Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දොම්පේ ඉඩමකදී

මුහුණ වසාගත් සාහසිකයෙක්

"බියගම විලේඡ්" හිමිකරු

කපා කොටා ඝාතනය කරයි

ව්‍යාපාරික ආරාවුලක්ද?

පෞද්ගලික ප්‍රශ්නයක්ද?

- පොලිස් පරීක්ෂණ

හේමන්ත රන්දුණු - ඩබ්ලිව්. ඩී, විතාන,

සචිත්ර ඇල්වලගේ, බියගම- සුගත් ගුණතිලක,

මල්වාන - නිහාල් හේමන්ත, වැලිවේරිය ධම්මික නිමලසූරිය

බියගම විලේඡ් සහ හංවැල්ල විලේඡ් හෝටල් සහ තවත් ව්‍යාපාර රැසක හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ආර්. ඊ. බී. ජයරත්න මහතා ඊයේ (20 වැනිදා) පෙරවරුවේ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩමකට ගිය අවස්ථාවේ එහි කඩා වැදුණු සාහසිකයකු ඒ මහතාගේ හිස දෙපලුවන ලෙස කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර පලා ගොස් ඇත.

ව්‍යාපාරිකයා ඝාතනය කරන අවස්ථාවේ ඔහු බේරා ගැනීමට උත්සාහ කළ කාන්තාවක් ද සාහසිකයාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ අතර ඇය ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.

ඝාතනයට ලක්වූ හැටහය හැවිරිදි රංවලගේ ඊබට් බර්නාඩ් ජයරත්න මහතා දෙදරු පියෙකි. ඒ මහතාගේ බිරිඳ ද මීට වසරකට පමණ උඩදී හදිසි රෝගාබාධයකින් මිය ගියාය.

ජයරත්න මහතා බියගම විලේඡ් හෝටලයේම පිහිටි කාමරයක පදිංචිව සිටි අතර ඔහුගේ දරුවන් දෙදෙනා විවාහවී වෙනම පදිංචිව සිට ඇත.

ඊයේ (20 දා) පෙරවරු 6.00 ට පමණ ජයරත්න මහතා හෝටලයෙන් පිටවී ඇත්තේ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩම් කීපයක් පරීක්ෂා කිරීම සඳහාය. මෙම ඉඩම් පරීක්ෂා කිරීමට යැම ඔහුගේ දින චරියාවේ එක් අංගයක් බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

දොම්පේ නගරයට නුදුරින් පිහිටි හිඹුටුකුඹුර ඉඩමට ඔහු පැමිණ ඇත්තේ පෙරවරු 6.20 ට පමණය.

අක්කර 3 1/2 ක් විශාල එම ඉඩමේ රඹුටන් පොල් සහ තවත් වගාවන් කීපයක් කර තිබී ඇත. එම ඉඩමේ ආරක්ෂාව සඳහා මවක සහ දියණියන් දෙදෙනකු නතර කර සිට ඇත. ජයරත්න මහතා මෙම පවුල පදිංචි නිවස ඉදිරිපිට කතා කරමින් සිටියදී යතුරුපැදිකරුවකු මුහුණ වසාගත් හෙල්මටයක්ද පැළඳගෙන එහි පැමිණ තිබේ.

ජයරත්න මහතා සිය කැබ් රථයට නැගීමට සූදානම් වනවාත් සමඟ එහි කඩාවැදුනු සාහසිකයා සඟවාගෙන සිටි මන්නා පිහියකින් ඔහුගේ හිස දෙපලුවන ලෙස පහරක් එල්ලකර ඇත. පසුව ජයරත්න මහතා බිම ඇද වැටී ඇති අතර සාහසිකයා ඔහුට තවත් පිහි ප්‍රහාර කීපයක් එල්ල කර තිබේ.

ජයරත්න මහතා බේරාගැනීමට ඒ අසල සිටි කාන්තාව උත්සාහ කළ අවස්ථාවේ සාහසිකයා ඇයටද පිහි පහරක් එල්ලකර ඇත. එම ප්‍රහාරයෙන් ඇගේ එක් අතක් දරුණු අන්දමින් කැපී ගොස් තිබිණි.

මෙම ප්‍රහාරය එල්ල කළ සාහසිකයා යතුරුපැදියේ නැගී මල්වාන ප්‍රදේශයට පලා ගොස් තිබේ.

පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළිවි ඇත්තේ මෙම ඝාතනය සඳහා සාහසිකයන් දෙදෙනෙකු යතුරු පැදි දෙකක පැමිණ ඇති බවයි. එක් පුද්ගලයකු ජයරත්න මහතා ඝාතනය කරද්දී අනෙක් පුද්ගලයා ප්‍රධාන මාර්ගය අසල සිට ඔත්තු බලා ඇති බව ද පරීක්ෂණවලින් හෙළිවී ඇත.

ජයරත්න මහතා සිය ව්‍යාපාර කටයුතු සඳහා තනිවම යැමට පුරුදුව සිටි අයෙකි. ඊයේ දිනයේදී මොහු සිය කැබ් රථය පදවාගෙන තනිවම දොම්පේ ප්‍රදේශයට පැමිණි බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ ජයරත්න මහතාට ව්‍යාපාරික ආරවුල් කීපයක් පැවැති අතර අවස්ථා කීපයකදීම මොහුට මරණීය තර්ජන පවා එල්ලවී තිබිණි. ජයරත්න මහතාගේ පුත්‍රයාද කිසියම් ආරවුල් කීපයක් මත මොහු සමඟ දැඩි විරසක බවකින් සිටි බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.

නාවික හමුදාවේ කිමිදුම්කරුවකු ලෙස රැකියාව කළ ජයරත්න මහතා පසුව ඉන් ඉවත්වී ව්‍යාපාරික ක්ෂේත්රයට අවතීර්ණ වූයේ මීට වසර තිහකට පමණ උඩදීය.

කාමර 5 කින් ආරම්භ කළ බියගම විලේඡ් හෝටලය පසුව කාමර 150 ක හෝටලයක් දක්වා දියුණු කර ගැනීමට ඔහුට හැකිවිය. පසුව මොහු හංවැල්ල විලේඡ් නමින් කාමර 100 ක තවත් හෝටලයක් ඉදි කළේය.

බියගම හංවැල්ල, දොම්පේ ඇතුළු ප්‍රදේශ ගණනාවක රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් රාශියක් මොහුට හිමිවී තිබූ අතර අධිවේගී මාර්ගය සඳහා අහිමිවූ ඉඩම් කීපයක් වෙනුවෙන් මොහුට රුපියල් ලක්ෂ 3000 ක මුදලක්ද හිමිවී තිබිණි.

හෝටල්වලට අමතරව බියගම ප්‍රදේශයේ කුලියට දෙන ගබඩා 5 ක් ද මොහුට හිමිය. ඊට අවශ්‍ය බරවාහන රැසක්ද මොහු සතුව තිබූ බව පොලිසිය පවසයි.

මෙම ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ව්‍යාපාරික ආරවුලක් එසේත් නැත්නම් පෞද්ගලික ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වූවාද යන්න පිළිබඳව පොලිසිsය සොයා බලාගෙන යයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දේවප්‍රිය ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපති ෙµඩ්රික් උදයකුමාර, වුඩ්ලර් ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වෙනම පරීක්ෂණයක්ද පවත්වාගෙන යයි.

ඝාතනයට ලක්වූ ආර්. ඊ. බී. ජයරත්න මහතා (65)

පූගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් චන්ද්‍රdණි පයාගල මහත්මිය ඝාතනය සිදුවූ ස්ථානයේදී මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අයුරු. ඡායාරූප දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන

[CODE]http://www.divaina.com/2012/02/21/news01.html[/CODE]

[QUOTE="urajdrlk, post: 12141381, member: 1489"] දොම්පේ ඉඩමකදී මුහුණ වසාගත් සාහසිකයෙක් "බියගම විලේඡ්" හිමිකරු කපා කොටා ඝාතනය කරයි ව්‍යාපාරික ආරාවුලක්ද? පෞද්ගලික ප්‍රශ්නයක්ද? - පොලිස් පරීක්ෂණ හේමන්ත රන්දුණු - ඩබ්ලිව්. ඩී, විතාන, සචිත්ර ඇල්වලගේ, බියගම- සුගත් ගුණතිලක, මල්වාන - නිහාල් හේමන්ත, වැලිවේරිය ධම්මික නිමලසූරිය බියගම විලේඡ් සහ හංවැල්ල විලේඡ් හෝටල් සහ තවත් ව්‍යාපාර රැසක හිමිකරු වූ කෝටිපති ව්‍යාපාරික ආර්. ඊ. බී. ජයරත්න මහතා ඊයේ (20 වැනිදා) පෙරවරුවේ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩමකට ගිය අවස්ථාවේ එහි කඩා වැදුණු සාහසිකයකු ඒ මහතාගේ හිස දෙපලුවන ලෙස කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර පලා ගොස් ඇත. ව්‍යාපාරිකයා ඝාතනය කරන අවස්ථාවේ ඔහු බේරා ගැනීමට උත්සාහ කළ කාන්තාවක් ද සාහසිකයාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ අතර ඇය ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. ඝාතනයට ලක්වූ හැටහය හැවිරිදි රංවලගේ ඊබට් බර්නාඩ් ජයරත්න මහතා දෙදරු පියෙකි. ඒ මහතාගේ බිරිඳ ද මීට වසරකට පමණ උඩදී හදිසි රෝගාබාධයකින් මිය ගියාය. ජයරත්න මහතා බියගම විලේඡ් හෝටලයේම පිහිටි කාමරයක පදිංචිව සිටි අතර ඔහුගේ දරුවන් දෙදෙනා විවාහවී වෙනම පදිංචිව සිට ඇත. ඊයේ (20 දා) පෙරවරු 6.00 ට පමණ ජයරත්න මහතා හෝටලයෙන් පිටවී ඇත්තේ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩම් කීපයක් පරීක්ෂා කිරීම සඳහාය. මෙම ඉඩම් පරීක්ෂා කිරීමට යැම ඔහුගේ දින චරියාවේ එක් අංගයක් බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. දොම්පේ නගරයට නුදුරින් පිහිටි හිඹුටුකුඹුර ඉඩමට ඔහු පැමිණ ඇත්තේ පෙරවරු 6.20 ට පමණය. අක්කර 3 1/2 ක් විශාල එම ඉඩමේ රඹුටන් පොල් සහ තවත් වගාවන් කීපයක් කර තිබී ඇත. එම ඉඩමේ ආරක්ෂාව සඳහා මවක සහ දියණියන් දෙදෙනකු නතර කර සිට ඇත. ජයරත්න මහතා මෙම පවුල පදිංචි නිවස ඉදිරිපිට කතා කරමින් සිටියදී යතුරුපැදිකරුවකු මුහුණ වසාගත් හෙල්මටයක්ද පැළඳගෙන එහි පැමිණ තිබේ. ජයරත්න මහතා සිය කැබ් රථයට නැගීමට සූදානම් වනවාත් සමඟ එහි කඩාවැදුනු සාහසිකයා සඟවාගෙන සිටි මන්නා පිහියකින් ඔහුගේ හිස දෙපලුවන ලෙස පහරක් එල්ලකර ඇත. පසුව ජයරත්න මහතා බිම ඇද වැටී ඇති අතර සාහසිකයා ඔහුට තවත් පිහි ප්‍රහාර කීපයක් එල්ල කර තිබේ. ජයරත්න මහතා බේරාගැනීමට ඒ අසල සිටි කාන්තාව උත්සාහ කළ අවස්ථාවේ සාහසිකයා ඇයටද පිහි පහරක් එල්ලකර ඇත. එම ප්‍රහාරයෙන් ඇගේ එක් අතක් දරුණු අන්දමින් කැපී ගොස් තිබිණි. මෙම ප්‍රහාරය එල්ල කළ සාහසිකයා යතුරුපැදියේ නැගී මල්වාන ප්‍රදේශයට පලා ගොස් තිබේ. පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළිවි ඇත්තේ මෙම ඝාතනය සඳහා සාහසිකයන් දෙදෙනෙකු යතුරු පැදි දෙකක පැමිණ ඇති බවයි. එක් පුද්ගලයකු ජයරත්න මහතා ඝාතනය කරද්දී අනෙක් පුද්ගලයා ප්‍රධාන මාර්ගය අසල සිට ඔත්තු බලා ඇති බව ද පරීක්ෂණවලින් හෙළිවී ඇත. ජයරත්න මහතා සිය ව්‍යාපාර කටයුතු සඳහා තනිවම යැමට පුරුදුව සිටි අයෙකි. ඊයේ දිනයේදී මොහු සිය කැබ් රථය පදවාගෙන තනිවම දොම්පේ ප්‍රදේශයට පැමිණි බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ ජයරත්න මහතාට ව්‍යාපාරික ආරවුල් කීපයක් පැවැති අතර අවස්ථා කීපයකදීම මොහුට මරණීය තර්ජන පවා එල්ලවී තිබිණි. ජයරත්න මහතාගේ පුත්‍රයාද කිසියම් ආරවුල් කීපයක් මත මොහු සමඟ දැඩි විරසක බවකින් සිටි බව පරීක්ෂණවලින් හෙළිවී ඇත. නාවික හමුදාවේ කිමිදුම්කරුවකු ලෙස රැකියාව කළ ජයරත්න මහතා පසුව ඉන් ඉවත්වී ව්‍යාපාරික ක්ෂේත්රයට අවතීර්ණ වූයේ මීට වසර තිහකට පමණ උඩදීය. කාමර 5 කින් ආරම්භ කළ බියගම විලේඡ් හෝටලය පසුව කාමර 150 ක හෝටලයක් දක්වා දියුණු කර ගැනීමට ඔහුට හැකිවිය. පසුව මොහු හංවැල්ල විලේඡ් නමින් කාමර 100 ක තවත් හෝටලයක් ඉදි කළේය. බියගම හංවැල්ල, දොම්පේ ඇතුළු ප්‍රදේශ ගණනාවක රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් රාශියක් මොහුට හිමිවී තිබූ අතර අධිවේගී මාර්ගය සඳහා අහිමිවූ ඉඩම් කීපයක් වෙනුවෙන් මොහුට රුපියල් ලක්ෂ 3000 ක මුදලක්ද හිමිවී තිබිණි. හෝටල්වලට අමතරව බියගම ප්‍රදේශයේ කුලියට දෙන ගබඩා 5 ක් ද මොහුට හිමිය. ඊට අවශ්‍ය බරවාහන රැසක්ද මොහු සතුව තිබූ බව පොලිසිය පවසයි. මෙම ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. ව්‍යාපාරික ආරවුලක් එසේත් නැත්නම් පෞද්ගලික ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වූවාද යන්න පිළිබඳව පොලිසිsය සොයා බලාගෙන යයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දේවප්‍රිය ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් දොම්පේ පොලිස් ස්ථානාධිපති ෙµඩ්රික් උදයකුමාර, වුඩ්ලර් ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වෙනම පරීක්ෂණයක්ද පවත්වාගෙන යයි. ඝාතනයට ලක්වූ ආර්. ඊ. බී. ජයරත්න මහතා (65) පූගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් චන්ද්‍රdණි පයාගල මහත්මිය ඝාතනය සිදුවූ ස්ථානයේදී මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අයුරු. ඡායාරූප දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන [CODE]http://www.divaina.com/2012/02/21/news01.html[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom