Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-බාගෙට ගෙවන කර්තෘ භාගය සහ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-බාගෙට ගෙවන කර්තෘ භාගය සහ...

බාගෙට ගෙවන කර්තෘ භාගය සහ පොත් ප්රකාශනයේ තවත් කතා

ඕනෑම රටක සමාජ, ආර්ථික, අධ්‍යාපනික සහ සංස්කෘතික ක්ෂේත්‍ර කෙරෙහි ග්රන්ථ ප්රකාශනය සෘජු බලපෑමක් ඇති කරයි. අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස සැලකිය හැකි ග්රන්ථ ප්‍රකාශන ක්ෂේත්රය ජීවනෝපාය කරගත් පිරිස අතිවිශාල බව, ඒ පිළිබඳ ශ්‍රී ලංකාව තුළ සමීක්ෂණයක් කර නැතත් අනුමාන කළ හැකි ය. ග්රන්ථ ප්‍රකාශක, ලේඛක, පාඨක සහ වෙළෙඳ ව්‍යාපාරික යන පාර්ශ්ව හතර මෙහි ප්‍රධාන කොටස්කරුවෝ වෙති.

පසුගිය සියවසේ මුල් වකවානුවේදී ලේඛකයන් සංඛ්‍යාව සීමාසහිත විය. එහෙත් වර්තමානය වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස්වී ඇත. සාක්ෂරතාව ඇති බොහෝ දෙනෙක් පොත් පළ කිරීමට පෙලඹී සිටිති. (මෙය පොත්පත්වල ගුණාත්මක භාවයට හානිකර අහිතකර තත්ත්වයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ) 20 වැනි සියවස ආරම්භයේ දී නවකතා පොතකින් පිටපත් 25000ක් පමණ අලෙවි වූ අවස්ථා තිබූ බව වාර්තා වේ. එහෙත් එම සියවස අවසාන වනවිට අලෙවිය පහත වැටී තිබුණි. නවකතා පොතක් මුද්‍රණය කරනු ලැබුවේද පිටපත් 2000ක පමණ අඩු සංඛ්‍යාවකි. මේ වනවිට මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාව 500 තරමට පහත වැටී ඇත. 1977 දී ඇති කළ පාසල් පොත් නොමිලේ සැපයීමේ ප්‍රතිපත්තිය නිසා ග්රන්ථ ප්‍රකාශන ක්ෂේත්රය ශීඝ්‍ර බිඳවැටීමකට ලක් විය. රටපුරා විසිර තිබූ පොත් අලෙවිහල්වලින් සියයට අනූවටත් වැඩි ප්‍රමාණයක්ම වැසී ගියේය. ඉතිරි වූ පොත්හල්වල පවා පොත් විකිණීම දෙවැනි තැනට පත්වී, වෙනත් භාණ්ඩ අලෙවි කිරීමට ප්‍රමුඛස්ථානය හිමි විය.

20 වැනි සියවසේ අවසාන දශකය වනවිට මේ තත්ත්වයෙහි වෙනසක් ඇතිවනු දක්නට ලැබේ. විවිධ රාජ්‍ය ආයතනවලට, පාසල් පුස්තකාලවලට, විශ්වවිද්‍යාලවලට සහ පළාත් පාලන ආයතනවලට පොත් මිලට ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලැබීමත් සමඟ, අලුතින් පොත් පළ කිරීමේ අවශ්‍යතාව මතුවිය. මේ නිසා ම දිවයින පුරා අලුතින් පොත්හල් බිහි වන්නට විය.

මිල නියම කිරීම සහ කර්තෘ භාග

වර්තමානයේ පොතක මිල නියම කරනුයේ නිෂ්පාදනය සඳහා යන වියදම තුනෙන් වැඩි කිරීමෙනි.නිදසුනක් වශයෙන් පොතක පිටපතක් මුද්‍රණය සඳහා යන වියදම රුපියල් 100ක් නම්, එහි වෙළෙඳ මිල රුපියල් 300ක් ලෙස නියම කෙරේ. පොත් නිෂ්පාදන වියදම ලෙස සළකා බැලෙනුයේ පරිගණක අක්ෂර සංයෝජනය, කඩදාසි, මුද්‍රණ වියදම, පොත සැලැසුම් කිරීමට යන වියදම සහ පිට කවරයට යන වියදම ආදී භෞතික කාරණා පමණකි. පොතක වැදගත්ම අංගය වන අන්තර්ගතය සඳහා වන බුද්ධිමය දායකත්වය වෙනුවෙන් කිසිදු මුදලක් නිෂ්පාදන වියදමට ඇතුළත් නොකරයි . මේ අනුව පොත්වල මිල නියම කිරීම තර්කානුකූල හෝ විද්‍යානුකූල පදනමක් මත පිහිටා කෙරෙන ක්‍රියාවලියක් නොවන බව පෙනීයයි. මේ අනුව බලනවිට අභ්‍යාස පොතක් සහ අන්තර්ගතයකින් යුත් පොතක් නිෂ්පාදනයට යන වියදම අතර වෙනසක් තිබිය නොහැකි ය.

බෙදාහැරීම සහ අලෙවිය

පොතක විකුණුම් මිලෙන් සියයට 10ක් සහ මුද්‍රණය කරන ලද පිටපත් සංඛ්‍යාවෙන් සියයට 1ක් කර්තෘ භාගය වශයෙන් වෙන් කෙරේ. සමහර ප්‍රකාශකයෝ ‘පොතේ සියලුම පිටපත් විකිණී ඇත’ යන උපකල්පනය මත පිහිටා පොත නිකුත් කරන අවස්ථාවේම කර්තෘ භාගය ගෙවති. විකිණී ඇති පිටපත් සංඛ්‍යාව අනුව කර්තෘ භාග ගෙවන අවස්ථා සහ පොත පළ කිරීමෙන් වසරක් හෝ ඊට පසුව කර්තෘ භාග ගෙවන අවස්ථා මෙන් ම, කර්තෘ භාගය කොහෙත්ම නොගෙවන අවස්ථා ද ඇත.

පොතක විකුණුම් මිලෙන් සියයට හතළිහක් සිල්ලර වෙළෙන්දන්ට වට්ටම් වශයෙන් ලබාදේ. එවිට ග්රන්ථ ප්රකාශකයාට ඉතිරිවන්නේ විකුණුම් මිලෙන් සියයට 59ක් පමණි. පොත මුද්‍රණය සඳහා සියයට 33 ක වියදමක් දැරීමට සිදුවන අතර, ආයතනයේ පරිපාලන කටයුතු, සේවක වැටුප් සහ ප්‍රවාහන ගාස්තු සඳහා තවත් සියයට 15 පමණ වැය කිරීමට සිදුවෙයි. එවිට ලාභය වශයෙන් ඉතිරිවනුයේ සියයට 11 පමණ ප්රමාණයකි. මේ ගණන් බැලීම සිදුකර ඇත්තේ පොතක සියලු පිටපත් සංඛ්‍යාව දින කීපයක් තුළ අලෙවි වී ඇත යන උපකල්පනයේ පිහිටා ය. එහෙත් යථාර්ථය ඊට බෙහෙවින් වෙනස් ය. පිටපත් 1000ක් මුද්‍රණය කළ පොතකින් මුද්‍රණ වියදම පියවා ගැනීම සඳහා පමණක් පිටපත් 400ක් පමණ අලෙවි කළ යුතු වෙයි. පිටපත් 400ක් අලෙවි කිරීම දවසකින් දෙකකින් කළ හැකි නොවේ. ඒ සඳහා සැළකිය යුතු කාලයක් ගතවේ. එම කාලය සඳහා තමන් ආයෝජනය කළ මුදලට කිසිදු ප්‍රතිලාභයක් ප්‍රකාශකට නොලැබේ. බැංකු ණයක් ලබාගෙන පොත් ප්රකාශනය කළේ නම් අදාළ කාලය සඳහා පොලී ගෙවීමට ද ප්‍රකාශකට සිදුවේ.

ප්රචාරක කටයුතු සඳහා ද පොත් කීපයක් මාධ්‍ය ආයතනවලට ලබා දීමට ප්‍රකාශකට සිදුවේ. ඊට අමතරව මුද්රණදෝෂ, එකලස් කිරීමේ අඩුපාඩු, ගබඩාවේදී නාස්ති වීම ආදිය නිසා ද පිටපත් 100ක් පමණ ඉවත දැමීමට සිදුවෙයි.

මේ කාරණා සලකා බලන විට පොත් ප්රකාශනය සඳහා ආයෝජනය කළ මුදලට සරිලන ලාභයක් ලැබීම දුෂ්කර බව පෙනීයයි. පොත් ප්‍රකාශකට තමන්ගේම අලෙවිහලක් තිබේ නම් අර්බුදයෙන් යාන්තමින් ගොඩ යා හැකි ය. එසේ නොමැති ප්‍රකාශකයා අසීරු තත්ත්වයකට පත්වෙයි. සමහර පොත්ඉතා ශීඝ්‍රයෙන් අලෙවිවන නමුත්, පොත් වැඩි සංඛ්‍යාවක් පොත් සාප්පුවල රාක්කවල දිරාපත්වෙමින් තිබේ. අලෙවි නොවන පොත් නිසා සිදුවූ පාඩුව අවම කර ගත හැක්කේ ලාභ ලබන පොත්වල අලෙවියෙනි.

බැලූ බැල්මට පෙනී යන ආකාරයට ග්රන්ථ ප්රකාශනය ලාභදායක ව්‍යාපාරයක් නොවේ. එහෙත් දැන් දැන් පොත් ප්රකාශනයට ප්රවිශ්ට වන පිරිසගේ වැඩිවීමක් දක්නට ලැබේ. රාජ්‍ය ආයතනවලට, පළාත්පාලන ආයතනවලට සහ වෙනත් පුස්තකාල සඳහා පොත් මිලදී ගැනීමට ප්‍රතිපාදන ලබාදීම මෙයට එක් හේතුවකි. අනෙක් හේතුව වී ඇත්තේ මේ ව්‍යාපාරය පිටුපස ඇති දූෂිත ගනුදෙනුයි. ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතු ය.

පොත්වල මිල

පොත්වල මිල නියම කිරීමේදී පාඨකයන්ට පොත් මිලට ගැනීමට ඇති හැකියාව පිළිබඳ විමසිලිමත් විය යුතු ය. ගැටවරයන් සඳහා ලියැවුණු පොතක් නම් එහි මිල අඩුවිය යුතු ය. එවැනි පොත් මුද්‍රණය සඳහා වැඩි පිරිවැයක් දැරිය යුතු නොවේ. එහෙත් වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය, නීතිය වැනි විෂයයට අදාළ පොතක් වැඩි පිරිවැයක් යොදා හොඳ කඩදාසියේ මුද්‍රණය කොට ශක්තිමත් පිටවැස්මක් යොදා වෙළෙඳ පොළට නිකුත් කළ යුතු ය. එවැනි පොතක මිල වැඩි වුණත්, එය ගැටලුවක් නොවන්නේ එම පොත මිලට ගැනීමට අපේක්ෂිත පාඨක පිරිසට ඒ සඳහා හැකියාව ඇති බැවිනි. එවැනි පොතකට අඩු මිලක් නියම කළහොත් එම පොත පිළිබඳ පාඨක විශ්වාසය බිඳ වැටී, එය මිලට නොගෙන සිටීමටත් ඉඩ ඇති බව අමතක නොකළ යුතු ය. එවැනි පොත්වල කර්තෘ භාගය නියම කිරීමේදී ප්‍රකාශක හා කර්තෘ අතර මිල නියම කිරීම පිළිබඳ එකඟතා ගිවිසුමක් ඇති කර ගත යුතු ය. කර්තෘවරයා ඉල්ලා සිටින ප්‍රමාණයේ කර්තෘ භාගයක් ගෙවීමට ප්‍රකාශක අකමැති නම්, එම කර්තෘවරයා වෙනත් ප්‍රකාශකයකු සොයා යනු ඇත.

පොතක් මිලට ගන්නා පාරිභෝගිකයා පොත මිලට ගැනීමේදී එම පොත තමාට වැදගත්වන ආකාරය සහ එහි වටිනාකම සළකා බලයි. පොතේ මිල අඩු නම් එය මිලට ගැනීමට පාරිභෝගිකයා සූදානම් ය. පොතේ මිල වැඩි වූවත්, එය තමාට අත්‍යවශ්‍ය පොතක් නම් මිල ගැටලුවක් කර නොගනී.

පොත්වල මිල නියම කිරීමේදී එම පොත අයත්වන ක්ෂේත්රය, එම පොත මිලදී ගනීවියැයි උපකල්පනය කළ හැකි පාඨක සංඛ්‍යාව, අදාළ විෂයය සම්බන්ධයෙන් වෙළෙඳ පොළ ඇති අනිත් පොත්වල මිල ගණන් ආදී කරුණු සැලකිල්ලට ගත යුතු ය. ප්‍රබන්ධ කෘතිවලට මිල නියම කිරීමේදී එක් එක් කෘතිය වෙන වෙනම සළකා බැලිය යුතු ය. නවකතා පොත් මිලට ගන්නා පිරිසට වඩා පරිවර්තන කෘති මිලට ගන්නා පිරිස වැඩි ය. කවි පොත් මිලට ගන්නා පිරිස අඩු ය. එහෙත් මේ සියලු ම පොත්වලට මිල නියම කිරීමේදී යොදාගනුයේ එක ම හැන්දකි. එනම් නිෂ්පාදන වියදම තුනෙන් වැඩි කිරීමේ ප්රතිපත්තියයි. මේ නිසා පොතක මිල වැඩිවෙයි. ප්‍රබන්ධ කෘති මිලදී ගැනීමට පාඨකයන් දක්වන්නේ අඩු සැලකිල්ලකි. මන්ද යත් ප්‍රබන්ධ කෘති අත්‍යවශ්‍යම නොවන බැවිනි. අඩු පිරිවැයක් යොදා , එනම් වටිනාකමින් අඩු කඩදාසි පාවිච්චි කර සිල්ලර වෙළෙන්දාට දෙන වට්ටම අඩු කළහොත්, කවි පොත් මීට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කරගත හැකියැයි උපකල්පනය කළ හැකි ය.

පොතක කර්තෘවරයාට විකුණුම් මිලෙන් සියයට 10ක් ලබාදෙද්දී, පොතේ නිෂ්පාදනයට හෝ අන්තර්ගතයට කිසිදු දායකත්වයක් නොදක්වන සිල්ලර වෙළෙන්දාට සියයට 40ක වට්ටමක් ලබාදීම එක්තරා ආකාරයක ගැටලුවකි. සිල්ලර වෙළෙන්දා තම පොත්හලට පැමිණෙන පාඨකයාට පොත විකුණා සියයට 40ක ලාභයක් උපයතත්, ඔහු පොතේ ප්රචාරයට හෝ නිෂ්පාදනයට කිසිදු දායකත්වයක් නොදක්වයි. 1977න් පසුව පොත්හල වැසී යාමේ අවදානම පැවැති සමයේ මෙලෙස සියයට 40ක වට්ටමක් සිල්ලර වෙළෙන්දාට ලබා දීමට සිදුවී ඇත්තේ, එවකට පොත් වෙළෙඳ පොළේ පැවැති තත්ත්වයට අනුවයි. එහෙත් දැනට එම අවදානම පහව ගොසිනි. එබැවින් සිල්ලර වෙළෙන්දාට වැඩි වට්ටමක් ලබාදීම නැවත සළකා බැලිය යුතු ය. එහි වාසිය පාඨකයාට ලබාදිය හැකි නම් අගනේය. අලෙවිහලක් ඇති ප්‍රකාශකයා තම අලෙවිහලට පැමිණෙන පාරිභෝගිකයන්ට පොත් විකුණා වැඩි ආදායමක් ලබයි. ඔහු පොත නිෂ්පාදනයට දැරූ වෑයම සමඟ සසඳනවිට එහි සාධාරණත්වයක් දක්නට ලැබේ. එපමණක්ද නොවේ. බොහෝ ප්‍රකාශකයෝ තම අලෙවිහලට පැමිණෙන පාරිභෝගිකයන්ට සියයට 10 සිට 30 දක්වා වට්ටමක් ද ලබා දේ.

තමන්ට සියයට 40 වට්ටමක් ලබා නොදුනහොත් අලෙවිහල පවත්වාගෙන යා නොහැකි බවට සිල්ලර වෙළෙන්දන්ගේ පැත්තෙන් තර්කයක් නැඟිය හැකි බව ඒ සමඟම පෙනී යයි. තමන්ට ලැබෙන සියයට දහයක කර්තෘ භාගය ප්‍රමාණවත් නොවන බවට බොහෝ කර්තෘවරු මැසිවිලි නගති. සිල්ලර වෙළෙන්දාට සියයට 40ක් ලබාදෙද්දී තමන්ට සියයට 10 කින් සෑහීමකට පත්වීමට සිදුව ඇති බවට කර්තෘවරු තර්ක කරති. එහෙත් තමන් අතින් ලියැවෙන පොත අලෙවි කිරීම පහසු කාර්යයක් නොවන බව ඔව්හු අවබෝධ කර නොගනිති. දැන් දැන් පළවන බොහෝ පොත්පත් පළ කිරීමට තරම් සුදුසු තත්ත්වයක නොපවතී. සියයට දහයක කර්තෘ භාගය වැඩි කරන ලෙස ඉල්ලීමට වඩා, ප්‍රකාශකගෙන් වැඩි කර්තෘ භාගයක් ඉල්ලා සිටිය හැකි පරිදි ගුණාත්මක බවින් උසස් පොතපත ලිවිමට ලේඛකයන් ඉදිරිපත් විය යුතු ය.

දැනට පවත්නා පොත්වලට මිල නියම කිරීමේ ක්‍රමය වෙනුවට මිල සූත්‍රයක් හඳුන්වාදීම වඩා යෝග්‍ය වේ. මිල සූත්‍රයක් හඳුන්වාදීම කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය, ජාතික බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, පොත් වෙළෙඳුන්ගේ සංගමය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ අලෙවි විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සිදු කිරීම යෝග්‍ය වේ. අවසාන වශයෙන් කිව යුතු වන්නේ, ග්රන්ථ ප්රකාශකයාට තම ආයෝජනයට සරිලන ආදායමක් සහ ලේඛකයාට තම බුද්ධිමය දායකත්වය වෙනුවෙන් සාධාරණ ගෙවීමක් ලබා ගැනීමටත්, සිල්ලර වෙළෙන්දා ද සුරකිමින් පාඨකයන්ට අඩු මිලට පොත් ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමත් කාලීන අවශ්‍යතාවක් බව ය.

-බොබී ජී. බොතේජු

[QUOTE="DJU9, post: 19729002, member: 44472"] [b]-බාගෙට ගෙවන කර්තෘ භාගය සහ...[/b] [CENTER][SIZE=4][SIZE=5][COLOR=Blue][B]බාගෙට ගෙවන කර්තෘ භාගය සහ පොත් ප්රකාශනයේ තවත් කතා[/B][/COLOR][/SIZE][/SIZE] [IMG]http://i.imgur.com/jtv9tT2.jpg[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4]ඕනෑම රටක සමාජ, ආර්ථික, අධ්‍යාපනික සහ සංස්කෘතික ක්ෂේත්‍ර කෙරෙහි ග්රන්ථ ප්රකාශනය සෘජු බලපෑමක් ඇති කරයි. අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙස සැලකිය හැකි ග්රන්ථ ප්‍රකාශන ක්ෂේත්රය ජීවනෝපාය කරගත් පිරිස අතිවිශාල බව, ඒ පිළිබඳ ශ්‍රී ලංකාව තුළ සමීක්ෂණයක් කර නැතත් අනුමාන කළ හැකි ය. ග්රන්ථ ප්‍රකාශක, ලේඛක, පාඨක සහ වෙළෙඳ ව්‍යාපාරික යන පාර්ශ්ව හතර මෙහි ප්‍රධාන කොටස්කරුවෝ වෙති.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]පසුගිය සියවසේ මුල් වකවානුවේදී ලේඛකයන් සංඛ්‍යාව සීමාසහිත විය. එහෙත් වර්තමානය වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස්වී ඇත. සාක්ෂරතාව ඇති බොහෝ දෙනෙක් පොත් පළ කිරීමට පෙලඹී සිටිති. (මෙය පොත්පත්වල ගුණාත්මක භාවයට හානිකර අහිතකර තත්ත්වයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ) 20 වැනි සියවස ආරම්භයේ දී නවකතා පොතකින් පිටපත් 25000ක් පමණ අලෙවි වූ අවස්ථා තිබූ බව වාර්තා වේ. එහෙත් එම සියවස අවසාන වනවිට අලෙවිය පහත වැටී තිබුණි. නවකතා පොතක් මුද්‍රණය කරනු ලැබුවේද පිටපත් 2000ක පමණ අඩු සංඛ්‍යාවකි. මේ වනවිට මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාව 500 තරමට පහත වැටී ඇත. 1977 දී ඇති කළ පාසල් පොත් නොමිලේ සැපයීමේ ප්‍රතිපත්තිය නිසා ග්රන්ථ ප්‍රකාශන ක්ෂේත්රය ශීඝ්‍ර බිඳවැටීමකට ලක් විය. රටපුරා විසිර තිබූ පොත් අලෙවිහල්වලින් සියයට අනූවටත් වැඩි ප්‍රමාණයක්ම වැසී ගියේය. ඉතිරි වූ පොත්හල්වල පවා පොත් විකිණීම දෙවැනි තැනට පත්වී, වෙනත් භාණ්ඩ අලෙවි කිරීමට ප්‍රමුඛස්ථානය හිමි විය.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]20 වැනි සියවසේ අවසාන දශකය වනවිට මේ තත්ත්වයෙහි වෙනසක් ඇතිවනු දක්නට ලැබේ. විවිධ රාජ්‍ය ආයතනවලට, පාසල් පුස්තකාලවලට, විශ්වවිද්‍යාලවලට සහ පළාත් පාලන ආයතනවලට පොත් මිලට ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලැබීමත් සමඟ, අලුතින් පොත් පළ කිරීමේ අවශ්‍යතාව මතුවිය. මේ නිසා ම දිවයින පුරා අලුතින් පොත්හල් බිහි වන්නට විය.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=5][B][COLOR=#ff0000]මිල නියම කිරීම සහ කර්තෘ භාග[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#ff0000] [/COLOR][/B][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]වර්තමානයේ පොතක මිල නියම කරනුයේ නිෂ්පාදනය සඳහා යන වියදම තුනෙන් වැඩි කිරීමෙනි.නිදසුනක් වශයෙන් පොතක පිටපතක් මුද්‍රණය සඳහා යන වියදම රුපියල් 100ක් නම්, එහි වෙළෙඳ මිල රුපියල් 300ක් ලෙස නියම කෙරේ. පොත් නිෂ්පාදන වියදම ලෙස සළකා බැලෙනුයේ පරිගණක අක්ෂර සංයෝජනය, කඩදාසි, මුද්‍රණ වියදම, පොත සැලැසුම් කිරීමට යන වියදම සහ පිට කවරයට යන වියදම ආදී භෞතික කාරණා පමණකි. පොතක වැදගත්ම අංගය වන අන්තර්ගතය සඳහා වන බුද්ධිමය දායකත්වය වෙනුවෙන් කිසිදු මුදලක් නිෂ්පාදන වියදමට ඇතුළත් නොකරයි . මේ අනුව පොත්වල මිල නියම කිරීම තර්කානුකූල හෝ විද්‍යානුකූල පදනමක් මත පිහිටා කෙරෙන ක්‍රියාවලියක් නොවන බව පෙනීයයි. මේ අනුව බලනවිට අභ්‍යාස පොතක් සහ අන්තර්ගතයකින් යුත් පොතක් නිෂ්පාදනයට යන වියදම අතර වෙනසක් තිබිය නොහැකි ය.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=5][B][COLOR=#ff0000]බෙදාහැරීම සහ අලෙවිය[/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=#ff0000] [/COLOR][/B][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]පොතක විකුණුම් මිලෙන් සියයට 10ක් සහ මුද්‍රණය කරන ලද පිටපත් සංඛ්‍යාවෙන් සියයට 1ක් කර්තෘ භාගය වශයෙන් වෙන් කෙරේ. සමහර ප්‍රකාශකයෝ ‘පොතේ සියලුම පිටපත් විකිණී ඇත’ යන උපකල්පනය මත පිහිටා පොත නිකුත් කරන අවස්ථාවේම කර්තෘ භාගය ගෙවති. විකිණී ඇති පිටපත් සංඛ්‍යාව අනුව කර්තෘ භාග ගෙවන අවස්ථා සහ පොත පළ කිරීමෙන් වසරක් හෝ ඊට පසුව කර්තෘ භාග ගෙවන අවස්ථා මෙන් ම, කර්තෘ භාගය කොහෙත්ම නොගෙවන අවස්ථා ද ඇත.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]පොතක විකුණුම් මිලෙන් සියයට හතළිහක් සිල්ලර වෙළෙන්දන්ට වට්ටම් වශයෙන් ලබාදේ. එවිට ග්රන්ථ ප්රකාශකයාට ඉතිරිවන්නේ විකුණුම් මිලෙන් සියයට 59ක් පමණි. පොත මුද්‍රණය සඳහා සියයට 33 ක වියදමක් දැරීමට සිදුවන අතර, ආයතනයේ පරිපාලන කටයුතු, සේවක වැටුප් සහ ප්‍රවාහන ගාස්තු සඳහා තවත් සියයට 15 පමණ වැය කිරීමට සිදුවෙයි. එවිට ලාභය වශයෙන් ඉතිරිවනුයේ සියයට 11 පමණ ප්රමාණයකි. මේ ගණන් බැලීම සිදුකර ඇත්තේ පොතක සියලු පිටපත් සංඛ්‍යාව දින කීපයක් තුළ අලෙවි වී ඇත යන උපකල්පනයේ පිහිටා ය. එහෙත් යථාර්ථය ඊට බෙහෙවින් වෙනස් ය. පිටපත් 1000ක් මුද්‍රණය කළ පොතකින් මුද්‍රණ වියදම පියවා ගැනීම සඳහා පමණක් පිටපත් 400ක් පමණ අලෙවි කළ යුතු වෙයි. පිටපත් 400ක් අලෙවි කිරීම දවසකින් දෙකකින් කළ හැකි නොවේ. ඒ සඳහා සැළකිය යුතු කාලයක් ගතවේ. එම කාලය සඳහා තමන් ආයෝජනය කළ මුදලට කිසිදු ප්‍රතිලාභයක් ප්‍රකාශකට නොලැබේ. බැංකු ණයක් ලබාගෙන පොත් ප්රකාශනය කළේ නම් අදාළ කාලය සඳහා පොලී ගෙවීමට ද ප්‍රකාශකට සිදුවේ.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]ප්රචාරක කටයුතු සඳහා ද පොත් කීපයක් මාධ්‍ය ආයතනවලට ලබා දීමට ප්‍රකාශකට සිදුවේ. ඊට අමතරව මුද්රණදෝෂ, එකලස් කිරීමේ අඩුපාඩු, ගබඩාවේදී නාස්ති වීම ආදිය නිසා ද පිටපත් 100ක් පමණ ඉවත දැමීමට සිදුවෙයි.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]මේ කාරණා සලකා බලන විට පොත් ප්රකාශනය සඳහා ආයෝජනය කළ මුදලට සරිලන ලාභයක් ලැබීම දුෂ්කර බව පෙනීයයි. පොත් ප්‍රකාශකට තමන්ගේම අලෙවිහලක් තිබේ නම් අර්බුදයෙන් යාන්තමින් ගොඩ යා හැකි ය. එසේ නොමැති ප්‍රකාශකයා අසීරු තත්ත්වයකට පත්වෙයි. සමහර පොත්ඉතා ශීඝ්‍රයෙන් අලෙවිවන නමුත්, පොත් වැඩි සංඛ්‍යාවක් පොත් සාප්පුවල රාක්කවල දිරාපත්වෙමින් තිබේ. අලෙවි නොවන පොත් නිසා සිදුවූ පාඩුව අවම කර ගත හැක්කේ ලාභ ලබන පොත්වල අලෙවියෙනි.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]බැලූ බැල්මට පෙනී යන ආකාරයට ග්රන්ථ ප්රකාශනය ලාභදායක ව්‍යාපාරයක් නොවේ. එහෙත් දැන් දැන් පොත් ප්රකාශනයට ප්රවිශ්ට වන පිරිසගේ වැඩිවීමක් දක්නට ලැබේ. රාජ්‍ය ආයතනවලට, පළාත්පාලන ආයතනවලට සහ වෙනත් පුස්තකාල සඳහා පොත් මිලදී ගැනීමට ප්‍රතිපාදන ලබාදීම මෙයට එක් හේතුවකි. අනෙක් හේතුව වී ඇත්තේ මේ ව්‍යාපාරය පිටුපස ඇති දූෂිත ගනුදෙනුයි. ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතු ය.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=5][COLOR=#ff0000][B]පොත්වල මිල[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]පොත්වල මිල නියම කිරීමේදී පාඨකයන්ට පොත් මිලට ගැනීමට ඇති හැකියාව පිළිබඳ විමසිලිමත් විය යුතු ය. ගැටවරයන් සඳහා ලියැවුණු පොතක් නම් එහි මිල අඩුවිය යුතු ය. එවැනි පොත් මුද්‍රණය සඳහා වැඩි පිරිවැයක් දැරිය යුතු නොවේ. එහෙත් වෛද්‍ය විද්‍යාව, තාක්ෂණය, නීතිය වැනි විෂයයට අදාළ පොතක් වැඩි පිරිවැයක් යොදා හොඳ කඩදාසියේ මුද්‍රණය කොට ශක්තිමත් පිටවැස්මක් යොදා වෙළෙඳ පොළට නිකුත් කළ යුතු ය. එවැනි පොතක මිල වැඩි වුණත්, එය ගැටලුවක් නොවන්නේ එම පොත මිලට ගැනීමට අපේක්ෂිත පාඨක පිරිසට ඒ සඳහා හැකියාව ඇති බැවිනි. එවැනි පොතකට අඩු මිලක් නියම කළහොත් එම පොත පිළිබඳ පාඨක විශ්වාසය බිඳ වැටී, එය මිලට නොගෙන සිටීමටත් ඉඩ ඇති බව අමතක නොකළ යුතු ය. එවැනි පොත්වල කර්තෘ භාගය නියම කිරීමේදී ප්‍රකාශක හා කර්තෘ අතර මිල නියම කිරීම පිළිබඳ එකඟතා ගිවිසුමක් ඇති කර ගත යුතු ය. කර්තෘවරයා ඉල්ලා සිටින ප්‍රමාණයේ කර්තෘ භාගයක් ගෙවීමට ප්‍රකාශක අකමැති නම්, එම කර්තෘවරයා වෙනත් ප්‍රකාශකයකු සොයා යනු ඇත.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]පොතක් මිලට ගන්නා පාරිභෝගිකයා පොත මිලට ගැනීමේදී එම පොත තමාට වැදගත්වන ආකාරය සහ එහි වටිනාකම සළකා බලයි. පොතේ මිල අඩු නම් එය මිලට ගැනීමට පාරිභෝගිකයා සූදානම් ය. පොතේ මිල වැඩි වූවත්, එය තමාට අත්‍යවශ්‍ය පොතක් නම් මිල ගැටලුවක් කර නොගනී.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]පොත්වල මිල නියම කිරීමේදී එම පොත අයත්වන ක්ෂේත්රය, එම පොත මිලදී ගනීවියැයි උපකල්පනය කළ හැකි පාඨක සංඛ්‍යාව, අදාළ විෂයය සම්බන්ධයෙන් වෙළෙඳ පොළ ඇති අනිත් පොත්වල මිල ගණන් ආදී කරුණු සැලකිල්ලට ගත යුතු ය. ප්‍රබන්ධ කෘතිවලට මිල නියම කිරීමේදී එක් එක් කෘතිය වෙන වෙනම සළකා බැලිය යුතු ය. නවකතා පොත් මිලට ගන්නා පිරිසට වඩා පරිවර්තන කෘති මිලට ගන්නා පිරිස වැඩි ය. කවි පොත් මිලට ගන්නා පිරිස අඩු ය. එහෙත් මේ සියලු ම පොත්වලට මිල නියම කිරීමේදී යොදාගනුයේ එක ම හැන්දකි. එනම් නිෂ්පාදන වියදම තුනෙන් වැඩි කිරීමේ ප්රතිපත්තියයි. මේ නිසා පොතක මිල වැඩිවෙයි. ප්‍රබන්ධ කෘති මිලදී ගැනීමට පාඨකයන් දක්වන්නේ අඩු සැලකිල්ලකි. මන්ද යත් ප්‍රබන්ධ කෘති අත්‍යවශ්‍යම නොවන බැවිනි. අඩු පිරිවැයක් යොදා , එනම් වටිනාකමින් අඩු කඩදාසි පාවිච්චි කර සිල්ලර වෙළෙන්දාට දෙන වට්ටම අඩු කළහොත්, කවි පොත් මීට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කරගත හැකියැයි උපකල්පනය කළ හැකි ය.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]පොතක කර්තෘවරයාට විකුණුම් මිලෙන් සියයට 10ක් ලබාදෙද්දී, පොතේ නිෂ්පාදනයට හෝ අන්තර්ගතයට කිසිදු දායකත්වයක් නොදක්වන සිල්ලර වෙළෙන්දාට සියයට 40ක වට්ටමක් ලබාදීම එක්තරා ආකාරයක ගැටලුවකි. සිල්ලර වෙළෙන්දා තම පොත්හලට පැමිණෙන පාඨකයාට පොත විකුණා සියයට 40ක ලාභයක් උපයතත්, ඔහු පොතේ ප්රචාරයට හෝ නිෂ්පාදනයට කිසිදු දායකත්වයක් නොදක්වයි. 1977න් පසුව පොත්හල වැසී යාමේ අවදානම පැවැති සමයේ මෙලෙස සියයට 40ක වට්ටමක් සිල්ලර වෙළෙන්දාට ලබා දීමට සිදුවී ඇත්තේ, එවකට පොත් වෙළෙඳ පොළේ පැවැති තත්ත්වයට අනුවයි. එහෙත් දැනට එම අවදානම පහව ගොසිනි. එබැවින් සිල්ලර වෙළෙන්දාට වැඩි වට්ටමක් ලබාදීම නැවත සළකා බැලිය යුතු ය. එහි වාසිය පාඨකයාට ලබාදිය හැකි නම් අගනේය. අලෙවිහලක් ඇති ප්‍රකාශකයා තම අලෙවිහලට පැමිණෙන පාරිභෝගිකයන්ට පොත් විකුණා වැඩි ආදායමක් ලබයි. ඔහු පොත නිෂ්පාදනයට දැරූ වෑයම සමඟ සසඳනවිට එහි සාධාරණත්වයක් දක්නට ලැබේ. එපමණක්ද නොවේ. බොහෝ ප්‍රකාශකයෝ තම අලෙවිහලට පැමිණෙන පාරිභෝගිකයන්ට සියයට 10 සිට 30 දක්වා වට්ටමක් ද ලබා දේ.[/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]තමන්ට සියයට 40 වට්ටමක් ලබා නොදුනහොත් අලෙවිහල පවත්වාගෙන යා නොහැකි බවට සිල්ලර වෙළෙන්දන්ගේ පැත්තෙන් තර්කයක් නැඟිය හැකි බව ඒ සමඟම පෙනී යයි. තමන්ට ලැබෙන සියයට දහයක කර්තෘ භාගය ප්‍රමාණවත් නොවන බවට බොහෝ කර්තෘවරු මැසිවිලි නගති. සිල්ලර වෙළෙන්දාට සියයට 40ක් ලබාදෙද්දී තමන්ට සියයට 10 කින් සෑහීමකට පත්වීමට සිදුව ඇති බවට කර්තෘවරු තර්ක කරති. එහෙත් තමන් අතින් ලියැවෙන පොත අලෙවි කිරීම පහසු කාර්යයක් නොවන බව ඔව්හු අවබෝධ කර නොගනිති. දැන් දැන් පළවන බොහෝ පොත්පත් පළ කිරීමට තරම් සුදුසු තත්ත්වයක නොපවතී. සියයට දහයක කර්තෘ භාගය වැඩි කරන ලෙස ඉල්ලීමට වඩා, ප්‍රකාශකගෙන් වැඩි කර්තෘ භාගයක් ඉල්ලා සිටිය හැකි පරිදි ගුණාත්මක බවින් උසස් පොතපත ලිවිමට ලේඛකයන් ඉදිරිපත් විය යුතු ය.[/SIZE][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]දැනට පවත්නා පොත්වලට මිල නියම කිරීමේ ක්‍රමය වෙනුවට මිල සූත්‍රයක් හඳුන්වාදීම වඩා යෝග්‍ය වේ. මිල සූත්‍රයක් හඳුන්වාදීම කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය, ජාතික බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, පොත් වෙළෙඳුන්ගේ සංගමය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ අලෙවි විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සිදු කිරීම යෝග්‍ය වේ. අවසාන වශයෙන් කිව යුතු වන්නේ, ග්රන්ථ ප්රකාශකයාට තම ආයෝජනයට සරිලන ආදායමක් සහ ලේඛකයාට තම බුද්ධිමය දායකත්වය වෙනුවෙන් සාධාරණ ගෙවීමක් ලබා ගැනීමටත්, සිල්ලර වෙළෙන්දා ද සුරකිමින් පාඨකයන්ට අඩු මිලට පොත් ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමත් කාලීන අවශ්‍යතාවක් බව ය.[/SIZE] [/CENTER] [RIGHT] [COLOR=Silver][I]-බොබී ජී. බොතේජු[/I][/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom