Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිව්වා නම් මෙහෙම වෙන්නේ නෑ…..ඒකයි දුක…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිව්වා නම් මෙහෙම වෙන්නේ නෑ…..ඒකයි දුක…

අනුර කේ. එදිරිසූරිය කවියෙක්. කෙටිකතාකරුවෙක්. පරිවර්තකයෙක්.ඔහු දිනමිණ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයාද වේ. මේ ඔහුය.

අනුරගේ ගම කොහෙද?

ගම කෑගල්ලේ රඹුක්කන. කන්ද උඩරට පටන් ගන්න තැන. හුදෙකලා ගමක්. පරිසරය නම් ඉතාම සුන්දරයි. ඒත් ජීවිත නම් එච්චර සුන්දර නෑ. හරිම දුෂ්කරයි.

තාත්තා මොකද කළේ?

අප්පච්චි ගොවියෙක්. අම්මත් ගෙවිලියක්.

අද ඉන්න අනුර නිර්මාණය වන පසුබිම හැදෙන්නේ මේ ගමෙන්ද?

නෑ. ටවුමෙන්. මම හිතන්නේ මට ලැබුණු ලොකුම චාන්ස්-එක තමයි ඉගෙන ගන්න ටවුමේ ඉස්කෝලයකට යන්න ලැබීම. ඒ හින්දා මුල ඉඳලාම ගම එක්ක තිබුණු සබඳතා කැඩුණා. ගමේ ඉස්කෝලේ ගිය කෙනෙකුට වඩා වැඩි දේවල් ටිකක් අතපත ගාන්න මට ලැබුණා. අපේ ගම පොල්ගහවෙලටයි, රඹුක්කනටයි මැද තිබුණේ. මේ ටවුන් දෙකටම ගමේ ඉඳලා දුර සමානයි. අපේ ගමේ අයට සාපේක්ෂව මගේ අම්මාගේ පවුලට යමක්කමක් තිබුණා. ඒ නිසා අම්මාගේ මාපියන් අම්මාවත් දාලා තිබුණේ ටවුමේ පාසලකට. ඒත් සීයා නැතිවුණාම අම්මාගේ අධ්‍යාපනය නැවතිලා. මම පස්සේ කාලයේ හිතනවා, අම්මා එයාට නොලැබිච්ච ඇරියස් එක තමයි මම ලවා පිරිමහගන්න උත්සාහ කළේ කියලා.

ඉතිං, ඔබ ඒ ඇරියස් එක කවර් කළාද?

මටත් ඒක කරන්න බැරිවුණා. මොකද මම පාසල් යන කාලේම ජවිපෙ දේශපාලනයට එකතු වුණා. මගේ මාමායි මමයි වයස පරතරය ගත්තාම අවුරුදු පහක් විතර ඇති. එයා ඉස්කෝලේ ගියේ පොල්ගහවෙල. මම රඹුක්කන. කොහොමහරි මුලින් ඔහු පක්ෂයට සම්බන්ධවෙලා වැඩ කළා. ඔහු තමයි මාව එතැනට ගත්තේ. අපි ඒ කාලේ ටෝගා, යුනිකෝ බලලා අමුතු ලෝකයක හිටියේ. මට මතකයි මට පක්ෂයට බැඳෙන්න කිව්වාම මම මුලින්ම ඇහැව්වේ පක්ෂයේ කරාටේ උගන්වනවාද කියලා. එයා මාව නම්මාගන්න ඔව් කිව්වා. ඒවා බොරු. කොහොම වුණත් පක්ෂයට වැඩ කරන කොට මට ආස හිතුණා. ඉතින් මමත් ශිෂ්‍යයෙක් විදියට ඒ ඒ දේවල් කළා. පක්ෂයට උපරිම කැපවුණ හින්දා අම්මාගේ ඇරියස් කවර් කරන්න බැරිවුණා.

ගෙදරට ආරංචි වුණාම තත්ත්වය මොකද?

තදබල විරෝධයක් ආවා. ඒක ආවේ අධ්‍යාපනය කඩාකප්පල් කර ගනී කියන තැනට වඩා වෙන තැනකින්. අපේ පවුල් එදා ඉඳලාම යූඑන්පී. එතකොට පවතින රජයත් යූඑන්පී. ඉතින් අපි මේ කැරලි ගහන්න හදන්නේ යූඑන්පීයටම විරුද්ධවනේ. ඒකට ගෙදරින් තදබල විරෝධයක් ආවා. ඒත් පස්සේ පක්ෂයේ අය නිතර ගෙදර යන්න එන්න ගත්තාම අම්මාත් දන්නෙම නැතිව අපේ පිලට ආවා. එයාත් ජවිපෙ වුණා.

ඒ දේශපාලනය කරලා පොලිසියට මාට්ටු වුණේ නැද්ද?

මාට්ටු වුණා. ඒ නරකම කාලේ නෙමෙයි. 83 පක්ෂය තහනම් කළ කාලේ. කොහොමහරි මාවත් රුසියානු පොත් ළඟ තියාගත්තා කියලා එක්කගෙන ගියා. දවස් තුන හතරක් පොලිසියෙත් තියාගත්තා. කොහොම හරි මගේ උපායශීලීකමටත්, ඊට වඩා පොලිසියේ ලොකු මහත්තයාගේ හොඳකමටත් මාව බේරුණා. 88/89 කාලේ හැංගි හැංගි ඉඳලා අහුනොවෙන තැනට වග බලා ගත්තා.

සාහිත්‍යය පැත්තට නැඹුරු වෙන්නේ කොහොමද?

ඒක සිද්දවෙන්නේ පක්ෂය හරහා කිව්වොත් තමයි නිවැරදිම. මොකද මම උසස් පෙළ පවා කරන්නේ වාණිජ විෂය ධාරාවෙන්. ඒත් මම ශිෂ්‍යයෙක් විදියට පක්ෂයේ වැඩ කරනකොට ලියන්න පටන් ගත්තා. මගේ මුල්ම කවිය පළවුණේ ‘සීනුව’ පත්තරේ. අපි ශිෂ්‍යයෝ විදියට යටින් තමයි දේශපාලනය කළේ. ඒ නිසා මුලින්ම ලිව්වේ, කෑගල්ලේ සංඛ කියලා. ඒත් ලොකු සාහිත්‍යයක් කළේ නෑ. පාසල්වල කමිටු පැවැත්තුවා. පන්ති පහ කළා. ඔය අතරෙ ලිව්වා.

කොළඹට එන්නේ රැකියාවකටද?

මූලික දේ වුණේ ජීවිත ආරක්ෂාව. ගමේ හිටියා නම් මගේ ආරක්ෂාව අඩුයි. පොලිසිය ඒ වෙනකොට මාව හොයනවා. ඉතින් මුලින්ම කොළඹ ඇවිල්ලා මායා ඇවනිව් පෙට්‍රල් ෂෙඞ් එකක වැඩ කළා. එතැන තෝරාගන්න විශේෂ හේතුව වුණේ නවාතැන් ලැබීම. ඔය කාලේ මම නිතර කවි ලියනවා නවලිය, තරුණි පත්තරවලට. කොළඹ එන්න කලින් ඉඳලා ලියනවා. ඒත් මේ කාලේ ඒක වැඩිවුණා. ඒ කාලේ මගේ යාළුවෙක් හිටියා කීර්ති එස්. කුමාර කියලා. එයා ලිට්ල් රෝස් එකෙන් කළ යුවති පත්තරේ එඩිටර්. ඒ යාළුකමට මම නිතර එයා හම්බවෙන්න යනවා. ඒ අතරේ ඒකේ ලියන්නත් සම්බන්ධ වෙනවා. ඒ අතර ප්‍රේමදාස ජනාධිපතිවරයාත් මැරිලා. රටේ තත්ත්වය වෙනස් වෙලා. ආයේ පක්ෂය පටන් අරන්. මම ඒකෙත් වැඩ. සුවඳ පත්තරයට තමයි මම මුලින්ම පත්තරයකට කියලා සම්බන්ධ වෙන්නේ. සැලකිය යුතු වැටුපකුත් ලැබුණා. කොහොම වුණත් මම කළ දේශපාලනයත් එක්ක ඒ මතවාදයත් එක්ක මට සුවඳ පත්තරේ ඉන්න අපහසු වුණා. ඒ නිසා ඒකෙන් අයින්වෙලා දීපන කියලා සඟරාවක් කරන්න එකතු වුණා. පර්මනන්ට් ජොබ් එක දාලා ෆ්රීලාන්ස් ගියේ. ඒකත් කලාප දෙකයි කළේ. ඊළඟට හිරු සඟරාවට එකතු වුණා. මාතොට සඟරාව කළා. ඉරිදා කියලා පත්තරයක හිටියා. අන්තිමට කැණිමඬල කියලා සඟරාවක් කළා. එතැනින් පස්සේ ලේක්හවුස් එකට ආවා. දැන් ඒකේ වැඩ.

පක්ෂයෙන් අත ඇරුණාද?

ඔව්! විවිධ හේතු මත මට පක්ෂයේ ඉන්න බැරිවුණා. ඒ පක්ෂයේ වෙනස් නොවන ලක්ෂණ හින්දා. එහෙම බෑ. අපි පැරණි තැනම ඉඳලා යන්න බෑ. ලෝකයේ නූතනත්වයට ගැළපෙන්න මතවාද සකස් විය යුතුයි. ඒ නිසා අදටත් ගැටලුවක් නෑ. හැබැයි විවේචනයක් තියෙනවා. ලොකු කලකිරීමක් ඇතිවුණා. හේතුව තමයි මගේ ගමේ සක්රියවම දායක වූ කෙනාට ඡන්දය ඉල්ලන්න නොදී වෙන කෙනෙකුට දුන්නා. මම ඇහැව්වා ඒ ඇයි කියලා. එතකොට දුන්න උත්තරය වුණේ එයා අඩු කුලේ. එයාව දැම්මොත් පක්ෂයත් අඩුවට තකනවා. දාපු කෙනා කුලෙන් උසස් කියලා. මම ඇහැව්වා අපි කරන්න ඕනෑ පීඩිත පක්ෂයක් නම් ඒ අයවම දාලා දිනන එක නෙමෙයිද කියලා. ඒත් මගේ මතය පරාද වුණා.

ඔබට අද අතක් සහ කකුලක් අහිමියි. කකුලට මොකද වුණේ?

දෙකටම එකම හේතුව කෝච්චිය. කකුල නැති වෙනකොට මම ඕලෙවල් කරලාත් නෑ. අපේ අප්පච්චි ටිකක් සැර පරුෂ කෙනෙක්. ඒ නිසා ගමේ බජාර් බහින්න දුන්නේ නෑ. ඒ නිසා සියලු රැඟුම් දාන්නේ ටවුමේ. රඹුක්කන දාලා ගෙදර එන්නේ අහිංසකයෙක්. අපි ඒලෙවල්වලට පාසලේ නැවතිලා පාඩම් කරමු කියලා කතා වුණා. පාඩම් අස්සේ හැම ගුස්තියක්ම අල්ලනවා. සපත්තු ගලවපුවාම ඒවා වහලෙට දානවා. එදා අමතක නැත්තේ මගේ සපත්තු දෙක දැම්මාම ගන්න විදියක් නෑ. මම ඩෙස්ක් තියල තියලා වහලයට නැග්ගා. වහලයට නැග්ගාම අර ඩෙස්ක් ටික කට්ටිය අයින් කළා. බහින්න විදියක්ම නෑ. පැන්නා වහලෙන්. ඒත් මුකුත් වුණේ නෑ. බෙල්ල ගහලා යන වැඩක්. ඒත් එදා නම් වීරකමටත් එක්ක කෝච්චියේ ෆුට්බෝඞ් එකේ එල්ලිලා එනකොට ගැස්සිලා අස්සට වැටුණා. කකුල අහිමි වුණා. ඒකට ලොකු හයියක් මගේ තාත්තා එදා දුන්නා. අරම දුවලා පැනලා ආපු මට තනි කකුලෙන් ඉස්කෝලේ යන්න මානසිකත්වය හදාගන්න අමාරු වුණා. ඒත් තාත්තා මාව ඔසවාගෙන ගිහිල්ලා මාව නැගිට්ටවන්න සෑහෙන උපකාර වුණා. මොකක්දෝ එහෙකට මට කකුලක් නෑ කියලා පස්සේ මට ගාණක්වත් වුණේ නෑ. සිරිපාදෙත් නැග්ගා. ආයේ කෝච්චියටම දුවනවා පයින්ම. මේ බොරු කකුලක් දාගෙන. මට කොළඹ ඉන්න කොට සමහරු මේක දැනගෙන හිටියේ නෑ. ඉතින් සමහරුන්ගේ ගෙදර නැවතුණාම රෑට නිදාගන්න මම කකුල ගලවලා තියනවා. සමහරු බයවෙලා කෑගහනවා.

එතකොට අතට මොකද වුණේ?

ඇත්තම දේ නොසැලකිල්ල. පළමු එකෙන් පාඩමක් ඉගෙන ගත්තා නම් මෙහෙම වෙන්නේ නෑ. එකක් කඩලා බැලුවා හදන්න බෑ. දෙකක් කඩලා බැලුවා. ඒක තමයි වුණේ.

දැන් හැදිලාද?

දැන් හැදිලා. කකුල වගේ නෙමෙයි අත නැති වුණාම දරාගන්නම බැරිවුණා. කොටින්ම ජීවත්වෙන්න ඕනෑම නෑ කියලා හිතුණා. ඒත් ජීවත් වුණා.

ඇත්තට අතට මොකද වුණේ?

කෝච්චියට කියලා දන්නවා. මොකක් වුණාද කියලා අදටත් හිතාගන්න බෑ. ගෙදරත් එක්ක වචන හුවමාරු කරගෙන කොළඹ ආවා. ඇවිත් යාළුවෙක්ගේ ගෙදර ගිහින් කිව්වා බොමු කියලා. මිනිහා බෑ කිව්වා. මට සෑහෙන කේන්ති ගියා. අම්මාත් එක්කත් හිත නරක් කරගෙනනේ ආවේ. නෑ. ආයේ අම්මා බලන්න යනවා කියලා හිතුවා. එතකොට රෑ දහයයි. කොහොමහරි කොටුව ස්ටේෂන් එකට ආවා. කෝච්චියත් නවත්වලා තියෙනවා. යන්නත් වෙලා තියෙනවා. ඉඳගෙනත් ඉඳලා එකපාරටම හිතුණා, වෙලාව තියෙනවානේ, තේ එකක් සිගරැට් එකක් බීලා එනවා කියලා. බැහැලා මාරුවෙන්න හැදුවා විතරයි මතක. මම අයිනක හිටියා. අත් දිගට ඇඳලා හින්දා අත ගැලවිලා බිමටම එල්ලෙනවා. ආයේ ජීවත්වෙන්න ඕනෑ නෑම කියලා හිතුණා. ඊළඟට එන කෝච්චියට පනිනවා කියලා හිත හදාගෙන කොච්චර වෙලා හිටියාද කියලා මට මතක නෑ. කෝච්චියක් ආවේ නෑ. ලේ ගිහින් මැරෙයි කියලා හිතුවා. ලේ යන්නේ නෑ. කෝච්චියට අහුවුණාම සීල් වෙනවා. වේදනාවත් දරාගන්න බෑ. මෙච්චර වෙලාත් කවුරුත් දැක්කේ නෑ. රෑනේ. මම අමාරුවෙන් ප්ලැට්ෆෝම් එකට ආවා. අදටත් මැවිලා පෙනෙනවා, තරුණයෙක් හිටියා. එයාට මම කිව්වා මට මෙහෙම වුණා, මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න කියලා මේකේ අයට කියනවාද කියලා. මිනිහා මට කියනවා ඔයාම ගිහිල්ලා කියන්නකෝ කියලා. මම කිව්වා මට පුළුවන් නම් යනවනේ. ඔයාට බැරිනම් ඒත් කමක් නෑ කියලා. මිනිහා ගියා. ගිහින් කියලා ආවා. ඒ ආවාම මම කිව්වා මේ සාක්කුවේ සිගරැට් පැකට් එකක් තියෙනවා අරන් දෙන්න බැරිද කියලා. මිනිහා අරන් දුන්නා. ඒත් ඇහැව්වා බොන්න හොඳද කියලා. ආයේ අමුතු හොඳක් වෙන්න තියනවාද, මම සිගරැට් දෙකක් බිව්වා. ඒත් මාව ගෙනියන්න ආවේ නෑ. අන්තිමට බඩු අදින ට්‍රොලියක් ගෙනත් මට ඉඳගන්න කිව්වා. ඒකේ යන ගමන් මෙන්න ලංකාවේ ප්‍රධානතම ස්ටේෂන් එකේ තත්ත්වය කියලා විවේචනය කරමින් ගියා. ඒකේ ප්‍රතිඵලය මම බීල, බීලා සිහිවිකල් වෙලා කියලායි. බීවා නම් මෙහෙම වෙන්නේ නෑ. ඒකයි දුක.

ආපස්සට හිතන කොට ඩ්‍රාමා එකක් වගේ.

ඔව්! ලස්සනම කතාව ඉස්පිරිතාලයට ගෙනිච්චාම අහපු දේ. දොස්තර පොල්ලෙන් ගහන්නා වගේ කිව්වා අත කපන්න වෙනවා කරන්න දෙයක් නෑ කියලා. මම කිව්වා වෙන කරන්න දෙයක් නැත්නම් කපන්න කියලා. රස කතාව ඒක නෙමෙයි, එහෙම කියපු කෙනා හෙමිහිට මගෙන් අහනවා ෂර්ට් එකේ අතත් එක්ක අත ගන්න බෑ, ෂර්ට් එකේ අත කැපුවාට කමක් නැද්ද කියලා.

අත නැතිව මැරෙන්න ගිය ඔබ ආයේ ජීවිතයට මුහුණ දුන්නා.

ඔව්! ඉස්පිරිතාලේදි මා වටා සිටි පිරිස විශාලයි. ඒ මම ලියපු දෙයක් නිසා හැදිච්ච පිරිස. මට හිතුණා මට කරන්න දෙයක් තියෙනවා කියලා. ඉතින් කැපුවේ වමත. මම ලියන අත. ඒත් මම දකුණෙන් ලියන්න පුරුදු වුණා. අද වෙනකොට ෂර්ට් එකේ බොත්තම් දගන්න එක ඇරෙන්න හැමදේම වගේ කරගන්නවා. ජීවිතය දිහා භෞතිකවාදීව බලන්න පුළුවන් කෙනෙක් මම. මේ මට වෙච්ච දේ ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතවල හැටි. කවදාවත් බඳින්නෙ නෑ කියලා ප්‍රේමය අත ඇරුණාට පස්සේ හිතාගෙන හිටපු මම අතත් නැතිව ඉස්පිරිතාලේ ඉන්න කොට ප්‍රේමයක් පටන් ගන්නවා. ඒක විවාහයකින් ඉවර වෙනවා. දේවල් නැතිව ඉන්න කොට ලැබිච්ච දේ ඒක තමයි.

ඒක වුණේ කොහොමද?

ඒකත් අර වගේම ඇක්සිඩන්ට් එකක්. මම කවි ප්‍රදර්ශන කළා. කැලණිය කැම්පස් එකේත් කළා. මේක බලන්න ආපු කෙනෙක් මේ ළමයා. පොඩි සෙනෙහසක් ඇතිවුණා. ආයේ අවුරුදු දෙකකට විතර පස්සේ ඉස්පිරිතාලෙදි දැක්කේ. එයාගේ අම්මාත් ඒ දවස්වල ඉස්පිරිතාලේ නවත්වලා හිටපු හින්දා, අර සෙනෙහස අලුත් වුණා. ඒක විවාහයක් වුණා. මාව මේ තත්ත්වයෙන් බාරගන්න පුළුවන් ආදරයක් ඒ තුළ තිබුණා. ඒක අහිමිවීම්වලට වඩා ලද ඉහළම සතුටක්.

ඔබ කවියෙක් කළේ අර ප්‍රේමයද? මොකද ඔබගේ ප්‍රේම කවි වැඩියි.

ඔව්! ඒකම තමයි මාව කවියෙක් කළේ.

බිව්වා නම් අත නැතිවෙන්නෙ නෑ කිව්වේ. අදටත් බොනවාද?

අපෝ ඔව්! මේ හිතවත්කම්, සබඳකම් බොහොමයක් රැඳිලා තියෙන්නේ බීමත් එක්ක. ඒක සබඳතාවලට උත්තේජනයක්. බීමට විරුද්ධ වෙන්නේ බොන්න බැරි අය. එහෙම නැත්නම් බීලා වමනේ දාලා මාට්ටු වෙච්ච අය. බීපු නැති අය. මට නම් ඒක ලොකු ආස්වාදයක්.

ජීවිතය අද සතුටින්ද?

ඔව්! මොන දේ වුණත් ජීවිතය දිහා යථාර්ථවාදීව බලන්න මට පුළුවන්. මේ දේවල් කාටත් වෙන්න පුළුවන් සංසිද්ධි. මම කිසි දෙයක් පස්සේ ගිහිල්ලා ඉල්ලාගත්තේ නෑ. මට ලැබුණා. මේ තනතුරු පවා. මම මගේ වැඬේ කරනවා. ඒකට අවංකයි. දේවල් ඇති වෙනවා, නැතිවෙනවා. මම ඒකේ හොඳම සංකලනයක්.

Sunday,9 Jul 2017 රාවය

[QUOTE="CLAYFACE, post: 21973450, member: 323614"] [b]බිව්වා නම් මෙහෙම වෙන්නේ නෑ…..ඒකයි දුක…[/b] [SIZE="3"][COLOR="Cyan"]අනුර කේ. එදිරිසූරිය කවියෙක්. කෙටිකතාකරුවෙක්. පරිවර්තකයෙක්.ඔහු දිනමිණ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයාද වේ. මේ ඔහුය. [/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Magenta"]අනුරගේ ගම කොහෙද?[/COLOR][/SIZE] [SIZE="3"]ගම කෑගල්ලේ රඹුක්කන. කන්ද උඩරට පටන් ගන්න තැන. හුදෙකලා ගමක්. පරිසරය නම් ඉතාම සුන්දරයි. ඒත් ජීවිත නම් එච්චර සුන්දර නෑ. හරිම දුෂ්කරයි.[/SIZE] [SIZE="3"][COLOR="magenta"]තාත්තා මොකද කළේ?[/COLOR][/SIZE] [SIZE="3"]අප්පච්චි ගොවියෙක්. අම්මත් ගෙවිලියක්.[/SIZE] [COLOR="magenta"][SIZE="3"]අද ඉන්න අනුර නිර්මාණය වන පසුබිම හැදෙන්නේ මේ ගමෙන්ද?[/SIZE][/COLOR] [SIZE="3"]නෑ. ටවුමෙන්. මම හිතන්නේ මට ලැබුණු ලොකුම චාන්ස්-එක තමයි ඉගෙන ගන්න ටවුමේ ඉස්කෝලයකට යන්න ලැබීම. ඒ හින්දා මුල ඉඳලාම ගම එක්ක තිබුණු සබඳතා කැඩුණා. ගමේ ඉස්කෝලේ ගිය කෙනෙකුට වඩා වැඩි දේවල් ටිකක් අතපත ගාන්න මට ලැබුණා. අපේ ගම පොල්ගහවෙලටයි, රඹුක්කනටයි මැද තිබුණේ. මේ ටවුන් දෙකටම ගමේ ඉඳලා දුර සමානයි. අපේ ගමේ අයට සාපේක්ෂව මගේ අම්මාගේ පවුලට යමක්කමක් තිබුණා. ඒ නිසා අම්මාගේ මාපියන් අම්මාවත් දාලා තිබුණේ ටවුමේ පාසලකට. ඒත් සීයා නැතිවුණාම අම්මාගේ අධ්‍යාපනය නැවතිලා. මම පස්සේ කාලයේ හිතනවා, අම්මා එයාට නොලැබිච්ච ඇරියස් එක තමයි මම ලවා පිරිමහගන්න උත්සාහ කළේ කියලා.[/SIZE] [COLOR="magenta"][SIZE="3"]ඉතිං, ඔබ ඒ ඇරියස් එක කවර් කළාද?[/SIZE][/COLOR] [SIZE="3"]මටත් ඒක කරන්න බැරිවුණා. මොකද මම පාසල් යන කාලේම ජවිපෙ දේශපාලනයට එකතු වුණා. මගේ මාමායි මමයි වයස පරතරය ගත්තාම අවුරුදු පහක් විතර ඇති. එයා ඉස්කෝලේ ගියේ පොල්ගහවෙල. මම රඹුක්කන. කොහොමහරි මුලින් ඔහු පක්ෂයට සම්බන්ධවෙලා වැඩ කළා. ඔහු තමයි මාව එතැනට ගත්තේ. අපි ඒ කාලේ ටෝගා, යුනිකෝ බලලා අමුතු ලෝකයක හිටියේ. මට මතකයි මට පක්ෂයට බැඳෙන්න කිව්වාම මම මුලින්ම ඇහැව්වේ පක්ෂයේ කරාටේ උගන්වනවාද කියලා. එයා මාව නම්මාගන්න ඔව් කිව්වා. ඒවා බොරු. කොහොම වුණත් පක්ෂයට වැඩ කරන කොට මට ආස හිතුණා. ඉතින් මමත් ශිෂ්‍යයෙක් විදියට ඒ ඒ දේවල් කළා. පක්ෂයට උපරිම කැපවුණ හින්දා අම්මාගේ ඇරියස් කවර් කරන්න බැරිවුණා.[/SIZE] [COLOR="magenta"][SIZE="3"]ගෙදරට ආරංචි වුණාම තත්ත්වය මොකද?[/SIZE][/COLOR] [SIZE="3"]තදබල විරෝධයක් ආවා. ඒක ආවේ අධ්‍යාපනය කඩාකප්පල් කර ගනී කියන තැනට වඩා වෙන තැනකින්. අපේ පවුල් එදා ඉඳලාම යූඑන්පී. එතකොට පවතින රජයත් යූඑන්පී. ඉතින් අපි මේ කැරලි ගහන්න හදන්නේ යූඑන්පීයටම විරුද්ධවනේ. ඒකට ගෙදරින් තදබල විරෝධයක් ආවා. ඒත් පස්සේ පක්ෂයේ අය නිතර ගෙදර යන්න එන්න ගත්තාම අම්මාත් දන්නෙම නැතිව අපේ පිලට ආවා. එයාත් ජවිපෙ වුණා.[/SIZE] [SIZE="3"][COLOR="magenta"]ඒ දේශපාලනය කරලා පොලිසියට මාට්ටු වුණේ නැද්ද?[/COLOR][/SIZE] [SIZE="3"]මාට්ටු වුණා. ඒ නරකම කාලේ නෙමෙයි. 83 පක්ෂය තහනම් කළ කාලේ. කොහොමහරි මාවත් රුසියානු පොත් ළඟ තියාගත්තා කියලා එක්කගෙන ගියා. දවස් තුන හතරක් පොලිසියෙත් තියාගත්තා. කොහොම හරි මගේ උපායශීලීකමටත්, ඊට වඩා පොලිසියේ ලොකු මහත්තයාගේ හොඳකමටත් මාව බේරුණා. 88/89 කාලේ හැංගි හැංගි ඉඳලා අහුනොවෙන තැනට වග බලා ගත්තා.[/SIZE] [COLOR="magenta"][SIZE="3"]සාහිත්‍යය පැත්තට නැඹුරු වෙන්නේ කොහොමද?[/SIZE][/COLOR] [SIZE="3"]ඒක සිද්දවෙන්නේ පක්ෂය හරහා කිව්වොත් තමයි නිවැරදිම. මොකද මම උසස් පෙළ පවා කරන්නේ වාණිජ විෂය ධාරාවෙන්. ඒත් මම ශිෂ්‍යයෙක් විදියට පක්ෂයේ වැඩ කරනකොට ලියන්න පටන් ගත්තා. මගේ මුල්ම කවිය පළවුණේ ‘සීනුව’ පත්තරේ. අපි ශිෂ්‍යයෝ විදියට යටින් තමයි දේශපාලනය කළේ. ඒ නිසා මුලින්ම ලිව්වේ, කෑගල්ලේ සංඛ කියලා. ඒත් ලොකු සාහිත්‍යයක් කළේ නෑ. පාසල්වල කමිටු පැවැත්තුවා. පන්ති පහ කළා. ඔය අතරෙ ලිව්වා.[/SIZE] [COLOR="magenta"][SIZE="3"]කොළඹට එන්නේ රැකියාවකටද?[/SIZE][/COLOR] [SIZE="3"]මූලික දේ වුණේ ජීවිත ආරක්ෂාව. ගමේ හිටියා නම් මගේ ආරක්ෂාව අඩුයි. පොලිසිය ඒ වෙනකොට මාව හොයනවා. ඉතින් මුලින්ම කොළඹ ඇවිල්ලා මායා ඇවනිව් පෙට්‍රල් ෂෙඞ් එකක වැඩ කළා. එතැන තෝරාගන්න විශේෂ හේතුව වුණේ නවාතැන් ලැබීම. ඔය කාලේ මම නිතර කවි ලියනවා නවලිය, තරුණි පත්තරවලට. කොළඹ එන්න කලින් ඉඳලා ලියනවා. ඒත් මේ කාලේ ඒක වැඩිවුණා. ඒ කාලේ මගේ යාළුවෙක් හිටියා කීර්ති එස්. කුමාර කියලා. එයා ලිට්ල් රෝස් එකෙන් කළ යුවති පත්තරේ එඩිටර්. ඒ යාළුකමට මම නිතර එයා හම්බවෙන්න යනවා. ඒ අතරේ ඒකේ ලියන්නත් සම්බන්ධ වෙනවා. ඒ අතර ප්‍රේමදාස ජනාධිපතිවරයාත් මැරිලා. රටේ තත්ත්වය වෙනස් වෙලා. ආයේ පක්ෂය පටන් අරන්. මම ඒකෙත් වැඩ. සුවඳ පත්තරයට තමයි මම මුලින්ම පත්තරයකට කියලා සම්බන්ධ වෙන්නේ. සැලකිය යුතු වැටුපකුත් ලැබුණා. කොහොම වුණත් මම කළ දේශපාලනයත් එක්ක ඒ මතවාදයත් එක්ක මට සුවඳ පත්තරේ ඉන්න අපහසු වුණා. ඒ නිසා ඒකෙන් අයින්වෙලා දීපන කියලා සඟරාවක් කරන්න එකතු වුණා. පර්මනන්ට් ජොබ් එක දාලා ෆ්රීලාන්ස් ගියේ. ඒකත් කලාප දෙකයි කළේ. ඊළඟට හිරු සඟරාවට එකතු වුණා. මාතොට සඟරාව කළා. ඉරිදා කියලා පත්තරයක හිටියා. අන්තිමට කැණිමඬල කියලා සඟරාවක් කළා. එතැනින් පස්සේ ලේක්හවුස් එකට ආවා. දැන් ඒකේ වැඩ.[/SIZE] [SIZE="3"][COLOR="magenta"]පක්ෂයෙන් අත ඇරුණාද?[/COLOR][/SIZE] [SIZE="3"]ඔව්! විවිධ හේතු මත මට පක්ෂයේ ඉන්න බැරිවුණා. ඒ පක්ෂයේ වෙනස් නොවන ලක්ෂණ හින්දා. එහෙම බෑ. අපි පැරණි තැනම ඉඳලා යන්න බෑ. ලෝකයේ නූතනත්වයට ගැළපෙන්න මතවාද සකස් විය යුතුයි. ඒ නිසා අදටත් ගැටලුවක් නෑ. හැබැයි විවේචනයක් තියෙනවා. ලොකු කලකිරීමක් ඇතිවුණා. හේතුව තමයි මගේ ගමේ සක්රියවම දායක වූ කෙනාට ඡන්දය ඉල්ලන්න නොදී වෙන කෙනෙකුට දුන්නා. මම ඇහැව්වා ඒ ඇයි කියලා. එතකොට දුන්න උත්තරය වුණේ එයා අඩු කුලේ. එයාව දැම්මොත් පක්ෂයත් අඩුවට තකනවා. දාපු කෙනා කුලෙන් උසස් කියලා. මම ඇහැව්වා අපි කරන්න ඕනෑ පීඩිත පක්ෂයක් නම් ඒ අයවම දාලා දිනන එක නෙමෙයිද කියලා. ඒත් මගේ මතය පරාද වුණා.[/SIZE] [SIZE="3"][COLOR="magenta"]ඔබට අද අතක් සහ කකුලක් අහිමියි. කකුලට මොකද වුණේ?[/COLOR][/SIZE] [SIZE="3"]දෙකටම එකම හේතුව කෝච්චිය. කකුල නැති වෙනකොට මම ඕලෙවල් කරලාත් නෑ. අපේ අප්පච්චි ටිකක් සැර පරුෂ කෙනෙක්. ඒ නිසා ගමේ බජාර් බහින්න දුන්නේ නෑ. ඒ නිසා සියලු රැඟුම් දාන්නේ ටවුමේ. රඹුක්කන දාලා ගෙදර එන්නේ අහිංසකයෙක්. අපි ඒලෙවල්වලට පාසලේ නැවතිලා පාඩම් කරමු කියලා කතා වුණා. පාඩම් අස්සේ හැම ගුස්තියක්ම අල්ලනවා. සපත්තු ගලවපුවාම ඒවා වහලෙට දානවා. එදා අමතක නැත්තේ මගේ සපත්තු දෙක දැම්මාම ගන්න විදියක් නෑ. මම ඩෙස්ක් තියල තියලා වහලයට නැග්ගා. වහලයට නැග්ගාම අර ඩෙස්ක් ටික කට්ටිය අයින් කළා. බහින්න විදියක්ම නෑ. පැන්නා වහලෙන්. ඒත් මුකුත් වුණේ නෑ. බෙල්ල ගහලා යන වැඩක්. ඒත් එදා නම් වීරකමටත් එක්ක කෝච්චියේ ෆුට්බෝඞ් එකේ එල්ලිලා එනකොට ගැස්සිලා අස්සට වැටුණා. කකුල අහිමි වුණා. ඒකට ලොකු හයියක් මගේ තාත්තා එදා දුන්නා. අරම දුවලා පැනලා ආපු මට තනි කකුලෙන් ඉස්කෝලේ යන්න මානසිකත්වය හදාගන්න අමාරු වුණා. ඒත් තාත්තා මාව ඔසවාගෙන ගිහිල්ලා මාව නැගිට්ටවන්න සෑහෙන උපකාර වුණා. මොකක්දෝ එහෙකට මට කකුලක් නෑ කියලා පස්සේ මට ගාණක්වත් වුණේ නෑ. සිරිපාදෙත් නැග්ගා. ආයේ කෝච්චියටම දුවනවා පයින්ම. මේ බොරු කකුලක් දාගෙන. මට කොළඹ ඉන්න කොට සමහරු මේක දැනගෙන හිටියේ නෑ. ඉතින් සමහරුන්ගේ ගෙදර නැවතුණාම රෑට නිදාගන්න මම කකුල ගලවලා තියනවා. සමහරු බයවෙලා කෑගහනවා. [/SIZE] [SIZE="3"][COLOR="magenta"]එතකොට අතට මොකද වුණේ?[/COLOR][/SIZE] [SIZE="3"]ඇත්තම දේ නොසැලකිල්ල. පළමු එකෙන් පාඩමක් ඉගෙන ගත්තා නම් මෙහෙම වෙන්නේ නෑ. එකක් කඩලා බැලුවා හදන්න බෑ. දෙකක් කඩලා බැලුවා. ඒක තමයි වුණේ.[/SIZE] [COLOR="magenta"][SIZE="3"]දැන් හැදිලාද?[/SIZE][/COLOR] [SIZE="3"]දැන් හැදිලා. කකුල වගේ නෙමෙයි අත නැති වුණාම දරාගන්නම බැරිවුණා. කොටින්ම ජීවත්වෙන්න ඕනෑම නෑ කියලා හිතුණා. ඒත් ජීවත් වුණා.[/SIZE] [SIZE="3"][COLOR="magenta"]ඇත්තට අතට මොකද වුණේ?[/COLOR][/SIZE] [SIZE="3"]කෝච්චියට කියලා දන්නවා. මොකක් වුණාද කියලා අදටත් හිතාගන්න බෑ. ගෙදරත් එක්ක වචන හුවමාරු කරගෙන කොළඹ ආවා. ඇවිත් යාළුවෙක්ගේ ගෙදර ගිහින් කිව්වා බොමු කියලා. මිනිහා බෑ කිව්වා. මට සෑහෙන කේන්ති ගියා. අම්මාත් එක්කත් හිත නරක් කරගෙනනේ ආවේ. නෑ. ආයේ අම්මා බලන්න යනවා කියලා හිතුවා. එතකොට රෑ දහයයි. කොහොමහරි කොටුව ස්ටේෂන් එකට ආවා. කෝච්චියත් නවත්වලා තියෙනවා. යන්නත් වෙලා තියෙනවා. ඉඳගෙනත් ඉඳලා එකපාරටම හිතුණා, වෙලාව තියෙනවානේ, තේ එකක් සිගරැට් එකක් බීලා එනවා කියලා. බැහැලා මාරුවෙන්න හැදුවා විතරයි මතක. මම අයිනක හිටියා. අත් දිගට ඇඳලා හින්දා අත ගැලවිලා බිමටම එල්ලෙනවා. ආයේ ජීවත්වෙන්න ඕනෑ නෑම කියලා හිතුණා. ඊළඟට එන කෝච්චියට පනිනවා කියලා හිත හදාගෙන කොච්චර වෙලා හිටියාද කියලා මට මතක නෑ. කෝච්චියක් ආවේ නෑ. ලේ ගිහින් මැරෙයි කියලා හිතුවා. ලේ යන්නේ නෑ. කෝච්චියට අහුවුණාම සීල් වෙනවා. වේදනාවත් දරාගන්න බෑ. මෙච්චර වෙලාත් කවුරුත් දැක්කේ නෑ. රෑනේ. මම අමාරුවෙන් ප්ලැට්ෆෝම් එකට ආවා. අදටත් මැවිලා පෙනෙනවා, තරුණයෙක් හිටියා. එයාට මම කිව්වා මට මෙහෙම වුණා, මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න කියලා මේකේ අයට කියනවාද කියලා. මිනිහා මට කියනවා ඔයාම ගිහිල්ලා කියන්නකෝ කියලා. මම කිව්වා මට පුළුවන් නම් යනවනේ. ඔයාට බැරිනම් ඒත් කමක් නෑ කියලා. මිනිහා ගියා. ගිහින් කියලා ආවා. ඒ ආවාම මම කිව්වා මේ සාක්කුවේ සිගරැට් පැකට් එකක් තියෙනවා අරන් දෙන්න බැරිද කියලා. මිනිහා අරන් දුන්නා. ඒත් ඇහැව්වා බොන්න හොඳද කියලා. ආයේ අමුතු හොඳක් වෙන්න තියනවාද, මම සිගරැට් දෙකක් බිව්වා. ඒත් මාව ගෙනියන්න ආවේ නෑ. අන්තිමට බඩු අදින ට්‍රොලියක් ගෙනත් මට ඉඳගන්න කිව්වා. ඒකේ යන ගමන් මෙන්න ලංකාවේ ප්‍රධානතම ස්ටේෂන් එකේ තත්ත්වය කියලා විවේචනය කරමින් ගියා. ඒකේ ප්‍රතිඵලය මම බීල, බීලා සිහිවිකල් වෙලා කියලායි. බීවා නම් මෙහෙම වෙන්නේ නෑ. ඒකයි දුක.[/SIZE] [SIZE="3"][COLOR="magenta"]ආපස්සට හිතන කොට ඩ්‍රාමා එකක් වගේ.[/COLOR][/SIZE] [SIZE="3"]ඔව්! ලස්සනම කතාව ඉස්පිරිතාලයට ගෙනිච්චාම අහපු දේ. දොස්තර පොල්ලෙන් ගහන්නා වගේ කිව්වා අත කපන්න වෙනවා කරන්න දෙයක් නෑ කියලා. මම කිව්වා වෙන කරන්න දෙයක් නැත්නම් කපන්න කියලා. රස කතාව ඒක නෙමෙයි, එහෙම කියපු කෙනා හෙමිහිට මගෙන් අහනවා ෂර්ට් එකේ අතත් එක්ක අත ගන්න බෑ, ෂර්ට් එකේ අත කැපුවාට කමක් නැද්ද කියලා.[/SIZE] [SIZE="3"][COLOR="magenta"]අත නැතිව මැරෙන්න ගිය ඔබ ආයේ ජීවිතයට මුහුණ දුන්නා.[/COLOR][/SIZE] [SIZE="3"]ඔව්! ඉස්පිරිතාලේදි මා වටා සිටි පිරිස විශාලයි. ඒ මම ලියපු දෙයක් නිසා හැදිච්ච පිරිස. මට හිතුණා මට කරන්න දෙයක් තියෙනවා කියලා. ඉතින් කැපුවේ වමත. මම ලියන අත. ඒත් මම දකුණෙන් ලියන්න පුරුදු වුණා. අද වෙනකොට ෂර්ට් එකේ බොත්තම් දගන්න එක ඇරෙන්න හැමදේම වගේ කරගන්නවා. ජීවිතය දිහා භෞතිකවාදීව බලන්න පුළුවන් කෙනෙක් මම. මේ මට වෙච්ච දේ ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතවල හැටි. කවදාවත් බඳින්නෙ නෑ කියලා ප්‍රේමය අත ඇරුණාට පස්සේ හිතාගෙන හිටපු මම අතත් නැතිව ඉස්පිරිතාලේ ඉන්න කොට ප්‍රේමයක් පටන් ගන්නවා. ඒක විවාහයකින් ඉවර වෙනවා. දේවල් නැතිව ඉන්න කොට ලැබිච්ච දේ ඒක තමයි.[/SIZE] [SIZE="3"][COLOR="magenta"]ඒක වුණේ කොහොමද?[/COLOR][/SIZE] [SIZE="3"]ඒකත් අර වගේම ඇක්සිඩන්ට් එකක්. මම කවි ප්‍රදර්ශන කළා. කැලණිය කැම්පස් එකේත් කළා. මේක බලන්න ආපු කෙනෙක් මේ ළමයා. පොඩි සෙනෙහසක් ඇතිවුණා. ආයේ අවුරුදු දෙකකට විතර පස්සේ ඉස්පිරිතාලෙදි දැක්කේ. එයාගේ අම්මාත් ඒ දවස්වල ඉස්පිරිතාලේ නවත්වලා හිටපු හින්දා, අර සෙනෙහස අලුත් වුණා. ඒක විවාහයක් වුණා. මාව මේ තත්ත්වයෙන් බාරගන්න පුළුවන් ආදරයක් ඒ තුළ තිබුණා. ඒක අහිමිවීම්වලට වඩා ලද ඉහළම සතුටක්.[/SIZE] [COLOR="magenta"][SIZE="3"]ඔබ කවියෙක් කළේ අර ප්‍රේමයද? මොකද ඔබගේ ප්‍රේම කවි වැඩියි.[/SIZE][/COLOR] [SIZE="3"]ඔව්! ඒකම තමයි මාව කවියෙක් කළේ.[/SIZE] [COLOR="magenta"][SIZE="3"]බිව්වා නම් අත නැතිවෙන්නෙ නෑ කිව්වේ. අදටත් බොනවාද?[/SIZE][/COLOR] [SIZE="3"]අපෝ ඔව්! මේ හිතවත්කම්, සබඳකම් බොහොමයක් රැඳිලා තියෙන්නේ බීමත් එක්ක. ඒක සබඳතාවලට උත්තේජනයක්. බීමට විරුද්ධ වෙන්නේ බොන්න බැරි අය. එහෙම නැත්නම් බීලා වමනේ දාලා මාට්ටු වෙච්ච අය. බීපු නැති අය. මට නම් ඒක ලොකු ආස්වාදයක්.[/SIZE] [COLOR="magenta"][SIZE="3"]ජීවිතය අද සතුටින්ද?[/SIZE][/COLOR] [SIZE="3"]ඔව්! මොන දේ වුණත් ජීවිතය දිහා යථාර්ථවාදීව බලන්න මට පුළුවන්. මේ දේවල් කාටත් වෙන්න පුළුවන් සංසිද්ධි. මම කිසි දෙයක් පස්සේ ගිහිල්ලා ඉල්ලාගත්තේ නෑ. මට ලැබුණා. මේ තනතුරු පවා. මම මගේ වැඬේ කරනවා. ඒකට අවංකයි. දේවල් ඇති වෙනවා, නැතිවෙනවා. මම ඒකේ හොඳම සංකලනයක්.[/SIZE] [SIZE="4"] Sunday,9 Jul 2017 රාවය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom