Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැටිකලෝ කැම්පස් හදන්න නීති නැවූ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස බලපත් හිමි වීම ප්රශ්නකාරී වීම

හිස්බුල්ලා මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර හා නියෝජ්‍ය අමාත්‍ය පදවිය භාවිත කරමින් හීරා පදනම නමැති රාජ්‍ය නොවන සංවිධානයක් වූ පෞද්ගලික සංවිධානය වෙනුවෙන් පෙනී සිට ක්‍රියාකාරී වී තිබේ. මෙම පදනම පළමුවෙන්ම තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ (TVEC) හීරා වෘත්තීය අධ්‍යාපන ආයතනය නමින් ලියාපදිංචි වීමට 2013 දී ඉල්ලුම් කර ඇත. අදාළ නිර්ණායක ගණයට ඇතුළත් වන බවට සෑහීමකට පත් නොවීම පදනම් කොට එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

එවකට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ සිටි හිස්බුල්ලා මහතා ඉන් පසු නැවත වෘත්තීය පුහුණු ආයතන මධ්‍යස්ථානයක් ලෙස (TVEC) තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අලුතෙන් යුනිවර්සිටි කොලේජ් ඔෆ් බැටිකලෝ නමින් ලියාපදිංචි වීමට ඉල්ලුම් කළේය.

(විවිධ අවස්ථාවල ඔහු පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂය භාවිත කළේය.) ලියාපදිංචි කිරීමට පෙර පාඨමාලාවේ අන්තර්ගත දෑ දැන ගැනීමට කොමිසමට (TVEC) අවශ්‍ය විය.

කොමිසම අවධානය යොමු කළ කරුණු සැලකිල්ලට නොගෙනම තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය තුන් අවුරුදු අවබෝධතා ගිවිසුමක් හීරා පදනම සමග අත්සන් කළේය. එහි අරමුණ වූයේ ව්‍යාජ නීත්‍යානුකූල බවක් පිටට පෙනෙන්නට මඩකළපුවේ යුනිවර්සිටි කොලීජිය ආරම්භ කිරීමයි. අදාළ නිර්ණායක සපුරාලිය යුත්තේ ද යන්න හෝ එහිදී අමාත්‍යවරයා පරීක්ෂා කළේ නැත. එහෙත් දින පහකට පසුව එයින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදුව එකී විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය සුදුසුකම් ඇති බව තහවුරු කිරීමට සාක්ෂි නොමැති බව එකී කමිටුවෙන් තීරණය කරන විශ්වවිද්‍යාල සභාවට නියෝජිතයන් දෙදෙනකු පත්කිරීමෙන් ඔබ්බට අමාත්‍යාංශය වෙනත් කිසිවක් කළේ නැත.

ඔවුන් අදාළ රැස්වීම්වලට සහභාගි වී හෝ කැඳවා නැති බවක් නොපෙනන බව ජාතික විගණන කාර්යාල වාර්තාවේ සඳහන්ය. සහයෝගිතා ගිවිසුමේ තුන්වැනි පාර්ශ්වය වූ රජයෙන් පවත්වාගෙන ගිය වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයට කිසියම් දායකත්වයක් ද මඩකළපු මණ්ඩපයේ ක්‍රියාකාරකම්වලින් ඉටු වී ඇති වගක් ද තහවුරු නොවීය.

එසේ වුව ද සිසුන් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කරන ලෙස මඩකළපු මණ්ඩපයේ සභාපතිවරයා විසින් කරන ලද ඉල්ලීම අමාත්‍යාංශයෙන් අනුමත කොට ඇත. මේ සඳහා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ (TVEC) ලියාපදිංචිය ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවලට තිබිය යුතු වීම අනිවාර්යය වුව ද ඉහත කාර්යය කර ඇත්තේ එම ලියාපදිංචියෙන් තොරවය. එවිට මඩකළපු මණ්ඩපයට උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස සුදුසුකම් නොමැති බව පරීක්ෂා කොට දැනගත් ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා කොමිසමේ සභාවට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්, නැවත ඇගැයුම් කිරීමකින් තොරව ලියාපදිංචිය අනුමත කිරීමේ හැකියාව ඇත්තේ දැයි විමසා බැලීය. ඒ අනුව 2015 දී ලියාපදිංචිය පිරිනැමීම පමණක් නොව ලියාපදිංචිය එම මාර්තු මස පෙර දාතම යොදා සිදු කරනු ලැබිණි.

මඩකළපු මණ්ඩපය පිහිටුවා ඇත්තේ හීරා පදනමේ සහයෝගයෙන් යුතුව අමාත්‍යාංශය විසින් බවට වැරැදි ප්‍රකාශයක්, සිසුන් කැඳවමින් පුවත්පත් දැන්වීමේ කර තිබිණි. රජයට අයත් බවට වැරැදි ආකල්පයක් ගොඩ නැගීම සඳහා එහිදී රාජ්‍ය ලාංඡනය ද යොදා ගැනිණි.

ඊට පසු අවුරුද්දේදී තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම පාඨමාලා සම්පූර්ණ කළ සිසුන් 49 දෙනකුට සහතික නිකුත් කළේය. එහෙත් එම පාඨමාලාවට අදාළව කිනම් විෂය මාලාවක් ආවරණය වූයේ ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවත් එවැනි සහතික ප්‍රදානයකට අවශ්‍ය පාඨමාලා ඇගයුමක් සහ නිර්දේශයක් හා අනුමැතියක් ද නොමැති බවත් ජාතික විගණන කාර්යාලය කියා සිටී.

නීති විරෝධී ලෙස ඉඩම් නිදහස් කිරීම්

අක්කර 35ක් මඩකළපු මණ්ඩපයට භාරදීමට පෙර මහවැලි අධිකාරියේ ප්‍රාදේශීය භෞතික සම්පත් කළමනාකරණ කමිටුවේ අධ්යක්ෂ (ඉඩම් පරිහරණ) වරයාගේ නිර්දේශය ලබා නොමැත. රජයට අයත් ඉඩම් පසුව දීර්ඝ කාලීන බදු ගැනීමක් ලෙස පරිවර්තනය වන ආකාරයෙන් වාර්ෂිකව බදු දීමට නිදහස් කිරීම තහනම්ව තිබියදී මෙම ප්‍රශ්නගත ව්‍යාපෘතියට එම අනුමැතිය දී තිබේ.

වාර්ෂික බලපත්‍ර ක්‍රමය මත ඉඩම නිදහස් කර තිබුණ ද මෙම දීර්ඝ කාලීන මහා පරිමාණ ව්‍යාපෘතියට අදාළ ගොඩනැගිලි ඉදිකිරීමට මහවැලි අධිකාරියෙන් සම්බාධක පනවනු ලැබුවේය. පසුව දීර්ඝ කාලීන බදු දීමක් බවට පත්කිරීම රාජ්‍ය ඉඩම් ආඥා පනත හිතාමතාම උල්ලංඝණය කිරීමක් බව ජාතික විගණන කාර්යාලයේ ස්ථාවරය විය. බදු ඔප්පුව 2018 පෙවරවාරි 1 වැනිදා අත්සන් කොට ඇත්තේ ද 2013 ජුලි 12 සිට බලපැවැත්වෙන පරිදි පසු දාතම යොදමිනි.

ඉන් ඉඩම් කොටස් 3ක් කුඹුරු ඉඩම් ගණයේ ලා සැලකිය යුතු බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත. ඉන් එකක ඇළක් පවා ඇත. එහෙත් මහවැලියේ ප්‍රාදේශීය නිලධාරීන් ඒවායේ ‘කුඹුරු ඉඩම්’ නමැති වචනය ‘වෙනත්’ යනුවෙන් වෙනස් කොට ඇත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව හරහාය. හීරා පදනමේ වාණිජ ක්‍රියාකාරකම් උදෙසා මේ ආකාරයෙන් සැලැසුම් සහගතව කුඹුරු ඉඩම් මුදාහැර ඇත.

ජාතික විගණන අධිකාරිය වෙනත් කාරණා මත ද මහවැලි අධිකාරිය දෝෂ දර්ශනයට ලක්කොට ඇත. ඒ අතර මඩකළපු මණ්ඩපය තමන්ට නිදහස් කර ඇති ඉඩම්වලට අමතරව තවත් අක්කර 9ක් ද නීත්‍යානුකූල නොවන ලෙස අත්පත් කරගෙන ඇත. පරිසරයට ඇතිවන බලපෑම පිළිබඳව කිසිදු ඇගයුම් කිරීමක් සිදු කොට නොමැතිය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දී එය පරීක්ෂා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියට ඇරැයුම් කර ඇත.

ආයෝජන මණ්ඩලය ද විවේචනයට ඈඳී තිබේ. හිස්බුල්ලා මහතා මගින් හීරා පදනම වෙනුවෙන් මුලින්ම ඒ වෙත ඉදිරිපත් කළ අයැදුම්පතේ සඳහන් කොට ඇත්තේ යෙදීමට නියමිත විදේශ ආයෝජනය ඇ. ඩො. මිලියන 40.2ක් යනුවෙනි. එහිදී මුදල් යොදන අයගේ නම සඳහන් කොට නැත. මෙම ප්‍රමාණය දෙවැනි අයැදුම්පත ඉදිරිපත් කොට ආයෝජන මණ්ඩල අනුමැතිය ලබන විට ඇ. ඩො. මිලියන 3.2 දක්වා සෑහෙන තරම් පහත වැටී තිබේ.

ආයෝජන මණ්ඩල නිලධාරියකු ආයෝජනය ඇගයුම් කොට අනුමැතිය ලබාදීමට නම් ව්‍යාපෘති ඉඩම අවම වශයෙන් අවුරුදු 30ක බද්දට ලබා තිබිය යුතු බව පෙන්වා දුන්නේය. ආයෝජන මණ්ඩලය එම නිර්දේශය නොසලකා හැර මූලික අනුමැතිය දී ඇත්තේ ඉඩම් හිමිකාරිත්වය පැහැදිලි කර දැක්වීමක් නොකරන තත්ත්වයකදීය.

ආයෝජන මණ්ඩලය සහ මඩකළපු විශ්වවිද්‍යාලය අතර ගිවිසුම 2016 මැයි 19 අත්සන් කෙරිණි. මහවැලි ඉඩම මෙම ව්‍යාපෘතියට දීර්ඝ කාලීන බද්දට ගෙන ඇත්තේ 2018 පෙබරවාරි 1 වැනිදාය.

ආයෝජන මණඩලය මඩකළපුව විශ්වවිද්‍යාලයට සහාය දී ඇත්තේ නීතිමය අයිතියක් සහිත මිනින්දෝරු සැලැස්මක් නැති වාතාවරණයකය. පළාත් පාලන ආයතනයෙන් ගොඩනැගිලි අනුමැතියත් වීථි රේඛා සහතිකයත් ඉඩම් හිමියාගේ කැමැත්තත් නොමැති තත්ත්වයක් තුළ ආයෝජන මණ්ඩලයේ සහාය තවදුරටත් ලැබී තිබේ. ව්‍යාපෘති ශඛ්‍යතාව තීරණය කිරීම උදෙසා ඉහත ලේඛන අත්‍යවශ්‍ය වේ. පරිසර බලපෑමේ වාර්තාවක් ද නොමැත.

ආයෝජන මණ්ඩලය තමන්ගේම නීති රීති රෙගුලාසි හා ක්‍රියා පිළිවෙත් ඛණ්ඩනය කොට ඉන් පසු අවස්ථා 143කදී රුපියල් මිලියන 48.51ක් වටිනා භාණ්ඩ මඩකළපු විශ්වවිද්‍යාලයෙන් ආනයනය කරන විටදී බදු සහන ප්රදානය කොට තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී ඇත්තේ ආයෝජන මණ්ඩලයේ පිළිගත් ප්‍රමිතියකට අනුකූල ක්‍රියා පිළිවෙතකට අනුව පූර්ණ අධීක්ෂණයකින් තොරවය. එහෙත් මණ්ඩලය මේ පිළිබඳ කිසිදු විමසා බැලීමක් කර නැත. ජාතික විගණන කාර්යාලය පවසන පරිදි ආයෝජන මුදල ලැබුණේ කාගෙන් ද යන්න ද නොවිමසාය.

[QUOTE="malakadss, post: 25967866, member: 179884"] [B][SIZE=6]උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස බලපත් හිමි වීම ප්රශ්නකාරී වීම[/SIZE][/B] හිස්බුල්ලා මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර හා නියෝජ්‍ය අමාත්‍ය පදවිය භාවිත කරමින් හීරා පදනම නමැති රාජ්‍ය නොවන සංවිධානයක් වූ පෞද්ගලික සංවිධානය වෙනුවෙන් පෙනී සිට ක්‍රියාකාරී වී තිබේ. මෙම පදනම පළමුවෙන්ම තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ (TVEC) හීරා වෘත්තීය අධ්‍යාපන ආයතනය නමින් ලියාපදිංචි වීමට 2013 දී ඉල්ලුම් කර ඇත. අදාළ නිර්ණායක ගණයට ඇතුළත් වන බවට සෑහීමකට පත් නොවීම පදනම් කොට එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එවකට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ සිටි හිස්බුල්ලා මහතා ඉන් පසු නැවත වෘත්තීය පුහුණු ආයතන මධ්‍යස්ථානයක් ලෙස (TVEC) තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අලුතෙන් යුනිවර්සිටි කොලේජ් ඔෆ් බැටිකලෝ නමින් ලියාපදිංචි වීමට ඉල්ලුම් කළේය. (විවිධ අවස්ථාවල ඔහු පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂය භාවිත කළේය.) ලියාපදිංචි කිරීමට පෙර පාඨමාලාවේ අන්තර්ගත දෑ දැන ගැනීමට කොමිසමට (TVEC) අවශ්‍ය විය. කොමිසම අවධානය යොමු කළ කරුණු සැලකිල්ලට නොගෙනම තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය තුන් අවුරුදු අවබෝධතා ගිවිසුමක් හීරා පදනම සමග අත්සන් කළේය. එහි අරමුණ වූයේ ව්‍යාජ නීත්‍යානුකූල බවක් පිටට පෙනෙන්නට මඩකළපුවේ යුනිවර්සිටි කොලීජිය ආරම්භ කිරීමයි. අදාළ නිර්ණායක සපුරාලිය යුත්තේ ද යන්න හෝ එහිදී අමාත්‍යවරයා පරීක්ෂා කළේ නැත. එහෙත් දින පහකට පසුව එයින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදුව එකී විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය සුදුසුකම් ඇති බව තහවුරු කිරීමට සාක්ෂි නොමැති බව එකී කමිටුවෙන් තීරණය කරන විශ්වවිද්‍යාල සභාවට නියෝජිතයන් දෙදෙනකු පත්කිරීමෙන් ඔබ්බට අමාත්‍යාංශය වෙනත් කිසිවක් කළේ නැත. ඔවුන් අදාළ රැස්වීම්වලට සහභාගි වී හෝ කැඳවා නැති බවක් නොපෙනන බව ජාතික විගණන කාර්යාල වාර්තාවේ සඳහන්ය. සහයෝගිතා ගිවිසුමේ තුන්වැනි පාර්ශ්වය වූ රජයෙන් පවත්වාගෙන ගිය වෘත්තීය තාක්ෂණික විශ්වවිද්‍යාලයට කිසියම් දායකත්වයක් ද මඩකළපු මණ්ඩපයේ ක්‍රියාකාරකම්වලින් ඉටු වී ඇති වගක් ද තහවුරු නොවීය. එසේ වුව ද සිසුන් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කරන ලෙස මඩකළපු මණ්ඩපයේ සභාපතිවරයා විසින් කරන ලද ඉල්ලීම අමාත්‍යාංශයෙන් අනුමත කොට ඇත. මේ සඳහා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ (TVEC) ලියාපදිංචිය ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් ලැබීමේ පාඨමාලාවලට තිබිය යුතු වීම අනිවාර්යය වුව ද ඉහත කාර්යය කර ඇත්තේ එම ලියාපදිංචියෙන් තොරවය. එවිට මඩකළපු මණ්ඩපයට උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස සුදුසුකම් නොමැති බව පරීක්ෂා කොට දැනගත් ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිවරයා කොමිසමේ සභාවට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්, නැවත ඇගැයුම් කිරීමකින් තොරව ලියාපදිංචිය අනුමත කිරීමේ හැකියාව ඇත්තේ දැයි විමසා බැලීය. ඒ අනුව 2015 දී ලියාපදිංචිය පිරිනැමීම පමණක් නොව ලියාපදිංචිය එම මාර්තු මස පෙර දාතම යොදා සිදු කරනු ලැබිණි. මඩකළපු මණ්ඩපය පිහිටුවා ඇත්තේ හීරා පදනමේ සහයෝගයෙන් යුතුව අමාත්‍යාංශය විසින් බවට වැරැදි ප්‍රකාශයක්, සිසුන් කැඳවමින් පුවත්පත් දැන්වීමේ කර තිබිණි. රජයට අයත් බවට වැරැදි ආකල්පයක් ගොඩ නැගීම සඳහා එහිදී රාජ්‍ය ලාංඡනය ද යොදා ගැනිණි. ඊට පසු අවුරුද්දේදී තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසම පාඨමාලා සම්පූර්ණ කළ සිසුන් 49 දෙනකුට සහතික නිකුත් කළේය. එහෙත් එම පාඨමාලාවට අදාළව කිනම් විෂය මාලාවක් ආවරණය වූයේ ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවත් එවැනි සහතික ප්‍රදානයකට අවශ්‍ය පාඨමාලා ඇගයුමක් සහ නිර්දේශයක් හා අනුමැතියක් ද නොමැති බවත් ජාතික විගණන කාර්යාලය කියා සිටී. [B][SIZE=6]නීති විරෝධී ලෙස ඉඩම් නිදහස් කිරීම්[/SIZE][/B] අක්කර 35ක් මඩකළපු මණ්ඩපයට භාරදීමට පෙර මහවැලි අධිකාරියේ ප්‍රාදේශීය භෞතික සම්පත් කළමනාකරණ කමිටුවේ අධ්යක්ෂ (ඉඩම් පරිහරණ) වරයාගේ නිර්දේශය ලබා නොමැත. රජයට අයත් ඉඩම් පසුව දීර්ඝ කාලීන බදු ගැනීමක් ලෙස පරිවර්තනය වන ආකාරයෙන් වාර්ෂිකව බදු දීමට නිදහස් කිරීම තහනම්ව තිබියදී මෙම ප්‍රශ්නගත ව්‍යාපෘතියට එම අනුමැතිය දී තිබේ. වාර්ෂික බලපත්‍ර ක්‍රමය මත ඉඩම නිදහස් කර තිබුණ ද මෙම දීර්ඝ කාලීන මහා පරිමාණ ව්‍යාපෘතියට අදාළ ගොඩනැගිලි ඉදිකිරීමට මහවැලි අධිකාරියෙන් සම්බාධක පනවනු ලැබුවේය. පසුව දීර්ඝ කාලීන බදු දීමක් බවට පත්කිරීම රාජ්‍ය ඉඩම් ආඥා පනත හිතාමතාම උල්ලංඝණය කිරීමක් බව ජාතික විගණන කාර්යාලයේ ස්ථාවරය විය. බදු ඔප්පුව 2018 පෙවරවාරි 1 වැනිදා අත්සන් කොට ඇත්තේ ද 2013 ජුලි 12 සිට බලපැවැත්වෙන පරිදි පසු දාතම යොදමිනි. ඉන් ඉඩම් කොටස් 3ක් කුඹුරු ඉඩම් ගණයේ ලා සැලකිය යුතු බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත. ඉන් එකක ඇළක් පවා ඇත. එහෙත් මහවැලියේ ප්‍රාදේශීය නිලධාරීන් ඒවායේ ‘කුඹුරු ඉඩම්’ නමැති වචනය ‘වෙනත්’ යනුවෙන් වෙනස් කොට ඇත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව හරහාය. හීරා පදනමේ වාණිජ ක්‍රියාකාරකම් උදෙසා මේ ආකාරයෙන් සැලැසුම් සහගතව කුඹුරු ඉඩම් මුදාහැර ඇත. ජාතික විගණන අධිකාරිය වෙනත් කාරණා මත ද මහවැලි අධිකාරිය දෝෂ දර්ශනයට ලක්කොට ඇත. ඒ අතර මඩකළපු මණ්ඩපය තමන්ට නිදහස් කර ඇති ඉඩම්වලට අමතරව තවත් අක්කර 9ක් ද නීත්‍යානුකූල නොවන ලෙස අත්පත් කරගෙන ඇත. පරිසරයට ඇතිවන බලපෑම පිළිබඳව කිසිදු ඇගයුම් කිරීමක් සිදු කොට නොමැතිය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙද්දී එය පරීක්ෂා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියට ඇරැයුම් කර ඇත. ආයෝජන මණ්ඩලය ද විවේචනයට ඈඳී තිබේ. හිස්බුල්ලා මහතා මගින් හීරා පදනම වෙනුවෙන් මුලින්ම ඒ වෙත ඉදිරිපත් කළ අයැදුම්පතේ සඳහන් කොට ඇත්තේ යෙදීමට නියමිත විදේශ ආයෝජනය ඇ. ඩො. මිලියන 40.2ක් යනුවෙනි. එහිදී මුදල් යොදන අයගේ නම සඳහන් කොට නැත. මෙම ප්‍රමාණය දෙවැනි අයැදුම්පත ඉදිරිපත් කොට ආයෝජන මණ්ඩල අනුමැතිය ලබන විට ඇ. ඩො. මිලියන 3.2 දක්වා සෑහෙන තරම් පහත වැටී තිබේ. ආයෝජන මණ්ඩල නිලධාරියකු ආයෝජනය ඇගයුම් කොට අනුමැතිය ලබාදීමට නම් ව්‍යාපෘති ඉඩම අවම වශයෙන් අවුරුදු 30ක බද්දට ලබා තිබිය යුතු බව පෙන්වා දුන්නේය. ආයෝජන මණ්ඩලය එම නිර්දේශය නොසලකා හැර මූලික අනුමැතිය දී ඇත්තේ ඉඩම් හිමිකාරිත්වය පැහැදිලි කර දැක්වීමක් නොකරන තත්ත්වයකදීය. ආයෝජන මණ්ඩලය සහ මඩකළපු විශ්වවිද්‍යාලය අතර ගිවිසුම 2016 මැයි 19 අත්සන් කෙරිණි. මහවැලි ඉඩම මෙම ව්‍යාපෘතියට දීර්ඝ කාලීන බද්දට ගෙන ඇත්තේ 2018 පෙබරවාරි 1 වැනිදාය. ආයෝජන මණඩලය මඩකළපුව විශ්වවිද්‍යාලයට සහාය දී ඇත්තේ නීතිමය අයිතියක් සහිත මිනින්දෝරු සැලැස්මක් නැති වාතාවරණයකය. පළාත් පාලන ආයතනයෙන් ගොඩනැගිලි අනුමැතියත් වීථි රේඛා සහතිකයත් ඉඩම් හිමියාගේ කැමැත්තත් නොමැති තත්ත්වයක් තුළ ආයෝජන මණ්ඩලයේ සහාය තවදුරටත් ලැබී තිබේ. ව්‍යාපෘති ශඛ්‍යතාව තීරණය කිරීම උදෙසා ඉහත ලේඛන අත්‍යවශ්‍ය වේ. පරිසර බලපෑමේ වාර්තාවක් ද නොමැත. ආයෝජන මණ්ඩලය තමන්ගේම නීති රීති රෙගුලාසි හා ක්‍රියා පිළිවෙත් ඛණ්ඩනය කොට ඉන් පසු අවස්ථා 143කදී රුපියල් මිලියන 48.51ක් වටිනා භාණ්ඩ මඩකළපු විශ්වවිද්‍යාලයෙන් ආනයනය කරන විටදී බදු සහන ප්රදානය කොට තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී ඇත්තේ ආයෝජන මණ්ඩලයේ පිළිගත් ප්‍රමිතියකට අනුකූල ක්‍රියා පිළිවෙතකට අනුව පූර්ණ අධීක්ෂණයකින් තොරවය. එහෙත් මණ්ඩලය මේ පිළිබඳ කිසිදු විමසා බැලීමක් කර නැත. ජාතික විගණන කාර්යාලය පවසන පරිදි ආයෝජන මුදල ලැබුණේ කාගෙන් ද යන්න ද නොවිමසාය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom