බින් ලාඩන් ඝාතන මහ මොළකරු ලාංකිකයෙක්...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    බින් ලාඩන් ඝාතන මහ මොළකරු ලාංකිකයෙක්...

    ඇමරිකාව, මහාචාර්ය ශිවලිංගම් සිවනාදන් ‘වෙනස්කමේ විශිෂ්ටයා’ සම්මානයෙන් පුදයි
    ඝාතන මෙහෙයුමේ සියළු තාක්ෂණය හා ස්වයංක්‍රීය උපකරණ මහචාර්යවරයාගේ නිෂ්පාදනයක්

    DG12_09_27_220-200x300.jpg
    ලොව මෙතෙක් බිහි වූ භයානකම ත්‍රස්තවාදියා ලෙස සැලකෙන ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමේ ඇමෙරිකා මෙහෙයුමේ මහ මොළකරු ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය ශිවලිංගම් සිවනාදන් බව අනාවරණය වී ඇත. මේ කරුණ හෙළිදරව් වී ඇත්තේ පසුගිය 30 වැනිදා වොෂින්ටන් හි ධවල මන්දිරයේදී සිවනාදන් මහතාට ගෞරව සම්මානයක් පිරිනැමීමත් සමඟය. ඇමෙරිකා ජාතිය ලෝකයේ හොඳම සහ විශිෂ්ටතම ජාතිය බවට පත්කිරීම සඳහා තම බුද්ධිය මෙහෙය වූ විශිෂ්ටයන්ට මේ ගෞරව සම්මාන පිරිනමන බව ඇමෙරිකා ධවල මන්දිරය මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    යාපනයේ හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ශිවලිංගම් සිවනාදන් මහතා මේ සාර්ථක මෙහෙයුමෙන් පසු ඇමෙරිකා ධවල මන්දිරය මඟින් ‘වෙනස්කමේ විශිෂ්ටයා’ ලෙස නම්කර තිබේ. මේ වන විට ඇමෙරිකාවේ චිකාගෝ නුවර පිහිටි ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන සිවනාදන් මහතා අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ ඔසාමා බිල් ලාඩන් සොයා ගැනීමේ මෙහෙයුමට අවශ්‍ය තාක්ෂණය සම්පූර්ණයෙන්ම සොයාගෙන ඇත. ඊට යොදාගත් නයිට් විෂන් තාක්ෂණය ඇතුළු ස්වයංක්‍රීය තාක්ෂණික උපකරණ නිෂ්පාදනය කර ඇත්තේද මහාචාර්යවරයා විසිනි.

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ටොඩ් පාර්ත් මහතා පවසා ඇත්තේ මෙවැනි විශිෂ්ටයන් ඇමෙරිකාවට පැමිණීමත්, ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීමත් ආඩම්බරයට සහ අභිමානයට කරුණක් බවයි. යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ උපත ලබා ඇති මහාචාර්ය ශිවනාදන් මහතා, විකිරණ තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳවද විශිෂ්ටයකු ලෙස පිළිගැනීමට ලක් වූවෙකි. ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙන්ම උසස් අධ්‍යාපනය ලබා ඇති මහාචාර්යවරයාට ගරු කිරීම සහ ඔහුට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම තමන්ගේ වගකීමක් බවද ටොඩ් පාර්ත් මහතා පවසා ඇත.

    “මාව ඇගැයීමට පත්වෙලා තියෙන්නේ මගේ වටේ ඉන්න දක්ෂ මිනිසුන් නිසා. අපේ කණ්ඩායම හැම වෙලාවෙම සාර්ථකයි” යයි සිවනාදන් මහාචාර්යවරයා තම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබේ.


    Source - http://thambapanne.net/?p=2140
     
    • Dislike
    • Like
    Reactions: Hyperx99 and Yeezus

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන්වත් මිනිස්සුන්ගෙ ඇස් ඇරුනොත් හොදා ලන්කාවෙ.. මේ ලගදි නැනො තාක්ශනයෙන් බල්බ් හදපු ලාන්කිකයෙක්ට සම්මානත් හම්බ උනා, ඒත් කරුමෙට ඒ මනුස්සයගෙ හැකියාවෙන් ලන්කාව ප්‍රයොජනයක් ගන්නෙ නැ.. ඒ හදපු බඩු ඉන්දියාවෙ ඉස්පිරිතාලවලත් තියනවලු, ඒත් ලන්කාවෙ නැ..
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    අවසනාවට ලංකාවේ බහුතරය කරන්නේ 2500 වංශේ කබල් ගාමින්, Faceboob එකේ බේද බින්න කම්ම ඇති කරගන්න එකයි රටට වැඩක් කරනවා වෙනුවට.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    UIC Physicist Named White House Champion of Change
    May 29, 2013
    Sivalingam Sivananthan, professor of physics at the University of Illinois at Chicago, has been named a White House Champion of Change. He was presented with the honor at a ceremony this morning at the White House.

    The honor recognizes immigrant innovators and entrepreneurs—"the best and brightest from around the world who are helping create American jobs, grow the economy and make our nation competitive in the world," the White House said in a press release.

    Sivananthan's work with a semiconductor material, mercury cadmium telluride or MCT, is at the heart of night vision technology and made the raid that took down Osama Bin Laden on a moonless night possible.

    Developing "technology that protects our protectors" has given him the opportunity to give back to his adopted country, said Sivananthan.

    "Immigrants have long made America more prosperous and innovative, and the Champions we are celebrating today represent very best in leadership, entrepreneurship, and public service,” said U.S. Chief Technology Officer Todd Park. “We are proud to recognize these leaders who work every day to grow our economy, advance science and technology, and support their home communities.”
    Sivananthan is the founder of the high-tech, Bell-Labs-styled incubator, Sivananthan Laboratories, Inc. in Bolingbrook, Ill. The Laboratories' focus is on infared technology, radiation detection, materials research and biosensors.

    Because, at its most fundamental, MCT technology is about transforming light into electricity, Sivananthan is also leading an effort to develop next-generation solar power. To that end, he helped found InSPIRE (the non-profit Institute for Solar Photovoltaic Innovation, Research, and Edu-training), whose mission is training Illinois’s workforce and exciting Illinois undergraduate and high school students to create a renewable energy and solar eco-system in Illinois.

    In Sivananthan Laboratories Sivananthan is promoting economic growth by fostering cutting-edge, fundamental research and development that bridges the gap between academia and industry.

    Sivananthan credits much of his success to the support he received from UIC from his days as a student to his continuing engagement on the faculty.

    "UIC is a community of individuals that has treated me with respect for who I am," he said.

    "I have been blessed with having talented people around me," said Sivananthan. "I can take credit only for hiring them. Our success has been and always will be a product of team work."

    Immigrants make America more prosperous and entrepreneurial. Immigrants are more than twice as likely to start a business in the United States as the native-born, and more than 40 percent of Fortune 500 companies – from GE and Ford to Google and Yahoo! – were founded by immigrants or the children of immigrants, according to the White House.

    The White House ceremony can be viewed at the White House

     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,997
    354
    83
    Gampaha
    මගේ වටේ ඉන්න දක්ෂ මිනිසුන් නිසා. අපේ කණ්ඩායම හැම වෙලාවෙම සාර්ථකයි :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: