Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිත්තරය | The Egg - Andy Weir
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ මියයනකොට ගෙදර යමිනුයි හිටියෙ.

ඒක රිය අනතුරක්. ඒ හැටි විශේෂ යමක් නොවුනත් ඒක මාරක අනතුරක්. උඹ මෙහෙට ආවෙ බිරිඳවයි දරුවො දෙන්නෙකුයි තනි කරලා. ඒක වේදනා රහිත මරණයක්. හදිසි ප්‍රතිකාර අංශය උඹව බේරගන්න උපරිමෙන් වෙහෙස වුණත් වැඩක් වුණේ නෑ. මාව විශ්වාස කරපං. උඹේ ඇඟ මුළුමනින්ම කෑලි වෙලයි තිබුණේ. අතෑරල දාලා ආපු එක හොඳයි.

එතකොටයි උඹට මාව මුණගැහුණේ.

"මොකක්ද... මොකක්ද වුණේ?" උඹ ඇහුවා. "මම මේ කොහෙද?"

"උඹ මළා," මම සැණින් කියල දැම්මා. වචන හැංගුවයි කියලා ඵලක් නෑනෙ.

"එතන ට්‍රක් එකක් තිබුණා... ඒ ට්‍රක් එක ඇලේට ගියා..."

"ඔව්" මම කිව්වා.

"මම... මම මැරුනද?"

"ඔව්. ඒත් ඒ ගැන අහිතක් හිතන්නෙපා. හැමෝම මැරෙනවා." මම කිව්වා.

ඔබ වටපිට බැලුවා. එතන තිබුණේ ශුන්‍යත්වයක්. ඔබයි මමයි විතරයි. "මොකක්ද මෙතන?" උඹ ඇහුවා. "මේ පරලොවද?"

"අඩු වැඩි වශයෙන්" මම කිව්වා.

"ඔයා දෙවියන් වහන්සේද?" උඹ ඇසුවා.

"ඔව්" මම කිව්වා. "මම තමා දෙයියා"

"මගෙ ළමයි... මගෙ ගෑනි,"උඹ කිව්වා.

"එයාල ගැන මොකක්ද?"

"එයාල හොඳින් ඉඳීවි නේද?"

"ඒක මම දකින්න කැමති දෙයක්." මම කිව්වා. "උඹ මැරිලත් මූලිකත්වය දෙන්නේ පවුලෙ උදවියටයි. ඒක හොඳ ගුණාංගයක්."

ඔබ මා දිහා බලං හිටියේ මෝහනය වෙලා වගේ. ඔබට අනුවනම් මං දෙයියෙක් නොවෙන්න ඇති. එක්තරා විදිහක නිකම්ම නිකං මිනිහෙක් විතරයි. එහෙමත් නැත්නම් ගෑනියෙක්. සමහරවිට නිලධාරියෙක් වගේ පෙනෙන්න ඇති. මහේශාක්‍ය ගතියකට වඩා ප්‍රාථමික ඉස්කොලෙක ගුරුවරියකගෙ පෙනුමක් විද්‍යාමාන වෙන්න ඇති.

"දුක් වෙන්නෙපා" මම කිව්වා. "උන්ට හරියාවි. දරුවෝ හැමදාටම උඹව මතකේ තියාගනීවි. උන්ට කවදාවත් උඹ එක්ක කාලෙ ගතකරන්න බැරි වුණා. ගෑනිනම් පිටට පේන්න ටිකක් අඬයි. ඒත් හිත ඇතුළෙන් සැහැල්ලු වෙයි. කොහොමත් උඹලෑ කසාදෙ කැඩෙන්න ඔන්න මෙන්නනෙ තිබුණෙ. එයාට හිතට සැහැල්ලුවක් දැනුණත්, පහුවෙනකොට ඒ නිසාම වරදකාරී හැඟීමකුත් දැනෙන්න පටන් ගනී."

"ඔහ් ඉතින් දැන් මොකද වෙන්නෙ? මම යන්නෙ දිව්යයලෝකෙද අපායෙද?" උඹ ඇහුවා.

"දෙකෙන් එකකටවත් නෙවෙයි." මම කිව්වා. "උඹව යළි අවතරණය කරනවා."

"ඇහ්" උඹ කිව්වා. "එහෙනම් හින්දූන් හරි."

"හැම ආගමක්ම එයාලට ආවේණික විදියකට හරි. වරෙන් මා එක්ක ඇවිදින්න." මම කිව්වා.

ශුන්‍යත්වය තුළින් අපි ඇවිදගෙන යන අතරේ උඹ මගෙ පිටිපස්සෙන් ගෑටුවා. "අපි මේ කොහෙද යන්නෙ?"

"විශේෂ තැනකට නෙවෙයි." මම කිව්වා. "ඇවිදින ගමන් කතාකරන එක හොඳයි."

"ඉතින් ඒකෙ ඇති ඵලේ මොකක්ද?" උඹ ඇහුවා. "මම ආයෙ ඉපදුනහම සේරම මතක මැකිල යයි නේ? චූටි බබෙක් විතරයි. මම මේ ජීවිතේ දි අත්වින්ද දේවල්වලින්වත් කරපු දේවල්වලින්වත් වැඩක් වෙන එකක් නෑ."

"එහෙම වෙන්නෑ!" මම කිව්වා. "පහුගිය ආත්ම වලින් ලබපු දැනුම, අත්දැකීම් දැනටමත් උඹ ළඟ තියෙනවා. එකම දේ දැන් ඒ ටික මතක නැති එක විතරයි."

මම එක තැන නතරවෙලා උඹේ උරහිසින් අල්ලා ගත්තා. "උඹේ ආත්මය උඹට හිතාගන්නවත් බැරි තරමට විචිත්රයි, ලස්සනයි වගේම විශාලයි. උඹ කවුද කියන එක ගැන මිනිස් මනස පවා දන්නෙ අංශු මාත්‍රයයි. ඒක හරියට උඹේ ඇඟිල්ල වතුර වීදුරුවකට ඔබලා, ඒකෙ තියෙන වතුර උණු ද සීතල ද කියලා බලනවා වගේ වැඩක්. උඹ උඹේ ආත්මයෙන් පුංචි කොටසක් කඩලා ශරීරයකට දානවා. ආයෙත් උඹ එද්දි එන්නෙ ඒ අත්දැකීම් සේරමත් එක්කයි. උඹ අවුරුදු හතළිස් අටක් තිස්සේ මනුස්සයෙක් වෙලානෙ හිටියේ. ඒ නිසා තවම උඹ යථා තත්ත්වෙට හැඩ ගැහිලා නෑ. අපි තව ටිකක් මෙතනට වෙලා කතා කරකර හිටියොත් උඹට ඒවා එකින් එක මතක් වෙන්න ගනී. ඒත් හැම ජීවිතයක් අවසානෙදිම ඒක කරන එකේ ඇති තේරුමක් නෑ."

"එහෙනම්, කියන්න මම මීට කලින් කී සැරයක් නැවත ඉපදිලා තියෙනවද?"

"ඔහ්, සෑහෙනට. සෑහෙන වතාවක් එක එක විදියේ ජීවිත වලට ගිහින් තියෙනවා." මම කිව්වා. "මේ පාරනම් උඹ ක්‍රිස්තු වර්ෂ 540 අවුරුද්දේ චීන ගොවි කෙල්ලෙක් වේවි."

"ටිකක් ඉන්න, මොකක් කිව්වා?" උඹ වික්කල් ගැහුවා. "ඔයා මාව කාලේ ආපස්සට යවනවද?"

"තාක්ෂණිකව ගත්තොත් ඔව්. උඹ ඔය කියන කාලය තියෙන්නේ උඹේ විශ්වයේ විතරයි. මම මෙහෙ ආවේ ඊට වෙනස් තැනක ඉඳන්."

"ඔයා ආවෙ කොහෙන්ද?" උඹ ඇහුවා.

"අහ් කියන්නම්." මම විස්තර කරන්න ගත්තා. "මම ආවෙ වෙනත් තැනකින්. මීට වෙනස් තැනකින්. මම වගේ තවත් අය ඉන්නවා. මම දන්නවා එතැන මොන වගේද කියලා දැනගන්න උඹ හරි කැමැත්තෙන් ඉන්නේ කියලා. ඒත් අවංකවම කියනවනම් උඹට ඒක තේරුම්ගන්න බෑ."

"ඔහ්" උඹ තරමක් පහුබැස්සා. "ඒත් ඉන්න. මාව මේ විදියට කාලෙන් කාලෙට යළි ඉපැද්දුවොත් මට මාවම හම්බවෙන්නත් පුලුවන්නෙ."

"අනිවාරෙන්. ඒක හැම වෙලේකම වගේ වෙනවා. ඒත් ඒ ජීවිත දෙකම දන්නෙ තම තමන්ගෙ ජීවිතය ගැන විතරයි. එතනින් එහාට සිද්දවෙන දේ ගැන දන්නෙවත් නෑ."

"ඉතින් මේ හැමදේම කරලා ඇති තේරුම මොකක්ද?"

"හැබෑට?" මම ඇහුවා. "හැබෑට උඹ මගෙන් මේ අහන්නෙ ජීවිතේ තේරුම මොකක්ද කියලද? හැබෑටම ඒක ටිකක් ඒකාකීතිකයි නේද?"

"ඇත්තටම ඒක සාධාරණ ප්‍රශ්නයක්" උඹ කියා හිටියා.

මම උඹේ ඇහැට ඇහැ තියාගත්තා. "ජීවිතේ තේරුම වගේම මම මේ මුළු විශ්වයම හැදුවෙත් උඹව පරිණත කරන්නයි."

"ඔයා කියන්නේ ඔයාට උවමනා මනුෂ්‍ය වර්ගයා පරිණත භාවයට පත් කරන්න කියලාද?"

"නෑ. උඹව විතරයි. මම මේ මුළු විශ්වයම හැදුවේ උඹ වෙනුවෙන්. උදාවන හැම ජීවිතයක් ගානේ උඹ දැනුමින් වැඩෙනවා. පරිණත වෙනවා. ක්‍රම ක්‍රමයෙන් බුද්ධිමත් ජීවියෙකු බවට වර්ධනය වෙනවා."

"මම විතරද? එතකොට අනික් අය?"

"වෙන කවුරුවත් නෑ." මම කිව්වා. " මේ විශ්වයේ ඉන්නේ උඹයි, මමයි විතරයි."

උඹ මා දිහා බලන් හිටියේ හිස් වුණු මුහුණකින්. "ඒ වුණාට පෘථිවියෙ මිනිස්සු..."

"ඒ උඹමයි. ඒවා උඹේම අවතාරයන්."

"ටිකක් ඉන්න. මම හැමෝම ද!?"

"දැන් උඹට තේරීගෙන එනවා." මම උඹේ පිටට තට්ටුවක් දමමින් කිව්වා.

"මෙතුවක් කාලෙකට ජීවත් වුණු හැම මිනිහාම මමද?"

"ඒ වගේම ඉදිරියටත් ජීවත් වෙන. ඔව්."

"ඒබ්‍රහම් ලින්කනුත් මම?"

"ඒ වගේම ජෝන් විල්කස් බූතුත් උඹමයි." මම ඒකට එකතුකළා.

"හිට්ලරුත් මම?" උඹ බයාදුවෙන් ඇහුවා.

"ඒ වගේම මිනිහා මරලා දාපු මිලියනාධික ජනතාවත් උඹමයි."

"ජෙසුත් මමයි?"

"ඒ පසුපස ගිය අනුගාමිකයිනුත් උඹමයි."

උඹ නිහැඬියාවක ගිලුණා.

"උඹ යමෙකුට විපතක් කළොත්, උඹ ඒ කරගන්නේ උඹවම විපතේ දා ගැනීමක්. උඹ යමෙකුට දක්වන කරුණාව, උඹටම දක්වාගන්න කරුණාවක්. ඕනෑම මනුෂ්‍යයෙක් අත්දුටු හැම සතුටුදායී වගේම දුක්ඛිත අත්දැකීමක් ම එක්කෝ උඹ විඳලා තියෙනවා. එහෙමත් නැත්තම් විඳින්න තියෙනවා." මම පැහැදිලි කළා.

උඹ සෑහෙන වෙලාවක් කල්පනා කළා.

"ඇයි? ඇයි මේ හැම දෙයක්ම කරන්නේ?" උඹ ඇහුවා.

"ඒ උඹත් කවදා හරි මම වගේ වෙන නිසයි. මොකද උඹේ උරුමය ඒකයි. උඹ මගේ වර්ගයේ කෙනෙක්. උඹ තමයි මගෙ දරුවා."

"වාව්" උඹේ කටින් පිටවුණා. "ඔයා කියන්නේ මමත් දෙවිකෙනෙක් කියලද?"

"නෑ. තවම නෑ. උඹ තවම කළලයක්. උඹ තවම වැඩෙන වයසේ. උඹ උපදින්න සුදුසුකම් ලබන්නේ සෑම මිනුස්සයෙක් විදියටම ජීවත් වෙලා වර්ධනය වුණාට පස්සෙයි."

"එතකොට මේ මුළු මහත් විශ්වයම නිකන්ම නිකන්..."

"බිත්තරයක්." මම උත්තර දුන්නා. "දැන් උඹට ඊළඟ ජීවිතයට යන්න වෙලාව ඇවිල්ලා."

මම උඹ, උඹේ ගමන පිටත් කළා.

The Egg | Andy Weir

Sinhala Translation | Sathya Hettiarachchi

[QUOTE="Hyperx99, post: 26819061, member: 567991"] උඹ මියයනකොට ගෙදර යමිනුයි හිටියෙ. ඒක රිය අනතුරක්. ඒ හැටි විශේෂ යමක් නොවුනත් ඒක මාරක අනතුරක්. උඹ මෙහෙට ආවෙ බිරිඳවයි දරුවො දෙන්නෙකුයි තනි කරලා. ඒක වේදනා රහිත මරණයක්. හදිසි ප්‍රතිකාර අංශය උඹව බේරගන්න උපරිමෙන් වෙහෙස වුණත් වැඩක් වුණේ නෑ. මාව විශ්වාස කරපං. උඹේ ඇඟ මුළුමනින්ම කෑලි වෙලයි තිබුණේ. අතෑරල දාලා ආපු එක හොඳයි. එතකොටයි උඹට මාව මුණගැහුණේ. "මොකක්ද... මොකක්ද වුණේ?" උඹ ඇහුවා. "මම මේ කොහෙද?" "උඹ මළා," මම සැණින් කියල දැම්මා. වචන හැංගුවයි කියලා ඵලක් නෑනෙ. "එතන ට්‍රක් එකක් තිබුණා... ඒ ට්‍රක් එක ඇලේට ගියා..." "ඔව්" මම කිව්වා. "මම... මම මැරුනද?" "ඔව්. ඒත් ඒ ගැන අහිතක් හිතන්නෙපා. හැමෝම මැරෙනවා." මම කිව්වා. ඔබ වටපිට බැලුවා. එතන තිබුණේ ශුන්‍යත්වයක්. ඔබයි මමයි විතරයි. "මොකක්ද මෙතන?" උඹ ඇහුවා. "මේ පරලොවද?" "අඩු වැඩි වශයෙන්" මම කිව්වා. "ඔයා දෙවියන් වහන්සේද?" උඹ ඇසුවා. "ඔව්" මම කිව්වා. "මම තමා දෙයියා" "මගෙ ළමයි... මගෙ ගෑනි,"උඹ කිව්වා. "එයාල ගැන මොකක්ද?" "එයාල හොඳින් ඉඳීවි නේද?" "ඒක මම දකින්න කැමති දෙයක්." මම කිව්වා. "උඹ මැරිලත් මූලිකත්වය දෙන්නේ පවුලෙ උදවියටයි. ඒක හොඳ ගුණාංගයක්." ඔබ මා දිහා බලං හිටියේ මෝහනය වෙලා වගේ. ඔබට අනුවනම් මං දෙයියෙක් නොවෙන්න ඇති. එක්තරා විදිහක නිකම්ම නිකං මිනිහෙක් විතරයි. එහෙමත් නැත්නම් ගෑනියෙක්. සමහරවිට නිලධාරියෙක් වගේ පෙනෙන්න ඇති. මහේශාක්‍ය ගතියකට වඩා ප්‍රාථමික ඉස්කොලෙක ගුරුවරියකගෙ පෙනුමක් විද්‍යාමාන වෙන්න ඇති. "දුක් වෙන්නෙපා" මම කිව්වා. "උන්ට හරියාවි. දරුවෝ හැමදාටම උඹව මතකේ තියාගනීවි. උන්ට කවදාවත් උඹ එක්ක කාලෙ ගතකරන්න බැරි වුණා. ගෑනිනම් පිටට පේන්න ටිකක් අඬයි. ඒත් හිත ඇතුළෙන් සැහැල්ලු වෙයි. කොහොමත් උඹලෑ කසාදෙ කැඩෙන්න ඔන්න මෙන්නනෙ තිබුණෙ. එයාට හිතට සැහැල්ලුවක් දැනුණත්, පහුවෙනකොට ඒ නිසාම වරදකාරී හැඟීමකුත් දැනෙන්න පටන් ගනී." "ඔහ් ඉතින් දැන් මොකද වෙන්නෙ? මම යන්නෙ දිව්යයලෝකෙද අපායෙද?" උඹ ඇහුවා. "දෙකෙන් එකකටවත් නෙවෙයි." මම කිව්වා. "උඹව යළි අවතරණය කරනවා." "ඇහ්" උඹ කිව්වා. "එහෙනම් හින්දූන් හරි." "හැම ආගමක්ම එයාලට ආවේණික විදියකට හරි. වරෙන් මා එක්ක ඇවිදින්න." මම කිව්වා. ශුන්‍යත්වය තුළින් අපි ඇවිදගෙන යන අතරේ උඹ මගෙ පිටිපස්සෙන් ගෑටුවා. "අපි මේ කොහෙද යන්නෙ?" "විශේෂ තැනකට නෙවෙයි." මම කිව්වා. "ඇවිදින ගමන් කතාකරන එක හොඳයි." "ඉතින් ඒකෙ ඇති ඵලේ මොකක්ද?" උඹ ඇහුවා. "මම ආයෙ ඉපදුනහම සේරම මතක මැකිල යයි නේ? චූටි බබෙක් විතරයි. මම මේ ජීවිතේ දි අත්වින්ද දේවල්වලින්වත් කරපු දේවල්වලින්වත් වැඩක් වෙන එකක් නෑ." "එහෙම වෙන්නෑ!" මම කිව්වා. "පහුගිය ආත්ම වලින් ලබපු දැනුම, අත්දැකීම් දැනටමත් උඹ ළඟ තියෙනවා. එකම දේ දැන් ඒ ටික මතක නැති එක විතරයි." මම එක තැන නතරවෙලා උඹේ උරහිසින් අල්ලා ගත්තා. "උඹේ ආත්මය උඹට හිතාගන්නවත් බැරි තරමට විචිත්රයි, ලස්සනයි වගේම විශාලයි. උඹ කවුද කියන එක ගැන මිනිස් මනස පවා දන්නෙ අංශු මාත්‍රයයි. ඒක හරියට උඹේ ඇඟිල්ල වතුර වීදුරුවකට ඔබලා, ඒකෙ තියෙන වතුර උණු ද සීතල ද කියලා බලනවා වගේ වැඩක්. උඹ උඹේ ආත්මයෙන් පුංචි කොටසක් කඩලා ශරීරයකට දානවා. ආයෙත් උඹ එද්දි එන්නෙ ඒ අත්දැකීම් සේරමත් එක්කයි. උඹ අවුරුදු හතළිස් අටක් තිස්සේ මනුස්සයෙක් වෙලානෙ හිටියේ. ඒ නිසා තවම උඹ යථා තත්ත්වෙට හැඩ ගැහිලා නෑ. අපි තව ටිකක් මෙතනට වෙලා කතා කරකර හිටියොත් උඹට ඒවා එකින් එක මතක් වෙන්න ගනී. ඒත් හැම ජීවිතයක් අවසානෙදිම ඒක කරන එකේ ඇති තේරුමක් නෑ." "එහෙනම්, කියන්න මම මීට කලින් කී සැරයක් නැවත ඉපදිලා තියෙනවද?" "ඔහ්, සෑහෙනට. සෑහෙන වතාවක් එක එක විදියේ ජීවිත වලට ගිහින් තියෙනවා." මම කිව්වා. "මේ පාරනම් උඹ ක්‍රිස්තු වර්ෂ 540 අවුරුද්දේ චීන ගොවි කෙල්ලෙක් වේවි." "ටිකක් ඉන්න, මොකක් කිව්වා?" උඹ වික්කල් ගැහුවා. "ඔයා මාව කාලේ ආපස්සට යවනවද?" "තාක්ෂණිකව ගත්තොත් ඔව්. උඹ ඔය කියන කාලය තියෙන්නේ උඹේ විශ්වයේ විතරයි. මම මෙහෙ ආවේ ඊට වෙනස් තැනක ඉඳන්." "ඔයා ආවෙ කොහෙන්ද?" උඹ ඇහුවා. "අහ් කියන්නම්." මම විස්තර කරන්න ගත්තා. "මම ආවෙ වෙනත් තැනකින්. මීට වෙනස් තැනකින්. මම වගේ තවත් අය ඉන්නවා. මම දන්නවා එතැන මොන වගේද කියලා දැනගන්න උඹ හරි කැමැත්තෙන් ඉන්නේ කියලා. ඒත් අවංකවම කියනවනම් උඹට ඒක තේරුම්ගන්න බෑ." "ඔහ්" උඹ තරමක් පහුබැස්සා. "ඒත් ඉන්න. මාව මේ විදියට කාලෙන් කාලෙට යළි ඉපැද්දුවොත් මට මාවම හම්බවෙන්නත් පුලුවන්නෙ." "අනිවාරෙන්. ඒක හැම වෙලේකම වගේ වෙනවා. ඒත් ඒ ජීවිත දෙකම දන්නෙ තම තමන්ගෙ ජීවිතය ගැන විතරයි. එතනින් එහාට සිද්දවෙන දේ ගැන දන්නෙවත් නෑ." "ඉතින් මේ හැමදේම කරලා ඇති තේරුම මොකක්ද?" "හැබෑට?" මම ඇහුවා. "හැබෑට උඹ මගෙන් මේ අහන්නෙ ජීවිතේ තේරුම මොකක්ද කියලද? හැබෑටම ඒක ටිකක් ඒකාකීතිකයි නේද?" "ඇත්තටම ඒක සාධාරණ ප්‍රශ්නයක්" උඹ කියා හිටියා. මම උඹේ ඇහැට ඇහැ තියාගත්තා. "ජීවිතේ තේරුම වගේම මම මේ මුළු විශ්වයම හැදුවෙත් උඹව පරිණත කරන්නයි." "ඔයා කියන්නේ ඔයාට උවමනා මනුෂ්‍ය වර්ගයා පරිණත භාවයට පත් කරන්න කියලාද?" "නෑ. උඹව විතරයි. මම මේ මුළු විශ්වයම හැදුවේ උඹ වෙනුවෙන්. උදාවන හැම ජීවිතයක් ගානේ උඹ දැනුමින් වැඩෙනවා. පරිණත වෙනවා. ක්‍රම ක්‍රමයෙන් බුද්ධිමත් ජීවියෙකු බවට වර්ධනය වෙනවා." "මම විතරද? එතකොට අනික් අය?" "වෙන කවුරුවත් නෑ." මම කිව්වා. " මේ විශ්වයේ ඉන්නේ උඹයි, මමයි විතරයි." උඹ මා දිහා බලන් හිටියේ හිස් වුණු මුහුණකින්. "ඒ වුණාට පෘථිවියෙ මිනිස්සු..." "ඒ උඹමයි. ඒවා උඹේම අවතාරයන්." "ටිකක් ඉන්න. මම හැමෝම ද!?" "දැන් උඹට තේරීගෙන එනවා." මම උඹේ පිටට තට්ටුවක් දමමින් කිව්වා. "මෙතුවක් කාලෙකට ජීවත් වුණු හැම මිනිහාම මමද?" "ඒ වගේම ඉදිරියටත් ජීවත් වෙන. ඔව්." "ඒබ්‍රහම් ලින්කනුත් මම?" "ඒ වගේම ජෝන් විල්කස් බූතුත් උඹමයි." මම ඒකට එකතුකළා. "හිට්ලරුත් මම?" උඹ බයාදුවෙන් ඇහුවා. "ඒ වගේම මිනිහා මරලා දාපු මිලියනාධික ජනතාවත් උඹමයි." "ජෙසුත් මමයි?" "ඒ පසුපස ගිය අනුගාමිකයිනුත් උඹමයි." උඹ නිහැඬියාවක ගිලුණා. "උඹ යමෙකුට විපතක් කළොත්, උඹ ඒ කරගන්නේ උඹවම විපතේ දා ගැනීමක්. උඹ යමෙකුට දක්වන කරුණාව, උඹටම දක්වාගන්න කරුණාවක්. ඕනෑම මනුෂ්‍යයෙක් අත්දුටු හැම සතුටුදායී වගේම දුක්ඛිත අත්දැකීමක් ම එක්කෝ උඹ විඳලා තියෙනවා. එහෙමත් නැත්තම් විඳින්න තියෙනවා." මම පැහැදිලි කළා. උඹ සෑහෙන වෙලාවක් කල්පනා කළා. "ඇයි? ඇයි මේ හැම දෙයක්ම කරන්නේ?" උඹ ඇහුවා. "ඒ උඹත් කවදා හරි මම වගේ වෙන නිසයි. මොකද උඹේ උරුමය ඒකයි. උඹ මගේ වර්ගයේ කෙනෙක්. උඹ තමයි මගෙ දරුවා." "වාව්" උඹේ කටින් පිටවුණා. "ඔයා කියන්නේ මමත් දෙවිකෙනෙක් කියලද?" "නෑ. තවම නෑ. උඹ තවම කළලයක්. උඹ තවම වැඩෙන වයසේ. උඹ උපදින්න සුදුසුකම් ලබන්නේ සෑම මිනුස්සයෙක් විදියටම ජීවත් වෙලා වර්ධනය වුණාට පස්සෙයි." "එතකොට මේ මුළු මහත් විශ්වයම නිකන්ම නිකන්..." "බිත්තරයක්." මම උත්තර දුන්නා. "දැන් උඹට ඊළඟ ජීවිතයට යන්න වෙලාව ඇවිල්ලා." මම උඹ, උඹේ ගමන පිටත් කළා. The Egg | Andy Weir Sinhala Translation | Sathya Hettiarachchi [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom