Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිනර මහේ පුර පසළොස්වක පෝය අදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිනර මහේ පුර පසළොස්වක පෝය අදයි

වස්සාන සමයේ කැපකරු දායක පිරිස වෙතින් සිව් පසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ සසර දුකෙන් වියුක්ත වීමට වෙනදාටත් වඩා තෙළෙස් ධූතාංග පුරන තවත් පොහොය දිනයක් උදා වන්නේ බිනර මහේ පුර පසළොස්වකයි.

බමුණු සමාජයෙන් පීඩනයට අසුවී අසරණවූ වනිතාවගේ ආධ්‍යාත්මයේ අඳුරු දොරගුළු විවර කරවා අරුණැල්ලක් උදා කරවීමට මෙම උත්තරීතර පොහොය දිනය සමත් විය. මේ සඳහා ඇප කැප වූ ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීම සුවිශේෂී ය. එදා කිඹුල්වත්නුවර නිග්‍රෝධාරාමයේ වැඩ විසූ බුදුරදුන්ගේ පාද මූලයේ වැඳ වැටුණු මහා ප්‍රජාපතී ගෝතමිය බුදු සසුනෙහි පැවිදිවීමේ අවසරය තෙවරක්ම ඉල්ලා සිටියාය. එහෙත්, ඒ නොසිඳුනු අධිෂ්ඨානය නැවතත් සාක්ෂාත් කර ගැනීමට සිතූ මහා ප්‍රජාපතී ගෝතමිය සමඟ භද්දවග්ගිය කුමාරවරුන්ගේ පන්සියයක් පමණ බිසෝවරු හිස මුඩු කර කසාවතින් සැරසුණහ.

බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී බුදුරදුන් වැඩ සිටි විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත පැමිණි මෙම කාන්තා පිරිසගේ සියුමැලි පා යුග ගොරහැඬි මඟෙහි වූ ගල් බොරළු මත ගැටී ඉදිමී රුධිරය ගලා හැලිණි. රන් පැහැ සිරුරු මතින් දහදිය ගලා දූවිලි වැදී දුර්වර්ණ විය. මෙසේ යොදුන් පනස් දෙකක්ම අපමණ වෙහෙසෙමින් පා ගමනින් පැමිණි මෙම බිසෝවරු හඬමින් වැළපෙමින් බුදු සසුනෙහි උත්තරීතර පැවිදි බව ඉල්ලමින් බැගෑපත් වූහ. මෙයින් දුකට පත් වූ ආනන්ද තෙරණුවෝ බුද්ධ මාතාව වූ ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම තෙවරක්ම බුදුරදුන්වෙත සැලකර සිටියහ.

සසුන් ගත වන කාන්තාව විදසුන් වඩන්නී නම් ඇයට මාර්ගඵල වෙත එළැඹිය හැකි දැ’ යි අසමින් එසේ නම් භික්ෂුණී ශාසනයට ඉඩ සලසන්නැ’ යි නැවත නැවතත් ඉල්ලා සිටි ආනන්ද තෙරණුවෝ ප්‍රජාපති ගෝතමියගේ මවු ගුණ ගැයූහ. මහා ප්‍රජාපතී ගෝතමිය කුඩා සිදුහත් කුමරාට අහිමි වූ මවු සෙනෙහස බිඳකුඳු අඩු නොකරමින් ලේ කිරි කර පෙවූ ආදරණීය සුළු මෑණියන් වූවාය. ඇය අප්‍රමාණ දීර්ඝ වූ සංසාර ගමනෙහි ද සෙවණැල්ලක් සේ හිඳිමින් සිදුහත් කුමරා ඇති දැඩි කළ ආදරණීය මෑණියන්දෑය. ප්‍රජාපතී ගෝතමියගේ මාතෘ ගුණයටත් ආනන්ද තෙරුන් වහන්සේගේ බලවත් ඉල්ලීමත් සලකා බැලූ බුදු පියාණන් වහන්සේ පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් පිරූ අෂ්ට ගරු ධර්ම පැනවූහ. මේ බව චුල්ලවග්ග පාලියේ භික්ඛුණී කක්ඛන්ධකයෙහි ද සඳහන්ය.

පැනවූ අෂ්ට ගරු ධර්ම දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමින් පිළිගත් මහා ප්‍රජාපතී ගෝතමිය පස්වනක් ප්‍රීතියෙන් පන්සියයක් කාන්තාවන් සමඟ බුදු සසුනෙහි පැවිදි වී උපසම්පදා ලැබීමෙන් භික්ෂුණී ශාසනය ඇරැඹුණේ අද වැනි බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය. පසුකලෙක විදසුන් වඩා රහත් ඵල ලබා ගත් ඇය භික්ෂුණී ශාසනය තවත් බබළවා චිර රාත්‍රඥ භාවයෙන් අග්‍රස්ථානය ද ලැබූ සේක. නන්දකෝවාද සූත්‍රය ශ්‍රවණය කළ අනෙකුත් භික්ෂුණීහු රහත් ඵල ලබා ගත්හ. ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණියන් වහන්සේ නිසා බුදුසසුනට ඇතුළත් වූ බහුතරයක් කාන්තාවන්ට ලැබුණු ආධ්‍යාත්මික සුවය අපමණය. යශෝධරා, උප්පලවණ්ණා, ධම්මදින්නා, පටාචාරා, කිසාගෝතමී, රජ්ජුමාලා වැනි කාන්තාවන් ද පසුකාලීනව පැවිදි වූ සංඝමිත්තා මහ රහත් තෙරණියන් වහන්සේ ද බුදු සසුන බැබළවීමට දැක්වූ මෙහෙවර අති මහත්ය. මෙසේ උදා වූ බිනර මහේ පුර පසළොස්වක පොහොය ලාංකේය බුදු සසුනේ විශේෂ සිදුවීම් රැසකට ද මූලික වී තිබෙයි.

බුදුරදුන්ගේ ලළාට ධාතූන් වහන්සේ නිධන් කර ඇති සේරුවිල මංගල මහා සෑයේ වාර්ෂික පෙරහර පවත්වන්නේද බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

බුදුරදුන්ගෙන් ලබා ගත් කේශ ධාතු නිධන් කරවා තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් ඉදි කළ ගිරිගඬු සෑයෙහි වාර්ෂික පින්කම යෙදී ඇත්තේ ද බිනරපුර පසළොස්වක පොහොය දිනකදී ය.

බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ඉදිවූ ලොවේ ඉපැරැණි ස්මාරකයක් වූ මහියංගණ මහ සෑය මූලික වී වාර්ෂික පවත්වන වැදි පෙරහරින් අසිරිමත් වන්නේ ද බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය.

මෙසේ විශේෂිත වූ බිනර මහේ පුර පසළොස්වක පොහොය සමස්ත වනිතාවගේම හදවතෙහි පර නොවන සේ හැඟුම් මල් පුබුදු කළ බැතිබර දිනයයි. ලොවුතුරා පහන් ටැඹේ ආලෝකයෙන් නිවන් මගට පිවිසෙන විමුක්ති මාර්ගය පෙන්වා දුන් මහා ප්‍රජාපතී ගෝතමියගේ ශ්‍රී නාමයට පූජෝපහාර වශයෙන් අද වැනි පොහොය දිනක කුසල් දම් පුරමින් කෘත ගුණ සැලකීම බෞද්ධ කාන්තාවන්ගේ පරම යුතුකමකි.

සමස්ත සැදැහැති බෞද්ධයා මෙම මාතෘ උදාරත්වයේ විශිෂ්ටත්වය සදා මතකයේ රඳවා ගත යුතුම ය.

තෙරුවන් සරණයි!

[QUOTE="Iron Monger, post: 17107461, member: 349634"] [b]බිනර මහේ පුර පසළොස්වක පෝය අදයි[/b] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/s526x395/10671259_376225289192981_1741588087484266335_n.jpg?oh=189fc5ddf159080d14c9e55f7cbc2758&oe=54910461&__gda__=1418475071_58d4616617fca12cdf3395edb16d74de[/IMG] [SIZE=5] වස්සාන සමයේ කැපකරු දායක පිරිස වෙතින් සිව් පසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ සසර දුකෙන් වියුක්ත වීමට වෙනදාටත් වඩා තෙළෙස් ධූතාංග පුරන තවත් පොහොය දිනයක් උදා වන්නේ බිනර මහේ පුර පසළොස්වකයි. බමුණු සමාජයෙන් පීඩනයට අසුවී අසරණවූ වනිතාවගේ ආධ්‍යාත්මයේ අඳුරු දොරගුළු විවර කරවා අරුණැල්ලක් උදා කරවීමට මෙම උත්තරීතර පොහොය දිනය සමත් විය. මේ සඳහා ඇප කැප වූ ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේගෙන් කළ ඉල්ලීම සුවිශේෂී ය. එදා කිඹුල්වත්නුවර නිග්‍රෝධාරාමයේ වැඩ විසූ බුදුරදුන්ගේ පාද මූලයේ වැඳ වැටුණු මහා ප්‍රජාපතී ගෝතමිය බුදු සසුනෙහි පැවිදිවීමේ අවසරය තෙවරක්ම ඉල්ලා සිටියාය. එහෙත්, ඒ නොසිඳුනු අධිෂ්ඨානය නැවතත් සාක්ෂාත් කර ගැනීමට සිතූ මහා ප්‍රජාපතී ගෝතමිය සමඟ භද්දවග්ගිය කුමාරවරුන්ගේ පන්සියයක් පමණ බිසෝවරු හිස මුඩු කර කසාවතින් සැරසුණහ. බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ දී බුදුරදුන් වැඩ සිටි විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත පැමිණි මෙම කාන්තා පිරිසගේ සියුමැලි පා යුග ගොරහැඬි මඟෙහි වූ ගල් බොරළු මත ගැටී ඉදිමී රුධිරය ගලා හැලිණි. රන් පැහැ සිරුරු මතින් දහදිය ගලා දූවිලි වැදී දුර්වර්ණ විය. මෙසේ යොදුන් පනස් දෙකක්ම අපමණ වෙහෙසෙමින් පා ගමනින් පැමිණි මෙම බිසෝවරු හඬමින් වැළපෙමින් බුදු සසුනෙහි උත්තරීතර පැවිදි බව ඉල්ලමින් බැගෑපත් වූහ. මෙයින් දුකට පත් වූ ආනන්ද තෙරණුවෝ බුද්ධ මාතාව වූ ප්‍රජාපතී ගෝතමියගේ ඉල්ලීම තෙවරක්ම බුදුරදුන්වෙත සැලකර සිටියහ. සසුන් ගත වන කාන්තාව විදසුන් වඩන්නී නම් ඇයට මාර්ගඵල වෙත එළැඹිය හැකි දැ’ යි අසමින් එසේ නම් භික්ෂුණී ශාසනයට ඉඩ සලසන්නැ’ යි නැවත නැවතත් ඉල්ලා සිටි ආනන්ද තෙරණුවෝ ප්‍රජාපති ගෝතමියගේ මවු ගුණ ගැයූහ. මහා ප්‍රජාපතී ගෝතමිය කුඩා සිදුහත් කුමරාට අහිමි වූ මවු සෙනෙහස බිඳකුඳු අඩු නොකරමින් ලේ කිරි කර පෙවූ ආදරණීය සුළු මෑණියන් වූවාය. ඇය අප්‍රමාණ දීර්ඝ වූ සංසාර ගමනෙහි ද සෙවණැල්ලක් සේ හිඳිමින් සිදුහත් කුමරා ඇති දැඩි කළ ආදරණීය මෑණියන්දෑය. ප්‍රජාපතී ගෝතමියගේ මාතෘ ගුණයටත් ආනන්ද තෙරුන් වහන්සේගේ බලවත් ඉල්ලීමත් සලකා බැලූ බුදු පියාණන් වහන්සේ පෙර බුදුවරයන් ගේ ශ්‍රාවිකාවන් පිරූ අෂ්ට ගරු ධර්ම පැනවූහ. මේ බව චුල්ලවග්ග පාලියේ භික්ඛුණී කක්ඛන්ධකයෙහි ද සඳහන්ය. පැනවූ අෂ්ට ගරු ධර්ම දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කරමින් පිළිගත් මහා ප්‍රජාපතී ගෝතමිය පස්වනක් ප්‍රීතියෙන් පන්සියයක් කාන්තාවන් සමඟ බුදු සසුනෙහි පැවිදි වී උපසම්පදා ලැබීමෙන් භික්ෂුණී ශාසනය ඇරැඹුණේ අද වැනි බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය. පසුකලෙක විදසුන් වඩා රහත් ඵල ලබා ගත් ඇය භික්ෂුණී ශාසනය තවත් බබළවා චිර රාත්‍රඥ භාවයෙන් අග්‍රස්ථානය ද ලැබූ සේක. නන්දකෝවාද සූත්‍රය ශ්‍රවණය කළ අනෙකුත් භික්ෂුණීහු රහත් ඵල ලබා ගත්හ. ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණියන් වහන්සේ නිසා බුදුසසුනට ඇතුළත් වූ බහුතරයක් කාන්තාවන්ට ලැබුණු ආධ්‍යාත්මික සුවය අපමණය. යශෝධරා, උප්පලවණ්ණා, ධම්මදින්නා, පටාචාරා, කිසාගෝතමී, රජ්ජුමාලා වැනි කාන්තාවන් ද පසුකාලීනව පැවිදි වූ සංඝමිත්තා මහ රහත් තෙරණියන් වහන්සේ ද බුදු සසුන බැබළවීමට දැක්වූ මෙහෙවර අති මහත්ය. මෙසේ උදා වූ බිනර මහේ පුර පසළොස්වක පොහොය ලාංකේය බුදු සසුනේ විශේෂ සිදුවීම් රැසකට ද මූලික වී තිබෙයි. බුදුරදුන්ගේ ලළාට ධාතූන් වහන්සේ නිධන් කර ඇති සේරුවිල මංගල මහා සෑයේ වාර්ෂික පෙරහර පවත්වන්නේද බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය. බුදුරදුන්ගෙන් ලබා ගත් කේශ ධාතු නිධන් කරවා තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන් ඉදි කළ ගිරිගඬු සෑයෙහි වාර්ෂික පින්කම යෙදී ඇත්තේ ද බිනරපුර පසළොස්වක පොහොය දිනකදී ය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ඉදිවූ ලොවේ ඉපැරැණි ස්මාරකයක් වූ මහියංගණ මහ සෑය මූලික වී වාර්ෂික පවත්වන වැදි පෙරහරින් අසිරිමත් වන්නේ ද බිනර මහේ පුර පසළොස්වක පොහොය දිනකදී ය. මෙසේ විශේෂිත වූ බිනර මහේ පුර පසළොස්වක පොහොය සමස්ත වනිතාවගේම හදවතෙහි පර නොවන සේ හැඟුම් මල් පුබුදු කළ බැතිබර දිනයයි. ලොවුතුරා පහන් ටැඹේ ආලෝකයෙන් නිවන් මගට පිවිසෙන විමුක්ති මාර්ගය පෙන්වා දුන් මහා ප්‍රජාපතී ගෝතමියගේ ශ්‍රී නාමයට පූජෝපහාර වශයෙන් අද වැනි පොහොය දිනක කුසල් දම් පුරමින් කෘත ගුණ සැලකීම බෞද්ධ කාන්තාවන්ගේ පරම යුතුකමකි. සමස්ත සැදැහැති බෞද්ධයා මෙම මාතෘ උදාරත්වයේ විශිෂ්ටත්වය සදා මතකයේ රඳවා ගත යුතුම ය. තෙරුවන් සරණයි! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom