර්ථයෙන් බැලූ කල මෙැරට පාලන තන්ත්රය සහ රුසියාවේ පාලන තන්ත්රය ස්වකීය ගුරුත්ව කේඳ්‍ර ලෙස සලකා තිබෙන්නේ තම අගනුවර නොව තම හමුදාව බව පැහැදිලි වේ.මේ අනුව බලන කල 1803දී ශ්‍රී ලංකාවේදී බ්‍රිතාන්‍ය හමුදාවත්,1812දී රුසියාවේදී ප්‍රංශ හමුදාවත් ගුරුත්ව කේන්ඳ්‍රය වරද්දා ගෙන තිබෙන බව පැහැදිලි වේ.

ආක්රමනික බ්‍රිතාන්‍ය හමුදාවට කිසිදු පැහැදිලි සතුරු ක්‍රියාවක නිරත නොවී ඔවුන් රැවටූ පිලිමතලාවේ අධිකාරම් තුමා බ්‍රිතන්‍ය හමුදා ප්‍රධානියා සමඟ සාකඡ්ඡා පැවැත්වීම සඳහා ඇහැලේ පොල අධිකාරම් යෙදවීය.මේ ක්‍රියාව සිංහල හමුදාවන්වල දුර්වලතාවයක් ලෙස හුවා දැක්වීමට මේ දෙපල සමත්වූ නිසා බ්‍රිතාන්‍ය හමුදාවඞෙන් කොටසක් ඉවත්කර ගැනීමට පවා ආන්ඩුකාරවරයා කටයුතු කර තිබේ.

මෙය යුද්ධයේදි අනුගමනය කරන තවත් ප්‍රයෝගයකි.මෙහිදී තමන් ශක්තිමත්ව සිටිනා අතරතුර එම ශක්තිය සඟවාගෙන,තමන් දුර්වල බවක් සතුරාට හැඟවීම හරහා සතුරාට තමන් කෙරෙහි අදි-තක්සේරුවක් සිදුකර ගැනීමට ඉඩදීමයි.මෙයද පසු අවස්ථාවකදී සාර්ථකව මෙන්ම සතුරාට වඩාත් විශ්මයජනක සහ කම්පනය ගෙන දෙන (Shock and Awe) ලෙස ප්‍රති-ප්‍රහාරයක් දියත් කිරීමට පදනම සපයා දෙයි.

නමුත්,අප්‍රේල් මස තද වර්ශා සමයත් සමගින් කුඩා කන්ඩායම් ලෙසින් පැමිනි සිංහල ගරිල්ලා කන්ඩායම් අතරමගදී හමුවන සුදු ජාතිකයන් සහ ඔවුඞේ කුලී සෙබලුන් ඝාතනයට ලක් කරමින් පීඩනයක් ඇති කිරීම මේ ජනතා සටනේ (People's War) මූලික වැඩ කොටස විය. මෙසේ මානසිකව දුර්වල වී සිටි ආක්රමනික හමුදා සෙබලුන් වැසි සමයත් සමගින් අසනීපයන්ටත් ගොදුරු වෙමින් කායිකවද දුර්වල වී තිබේ.

ජනතාව 1803 ජූනි මස 23 දින,වැසිබර හවස් යාමයේදී එක්වරම යලි තම නිවෙස් කරා පැමිනෙන අයුරු දුටු බ්‍රිතාන්‍ය හමුදාවේ මහනුවර අනදෙන නිලධාරී මේජර් ඩේවි (Major Davy) තැතිගත් අතර ඔහු තම කාර්ය සටහන් වල ලියා තිබෙන්නේ "යක්ශයාගේ හෝරාව එලඹෙන("The devil's hour is approaching") බවය.ඔහු සිතූ පරිදිම එදින අඳුර වැටීමත් සමගින් ගරිල්ලා ඒකක හෙවත් කුඩා කන්ඩායම් තම මෙහෙයුම් තීව්ර කල අතර රාට්රියේදී ප්‍රධාන පාබල හමුදාව බ්‍රිතාන්‍ය හමුදා සමග සටන් බිමට එලඹී තිබේ.පසුදින,එනම් ජූනි 24 වන දින මධ්‍යයනය වන විට තවදුරටත් සටන් කල නොහැකි බව තේරුම්ගත් බ්‍රිතාන්‍ය හමුදාවන් එදින ප.ව. 3.00 පමන මහනුවර නගරයේදී සුදු කොඩි ඔසවා අපේ හමුදාවන්ට යටත් වී තිබේ.

යටත්වූ සතුරන්ට ගෞරවාන්විතව සලකා තිබෙන අපේ හමුදා ඔවුන් සතු බඩුබාහිරාදිය රැගෙන 26 දින උදයේදී කටුගස්තොට පරනගංතොටින් මහවැලි නදියෙන් අනිත් පසට ගොස් ආපසු යාඅමට අවසර දී තිබේ.නමුත්,26 උදේ කෝ

මහවැලි ගඟ අසල පරනගංතොට නම් ස්ථානයේදී එක්වූ බ්‍රිතාන්‍ය හමුදා කන්ඩායම සිංහල හමුදාවන්ට ප්‍රති-ප්‍රහාරයක් සැලසුම් කල නමුත්,එවැනි තත්වයක් බලාපොරොත්තුවෙන් සැඟවී සිටි හමුදා ඛන්ඩයන් අතින් ඔවුන් විනාශ වී බ්‍රිතාන්‍ය හමුදා නායක මේජර් ඩේවි,ඒ අසල තිබූ බෝ ගසක බෙනයක සැඟවී දිවි බේරාගෙන තිබේ.මහනුවර මහ නගර සභාව විසින් 1906 දී මේ බෝගස ඩේවිගේ බෝ ගස ලෙසින් සහ ඒ අසල මාර්ගය ඩේවි පාර(Davy Road) (වර්තමානයේදී වැරදීමකින් දේවි පාර ලෙස හඳුන්වන පාර) සහ මේ බෝගසට නුදුරින් බ්‍රිතාන්‍ය හමුදා සමූලඝාතනය වූ (massacre) ස්ථානය ලෙස දක්වන ගල්-පුවරුවක් සවි කිරීමටද කටයුතු කර තිබේ.මෙම සටන්වල අවසන් සටන සිදුවූ තැන කුඩා කඳු ගැටයක් මත තිබූ බෝගස තවමත් පවතින අතර අතීත වාර්තා සටහනකින් ලබාගත් එම ගසේ රුවක් ( etching) සහ මීට වසර කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක්ද මේ සමඟ දක්වා තිබේ.

මේ වටිනා සමරු වෘක්ශය පරිසර අමාත්‍යාංශය විසින් පල කල සමරු වෘක්ශ ග්‍රන්ථයේ දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ පැවති සියලු රජයන් විසින් සිතාමතම අමතක කරවා තිබෙන මෙම සුවිශේෂී යුධ ජයග්‍රහනය සහ එහි අවසන් සටන සිදුවූ ස්ථානය පිලිඹඳව වසරක් පාසා පුද්ගලික මට්ටමින් හෝ මෙසේ සිහි ගන්වන්නේ එහි තිබෙන අතීත වටිනාකම නිසා පමනක් නොව එම සමස්ථ යුද්ධයම මෙහෙයවූ ආකාරය සහ එහිදී භාවිතා කරන ලද ක්රමෝපායන් කොතෙක් දියුනු ක්රමෝපායන් වූවාද යන්න පැහැදිලි කරදීමට මෙන්ම මෙම ක්රමෝපායන් විවිධ අවස්ථාවන් වලදී සහ වෙනස් ආකාර වලින් බොහෝ අවස්ථා වලදී ප්‍රයෝජනවත් ලෙස භාවිතා කල හැකි වීමත් නිසාවෙනි..

https://www.facebook.com/share/p/pDsR6tVQ3RNocpFk/?mibextid=xfxF2i

[QUOTE="හෙළයෙක්, post: 29909611, member: 503645"] බ්‍රිතාන්‍ය හමුදාව පරාජය කල 1803 සංග්‍රාමය සිහිපත් කිරීම සහ එහි ප්‍රධාන ක්රමෝපායන් විමසා බැලීමක් 1803 පෙබරවාරි මාසයේදී මහනුවර අල්ලා ගැනීමට පැමිනි බ්‍රිතාන්‍ය හමුදාවන්ට මහනුවර නගරය,කඩවත් සතර සහ ගඟවට කෝරලය අත්පත් කරගැනීමට උපක්‍රමශීලී ලෙස ඉඩ දී,ඔවුන් පලවා හැරීමේ ජනතා සංග්‍රාමය (People's War) අපේ හමුදාවන් විසින් දිනා ගෙන බ්‍රිතාන්‍ය හමුදා 1803 ජූනි මස 24 දිනදී සුදු කොඩි ඔසවා යටත් වූ බව බොහෝ දෙනකු නොදන්නා කරුනකි. මහනුවර නගරය අත් පත් කර ගැනීමට පැමිනි බ්‍රිතාන්‍ය හමුදා සමග මුහුනට මුහුන දී සටන් කරනු වෙනුවට ඔවුන් ප්‍රයෝගයෙන් ඉදිරියට ඒමට සලස්වා පසුව තමනට අභිරුචි අවස්ස්ථාවකදී පහරදී පරාජය කිරීමේ යුධ සැලැස්ම සකස් කර තිබෙන්නේ පිලිමතලාවේ මහ අධිකාරම් තුමා සහ ඇහැලේපොල දෙවැනි අධිකාරම් තුමා විසිනි. බ්‍රිතාන්‍ය ආක්රමනය ඉදිරියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලා යාම මීට හේතුව විය. එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පිලිමතලාවේ අධිකාරම් තුමාගේ නියෝගයකට අනුව බ්‍රිතාන්‍ය හමුදා පැමිනීමට ප්රඨමයෙන් මහනුවර නගරය,ගඟවට කෝරලය සහ කඩවත් හතර යන ප්‍රදේශවල ජනතාව තම නිවෙස් වල වහලවල් ඉවත්කර,පලතුරු ගස් හැර සියලු ආහාර භෝග විනාශ කර උප්ක්රමශීලීලෙස එම ප්‍රදේශ අත් හැරයාම සිදුකර තිබේ. මේ මඟින් සිදුවූයේ ආක්රමනික බ්‍රිතාන්‍ය හමුදාවට තමන්ට අවශ්‍ය ආහාරපාන බොහෝ වියදමක් දරා කොලඹ සිට සහ ත්රිකුනාමලයේ සිට ප්‍රවාහනය කිරීමට සිදු වීමයි.මීලන්ඟ අවධියේදී තම හමුදාවෙන් කොටසක් මහනුවරින් ඉවත් කර ගැනීමට මයත් ප්‍රධාන සාධකයක් විය. සතුරු හමුදාවල් වලට තම භූමියෙන් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම වැලැක්වීම සඳහා බෝග සහ ආහාර ද්‍රව්‍ය විනාශ කිරීම අතීතයේ පටන් ලොව විවිධ ප්‍රදේශ වල හමුදාවන් විසින් අනුගමනය කල උපක්රමයකි.නමුත්,මේ අවස්ථාවේදී මීට මන්ඳ වෙනසක්,එනම් පලතුරු ගස් පමනක් ඉතිරිකර තිබේ.ඒ ගරිල්ලා යුද්ධයේ නියුතු කුඩා සෙබල කන් ඩායම් වලට අවශ්‍ය ආහාර ප්‍රභවයක් ලෙසින් විය. යම් ප්‍රතිවාදියෙකුට සාර්ථකව මුහුනදීමට අවශ්‍ය ශක්තිය හෝ සුදුසු කාලය හෝ ලබාගැනීම පිනිස ප්‍රතිවාදියාට යම් තාවකාලික වාසියක් ලබාගැනීමට ඉඩ හැරීම කාලය වෙනුවෙන් අවකාශය හුවමාරු කර ගැනීම (Exchanging space for time) ලෙස හඳුන්වනු ලබයි.මෙය බොහෝවිට ආක්රමනික හමුදාවක් සමඟ මුහුනදී සටන් කිරීම යම් හේතුවකට අවාසි සහගත නිසා හෝ තමන්ට සුදුසු අවස්ථාවක් එනතුරු හෝ තමන් ශක්තිමත් වනතුරු හෝ ප්‍රතිවාදියා දුර්වල වනතුරු හෝ සතුරාට තම භූමියෙන් යම් කොටසක් අත්පත් කර ගැනීමට ඉඩදෙමින් කරන උපාය මාර්ගික පසුබැසීමක් කාලය වෙනුවෙන් අවකාශය හුවමාරු කර ගැනීම හෙවත් කාලය ලබාගැනීම සඳහා අවකාශය හෙවත් භූමිය කැප කිරීම ලෙස හැඳින්වේ. .මෙහිදී සතුරාට තම භූමියෙන් කිසියම් කොටසක් අත්පත් කරගන්නට ඉඩදී පසුබසින්නේ තමන්ට වඩාත් වටිනා දේ වන තම හමුදාව පසුකලකදී සටන් කිරීම සඳහා විනාශයට ලක්වීමෙන් වලක්වාගෙන ආරක්ශා කිරීමේ උපක්‍රමයක් වශයෙනි.එසේම ප්‍රති-ප්‍රහාරයකට වඩාත්ම යෝග්‍ය කාලය වන නිරිතදිග-මෝසමේ අධික වැසි සමය එලඹෙන තුරු සටන ප්‍රමාද කිරීම මෙහි මූලිකම අරමුන විය. කාලය වෙනුවෙන් අවකාශය හුවමාරු කර ගැනීම ඉතා සාර්ථකව කල අවස්ථාවක් ලෙස බොහෝදෙනා දකින්නේ 1812දී රුසියාව ආක්රමනය කල නැපෝලියන් ප්රමුඛ ප්‍රංශ හමුදාවත එරට අගනුවර වන මොස්කව් නගරය පවා සටනකින් තොරව අත්පත් කරගැනීමට ඉඩදෙමින් සටනක් නොකොට පසුබැස ගිය මිකායිල් කුටුසොප් කුමරුගේ නායකත්වය යටතේ සිටි රුසියන් හමුදාව ලෙසය.මෙම පසුබැසීම සිදුකලේ ප්‍රංශ හමුදාවට පහරදීමට ප්‍රශස්ථ අවස්ථාව වන ශීත ඍතුව එලඹෙන තෙක් සිටීමට විය. කිසියම් රටක පාලන තන්ත්රයේ කේඳ්‍රස්ථානය වන අගනුවර අත්පත් කර ගැනීම තුලින් රටක පාලනය තමන්ට මුලුමනින් නතුකර ගත හැකි බව අතිතයේ සිට තිබූ මතයයි.මේ නිසම බ්‍රිතාන්‍ය හමුදාව 1803දී එවකට අගනුවර වූ මහනුවර අල්ලා ගැනීම ඊට අනුකූල වන්නකි.1812 දී නැපෝලියන් විසින් රුසියාවේ මොස්කව් අගනුවර අල්ලා ගැනීමත් මීටම සමාන වන්නකි.නමුත්,මේ අවස්ථා දෙකේදීම අදාල රටේ පාලන තන්ත්රයට වැදගත් වූයේ භෞතික වස්තුවක් වූ නගරයක් රැක ගැනීම නොව තම පාලනයේ පදනම වන හමුදාව ආරක්ශා කර ගැනීමයි.මෙසේ තම හමුදාව අනාගත සටන් සඳහා රැක ගැනීම වෙනුවෙන් යම් වෙනත් දෙයක් සතුරාට ලබා ගැනීමට ඉඩදීම අතීත චීන යුද්ධ ක්රමෝපායන් 36 තුල තිබුන දෙයකි.එහි මේ ක්‍රමවේදය හඳුන්වන්නේ " Sacrifice a plum tree to sava a peach tree" ලෙසය.මෙසේ තමන්ට ඉතා වැදගත් සාධකයට 'ගුරුත්ව කේන්ඳ්‍රය යන අරුතින් යුත් "Center of Gravity"යන නම යුද්ධ දාර්ශන්කයෙක් වූ කාල් වොන් ක්ලෝසේවිස් (Karl von Clausewitz) විසින් තම 1832 පලකරන ලද "On War" නම් ග්‍රන්ථයෙන් ලබා දුන් නම විය.මේ අර්ථයෙන් බැලූ කල මෙැරට පාලන තන්ත්රය සහ රුසියාවේ පාලන තන්ත්රය ස්වකීය ගුරුත්ව කේඳ්‍ර ලෙස සලකා තිබෙන්නේ තම අගනුවර නොව තම හමුදාව බව පැහැදිලි වේ.මේ අනුව බලන කල 1803දී ශ්‍රී ලංකාවේදී බ්‍රිතාන්‍ය හමුදාවත්,1812දී රුසියාවේදී ප්‍රංශ හමුදාවත් ගුරුත්ව කේන්ඳ්‍රය වරද්දා ගෙන තිබෙන බව පැහැදිලි වේ. ආක්රමනික බ්‍රිතාන්‍ය හමුදාවට කිසිදු පැහැදිලි සතුරු ක්‍රියාවක නිරත නොවී ඔවුන් රැවටූ පිලිමතලාවේ අධිකාරම් තුමා බ්‍රිතන්‍ය හමුදා ප්‍රධානියා සමඟ සාකඡ්ඡා පැවැත්වීම සඳහා ඇහැලේ පොල අධිකාරම් යෙදවීය.මේ ක්‍රියාව සිංහල හමුදාවන්වල දුර්වලතාවයක් ලෙස හුවා දැක්වීමට මේ දෙපල සමත්වූ නිසා බ්‍රිතාන්‍ය හමුදාවඞෙන් කොටසක් ඉවත්කර ගැනීමට පවා ආන්ඩුකාරවරයා කටයුතු කර තිබේ. මෙය යුද්ධයේදි අනුගමනය කරන තවත් ප්‍රයෝගයකි.මෙහිදී තමන් ශක්තිමත්ව සිටිනා අතරතුර එම ශක්තිය සඟවාගෙන,තමන් දුර්වල බවක් සතුරාට හැඟවීම හරහා සතුරාට තමන් කෙරෙහි අදි-තක්සේරුවක් සිදුකර ගැනීමට ඉඩදීමයි.මෙයද පසු අවස්ථාවකදී සාර්ථකව මෙන්ම සතුරාට වඩාත් විශ්මයජනක සහ කම්පනය ගෙන දෙන (Shock and Awe) ලෙස ප්‍රති-ප්‍රහාරයක් දියත් කිරීමට පදනම සපයා දෙයි. නමුත්,අප්‍රේල් මස තද වර්ශා සමයත් සමගින් කුඩා කන්ඩායම් ලෙසින් පැමිනි සිංහල ගරිල්ලා කන්ඩායම් අතරමගදී හමුවන සුදු ජාතිකයන් සහ ඔවුඞේ කුලී සෙබලුන් ඝාතනයට ලක් කරමින් පීඩනයක් ඇති කිරීම මේ ජනතා සටනේ (People's War) මූලික වැඩ කොටස විය. මෙසේ මානසිකව දුර්වල වී සිටි ආක්රමනික හමුදා සෙබලුන් වැසි සමයත් සමගින් අසනීපයන්ටත් ගොදුරු වෙමින් කායිකවද දුර්වල වී තිබේ. ජනතාව 1803 ජූනි මස 23 දින,වැසිබර හවස් යාමයේදී එක්වරම යලි තම නිවෙස් කරා පැමිනෙන අයුරු දුටු බ්‍රිතාන්‍ය හමුදාවේ මහනුවර අනදෙන නිලධාරී මේජර් ඩේවි (Major Davy) තැතිගත් අතර ඔහු තම කාර්ය සටහන් වල ලියා තිබෙන්නේ "යක්ශයාගේ හෝරාව එලඹෙන("The devil's hour is approaching") බවය.ඔහු සිතූ පරිදිම එදින අඳුර වැටීමත් සමගින් ගරිල්ලා ඒකක හෙවත් කුඩා කන්ඩායම් තම මෙහෙයුම් තීව්ර කල අතර රාට්රියේදී ප්‍රධාන පාබල හමුදාව බ්‍රිතාන්‍ය හමුදා සමග සටන් බිමට එලඹී තිබේ.පසුදින,එනම් ජූනි 24 වන දින මධ්‍යයනය වන විට තවදුරටත් සටන් කල නොහැකි බව තේරුම්ගත් බ්‍රිතාන්‍ය හමුදාවන් එදින ප.ව. 3.00 පමන මහනුවර නගරයේදී සුදු කොඩි ඔසවා අපේ හමුදාවන්ට යටත් වී තිබේ. යටත්වූ සතුරන්ට ගෞරවාන්විතව සලකා තිබෙන අපේ හමුදා ඔවුන් සතු බඩුබාහිරාදිය රැගෙන 26 දින උදයේදී කටුගස්තොට පරනගංතොටින් මහවැලි නදියෙන් අනිත් පසට ගොස් ආපසු යාඅමට අවසර දී තිබේ.නමුත්,26 උදේ කෝ මහවැලි ගඟ අසල පරනගංතොට නම් ස්ථානයේදී එක්වූ බ්‍රිතාන්‍ය හමුදා කන්ඩායම සිංහල හමුදාවන්ට ප්‍රති-ප්‍රහාරයක් සැලසුම් කල නමුත්,එවැනි තත්වයක් බලාපොරොත්තුවෙන් සැඟවී සිටි හමුදා ඛන්ඩයන් අතින් ඔවුන් විනාශ වී බ්‍රිතාන්‍ය හමුදා නායක මේජර් ඩේවි,ඒ අසල තිබූ බෝ ගසක බෙනයක සැඟවී දිවි බේරාගෙන තිබේ.මහනුවර මහ නගර සභාව විසින් 1906 දී මේ බෝගස ඩේවිගේ බෝ ගස ලෙසින් සහ ඒ අසල මාර්ගය ඩේවි පාර(Davy Road) (වර්තමානයේදී වැරදීමකින් දේවි පාර ලෙස හඳුන්වන පාර) සහ මේ බෝගසට නුදුරින් බ්‍රිතාන්‍ය හමුදා සමූලඝාතනය වූ (massacre) ස්ථානය ලෙස දක්වන ගල්-පුවරුවක් සවි කිරීමටද කටයුතු කර තිබේ.මෙම සටන්වල අවසන් සටන සිදුවූ තැන කුඩා කඳු ගැටයක් මත තිබූ බෝගස තවමත් පවතින අතර අතීත වාර්තා සටහනකින් ලබාගත් එම ගසේ රුවක් ( etching) සහ මීට වසර කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක්ද මේ සමඟ දක්වා තිබේ. මේ වටිනා සමරු වෘක්ශය පරිසර අමාත්‍යාංශය විසින් පල කල සමරු වෘක්ශ ග්‍රන්ථයේ දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ පැවති සියලු රජයන් විසින් සිතාමතම අමතක කරවා තිබෙන මෙම සුවිශේෂී යුධ ජයග්‍රහනය සහ එහි අවසන් සටන සිදුවූ ස්ථානය පිලිඹඳව වසරක් පාසා පුද්ගලික මට්ටමින් හෝ මෙසේ සිහි ගන්වන්නේ එහි තිබෙන අතීත වටිනාකම නිසා පමනක් නොව එම සමස්ථ යුද්ධයම මෙහෙයවූ ආකාරය සහ එහිදී භාවිතා කරන ලද ක්රමෝපායන් කොතෙක් දියුනු ක්රමෝපායන් වූවාද යන්න පැහැදිලි කරදීමට මෙන්ම මෙම ක්රමෝපායන් විවිධ අවස්ථාවන් වලදී සහ වෙනස් ආකාර වලින් බොහෝ අවස්ථා වලදී ප්‍රයෝජනවත් ලෙස භාවිතා කල හැකි වීමත් නිසාවෙනි.. [URL]https://www.facebook.com/share/p/pDsR6tVQ3RNocpFk/?mibextid=xfxF2i[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom