Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධගයාව පිළිබඳ කෙටි විමසුමක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධගයාව පිළිබඳ කෙටි විමසුමක්.

බුදුරජාණන්වහන්සේ බුදු වූයේ ලංකාවේ යැයි කියන්නා වූ පිරිස ගැන ඔබ දැනටමත් අසා ඇතුවාට සැක නැත. එවැනි කොටසක් ලංකාවේ සිටී. මේ පිරිසට විරෝධය පල කරන්නා වූ පිරිසක් ද ලංකාවේ සිටී. මේ දෙකොටස අතර දැනට බුදුරජාණන්වහන්සේ බුදු වූයේ කුමන ස්ථානයක දී ද යන්න පිළිබඳව ගැටුමක් පවතී. ඒ ගැටුම ඇති කලේ කවුරුන් වුවද ඒ තැනැත්තා හෝ කණ්ඩායම බුදුරජාණන්වහන්සේගේ ධර්මයට අපහාස කර ඇත. මක්නිසාදයත්, බුද්ධ දේශනාව පිළිබඳව සැක මතු කිරීමට සමහරුන් පෙළඹවීම සඳහා එකී ගැටුම හේතුපාදක වී ඇති නිසාවෙනි. සංවේජනීය සූත්‍රයේ මෙසේ දැක් වේ.

මහණෙනි, සැදැහැති කුලපුතකු විසින් දැක්ක යුතු, සංවෙග කටයුතු, මේ ස්ථානයෝ සතරෙක. කවර සතරෙක යත්:

මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්හ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.

මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළහයි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.

මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර ධර්මචක්රය පැවැත්වූහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.

මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුවෙන් පිරිනිවියහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි.

මහණෙනි, සැදැහැති කුලපුතකු විසිනු දැක්කයුතු සංවේග කටයුතු මේ සතර ස්ථානයෝ යි.

කෙසේවෙතත් අකුසල ධර්මයන්ගෙන් පිරුණු සිත් ඇතිව ගයාවේ වන්දනා කළද ඵලක් නොවන බව බුදුරජාණන්වහන්සේ සුන්දරික බ්‍රාහ්මණයාට වත්ථූපම සූත්‍රයේදී මෙසේ වදාරා ඇත්තේ ය.

බාහුකානදියට ද අධිකක්ක නම් තීර්තථයට ද ගයාතීර්ත්ථයට ද සුන්දරිකා නදියට ද සරස්වතිනදියට ද ප්රයාගතීර්ත්ථයට ද යළි බාහුමතී නදියට ද,

කළපව් ඇති අඥජන තෙමේ නිතර පිවිසියේ නමුත් කෘෂ්ණ (අකුශල) කර්ම ඇති හෙතෙමේ පිරිසිදු නො වෙයි. සුන්දරිකානදිය කුමක් කරන්නී ද? ප්රයාගතීර්ත්ථය කිම? බාහුකානදිය කිම? (බාහුකානදී ආදීහු) වෛර ඇත්තා වූ කළ රළුකම් ඇත්තා වූ පාපකර්මයෙන් යුක්ත වූ ඒ නුවණ නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.

පිරිසිදු වූවහුට (කෙලෙස් නැත්තහුට) හැම කල්හි ම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වූවහුට හැමකල්හි පොහොය වේ. පිරිසිදු වූ පරිශුද්ධ කර්ම ඇත්තහුගේ ව්‍රතය හැම කල්හි සමෘද්ධ වේ. බ්‍රාහ්මණය, මෙහි ම ස්නානය කරව. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කරව.

බොරු නො කියහි නම්, සතුන්ට හිංසා නො කෙරෙහි නම්, නොදුන් දෙය නො ගනිහි නම්, ශ්‍රද්ධා ඇත්තෙහි මසුරු නොවෙහි නම්, ගයාවට ගොස් කුමක් කරන්නෙහි ද? තාගේ ලිඳ වුව ද ගයාව වේ.

මේ සංවේග කටයුතු ස්ථාන පිළිබඳව බොදුනුවන්ගේ සිතු තුළ සැක ඇතිකරවීමට කෙනෙක් සමර්ථ වෙනවා නම් ඒ කෙනා බුදු දහම විකෘති කරනවා මිස වෙන් කුමක් කරන්නේ ද?

එය එසේ තිබියදී අරියපරියේසන සූත්‍රයේ දැක්වෙන පහත දේශනා කොටසට ඔබගේ අවධානය යොමු කරමි.

මහණෙනි, ඒ මම ‘කුසලය කුමක් දැ’යි සොයනසුලු වූයෙම් අනුත්තර උතුම් නිර්වාණපදය සොයමින් මගධ දනව්වෙහි පිළිවෙලින් සැරිසරන්නෙම් උරුවෙලායෙහි සේනානිගමය කරා පැමිණියෙමි. එහි සිත්කලු භූමි භාගය ද, පහදවන වනළැහැබ ද, වැලිතලා ඇති මානා තොටු ඇති සිත්කලු ගලාබස්නා නදිය ද, හාත්පස ගොදුරුගම ද, දිටිමි. මහණෙනි, ඒ මට මේ අදහස වී ය: “භූමිභාගය රමණීය ය. වන ළැහැබ ප්‍රසාද ජනක ය. සුදුවැලි තලා ඇති මනා තොටු ඇති සිත්කලු නදිය ද ගලා බස්නී ය. හාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රධන් කරනු කැමැති කුලපුත්‍රයකුට ප්‍රධන්වීර්ය සඳහා මෙය සුදුසු ම ය.” මහණෙනි, ඒ මම ප්‍රධන්වීර්ය පිණිස “මෙය සුදුසු ම ය” යි සිතා එහි ම (බෝමැඩ) හුන්නෙමි. .........

මහණෙනි, ඉක්බිති උරුවෙල්දනව්වෙහි කැමතිතාක් වාසය කොට බරණැස චාරිකාවෙහි ගියෙමි. මහණෙනි, ගයාවටත් බෝධියටත් අතර අදන්මගට පිළිපන් උපක නම් ආජීවකයා මා දුටුයේ ය.

මේ බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තමුන් ධර්මය සොයමින් උරුවෙල් දනව්වේ සේනානි ගමට පැමිණි බවයි. තමුන්වහන්සේ බුද්ධත්වයට පත්වීමට තෝරා ගත් ප්‍රදේශය විස්තර කරයි. බුද්ධත්වයට පසුව මුල් ධර්ම දේශනය සඳහා බරණැසට වැඩම කිරීම දේශනා කරයි.

බුදුරජාණන්වහන්සේ බුදුවීම සඳහා තෝරා ගත්තේ උරුවෙල සේනානි ග්‍රමය ය. මේ ග්‍රාමයේ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ මුල ඒ සඳහා උන්වහන්සේ වැඩ සිටි සේක. මේ උරුවෙල සේනානි ග්‍රාමය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇත්තේ ලංකාවේ යැයි (ඒ පිළිබඳව නිශ්චිත ස්ථානයක් නොමැති නමුත් ප්‍රසිද්ධම මතය හිරිවඩුන්නේ බව එක්තරා මතයක වේ) පිරිසක් කියද්දී තවත් පිරිසක් කියන්නේ එය ඉන්දියාවේ පිහිටා ඇති බවයි. මේ පිළිබඳව කෙටි විමසුමක් මෙම ලිපියේ දී සිදු කෙරේ.

දීඝ නිකායේ ජනවසභ සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ සම්බෝධිය සිදු වන්නේ මගධ රටේ ය. ඒ බව ආනන්ද භික්ෂූන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරයි.

භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය මගද රටෙහි විය. යම් මගද රටෙක භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය වී ද, එහි සමීපාතීත වූ කලුරිය කළ උවසුවන් කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ (ඔවුන්ගේ) උපපත්තීන් නිමිත්තෙන් නො ම හෙළි කළ යුතු වන සේක් ද? භාග්‍යවතුන් වහන්සේ වනාහි සමීපාතීතයෙහි කලුරිය කළ මගද රට වැසි උවසුවන් ඔවුන්ගේ උපපත්ති නිමිත්තෙන් නො හෙළි කරන සේක් වූ නම්, එයින් මගද රටැ වැසි උවසුවෝ බැගෑපත් සිතැති වන්නාහ. මගද රටැ වැසි උවසුවෝ යම් කරුණෙකින් බැගැපත් සිතැති වන්නාහු ද, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ඒ (උපපත්ති නිමිත්තෙන්) උවසුවන් හෙළි නො කරන සේක් ද? යනු යැ.

බුද්ධ කාලයේ මගධයේ අධිපතිකම් දැරූයේ බිම්බිසාර රජු විසිනි. බුද්ධ පරිනිර්වාණය වන විට එහි අධිපති කම අජාසත් රජු සතු විය. මගධ රාජ්‍යය ගැන මා විසින් පෙර දී ලිපියක් පළ කර ඇති අතර ඒ අනුව මගධය කිසිසේත්ම ලංකාවේ පිහිටිය හැකි නොවන බව මෙහිදී සඳහන් කිරීම පමණක් ප්‍රමාණවත් වේ. මේ ගැන තතු දන්නෝ දනිති. තවත් කෙටියෙන් කියනවා නම් මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් ඉන්දියාවේ මේ මගධයේ දේශ සීමා නන්ද රාජ පාලන කාලයේ දී ආක්‍රමණය කරන ලදි. ලංකාවේ මගධය පිහිටියා නම් ඇලෙක්සැන්ඩර් රජු ආක්‍රමණය කරන්නේ ලංකාව මිස ඉන්දියාව නොවන බව කල්පනා ශක්තියක් යම් පමණකින් ඇත්තෝ සිතා දැන ගත යුතු වේ.

නැවතත් ආර්ය පර්යේෂණ සූත්‍රයට යොමු වූ විට බුදුරජාණන්වහන්සේ සේනානියේ සිට බරණැසට වැඩම කළ පසු එහි වැඩම කළ බවක් සඳහන් වන්නේ නැත. ජය ශ්‍රී මහා බෝධිය ගැන නැවත අපට දැනගන්නට ලැබෙන්නේ කාලිංග බෝධි ජාතක කථාවෙනි.

මුල් කාලයේ උරුවෙල ලෙසින් හැඳින් වූ මේ ස්ථානයට සම්බෝධි නැත්නම් මහාබෝධි නාමය භාවිතා කරනු ලැබූවේ අශෝක රජු විසිනි. ඔහු මේ ස්ථානයේ නොයෙකුත් ඉදිකිරීම් කරවන්නට යෙදී ඇත. පසුව 18 වන සියවසේදී පමණ මහාබෝධිය බුද්ධගයාව බවට පරිවර්තනය විනි. ඒ සඳහා ඇලෙක්සැන්ඩර් කණින්හැම්ගේ පුරාවිද්‍යා සොයා ගැනීම් දායක වී ඇත. ඕනෑම මෝඩයකුට කණින්හැම් කැණීම් වලින් සොයා ගනු ලැබුවේ ලංකාවෙන් ඉන්දියාවට රැගෙන ගිය දේ නොවන බව පැහැදිලිව දැනගත හැකි අතර මේ බව මෙහි සටහන් කළේ සමහරුන් විසින් කණින්හැම් සහ අශෝක විසින් ලංකාවේ ඉතිහාසය, ඉන්දියාවේ පිහිටවූවා යැයි කියවන්නා වූ නිසාවෙනි. අශෝක රජුගේ පළමු ධර්ම යාත්‍රාව සිදුවන්නේ බුද්ධගයාවට සහ ජය ශ්‍රී මහා බෝධියට ය. ඒ පිළිබඳව ඔහුගේ 8 වන ලිපියේ සඳහන් වේ. එය පහත පරිදි ය.

In times past the Devanampriyas (Kings) used to set out on so-called pleasure-tours.

On these (tours) hunting and other such pleasures were (enjoyed).

When king Devanampriya Priyadarsin had been anointed ten years, he went out to Sambodhi.

Therefore tours of morality (were undertaken) here.

On these (tours) the following takes place, (viz.) visiting Sramanas and Brahmanas and making gifts (to them), visiting the aged and supporting (them) with gold, visiting the people of the country, instructing (them) in morality, and questioning (them) about morality, as suitable for this (occasion).

This second period (of the reign) of king Devanampriya Priyadarsin becomes a pleasure in a higher degree. (8th Major Rock Edict. Translation by E. Hultzsch (1857-1927). Published in India in 1925)

බුදුන් උපන් ස්ථානය වන්දනා කිරීමට බුද්ධ දේශනාව පරිදි ඈත කාලයේ සිටම ලංකාවේ ජනතාව ඉන්දියාවට ගොස් තිබේ. ලංකාවේ පමණක් නොව වෙනත් රටවල, එනම් බුදු දහම ව්‍යාප්තව පැවැති රටවල ජනතාව එහි ගොස් තිබේ. ලංකාවට අදාළ එවැනි පැරණිම සාක්ෂිය වන්නේ බෝධිරක්ෂිත නම් වූ භික්ෂුවක් විසින් පිහිටුවා ඇති සෙල් ලිපියකි. එම සංචාරය සිදුව ඇත්තේ ක්‍රි.පූ.1 දී පමණ ය. ජය ශ්‍රී මහා බෝධි ප්‍රදේශයට විදේශයකින් පැමිණි වන්දනාකරුවකු සම්බන්ධයෙන් දැකීමට ඇති පැරණිම සාධකය ලෙසින් ද මෙකී සෙල්ලිපිය හැඳින් වේ. එහි දැක්වෙන්නේ බෝධිරක්ඛිතස තම්බපන්නකස දානම් ලෙසිනි. මෙය ඇලෙක්සැන්ඩර් කණින්හැම් මහතා විසින් 1892 දී ප්‍රකාශයට පත්කර ඇත. චුල්ලතිස්ස නම් වූ භික්ෂුවක් තවත් ගිහි පිරිසක් සමඟ බුද්ධගයාව වන්දනා කිරීමට වන්දනාවේ ගිය බව රසවාහිනියේ දැක් වේ. ඒ මෙලෙසිනි.

ඉක්බිති හේ මෑත භාගයෙහි ජයමහ බෝධිය වඳිනු සඳහා යන්නාවූ භික්ෂූන් හා උපාසක උපාසිකාවන් සමග නැවට නැංගේය. (රසවාහිනී, සම්පාදන රන්ජිත් වනරතන - 1987)

ශ්‍රී මහා බෝධිය ලංකාවේ තිබුනා නම් චුල්ලතිස්ස භික්ෂුවට නැව් නැගීමේ අවශ්‍යතාවක් මතු වන්නේ නැත.

මහාවංශයේ 37 වන පරිච්ඡේදයේ දී දඹදිව බෝධිමණ්ඩලය ගැන සඳහන් වේ. ඒ බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ කථා පුවත විස්තර කිරීමේ දී ය. තවදුරටත් 39 වන පරිච්ඡේදයේ දී කාශ්‍යප රජු නිසා ලංකාවෙන් දඹදිවට පලා ගිය සිලාකාල කුමරු ගැන සඳහන් වේ. මේ සිලාකාල කුමරු ජය ශ්‍රී මහා බෝධිය අසල වෙහෙරක මහණ දම් පුරමින් සිට මුගලන් රජුගේ කාලයේ දී ආපසු ලංකාවට පැමිණ තිබේ. අතුල් බෝශේකර් ප්‍රකාශ කරන අන්දමට සිරි මේඝවර්ණ රජුගේ සහෝදරයා ජය ශ්‍රී මහා බෝ වන්දනාවට පැමිණි විට දැක ඇත්තේ වන්දනා කිරීම සඳහා පැමිණෙන විට නැවතීමට පහසුකම් නොමැති බවයි. ඒ අනුව ඔහු විසින් රජුට දැන්වීමෙන් පසු, ප්‍රදේශයේ පාලකයාගෙන් අවසර ලබා ගෙන බුද්ධගයාවේ ‘මහාබෝධී ආරාමය‘ කරවා තිබේ. එහි ද්වාරයේ සියල්ලන්ට ම වෙනසකින් තොරව උදව් කිරීම බුදුවරුන්ගේ ඉගැන්වීමයි ලෙසින් තඹ පත්‍රයකින් මුද්‍රණය කරවා තිබූ බවද ඔහු වැඩිදුරටත් කියයි. අතුල් බෝශේකර් යනු ලාංකිකයෙක් නොව ඉන්දියානුවෙකි. එකී ආරාමය පසුව විශ්වවිද්‍යාලයක් දක්වා පරිවර්තනය වී ඇති අතර හ්‍යුත් සාං භ්‍රමණ වෘතාන්තයේ දී මේ පිළිබඳව සඳහන් කර තිබේ.

[QUOTE="hpalpola, post: 29581145, member: 321413"] [CENTER][SIZE=5][B]බුද්ධගයාව පිළිබඳ කෙටි විමසුමක්. [/B][/SIZE][/CENTER] [SIZE=5] බුදුරජාණන්වහන්සේ බුදු වූයේ ලංකාවේ යැයි කියන්නා වූ පිරිස ගැන ඔබ දැනටමත් අසා ඇතුවාට සැක නැත. එවැනි කොටසක් ලංකාවේ සිටී. මේ පිරිසට විරෝධය පල කරන්නා වූ පිරිසක් ද ලංකාවේ සිටී. මේ දෙකොටස අතර දැනට බුදුරජාණන්වහන්සේ බුදු වූයේ කුමන ස්ථානයක දී ද යන්න පිළිබඳව ගැටුමක් පවතී. ඒ ගැටුම ඇති කලේ කවුරුන් වුවද ඒ තැනැත්තා හෝ කණ්ඩායම බුදුරජාණන්වහන්සේගේ ධර්මයට අපහාස කර ඇත. මක්නිසාදයත්, බුද්ධ දේශනාව පිළිබඳව සැක මතු කිරීමට සමහරුන් පෙළඹවීම සඳහා එකී ගැටුම හේතුපාදක වී ඇති නිසාවෙනි. [B]සංවේජනීය සූත්‍රයේ[/B] මෙසේ දැක් වේ. මහණෙනි, සැදැහැති කුලපුතකු විසින් දැක්ක යුතු, සංවෙග කටයුතු, මේ ස්ථානයෝ සතරෙක. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්හ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි. මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළහයි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි. මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර ධර්මචක්රය පැවැත්වූහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි. මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුවෙන් පිරිනිවියහ යි සැදැහැති කුලපුතකු විසින් දැක්කයුතු සංවේග කටයුතු ස්ථාන යි. මහණෙනි, සැදැහැති කුලපුතකු විසිනු දැක්කයුතු සංවේග කටයුතු මේ සතර ස්ථානයෝ යි. කෙසේවෙතත් අකුසල ධර්මයන්ගෙන් පිරුණු සිත් ඇතිව ගයාවේ වන්දනා කළද ඵලක් නොවන බව බුදුරජාණන්වහන්සේ සුන්දරික බ්‍රාහ්මණයාට [B]වත්ථූපම සූත්‍රයේ[/B]දී මෙසේ වදාරා ඇත්තේ ය. බාහුකානදියට ද අධිකක්ක නම් තීර්තථයට ද ගයාතීර්ත්ථයට ද සුන්දරිකා නදියට ද සරස්වතිනදියට ද ප්රයාගතීර්ත්ථයට ද යළි බාහුමතී නදියට ද, කළපව් ඇති අඥජන තෙමේ නිතර පිවිසියේ නමුත් කෘෂ්ණ (අකුශල) කර්ම ඇති හෙතෙමේ පිරිසිදු නො වෙයි. සුන්දරිකානදිය කුමක් කරන්නී ද? ප්රයාගතීර්ත්ථය කිම? බාහුකානදිය කිම? (බාහුකානදී ආදීහු) වෛර ඇත්තා වූ කළ රළුකම් ඇත්තා වූ පාපකර්මයෙන් යුක්ත වූ ඒ නුවණ නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්. පිරිසිදු වූවහුට (කෙලෙස් නැත්තහුට) හැම කල්හි ම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වූවහුට හැමකල්හි පොහොය වේ. පිරිසිදු වූ පරිශුද්ධ කර්ම ඇත්තහුගේ ව්‍රතය හැම කල්හි සමෘද්ධ වේ. බ්‍රාහ්මණය, මෙහි ම ස්නානය කරව. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කරව. බොරු නො කියහි නම්, සතුන්ට හිංසා නො කෙරෙහි නම්, නොදුන් දෙය නො ගනිහි නම්, ශ්‍රද්ධා ඇත්තෙහි මසුරු නොවෙහි නම්, ගයාවට ගොස් කුමක් කරන්නෙහි ද? තාගේ ලිඳ වුව ද ගයාව වේ. මේ සංවේග කටයුතු ස්ථාන පිළිබඳව බොදුනුවන්ගේ සිතු තුළ සැක ඇතිකරවීමට කෙනෙක් සමර්ථ වෙනවා නම් ඒ කෙනා බුදු දහම විකෘති කරනවා මිස වෙන් කුමක් කරන්නේ ද? එය එසේ තිබියදී අරියපරියේසන සූත්‍රයේ දැක්වෙන පහත දේශනා කොටසට ඔබගේ අවධානය යොමු කරමි. මහණෙනි, ඒ මම ‘කුසලය කුමක් දැ’යි සොයනසුලු වූයෙම් අනුත්තර උතුම් නිර්වාණපදය සොයමින් මගධ දනව්වෙහි පිළිවෙලින් සැරිසරන්නෙම් උරුවෙලායෙහි සේනානිගමය කරා පැමිණියෙමි. එහි සිත්කලු භූමි භාගය ද, පහදවන වනළැහැබ ද, වැලිතලා ඇති මානා තොටු ඇති සිත්කලු ගලාබස්නා නදිය ද, හාත්පස ගොදුරුගම ද, දිටිමි. මහණෙනි, ඒ මට මේ අදහස වී ය: “භූමිභාගය රමණීය ය. වන ළැහැබ ප්‍රසාද ජනක ය. සුදුවැලි තලා ඇති මනා තොටු ඇති සිත්කලු නදිය ද ගලා බස්නී ය. හාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රධන් කරනු කැමැති කුලපුත්‍රයකුට ප්‍රධන්වීර්ය සඳහා මෙය සුදුසු ම ය.” මහණෙනි, ඒ මම ප්‍රධන්වීර්ය පිණිස “මෙය සුදුසු ම ය” යි සිතා එහි ම (බෝමැඩ) හුන්නෙමි. ......... මහණෙනි, ඉක්බිති උරුවෙල්දනව්වෙහි කැමතිතාක් වාසය කොට බරණැස චාරිකාවෙහි ගියෙමි. මහණෙනි, ගයාවටත් බෝධියටත් අතර අදන්මගට පිළිපන් උපක නම් ආජීවකයා මා දුටුයේ ය. මේ බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තමුන් ධර්මය සොයමින් උරුවෙල් දනව්වේ සේනානි ගමට පැමිණි බවයි. තමුන්වහන්සේ බුද්ධත්වයට පත්වීමට තෝරා ගත් ප්‍රදේශය විස්තර කරයි. බුද්ධත්වයට පසුව මුල් ධර්ම දේශනය සඳහා බරණැසට වැඩම කිරීම දේශනා කරයි. බුදුරජාණන්වහන්සේ බුදුවීම සඳහා තෝරා ගත්තේ උරුවෙල සේනානි ග්‍රමය ය. මේ ග්‍රාමයේ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ මුල ඒ සඳහා උන්වහන්සේ වැඩ සිටි සේක. මේ උරුවෙල සේනානි ග්‍රාමය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇත්තේ ලංකාවේ යැයි (ඒ පිළිබඳව නිශ්චිත ස්ථානයක් නොමැති නමුත් ප්‍රසිද්ධම මතය හිරිවඩුන්නේ බව එක්තරා මතයක වේ) පිරිසක් කියද්දී තවත් පිරිසක් කියන්නේ එය ඉන්දියාවේ පිහිටා ඇති බවයි. මේ පිළිබඳව කෙටි විමසුමක් මෙම ලිපියේ දී සිදු කෙරේ. දීඝ නිකායේ [B]ජනවසභ [/B]සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේගේ සම්බෝධිය සිදු වන්නේ මගධ රටේ ය. ඒ බව ආනන්ද භික්ෂූන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරයි. භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය මගද රටෙහි විය. යම් මගද රටෙක භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය වී ද, එහි සමීපාතීත වූ කලුරිය කළ උවසුවන් කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ (ඔවුන්ගේ) උපපත්තීන් නිමිත්තෙන් නො ම හෙළි කළ යුතු වන සේක් ද? භාග්‍යවතුන් වහන්සේ වනාහි සමීපාතීතයෙහි කලුරිය කළ මගද රට වැසි උවසුවන් ඔවුන්ගේ උපපත්ති නිමිත්තෙන් නො හෙළි කරන සේක් වූ නම්, එයින් මගද රටැ වැසි උවසුවෝ බැගෑපත් සිතැති වන්නාහ. මගද රටැ වැසි උවසුවෝ යම් කරුණෙකින් බැගැපත් සිතැති වන්නාහු ද, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ඒ (උපපත්ති නිමිත්තෙන්) උවසුවන් හෙළි නො කරන සේක් ද? යනු යැ. බුද්ධ කාලයේ මගධයේ අධිපතිකම් දැරූයේ බිම්බිසාර රජු විසිනි. බුද්ධ පරිනිර්වාණය වන විට එහි අධිපති කම අජාසත් රජු සතු විය. මගධ රාජ්‍යය ගැන මා විසින් පෙර දී ලිපියක් පළ කර ඇති අතර ඒ අනුව මගධය කිසිසේත්ම ලංකාවේ පිහිටිය හැකි නොවන බව මෙහිදී සඳහන් කිරීම පමණක් ප්‍රමාණවත් වේ. මේ ගැන තතු දන්නෝ දනිති. තවත් කෙටියෙන් කියනවා නම් මහා ඇලෙක්සැන්ඩර් රජු විසින් ඉන්දියාවේ මේ මගධයේ දේශ සීමා නන්ද රාජ පාලන කාලයේ දී ආක්‍රමණය කරන ලදි. ලංකාවේ මගධය පිහිටියා නම් ඇලෙක්සැන්ඩර් රජු ආක්‍රමණය කරන්නේ ලංකාව මිස ඉන්දියාව නොවන බව කල්පනා ශක්තියක් යම් පමණකින් ඇත්තෝ සිතා දැන ගත යුතු වේ. නැවතත් ආර්ය පර්යේෂණ සූත්‍රයට යොමු වූ විට බුදුරජාණන්වහන්සේ සේනානියේ සිට බරණැසට වැඩම කළ පසු එහි වැඩම කළ බවක් සඳහන් වන්නේ නැත. ජය ශ්‍රී මහා බෝධිය ගැන නැවත අපට දැනගන්නට ලැබෙන්නේ කාලිංග බෝධි ජාතක කථාවෙනි. මුල් කාලයේ උරුවෙල ලෙසින් හැඳින් වූ මේ ස්ථානයට සම්බෝධි නැත්නම් මහාබෝධි නාමය භාවිතා කරනු ලැබූවේ අශෝක රජු විසිනි. ඔහු මේ ස්ථානයේ නොයෙකුත් ඉදිකිරීම් කරවන්නට යෙදී ඇත. පසුව 18 වන සියවසේදී පමණ මහාබෝධිය බුද්ධගයාව බවට පරිවර්තනය විනි. ඒ සඳහා ඇලෙක්සැන්ඩර් කණින්හැම්ගේ පුරාවිද්‍යා සොයා ගැනීම් දායක වී ඇත. ඕනෑම මෝඩයකුට කණින්හැම් කැණීම් වලින් සොයා ගනු ලැබුවේ ලංකාවෙන් ඉන්දියාවට රැගෙන ගිය දේ නොවන බව පැහැදිලිව දැනගත හැකි අතර මේ බව මෙහි සටහන් කළේ සමහරුන් විසින් කණින්හැම් සහ අශෝක විසින් ලංකාවේ ඉතිහාසය, ඉන්දියාවේ පිහිටවූවා යැයි කියවන්නා වූ නිසාවෙනි. අශෝක රජුගේ පළමු ධර්ම යාත්‍රාව සිදුවන්නේ බුද්ධගයාවට සහ ජය ශ්‍රී මහා බෝධියට ය. ඒ පිළිබඳව ඔහුගේ 8 වන ලිපියේ සඳහන් වේ. එය පහත පරිදි ය. In times past the [URL='https://en.wikipedia.org/wiki/Devanampriya']Devanampriyas[/URL] (Kings) used to set out on so-called pleasure-tours. On these (tours) hunting and other such pleasures were (enjoyed). When king [URL='https://en.wikipedia.org/wiki/Devanampriya']Devanampriya[/URL] [URL='https://en.wikipedia.org/wiki/Priyadarsin']Priyadarsin[/URL] had been anointed ten years, he went out to [URL='https://en.wikipedia.org/wiki/Sambodhi']Sambodhi[/URL]. Therefore tours of morality (were undertaken) here. On these (tours) the following takes place, (viz.) visiting [URL='https://en.wikipedia.org/wiki/Sramanas']Sramanas[/URL] and [URL='https://en.wikipedia.org/wiki/Brahmanas']Brahmanas[/URL] and making gifts (to them), visiting the aged and supporting (them) with gold, visiting the people of the country, instructing (them) in morality, and questioning (them) about morality, as suitable for this (occasion). This second period (of the reign) of king Devanampriya Priyadarsin becomes a pleasure in a higher degree. (8th Major Rock Edict. Translation by [URL='https://en.wikipedia.org/wiki/E._Hultzsch']E. Hultzsch[/URL] (1857-1927). Published in India in 1925) බුදුන් උපන් ස්ථානය වන්දනා කිරීමට බුද්ධ දේශනාව පරිදි ඈත කාලයේ සිටම ලංකාවේ ජනතාව ඉන්දියාවට ගොස් තිබේ. ලංකාවේ පමණක් නොව වෙනත් රටවල, එනම් බුදු දහම ව්‍යාප්තව පැවැති රටවල ජනතාව එහි ගොස් තිබේ. ලංකාවට අදාළ එවැනි පැරණිම සාක්ෂිය වන්නේ බෝධිරක්ෂිත නම් වූ භික්ෂුවක් විසින් පිහිටුවා ඇති සෙල් ලිපියකි. එම සංචාරය සිදුව ඇත්තේ ක්‍රි.පූ.1 දී පමණ ය. ජය ශ්‍රී මහා බෝධි ප්‍රදේශයට විදේශයකින් පැමිණි වන්දනාකරුවකු සම්බන්ධයෙන් දැකීමට ඇති පැරණිම සාධකය ලෙසින් ද මෙකී සෙල්ලිපිය හැඳින් වේ. එහි දැක්වෙන්නේ බෝධිරක්ඛිතස තම්බපන්නකස දානම් ලෙසිනි. මෙය ඇලෙක්සැන්ඩර් කණින්හැම් මහතා විසින් 1892 දී ප්‍රකාශයට පත්කර ඇත. චුල්ලතිස්ස නම් වූ භික්ෂුවක් තවත් ගිහි පිරිසක් සමඟ බුද්ධගයාව වන්දනා කිරීමට වන්දනාවේ ගිය බව රසවාහිනියේ දැක් වේ. ඒ මෙලෙසිනි. ඉක්බිති හේ මෑත භාගයෙහි ජයමහ බෝධිය වඳිනු සඳහා යන්නාවූ භික්ෂූන් හා උපාසක උපාසිකාවන් සමග නැවට නැංගේය. (රසවාහිනී, සම්පාදන රන්ජිත් වනරතන - 1987) ශ්‍රී මහා බෝධිය ලංකාවේ තිබුනා නම් චුල්ලතිස්ස භික්ෂුවට නැව් නැගීමේ අවශ්‍යතාවක් මතු වන්නේ නැත. මහාවංශයේ 37 වන පරිච්ඡේදයේ දී දඹදිව බෝධිමණ්ඩලය ගැන සඳහන් වේ. ඒ බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ කථා පුවත විස්තර කිරීමේ දී ය. තවදුරටත් 39 වන පරිච්ඡේදයේ දී කාශ්‍යප රජු නිසා ලංකාවෙන් දඹදිවට පලා ගිය සිලාකාල කුමරු ගැන සඳහන් වේ. මේ සිලාකාල කුමරු ජය ශ්‍රී මහා බෝධිය අසල වෙහෙරක මහණ දම් පුරමින් සිට මුගලන් රජුගේ කාලයේ දී ආපසු ලංකාවට පැමිණ තිබේ. අතුල් බෝශේකර් ප්‍රකාශ කරන අන්දමට සිරි මේඝවර්ණ රජුගේ සහෝදරයා ජය ශ්‍රී මහා බෝ වන්දනාවට පැමිණි විට දැක ඇත්තේ වන්දනා කිරීම සඳහා පැමිණෙන විට නැවතීමට පහසුකම් නොමැති බවයි. ඒ අනුව ඔහු විසින් රජුට දැන්වීමෙන් පසු, ප්‍රදේශයේ පාලකයාගෙන් අවසර ලබා ගෙන බුද්ධගයාවේ ‘මහාබෝධී ආරාමය‘ කරවා තිබේ. එහි ද්වාරයේ සියල්ලන්ට ම වෙනසකින් තොරව උදව් කිරීම බුදුවරුන්ගේ ඉගැන්වීමයි ලෙසින් තඹ පත්‍රයකින් මුද්‍රණය කරවා තිබූ බවද ඔහු වැඩිදුරටත් කියයි. අතුල් බෝශේකර් යනු ලාංකිකයෙක් නොව ඉන්දියානුවෙකි. එකී ආරාමය පසුව විශ්වවිද්‍යාලයක් දක්වා පරිවර්තනය වී ඇති අතර හ්‍යුත් සාං භ්‍රමණ වෘතාන්තයේ දී මේ පිළිබඳව සඳහන් කර තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom