Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණසිංහ ප්‍රේමදාස යුගයේ රාත්‍රියත් දහවලත් නිලධාරීන් කාට කාටත් බොහෝම දිගය. කොයි වේලේ කාට ප්‍රේමදාස මැතිතුමා කතා කරාවි දැයි දන්නේ නැත. එතුමා ඇමතුමක් ගන්නේ කාටවත් සුබ පතන්නට, තමන්ගේ ජොලිය හෝ විවේකය බෙදා ගන්නට නොවේ.

පොදු මහජනයාගේ වැඩක්ම වෙනුවෙනි.

කෝ අහවල් පාර හැදුවද? මම කිවුව තැන ලයිට් ටික දැන් වැඩද?

වශයෙන් නිලධාරීන්ගෙන් අසයි. ඒ අහන්නේ කෙළින්ම ලොක්කාගෙනි. ඔහු ඒවාට කෙළින් උත්තරයක් දෙන්නට කටයුතු කළ යුතුය.

සර් මම අහල කියන්නද? වැනි උත්තරයක් ආවොත් ප්‍රේමදාස මැතිතුමාගෙන් බැනුම් වැස්සකි.

මේ පිළිබඳව ප්‍රේමදාස මහතා ළඟින් සිටි කීප දෙනෙක් අපූරුවට විස්තර දනී. දීර්ඝ කලක් සුචරිත කාර්යාලයේ වැඩ කළ, ප්‍රේමදාස මහතා ළඟ සිටිද්දි එතුමාට එන ලියුම් සියල්ල කැඩූ, විවිධ නිලධාරීන්ට දෙන දුරකතන ඇමතුම් එතුමාට සම්බන්ධ කළ සුචරිතේ අබේරත්න මහතා අදත් ඔබ හමුවෙයි.

මහත්තයෝ ප්‍රේමදාස මහත්තයා කියන්නේ හරි පිළිවෙළට වැඩ කරපු රාජ්‍ය නායකයෙක්. එතුමාට එන හැම ලියුමක්ම කියවනවා. දවසේ වැඩ ඉවර වෙලා එදා දවසේ ආපු සියලුම ලියුම් ටික අපි කඩ කඩා දෙන්න ඕනෑ. සමහරදාට රෑ එකත් පහුවෙලා. ඒත් මමයි, තව මොහිදින් කියලා කෙනෙක් හිටියා. අපි දෙන්නා ඇහැරිලා ඉඳන් ලියුම් කඩ කඩා දෙන්න ඕනෑ. එතුමාට ලියුම් 100 ක් ද දුන්නෙ. ඒ සේරම බලනවා. ඒවාට කළ යුතු විසඳුමක් දෙනවා.

ඔය එක එක ආයතනවලින් එතුමාට එවන ලියුම් තියනවනෙ. ඒ ලිපි එවලා තියෙන්නේ අදාළ ආයතනයේ ප්‍රධානීන් විසින්. ප්‍රේමදාස මහත්තයා අකුරක් නෑර ඒ ලිපි බලනවා. ඒ ලියුමක අකුරක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් වැරදි නම් මහ රාත්‍රිය කියල නෑ.

අබේ.... ගන්න අහවල් කෙනාට කියනවා. ඉතින් ටෙලිෆෝන් එකට ඒ අය සම්බන්ධ කරන්න ඕනෑ. බලනවා. මට එවපු අසවල් ලියුම. ඒක කියෙවුවද? ඒකෙ අකුරු කීයක් වරද්දලද තමුන් මේවා බැලුවද? ඒ ලියුම් හදල මට එවන්න ඕනෑ.

වශයෙන් දෝෂාරෝපණ රැසක් එල්ල වෙයි. එසේ දොසක් අහන කවුරුවත් ආයෙත් ලියුමක් ලියන්නේ කිසිම වරදක් නොවෙන විදිහටය. හත් අට වතාවක් හෝ කියවා තැනකට හරියට ලියුමක් යැවීමට ප්‍රේමදාස මහතා නිලධාරින්ට පුහුණු කළේය.

අද නිලධාරීන් නොව ඇමතිවරුන් පවා නිකුත් කරන ඇතැම් ලිපි වල භාෂා, ව්‍යාකරණ අක්ෂර දෝෂ කෙළවරක් නැත. ඒවා දකින විට අපට හිතෙන්නේ අදත් ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටියානම්.... කියා පමණි. එසේ වූවා නම් වැඩ කරන්නත් ලියුම් ලියන්නත් දෙකම එතුමා උගන්වනවා නියතය. දවසක් රෑ මොකක් හෝ වැඩකට ටවර් හෝල් එකේ ලොක්කට කෝල් එකක් ගන්න කියල මට කිවුවා. එතුමාගේ ඇමතුම ගියේ ගෙදරට......... ප්‍රේමදාස මහත්තයා ඇහුවා අසවලා කෝ කියලා.

සර් එයා ඩිනර් එකකට ගිහින්. ඒකට ටිකක් ප්‍රේමදාස මහත්තයාට කේන්ති ගියා. බලනවා, මේ මිනිස්සුන්ට වැඩ නැතුවද? ගෙදර උයන දෙයක් කාල ඉන්න බැරුවද පාටි ගිහින් ජහ ජරාව කාල වේලාවත් කාලා එනවා. වැඩකට සම්බන්ධ කර ගන්න බෑ. වශයෙන් තවත් නිලධාරීන් පිරිසක් සමග පසුවදා ප්‍රේමදාස මහත්තයා චෝදනා කළේය.

අබේරත්න මහතා මතකයට නඟයි.

ප්‍රේමදාස මහත්තයා මන්ත්‍රී වුණත් අගමැති වුණත් ජනාධිපති වුණත් පාන්දර 4.00 වෙද්දි නැගිටිනවා. රෑ එක පහුවෙලා නිදා ගත්තත් 4.00 ට ඇහැරිලා. එතුමා 4.00 අවදිවෙන නිසා අපි 3.30 වත් නැගිටලා ලෑස්ති වෙලා ඉන්න ඕනෑ. නැගිටලා දවසෙ පත්තර ටික බලනවා. ඒකෙ පාරක් කැඩිල තියනවද? කුණු ගොඩක්ද වතුර පයිප්ප වැඩ කරන්නේ නැද්ද, මහජනයාට බලපාන ප්‍රශ්නයක් නම් ඒ පුවත් සේරම ඒ වෙලාවෙම ෆොටෝ කොපි ගහලා අසවලාට අසවලාට දැන්ම යවන්න කියනවා. ඒ වැඬේට වෙනම මෝටර් බයිසිකල් රයිඩර්ස්ලා දෙන්නෙක් හිටියා. ඒ අය පාන්දරම ෆොටෝ කොපි අරන් නිලධාරීන්ගේ ගෙවල් වලට ගිහින් දෙන්න ඕනෑ.

මෙවැනි දේවල් අද දේශපාලනය තුළ තියේද? අද තියනවා නම් රට කොතැනද? වැනි ප්‍රශ්න ගොඩක් මේ ලියන අපටද මතුවේ. කොහොම වුණත් ඒ යුගය හා ක්‍රමවේද ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසු අපේ රාජ්‍ය නායකයන්ගෙන් අතුරුදහන් වී ඇත්ද?

කසළ ගොඩට උත්තර නැති කළ එය කසළ කන්දක් වීම නැවතිය නොහැක. පිච්චුණ ලයිට් එක ගණන් නොගත් විට ලයිට් වැලක් පිච්චී යාම නැවතිය නොහැක. පාලකයන් ඇස නොහරින කළ රට අභ්‍යන්තරයේ සිදුවෙන්නේ මේ දේය. පාලකයන් නොසොයන විට නිලධාරීන් බුදියා ගැනීමද වැළකිය නොහැක. නිලධාරින්ගේ නොදැනුවත් කමද වැළකිය නොහැක.

මහත්තයෝ සුචරිතයේ ප්‍රේමදාස මහත්තයා වන්දනා මාන කරන වෙනම බුදු මැදුරක්ද තිබුණා. ඒ බුදු මැදුරේ නායක ස්වමීන් වහන්සේලා විසින් එතුමාට ලබා දීපු සර්වඥ ධාතූන් වහන්සේලා පවා වැඩ සිටියා.

ප්‍රේමදාස මහත්තයා බුදුමැදුරේ පහන් දල්වන්න හදද්දී දවසක් මට කතා කළා.

අබේ.... මීට පස්සේ පාන පත්තු කරන්න හදද්දි මෙන්න මේ විදිහට ගිනිකූරු තුනක් පෙට්ටියෙන් එළියට ඇඳලා තියනවා. එහෙම කියන්නේ මොකද දන්නවද?

දැන් බලනවා මට ගිනිකූරක් ගන්න පෙට්ටිය අරින්නත් වේලාවක් යනවා. බලනවා තත්පර කීයක් යනවද? නිකරුණේ වේලාව යන්න ඕනැ නෑනෙ. කූරු තුනක් ගන්න වුණොත් තුන් වතාවක් පෙට්ටිය අරින්න ඕනෑ. ඒ නිසා මේ විදිහට කරනවා.

එතුමා දීපු උපදේශනය හා ආදර්ශය තුළ කොයිතරම් කාල කළමනාකරණයක් ප්‍රේමදාස ජනාධිපතිතුමා සතුවීද යන්න සහසුද්දයෙන් තේරුම් ගැනීමට හැකිය. ගිනිකූරක් ගන්නට වැයවන තත්පරයද දුප්පත් මිනිස්සු වෙනුවෙන් දෙන්නට තරම් එතුමා ගුණවන්ත වූහ.

දවසක් ඉස්කෝලෙ ළමයින්ට පාසල් නිල ඇඳුම් දෙන්න සාකච්ඡාවක් සුචරිතේ කැඳවල තිබුණා. ඒකට රජයේ නිලධාරීන් ව්‍යාපාරිකයන් ගොඩක් සහභාගි වුණා.

කෝ බලන්න මොනවද සාම්පල්. ප්‍රේමදාස මහත්තයා විසින්ම ගෙනා සාම්පල් වෙන වෙනම පරීක්ෂා කළා.

කෝ මේ සේරම ලෝකල් බඩුනෙ. එහෙම නෙමෙයි. හොඳ රෙදි දෙන්න ඕනෑ. අර මම අඳින නිල් ඉර තියන සුදු රෙද්ද නැද්ද? එතුමා ඇහුවා.

නිලධාරීන් කිවුවා. ඒ රෙදි වර්ගය තියනවා. ගාණ වැඩියි කියලා. එතකොට ප්‍රේමදාස මහත්තයා අහනවා ඒකට කමක් නෑ මම සල්ලි වෙන් කරන්නම්. ළමයින්ට ඇඳුම් මහන්න බාල රෙදි දෙන්න එපා. හොඳ රෙදි දෙන්න කටයුතු කරන්න කියලා මහත්තයො මෑත යුගයෙත් මෙහෙම දේවල් වෙනවද?

අබේරත්න මගෙන් ඇසූ ප්රශ්නය ඇත්තකි. දැන් දුප්පතා දුප්පතාගේ දරුවා හොම්බෙන් ගියත් ටෙන්ඩරේ කොන්ත්‍රාත්තුවේ ලාභය වැඩි නම් ඒ ගැන කිසිම නිලධාරියකුට, පාලකයකුට වගක් නැත. රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් ශ්‍රේෂ්ඨ වන්නේ තමන්ගේ ගොඩින් දුප්පතාගේ ගොඩට යමක් දාන්නට තුන් හිතෙන්ම හීන මැවූව නිසාය.

තව දෙයක් මහත්තයො... ප්‍රේමදාස මහත්තයාට දුප්පත් ළමයි වෙනුවෙන් කරන්න තිබුණු තව හීනයක් තමයි. සපත්තු ලබා දීම. එතුමා සපත්තු සාම්පල් එහෙමත් පරික්ෂා කරල තිබුණ වෙලාවකයි හදිස්සියේම ඝාතනයට ලක්වුණේ.

ප්‍රේමදාස මහත්තයා පාසල් ළමයින්ට දහවල් කාලයේදී බනිස් ගෙඩියක් ලබාදීමේ වැඩපිළිවෙළ නැවත ආරම්භ කළා. මෙය ඊට පෙර තිබිලා පසුව නැවතී ගිය වැඩසටහනක්. ප්‍රේමදාස මහත්තයා පාසල් ළමයි වෙනුවෙන් හැමවිටම බැලුවෙ හොඳම දේ ලබා දෙන්න. නිල ඇඳුම් බැලුවත් සපත්තු බැලුවත් එහෙමයි.

දවසක් උදේ 6.20 ට විතර එතුමා මට කතා කළා.

අබේ... දුව ඉස්කෝලෙ ගියාද? ඉස්කෝලෙ යන්න ඇඳගෙන ඉන්නවා නම් පොඞ්ඩක් එක්ක එන්න කිවුවා.

එතකොට අපි නැවතිලා හිටියේ සුචරිතය කිට්ටුව. මම දුවව පාසල් ඇඳුමින් සුචරිතේට එක්ක ආවා. ඊට පස්සේ දුව කෑම මේසයෙන් වාඩි වෙන්න කියලා මේසෙ උඩ බ්‍රවුන් පේපර් උරයක දාලා තිබුණු බනිස් ගෙඩි දෙකක් ප්‍රේමදාස මහත්තය අතට ගත්තා.

එකක් දුව අතට දීලා මේක කන්න කිව්වා.

දුව ඒක කන්න ගත්තෙ ගෙඩියම කටට ළං කරලා.

නෑ. නෑ. ඔහොම කන්න එපා. බනිස් ගෙඩිය අතින් කෑල්ල කෑල්ල පුංචියට කඩල කන්න. එතකොට බනිස් ගෙඩියෙ ගුල්ලෙක් හරි කළුපාට මොනවා හරි තියනවා නම් පේනවා කියලා දුවට ඉගැන්නුවා.

එදා ප්‍රේමදාස මහත්තයා සුචරිතයට ගෙනැත් තිබුණෙ කොළඹ පාසල් වලට බනිස් බෙදන බේකරියක බනිස් ගෙඩි දෙකක්. ඒ බනිස් වල යම් විදිහකට කළුපාට පුංචි දෙයක් හෝ තිබුණා නම් මොනවා වෙයිද?

ළමයාට කන්න දෙන බනිස් ගෙඩිය ගැන දෙමවුපියන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට වඩා ප්‍රේමදාස මහත්තයා හොයලා බැලුවා කියලා මම හිතනවා. ළමයාට දෙන බනිස් ගෙඩිය රසද, කියලත් ඇහුවා. මීට පෙර ගුල්ලො කළුපාට පැල්ලම් තියනවා දැක්කද ඇහුවා.

එහෙම තමන් දෙන දේ ගැන හොයන, නැවත නැවත සොයා බලන අය දුර්ලභයි. ආරම්භය ගැන විතරක් නෙවෙයි. ආරම්භ කළ දේ පවත්වාගෙන යන හැටි, ප්‍රමිතිය මේ හැමදේම අස්සක් මුල්ලක් නෑරම හොයපු නිසා ප්‍රේමදාස මහත්තයාගේ වැඩ සාර්ථකයි. වැරදුනේ නෑ. අඩුපාඩු කියන්න බෑ. නිලධාරින් නිදි නෑ. නිලධාරින් ජොලි දැම්මේ නෑ. නිලධාරීන් ගසා කෑවේ නෑ. නායකයා ඉන්න ඕනෑ එහෙමයි.

ප්‍රේමදාස මහත්තයාට අවශ්‍ය වුණා ඇඟළුම් හල් 200 ක් හදලා ඉවර කරලා ඊට පස්සේ විවිධ පළාත්වල ඉස්පිරිතාල 200 ක් හදන්න. එතුමාට ඇඟළුම්හල් 160 ක් පමණ වගේ ප්‍රමාණයයි හදන්න හැකි වුණේ. ඒත් අදටත් මේ රටේ රැකියා වියුක්තිය වහලා දාල තියනවා. ප්‍රේමදාස මහත්තයා ඉස්පිරිතාල 200 හැදුවානම් අද මේ රට කොහිද? ඒක ඉන්පසු ආපු කිසිම පාලකයෙක්ට කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයාට ඕනෑ වුණේ ලෙඞ්ඩු ප්‍රධාන රෝහල් දෙක තුනට ගේන එක වෙනුවට තව රෝහල් 200 ක් රට පුරා ප්‍රධාන අංග සම්පූර්ණ රෝහල් කරන්න. එහෙම කළා නම් එක ලෙඩෙක් හරි මැරෙන එක නතර වෙනවා. මේවා විප්ලව මහත්තයො?

ඒ විප්ලව යුගය ප්‍රේමදාස මහතාගෙන් අවසන්ද? ඒ පරිවර්තනය අතට ගන්නේ කවුද? මේ කියවන අය නැවත විමසනු ඒකාන්තය.

"මා දුටු ප්‍රේමදාස“ පොත මට හොයලා දෙන්න පුලුවන් කාටද?

[QUOTE="Mr PERERA, post: 20179424, member: 176031"] රණසිංහ ප්‍රේමදාස යුගයේ රාත්‍රියත් දහවලත් නිලධාරීන් කාට කාටත් බොහෝම දිගය. කොයි වේලේ කාට ප්‍රේමදාස මැතිතුමා කතා කරාවි දැයි දන්නේ නැත. එතුමා ඇමතුමක් ගන්නේ කාටවත් සුබ පතන්නට, තමන්ගේ ජොලිය හෝ විවේකය බෙදා ගන්නට නොවේ. පොදු මහජනයාගේ වැඩක්ම වෙනුවෙනි. කෝ අහවල් පාර හැදුවද? මම කිවුව තැන ලයිට් ටික දැන් වැඩද? වශයෙන් නිලධාරීන්ගෙන් අසයි. ඒ අහන්නේ කෙළින්ම ලොක්කාගෙනි. ඔහු ඒවාට කෙළින් උත්තරයක් දෙන්නට කටයුතු කළ යුතුය. සර් මම අහල කියන්නද? වැනි උත්තරයක් ආවොත් ප්‍රේමදාස මැතිතුමාගෙන් බැනුම් වැස්සකි. මේ පිළිබඳව ප්‍රේමදාස මහතා ළඟින් සිටි කීප දෙනෙක් අපූරුවට විස්තර දනී. දීර්ඝ කලක් සුචරිත කාර්යාලයේ වැඩ කළ, ප්‍රේමදාස මහතා ළඟ සිටිද්දි එතුමාට එන ලියුම් සියල්ල කැඩූ, විවිධ නිලධාරීන්ට දෙන දුරකතන ඇමතුම් එතුමාට සම්බන්ධ කළ සුචරිතේ අබේරත්න මහතා අදත් ඔබ හමුවෙයි. මහත්තයෝ ප්‍රේමදාස මහත්තයා කියන්නේ හරි පිළිවෙළට වැඩ කරපු රාජ්‍ය නායකයෙක්. එතුමාට එන හැම ලියුමක්ම කියවනවා. දවසේ වැඩ ඉවර වෙලා එදා දවසේ ආපු සියලුම ලියුම් ටික අපි කඩ කඩා දෙන්න ඕනෑ. සමහරදාට රෑ එකත් පහුවෙලා. ඒත් මමයි, තව මොහිදින් කියලා කෙනෙක් හිටියා. අපි දෙන්නා ඇහැරිලා ඉඳන් ලියුම් කඩ කඩා දෙන්න ඕනෑ. එතුමාට ලියුම් 100 ක් ද දුන්නෙ. ඒ සේරම බලනවා. ඒවාට කළ යුතු විසඳුමක් දෙනවා. ඔය එක එක ආයතනවලින් එතුමාට එවන ලියුම් තියනවනෙ. ඒ ලිපි එවලා තියෙන්නේ අදාළ ආයතනයේ ප්‍රධානීන් විසින්. ප්‍රේමදාස මහත්තයා අකුරක් නෑර ඒ ලිපි බලනවා. ඒ ලියුමක අකුරක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් වැරදි නම් මහ රාත්‍රිය කියල නෑ. අබේ.... ගන්න අහවල් කෙනාට කියනවා. ඉතින් ටෙලිෆෝන් එකට ඒ අය සම්බන්ධ කරන්න ඕනෑ. බලනවා. මට එවපු අසවල් ලියුම. ඒක කියෙවුවද? ඒකෙ අකුරු කීයක් වරද්දලද තමුන් මේවා බැලුවද? ඒ ලියුම් හදල මට එවන්න ඕනෑ. වශයෙන් දෝෂාරෝපණ රැසක් එල්ල වෙයි. එසේ දොසක් අහන කවුරුවත් ආයෙත් ලියුමක් ලියන්නේ කිසිම වරදක් නොවෙන විදිහටය. හත් අට වතාවක් හෝ කියවා තැනකට හරියට ලියුමක් යැවීමට ප්‍රේමදාස මහතා නිලධාරින්ට පුහුණු කළේය. අද නිලධාරීන් නොව ඇමතිවරුන් පවා නිකුත් කරන ඇතැම් ලිපි වල භාෂා, ව්‍යාකරණ අක්ෂර දෝෂ කෙළවරක් නැත. ඒවා දකින විට අපට හිතෙන්නේ අදත් ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටියානම්.... කියා පමණි. එසේ වූවා නම් වැඩ කරන්නත් ලියුම් ලියන්නත් දෙකම එතුමා උගන්වනවා නියතය. දවසක් රෑ මොකක් හෝ වැඩකට ටවර් හෝල් එකේ ලොක්කට කෝල් එකක් ගන්න කියල මට කිවුවා. එතුමාගේ ඇමතුම ගියේ ගෙදරට......... ප්‍රේමදාස මහත්තයා ඇහුවා අසවලා කෝ කියලා. සර් එයා ඩිනර් එකකට ගිහින්. ඒකට ටිකක් ප්‍රේමදාස මහත්තයාට කේන්ති ගියා. බලනවා, මේ මිනිස්සුන්ට වැඩ නැතුවද? ගෙදර උයන දෙයක් කාල ඉන්න බැරුවද පාටි ගිහින් ජහ ජරාව කාල වේලාවත් කාලා එනවා. වැඩකට සම්බන්ධ කර ගන්න බෑ. වශයෙන් තවත් නිලධාරීන් පිරිසක් සමග පසුවදා ප්‍රේමදාස මහත්තයා චෝදනා කළේය. අබේරත්න මහතා මතකයට නඟයි. ප්‍රේමදාස මහත්තයා මන්ත්‍රී වුණත් අගමැති වුණත් ජනාධිපති වුණත් පාන්දර 4.00 වෙද්දි නැගිටිනවා. රෑ එක පහුවෙලා නිදා ගත්තත් 4.00 ට ඇහැරිලා. එතුමා 4.00 අවදිවෙන නිසා අපි 3.30 වත් නැගිටලා ලෑස්ති වෙලා ඉන්න ඕනෑ. නැගිටලා දවසෙ පත්තර ටික බලනවා. ඒකෙ පාරක් කැඩිල තියනවද? කුණු ගොඩක්ද වතුර පයිප්ප වැඩ කරන්නේ නැද්ද, මහජනයාට බලපාන ප්‍රශ්නයක් නම් ඒ පුවත් සේරම ඒ වෙලාවෙම ෆොටෝ කොපි ගහලා අසවලාට අසවලාට දැන්ම යවන්න කියනවා. ඒ වැඬේට වෙනම මෝටර් බයිසිකල් රයිඩර්ස්ලා දෙන්නෙක් හිටියා. ඒ අය පාන්දරම ෆොටෝ කොපි අරන් නිලධාරීන්ගේ ගෙවල් වලට ගිහින් දෙන්න ඕනෑ. මෙවැනි දේවල් අද දේශපාලනය තුළ තියේද? අද තියනවා නම් රට කොතැනද? වැනි ප්‍රශ්න ගොඩක් මේ ලියන අපටද මතුවේ. කොහොම වුණත් ඒ යුගය හා ක්‍රමවේද ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසු අපේ රාජ්‍ය නායකයන්ගෙන් අතුරුදහන් වී ඇත්ද? කසළ ගොඩට උත්තර නැති කළ එය කසළ කන්දක් වීම නැවතිය නොහැක. පිච්චුණ ලයිට් එක ගණන් නොගත් විට ලයිට් වැලක් පිච්චී යාම නැවතිය නොහැක. පාලකයන් ඇස නොහරින කළ රට අභ්‍යන්තරයේ සිදුවෙන්නේ මේ දේය. පාලකයන් නොසොයන විට නිලධාරීන් බුදියා ගැනීමද වැළකිය නොහැක. නිලධාරින්ගේ නොදැනුවත් කමද වැළකිය නොහැක. මහත්තයෝ සුචරිතයේ ප්‍රේමදාස මහත්තයා වන්දනා මාන කරන වෙනම බුදු මැදුරක්ද තිබුණා. ඒ බුදු මැදුරේ නායක ස්වමීන් වහන්සේලා විසින් එතුමාට ලබා දීපු සර්වඥ ධාතූන් වහන්සේලා පවා වැඩ සිටියා. ප්‍රේමදාස මහත්තයා බුදුමැදුරේ පහන් දල්වන්න හදද්දී දවසක් මට කතා කළා. අබේ.... මීට පස්සේ පාන පත්තු කරන්න හදද්දි මෙන්න මේ විදිහට ගිනිකූරු තුනක් පෙට්ටියෙන් එළියට ඇඳලා තියනවා. එහෙම කියන්නේ මොකද දන්නවද? දැන් බලනවා මට ගිනිකූරක් ගන්න පෙට්ටිය අරින්නත් වේලාවක් යනවා. බලනවා තත්පර කීයක් යනවද? නිකරුණේ වේලාව යන්න ඕනැ නෑනෙ. කූරු තුනක් ගන්න වුණොත් තුන් වතාවක් පෙට්ටිය අරින්න ඕනෑ. ඒ නිසා මේ විදිහට කරනවා. එතුමා දීපු උපදේශනය හා ආදර්ශය තුළ කොයිතරම් කාල කළමනාකරණයක් ප්‍රේමදාස ජනාධිපතිතුමා සතුවීද යන්න සහසුද්දයෙන් තේරුම් ගැනීමට හැකිය. ගිනිකූරක් ගන්නට වැයවන තත්පරයද දුප්පත් මිනිස්සු වෙනුවෙන් දෙන්නට තරම් එතුමා ගුණවන්ත වූහ. දවසක් ඉස්කෝලෙ ළමයින්ට පාසල් නිල ඇඳුම් දෙන්න සාකච්ඡාවක් සුචරිතේ කැඳවල තිබුණා. ඒකට රජයේ නිලධාරීන් ව්‍යාපාරිකයන් ගොඩක් සහභාගි වුණා. කෝ බලන්න මොනවද සාම්පල්. ප්‍රේමදාස මහත්තයා විසින්ම ගෙනා සාම්පල් වෙන වෙනම පරීක්ෂා කළා. කෝ මේ සේරම ලෝකල් බඩුනෙ. එහෙම නෙමෙයි. හොඳ රෙදි දෙන්න ඕනෑ. අර මම අඳින නිල් ඉර තියන සුදු රෙද්ද නැද්ද? එතුමා ඇහුවා. නිලධාරීන් කිවුවා. ඒ රෙදි වර්ගය තියනවා. ගාණ වැඩියි කියලා. එතකොට ප්‍රේමදාස මහත්තයා අහනවා ඒකට කමක් නෑ මම සල්ලි වෙන් කරන්නම්. ළමයින්ට ඇඳුම් මහන්න බාල රෙදි දෙන්න එපා. හොඳ රෙදි දෙන්න කටයුතු කරන්න කියලා මහත්තයො මෑත යුගයෙත් මෙහෙම දේවල් වෙනවද? අබේරත්න මගෙන් ඇසූ ප්රශ්නය ඇත්තකි. දැන් දුප්පතා දුප්පතාගේ දරුවා හොම්බෙන් ගියත් ටෙන්ඩරේ කොන්ත්‍රාත්තුවේ ලාභය වැඩි නම් ඒ ගැන කිසිම නිලධාරියකුට, පාලකයකුට වගක් නැත. රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් ශ්‍රේෂ්ඨ වන්නේ තමන්ගේ ගොඩින් දුප්පතාගේ ගොඩට යමක් දාන්නට තුන් හිතෙන්ම හීන මැවූව නිසාය. තව දෙයක් මහත්තයො... ප්‍රේමදාස මහත්තයාට දුප්පත් ළමයි වෙනුවෙන් කරන්න තිබුණු තව හීනයක් තමයි. සපත්තු ලබා දීම. එතුමා සපත්තු සාම්පල් එහෙමත් පරික්ෂා කරල තිබුණ වෙලාවකයි හදිස්සියේම ඝාතනයට ලක්වුණේ. ප්‍රේමදාස මහත්තයා පාසල් ළමයින්ට දහවල් කාලයේදී බනිස් ගෙඩියක් ලබාදීමේ වැඩපිළිවෙළ නැවත ආරම්භ කළා. මෙය ඊට පෙර තිබිලා පසුව නැවතී ගිය වැඩසටහනක්. ප්‍රේමදාස මහත්තයා පාසල් ළමයි වෙනුවෙන් හැමවිටම බැලුවෙ හොඳම දේ ලබා දෙන්න. නිල ඇඳුම් බැලුවත් සපත්තු බැලුවත් එහෙමයි. දවසක් උදේ 6.20 ට විතර එතුමා මට කතා කළා. අබේ... දුව ඉස්කෝලෙ ගියාද? ඉස්කෝලෙ යන්න ඇඳගෙන ඉන්නවා නම් පොඞ්ඩක් එක්ක එන්න කිවුවා. එතකොට අපි නැවතිලා හිටියේ සුචරිතය කිට්ටුව. මම දුවව පාසල් ඇඳුමින් සුචරිතේට එක්ක ආවා. ඊට පස්සේ දුව කෑම මේසයෙන් වාඩි වෙන්න කියලා මේසෙ උඩ බ්‍රවුන් පේපර් උරයක දාලා තිබුණු බනිස් ගෙඩි දෙකක් ප්‍රේමදාස මහත්තය අතට ගත්තා. එකක් දුව අතට දීලා මේක කන්න කිව්වා. දුව ඒක කන්න ගත්තෙ ගෙඩියම කටට ළං කරලා. නෑ. නෑ. ඔහොම කන්න එපා. බනිස් ගෙඩිය අතින් කෑල්ල කෑල්ල පුංචියට කඩල කන්න. එතකොට බනිස් ගෙඩියෙ ගුල්ලෙක් හරි කළුපාට මොනවා හරි තියනවා නම් පේනවා කියලා දුවට ඉගැන්නුවා. එදා ප්‍රේමදාස මහත්තයා සුචරිතයට ගෙනැත් තිබුණෙ කොළඹ පාසල් වලට බනිස් බෙදන බේකරියක බනිස් ගෙඩි දෙකක්. ඒ බනිස් වල යම් විදිහකට කළුපාට පුංචි දෙයක් හෝ තිබුණා නම් මොනවා වෙයිද? ළමයාට කන්න දෙන බනිස් ගෙඩිය ගැන දෙමවුපියන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට වඩා ප්‍රේමදාස මහත්තයා හොයලා බැලුවා කියලා මම හිතනවා. ළමයාට දෙන බනිස් ගෙඩිය රසද, කියලත් ඇහුවා. මීට පෙර ගුල්ලො කළුපාට පැල්ලම් තියනවා දැක්කද ඇහුවා. එහෙම තමන් දෙන දේ ගැන හොයන, නැවත නැවත සොයා බලන අය දුර්ලභයි. ආරම්භය ගැන විතරක් නෙවෙයි. ආරම්භ කළ දේ පවත්වාගෙන යන හැටි, ප්‍රමිතිය මේ හැමදේම අස්සක් මුල්ලක් නෑරම හොයපු නිසා ප්‍රේමදාස මහත්තයාගේ වැඩ සාර්ථකයි. වැරදුනේ නෑ. අඩුපාඩු කියන්න බෑ. නිලධාරින් නිදි නෑ. නිලධාරින් ජොලි දැම්මේ නෑ. නිලධාරීන් ගසා කෑවේ නෑ. නායකයා ඉන්න ඕනෑ එහෙමයි. ප්‍රේමදාස මහත්තයාට අවශ්‍ය වුණා ඇඟළුම් හල් 200 ක් හදලා ඉවර කරලා ඊට පස්සේ විවිධ පළාත්වල ඉස්පිරිතාල 200 ක් හදන්න. එතුමාට ඇඟළුම්හල් 160 ක් පමණ වගේ ප්‍රමාණයයි හදන්න හැකි වුණේ. ඒත් අදටත් මේ රටේ රැකියා වියුක්තිය වහලා දාල තියනවා. ප්‍රේමදාස මහත්තයා ඉස්පිරිතාල 200 හැදුවානම් අද මේ රට කොහිද? ඒක ඉන්පසු ආපු කිසිම පාලකයෙක්ට කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයාට ඕනෑ වුණේ ලෙඞ්ඩු ප්‍රධාන රෝහල් දෙක තුනට ගේන එක වෙනුවට තව රෝහල් 200 ක් රට පුරා ප්‍රධාන අංග සම්පූර්ණ රෝහල් කරන්න. එහෙම කළා නම් එක ලෙඩෙක් හරි මැරෙන එක නතර වෙනවා. මේවා විප්ලව මහත්තයො? ඒ විප්ලව යුගය ප්‍රේමදාස මහතාගෙන් අවසන්ද? ඒ පරිවර්තනය අතට ගන්නේ කවුද? මේ කියවන අය නැවත විමසනු ඒකාන්තය. :( :( :( [LEFT]"මා දුටු ප්‍රේමදාස“ පොත මට හොයලා දෙන්න පුලුවන් කාටද?[/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom