බැදුම්කර කොමිසමේ සතියේ හෙලිදරව්ව..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බැදුම්කර කොමිසමේ සතියේ හෙලිදරව්ව..

    රාජ්ය බැංකු පාඩු ලබන්න මුදල් ඇමැති ලංසු තියයි

    බැඳුම්කර කොමිසමේ මේ සතියේ හෙළිදරව්ව



    පසුගිය සතියේදී ද බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය උණුසුම් මුහුණුවරක් ගත්තේය. අර්ජුන මහේන්ද්රන් මහතාගේ සාක්ෂි විභාග කිරීමත් ඉන් පසු හදිසියේම රටේ ප්රධාන රාජ්ය බැංකු තුනේ සභාපතිවරු ඇතුළු එම බැංකුවල ජ්යෙෂ්ඨ නිලධාරීන් කොමිසමට පැමිණ කළ හෙළිදරව්වත් නිසා කාගේත් විශේෂ අවධානය කොමිසම වෙත යොමු විය. රාජ්ය බැංකු සභාපතිවරු කොමිසමට පැමිණ දිවුරුම් පිට සාක්ෂි දෙමින් කීවේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා 2016 වසරේ මාර්තු මාසයේ අවස්ථා දෙකකදී බැඳුම්කර වෙන්දේසි වලදී අඩු පොලියට ලංසු තබන ලෙස මුදල් අමාත්යාංශයට කැඳවා රාජ්ය බැංකුවලට උපදෙස් දුන් බවයි. මේ නිසා රාජ්ය බැංකු වලට අවාසිදායක තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවූ බවද ඔවුහූ කීහ.


    මේ කාරණය මෙන්ම වෙන්දේසි ක්රමයට ගමන් කිරීම සඳහා උපදෙස් දුන්නේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා බව ද හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා කොමිසමේ ප්රශ්න කිරීම් හමුවේ පිළිගත්තේය. මේ සියල්ලම සමාජයේ ප්රබල කතාබහට ලක්ව තිබේ.
    මේ අනුව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කොමිසම හමුවට කැඳවනු ඇති ද යන්නත් සමහරු විමසන කරුණකි. එහෙත් කොමිසම තුළ තවම එවැන්නක් නිල වශයෙන් ප්රකාශයට පත්ව නැත. මේ පසුබිම තුළ ලබන සතියේ සාක්ෂි විභාගයේදී කුමක් සිදුවනු ඇති ද? අර්ජුන මහේන්ද්රන් මහතාගෙන් පසු කොමිසමේ සාක්ෂියට කව්රු කැඳවනු ඇතිද? අර්ජුන් ඇලෝසියස් ගෙන් සාක්ෂි නොගැනීම කොමිසමේ අරමුණු ඉටුකර ගැනීමට කවර ලෙස බලපානු ඇතිද? ඒ සඳහා කොමිසමට ඇත්තේ කවර විසඳුමක් ද? මේ සිද්ධියට සම්බන්ධ හාල්මැස්සන් කොටු වී මහා මෝරුන් බේරෙන තත්ත්වයක් උදාවෙයිද? මේ සියල්ල අද මහජන අවදානයට දැඩිව ලක්ව ඇති කරුණුය. මේ සියල්ල විමසා බලා කොමිසමේ වාර්තාව ගැන පමණක් නොව කොමිසමේ ක්රියාකලාපය ගැන ද අවසානයේ මහජනයා විනිශ්චය කරනු ඇත.


    මේ පසුබිම තුළ කොමිසමේ පසුගිය සතියේ විශේෂ සිදුවීම් කිහිපයක් ගැන අපි අවධානය යොමු කරමු.

    ඔක්තෝබර් 03 වැනි දා ආර්කේ (RK) සහ ඒඑම් (AM) යනුවෙන් හැඳින්වෙන පුද්ගලයන් දෙදෙනකු වෙනුවෙන් ඔවුන්ගෙන් ඉටුකරගත යුතු දේවල් (Things to do) සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්රෂෙරීස් සමාගම විසින් ලිපිගොනු දෙකක් පවත්වාගෙන ගොස් ඇතැයි ජ්යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් මහතා අමතමින් ජනාධිපති බැඳුම්කර කොමිසමේදී ප්රකාශ කළේය.

    අර්ජුන ඇලෝසියස් මහතා සහ ඔහුගේ පුද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් අතර හුවමාරු වී ඇති දුරකථන කෙටි පණිවුඩ මඟින් එය තහවුරු වන බව ද ලිවේරා මහතා කොමිසමට කියා සිටියේය. අදාළ ජංගම දුරකථනවලින් එම දුරකථන කෙටි පණිවුඩ කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති බව ද එම දුරකථන කෙටි පණිවුඩ තහවුරු කෙරෙන ලේඛන ද දප්පුල ද ලිවේරා මහතා විසින් එදින කොමිසමට ඉදිරිපත් කර කොමිසම හමුවේ සලකුණු කළේය.
    මෙම දුරකථන කෙටි පණිවුඩ වලින් කියෑවෙන දේවල් වලින් අර්ජුන මහේන්ද්රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පර්පෙචුවල් ට්රෂෙරීස් සමාගමේ කිසිදු කටයුත්තකට සම්බන්ධව නොවූ බවට කොමිසමට මුලින් දුන් සාක්ෂිවල විශ්වාසනීයභාවය අභියෝගයට ලක්වන බව ද ලිවේරා මහතා කොමිසම හමුවේ කියා සිටියේය. එහෙත් ඒඑම් (AM) හෝ ආර්කේ (RK) යනුවෙන් හැඳින්වෙන්නේ කවුදැයි තමා නොදන්නේ යැයි අර්ජුන මහේන්ද්රන් මහතා විසින් එම දුරකථන කෙටි පණිවුඩ සම්බන්ධයෙන් ඇසූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් කොමිසමට කීවේය.


    ස්ටීව් සැමුවෙල් සහ අර්ජුන ඇලෝසියස් අතර හුවමාරු වී ඇති තවත් දුරකථන කෙටි පණිවුඩයක ඒ මහේන්ද්රන් නම් පුද්ගලයකුගෙන් ඉටුකර ගත යුතු (Things to do) දේවල් සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්රෂෙරීස් සමාගමේ ලිපිගොනුවක් පවත්වාගෙන ගිය බව තහවුරු වන බව දප්පුල ද ලිවේරා මහතා අර්ජුන මහේන්ද්රන් මහතා අමතමින් විමසුවත් මෙහි ඒ. මහේන්ද්රන්' ලෙස හැඳින්වෙන්නේ කවුදැයි තමා නොදන්නා බව අර්ජුන මහේන්ද්රන් මහතා ඊට පිළිතුරු ලෙස කීවේය. මෙහි ඒ. මහේන්ද්රන් ලෙස සඳහන් වන්නේ ඔබ (අර්ජුන මහේන්ද්රන් මහතා) යැයි දප්පුල ද ලිවේරා මහතා විසින් අර්ජුන මහේන්ද්රන් මහතා අමතමින් කී අතර මහේන්ද්රන් මහතා එය ප්රතික්ෂේප කරමින් කීවේ තමා එසේ නොසිතන බවය. තවත් එවැනි දුරකථන කෙටි පණිවුඩයක අර්ජුන එම් (Arjuna M) ලෙස හැඳින්වුණත් ඒ නමින් හැඳින්වෙන්නේ කවුදැයි තමා නොදන්නා බව ද සාක්ෂිකරු කීවේය.

    එම පණිවුඩයේ ආර්කේ (RK) යනුවෙන් හැඳින්වෙන්නේ රවි කරුණානායක නේදැයි ලිවේරා මහතා ඇසූ ප්රශ්නයට පිළිතුරු දෙමින් මහේන්ද්රන් මහතා කීවේ රවි කරුණානායක මහතාව ආර්කේ (RK) යනුවෙන් කිසිවකු හඳුන්වන බව තමා නොදන්නා බවයි. තමා ඔහු (රවි කරුණානායක මහතා) ගැන සඳහන් කරන්නේ රවි කේ (Ravi K ) යනුවෙන් බව ද මහේන්ද්රන් මහතා කීවේය. මහේන්ද්රන් මහතා දුන් එම පිළිතුරට සවන් දුන් දප්පුල ද ලිවේරා මහතා සිනහමුසුව කීවේ රවි කරුණානායක මහතාගේ සාක්ෂි විභාගයේදී රවි කේ (Ravi K) යනුවෙන් ඔහුව (රවි කරුණානායක මහතාව) හඳුන්වන බව කරුණානායක මහතා විසින් ප්රතික්ෂේප කළ බවයි. එසේම අර්ජුන මහේන්ද්රන් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසින් කොමිසම හමුවේ ලේඛන සලකුණු කරන්නේ ඒඑම් (AM) නමින් බව දප්පුල ලිවේරා මහතා අර්ජුන මහේන්ද්රන් මහතා අමතමින් කී විට ඒ බව මහේන්ද්රන් මහතා පිළිගත්තේය. එහෙත් මුලින්ම අර්ජුන මහේන්ද්රන් කොමිසමට කියා සිටියේ ඒඑම් (AM) නමින් තමාව කිසිවකු හඳුන්වන්නේ නැතැයි කියා ය. ස්ටීව් සැමුවෙල් නමැත්තා ගැන තමා කිසිවක් නොදන්නා බව ද අර්ජුන මහේන්ද්රන් මහතා කොමිසමට කීවේය.

    හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ගිය වසරේ (2016) මාර්තු මාසයේ අවස්ථා දෙකකදී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා අඩු පොලී අනුපාත (අඩු ඵලදා අනුපාත) යටතේ ලංසු තබන ලෙස රාජ්ය බැංකු වලට උපදෙස් දුන් බවත් ඒ අනුව ලංසු තැබීමෙන් රටේ ප්රධාන බැංකු තුනටම ඉහළ ලාභ ලැබීමට තිබූ අවස්ථාව අහිමිවී අවාසිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බවත් පසුගිය සැප්තැම්බර් 04 දා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්ෂි දෙමින් මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රටේ ප්රධාන රාජ්ය බැංකු තුනේ සභාපතිවරුන් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීහු හෙළිකර සිටියහ. එසේ (හිටපු) මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ උපදෙස් මත අඩු පොලී අනුපාතවලට ලංසු ඉදිරිපත් නොකළානම් රාජ්ය බැංකුවලට ඉහළ ලාභ ලැබීමට ඉඩ ලැබෙන බවද ඒ අවස්ථාව අහිමිවීමෙන් රාජ්ය බැංකු තුනටම ආවස්ථික අලාභ (Opportunity lost) විඳීමට සිදුවූ බවද එම නිලධාරීහු කොමිසමට කියා සිටියහ.

    මේ අනුව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්රනාන්දු, ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අශ්වින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු එම බැංකුවල ජ්යෙෂ්ඨ නිලධාරීහු ඊයේ ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට පැමිණ හිටපු මුදල් ඇමැතිවරයා රාජ්ය බැංකු සඳහා උපදෙස් දීමට කැඳවා තිබූ රැස්වීම ගැන සාක්ෂි ලබාදීම මුළු රටේම අවධානයට ලක්වූ විශේෂ කරුණක් විය. එය මෙතෙක් හෙළිදරුව් නොවූ අලුත් කරුණකි.

    කොමිසම හමුවේ සාක්ෂි දුන් රාජ්ය බැංකු තුනේම නිලධාරීන් කොමිසමට කීවේ අඩුපොලී අනුපාත යටතේ ලංසු තැබීමට මුදල් ඇමැතිවරයා දෙන ලද උපදෙස් අනුව රාජ්ය බැංකු ක්රියාකළත් ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා රාජ්ය බැංකුවලට ලබාදුන් පොරොන්දු කඩකළ බවයි. එනම් ඇමැතිවරයා පොරොන්දු වූ ඵලදා අනුපාත වලට වඩා වැඩි අනුපාත වලට ද මහ බැංකුව විසින් බැඳුම්කර ලංසු පිළිගෙන තිබූ බව එම රාජ්ය බැංකු නිලධාරියකු කොමිසමට කියා සිටි කාරණයයි. එසේ වූවා නම් මීට වැඩි ලාභ ලැබීමේ අවස්ථාවක් තම බැංකුවට තිබූ බව ද ඔවුහු පෙන්වා දුන් කරුණයි.

    කොමිසම හමුවේ එදින (04 දා) සාක්ෂි දුන් මහජන බැංකුවේ සාමාන්යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා කීවේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සඳහා විශේෂිත පොලී අනුපාත (ඵලදා අනුපාත) ලබාදෙමින් ලංසු ඉදිරිපත් කරන ලෙස රටේ මුදල් ඇමැතිවරයකු විසින් උපදෙස් දුන් ප්රථම අවස්ථාව මෙය බවයි. 2016 මාර්තු 28 සහ 2016 මාර්තු 30 යන දින දෙකේ මුදල් ඇමැතිවරයාගේ සභාපතිත්වයෙන් රාජ්ය බැංකු සඳහා කැඳවා තිබූ මේ රැස්වීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ජ්යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා ද සහභාගිවී සිටි බව මහජන බැංකුවේ සාමාන්යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා හෙළි කළේය.

    ප්රධාන රාජ්ය බැංකු තුනේම සභාපතිවරුන් තිදෙනා සහ මහජන බැංකුවේ සාමාන්යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ භාණ්ඩාගාර අංශයේ උපදේශක සහ එම බැංකුවේ හිටපු නියෝජ්ය සාමාන්යාධිකාරිවරයකු වන පී. ඒ. ලයනල්, ලංකා බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (භාණ්ඩාගාර අංශය) ශාන්ත කුමාර වික්රමාරච්චි, ලංකා බැංකුවේ මහා කළමනාකාර ඩී. එම්. ගුණසේකර සහ ලංකා බැංකුවේ විශ්රාමික නියෝජ්ය සාමාන්යාධිකාරී සරත්චන්ද්ර ජයසූරිය යන ජ්යෙෂ්ඨ රාජ්ය බැංකු නිලධාරීහු ද එදින (04 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ දිවුරුම් පිට සාක්ෂි දෙමින් හිටපු මුදල් ඇමැතිවරයා විසින් රාජ්ය බැංකු සඳහා කැඳවා තිබූ රැස්වීම, එහිදී ඔහු විසින් ලබාදෙන ලද උපදෙස් සහ එම රැස්වීමට සහභාගි වූ නිලධාරීන් පිළිබඳව කොමිසමට කීයා සිටියහ.

    මේ අනුව හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සහ අග්රාමාත්ය ජ්යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් යන මහත්වරුන්ට අමතරව 2016.03.28 දින රැස්වීම සඳහා ශ්රී ලංකා මහ බැංකුවේ නියෝජ්ය අධිපතිවරයකු වූ පී. සමරසිරි මහතා ද සහභාගි වී සිටි බව මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්රනාන්දු මහතා කොමිසමේදී අසන ලද ප්රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය. මෙම රැස්වීමට පී. සමරසිරි මහතා පැමිණ සිටි බව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අශ්වින්ද සිල්වා මහතා රජයේ ජ්යෙෂ්ඨ අධි නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් අසන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් තවදුරටත් තහවුරු කළේය. මේ සාකච්ඡාවට මුදල් අමාත්යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ද එක්ව සිටි බව අශ්වින්ද සිල්වා මහතා කීවේය. ඒ අනුව රාජ්ය බැංකු වලට මේ උපදෙස් ලබාදී ඇත්තේ මේ සියලු දෙනාම දැනුවත්ව බව කොමිසමට ලද සාක්ෂි වලින් කියෑවුණු කරුණුයි.

    Source:http://divaina.com/sunday/index.php/deshapalana2/284-2017-10-07-05-15-65
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අන්තිමට ඉතින් අල්ලන හොරෙකුත් නැ නටපු නැටිල්ලකුත් නැ ..

    හොරු ආයේ අල්ලන්න දේකුත් නැ හොර අගමැතිය තමා පට්ට හොරා උගේ යාළුවා මහේන්ද්‍රන් සහ රවියා ඉත්තෝ විතරයි කියලා හිරිකොතේ වහල්ලු ඇරෙන්න ඕනා ගොනෙකුට තේරෙනවා :angry::cool::P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕකෙ ටව විභාග කොරන්න ඩෙයක් නෑ බන්..
    රවි, මහෙන්ඩ්‍රන්ල ඇලොසියස් ලා ගෝල්ෆේස් එකට ගෙනත් ගල් ගහල මරන්න ඕන ප්‍රශිඩ්ඩියේ...

    නිකන් කිව්වේ එහෙම වෙන්නේ නෑ.එහෙම උනොත් හොදයි :baffled::baffled:
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මරුසිරා;22362415 said:
    අන්තිමට ඉතින් අල්ලන හොරෙකුත් නැ නටපු නැටිල්ලකුත් නැ ..

    හොරු ආයේ අල්ලන්න දේකුත් නැ හොර අගමැතිය තමා පට්ට හොරා උගේ යාළුවා මහේන්ද්‍රන් සහ රවියා ඉත්තෝ විතරයි කියලා හිරිකොතේ වහල්ලු ඇරෙන්න ඕනා ගොනෙකුට තේරෙනවා :angry::cool::P

    ඇත්ත බම්
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඕකෙ ටව විභාග කොරන්න ඩෙයක් නෑ බන්..
    රවි, මහෙන්ඩ්‍රන්ල ඇලොසියස් ලා ගෝල්ෆේස් එකට ගෙනත් ගල් ගහල මරන්න ඕන ප්‍රශිඩ්ඩියේ...

    නිකන් කිව්වේ එහෙම වෙන්නේ නෑ.එහෙම උනොත් හොදයි :baffled::baffled:

    එහෙම තමයි වෙන්න ඔනේ...
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මරුසිරා;22362415 said:
    අන්තිමට ඉතින් අල්ලන හොරෙකුත් නැ නටපු නැටිල්ලකුත් නැ ..

    හොරු ආයේ අල්ලන්න දේකුත් නැ හොර අගමැතිය තමා පට්ට හොරා උගේ යාළුවා මහේන්ද්‍රන් සහ රවියා ඉත්තෝ විතරයි කියලා හිරිකොතේ වහල්ලු ඇරෙන්න ඕනා ගොනෙකුට තේරෙනවා :angry::cool::P

    :yes: Me gana Social media wala yanava madi kiyala mata nam hithenne aye mehema dewal nowenna munva athugala danna ona Site karayoth Shalani tharaka Saitem ussagena duwanava mewa gana dapallako :angry: