Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෑන සමනොළ බෑවුමේ අබ්රහස් ගුහා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෑන සමනොළ බෑවුමේ අබ්රහස් ගුහා

previous

http://www.elakiri.com/forum/showthread.php?p=23390770#post23390770

බෑන සමනොළ බෑවුමේ අබ්රහස් ගුහා

සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්-2

පසුගිය සතියේ අප සංචාරය කළ ඉසව් තුළ සැඟවුණු අබිරහස් තවදුරටත් සැසඳීමේදී ප්‍රේමාලෝක හිමියන් සහ දිවා ගුහාව අතර වැඩි සංවාදයක් ගොඩනැගුණේ සිරිපා රක්ෂිතයේ කට වරද්දා ගැනීම නිසා අත්විඳි ප්‍රායෝගික සත්‍යතාවයන් සමුදායක් සමගිනි. එමනිසාම තවදුරටත් මෙතෙක් හෙළි නොවුණු සමන් දෙවි අඩවියේ අබිරහස් සොයා අපි ගවේෂණය කළෙමු.

යක්ෂණී හිටපු ගල්ලෙන් යනු ප්‍රේමාලෝක හිමියන් වාසය කළ ස්ථානය වූ අතර බුද්ධ පුත්‍රයෙකු වූ එතුමන්ව එතැනින් පලවා හැරීමට අදෘශ්‍යමාන බලවේග කටයුතු කළද එ් කිසිවකුට එය කරගත නොහැකි විය. මෙම ගල්ලෙනට මෙම නම ලැබීමට කතා පුවතක් පවතී. එහි සත්‍යතාවය පිළිබඳ ගමේ පැරැන්නන් අප සමඟ එකඟත්වය පළකළේ ඔවුන්ගේ ජීවිත අත්දැකීමෙනි. සිරිපා රක්ෂිතය ආශ්‍රිතව දිවි ගෙවන ගැමියන් සමන් දෙවි අඩවිය තම හිස් මුදුනේ තබා කටයුතු කරති. එම නිසාම රක්ෂිතයෙන් පිට වුවද එම ගම්දනව් සමන් දෙවි අඩවිය යැයි සැලකේ. එම නිසාම ඔවුන් කුමන කාරණයක් ආරම්භ කිරීමට පෙර වුවද සමන් දෙවියන්ගේ අවසර ලබා ගැනීමක් සිදුකරති.

නිදසුනක් වශයෙන් නව නිවසක් තැනීමට ප්‍රථම තමා නිසැකයෙන්ම නව නිවසක් සාදනවා යැයි නොකියැවේ. ඔවුන් පවසන්ෙන් හැමවිටම නව නිවසක් සෑදීමට උත්සහ කරනවා නැත්නම් ‘බලමුකෝ’ වැනි ලෙසිනි. සිරිපා කඳු මුදුනට යාමේදී පවා ඔවුහු අදටත් අවශ්‍ය වත් පිළිවෙත් නොපිරිහෙලා ඉටුකරති. කිසිවිටකත් සමනොළ ගිර පැය 2න් නගිනවා ලෙස හෝ වදන් නොකියන අතර නිතරම සමන් දෙවි ආශිර්වාදය මැද සාර්ථක වේවා ලෙස පැවසේ. එසේම සිරිපා තරණයේ ගැයෙන යාතිකා, විරිඳු ගායනා කරමින් මහත් ශ්‍රද්ධාවෙන් තම ගමන යති.

එසේම තම දෛනික ජීවනෝපාය සඳහා කිතුල් පැණි හෝ වෙනත් අවශ්‍යතාවලට සමන් දෙවි අඩවියට ඇතුළු වීමට පෙරද වත් පිළිෙවත් ඉටුකර භාරවෙති. එලෙස මීට වසර ගණනාවකට පෙර මල් කපන මිනිසුන් වාසය කළ ගල් ගුහාවක් තිබුණි. එය රජ මාවතේ ගෙත්තම්පානෙන් එහා ධර්මරාජ ගලට ඔබ්බෙන් තිබුණු අතර කැලයට රිංගන මල් කපන මිනිසුන් රාත්‍රිය ගතකිරීමට සහ අවශ්‍ය හකුරු ආදිය සකසා ගැනීමට එම ගුහාව භාවිතා ෙකාට ඇත.

දිනක් පුද්ගලයෙකු තනිවම පැණි දියකරමින් හකුරු සෑදීමේ නිතර වෙමින් හිඳි අතර එසැණින් ගුහාවේ එක් පසෙක සුදු හැඳගත් ගැහැනියක් සහ කුඩා දරුවෙකු ගල් පොත්තක් මත නිදා සිටිනු දැක ඇත.

ඉන් වඩාත් බියට පත්වූ ඔහු ගින්දර මත රත්වෙන පැනි හැළිය භාවිතා කර එතැනින් පැන යාමට ඉටා ගෙන ඇත. එහිදී ඔහු බුර බුරා රත්වෙන පැණි හැලිය අර ගැහැනිය හා දරුවා වෙතට වක්කර පැන ගොස් කෙළින්ම නිවසේ නතර වී තිබුණි. ඔහු සිතුවේ යම් දිෂ්ටියක් වැනි බලවේගයක් කියා බව පවසන ලදී. කෙසේ හෝ පසු දින තවත් ගැමියන් කිහිප දෙනෙකු සමඟ ඔහු එම ගල් ලෙනට ගොස් විපරම් කරන විට දැක ඇත්තේ පැණි හැලී මියගිය කටුස්ෙසක් සහ කටුසු පැටවෙකු පමණි. මෙය අත්භූත සිද්ධියක් බව දැනගත් ඔවුන් පසුව ඉන් ඉවත්ව ඇති අතර පසු කාලීනව එම ගල්ගුහාව ‘යක්ෂණී හිටපු ගල්ලෙන’ ලෙස හඳුවන්නට විය.

සමන් දෙවි අඩවිය සැබැවින්ම ගුප්තය. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් වයස් භේද නොතකා උඩ මළුවට නගින්නේ උත්තම සිරි පතුල දැක ගැනීමටය. නමුත් ඒ කිසිවෙකුත් අවාරේ සිරිපා යාමක් ගැන සිතාවත් නොමැත. එසේම අවාරේ යාම ප්‍රායෝගිකව අනතුරුදායක බව අපි දුටුවෙමු. මන්ද සෑම සවස්වරුවකම පාහේ මහගිරිදඹ ආශ්රිත මීටර 2000ට වැඩි ඉහළ වැහිබර කාල ගුණයෙන් සමන්විතය. හැටන් පාරේ වේවා පලාබද්දල රජමාවතේ වේවා අධික වර්ෂා සහිත කාලයේදී පඩිපෙළ් දිස්වන්නේ දියඇලි විලසිනි. වැසි ජලය මහ පරිමාණයෙන් පඩි දිගේ පහළට ගලායන අතර ප්‍රදේශයට හිරු එළිය වැටෙන්නට නොදී ඝන මීදුමකින් හා අඳුරු වලාකුළු මතින් වෙළාගන්නේ සවස 3 පසුවත්මය.

එලෙස මහ වැස්සට පසුව ගමන් කිරීමේදී දැඩි දුෂ්කරතා ඇතැම් විට ගස් කඩාවැටීම් සිදුවේ. අවාරේ වැස්සට දෝරේ දමන සීත ගඟුල හා අවශේෂ ගංගා සියල්ලම දැඩි ප්රචණ්ඩය. ඉතා කුඩා දිය දහරාවන් පවා අතිශය වේගයෙන් ගලා ගෙන යන අතර ගල් තලාවන් සියල්ල ජලයෙන් වැසී යයි. ඊට හොඳම නිදසුන නම් වාරයේදී ගල්තලාව හොඳ හැටි පෙනෙන එරත්න මගේ ඩයිමන්ඩ් ගල සහ වර්ණගල ඉසව් දිය දහරවල් අවාරේදී ගල් පොත්තක් හෝ නොපෙනෙන ලෙස එකම සුදු යායකින් යුතුව දිය ගලන බැවිණි. එවන් දවසක කැමරාවක් කුඩයක් යටට ගෙන ඡායාරූපයක් ගත නොහැකි තරම් වර්ෂාව, පින්න හා මීදුම් අධිකය. තවද ගල් පෙරළීම් සහ මඩ පස් සේදීමද බහුලව දැක ගත හැක.

බෑන සමනොළ නොහොත් සිරිපා රක්ෂිතයේ පිහිටි උසින් මීටර් 2000ට වැඩි අනෙක් කන්ද නම් ලංකාවේ අතළොස්සක්වත් තරණය කර ෙනාමැති ස්ථානයකි. ඊට හේතුව ළඟාවීමේ අති දුෂ්කරතාව හා පිහිටීමේ දළ බෑවුම සහ සැනෙකින් වෙනස් වන කාලගුණයයි. සිරිපා මළුවට නැගගත් පසු දකුණු දෙසින් කඳු දෙසින් කඳු ගැට 3ක් දැක ගත හැකිය. එය වමේ සිට පිළිවෙළින් බෑන සමනොළ, කෝදරු ගල (කුඩා බෑන සමනොළ) සහ කුණුදිය පර්වතයයි. මේ හැරුණු විට බටහිර හා උතුරු පැතිවලින් පිදුරුතලාගල, සප්තකන්‍ය සහ මහ පිදුරුතලාගල කඳු දැකගත හැකිය.

බෑන සමනොළ පිළිබඳ මා වැඩිදුර තොරතුරු සිරිපාගම අවට මිනිසුන්ගෙන් දැන ගැනීමට ප්‍රථම ගූගල් සිතියම් (Google 3DEarth Maps) ආධාරයෙන් බෑන සමනොළ කන්ද නිරීක්ෂණය කළෙමි. එහිදී බෑන සමනොළ කන්ද දකුණු බෑවුමේ ඉතාමත් දළ බෑවුමක් සමඟ ගල් බිත්ති වෙන්ව ඇති ආකාරය නිරීක්ෂණය කළෙමි. තවදුරටත් ඒ අසල ත්‍රිමාණ රූප විශාලනය කර ලැබීමේදී දුටුවේ, කන්ද මුදුනේ සිට මීටර් ගණනක් පහළට බෑවුම් වූ ගල් බිත්ති දෙකක් මැද විශාල ගුහාවක් ඇති බවයි. ගුහාව තුළ ශාක ව්‍යාප්තියද දැකගත හැකි බවත් ගුහාවට පිවිසීමට කිසිදු සුදුසු ස්ථානයක් බෑවුමෙන් සොයාගත නොහැකි විය. ඊට බැසිය හැකි එකම මාර්ගය නම් බෑන සමනොළ මුදුනේ සිට කඹ ආධාරයෙන් පමණි. ඉහත සිද්ධිය ඒ ආකාරයෙන්ම යසරත්න මාමාද මා හට පැවසුයේ මා පුදුමට පත් කරවමිනි. මන්ද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බෑන සමනොළ මා දුටු ෙද් සැබෑවක් බව මා යසරත්න මාමාට පැවසීමට පෙරම ඔහු විසින් මා හට පැවසූ නිසාය.

දශකයකට ආසන්න කාලයක් තුළ අප විසින් ලංකාවේ කඳු 150කට ආසන්න ප්‍රමාණයක් තරණය කර ඇති අතර ඉන් වඩාත් දුෂ්කරතම කඳු තරණ වූයේ කුණු දිය පර්වතය, පිදුරුතලාගල සහ බෑන සමනොළ වචනයෙන් කිව නොහැකි තරම් කටුක බවක් කාලගුණයේ දුෂ්කර බවක් ඒ තුළ නිරන්නතරයෙන් ගැබ්ව තිබූ හෙයිනි. රජ මාවතේ යන විට කොඩිය කඩේ අම්බලමට පසු අපට කළු ගඟ ආරම්භ වන මුල් දියවර දැක ගත හැකිය.

සැබැවින් මුල් දිය උල්පත ඊට බොහෝ එහයින් පිහිටියද අඩියක් දෙකක් පළල දිය දහර එම ස්ථානයෙන් ගලා යන්නේ එය කළු ගඟේ මුල් දියවර බව පසක් කරමිනි. එම ස්ථානයෙන් දකුණට එනම් නැගෙනහිර දෙසට වනයට රිංගා යන විට අපට කෝඳුරු ගල තරණය කළ හැකිය. පසුව එතැන සිට බෑන සමනොළ යා හැකි නමුත් බෑන සමනොළ තනිව තරණය කිරීමට පමණක් අවශ්‍ය වූ නිසාවෙන් පහසුම මඟ යනු රජ මාවතේ ගෙත්තම් පානට පසු හුමුවූ සීත ගඟුලට පිවිස ඒ දිගේ දිය දහර උඩට ගමන් කොට වන පියසට ගමන් කිරීමයි.

කෙසේ හෝ දිවා ගුහාව පිළිබඳ යම් විපරමක් බෑන සමනොළ බෑවුමේ පිහිටි ගුහාවෙන් එළිවිය හැකි බව අපට සිතුන නමුත් තවමත් කිසිවෙකුත් එහි සංචාරය කර නොමැත. එම නිසා එම උත්සාහ බොහෝ පස්සට යන ලදී. තවද සිරිපා මළුවට පිවිසෙන මාර්ග අතරින් වඩාත් දිගු හා දුෂ්කරතම මාර්ගය වන මුක්කුවත්ත පාර බෑන සමනොළ නැගෙනහිරින් පිහිටා ඇත. එලෙසම පිදුරුතලාගලට උතුරින් දැරණියගල මාර්ගය පිහිටා ඇත. මෙම මාර්ගය දෙකටම බොහෝ දුරක් පැමිණෙන තුරු උඩ මළුව දැකගත නොහැකි අතර අතීතයේ තාක්ෂණික මෙවලම් නොමැතිව ගැමියන් විසින් මෙම මාර්ග සොයා ගත් ආකාරයද පුදුමය දනවන සුලුය.

හපුගස්තැන්න වතුයායේ දෙහෙන කන්ද ග්‍රාමයේ පිහිටි මුක්කුවත්ත කොටියන් වනයට පිවිසෙන්නේ කිලෝමීටර් ගණනක් දිගට පැතිරුණු රතිකන්ද හරහට නැගීමටය. මෙම ඉසව්වට සමනළ කන්ද හෝ ඒ අවට කිසිදු කන්දක් දැකගත නොහැකි මුත් වන පියසක තුරු මුදුන් අතරින් නිලඹර පවා නොපෙනෙන ඉස්ව්වක මෙම මාර්ගය සොයා ගත් ගැමියාට පවා සුදු හැඳ ගත් පුද්ගලයෙකු සිහිනයෙන් දර්ශනය වී මේ මාර්ගය පිළිබඳ ලබා දුන් ඉඟි අනුව ඔහු මෙම මග සොයා ගත් බව ගැමි වහරේ පවතියි.

මුක්කුවත්ත පාර යනු කොටියා බහුලව වාසය කරන මගකි. කොටියා යනු මාංශභක්ෂක සතෙකි. නමුත් සිරිපා වාරයේදී මාර්ග වල තිබෙන කඩවල දල්වන ගිනිමැලයට ආසන්නයට පැමිණ වනයට වී ගිනි තියන තරම් ඌ තුළ හික්මීමක් ඇති බව එම වෙළෙඳුන් පවා පසුගිය වසරවල අත්දැක තිබේ. තවද කාලයක් මුළුල්ලේ වගේම මෙම වසරේත් සුපුරුදු පරිදි දිවියා අසල ගම්මානවලට පැන බල්ලන් හා හරකුන් ඩැහැගෙන ගොස් ඇත. සිරිපාගම ආශ්රිත ගම්වැසියන්ට උගෙන් කරදරයක් නොවුණද වරෙක බැඳ තිබූ හරකෙකුගෙ ගාතයක් පවා කඩාගෙන ගොස් ඇති බව යසරත්න මාමා අපට පැවසීය.

තවද සිරිපා රක්ෂිතයේ වෙසෙන අලි යනු කුඩා කුරු අලි බවට ජනතාව තුළ මතයක් ඇති මුත් එය සත්‍යක් නොවන බව මීට වසර කිහිපයකට පෙර මස්කෙළිය ආසන්නයේ මියගිය අලියෙකුගේ සිරුර සාක්ෂි දැරීය. වන අලි බහුලව ගැවසෙන්නේ දැරණියගල උඩ මාලිබොඩ හා එරත්න ගෙත්තම් පාන මැදගින්න ආදී අම්බලම් ආශ්‍රිතවය. එම ප්‍රදේශ සමතල, බිමක්ව පැවතීමත් ලඳු කැලෑමය පරිසරයක් තිබීමත් නිසා අැතුන්ට එහෙ යාම පහසුය. එබැවින් එම ඉසව් තුළ ඕනෑ තරම් අලි වසුරු දැක ගත හැකිය. අවාරේ යන විට ඇතුන්ගේ කුංචනාදය ඇසීමටත් පුළුවන.

තවද දැරණියගලින් අැරඹෙන උඩ මාලිබොඩ මාර්ගය එරත්න මැණික්හින්න අම්බලම අසලට එනතුරු පවතින කි.මී. 5ක පමණ දුර තුළ අලි බහුලව ගැවසෙන අතර එම මගේ අලි පිටඋලා, දැමූ ස්ථාන, මඩේ එරුනු අලින්ගේ පා සලකුණු, කැඩී ගිය මාර්ග සහ අලි වසුරු දැක ගැනීම සුලභ වේ.

නමුත් වසර ගණනක් ගත වූවද තවමත් කිසිවෙකුටත් එම අලියෙකුගේ රුව ඡායාරූපයකට ගැනීමට නොහැකි වී ඇත. එලෙස අලි දුටු එකම ඡායාරූපය ගනු ලැබුවේ මීට දශකයකටත් එපිටින් සමනල අඩවියේ සිටි වන ජීවී නිලධාරී මහතෙකු පමණි. ඒ විනා අදටත් කිසිවෙකුට අලියෙකු දැක ගැනීමට නොහැකිව පවතියි. සිතියම් වල පරිදි අලි බහුලවම ගැවසෙන්නේ මහ පිදුරුතලාගල හා පිදුරුතලාගල ආශ්‍රිතවය. වන අලින් මියයන විට ඔවුන් ගමන් කරන ස්ථානයක් ඇති බවත් එය අලි සොහොනක් බවට ද සමහරු අතර මත ඇති මුත් මල්කැපීමට යන කිසිවෙකුටත් එලෙස අලි දැකගත නොහැකිව ඇත.

මීට වසර කිහිපයකට පෙර උඩමාලිබොඩ ජීවත් වූ සමනල අඩවිය වෙත පැමිණි ගැමියෙකු කුරුඳු කපා ගැනීමට මලක් කැපීමට එක් දිනක් වනයට රිංඟා ඇත. එලෙස පිටත් වූ ඔහු සාමාන්‍යයෙන් අඳුරු වැටීගෙන එන විට නැවත නිවසට පැමිණෙන නමුත් එදා එලෙස ඔහු ආවේ නැත. එ් වෙනුවට පසුදින සවස් යාමය වන විට ඔහු එරත්න සිට දැරණියගලට බසයෙන් පැමිණ තිබීම කාගේත් පුදුමයට හේතු විය. එහිදී ඔහු පැවසුවේ කැලයේ තිබූ මල් හා කුරුඳු වලට ලොල්ව ගිජු ලෙස ඒවා සොයාගැනීම නිසා ඔහුගේ සිහිකල්පනාව නැතිව ඉබාගාතයේ කැලයේ ඇවිද ගිය බවය. එසේ හෝ එක්තරා පුද්ගලයකු පැමිණ ඔහු හොවාගෙන එරත්න ආසන්නයට පැමිණ එක්වරම අතරුදහන්ව ඇත. පියවි සිහිය පැමිණෙන විට ඔහු සිට ඇත්තේ අඩවි කන්ද ආසන්නයේය. පමණට වඩාදේට ගිජුව සමන් දෙවි අඩවියට පය තැබීම නොහැකි බව ඉන් පැහැදිලිය.

තවද අවාරේ හෝ වාරයේ සිරිපා කරුණා කරන වයස අවුරුදු 70 ඉක්මවූ පිරිස් අද ද දැක ගත හැකිය. එලෙස තම ජීවිතය ගැන නොසිතා කරුණා කිරීමේදී ඇතැම් අය මිය ගොස් තිබුණි. ‘අාඬියා මළ තැන්න’ හා ‘නාකියා මළ තැන්න’ යනු එලෙස නම් ලද ස්ථාන වේ.

තද ලිහිණිහෙළ යනු මාපලාන ඇල්ලේ දියවර බෑන සමනොළ සිට ගලාගෙන යන විශාල අඳුරු නිම්නයකි. ඉතාමත් අපහසුවෙන් මාපලාන ඇල්ල ඉහළට ගොස් දියවර දිගේ යන විට තවත් අපූරු දියඇලි දැක ගැනීමට පුළුවන. අදටත් එම ලිහිණි හෙළ තුළ මිනිස් අැට කටු දැක ගැනීමට හැකිය. මන්ද ලිහිණි හෙළින් ඇඳ වැටුණු සහ සියදිවි හානිකර ගත් පිරිස බහුල බැවින්.

ලිහිණි හෙළ දුර්ගය තුළ ගමන අතිශය දුෂ්කරය. එසේම එම වන පියස අඳුරු සහගතය. දෙපසින්ම රූස්ස ගස් වලින් වට වුණ එම දුර්ගය වන සතුන් අධිකය. සර්පයන් පවා බහුලය. බෑන සමනොළ දකුණු බෑවුම පිහිටි එම ඉසව්වෙන් බෑන සමනොළ හෝ කෝඳුරුගල තරණය කිරීම සිහිනයක් පමණි.

සමනල කන්දේ තවත් දායාදයක් වනුයේ මැණික් ඉල්ලම්ය. නැගෙනහිරට වන්නට ගවරවිල සහ ආශ්රිත තැන්නවල මතු වූ මැණික් ඉල්ලම් ඇත. එලෙසම වේවැල්වත්ත අලුපොළ ආදී ප්‍රෙද්ශවලින් සිරිපා හිමේ රිංගා අනවසර මැණික් ගරන්නවුන් උන්මත්තක භාවයටත් එක එකා මරා ගන්නා තරමට සිහි විකල්ව හැසිරුණු කථා පුවත් ලොවට රහසක් වුවද ඒ ප්‍රදේශ වල ජනයාට නොරහසකි.

අවසන් වශයෙන් නිගමනයට එළඹනුයේ නම් සමන් දෙවි අඩවිය යනු හාස්කම් සහිත ඉතා භක්තියෙන් ගොඩවැදිය යුතු ඉසව්වකි. එ් තුළ තවමත් නොවිසිඳුණු අබිරහසක් සොයා යෑම මාරාන්තික ගමනක් බවටත් එහි දුෂ්කර බව සමන් දෙවි කරුණාවෙන්ම ජයගත යුතු බවත්ය.

සංචාරක සටහන හා ඡායාරූප

ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

[QUOTE="araki, post: 23421323, member: 360239"] [b]බෑන සමනොළ බෑවුමේ අබ්රහස් ගුහා[/b] previous [B][URL="http://www.elakiri.com/forum/showthread.php?p=23390770#post23390770"][SIZE=3]http://www.elakiri.com/forum/showthread.php?p=23390770#post23390770[/SIZE][/URL][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5]බෑන සමනොළ බෑවුමේ අබ්රහස් ගුහා[/SIZE][/B] [COLOR=#ffffff][B][SIZE=5]සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්-2[/SIZE][/B][/COLOR] [SIZE=5][IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_c4e5c630e4.jpg[/IMG][/SIZE] [COLOR=#b22222][B][SIZE=5]පසුගිය සතියේ අප සංචාරය කළ ඉසව් තුළ සැඟවුණු අබිරහස් තවදුරටත් සැසඳීමේදී ප්‍රේමාලෝක හිමියන් සහ දිවා ගුහාව අතර වැඩි සංවාදයක් ගොඩනැගුණේ සිරිපා රක්ෂිතයේ කට වරද්දා ගැනීම නිසා අත්විඳි ප්‍රායෝගික සත්‍යතාවයන් සමුදායක් සමගිනි. එමනිසාම තවදුරටත් මෙතෙක් හෙළි නොවුණු සමන් දෙවි අඩවියේ අබිරහස් සොයා අපි ගවේෂණය කළෙමු. [/SIZE][/B][/COLOR] [SIZE=5]යක්ෂණී හිටපු ගල්ලෙන් යනු ප්‍රේමාලෝක හිමියන් වාසය කළ ස්ථානය වූ අතර බුද්ධ පුත්‍රයෙකු වූ එතුමන්ව එතැනින් පලවා හැරීමට අදෘශ්‍යමාන බලවේග කටයුතු කළද එ් කිසිවකුට එය කරගත නොහැකි විය. මෙම ගල්ලෙනට මෙම නම ලැබීමට කතා පුවතක් පවතී. එහි සත්‍යතාවය පිළිබඳ ගමේ පැරැන්නන් අප සමඟ එකඟත්වය පළකළේ ඔවුන්ගේ ජීවිත අත්දැකීමෙනි. සිරිපා රක්ෂිතය ආශ්‍රිතව දිවි ගෙවන ගැමියන් සමන් දෙවි අඩවිය තම හිස් මුදුනේ තබා කටයුතු කරති. එම නිසාම රක්ෂිතයෙන් පිට වුවද එම ගම්දනව් සමන් දෙවි අඩවිය යැයි සැලකේ. එම නිසාම ඔවුන් කුමන කාරණයක් ආරම්භ කිරීමට පෙර වුවද සමන් දෙවියන්ගේ අවසර ලබා ගැනීමක් සිදුකරති. [/SIZE] [SIZE=5]නිදසුනක් වශයෙන් නව නිවසක් තැනීමට ප්‍රථම තමා නිසැකයෙන්ම නව නිවසක් සාදනවා යැයි නොකියැවේ. ඔවුන් පවසන්ෙන් හැමවිටම නව නිවසක් සෑදීමට උත්සහ කරනවා නැත්නම් ‘බලමුකෝ’ වැනි ලෙසිනි. සිරිපා කඳු මුදුනට යාමේදී පවා ඔවුහු අදටත් අවශ්‍ය වත් පිළිවෙත් නොපිරිහෙලා ඉටුකරති. කිසිවිටකත් සමනොළ ගිර පැය 2න් නගිනවා ලෙස හෝ වදන් නොකියන අතර නිතරම සමන් දෙවි ආශිර්වාදය මැද සාර්ථක වේවා ලෙස පැවසේ. එසේම සිරිපා තරණයේ ගැයෙන යාතිකා, විරිඳු ගායනා කරමින් මහත් ශ්‍රද්ධාවෙන් තම ගමන යති. [/SIZE] [SIZE=5]එසේම තම දෛනික ජීවනෝපාය සඳහා කිතුල් පැණි හෝ වෙනත් අවශ්‍යතාවලට සමන් දෙවි අඩවියට ඇතුළු වීමට පෙරද වත් පිළිෙවත් ඉටුකර භාරවෙති. එලෙස මීට වසර ගණනාවකට පෙර මල් කපන මිනිසුන් වාසය කළ ගල් ගුහාවක් තිබුණි. එය රජ මාවතේ ගෙත්තම්පානෙන් එහා ධර්මරාජ ගලට ඔබ්බෙන් තිබුණු අතර කැලයට රිංගන මල් කපන මිනිසුන් රාත්‍රිය ගතකිරීමට සහ අවශ්‍ය හකුරු ආදිය සකසා ගැනීමට එම ගුහාව භාවිතා ෙකාට ඇත. [/SIZE] [SIZE=5]දිනක් පුද්ගලයෙකු තනිවම පැණි දියකරමින් හකුරු සෑදීමේ නිතර වෙමින් හිඳි අතර එසැණින් ගුහාවේ එක් පසෙක සුදු හැඳගත් ගැහැනියක් සහ කුඩා දරුවෙකු ගල් පොත්තක් මත නිදා සිටිනු දැක ඇත. [/SIZE] [SIZE=5][IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_3d028c5034.jpg[/IMG][/SIZE] [SIZE=5]ඉන් වඩාත් බියට පත්වූ ඔහු ගින්දර මත රත්වෙන පැනි හැළිය භාවිතා කර එතැනින් පැන යාමට ඉටා ගෙන ඇත. එහිදී ඔහු බුර බුරා රත්වෙන පැණි හැලිය අර ගැහැනිය හා දරුවා වෙතට වක්කර පැන ගොස් කෙළින්ම නිවසේ නතර වී තිබුණි. ඔහු සිතුවේ යම් දිෂ්ටියක් වැනි බලවේගයක් කියා බව පවසන ලදී. කෙසේ හෝ පසු දින තවත් ගැමියන් කිහිප දෙනෙකු සමඟ ඔහු එම ගල් ලෙනට ගොස් විපරම් කරන විට දැක ඇත්තේ පැණි හැලී මියගිය කටුස්ෙසක් සහ කටුසු පැටවෙකු පමණි. මෙය අත්භූත සිද්ධියක් බව දැනගත් ඔවුන් පසුව ඉන් ඉවත්ව ඇති අතර පසු කාලීනව එම ගල්ගුහාව ‘යක්ෂණී හිටපු ගල්ලෙන’ ලෙස හඳුවන්නට විය. [/SIZE] [SIZE=5]සමන් දෙවි අඩවිය සැබැවින්ම ගුප්තය. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් වයස් භේද නොතකා උඩ මළුවට නගින්නේ උත්තම සිරි පතුල දැක ගැනීමටය. නමුත් ඒ කිසිවෙකුත් අවාරේ සිරිපා යාමක් ගැන සිතාවත් නොමැත. එසේම අවාරේ යාම ප්‍රායෝගිකව අනතුරුදායක බව අපි දුටුවෙමු. මන්ද සෑම සවස්වරුවකම පාහේ මහගිරිදඹ ආශ්රිත මීටර 2000ට වැඩි ඉහළ වැහිබර කාල ගුණයෙන් සමන්විතය. හැටන් පාරේ වේවා පලාබද්දල රජමාවතේ වේවා අධික වර්ෂා සහිත කාලයේදී පඩිපෙළ් දිස්වන්නේ දියඇලි විලසිනි. වැසි ජලය මහ පරිමාණයෙන් පඩි දිගේ පහළට ගලායන අතර ප්‍රදේශයට හිරු එළිය වැටෙන්නට නොදී ඝන මීදුමකින් හා අඳුරු වලාකුළු මතින් වෙළාගන්නේ සවස 3 පසුවත්මය. [/SIZE] [SIZE=5]එලෙස මහ වැස්සට පසුව ගමන් කිරීමේදී දැඩි දුෂ්කරතා ඇතැම් විට ගස් කඩාවැටීම් සිදුවේ. අවාරේ වැස්සට දෝරේ දමන සීත ගඟුල හා අවශේෂ ගංගා සියල්ලම දැඩි ප්රචණ්ඩය. ඉතා කුඩා දිය දහරාවන් පවා අතිශය වේගයෙන් ගලා ගෙන යන අතර ගල් තලාවන් සියල්ල ජලයෙන් වැසී යයි. ඊට හොඳම නිදසුන නම් වාරයේදී ගල්තලාව හොඳ හැටි පෙනෙන එරත්න මගේ ඩයිමන්ඩ් ගල සහ වර්ණගල ඉසව් දිය දහරවල් අවාරේදී ගල් පොත්තක් හෝ නොපෙනෙන ලෙස එකම සුදු යායකින් යුතුව දිය ගලන බැවිණි. එවන් දවසක කැමරාවක් කුඩයක් යටට ගෙන ඡායාරූපයක් ගත නොහැකි තරම් වර්ෂාව, පින්න හා මීදුම් අධිකය. තවද ගල් පෙරළීම් සහ මඩ පස් සේදීමද බහුලව දැක ගත හැක. [/SIZE] [SIZE=5]බෑන සමනොළ නොහොත් සිරිපා රක්ෂිතයේ පිහිටි උසින් මීටර් 2000ට වැඩි අනෙක් කන්ද නම් ලංකාවේ අතළොස්සක්වත් තරණය කර ෙනාමැති ස්ථානයකි. ඊට හේතුව ළඟාවීමේ අති දුෂ්කරතාව හා පිහිටීමේ දළ බෑවුම සහ සැනෙකින් වෙනස් වන කාලගුණයයි. සිරිපා මළුවට නැගගත් පසු දකුණු දෙසින් කඳු දෙසින් කඳු ගැට 3ක් දැක ගත හැකිය. එය වමේ සිට පිළිවෙළින් බෑන සමනොළ, කෝදරු ගල (කුඩා බෑන සමනොළ) සහ කුණුදිය පර්වතයයි. මේ හැරුණු විට බටහිර හා උතුරු පැතිවලින් පිදුරුතලාගල, සප්තකන්‍ය සහ මහ පිදුරුතලාගල කඳු දැකගත හැකිය. [/SIZE] [SIZE=5][IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_3e9cd46fc7.jpg[/IMG][/SIZE] [SIZE=5]බෑන සමනොළ පිළිබඳ මා වැඩිදුර තොරතුරු සිරිපාගම අවට මිනිසුන්ගෙන් දැන ගැනීමට ප්‍රථම ගූගල් සිතියම් (Google 3DEarth Maps) ආධාරයෙන් බෑන සමනොළ කන්ද නිරීක්ෂණය කළෙමි. එහිදී බෑන සමනොළ කන්ද දකුණු බෑවුමේ ඉතාමත් දළ බෑවුමක් සමඟ ගල් බිත්ති වෙන්ව ඇති ආකාරය නිරීක්ෂණය කළෙමි. තවදුරටත් ඒ අසල ත්‍රිමාණ රූප විශාලනය කර ලැබීමේදී දුටුවේ, කන්ද මුදුනේ සිට මීටර් ගණනක් පහළට බෑවුම් වූ ගල් බිත්ති දෙකක් මැද විශාල ගුහාවක් ඇති බවයි. ගුහාව තුළ ශාක ව්‍යාප්තියද දැකගත හැකි බවත් ගුහාවට පිවිසීමට කිසිදු සුදුසු ස්ථානයක් බෑවුමෙන් සොයාගත නොහැකි විය. ඊට බැසිය හැකි එකම මාර්ගය නම් බෑන සමනොළ මුදුනේ සිට කඹ ආධාරයෙන් පමණි. ඉහත සිද්ධිය ඒ ආකාරයෙන්ම යසරත්න මාමාද මා හට පැවසුයේ මා පුදුමට පත් කරවමිනි. මන්ද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බෑන සමනොළ මා දුටු ෙද් සැබෑවක් බව මා යසරත්න මාමාට පැවසීමට පෙරම ඔහු විසින් මා හට පැවසූ නිසාය. [/SIZE] [SIZE=5]දශකයකට ආසන්න කාලයක් තුළ අප විසින් ලංකාවේ කඳු 150කට ආසන්න ප්‍රමාණයක් තරණය කර ඇති අතර ඉන් වඩාත් දුෂ්කරතම කඳු තරණ වූයේ කුණු දිය පර්වතය, පිදුරුතලාගල සහ බෑන සමනොළ වචනයෙන් කිව නොහැකි තරම් කටුක බවක් කාලගුණයේ දුෂ්කර බවක් ඒ තුළ නිරන්නතරයෙන් ගැබ්ව තිබූ හෙයිනි. රජ මාවතේ යන විට කොඩිය කඩේ අම්බලමට පසු අපට කළු ගඟ ආරම්භ වන මුල් දියවර දැක ගත හැකිය. සැබැවින් මුල් දිය උල්පත ඊට බොහෝ එහයින් පිහිටියද අඩියක් දෙකක් පළල දිය දහර එම ස්ථානයෙන් ගලා යන්නේ එය කළු ගඟේ මුල් දියවර බව පසක් කරමිනි. එම ස්ථානයෙන් දකුණට එනම් නැගෙනහිර දෙසට වනයට රිංගා යන විට අපට කෝඳුරු ගල තරණය කළ හැකිය. පසුව එතැන සිට බෑන සමනොළ යා හැකි නමුත් බෑන සමනොළ තනිව තරණය කිරීමට පමණක් අවශ්‍ය වූ නිසාවෙන් පහසුම මඟ යනු රජ මාවතේ ගෙත්තම් පානට පසු හුමුවූ සීත ගඟුලට පිවිස ඒ දිගේ දිය දහර උඩට ගමන් කොට වන පියසට ගමන් කිරීමයි. [/SIZE] [SIZE=5]කෙසේ හෝ දිවා ගුහාව පිළිබඳ යම් විපරමක් බෑන සමනොළ බෑවුමේ පිහිටි ගුහාවෙන් එළිවිය හැකි බව අපට සිතුන නමුත් තවමත් කිසිවෙකුත් එහි සංචාරය කර නොමැත. එම නිසා එම උත්සාහ බොහෝ පස්සට යන ලදී. තවද සිරිපා මළුවට පිවිසෙන මාර්ග අතරින් වඩාත් දිගු හා දුෂ්කරතම මාර්ගය වන මුක්කුවත්ත පාර බෑන සමනොළ නැගෙනහිරින් පිහිටා ඇත. එලෙසම පිදුරුතලාගලට උතුරින් දැරණියගල මාර්ගය පිහිටා ඇත. මෙම මාර්ගය දෙකටම බොහෝ දුරක් පැමිණෙන තුරු උඩ මළුව දැකගත නොහැකි අතර අතීතයේ තාක්ෂණික මෙවලම් නොමැතිව ගැමියන් විසින් මෙම මාර්ග සොයා ගත් ආකාරයද පුදුමය දනවන සුලුය. [/SIZE] [SIZE=5]හපුගස්තැන්න වතුයායේ දෙහෙන කන්ද ග්‍රාමයේ පිහිටි මුක්කුවත්ත කොටියන් වනයට පිවිසෙන්නේ කිලෝමීටර් ගණනක් දිගට පැතිරුණු රතිකන්ද හරහට නැගීමටය. මෙම ඉසව්වට සමනළ කන්ද හෝ ඒ අවට කිසිදු කන්දක් දැකගත නොහැකි මුත් වන පියසක තුරු මුදුන් අතරින් නිලඹර පවා නොපෙනෙන ඉස්ව්වක මෙම මාර්ගය සොයා ගත් ගැමියාට පවා සුදු හැඳ ගත් පුද්ගලයෙකු සිහිනයෙන් දර්ශනය වී මේ මාර්ගය පිළිබඳ ලබා දුන් ඉඟි අනුව ඔහු මෙම මග සොයා ගත් බව ගැමි වහරේ පවතියි. [/SIZE] [SIZE=5][IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_60efc3c8c1.jpg[/IMG][/SIZE] [SIZE=5]මුක්කුවත්ත පාර යනු කොටියා බහුලව වාසය කරන මගකි. කොටියා යනු මාංශභක්ෂක සතෙකි. නමුත් සිරිපා වාරයේදී මාර්ග වල තිබෙන කඩවල දල්වන ගිනිමැලයට ආසන්නයට පැමිණ වනයට වී ගිනි තියන තරම් ඌ තුළ හික්මීමක් ඇති බව එම වෙළෙඳුන් පවා පසුගිය වසරවල අත්දැක තිබේ. තවද කාලයක් මුළුල්ලේ වගේම මෙම වසරේත් සුපුරුදු පරිදි දිවියා අසල ගම්මානවලට පැන බල්ලන් හා හරකුන් ඩැහැගෙන ගොස් ඇත. සිරිපාගම ආශ්රිත ගම්වැසියන්ට උගෙන් කරදරයක් නොවුණද වරෙක බැඳ තිබූ හරකෙකුගෙ ගාතයක් පවා කඩාගෙන ගොස් ඇති බව යසරත්න මාමා අපට පැවසීය. [/SIZE] [SIZE=5]තවද සිරිපා රක්ෂිතයේ වෙසෙන අලි යනු කුඩා කුරු අලි බවට ජනතාව තුළ මතයක් ඇති මුත් එය සත්‍යක් නොවන බව මීට වසර කිහිපයකට පෙර මස්කෙළිය ආසන්නයේ මියගිය අලියෙකුගේ සිරුර සාක්ෂි දැරීය. වන අලි බහුලව ගැවසෙන්නේ දැරණියගල උඩ මාලිබොඩ හා එරත්න ගෙත්තම් පාන මැදගින්න ආදී අම්බලම් ආශ්‍රිතවය. එම ප්‍රදේශ සමතල, බිමක්ව පැවතීමත් ලඳු කැලෑමය පරිසරයක් තිබීමත් නිසා අැතුන්ට එහෙ යාම පහසුය. එබැවින් එම ඉසව් තුළ ඕනෑ තරම් අලි වසුරු දැක ගත හැකිය. අවාරේ යන විට ඇතුන්ගේ කුංචනාදය ඇසීමටත් පුළුවන. [/SIZE] [SIZE=5]තවද දැරණියගලින් අැරඹෙන උඩ මාලිබොඩ මාර්ගය එරත්න මැණික්හින්න අම්බලම අසලට එනතුරු පවතින කි.මී. 5ක පමණ දුර තුළ අලි බහුලව ගැවසෙන අතර එම මගේ අලි පිටඋලා, දැමූ ස්ථාන, මඩේ එරුනු අලින්ගේ පා සලකුණු, කැඩී ගිය මාර්ග සහ අලි වසුරු දැක ගැනීම සුලභ වේ. [/SIZE] [SIZE=5]නමුත් වසර ගණනක් ගත වූවද තවමත් කිසිවෙකුටත් එම අලියෙකුගේ රුව ඡායාරූපයකට ගැනීමට නොහැකි වී ඇත. එලෙස අලි දුටු එකම ඡායාරූපය ගනු ලැබුවේ මීට දශකයකටත් එපිටින් සමනල අඩවියේ සිටි වන ජීවී නිලධාරී මහතෙකු පමණි. ඒ විනා අදටත් කිසිවෙකුට අලියෙකු දැක ගැනීමට නොහැකිව පවතියි. සිතියම් වල පරිදි අලි බහුලවම ගැවසෙන්නේ මහ පිදුරුතලාගල හා පිදුරුතලාගල ආශ්‍රිතවය. වන අලින් මියයන විට ඔවුන් ගමන් කරන ස්ථානයක් ඇති බවත් එය අලි සොහොනක් බවට ද සමහරු අතර මත ඇති මුත් මල්කැපීමට යන කිසිවෙකුටත් එලෙස අලි දැකගත නොහැකිව ඇත. [/SIZE] [SIZE=5]මීට වසර කිහිපයකට පෙර උඩමාලිබොඩ ජීවත් වූ සමනල අඩවිය වෙත පැමිණි ගැමියෙකු කුරුඳු කපා ගැනීමට මලක් කැපීමට එක් දිනක් වනයට රිංඟා ඇත. එලෙස පිටත් වූ ඔහු සාමාන්‍යයෙන් අඳුරු වැටීගෙන එන විට නැවත නිවසට පැමිණෙන නමුත් එදා එලෙස ඔහු ආවේ නැත. එ් වෙනුවට පසුදින සවස් යාමය වන විට ඔහු එරත්න සිට දැරණියගලට බසයෙන් පැමිණ තිබීම කාගේත් පුදුමයට හේතු විය. එහිදී ඔහු පැවසුවේ කැලයේ තිබූ මල් හා කුරුඳු වලට ලොල්ව ගිජු ලෙස ඒවා සොයාගැනීම නිසා ඔහුගේ සිහිකල්පනාව නැතිව ඉබාගාතයේ කැලයේ ඇවිද ගිය බවය. එසේ හෝ එක්තරා පුද්ගලයකු පැමිණ ඔහු හොවාගෙන එරත්න ආසන්නයට පැමිණ එක්වරම අතරුදහන්ව ඇත. පියවි සිහිය පැමිණෙන විට ඔහු සිට ඇත්තේ අඩවි කන්ද ආසන්නයේය. පමණට වඩාදේට ගිජුව සමන් දෙවි අඩවියට පය තැබීම නොහැකි බව ඉන් පැහැදිලිය. [/SIZE] [SIZE=5]තවද අවාරේ හෝ වාරයේ සිරිපා කරුණා කරන වයස අවුරුදු 70 ඉක්මවූ පිරිස් අද ද දැක ගත හැකිය. එලෙස තම ජීවිතය ගැන නොසිතා කරුණා කිරීමේදී ඇතැම් අය මිය ගොස් තිබුණි. ‘අාඬියා මළ තැන්න’ හා ‘නාකියා මළ තැන්න’ යනු එලෙස නම් ලද ස්ථාන වේ. [/SIZE] [SIZE=5][IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_c2ad9f5324.jpg[/IMG][/SIZE] [SIZE=5]තද ලිහිණිහෙළ යනු මාපලාන ඇල්ලේ දියවර බෑන සමනොළ සිට ගලාගෙන යන විශාල අඳුරු නිම්නයකි. ඉතාමත් අපහසුවෙන් මාපලාන ඇල්ල ඉහළට ගොස් දියවර දිගේ යන විට තවත් අපූරු දියඇලි දැක ගැනීමට පුළුවන. අදටත් එම ලිහිණි හෙළ තුළ මිනිස් අැට කටු දැක ගැනීමට හැකිය. මන්ද ලිහිණි හෙළින් ඇඳ වැටුණු සහ සියදිවි හානිකර ගත් පිරිස බහුල බැවින්. [/SIZE] [SIZE=5]ලිහිණි හෙළ දුර්ගය තුළ ගමන අතිශය දුෂ්කරය. එසේම එම වන පියස අඳුරු සහගතය. දෙපසින්ම රූස්ස ගස් වලින් වට වුණ එම දුර්ගය වන සතුන් අධිකය. සර්පයන් පවා බහුලය. බෑන සමනොළ දකුණු බෑවුම පිහිටි එම ඉසව්වෙන් බෑන සමනොළ හෝ කෝඳුරුගල තරණය කිරීම සිහිනයක් පමණි. [/SIZE] [SIZE=5]සමනල කන්දේ තවත් දායාදයක් වනුයේ මැණික් ඉල්ලම්ය. නැගෙනහිරට වන්නට ගවරවිල සහ ආශ්රිත තැන්නවල මතු වූ මැණික් ඉල්ලම් ඇත. එලෙසම වේවැල්වත්ත අලුපොළ ආදී ප්‍රෙද්ශවලින් සිරිපා හිමේ රිංගා අනවසර මැණික් ගරන්නවුන් උන්මත්තක භාවයටත් එක එකා මරා ගන්නා තරමට සිහි විකල්ව හැසිරුණු කථා පුවත් ලොවට රහසක් වුවද ඒ ප්‍රදේශ වල ජනයාට නොරහසකි. [/SIZE] [SIZE=5]අවසන් වශයෙන් නිගමනයට එළඹනුයේ නම් සමන් දෙවි අඩවිය යනු හාස්කම් සහිත ඉතා භක්තියෙන් ගොඩවැදිය යුතු ඉසව්වකි. එ් තුළ තවමත් නොවිසිඳුණු අබිරහසක් සොයා යෑම මාරාන්තික ගමනක් බවටත් එහි දුෂ්කර බව සමන් දෙවි කරුණාවෙන්ම ජයගත යුතු බවත්ය. [/SIZE] [B][SIZE=5]සංචාරක සටහන හා ඡායාරූප ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom