Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිම්මල් වගාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලීකුඩු මත ඔයිස්ටර් බිම්මල් වගාව

අප පරිසරයේ දක්නට ලැබෙන ශාක සරලව බෙදා වෙන් කළ විට උසස් හා පහත් වශයෙන් කාණ්ඩ දෙකක් දැකිය හැකිය. බිම්මල් අයත් වනුයේ මේ පහත් ශාකවල දිලීර කොටසටයි. බිම්මල්වල හරිතප්රද අඩංගු නොවන නිසා තම පැවැත්ම සදහා ආහාර සොයාගැනීමට උපස්ථරයකට සම්භන්ධවී වැඩේ. අප ආහාරයට ගනු ලබන බිම්මල් මැරුණු කොටස් මත යැපෙන මෘතෝපජීවී දිලීර වශයෙන් හැදින්විය හැකිය.

ශ්‍රී ලාංකිකයන් දැනට අවුරුදු දහස් ගණනක සිට ස්වභාවික ලෙස වැවෙන බිම්මල් වර්ග ආහාරයට ගැනීමට පුරුදුව සිටියි. නමුත් දැනට දශක කීපයක සිට බිම්මල් වගාව තම නිවෙස් තුළම සිදුකළ හැකි සරල ලාභදායී වගාවක් ලෙස ඉදිරියෙන් ඇත. බිම්මල් වගාව ප්‍රචලිත වීමටත් මේ සදහා ඉල්ලුම ඉහළ යාමටත් හේතු වන්නේ මෙය සරල වගාවක් වීමත් බිම්මලක අඩංගු පෝෂණය ඖෂධීය වටිනාකම හා රසවත්භාවය ඉහළ වීමත් වැනි කරුණුයි.

බිම්මලක පෝෂණ අගයන්

ජලය ග්‍රෑම් 91.00

මේදය මිලිග්‍රෑම් 0.3

ලයිසින් මෙතොයනින් ලවණ

යකඩ මිලිග්‍රෑම් 0.8

ඇස්කෝබික් අම්ල මිලිග්‍රෑම් 1.0

ප්‍රෝටීන් ග්‍රෑම් 3-3.5

කාබෝහඩ්රේටි කැලරි 13

කැල්සියම් මිලි ග්‍රෑම් 0.8

විටමින් බී මිලිග්‍රෑම් 0.15

බී විටමින් අඩංගු වේ.

දැකට ශ්‍රී ලංකාවේ වගා කරන බිම්මල් වර්ග කිහිපයක් තිබේ. මේවා වගාකිරීමට භාවිතා කරන මාධ්‍ය අනුව කොටස් දෙකකට බෙදිය හැකියි.

1. ලී කුඩුමත වගාකරන බිම්මල්

2. පිදුරු මත වගා කරන බිම්මල්

ඔයිසටර්, ඇබලෝනි හා ජෙලි බිම්මල් ලී කුඩුමත වගා කරන අතර ගජමුතු, සූකිරි හා පිදුරු බිම්මල් පිදුරු මත වගා කරයි. ඔයිස්ටර් බිම්මල් පිදුරු මතද වගා කිරීමේ හැකියාව ඇත.

අද ශ්‍රී ලංකාව තුල වගා කරන බහුලම බිම්මල් වර්ගය වනුයේ ඔයිස්ටර් වර්ගයයි. වගාව සදහා සරල තාක්ෂණයක් අවශ්‍ය වීමත්, මූලික වියදම අවම වීමත් කෙටිකලකින් අදායමක් ලබාගත හැකි වීමත් ශ්‍රී ලංකාවේ දේශගුණය හොද අස්වැන්නක් ලබා ගැනීමට ඉවහල් වීමත්, අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගතහැකි වීමත්, මේ සදහා ඇති විභවයන් ලෙස සැලකිය හැකියි.

වගාව සදහා බිම්මල් ගෘහයක් සෑදීම මූලික අවශ්‍යතාවයයි. බිම්මල් වගාවට මූලින්ම අවතීර්ණ වන්නට මේ ගෘහය සරලව නිවැරදිව තනාගැනීම අනාගත බොහෝ ගැටළුවලින් මිදීමට ඉවහල් වේ. කුඩා කෘමි සතුන් ගෘහයට ඇතුළු නොවන ලෙස ගෘහයේ පැති බිත්ති කුඩා දැලකින් ආවරණය කිරීම, පොල් අතු වැසීම, ගෝනි ගැසීම හෝ රෙදිවලින් වට කිරීම පහසුවෙන් කළ හැකිය. බිම්මල් ගෘහය තුල වහලය හා බිත්ති අතර සිදුරු අවහිර කිරීම අත්‍යවශ්‍යයි. බිම්මල් ගෘහයේ වහලය සෑදීම සදහා උළු, පොල් අතු හෝ තාරෂීට් බාවිතා කළ හැකියි.

එලෙසින්ම ශාකයේ බිමට සිමෙන්ති දැමීම, අනිවාර්ය කටයුත්තක් නොවන අතර බිම වැලි දමා තෙත් කිරීමෙන්ද ගෘහය තුල සිසිල පවත්වාගත හැකියි. එළියට විවෘත වන දොරක් තිබීමද අවශ්‍යයයි. මෙමගින් ගෘහයට පළිබෝධ ඇතුළුවීම අවම වීම සිදුවේ.

මෙම ගෘහයේ අවශ්‍ය ගුණාංග ලෙස මනා වාතාශ්රයයක් සහ මද ආලෝකයක් පැවතීම ආර්ද්‍රතාවය 85% වීමත් උෂ්ණත්වය 28 oC ට අඩුවීමත් වැදගත් වේ.

වගා රාක්ක පිළියෙල කිරීමේදී ක්‍රම කිහිපයක් දැකියහැකිය. මෙහිදී A රාමු ක්‍රමය බහුලවම භාවිතා වන ක්‍රමයයි.

බිම්මල් වගා මාධ්‍ය සදහා මූලික ද්‍රව්‍ය වන්නේ ලී කුඩුයි. යොදා ගන්නා ලී කුඩු ඇල්බීසියා, ඉඹුල්, අඹ, මාර, කොට්ට, සපු, රබර් වැනි අරටුව නැති සැහැල්ලු ලී කුඩු වර්ගයක් විය යුතුයි.

මාධ්‍යය සැකසීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ.

ලී කුඩු කිලෝ 20 ක්

අළු හුණු ග්‍රෑම් 400 ක්

සෝයා පිටි, මුං පිටි හෝ සමපෝෂ ග්‍රෑම් 200 ක්

ජලය

හාල් නිවුඩු කිලෝ 2 ක්

මැග් සල්ෆර් ග්‍රෑම් 40 ක්

මෙම ප්‍රමාණය මගින් වගා මළු 65-70 හෙවත් එක් බැරලයක් තැම්බීමට සෑහෙන වගා මළු ප්‍රමාණයක් සාදා ගත හැකියි.වැස්සට හසුනොවු අළුත්, දින දෙකක් හොදින් වේලා ගත් ලී කුඩු ගබඩා කර තබා ගැනීමෙන් අවශ්‍ය විටකදී ප්‍රයෝජනයට ගතහැකියි. තෙත ලී කුඩු ගබඩා කළහොත් ලී කුඩුවලට දිලීර ආසාදන සිදුවිය හැකිය. මිශ්‍රණය සැකසීමට සිමෙන්ති පොළොවක් වඩාත් යෝග්‍යයි. හලා ගත් ලී කුඩු අවශ්‍ය පමණ කිරා ගැනීම මුලින්ම කළ යුතුයි. මෙයට මිශ්‍රකර ගත් හාල් නිවුඩු, අළු හුණු, සෝයා පිටි එක් කර සවලක් ආධාරයෙන් හෝ කකුලෙන් අනා ගැනීම කළ හැකිය. මැග්නීසියම් සල්පේට් ප්‍රමාණය ජල බදුනක දියකර එම මිශ්‍රණයද ලී කුඩු මිශ්‍රණයට ඉස ගැනීම කළ යුතුයි. මේ මිශ්‍රණයට අවශ්‍ය පමණ ජලය දමා පදමට අනා ගැනීම වැදගත් වේ. අතින් තදකළ ලී කුඩු ප්‍රමාණය ගුලි වී අල්ල මත කැඩෙන අවස්ථාව සුදුසුම පදම ලෙස සැලකිය හැකියි.

පදමට ඇනු මිශ්‍රණය පොලිප්‍රොපිලින් මළු තුළට දමා ගැනීම කළයුතුයි. අවශය ද්‍රව්‍ය වශයෙන්

ගේජ් 200 අගල් 7 ක් පළල පොලිප්‍රොපිලින් මළු (අගල් 14 උසට)

පුළුන් හෝ කොටින් වේස්ට්

අගල් 3/4 විෂ්කම්බය ඇති PVC බට අගල් 1/2 උසට කපා ගත් කැබලි

රබර් බෑන්ඩ් යන ද්‍රව්‍ය අවශ්‍යය.

මිශ්‍රණය පිරවීමට ප්‍රථම බෑගයේ මුල්ල සැකසීම සදහා බෑගය කන පිට දැමීම හෝ මුලු දෙක ඇතුලට නමා ගැනීම කළ හැකියි. වගා මාධ්‍ය මල්ල තුළට පුරවා අතමිට මගින් තද කිරීම වඩාත් සුදුසුයි. කිලෝ 1 පමණ පිරුණු බෑගය ක්රමාණුකූලව සකසා මල්ලේ විවෘත කෙලවර පීවීසී බට කැබැල්ල තුළින් යවා මුදුවේ සිදුරට කොටින් වේස්ට් හෝ පුළුන් ඇබය වැසිය යුතුයි. පොලිතීන් කෙලවර පහලට නමා පීවීසී බට කැබැල්ල වටේ ඔතා රබර් පටිය යොදා ගැනීම වගා මිශ්‍රණය පිරවීමේ නිමාවයි.

මෙම වගා මිශ්‍රණය සහිත බදුන් ජීවාණුහරණය කර ගැනීම මීළග පියවරයි. මේ සදහා ගැලුම් 45 ක ග්‍රීස් බැරලයක් හෝ ඩීසල් බැරලයක් සපයා ගත යුතුයි. බැරලයේ පියන වාෂ්ප පිට නොවන සේ හොදින් වැසෙන. මැද කුඩා සිදුරක් සහිත වීම අත්‍යවශ්‍යවේ. බැරලය පතුලට අගල් 5-5 1/2 ක් උස දැල් තට්ටුවක් තබා අගල් 4-4 1/2 උසට ජලය දමා ගැනීම ප්‍රමාණවත් වේ. තට්ටුව මත වගා මළු සිරස් තට්ටු වශයෙන් ඇසිරිය යුතුටි. එක් තට්ටුවක උපරිම බෑග් 18-19 පමණ අසුරා ගත හැකිය. එක් බැරලයක වගා මළු 65-70 එක් වරකට තම්බා ගත හැකියි. වගා මළු ජීවාණුහරණය කිරීම සදහා දහයියා හෝ ලී කුඩු කොටා ලිප සකසා ගැනීම කළ හැකියි.බැරලයේ මූඩියේ ඇති කුඩා සිදුරෙන් වාෂ්ප පිටවීමට පටන් ගන්නා විට ජීවාණුහරණය සාර්ථක වේ. මෙලෙස පැය දෙක හමාරක් පමණ හුමාලය අඛණ්ඩව පිටවීම අවශ්‍යයි. මෙම ජීවාණුහරිත වගා මළු බැරලය තුළ පැය දෙකක් තබා පිටතට ගෙන දිනක් නිවෙන්නට තැබිය යුතුයි.

වගා මළුවලට බීජ දැමීම ඉතා පිරිසිදු ස්ථානයකදී සිදුකළ යුතුයි. ඩෙටෝල් වැනි ද්‍රවයකින් පිරිසිදු කළ මේසයක් මත අවශ්‍ය උසින් දැල්වු ඉටි පන්දම් අතර බීජ දැමීම සිදු කළ යුතුයි. මෙහිදී අප යොදා ගන්නේ ඒකාකාරීව දිලීරය පැතිරුණු විශ්වාසවත් තැනකින් ගත් බිම්මල් බීජයි. මෙම බීජ මල්ල තුළම සෙමින් අතින් තෙරපා එකිනෙක වෙන් කර ගැනීම සිදුකළ යුතුයි. බීජ බෑගයේ මුල්ලක්, පිරිසිදු කතුරකින් අගලක් පමණ කපා විවෘත කර බීජ දැමීම සිදු කරනු ලබයි. වගා මල්ලක් තුලට බීජ 20 - 25 ක් දැමීම ප්‍රමානවත් වේ. කොම්පෝස්ට් බදුනේ නැවත ඇබය ගසා අගල් 3x3 පිරිසිදු පත්තර කැබැල්ලකින් වැසිය යුතු අතර බීජ දමන ලද මළු බීජෞෂණ කාමරය වෙත රැගෙන යා යුතුයි. මෙහි වගා මළු රදවන්නේ සිරස් අතටයි. මෙම බීජෞෂණ කාමරය අදුරු වීම වැදගත්. දින 25 කින් 30 කින් මෙම වගා මළු තුළ සුදු පැහැයෙන් දිලීරජාලය වර්ධනයවී ඇති අයුරු දැකිය හැකියි.

සුදු පැහැවු බීජ මළුවල ඇබය ඉවත් කර මල් පිපීමට තැබිය හැකියි. එසේ නැතහොත් මුදුන් මුහුණත මට්ටමෙන් පොලිතීනය කපා ඉවත් කර, මල් පිපීම සදහා මෙම වගා මළු තිරස්ව ඇසිරීම කළ යුතුයි. මෙම මුහුණත මට්ටමෙන් පොලිතීනය කපා ඉවත් කිරීම සිදුකළ යුත්තේ වගා කාමරයේ නියමිත තෙතමනය පවත්වා ගත හැකි නම් පමණයි. මෙවැනි මල්ලකින් දින 12-15 යන විට ප්‍රථම අස්වැන්න නෙලා ගත හැකියි.

ගෘහයේ මෙම අස්වනු නෙලන කොටසේ ආර්ද්‍රතාවය 85% තබාගැනීම වැදගත්. මේ සදහා සිමෙන්ති හෝ වැලි දැමූ පොළොව ජලය දමා තෙත් කර ගත යුතුයි. එලෙසම වගා මළු මුහුණත වියලීම වැලැක්වීම සදහා මීදුමක් ආකාරයෙන් ජලය ඉසීම කළ හැකිය. බිම්මල් පිපීම කුඩා ඇල්පෙනිති හිස් වැනි හැඩයට පටන් ගෙන දින 3-4 ක් තුළදී නෙලා ගත හැකි තරමේ මල් බවට පත් වීම සිදුවේ. අස්වනු වාර 3 කින් පසු වගා මල්ලේ තුනී පෙත්තක් කපා ඉවත් කිරීමද කළ හැකියි.

අස්වනු නෙලීම සදහා ගෘහය තුළට භාජන 2 ක් රැගෙන යා යුතුයි. පහල සිට මල් නෙලීම වඩාත් සුදුසු වේ. මල්වල මුල කොටස කපා එක් භාජනයකටත් දැමීම ඇසිරීම පහසු කරන අතරම පිරිසිදු ගැණාත්මක ඇසුරුම් සදහා ඉවහල් වේ. වගා මළු පවිත්‍ර කිරීමත්, ගෘහයේ බිම පිරිසිදු කිරීමත් නිබදව

සිදුකිරීම වැදගත් වේ. නෙලූ අස්වැන්න අවශ්‍ය ප්‍රමාණයට කිරා මල්ල තුළ, මලේ දඩු මැදට සිටින ලෙස ප්‍රවේශමෙන් අසුරා ගත යුතුයි.ඇසුරුම් මළු සදහා ඇසුරුම් දින සහ කල් ඉකුත් වන දින ඇතුලත් ලේබලයක් ඇතුල් කිරීමද අත්‍යවශ්‍ය වේ. දින 50 ක් 60 ක් වැනි කෙටි කලකින් පසුව ක්රමාණුකූලව වගාවකින් හොද ආදායමක් ලබා ගැනීමට හැකි වීම මෙම වගාව සතු වාසිය වශයෙන් සැලකිය හැකිය.

බිම්මල් වගාවේ පළිබෝධකයින්

ප්‍රෝටීන් බහුල ආහාරයක් වන බිම්මල්වල පළිබෝධ හානි වැඩි බව කිව හැකියි. ශ්‍රී ලංකාව තුළ බිම්මල් වගාවේ බහුලව හමුවන පළිබෝධකයින් වශයෙන්

කුරුමිණියන්

මයිටාවන්

කෝදුරුවන්

වටපණුවන්

දිලීර රෝග

කැරපොත්තන් හා මීයන්

බැක්ටීරියා රෝග දැකිය හැකි වේ.

කුරුමිණියන් වර්ග දෙකක් පැහැදිලිව හදුනාගත හැකියි. සයිලෝඩස් සහ ට්රිප්ලැක්ස් මෙම වර්ග දෙකයි. සයිලෝඩස් සුහුඹුලන් ඕවලාකාර මි.මී. 3 ක් 4 ක් දිග කළු පැහැති කුරුමිණියෙක්, පියාපත් මත කහ පැහැ තිත් දෙකක් සහිතයි. දින 14 ක 16 ක ජීවන චක්‍රයක් සහිත ජීවීන්ගේ සුහුඹුලා බිම්මල් නටුව විද හෝ කොම්පෝස්ට් මත පොකුරු වශයෙන් බිත්තර දැමීම සිදුකරයි. ජීවිත කාලය දින 100 ක් වන මේ සතාගේ සුහුඹුලන් හා කීටයින් වර්ධනය වන දිලීර ජාලය හා වර්ධනය වන බිම්මල් ආහාරයට ගනිම්න ජීවත් වේ.ට්රිප්ලැක්ස් කුරුමිණියන් ස්වභාවික බිම්මල්වල විශාල ලෙස දැකිය හැකි දිලීර ජාලය ආහාරයට ගනිමින් ජීවත් වන කුරුමිණියෙකි.

කෝදුරුවන් වර්ග දෙකක් හදුනාගත හැකිය. ෆෝරීඩ් සහ සියරිඩ් මෙම වර්ග දෙකයි. මෙම කෝදුරුවා මි.මී. 2-3 ක් දිල පාරදෘෂ්‍ය පියාපත් සහිත මැස්සෙකි. බිම්මලේ තැලි අතර ගැහැණු සතා බිත්තර 40-50 ක් දමයි. දින 4 කින් තැලි අතර පණුවන් දැකිය හැකියි.

සියරිඩි කීටයන් කොම්පෝස්ට් තුළ දිලීර ජාලය හා බිම්මල ආහාරයට ගනී. කැකුළු ආහාරයට ගත් විට ඒවා වර්ධනය නවතී. විකෘති බිම්මල් හටගනී.

මයිටාවන් පියවි ඇසින් දැකිය නොහැකි මකුළුවකුගේ හැඩය ගන්නා සතුන් විශේෂයකි. ගැහැණු මැස්සන් බිත්තර 40-50 ක් දමයි. තෙත් උණුසුම් කාලගුණයේදී සිඝ්‍ර ගහනයක් පෙන්වයි. දිලීර ජාලය කා දමන මොවුන්ගේ හානියෙන් කැකුළු දුඹුරු පැහැ වී විකෘති වීම සිදු වේ. කොම්පෝස්ට් බදුන් වේයන් කෑ ආකාරයක් දිස්වන අතර විශාල අස්වැන්න අඩුවීම සිදුවේ.

ආහාර රටාව අනුව වටපණුවන් වර්ග දෙකක් හදුනාගෙන තිබේ. දිලීර මත යැපෙන වටපණුවන් දිලීර ජලයේ සෛල ආහාරයට ගනී.

බිම්මල් දිලීර ජාලයට හානි කරනු ලබන දිලීර ලෙස ට්රයිකොඩර්මා සහ ඇස්පජිලස් දිලීර හැදින්විය හැකියි. දිලීර ජාල සමග තරගකාරීව වැඩෙන මේවා මගින් බිම්මල් දිලීර ජාලයේ වර්ධනය බාල කරයි. අක්‍රමවත් ජීවානුහරණය නිසා ආසාදනය සිදුවේ.

බැක්ටීරියා රෝග වශයෙන් සිවුඩොමොනාස් බැක්ටීරියාව මගින් වගා මල්ලේ දුඹුරු පැහැ පැල්ලම් ඇතිවී දිලීර ජාලයේ වැඩීම බාලවී යයි. මෙයින් මල්වල තත්වය ද බාලවේ.

කැරපොත්තන් හා මීයන් විසින් මල්වලට හා වැඩුණු දිලීරය සහිත බදුන් මිශ්‍රණයට සැලකිය යුතු හානියක් සිදුකරනු ලබයි.

බිම්මල් වගාවේ පළිබෝධ පාලනය

පළිබෝධ පාලනය කිරීම සදහා අනුගමනය කළයුතු ක්‍රම 3 ක් තිබේ.

1. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම

2. වගා ක්‍රම

3. පළිබෝධනාශක භාවිතය

යොදාගත හැකි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිරිසිදු ජලය භාවිතය. පැකට් මුහුණතට අවප ජලය භාවිතය, කුටිය අවට පිරිසිදුව තබාගැනීම හා කාමරය පිරිසිදුව තබාගැනීම කළහැකිය. යොදාගත හැකි වගා ක්‍රම ලෙස හදුන්වාදිය හැක්කේ,

රෝපණ ක්‍රම නිසි ආකාරව පිලිපැදීම

අළුත් ලී කුඩු භාවිතා කීරීම

මිශ්‍රණයට නිසි ආකාරයෙන් ජලය එකතු කිරීම

නියම අයුරින් පැකට් ජීවාණුහරණය කිරීම

නීරෝගී බීජ භාවිතා

මල් පිපෙන කුටියට නියමාකාර වාතාශ්‍රය ලබාදීම

පළිබෝධ ගෘහයට ඇතුල්වීම වැලැක්වීම

දින පසුවීමට පෙර අස්වැන්න නෙලා ගැනීම

නෙලූ මල්වල නැටි වලලා දැමීම හා මල් නෙලු විගස වගා මළු මුහුණත පිරිසිදු කිරීම

අවධානයෙන් සිටීම හා පළිබෝධ ආසාදන හදුනා ගැනීම

මල් පිපීම සදහා කාමර එකකට වඩා පවත්වා ගැනීම හා ප්‍රමිතිගත ගෘහ සැකසුම

මාස දෙකකට වඩා පැරණි වගා මළු ගිනි තැබීම යන කරුණුයි.

පළිබෝධනාශක භාවිතය

පළිබෝධ හානිය අවම කරගැනීම සදහා බිම්මල් වගා ගෘහයේ බිම් වගා මළු, රාක්ක හා බිත්ති නිරන්තර පළිබෝධ පරීක්ෂාවට ලක්විය යුතුයි. සිමෙන්ති දැමූ බිමට ජලය දමා තැබීමෙන් බොහෝ පළිබෝධකයින් පාලනය කරගත හැකිය. කාමරයේ බිමට ඩෙටොල් හෝ සැවිලෝන් යෙදීමෙනුත් වැලි බිමකි නම් බිලීව්න් හෙවත් ක්ලෝරීන් කුඩු ඉසීමෙනුත් පළිබෝධ පාලනය කරගත හැකියි.

සල්ෆ දියකර විසිරණය මගින් මයිටාවන් හා බැක්ටීරියාවන් පාලනය කරගත හැකියි. එමෙන්ම සල්ෆ පිලිස්සීමෙන් මෙම පළිබෝධකයින් පාලනය කරගත හැකියි. මුහුණත විවෘත නොකල වගා මළු මතට සල්ෆ කුඩු ඉසීමද කළහැකියි. කුරුමිණි පාලනයට කොහොඹ මිශ්‍රණයද මයිටාවන් පාලනයට සුදුළුණු කොහොඹ මිශ්‍රණයද නියම අනුපාතයට සකස්කරගෙන ස්ප්‍රේ කිරීම සාර්ථක මර්ධන ක්රමයකි. මෙලෙස පළිබෝධ පාලනය පිළිබද නිරන්තර අවධානයෙන් සාර්ථක වගාවක් පවත්වා ගත හැකියි.

[QUOTE="neyohk, post: 20856844, member: 554983"] [COLOR="Black"][SIZE="4"]ලීකුඩු මත ඔයිස්ටර් බිම්මල් වගාව අප පරිසරයේ දක්නට ලැබෙන ශාක සරලව බෙදා වෙන් කළ විට උසස් හා පහත් වශයෙන් කාණ්ඩ දෙකක් දැකිය හැකිය. බිම්මල් අයත් වනුයේ මේ පහත් ශාකවල දිලීර කොටසටයි. බිම්මල්වල හරිතප්රද අඩංගු නොවන නිසා තම පැවැත්ම සදහා ආහාර සොයාගැනීමට උපස්ථරයකට සම්භන්ධවී වැඩේ. අප ආහාරයට ගනු ලබන බිම්මල් මැරුණු කොටස් මත යැපෙන මෘතෝපජීවී දිලීර වශයෙන් හැදින්විය හැකිය. ශ්‍රී ලාංකිකයන් දැනට අවුරුදු දහස් ගණනක සිට ස්වභාවික ලෙස වැවෙන බිම්මල් වර්ග ආහාරයට ගැනීමට පුරුදුව සිටියි. නමුත් දැනට දශක කීපයක සිට බිම්මල් වගාව තම නිවෙස් තුළම සිදුකළ හැකි සරල ලාභදායී වගාවක් ලෙස ඉදිරියෙන් ඇත. බිම්මල් වගාව ප්‍රචලිත වීමටත් මේ සදහා ඉල්ලුම ඉහළ යාමටත් හේතු වන්නේ මෙය සරල වගාවක් වීමත් බිම්මලක අඩංගු පෝෂණය ඖෂධීය වටිනාකම හා රසවත්භාවය ඉහළ වීමත් වැනි කරුණුයි. බිම්මලක පෝෂණ අගයන් ජලය ග්‍රෑම් 91.00 මේදය මිලිග්‍රෑම් 0.3 ලයිසින් මෙතොයනින් ලවණ යකඩ මිලිග්‍රෑම් 0.8 ඇස්කෝබික් අම්ල මිලිග්‍රෑම් 1.0 ප්‍රෝටීන් ග්‍රෑම් 3-3.5 කාබෝහඩ්රේටි කැලරි 13 කැල්සියම් මිලි ග්‍රෑම් 0.8 විටමින් බී මිලිග්‍රෑම් 0.15 බී විටමින් අඩංගු වේ. දැකට ශ්‍රී ලංකාවේ වගා කරන බිම්මල් වර්ග කිහිපයක් තිබේ. මේවා වගාකිරීමට භාවිතා කරන මාධ්‍ය අනුව කොටස් දෙකකට බෙදිය හැකියි. 1. ලී කුඩුමත වගාකරන බිම්මල් 2. පිදුරු මත වගා කරන බිම්මල් ඔයිසටර්, ඇබලෝනි හා ජෙලි බිම්මල් ලී කුඩුමත වගා කරන අතර ගජමුතු, සූකිරි හා පිදුරු බිම්මල් පිදුරු මත වගා කරයි. ඔයිස්ටර් බිම්මල් පිදුරු මතද වගා කිරීමේ හැකියාව ඇත. අද ශ්‍රී ලංකාව තුල වගා කරන බහුලම බිම්මල් වර්ගය වනුයේ ඔයිස්ටර් වර්ගයයි. වගාව සදහා සරල තාක්ෂණයක් අවශ්‍ය වීමත්, මූලික වියදම අවම වීමත් කෙටිකලකින් අදායමක් ලබාගත හැකි වීමත් ශ්‍රී ලංකාවේ දේශගුණය හොද අස්වැන්නක් ලබා ගැනීමට ඉවහල් වීමත්, අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගතහැකි වීමත්, මේ සදහා ඇති විභවයන් ලෙස සැලකිය හැකියි. වගාව සදහා බිම්මල් ගෘහයක් සෑදීම මූලික අවශ්‍යතාවයයි. බිම්මල් වගාවට මූලින්ම අවතීර්ණ වන්නට මේ ගෘහය සරලව නිවැරදිව තනාගැනීම අනාගත බොහෝ ගැටළුවලින් මිදීමට ඉවහල් වේ. කුඩා කෘමි සතුන් ගෘහයට ඇතුළු නොවන ලෙස ගෘහයේ පැති බිත්ති කුඩා දැලකින් ආවරණය කිරීම, පොල් අතු වැසීම, ගෝනි ගැසීම හෝ රෙදිවලින් වට කිරීම පහසුවෙන් කළ හැකිය. බිම්මල් ගෘහය තුල වහලය හා බිත්ති අතර සිදුරු අවහිර කිරීම අත්‍යවශ්‍යයි. බිම්මල් ගෘහයේ වහලය සෑදීම සදහා උළු, පොල් අතු හෝ තාරෂීට් බාවිතා කළ හැකියි. එලෙසින්ම ශාකයේ බිමට සිමෙන්ති දැමීම, අනිවාර්ය කටයුත්තක් නොවන අතර බිම වැලි දමා තෙත් කිරීමෙන්ද ගෘහය තුල සිසිල පවත්වාගත හැකියි. එළියට විවෘත වන දොරක් තිබීමද අවශ්‍යයයි. මෙමගින් ගෘහයට පළිබෝධ ඇතුළුවීම අවම වීම සිදුවේ. මෙම ගෘහයේ අවශ්‍ය ගුණාංග ලෙස මනා වාතාශ්රයයක් සහ මද ආලෝකයක් පැවතීම ආර්ද්‍රතාවය 85% වීමත් උෂ්ණත්වය 28 oC ට අඩුවීමත් වැදගත් වේ. වගා රාක්ක පිළියෙල කිරීමේදී ක්‍රම කිහිපයක් දැකියහැකිය. මෙහිදී A රාමු ක්‍රමය බහුලවම භාවිතා වන ක්‍රමයයි. බිම්මල් වගා මාධ්‍ය සදහා මූලික ද්‍රව්‍ය වන්නේ ලී කුඩුයි. යොදා ගන්නා ලී කුඩු ඇල්බීසියා, ඉඹුල්, අඹ, මාර, කොට්ට, සපු, රබර් වැනි අරටුව නැති සැහැල්ලු ලී කුඩු වර්ගයක් විය යුතුයි. මාධ්‍යය සැකසීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ. ලී කුඩු කිලෝ 20 ක් අළු හුණු ග්‍රෑම් 400 ක් සෝයා පිටි, මුං පිටි හෝ සමපෝෂ ග්‍රෑම් 200 ක් ජලය හාල් නිවුඩු කිලෝ 2 ක් මැග් සල්ෆර් ග්‍රෑම් 40 ක් මෙම ප්‍රමාණය මගින් වගා මළු 65-70 හෙවත් එක් බැරලයක් තැම්බීමට සෑහෙන වගා මළු ප්‍රමාණයක් සාදා ගත හැකියි.වැස්සට හසුනොවු අළුත්, දින දෙකක් හොදින් වේලා ගත් ලී කුඩු ගබඩා කර තබා ගැනීමෙන් අවශ්‍ය විටකදී ප්‍රයෝජනයට ගතහැකියි. තෙත ලී කුඩු ගබඩා කළහොත් ලී කුඩුවලට දිලීර ආසාදන සිදුවිය හැකිය. මිශ්‍රණය සැකසීමට සිමෙන්ති පොළොවක් වඩාත් යෝග්‍යයි. හලා ගත් ලී කුඩු අවශ්‍ය පමණ කිරා ගැනීම මුලින්ම කළ යුතුයි. මෙයට මිශ්‍රකර ගත් හාල් නිවුඩු, අළු හුණු, සෝයා පිටි එක් කර සවලක් ආධාරයෙන් හෝ කකුලෙන් අනා ගැනීම කළ හැකිය. මැග්නීසියම් සල්පේට් ප්‍රමාණය ජල බදුනක දියකර එම මිශ්‍රණයද ලී කුඩු මිශ්‍රණයට ඉස ගැනීම කළ යුතුයි. මේ මිශ්‍රණයට අවශ්‍ය පමණ ජලය දමා පදමට අනා ගැනීම වැදගත් වේ. අතින් තදකළ ලී කුඩු ප්‍රමාණය ගුලි වී අල්ල මත කැඩෙන අවස්ථාව සුදුසුම පදම ලෙස සැලකිය හැකියි. පදමට ඇනු මිශ්‍රණය පොලිප්‍රොපිලින් මළු තුළට දමා ගැනීම කළයුතුයි. අවශය ද්‍රව්‍ය වශයෙන් ගේජ් 200 අගල් 7 ක් පළල පොලිප්‍රොපිලින් මළු (අගල් 14 උසට) පුළුන් හෝ කොටින් වේස්ට් අගල් 3/4 විෂ්කම්බය ඇති PVC බට අගල් 1/2 උසට කපා ගත් කැබලි රබර් බෑන්ඩ් යන ද්‍රව්‍ය අවශ්‍යය. මිශ්‍රණය පිරවීමට ප්‍රථම බෑගයේ මුල්ල සැකසීම සදහා බෑගය කන පිට දැමීම හෝ මුලු දෙක ඇතුලට නමා ගැනීම කළ හැකියි. වගා මාධ්‍ය මල්ල තුළට පුරවා අතමිට මගින් තද කිරීම වඩාත් සුදුසුයි. කිලෝ 1 පමණ පිරුණු බෑගය ක්රමාණුකූලව සකසා මල්ලේ විවෘත කෙලවර පීවීසී බට කැබැල්ල තුළින් යවා මුදුවේ සිදුරට කොටින් වේස්ට් හෝ පුළුන් ඇබය වැසිය යුතුයි. පොලිතීන් කෙලවර පහලට නමා පීවීසී බට කැබැල්ල වටේ ඔතා රබර් පටිය යොදා ගැනීම වගා මිශ්‍රණය පිරවීමේ නිමාවයි. මෙම වගා මිශ්‍රණය සහිත බදුන් ජීවාණුහරණය කර ගැනීම මීළග පියවරයි. මේ සදහා ගැලුම් 45 ක ග්‍රීස් බැරලයක් හෝ ඩීසල් බැරලයක් සපයා ගත යුතුයි. බැරලයේ පියන වාෂ්ප පිට නොවන සේ හොදින් වැසෙන. මැද කුඩා සිදුරක් සහිත වීම අත්‍යවශ්‍යවේ. බැරලය පතුලට අගල් 5-5 1/2 ක් උස දැල් තට්ටුවක් තබා අගල් 4-4 1/2 උසට ජලය දමා ගැනීම ප්‍රමාණවත් වේ. තට්ටුව මත වගා මළු සිරස් තට්ටු වශයෙන් ඇසිරිය යුතුටි. එක් තට්ටුවක උපරිම බෑග් 18-19 පමණ අසුරා ගත හැකිය. එක් බැරලයක වගා මළු 65-70 එක් වරකට තම්බා ගත හැකියි. වගා මළු ජීවාණුහරණය කිරීම සදහා දහයියා හෝ ලී කුඩු කොටා ලිප සකසා ගැනීම කළ හැකියි.බැරලයේ මූඩියේ ඇති කුඩා සිදුරෙන් වාෂ්ප පිටවීමට පටන් ගන්නා විට ජීවාණුහරණය සාර්ථක වේ. මෙලෙස පැය දෙක හමාරක් පමණ හුමාලය අඛණ්ඩව පිටවීම අවශ්‍යයි. මෙම ජීවාණුහරිත වගා මළු බැරලය තුළ පැය දෙකක් තබා පිටතට ගෙන දිනක් නිවෙන්නට තැබිය යුතුයි. වගා මළුවලට බීජ දැමීම ඉතා පිරිසිදු ස්ථානයකදී සිදුකළ යුතුයි. ඩෙටෝල් වැනි ද්‍රවයකින් පිරිසිදු කළ මේසයක් මත අවශ්‍ය උසින් දැල්වු ඉටි පන්දම් අතර බීජ දැමීම සිදු කළ යුතුයි. මෙහිදී අප යොදා ගන්නේ ඒකාකාරීව දිලීරය පැතිරුණු විශ්වාසවත් තැනකින් ගත් බිම්මල් බීජයි. මෙම බීජ මල්ල තුළම සෙමින් අතින් තෙරපා එකිනෙක වෙන් කර ගැනීම සිදුකළ යුතුයි. බීජ බෑගයේ මුල්ලක්, පිරිසිදු කතුරකින් අගලක් පමණ කපා විවෘත කර බීජ දැමීම සිදු කරනු ලබයි. වගා මල්ලක් තුලට බීජ 20 - 25 ක් දැමීම ප්‍රමානවත් වේ. කොම්පෝස්ට් බදුනේ නැවත ඇබය ගසා අගල් 3x3 පිරිසිදු පත්තර කැබැල්ලකින් වැසිය යුතු අතර බීජ දමන ලද මළු බීජෞෂණ කාමරය වෙත රැගෙන යා යුතුයි. මෙහි වගා මළු රදවන්නේ සිරස් අතටයි. මෙම බීජෞෂණ කාමරය අදුරු වීම වැදගත්. දින 25 කින් 30 කින් මෙම වගා මළු තුළ සුදු පැහැයෙන් දිලීරජාලය වර්ධනයවී ඇති අයුරු දැකිය හැකියි. සුදු පැහැවු බීජ මළුවල ඇබය ඉවත් කර මල් පිපීමට තැබිය හැකියි. එසේ නැතහොත් මුදුන් මුහුණත මට්ටමෙන් පොලිතීනය කපා ඉවත් කර, මල් පිපීම සදහා මෙම වගා මළු තිරස්ව ඇසිරීම කළ යුතුයි. මෙම මුහුණත මට්ටමෙන් පොලිතීනය කපා ඉවත් කිරීම සිදුකළ යුත්තේ වගා කාමරයේ නියමිත තෙතමනය පවත්වා ගත හැකි නම් පමණයි. මෙවැනි මල්ලකින් දින 12-15 යන විට ප්‍රථම අස්වැන්න නෙලා ගත හැකියි. ගෘහයේ මෙම අස්වනු නෙලන කොටසේ ආර්ද්‍රතාවය 85% තබාගැනීම වැදගත්. මේ සදහා සිමෙන්ති හෝ වැලි දැමූ පොළොව ජලය දමා තෙත් කර ගත යුතුයි. එලෙසම වගා මළු මුහුණත වියලීම වැලැක්වීම සදහා මීදුමක් ආකාරයෙන් ජලය ඉසීම කළ හැකිය. බිම්මල් පිපීම කුඩා ඇල්පෙනිති හිස් වැනි හැඩයට පටන් ගෙන දින 3-4 ක් තුළදී නෙලා ගත හැකි තරමේ මල් බවට පත් වීම සිදුවේ. අස්වනු වාර 3 කින් පසු වගා මල්ලේ තුනී පෙත්තක් කපා ඉවත් කිරීමද කළ හැකියි. අස්වනු නෙලීම සදහා ගෘහය තුළට භාජන 2 ක් රැගෙන යා යුතුයි. පහල සිට මල් නෙලීම වඩාත් සුදුසු වේ. මල්වල මුල කොටස කපා එක් භාජනයකටත් දැමීම ඇසිරීම පහසු කරන අතරම පිරිසිදු ගැණාත්මක ඇසුරුම් සදහා ඉවහල් වේ. වගා මළු පවිත්‍ර කිරීමත්, ගෘහයේ බිම පිරිසිදු කිරීමත් නිබදව සිදුකිරීම වැදගත් වේ. නෙලූ අස්වැන්න අවශ්‍ය ප්‍රමාණයට කිරා මල්ල තුළ, මලේ දඩු මැදට සිටින ලෙස ප්‍රවේශමෙන් අසුරා ගත යුතුයි.ඇසුරුම් මළු සදහා ඇසුරුම් දින සහ කල් ඉකුත් වන දින ඇතුලත් ලේබලයක් ඇතුල් කිරීමද අත්‍යවශ්‍ය වේ. දින 50 ක් 60 ක් වැනි කෙටි කලකින් පසුව ක්රමාණුකූලව වගාවකින් හොද ආදායමක් ලබා ගැනීමට හැකි වීම මෙම වගාව සතු වාසිය වශයෙන් සැලකිය හැකිය. බිම්මල් වගාවේ පළිබෝධකයින් ප්‍රෝටීන් බහුල ආහාරයක් වන බිම්මල්වල පළිබෝධ හානි වැඩි බව කිව හැකියි. ශ්‍රී ලංකාව තුළ බිම්මල් වගාවේ බහුලව හමුවන පළිබෝධකයින් වශයෙන් කුරුමිණියන් මයිටාවන් කෝදුරුවන් වටපණුවන් දිලීර රෝග කැරපොත්තන් හා මීයන් බැක්ටීරියා රෝග දැකිය හැකි වේ. කුරුමිණියන් වර්ග දෙකක් පැහැදිලිව හදුනාගත හැකියි. සයිලෝඩස් සහ ට්රිප්ලැක්ස් මෙම වර්ග දෙකයි. සයිලෝඩස් සුහුඹුලන් ඕවලාකාර මි.මී. 3 ක් 4 ක් දිග කළු පැහැති කුරුමිණියෙක්, පියාපත් මත කහ පැහැ තිත් දෙකක් සහිතයි. දින 14 ක 16 ක ජීවන චක්‍රයක් සහිත ජීවීන්ගේ සුහුඹුලා බිම්මල් නටුව විද හෝ කොම්පෝස්ට් මත පොකුරු වශයෙන් බිත්තර දැමීම සිදුකරයි. ජීවිත කාලය දින 100 ක් වන මේ සතාගේ සුහුඹුලන් හා කීටයින් වර්ධනය වන දිලීර ජාලය හා වර්ධනය වන බිම්මල් ආහාරයට ගනිම්න ජීවත් වේ.ට්රිප්ලැක්ස් කුරුමිණියන් ස්වභාවික බිම්මල්වල විශාල ලෙස දැකිය හැකි දිලීර ජාලය ආහාරයට ගනිමින් ජීවත් වන කුරුමිණියෙකි. කෝදුරුවන් වර්ග දෙකක් හදුනාගත හැකිය. ෆෝරීඩ් සහ සියරිඩ් මෙම වර්ග දෙකයි. මෙම කෝදුරුවා මි.මී. 2-3 ක් දිල පාරදෘෂ්‍ය පියාපත් සහිත මැස්සෙකි. බිම්මලේ තැලි අතර ගැහැණු සතා බිත්තර 40-50 ක් දමයි. දින 4 කින් තැලි අතර පණුවන් දැකිය හැකියි. සියරිඩි කීටයන් කොම්පෝස්ට් තුළ දිලීර ජාලය හා බිම්මල ආහාරයට ගනී. කැකුළු ආහාරයට ගත් විට ඒවා වර්ධනය නවතී. විකෘති බිම්මල් හටගනී. මයිටාවන් පියවි ඇසින් දැකිය නොහැකි මකුළුවකුගේ හැඩය ගන්නා සතුන් විශේෂයකි. ගැහැණු මැස්සන් බිත්තර 40-50 ක් දමයි. තෙත් උණුසුම් කාලගුණයේදී සිඝ්‍ර ගහනයක් පෙන්වයි. දිලීර ජාලය කා දමන මොවුන්ගේ හානියෙන් කැකුළු දුඹුරු පැහැ වී විකෘති වීම සිදු වේ. කොම්පෝස්ට් බදුන් වේයන් කෑ ආකාරයක් දිස්වන අතර විශාල අස්වැන්න අඩුවීම සිදුවේ. ආහාර රටාව අනුව වටපණුවන් වර්ග දෙකක් හදුනාගෙන තිබේ. දිලීර මත යැපෙන වටපණුවන් දිලීර ජලයේ සෛල ආහාරයට ගනී. බිම්මල් දිලීර ජාලයට හානි කරනු ලබන දිලීර ලෙස ට්රයිකොඩර්මා සහ ඇස්පජිලස් දිලීර හැදින්විය හැකියි. දිලීර ජාල සමග තරගකාරීව වැඩෙන මේවා මගින් බිම්මල් දිලීර ජාලයේ වර්ධනය බාල කරයි. අක්‍රමවත් ජීවානුහරණය නිසා ආසාදනය සිදුවේ. බැක්ටීරියා රෝග වශයෙන් සිවුඩොමොනාස් බැක්ටීරියාව මගින් වගා මල්ලේ දුඹුරු පැහැ පැල්ලම් ඇතිවී දිලීර ජාලයේ වැඩීම බාලවී යයි. මෙයින් මල්වල තත්වය ද බාලවේ. කැරපොත්තන් හා මීයන් විසින් මල්වලට හා වැඩුණු දිලීරය සහිත බදුන් මිශ්‍රණයට සැලකිය යුතු හානියක් සිදුකරනු ලබයි. බිම්මල් වගාවේ පළිබෝධ පාලනය පළිබෝධ පාලනය කිරීම සදහා අනුගමනය කළයුතු ක්‍රම 3 ක් තිබේ. 1. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම 2. වගා ක්‍රම 3. පළිබෝධනාශක භාවිතය යොදාගත හැකි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිරිසිදු ජලය භාවිතය. පැකට් මුහුණතට අවප ජලය භාවිතය, කුටිය අවට පිරිසිදුව තබාගැනීම හා කාමරය පිරිසිදුව තබාගැනීම කළහැකිය. යොදාගත හැකි වගා ක්‍රම ලෙස හදුන්වාදිය හැක්කේ, රෝපණ ක්‍රම නිසි ආකාරව පිලිපැදීම අළුත් ලී කුඩු භාවිතා කීරීම මිශ්‍රණයට නිසි ආකාරයෙන් ජලය එකතු කිරීම නියම අයුරින් පැකට් ජීවාණුහරණය කිරීම නීරෝගී බීජ භාවිතා මල් පිපෙන කුටියට නියමාකාර වාතාශ්‍රය ලබාදීම පළිබෝධ ගෘහයට ඇතුල්වීම වැලැක්වීම දින පසුවීමට පෙර අස්වැන්න නෙලා ගැනීම නෙලූ මල්වල නැටි වලලා දැමීම හා මල් නෙලු විගස වගා මළු මුහුණත පිරිසිදු කිරීම අවධානයෙන් සිටීම හා පළිබෝධ ආසාදන හදුනා ගැනීම මල් පිපීම සදහා කාමර එකකට වඩා පවත්වා ගැනීම හා ප්‍රමිතිගත ගෘහ සැකසුම මාස දෙකකට වඩා පැරණි වගා මළු ගිනි තැබීම යන කරුණුයි. පළිබෝධනාශක භාවිතය පළිබෝධ හානිය අවම කරගැනීම සදහා බිම්මල් වගා ගෘහයේ බිම් වගා මළු, රාක්ක හා බිත්ති නිරන්තර පළිබෝධ පරීක්ෂාවට ලක්විය යුතුයි. සිමෙන්ති දැමූ බිමට ජලය දමා තැබීමෙන් බොහෝ පළිබෝධකයින් පාලනය කරගත හැකිය. කාමරයේ බිමට ඩෙටොල් හෝ සැවිලෝන් යෙදීමෙනුත් වැලි බිමකි නම් බිලීව්න් හෙවත් ක්ලෝරීන් කුඩු ඉසීමෙනුත් පළිබෝධ පාලනය කරගත හැකියි. සල්ෆ දියකර විසිරණය මගින් මයිටාවන් හා බැක්ටීරියාවන් පාලනය කරගත හැකියි. එමෙන්ම සල්ෆ පිලිස්සීමෙන් මෙම පළිබෝධකයින් පාලනය කරගත හැකියි. මුහුණත විවෘත නොකල වගා මළු මතට සල්ෆ කුඩු ඉසීමද කළහැකියි. කුරුමිණි පාලනයට කොහොඹ මිශ්‍රණයද මයිටාවන් පාලනයට සුදුළුණු කොහොඹ මිශ්‍රණයද නියම අනුපාතයට සකස්කරගෙන ස්ප්‍රේ කිරීම සාර්ථක මර්ධන ක්රමයකි. මෙලෙස පළිබෝධ පාලනය පිළිබද නිරන්තර අවධානයෙන් සාර්ථක වගාවක් පවත්වා ගත හැකියි. [/SIZE][/COLOR] [CENTER][IMG]http://1.bp.blogspot.com/_bP0QHcrChkE/S-A2iDjekII/AAAAAAAAAB4/P2qfLKKd6sg/s320/A.mal3.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_bP0QHcrChkE/S-A1vL9w2bI/AAAAAAAAABg/vSIOE64vR8o/s320/B.mal4.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_bP0QHcrChkE/S-A1uY7LmHI/AAAAAAAAABQ/4vnXxNG3eMA/s320/B.mal.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom