Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
**බිලි පුදදෙන භද්‍රකාලී දේවාලය **
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

**බිලි පුදදෙන භද්‍රකාලී දේවාලය **

මිනිස් සංහතියේ ආරම්භයේ පටන් මිනිසා ඉර-හඳ-තාරකාවලට වන්දනා මාන කර ඇත. අනතුරුව ඔවුන් ගස්-ගල්-සතා-සිවු පාවුන්ට වන්දනා මාන කර ඇති බවත් කියති. ඉන් පසු මිනිසා දෙවිවරුන් ලෝකය පාලනය කරන බව සිතා ඔවුනට වන්දනා මාන කිරීම අරඹා ඇත. මෙම තත්ත්ව සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් පළ කළ හැකි වූවත් මේ හැම දෙයක්ම මිනිසා තුළ පහළ වන සිතුවිලි පදනම් කරගෙන සිදුවන බව නම් කීම සත්‍ය වෙයි. ඒ කෙසේ වෙතත් මිනිසුන් දෙවියන් කෙරෙහි දැඩි බැතියක් දක්වනුයේ ඔවුන් මෙම විශ්වයේ ජීවත්වූ බව විශ්වාස කරමිනි.

මර්වින් සිල්වා මහතා මෙයට කලින් මෙම දේවාලයට ඇවිත් පූජා පවත්වලා තියෙනවා. එයා අපේ හිතවතෙක්. එයා මෑණියන්ට එරෙහි වීම අප අනුමත කරන්නේ නැහැ. 2011 වසරේ බිලි පැවැත්වීමට බැතිමතුන් ගෙන ආ එළුවන් හා කුකුළන් ඇමතිතුමා බලෙන් ගෙනගියා. ආපසු ඔවුන් දෙන බව කීවත් අද වන තුරු එම සතුන් දේවාලයට ආපසු ලැබුණේ නැහැ.

හින්දු ආගම අනුව එහි මුදුන් මල් කඩ වනුයේ ඊශ්වර නොහොත් සිව දෙවියන්ය. සිව දෙවියන්ගේ භාර්යාව පාර්වතී නොහොත් අම්මා දෙවියන් බවට දැඩි විශ්වාසයක් හින්දුන් අතර පවතී. එම යුවළට දරුවන් වශයෙන් පුතුන් දෙදෙනකු සිටි අතර ඒ ගණදෙවියන් හා කතරගම දෙවියන් යයි කියති. මේ දේව පවුලින් හින්දුන් මෙන්ම වෙනත් ලබ්ධිකයින්ගෙන් ද දැඩි ගෞරවයක් ලබා ඇත්තේ මහා භද්‍රකාලි දේවිය යයි කීම මුසාවක් නොවනු ඇත.

ඇයට ගෞරවයට වඩා හැම බැතිමතකුම දක්වනුයේ දැඩි බියකි. ඊට හේතුව ඇය කෝපය-වෛරය-පළිගැනීම සඳහාම ප්‍රසිද්ධ නිසාය. හින්දු ආගම අනුව මේ කාලි මාතාව යනු පාර්වතී නොහොත් අම්මා දෙවියන්ම බවට විශ්වාසයක් පවතී. කාලි පාර්වතී අවතාරය යයි ද කියති.

මේ අනුව කාලි මාතාව වටහා ගැනීමට අසීරු චරිතයක් වී ඇත. මහා භද්‍රකාලී දේවත්වය තරම් වටහා ගැනීමට දුෂ්කරවූත් අවුල් සහගත තත්ත්වයක් මුළු හින්දු දේව පරපුරේම නොවූ බව එවකට මෙරට සිටි සුප්‍රසිද්ධ ගත් කතුවරයකු වූ ටී.ජී. ඩබ්ලිව්. ද සිල්වා මහතා 1974 මාර්තු මස 14 වන දින පළ වූ එක්තරා පුවත් පතකට ලියා ඇති ලිපියක දැක්වේ.

පත්තිනි මෑණියෝ නොහොත් අම්මා දෙවියන් හෝ පාර්වතී යන නමින් හඳුන්වන්නේ කරුණාව-දයාව හා සෞම්‍ය චරිතයකි. ඇය වෙනුවෙන් ප්‍රදර්ශනය කර ඇති ප්‍රතිමා-රූප හෝ චිත්‍ර ද ඒ අනුව දර්ශනීය සළු පිළියෙන් සම්පූර්ණ කර දක්වා ඇත. ඇගේම අවතාරයක් වන මහා භද්‍රකාලි ඊට පරස්පරව නිරූපනය කරවයි. ඇය අත ඇත්තේ කඩු, කිණිසි, යගදා වැනි යුද්ධය සඳහා වූ ආයුධයි.

ඇත්තටම මේ මහා භද්‍රකාලී යනු කවුද?

සුර අසුර යුද්ධය අවස්ථාවේදී කාලිමාතාවන් ඊට එක්වූ බවත් බොහෝ දෙනා විශ්වාස කරති. ඒ ඊශ්වර දෙවියන්ගේ සහය ඇතිවයි. ඒ නිසා පරාජය හමුවෙහි සිටි සුරයන්ට ජයගත හැකි වූ බව කියති. කාලි හා ඊශ්වර අතර මේ අනුව දැඩි සම්බන්ධයක් පවතින බවත් ඒ අනුව ලෝකයේ ඕනෑම ස්ථානයක ඊශ්වර කෝවිලක් ඉදිකරනුයේ නම් ඊට ආසන්නයේම මහා භද්‍රකාලි මෑණියන් නමින් ද දේවාලයක් ඉදි කිරීම හින්දු ආගමික සම්ප්රදායකි.

මෙරට කාලි දේවාල අතුරින් හින්දුන් මෙන්ම අනෙකුත් ලබ්ධිකයින්ගේ ද විශේෂ ගෞරවයක් දිනාඇත්තේ හලාවත මුන්නේශ්වරම් ශ්‍රී මහා භද්‍රකාලී දේවාලයයි. ඈත අතීතයේ පටන් එම දේවාලය වෙත විවිධ පිරිස් පැමිණ ඇත. අනෙකුත් ඕනෑම දේවාලයකට ගොස් එයට අරක් ගත් දෙවියන්ගෙන් පිහිටාධාර ඉල්ලා සිටියත් භද්‍රකාලි අම්මාන් දේවාලයක් වෙත එනුයේ පලිගැනීම් හෝ දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමිනි. කිසිවකුට විනාශය අත් කර දෙන ලෙස ඉල්ලමින් බොහෝ දෙනෙක් කාලි මෑණියන් වෙත යාතිකා කරති.

කිසියම් වස්තුවක් සොරා ගැනීමේදී බොහෝ දෙනෙකු පොලීසියට යන්නා සේ ම බොහෝ දෙනෙක් තමන්ට එම අලාභය හෝ හානිය කළ අයට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් යනුයේ මෙම ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයටය. තම ප්‍රාර්ථනය ඉටු වූවහොත් සත්ව බිලි පූජාවක් කරන බවටත් ඔවුහු පොරොන්දු වෙති. ඒ අනුව එම බැතිමත්හු එළුවකු හෝ කුකුළකු ගෙනැවිත් බිලි පූජාව කරති. කාලි මාතාව යකින්නක යන විශ්වාසය මත මෙම බිලි පූජාව කරන බව ද කියති.

මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලි දේවාලය ආරම්භ කළ දිනයක් ගැන මෙතෙක් හෙළි වී නැත. එහෙත් ඊශ්වර දේවාලයක් ආශි‍්‍රතව කාලි අම්මාන් කෝවිලක් ද තිබිය යුතු බවට පවතින මතය අනුව මෙම දේවාලය ද මුන්නේශ්වරම් ඊශ්වර මහා දේවාලය තරම්ම පැරණි බව පිළිගත හැකිවේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඉ) වගන්තිය යටතේ ඕනෑම ශ්‍රී ලාංකිකයකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස භුක්ති විඳිය හැකිය. ඒ අනුව ඒ ඒ ආගම් වල සම්මත අනුව බිලි පූජා කළ හැකි බවට මතයක් වත්මන් සමාජය තුළ අතීතයේ පටන් ක්‍රියාත්මක වී ඇත. එහෙත් මෑතක පටන් ආගමික කටයුතු සඳහා කිසිම සත්වයකුගේ පණ නැසීම පාපයක් බවට මතයක් ද මේ වන විට සාමාජය තුළ කථා බහට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් ස්වාමිවරයා මෙසේ කීය.

‘‘මුන්නේශ්වරම ශ්‍රී භද්‍රකාලි අම්මන් දේවාලය ඉදිකර ඇති නිශ්චිත කාල වකවානුව කිව නොහැකියි. එහෙත් ඊශ්වර මහා දේවාලය ඉදිකර ඇත්තේ රාම රාවණා යුගයටත් පෙර සිට බවට විශ්වාසයක් තියෙනවා. අප පරම්පරාවේ 13 වැනි ප්‍රධාන පූජකවරයා මමයි. අපේ පරම්පරා 13ම මෙම කාලි අම්මන් කෝවිලේ තේවා කටයුතුවල නිරතව සිටිනවා.

මෙම පරම්පරා 13ම මෑණියන් වෙනුවෙන් කළයුතු හැම රාජකාරියක්ම කර තියෙනවා. මෙම දේවාලයේ ප්‍රධානම රාජකාරිය තමයි මෑණියන් පිනවීමට බැති මතුන් විසින් සතුන් බිලිදෙනු ලැබීම. මතක ඇති කාලයක පටන් මෙම සත්ව බිලි පූජා කර ඇත. පසුගිය යුද සමයේදී දකුණේ සිංහල පවුල් වල බොහෝ අම්මලා මෑණියන් හමුවට ඇවිත් යුද්ධයට ගොස් සිටි තම පුතාලගේ ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියහ. යුද්ධය ඉවර වූ පසු එම අම්මලා තාත්තලා තම පුතුන් සමග ඇවිත් මෑණියන් පිනවීම පිණිස විවිධ ආකාරයට කුකුළන් හෝ එළුවන් යොදා ගෙන සත්ව බිලි පූජා පැවැත්වූවා.

2011 වසරේ දී පරම්පරා 13ක් පවත්වාගෙන ගිය මෙම සත්ව බිලි පූජාව හලාවත අධිකරණය විසින් පනවනු ලැබූ තහනමක් මත නිසි අයුරින් කළ නොහැකි වූවා. ඒ අතර මෙම සත්ව බිලි පූජාවන් නතර කරන ලෙස ඉල්ලා පැවරූ නඩු අධිකරණ මගින් ඉවත දමා තියෙනවා.

මර්වින් සිල්වා මහතා මෙයට කලින් මෙම දේවාලයට ඇවිත් පූජා පවත්වලා තියෙනවා. එයා අපේ හිතවතෙක්. එයා මෑණියන්ට එරෙහි වීම අප අනුමත කරන්නේ නැහැ. 2011 වසරේ බිලි පැවැත්වීමට බැතිමතුන් ගෙන ආ එළුවන් හා කුකුළන් ඇමතිතුමා බලෙන් ගෙනගියා. ආපසු ඔවුන් දෙන බව කීවත් අද වන තුරු එම සතුන් දේවාලයට ආපසු ලැබුණේ නැහැ. අපට ආරංචි වුණා එතුමා එම සතුනට කළ දෙය. ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කළා මෙම බිලි පූජාව නොපවත්වන ලෙස. අප එයට ගරුකර පූජාව නැවැත්වූවා යැයි ද පූජකවරයා කීය.

මෙම සත්ව බිලි පූජා පැවැත්වීමට එරෙහිව සත්ව හිංසනය වැළැක්වීමේ සර්ව ආගමික එකමුතුව පසුගිය ඉරිදා (26) දා මුන්නේශ්වරම් කාලි දේවාලය ඉදිරි පිටදී සත්‍යක්‍රියාවක යෙදුණි. එයට භික්ෂූන් වහන්සේලා පිරිසක් හා දකුණෙන් ආ පිරිසක් එක්ව සිටියහ.

එම විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ 1979 ජූනි මස කැබිනට් තීරණයක් මත මෙරට සත්ව බිලි පූජා පැවැත්වීම තහනම් කර ඇති බවයි. අනෙක් අතට සිංහල බෞද්ධයන් මෙම සිද්ධියේ දී දැඩි ලෙස කම්පනයට පත්වන බවත් කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට ගෙනැවිත් ප්‍රදර්ශනය කරන අතර තුර කාලි දේවාලයෙහි සත්ව බිලි පූජා සිදුකිරීම අගෝචර බැවින් මෙය නතර කරන ලෙසටත් ඔවුහු ඉල්ලූහ.

මෙහිදී ගම්වාසීන් පිරිසක් එම විරෝධතාකරුවන් හා ගැටුමක් ඇති කරගැනීමට ගියත් හලාවත පොලීසියේ නිලධාරින්ගේ ස්ථානෝචිත ප්‍රඥාව මත එම ගැටුම නතර කර ගැනීම විශේෂ වේ.

බිලි පූජා පැවැත්වීමෙන් ඊට විරුද්ධ මත දරන්නන් හා ගැටුමක් හට ගැනීමට ඉඩ ඇති බව කී හලාවත පොලීසිය 2011 වසරේදී සත්ව බිලි පූජා පැවැත්වීම තහනම් කරන ලෙස කළ ඉල්ලීම මත හලාවත අධිකරණය එය ලබා දුන්නේය. එහෙත් පසුගිය වසරේ සත්ව බිලි පූජාව නවතන ලෙස ඉල්ලූ හලාවත පොලීසිය මේ වසරේ විරෝධතා පැවැත්වීමෙන් බිලි පූජා පවත්වන්නට නොහැකි වන බව කියා විරෝධතා තහනම් කරන ලෙස හලාවත අධිකරණයෙන් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් මත කිසිදු විරෝධතාවක් පැවැත්වීම අධිකරණය තහනම් කර ඇත.

මර්වින් සිල්වා ඇමතිවරයාගේ නමින් කාලි දේවාලයේ පූජකවරුනට මරණීය තර්ජන දුරකතන මඟින් එල්ල වන බැවින් තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ද එම පූජකවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

එදා බිලිපූජාව

ගෙල කපා මැරූ එළුවා ගෙන යමින්

[QUOTE="somadasa, post: 13332460, member: 220773"] [b]**බිලි පුදදෙන භද්‍රකාලී දේවාලය **[/b] [SIZE=4]මිනිස් සංහතියේ ආරම්භයේ පටන් මිනිසා ඉර-හඳ-තාරකාවලට වන්දනා මාන කර ඇත. අනතුරුව ඔවුන් ගස්-ගල්-සතා-සිවු පාවුන්ට වන්දනා මාන කර ඇති බවත් කියති. ඉන් පසු මිනිසා දෙවිවරුන් ලෝකය පාලනය කරන බව සිතා ඔවුනට වන්දනා මාන කිරීම අරඹා ඇත. මෙම තත්ත්ව සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් පළ කළ හැකි වූවත් මේ හැම දෙයක්ම මිනිසා තුළ පහළ වන සිතුවිලි පදනම් කරගෙන සිදුවන බව නම් කීම සත්‍ය වෙයි. ඒ කෙසේ වෙතත් මිනිසුන් දෙවියන් කෙරෙහි දැඩි බැතියක් දක්වනුයේ ඔවුන් මෙම විශ්වයේ ජීවත්වූ බව විශ්වාස කරමිනි. [CENTER] [/CENTER] [B][COLOR=#FFFFFF]මර්වින් සිල්වා මහතා මෙයට කලින් මෙම දේවාලයට ඇවිත් පූජා පවත්වලා තියෙනවා. එයා අපේ හිතවතෙක්. එයා මෑණියන්ට එරෙහි වීම අප අනුමත කරන්නේ නැහැ. 2011 වසරේ බිලි පැවැත්වීමට බැතිමතුන් ගෙන ආ එළුවන් හා කුකුළන් ඇමතිතුමා බලෙන් ගෙනගියා. ආපසු ඔවුන් දෙන බව කීවත් අද වන තුරු එම සතුන් දේවාලයට ආපසු ලැබුණේ නැහැ.[/COLOR][/B] හින්දු ආගම අනුව එහි මුදුන් මල් කඩ වනුයේ ඊශ්වර නොහොත් සිව දෙවියන්ය. සිව දෙවියන්ගේ භාර්යාව පාර්වතී නොහොත් අම්මා දෙවියන් බවට දැඩි විශ්වාසයක් හින්දුන් අතර පවතී. එම යුවළට දරුවන් වශයෙන් පුතුන් දෙදෙනකු සිටි අතර ඒ ගණදෙවියන් හා කතරගම දෙවියන් යයි කියති. මේ දේව පවුලින් හින්දුන් මෙන්ම වෙනත් ලබ්ධිකයින්ගෙන් ද දැඩි ගෞරවයක් ලබා ඇත්තේ මහා භද්‍රකාලි දේවිය යයි කීම මුසාවක් නොවනු ඇත. ඇයට ගෞරවයට වඩා හැම බැතිමතකුම දක්වනුයේ දැඩි බියකි. ඊට හේතුව ඇය කෝපය-වෛරය-පළිගැනීම සඳහාම ප්‍රසිද්ධ නිසාය. හින්දු ආගම අනුව මේ කාලි මාතාව යනු පාර්වතී නොහොත් අම්මා දෙවියන්ම බවට විශ්වාසයක් පවතී. කාලි පාර්වතී අවතාරය යයි ද කියති. මේ අනුව කාලි මාතාව වටහා ගැනීමට අසීරු චරිතයක් වී ඇත. මහා භද්‍රකාලී දේවත්වය තරම් වටහා ගැනීමට දුෂ්කරවූත් අවුල් සහගත තත්ත්වයක් මුළු හින්දු දේව පරපුරේම නොවූ බව එවකට මෙරට සිටි සුප්‍රසිද්ධ ගත් කතුවරයකු වූ ටී.ජී. ඩබ්ලිව්. ද සිල්වා මහතා 1974 මාර්තු මස 14 වන දින පළ වූ එක්තරා පුවත් පතකට ලියා ඇති ලිපියක දැක්වේ. පත්තිනි මෑණියෝ නොහොත් අම්මා දෙවියන් හෝ පාර්වතී යන නමින් හඳුන්වන්නේ කරුණාව-දයාව හා සෞම්‍ය චරිතයකි. ඇය වෙනුවෙන් ප්‍රදර්ශනය කර ඇති ප්‍රතිමා-රූප හෝ චිත්‍ර ද ඒ අනුව දර්ශනීය සළු පිළියෙන් සම්පූර්ණ කර දක්වා ඇත. ඇගේම අවතාරයක් වන මහා භද්‍රකාලි ඊට පරස්පරව නිරූපනය කරවයි. ඇය අත ඇත්තේ කඩු, කිණිසි, යගදා වැනි යුද්ධය සඳහා වූ ආයුධයි. [COLOR=#FF0000][B]ඇත්තටම මේ මහා භද්‍රකාලී යනු කවුද?[/B][/COLOR] සුර අසුර යුද්ධය අවස්ථාවේදී කාලිමාතාවන් ඊට එක්වූ බවත් බොහෝ දෙනා විශ්වාස කරති. ඒ ඊශ්වර දෙවියන්ගේ සහය ඇතිවයි. ඒ නිසා පරාජය හමුවෙහි සිටි සුරයන්ට ජයගත හැකි වූ බව කියති. කාලි හා ඊශ්වර අතර මේ අනුව දැඩි සම්බන්ධයක් පවතින බවත් ඒ අනුව ලෝකයේ ඕනෑම ස්ථානයක ඊශ්වර කෝවිලක් ඉදිකරනුයේ නම් ඊට ආසන්නයේම මහා භද්‍රකාලි මෑණියන් නමින් ද දේවාලයක් ඉදි කිරීම හින්දු ආගමික සම්ප්රදායකි. මෙරට කාලි දේවාල අතුරින් හින්දුන් මෙන්ම අනෙකුත් ලබ්ධිකයින්ගේ ද විශේෂ ගෞරවයක් දිනාඇත්තේ හලාවත මුන්නේශ්වරම් ශ්‍රී මහා භද්‍රකාලී දේවාලයයි. ඈත අතීතයේ පටන් එම දේවාලය වෙත විවිධ පිරිස් පැමිණ ඇත. අනෙකුත් ඕනෑම දේවාලයකට ගොස් එයට අරක් ගත් දෙවියන්ගෙන් පිහිටාධාර ඉල්ලා සිටියත් භද්‍රකාලි අම්මාන් දේවාලයක් වෙත එනුයේ පලිගැනීම් හෝ දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමිනි. කිසිවකුට විනාශය අත් කර දෙන ලෙස ඉල්ලමින් බොහෝ දෙනෙක් කාලි මෑණියන් වෙත යාතිකා කරති. කිසියම් වස්තුවක් සොරා ගැනීමේදී බොහෝ දෙනෙකු පොලීසියට යන්නා සේ ම බොහෝ දෙනෙක් තමන්ට එම අලාභය හෝ හානිය කළ අයට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් යනුයේ මෙම ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයටය. තම ප්‍රාර්ථනය ඉටු වූවහොත් සත්ව බිලි පූජාවක් කරන බවටත් ඔවුහු පොරොන්දු වෙති. ඒ අනුව එම බැතිමත්හු එළුවකු හෝ කුකුළකු ගෙනැවිත් බිලි පූජාව කරති. කාලි මාතාව යකින්නක යන විශ්වාසය මත මෙම බිලි පූජාව කරන බව ද කියති. මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලි දේවාලය ආරම්භ කළ දිනයක් ගැන මෙතෙක් හෙළි වී නැත. එහෙත් ඊශ්වර දේවාලයක් ආශි‍්‍රතව කාලි අම්මාන් කෝවිලක් ද තිබිය යුතු බවට පවතින මතය අනුව මෙම දේවාලය ද මුන්නේශ්වරම් ඊශ්වර මහා දේවාලය තරම්ම පැරණි බව පිළිගත හැකිවේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඉ) වගන්තිය යටතේ ඕනෑම ශ්‍රී ලාංකිකයකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස භුක්ති විඳිය හැකිය. ඒ අනුව ඒ ඒ ආගම් වල සම්මත අනුව බිලි පූජා කළ හැකි බවට මතයක් වත්මන් සමාජය තුළ අතීතයේ පටන් ක්‍රියාත්මක වී ඇත. එහෙත් මෑතක පටන් ආගමික කටයුතු සඳහා කිසිම සත්වයකුගේ පණ නැසීම පාපයක් බවට මතයක් ද මේ වන විට සාමාජය තුළ කථා බහට ලක්ව ඇත. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් ස්වාමිවරයා මෙසේ කීය. ‘‘මුන්නේශ්වරම ශ්‍රී භද්‍රකාලි අම්මන් දේවාලය ඉදිකර ඇති නිශ්චිත කාල වකවානුව කිව නොහැකියි. එහෙත් ඊශ්වර මහා දේවාලය ඉදිකර ඇත්තේ රාම රාවණා යුගයටත් පෙර සිට බවට විශ්වාසයක් තියෙනවා. අප පරම්පරාවේ 13 වැනි ප්‍රධාන පූජකවරයා මමයි. අපේ පරම්පරා 13ම මෙම කාලි අම්මන් කෝවිලේ තේවා කටයුතුවල නිරතව සිටිනවා. මෙම පරම්පරා 13ම මෑණියන් වෙනුවෙන් කළයුතු හැම රාජකාරියක්ම කර තියෙනවා. මෙම දේවාලයේ ප්‍රධානම රාජකාරිය තමයි මෑණියන් පිනවීමට බැති මතුන් විසින් සතුන් බිලිදෙනු ලැබීම. මතක ඇති කාලයක පටන් මෙම සත්ව බිලි පූජා කර ඇත. පසුගිය යුද සමයේදී දකුණේ සිංහල පවුල් වල බොහෝ අම්මලා මෑණියන් හමුවට ඇවිත් යුද්ධයට ගොස් සිටි තම පුතාලගේ ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියහ. යුද්ධය ඉවර වූ පසු එම අම්මලා තාත්තලා තම පුතුන් සමග ඇවිත් මෑණියන් පිනවීම පිණිස විවිධ ආකාරයට කුකුළන් හෝ එළුවන් යොදා ගෙන සත්ව බිලි පූජා පැවැත්වූවා. 2011 වසරේ දී පරම්පරා 13ක් පවත්වාගෙන ගිය මෙම සත්ව බිලි පූජාව හලාවත අධිකරණය විසින් පනවනු ලැබූ තහනමක් මත නිසි අයුරින් කළ නොහැකි වූවා. ඒ අතර මෙම සත්ව බිලි පූජාවන් නතර කරන ලෙස ඉල්ලා පැවරූ නඩු අධිකරණ මගින් ඉවත දමා තියෙනවා. මර්වින් සිල්වා මහතා මෙයට කලින් මෙම දේවාලයට ඇවිත් පූජා පවත්වලා තියෙනවා. එයා අපේ හිතවතෙක්. එයා මෑණියන්ට එරෙහි වීම අප අනුමත කරන්නේ නැහැ. 2011 වසරේ බිලි පැවැත්වීමට බැතිමතුන් ගෙන ආ එළුවන් හා කුකුළන් ඇමතිතුමා බලෙන් ගෙනගියා. ආපසු ඔවුන් දෙන බව කීවත් අද වන තුරු එම සතුන් දේවාලයට ආපසු ලැබුණේ නැහැ. අපට ආරංචි වුණා එතුමා එම සතුනට කළ දෙය. ජනාධිපතිතුමා අපෙන් ඉල්ලීමක් කළා මෙම බිලි පූජාව නොපවත්වන ලෙස. අප එයට ගරුකර පූජාව නැවැත්වූවා යැයි ද පූජකවරයා කීය. මෙම සත්ව බිලි පූජා පැවැත්වීමට එරෙහිව සත්ව හිංසනය වැළැක්වීමේ සර්ව ආගමික එකමුතුව පසුගිය ඉරිදා (26) දා මුන්නේශ්වරම් කාලි දේවාලය ඉදිරි පිටදී සත්‍යක්‍රියාවක යෙදුණි. එයට භික්ෂූන් වහන්සේලා පිරිසක් හා දකුණෙන් ආ පිරිසක් එක්ව සිටියහ. එම විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ 1979 ජූනි මස කැබිනට් තීරණයක් මත මෙරට සත්ව බිලි පූජා පැවැත්වීම තහනම් කර ඇති බවයි. අනෙක් අතට සිංහල බෞද්ධයන් මෙම සිද්ධියේ දී දැඩි ලෙස කම්පනයට පත්වන බවත් කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට ගෙනැවිත් ප්‍රදර්ශනය කරන අතර තුර කාලි දේවාලයෙහි සත්ව බිලි පූජා සිදුකිරීම අගෝචර බැවින් මෙය නතර කරන ලෙසටත් ඔවුහු ඉල්ලූහ. මෙහිදී ගම්වාසීන් පිරිසක් එම විරෝධතාකරුවන් හා ගැටුමක් ඇති කරගැනීමට ගියත් හලාවත පොලීසියේ නිලධාරින්ගේ ස්ථානෝචිත ප්‍රඥාව මත එම ගැටුම නතර කර ගැනීම විශේෂ වේ. බිලි පූජා පැවැත්වීමෙන් ඊට විරුද්ධ මත දරන්නන් හා ගැටුමක් හට ගැනීමට ඉඩ ඇති බව කී හලාවත පොලීසිය 2011 වසරේදී සත්ව බිලි පූජා පැවැත්වීම තහනම් කරන ලෙස කළ ඉල්ලීම මත හලාවත අධිකරණය එය ලබා දුන්නේය. එහෙත් පසුගිය වසරේ සත්ව බිලි පූජාව නවතන ලෙස ඉල්ලූ හලාවත පොලීසිය මේ වසරේ විරෝධතා පැවැත්වීමෙන් බිලි පූජා පවත්වන්නට නොහැකි වන බව කියා විරෝධතා තහනම් කරන ලෙස හලාවත අධිකරණයෙන් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් මත කිසිදු විරෝධතාවක් පැවැත්වීම අධිකරණය තහනම් කර ඇත. මර්වින් සිල්වා ඇමතිවරයාගේ නමින් කාලි දේවාලයේ පූජකවරුනට මරණීය තර්ජන දුරකතන මඟින් එල්ල වන බැවින් තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ද එම පූජකවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. [B]හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු[/B] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/09/e.jpg[/IMG]එදා බිලිපූජාව [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/09/f.jpg[/IMG] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/09/d.jpg[/IMG]ගෙල කපා මැරූ එළුවා ගෙන යමින් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom