Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු

බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු මෙන්න

fShare

* බැඳුම්කර කොමිසමේ නිර්දේශ අපට නොකියා කියන කතාව

bedum2මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී ඉකුත් 30 වැනිදා කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අයුරු. කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද ඊට සහභාගී විය.

මහබැංකුවේ bedumබැඳුම්කර වංචාව පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් එම වංචාව පිළිබඳ සොයාබැලීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලීමක් කළ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පසුගියදා ප්‍රකාශයට පත්වූ එම කොමිසමේ නිර්දේශ තුළින් හෙළිවන මේ මහා වංචාවේ ස්වභාවය පිළිබඳ සිදු කළ විග්රහයකි මේ.

අපේ රටේ ඉතිහාසයේ කොමිෂන් සභා අප්‍රමාණව පිහිටුවා තිබෙනවා. මමත් සහභාගි වුණු ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව, විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව වැනි ඒ සියලුම කොමිෂන් සභා ඇතිකළේ වෙනත් ආණ්ඩු සිදුකළ යම් යම් කටයුතු ගැන සොයා බලන්නයි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සමයේ ඇමැතිවරුන්ට එල්ල වූ අල්ලස් චෝදනා ගැන සොයා බලන්න පත් කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම හැරෙන්නට අපේ රටේ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් තමන්ගේ වැරදි සොයන්න කොමිසමක් පිහිටුවලා නෑ. අපේ රටේ ආණ්ඩුවක් තමන්ගෙම අයගේ වැරදි හොයන්න කොමිෂන් සභාවක් පත් කළ මේ දෙවැනි අවස්ථාව. තමන්ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට එල්ල වූ චෝදනාවට අනුව එය සොයා බැලීමට මේ කොමිෂන් සභාව පිහිටුවීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. එය ඉතිහාසගතවන සිද්ධියක්. දූෂණය පිටුදකින, දූෂණයට එරෙහිවන මේ රටේ සියලුදෙනාගේම ප්‍රණාමය ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුද කළ යුතුයි.

මේ ජනාධිපති කොමිසම සුවිශේෂ වන හේතු කිහිපයක් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ කොමිසමට විගණකාධිපතිවරයෙක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනෙක් පත්කළා. එම විනිසුරුවන් දෙදෙනාම ඉතාමත් දක්ෂ විනිසුරුවන් දෙදෙනෙක්. මා එහි දකින සුවිශේෂත්වය වන්නේ මේ විනිශ්චයකරුවන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ විනිසුරුවන් දෙදෙනෙක් වීම.

මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙන මේ කොමිෂන් සභාවේ නිර්දේශ තුළින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් පිළිබඳ කර ඇති හෙළිදරව්ව අප කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි.

මේ කොමිෂන් සභාව ඇතිකළාට පසු මම කිහිප අවස්ථාවකදීම එම සභාවේ තීරණ සාධාරණ ලෙස විවේචනය කළ කෙනෙක්. අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළ විට කොමිසම ඔහුගේ නීතිඥවරුන්ගේ දේශන පිළිඅරගෙන කොමිසම හමුවේ සාක්ෂි දෙන ලෙස අර්ජුන් ඇලෝසියස්ට බලකිරීමට නොහැකි බව කොමිසම ප්‍රකාශ කරන විට මම එම තීරණය විවේචනය කළා. සාක්ෂි කරුවෙක් කොමිසමට කැඳවූ විට ඔහුගෙන් මූලිකව ප්‍රශ්න අහන්නෙ නීතිපති දෙපාර්තමේන්තුව. කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම සාක්ෂියට කැඳවූවිට ප්‍රශ්න ඇසීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඉඩ නොදී කොමිෂන් සභාව එය බාරගත්තා. අගමැතිවරයා කොමිසමට කැඳවීමට පෙර ප්‍රශ්න අගමැතිවරයාට යෑව්වා. මේවා ගැන මට සාධාරණ විවේචන තිබුණා. එහෙත් දැන් මම හිතනවා කොමිෂන් සභාව ගත් ඒ තීරණ නිවැරදියි කියල. අර්ජුන් ඇලෝසියස් සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහුගේ නීතිඥවරුන් ගෙනා තර්කය ගැන අදටත් මා තුළ ප්‍රශ්නයක් තිබුණත් කොමිසම එදා ඔවුන්ගේ නීති තර්කය ඉවතට දමා සාක්ෂි දෙන ලෙස අර්ජුන් ඇලෝසියස්ට බලකළා නම් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් එයට එරෙහිව රීට් ආඥාවක් ගැනීමේ හැකියාව තිබුණා. ඔහු රීට් ආඥාවක් ගත්තා නම් කොමිසම අක්‍රිය වෙනවා. එබැවින් කොමිසමේ විනිශ්චයකරුවන් දෙදෙනා ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියාකිරීම නිසා කිසිදු නීතිමය බාධාවක් නැතිව කොමිසමේ කටයුතු අවසන් කිරීමට හැකිවුණා.

කොමිසමේ නිර්දේශ තුළින් හෙළිදරව් වෙන මේ බැඳුම්කර වංචාවේ ස්වභාවය අප අවබෝධ කරගත යුතුයි. එක්සත් ජාතික පක්ෂය සමඟ ඉතාමත් සමීප සම්බන්ධයක් ඇති වරක් ජපානයේ තානාපති ධුරය ද දැරූ චාලි මහේන්ද්‍රන්ගේ පුත්‍රයකු වන සිංගප්පූරුවේ පුරවැසිභාවය ඇති අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති තනතුරට පත්වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති තනතුරෙන් ඉවත් වූ පසු එම තනතුරට සුදුස්සෙක් මහ බැංකුව තුළ නොසිටි නිසාද? ඔහු සිංගප්පූරුවේ පුරවැසිභාවය සහිත පුද්ගලයකු වීම එම පත්කිරීමේදී ප්‍රශ්නයක් වූවිට අර්ජුන මහේන්ද්‍රන් කියා සිටියේ තමා ද්විත්ව පුරවැසියකු බවයි. එය සම්පූර්ණ අසත්‍යයක්. සිංගප්පූරුවේ පුරවැසිභාවය සහිත පුද්ගලයකුට වෙනත් කිසිම රටක පුරවැසිභාවයක් දරන්නට බැහැ. සිංගප්පූරුව ද්විත්ව පුරවැසිභාවය පිළිනොගන්නා රටක්. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති තනතුරට පත් වූ පසුත් ඔහු ශ්‍රී ලංකා රජයට පක්ෂපාතීව කටයුතු කරන බවට වන දිවුරුම් ප්‍රකාශය සිදු කළේ නැහැ. ඔහු ඒ දිවුරුම සිදුකළා නම් සිංගප්පූරුවේ පුරවැසිභාවය ඔහුට අහිමි වෙනවා.

යහපාලන ආණ්ඩුවට මේ රටේ ජනතාව ජන්දය දුන්නේ විශාල බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙනයි. කිසිදු රාජ්‍ය නායකයකුට කළ නොහැකි වූ තිස් වසරක යුද්ධය නිමා කළත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යැමට සිදුවුණේ ඔහුගේ පාලන සමයේ පැවති දූෂණය සහ භීෂණය නිසා. එයට සාක්ෂි නැතිමුත් රටේ වැඩිදෙනෙක් එය විශ්වාස කළා. දූෂණය නැති කිරීම සහ දූෂිතයන්ට දඬුවම් දීම තේමා පාඨය කරගත් වර්තමාන ආණ්ඩුවට ජනතාව ඡන්දය දුන්නා. එම ඡන්දයට පෙනී සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා වුණත් එහි ප්‍රධාන නියමුවා රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු අපේ රටේ පෙනී සිටියේ අදූෂිත දේශපාලනඥයෙක් ලෙස 'මිස්ටර් ක්ලීන්' යන අන්වර්ථ නාමයෙන්. ඔහු ලීක්වාන්යු කෙනෙක් ලෙස කටයුතු කර අපේ රට සිංගප්පූරුවක් කරයි යන විශ්වාසය ජනතාව තුළ තිබුණා.

බැඳුම්කර කොමිසමේ නිර්දේශ තුළින් මේ මහා වංචාව හෙළිදරව් කළත් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති තනතුරට පත් වූ හේතුව සොයා බැලිය යුතුයි. මුල්ම බැඳුම්කර වංචාව හෙළි කළේ කෝප් කමිටුවෙන්. ඩිව් ගුණසේකර මහතා කෝප් කමිටු වාර්තාව පිළියෙළ කළ විට සියලුම මන්ත්‍රීවරුන් එයට අත්සන් කර නොතිබූ නිසා එය නිකුත් කළ නොහැකි වුණා. තමා මේ සියල්ල සිදුකළේ අගමැතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් සහ උපදෙස් අනුව යෑයි අර්ජුන මහේන්ද්‍රන් දුන් සාක්ෂිය ඒ වාර්තාවේ ඉතා පැහැදිලිව තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන්ගේ එම සාක්ෂිය සහිත කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම වැළැක්වීමට අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය විශාල ප්රයත්නයක් දැරුවා. එවැන්නක් සිදුකිරීමට ඔවුන්ට තිබූ උවමනාව කුමක්ද? කෙසේ හෝ එම වාර්තාව සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සිදුවුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වුණේ, ජනාධිපති තනතුරට පත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙන්. එය කවර හේතුවක් මත සිදුකළත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඔහු අතින් සිදු වූ වරදක්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා කෝප් වාර්තාව යටගියා.

කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබුණු එම කෝප් වාර්තාවේ පිටපතක් කවරකුගේ හෝ උවමනාවක් මත නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී හෝ අගමැතිවරයා ඉදිරිපත් වී කටයුතු කළා නම් මෙම බිලියන 11 ක වංචාව සිදුවන්නේ නෑ. තමා නියෝගයක් නිකුත් කළ බවට අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට දුන් සාක්ෂිය අසත්‍ය නම් අසත්‍ය ප්‍රකාශයක් කිරීම මත අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරෙන් පහ කිරීමට අගමැතිවරයාට හැකියාව තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කෝප් වාර්තාව සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතාට බාර දුන්නා. එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය බාරව සිටි ඒ මහතා එම කෝප් වාර්තාවට අංකයක් ලබා දී ඒ පිළිබඳ සොයා බැලීමට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනෙකු පත් කළා. ඔවුන් මේ පිළිබඳ විමර්ශන සිදුකරන විට නීතිපතිවරයා එම ලිපිගොනුව ගෙන්වාගෙන ඊට සිවිල් අංකයක් යොදා එය වෙනත් දෙපාර්තමේන්තුවකට යෑව්වා. අපරාධ නඩුවක් ලෙස අංකයක් යොදා විමර්ශන කරමින් තිබූ ලිපිගොනුව නීතිපතිවරයා එයට වෙනත් අංකයක් යොදා එය සිවිල් නඩුවක් බවට පත් කළේ නම් එය කළේ කාගේ බලපෑමකටද යන්න සොයා බැලිය යුතුයි. සුහද ගම්ලත් මහතා කියන දේ ඇත්තද? නීතිපතිවරයා ලිපිගොනුව වෙනස් කළාද? ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු නොවේද? එසේ කළ යුතු වන්නේ මේ බලපෑම් සම්බන්ධයෙන් කොමිෂන් සභාව වක්රකාරව හෝ අගමැතිවරයාට ඇඟිල්ල දිගු කළ නිසයි.

මහ බැංකුව සාමාන්‍යයෙන් පවතින්නේ මුදල් ඇමැතිවරයා යටතේ. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලත් තිබෙන්නේ මුදල් ඇමැතිවරයා යටතේයි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූවාට පසු ඔහු ඒ දෙකම ඔහු යටතට පවරා ගන්නවා. මුලින් සිදුවූ දේ ඔහු හොඳින් දැන සිටියත් ඒ ගැන ඔහු කිසිදු පරීක්ෂණයක් සිදුකරන්නේ නෑ. ඒ පිළිබඳ සොයා බලන්නට එක්සත් ජාතික පක්ෂයට ලැදි නීතිඥවරුන් තිදෙනෙක් පත් කිරීමයි ඔහු කළේ. කිසිවකු සාක්ෂියට කැඳවීමට ඔවුන්ට බලයක් නැති වුවත් ඒ පිළිබඳ පරීක්ෂා කළ ඔවුන්ගේ නිර්දේශය වුණේ සිදුවී ඇති වංචාව පිළිබඳ සොයා බැලීමට නම් වෝහාරික ගිණුම් පරීක්ෂාවක් සිදුකළ යුතු බවයි. වෝහාරික ගිණුම් පරීක්ෂාවක් යනු සාමාන්‍යයෙන් සිදුකරනු ලබන ගිණුම් පරීක්ෂණයකට වඩා පුළුල් විමර්ශනයක් සහිත ගිණුම් පරීක්ෂාවක්. විශාල වංචාවක් සිදුව ඇති බව ඔවුනුත් පිළිගත්තා. අගමැතිවරයා ඔහු පත්කළ නීතිඥවරුන්ගේ එම නිර්දේශ ක්‍රියාත්මක කළෙත් නෑ. එම නිර්දේශවලට සිදුවූ දෙයකුත් නෑ.

ඉන්පසු පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට කොන්ත්‍රාත්කරුවන්ට සහ නොයෙක් යටිතල පහසුකම් සැපයූ අයට ණය වී තිබූ බිලියන 11 ක් ගෙවීමට ඇති බැවින් එම මුදල් සොයාගැනීමට මහ බැංකුවට උපදෙස් දුන් බව කියා සිටියා. පාර්ලිමේන්තුවේ දී ඔහු කළ මේ ප්‍රකාශය සත්‍යයද? අගමැතිවරයාට හෝ මුදල් ඇමැතිවරයාට මහබැංකුවට එවැන්නක් නිර්දේශ කිරීමට බැහැ. අගමැතිවරයා එවැන්නක් සිදුකර ඇත්නම් එය නීති විරෝධියි. මේ පිළිබඳ කොමිසම මහා භාණ්ඩාගාරයෙන් විමසූ විට එහි විශේෂ සාක්ෂිකරුවකු පවසා සිටියේ ඔවුන්ට අවශ්‍යව තිබුණේ බිලියන 1 ක් පමණක් බවයි. එසේනම් සත්‍ය ප්‍රකාශ කරන්නේ කවුරුන්ද යන්න සොයා බැලීමට ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව සෙවීමට කොමිසමක් පත් කිරීමත් සමග ඔහුට විශාල මඩ ප්‍රහාරයක් දියත් වෙනවා. අපරාධයක් සිදු වී ඇති බවට විශාල වංචාවක් සිදුවී ඇති බවට ලැබුණු තොරතුරු මත එය සෙවීමට කොමිසමක් පත් කරන විට එයට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කිරීමේ උවමනාව ඇත්තේ කාටද? එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නින්දිත ලෙස වාග් ප්‍රහාර එල්ල කළේ කාගේ උවමනාවටද? අපක්ෂපාත පරීක්ෂණයක අවශ්‍යතාව ඇත්තේ මෙවැනි දේ පිළිබඳ සොයා බැලීමටයි.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු වන යසන්ත කෝදාගොඩ සහ දප්පුල ලිවේරා මේ ජනාධිපති කොමිෂන් සභාවට පත්වන්නේ ඔවුන් තමන්ට වුවමනා ලෙස හසුරුවන්නට හැකි යෑයි එජාපය කල්පනා කළ නිසා වන්නට පුළුවන්. දප්පුල ලිවේරා මහතා පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයකු වීමත් නිසා එජාපය එසේ කල්පනා කළා විය හැකියි. එහෙත් අපේ රටේ ජාතික වීරයන් නැති මොහොතක මා සිතන්නේ ඔවුන් දෙදෙනා ජාතියට පහළ වූ වීරවරයන් දෙදෙනකු හැටියටයි. ඔවුන් කිසිදු බලපෑමකට යටත් නොවී අභීතව සිය රාජකාරිය අකුරටම ඉටු කර තිබෙනවා.

මෙවැනි මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වූ විට යහපාලන ආණ්ඩු ඇති වෙනත් රටවල නම් එම පුද්ගලයන් තම ධුරවලින් ඉවත් වී ඒ පිළිබඳ සිදුකරන පරීක්ෂණවලට සහාය දෙනවා. අපේ රටේ ජනාධිපතිවරයා එවැනි පුද්ගලයින් ඉවත් කළත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ විශේෂ කාමර හා කාර්යාල ලැබෙනවා. මේවා මෙලෙස සිදුවන්නේ කෙසේද? එසේ කිරීමට කවරෙකුට හෝ ඇති අවශ්‍යතාව කුමක්ද? ස්වාධින පරීක්ෂණයක් තුළින් මේ පිළිබඳ සොයා බැලිය යුතුයි.

කිසියම් අපරාධයක් සිදුවූ බවට ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් ඊට සම්බන්ධ යෑයි සැක සහිත පුද්ගලයින්ගේ පෙර ක්‍රියාකලාප සහ පසු ක්‍රියා කලාප ඇසුරින් ඔවුන් එම අපරාධයට සම්බන්ධද නැද්ද යන්න නිගමනය කරන්නට පුළුවන්. ඒවා හැඳින්වෙන්නේ පරිවේෂණ සාක්ෂි ලෙසිනුයි.

එවැනි සාක්ෂි ගණනාවක් මේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ පිරිස් තුළින් දැකගැනීමට තිබෙනවා. මේවා පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට සහ බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදෙමින් අගමැතිවරයා දැන් කළ යුතු වන්නේ තම තනතුරෙන් ඉල්ලා අස්වී තාවකාලික නායකයකු පත්කිරීමයි.

සාකච්ඡාවකින් සකස් කළේ පාලිත සේනානායක

ඡායාරූපය: ගාමිණී මුණසිංහ

උපුටා ගැනීම දිවයින පුවත්පතිනි

[QUOTE="bravehearts, post: 22699386, member: 513648"] [b]බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු[/b] [SIZE="3"][COLOR="Navy"][B]බැඳුම්කර කොල්ලයේ හෙළි වූ හොරු මෙන්න fShare * බැඳුම්කර කොමිසමේ නිර්දේශ අපට නොකියා කියන කතාව [IMG]http://divaina.com/sunday/images/paper/2018/01/07/SD/bedum2.jpg[/IMG] [IMG]http://divaina.com/sunday/images/paper/2018/01/07/SD/bedum.jpg[/IMG] bedum2මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී ඉකුත් 30 වැනිදා කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අයුරු. කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද ඊට සහභාගී විය. මහබැංකුවේ bedumබැඳුම්කර වංචාව පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් එම වංචාව පිළිබඳ සොයාබැලීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ද ඉල්ලීමක් කළ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පසුගියදා ප්‍රකාශයට පත්වූ එම කොමිසමේ නිර්දේශ තුළින් හෙළිවන මේ මහා වංචාවේ ස්වභාවය පිළිබඳ සිදු කළ විග්රහයකි මේ. අපේ රටේ ඉතිහාසයේ කොමිෂන් සභා අප්‍රමාණව පිහිටුවා තිබෙනවා. මමත් සහභාගි වුණු ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව, විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව වැනි ඒ සියලුම කොමිෂන් සභා ඇතිකළේ වෙනත් ආණ්ඩු සිදුකළ යම් යම් කටයුතු ගැන සොයා බලන්නයි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සමයේ ඇමැතිවරුන්ට එල්ල වූ අල්ලස් චෝදනා ගැන සොයා බලන්න පත් කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම හැරෙන්නට අපේ රටේ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් තමන්ගේ වැරදි සොයන්න කොමිසමක් පිහිටුවලා නෑ. අපේ රටේ ආණ්ඩුවක් තමන්ගෙම අයගේ වැරදි හොයන්න කොමිෂන් සභාවක් පත් කළ මේ දෙවැනි අවස්ථාව. තමන්ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට එල්ල වූ චෝදනාවට අනුව එය සොයා බැලීමට මේ කොමිෂන් සභාව පිහිටුවීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. එය ඉතිහාසගතවන සිද්ධියක්. දූෂණය පිටුදකින, දූෂණයට එරෙහිවන මේ රටේ සියලුදෙනාගේම ප්‍රණාමය ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුද කළ යුතුයි. මේ ජනාධිපති කොමිසම සුවිශේෂ වන හේතු කිහිපයක් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ කොමිසමට විගණකාධිපතිවරයෙක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනෙක් පත්කළා. එම විනිසුරුවන් දෙදෙනාම ඉතාමත් දක්ෂ විනිසුරුවන් දෙදෙනෙක්. මා එහි දකින සුවිශේෂත්වය වන්නේ මේ විනිශ්චයකරුවන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ විනිසුරුවන් දෙදෙනෙක් වීම. මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙන මේ කොමිෂන් සභාවේ නිර්දේශ තුළින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් පිළිබඳ කර ඇති හෙළිදරව්ව අප කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි. මේ කොමිෂන් සභාව ඇතිකළාට පසු මම කිහිප අවස්ථාවකදීම එම සභාවේ තීරණ සාධාරණ ලෙස විවේචනය කළ කෙනෙක්. අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළ විට කොමිසම ඔහුගේ නීතිඥවරුන්ගේ දේශන පිළිඅරගෙන කොමිසම හමුවේ සාක්ෂි දෙන ලෙස අර්ජුන් ඇලෝසියස්ට බලකිරීමට නොහැකි බව කොමිසම ප්‍රකාශ කරන විට මම එම තීරණය විවේචනය කළා. සාක්ෂි කරුවෙක් කොමිසමට කැඳවූ විට ඔහුගෙන් මූලිකව ප්‍රශ්න අහන්නෙ නීතිපති දෙපාර්තමේන්තුව. කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම සාක්ෂියට කැඳවූවිට ප්‍රශ්න ඇසීමට නීතිපති දෙපාර්තමේන්තුවට ඉඩ නොදී කොමිෂන් සභාව එය බාරගත්තා. අගමැතිවරයා කොමිසමට කැඳවීමට පෙර ප්‍රශ්න අගමැතිවරයාට යෑව්වා. මේවා ගැන මට සාධාරණ විවේචන තිබුණා. එහෙත් දැන් මම හිතනවා කොමිෂන් සභාව ගත් ඒ තීරණ නිවැරදියි කියල. අර්ජුන් ඇලෝසියස් සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔහුගේ නීතිඥවරුන් ගෙනා තර්කය ගැන අදටත් මා තුළ ප්‍රශ්නයක් තිබුණත් කොමිසම එදා ඔවුන්ගේ නීති තර්කය ඉවතට දමා සාක්ෂි දෙන ලෙස අර්ජුන් ඇලෝසියස්ට බලකළා නම් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් එයට එරෙහිව රීට් ආඥාවක් ගැනීමේ හැකියාව තිබුණා. ඔහු රීට් ආඥාවක් ගත්තා නම් කොමිසම අක්‍රිය වෙනවා. එබැවින් කොමිසමේ විනිශ්චයකරුවන් දෙදෙනා ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියාකිරීම නිසා කිසිදු නීතිමය බාධාවක් නැතිව කොමිසමේ කටයුතු අවසන් කිරීමට හැකිවුණා. කොමිසමේ නිර්දේශ තුළින් හෙළිදරව් වෙන මේ බැඳුම්කර වංචාවේ ස්වභාවය අප අවබෝධ කරගත යුතුයි. එක්සත් ජාතික පක්ෂය සමඟ ඉතාමත් සමීප සම්බන්ධයක් ඇති වරක් ජපානයේ තානාපති ධුරය ද දැරූ චාලි මහේන්ද්‍රන්ගේ පුත්‍රයකු වන සිංගප්පූරුවේ පුරවැසිභාවය ඇති අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති තනතුරට පත්වන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති තනතුරෙන් ඉවත් වූ පසු එම තනතුරට සුදුස්සෙක් මහ බැංකුව තුළ නොසිටි නිසාද? ඔහු සිංගප්පූරුවේ පුරවැසිභාවය සහිත පුද්ගලයකු වීම එම පත්කිරීමේදී ප්‍රශ්නයක් වූවිට අර්ජුන මහේන්ද්‍රන් කියා සිටියේ තමා ද්විත්ව පුරවැසියකු බවයි. එය සම්පූර්ණ අසත්‍යයක්. සිංගප්පූරුවේ පුරවැසිභාවය සහිත පුද්ගලයකුට වෙනත් කිසිම රටක පුරවැසිභාවයක් දරන්නට බැහැ. සිංගප්පූරුව ද්විත්ව පුරවැසිභාවය පිළිනොගන්නා රටක්. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති තනතුරට පත් වූ පසුත් ඔහු ශ්‍රී ලංකා රජයට පක්ෂපාතීව කටයුතු කරන බවට වන දිවුරුම් ප්‍රකාශය සිදු කළේ නැහැ. ඔහු ඒ දිවුරුම සිදුකළා නම් සිංගප්පූරුවේ පුරවැසිභාවය ඔහුට අහිමි වෙනවා. යහපාලන ආණ්ඩුවට මේ රටේ ජනතාව ජන්දය දුන්නේ විශාල බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙනයි. කිසිදු රාජ්‍ය නායකයකුට කළ නොහැකි වූ තිස් වසරක යුද්ධය නිමා කළත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යැමට සිදුවුණේ ඔහුගේ පාලන සමයේ පැවති දූෂණය සහ භීෂණය නිසා. එයට සාක්ෂි නැතිමුත් රටේ වැඩිදෙනෙක් එය විශ්වාස කළා. දූෂණය නැති කිරීම සහ දූෂිතයන්ට දඬුවම් දීම තේමා පාඨය කරගත් වර්තමාන ආණ්ඩුවට ජනතාව ඡන්දය දුන්නා. එම ඡන්දයට පෙනී සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා වුණත් එහි ප්‍රධාන නියමුවා රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු අපේ රටේ පෙනී සිටියේ අදූෂිත දේශපාලනඥයෙක් ලෙස 'මිස්ටර් ක්ලීන්' යන අන්වර්ථ නාමයෙන්. ඔහු ලීක්වාන්යු කෙනෙක් ලෙස කටයුතු කර අපේ රට සිංගප්පූරුවක් කරයි යන විශ්වාසය ජනතාව තුළ තිබුණා. බැඳුම්කර කොමිසමේ නිර්දේශ තුළින් මේ මහා වංචාව හෙළිදරව් කළත් අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති තනතුරට පත් වූ හේතුව සොයා බැලිය යුතුයි. මුල්ම බැඳුම්කර වංචාව හෙළි කළේ කෝප් කමිටුවෙන්. ඩිව් ගුණසේකර මහතා කෝප් කමිටු වාර්තාව පිළියෙළ කළ විට සියලුම මන්ත්‍රීවරුන් එයට අත්සන් කර නොතිබූ නිසා එය නිකුත් කළ නොහැකි වුණා. තමා මේ සියල්ල සිදුකළේ අගමැතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් සහ උපදෙස් අනුව යෑයි අර්ජුන මහේන්ද්‍රන් දුන් සාක්ෂිය ඒ වාර්තාවේ ඉතා පැහැදිලිව තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන්ගේ එම සාක්ෂිය සහිත කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම වැළැක්වීමට අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය විශාල ප්රයත්නයක් දැරුවා. එවැන්නක් සිදුකිරීමට ඔවුන්ට තිබූ උවමනාව කුමක්ද? කෙසේ හෝ එම වාර්තාව සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සිදුවුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වුණේ, ජනාධිපති තනතුරට පත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙන්. එය කවර හේතුවක් මත සිදුකළත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඔහු අතින් සිදු වූ වරදක්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා කෝප් වාර්තාව යටගියා. කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබුණු එම කෝප් වාර්තාවේ පිටපතක් කවරකුගේ හෝ උවමනාවක් මත නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී හෝ අගමැතිවරයා ඉදිරිපත් වී කටයුතු කළා නම් මෙම බිලියන 11 ක වංචාව සිදුවන්නේ නෑ. තමා නියෝගයක් නිකුත් කළ බවට අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට දුන් සාක්ෂිය අසත්‍ය නම් අසත්‍ය ප්‍රකාශයක් කිරීම මත අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරෙන් පහ කිරීමට අගමැතිවරයාට හැකියාව තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කෝප් වාර්තාව සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතාට බාර දුන්නා. එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය බාරව සිටි ඒ මහතා එම කෝප් වාර්තාවට අංකයක් ලබා දී ඒ පිළිබඳ සොයා බැලීමට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනෙකු පත් කළා. ඔවුන් මේ පිළිබඳ විමර්ශන සිදුකරන විට නීතිපතිවරයා එම ලිපිගොනුව ගෙන්වාගෙන ඊට සිවිල් අංකයක් යොදා එය වෙනත් දෙපාර්තමේන්තුවකට යෑව්වා. අපරාධ නඩුවක් ලෙස අංකයක් යොදා විමර්ශන කරමින් තිබූ ලිපිගොනුව නීතිපතිවරයා එයට වෙනත් අංකයක් යොදා එය සිවිල් නඩුවක් බවට පත් කළේ නම් එය කළේ කාගේ බලපෑමකටද යන්න සොයා බැලිය යුතුයි. සුහද ගම්ලත් මහතා කියන දේ ඇත්තද? නීතිපතිවරයා ලිපිගොනුව වෙනස් කළාද? ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු නොවේද? එසේ කළ යුතු වන්නේ මේ බලපෑම් සම්බන්ධයෙන් කොමිෂන් සභාව වක්රකාරව හෝ අගමැතිවරයාට ඇඟිල්ල දිගු කළ නිසයි. මහ බැංකුව සාමාන්‍යයෙන් පවතින්නේ මුදල් ඇමැතිවරයා යටතේ. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලත් තිබෙන්නේ මුදල් ඇමැතිවරයා යටතේයි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූවාට පසු ඔහු ඒ දෙකම ඔහු යටතට පවරා ගන්නවා. මුලින් සිදුවූ දේ ඔහු හොඳින් දැන සිටියත් ඒ ගැන ඔහු කිසිදු පරීක්ෂණයක් සිදුකරන්නේ නෑ. ඒ පිළිබඳ සොයා බලන්නට එක්සත් ජාතික පක්ෂයට ලැදි නීතිඥවරුන් තිදෙනෙක් පත් කිරීමයි ඔහු කළේ. කිසිවකු සාක්ෂියට කැඳවීමට ඔවුන්ට බලයක් නැති වුවත් ඒ පිළිබඳ පරීක්ෂා කළ ඔවුන්ගේ නිර්දේශය වුණේ සිදුවී ඇති වංචාව පිළිබඳ සොයා බැලීමට නම් වෝහාරික ගිණුම් පරීක්ෂාවක් සිදුකළ යුතු බවයි. වෝහාරික ගිණුම් පරීක්ෂාවක් යනු සාමාන්‍යයෙන් සිදුකරනු ලබන ගිණුම් පරීක්ෂණයකට වඩා පුළුල් විමර්ශනයක් සහිත ගිණුම් පරීක්ෂාවක්. විශාල වංචාවක් සිදුව ඇති බව ඔවුනුත් පිළිගත්තා. අගමැතිවරයා ඔහු පත්කළ නීතිඥවරුන්ගේ එම නිර්දේශ ක්‍රියාත්මක කළෙත් නෑ. එම නිර්දේශවලට සිදුවූ දෙයකුත් නෑ. ඉන්පසු පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට කොන්ත්‍රාත්කරුවන්ට සහ නොයෙක් යටිතල පහසුකම් සැපයූ අයට ණය වී තිබූ බිලියන 11 ක් ගෙවීමට ඇති බැවින් එම මුදල් සොයාගැනීමට මහ බැංකුවට උපදෙස් දුන් බව කියා සිටියා. පාර්ලිමේන්තුවේ දී ඔහු කළ මේ ප්‍රකාශය සත්‍යයද? අගමැතිවරයාට හෝ මුදල් ඇමැතිවරයාට මහබැංකුවට එවැන්නක් නිර්දේශ කිරීමට බැහැ. අගමැතිවරයා එවැන්නක් සිදුකර ඇත්නම් එය නීති විරෝධියි. මේ පිළිබඳ කොමිසම මහා භාණ්ඩාගාරයෙන් විමසූ විට එහි විශේෂ සාක්ෂිකරුවකු පවසා සිටියේ ඔවුන්ට අවශ්‍යව තිබුණේ බිලියන 1 ක් පමණක් බවයි. එසේනම් සත්‍ය ප්‍රකාශ කරන්නේ කවුරුන්ද යන්න සොයා බැලීමට ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතුයි. ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව සෙවීමට කොමිසමක් පත් කිරීමත් සමග ඔහුට විශාල මඩ ප්‍රහාරයක් දියත් වෙනවා. අපරාධයක් සිදු වී ඇති බවට විශාල වංචාවක් සිදුවී ඇති බවට ලැබුණු තොරතුරු මත එය සෙවීමට කොමිසමක් පත් කරන විට එයට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කිරීමේ උවමනාව ඇත්තේ කාටද? එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට නින්දිත ලෙස වාග් ප්‍රහාර එල්ල කළේ කාගේ උවමනාවටද? අපක්ෂපාත පරීක්ෂණයක අවශ්‍යතාව ඇත්තේ මෙවැනි දේ පිළිබඳ සොයා බැලීමටයි. ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු වන යසන්ත කෝදාගොඩ සහ දප්පුල ලිවේරා මේ ජනාධිපති කොමිෂන් සභාවට පත්වන්නේ ඔවුන් තමන්ට වුවමනා ලෙස හසුරුවන්නට හැකි යෑයි එජාපය කල්පනා කළ නිසා වන්නට පුළුවන්. දප්පුල ලිවේරා මහතා පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයකු වීමත් නිසා එජාපය එසේ කල්පනා කළා විය හැකියි. එහෙත් අපේ රටේ ජාතික වීරයන් නැති මොහොතක මා සිතන්නේ ඔවුන් දෙදෙනා ජාතියට පහළ වූ වීරවරයන් දෙදෙනකු හැටියටයි. ඔවුන් කිසිදු බලපෑමකට යටත් නොවී අභීතව සිය රාජකාරිය අකුරටම ඉටු කර තිබෙනවා. මෙවැනි මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වූ විට යහපාලන ආණ්ඩු ඇති වෙනත් රටවල නම් එම පුද්ගලයන් තම ධුරවලින් ඉවත් වී ඒ පිළිබඳ සිදුකරන පරීක්ෂණවලට සහාය දෙනවා. අපේ රටේ ජනාධිපතිවරයා එවැනි පුද්ගලයින් ඉවත් කළත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ විශේෂ කාමර හා කාර්යාල ලැබෙනවා. මේවා මෙලෙස සිදුවන්නේ කෙසේද? එසේ කිරීමට කවරෙකුට හෝ ඇති අවශ්‍යතාව කුමක්ද? ස්වාධින පරීක්ෂණයක් තුළින් මේ පිළිබඳ සොයා බැලිය යුතුයි. කිසියම් අපරාධයක් සිදුවූ බවට ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් ඊට සම්බන්ධ යෑයි සැක සහිත පුද්ගලයින්ගේ පෙර ක්‍රියාකලාප සහ පසු ක්‍රියා කලාප ඇසුරින් ඔවුන් එම අපරාධයට සම්බන්ධද නැද්ද යන්න නිගමනය කරන්නට පුළුවන්. ඒවා හැඳින්වෙන්නේ පරිවේෂණ සාක්ෂි ලෙසිනුයි. එවැනි සාක්ෂි ගණනාවක් මේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ පිරිස් තුළින් දැකගැනීමට තිබෙනවා. මේවා පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට සහ බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදෙමින් අගමැතිවරයා දැන් කළ යුතු වන්නේ තම තනතුරෙන් ඉල්ලා අස්වී තාවකාලික නායකයකු පත්කිරීමයි. සාකච්ඡාවකින් සකස් කළේ පාලිත සේනානායක ඡායාරූපය: ගාමිණී මුණසිංහ උපුටා ගැනීම දිවයින පුවත්පතිනි[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom