බැංකු පිකටිං / ගොවි පිකටිං / වමේ පක්ෂවල.HELUWA

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බැංකු පිකටිං / ගොවි පිකටිං / වමේ පක්ෂවල.HELUWA

    පිකටිං වල / වමේ පක්ෂ වල සැගවූ හෙළුව :lol:




    SEP-SL Secretary Wije Diaz responds to the question of "Unifying left parties


    2012 දි, කැගල්ලේ දි සමාජ වාදි සමානතා පක්ශය විසින් පැවත්වු ප්‍රසිද්ධ රැස්වීමකට සහභගිවීමට අවස්තාවක් ලැබුනි.රැස්ව්ම අවසානයේ, ප්‍රශ්න ඇසීමේ වාරයෙදි "වමේ එකතුවක්" සම්බන්ධයෙන් ප්‍රශ්නය යොමු විය. මෙයට සමාජවාදි සමානතා පක්ශයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් මෙසේ පිලිතුරු දුන්නේය.

    **මෙය පටිගත කරනයකින් උපුටා ගන්නා ලදි.

    ඔව්, ඔය අදහස බොහෝ දෙනා තුල පවතිනවා. ඒක රටේ බල පවැත්වෙනා අදහසක්, ඔය සහොදරයා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක පිටිපස්සෙ තියෙනවා නොවෑ දේශපාලන අර්ත කතනයක්, එහෙම නැත්තම් දේශපාලන ඉදිරිදර්ශනයක්. ඔය සහොදරයා ප්‍රශ්නය ඉදිරිපත් කරද්දි කල්පනා කරන්නේ, මෙ වාමාංශික කියන සංවිධාන ටික එකතු කරලා වැඩ පටන් ගත්තොත් හරි, වැඩ කෙලවර කරගත්තොත් හරි, අපේ ප්‍රශ්න වලට විසදුම් ඵ්වී කියලා.

    ඉතින් කල්පනා කරලා බලන්න, ඔය වගේ අදහසක් නොවේද සමසමාජ පක්ශය 74 දි කිවේ. ශ්‍රි ලංක නිදහස් පක්ශයත් වමේ පක්ශයක්, U.N.P විරොධි පක්ශයක් ය. අපි ඔවුන්ට සම්බන්ධ වෙලා පිටු බලය දුන්නොත්.., ඔවුන් කිවේ, සිරිමාවෝට අපි කියන්නේ කස්ට්‍රෝ වගේ කෙලින් ඉන්න කියලා නොව. අපි කෙලින් කරගත්තොත් කොහොමහරි මෙ මනුස්සයාව, අපේ ප්‍රශ්න විසදගන්න පුලුවන් වෙ කියලා ය.

    වමාංශික එක්සත් පෙරමුනක් හැටියට වාමංශික එකතුවක් හදාගෙන හිට්යා සමසමාජ කොමුනිස්ට් මහජන එක්සත් කියන තුන එකතුවෙල 1963 දි. එ සම්පුර්න මහජන එක්සත් පෙරමුන පක්ශය, ශ්‍රි ලංකා නිදහස් ආන්ඩුවට ගෙනල්ලා මෙ පෙරමුන තවත් පලල් කීරිමේ වෑයමක් තමා සිරිමාවො බන්ඩරනායක කරේ. ඒකට තමා ඒ දවස් වල උද්ගොශනයේ ගියේ. ඉතින් උනැයි සෙතක්?

    දැන් වමේ පෙරමුනු හැදීම ගැන කතා මතු වෙලා තියෙනවා. මේක සමාජ අර්බුධ උග්‍ර වෙන හැම අවස්තාවකම ඉස්සරහට එන ගැටලුවක්. දැන් ඔය සහොදරය කල්පනා කරනවද නව සම සමාජ පක්ශෙත් එක්ක, එහෙම නැත්තම් සිරිතුන්ග ජයසුරිය ගෙ එක්සත් සමජාවදි පක්ශෙත් එක්ක, එහෙම නැත්තම් ජනතා විමුක්ති පෙරමුනත් එක්ක, එහෙමත් නැත්තම් ජනතා විමුක්ති පෙරමුනෙන් කැඩිල සටන්කාමිය කියල දැන් ඔය ඉස්සරහට ඇවිල්ල තියෙන පෙරටුගමි පක්ශයත් එක්ක එක්සත් පෙරමුනු හදාගෙන විමුක්තියක් ලබ ගත හැකි වේද?
     
    Last edited: