බැදුම්කරේ ප‍්‍රශ්ණයකින් SJB ඇවිලේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැදුම්කර සිද්ධිය පිළිබඳව පක්ෂයේ ස්ථාවරය වෙනස් වී ඇත්දැයි සාමාජිකයකු විසින් මතු කෙරුණු ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී උණුසුම් තත්වයක් ඇති විය.

    එසේ වෙනස් වී නැත්නම් බැඳුම්කර ගනුදෙනුවේ දී වංචාවක් වී නැතැයි කියූ පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළේ කෙසේදැයි එහිදී ප්‍රශ්න කර උණුසුම් තත්ත්වය මතු වී ඇත්තේ මේ අවස්ථාවේදීය.


    එහෙත් පක්ෂයේ නායකයන්ගෙන් මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලැබී නොතිබූ බව පක්ෂ ආරංචි මාර්ග වලින් පැවැසේ.

    මේ අතර පසුගිය ඡන්ද සමයේ දී සුළු පක්ෂවල නායකයන් සමග අවබෝධතා ගිවිසුමක් තිබූ බවට ප්‍රකාශ වීමෙන් ඒ සම්බන්ධයෙන් ද උණුසුම් කතා බහක් ඇති වී යැයි වාර්තා වේ.

    මෙම ගිවිසුම් අත්සන් කිරීම සඳහා පක්ෂයේ තීරණ ගැනීමේ ආයතන වල අනුමැතිය ලබාගෙන නොතිබූ බවත් ප්‍රේමදාස මහතා මැතිවරණ රැලිවලදී කිසිදු ගිවිසුමක් අත්සන් නොකළ බවත් මෙහිදී සඳහන් විය.
     

    Similar threads