Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
39 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධඝෝෂ භික්ෂුව - කෙටි හැඳින්වීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධඝෝෂ භික්ෂුව

මෙම කෙටි ලිපිය තුළින් බුද්ධඝෝෂ භික්ෂුව සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කිරීමට බලාපොරොත්තු වේ.

හැඳින්වීම

මහායාන බුදුදහම තුළ දී නාගර්ජුනයන්ට ලැබෙන පිළිගැනීම කෙසේද, ථෙරවාදී බුදුදහම තුළ ඊටත් වඩා වැඩි පිළිගැනීමක් බුද්ධඝෝෂ භික්ෂුවට ලැබේ. කෙසේවෙතත් එක් පාර්ශ්වයක් බුද්ධඝෝෂ භික්ෂුව ථෙරවාදී හෙළ බුදු දහමට විනාශයක් කළ ලෙසින් දක්වද්දී තවත් පිරිසක් එසේ නොවන බවට කියයි. තවත් පිරිසක් බුද්ධඝෝෂ භික්ෂුව යනු කවරෙක්දැයි පවා නොදනී.

බුද්ධඝෝෂ - ආරම්භය

ලංකාවේ වංශකතා අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා මහාවංශය තුළ 37 වන පරිච්ඡේදයේ දී බුද්ධඝෝෂ භික්ෂුව ගැන සටහන් ව තිබේ. මීට අමතරව ලංකාවේ ම ලියැවුණ බවට කියැවෙන බුද්ධඝෝෂුප්පත්ති නම් පොතේ ද බුද්ධඝෝෂ භික්ෂුව ගැන සඳහන් වේ. විනය අට්ඨකථා තුළින් ද උන්වහන්සේ ගැන යම් අදහසක් ලබා ගත හැකි වේ.

මහාවංශයට අනුව බුද්ධඝෝෂ භික්ෂුව ඉපැදී ඇත්තේ දඹදිව බුද්ධගයාව ආශ්රිත ගමක ගම්පතියකුට පුත්රවය. බුද්ධඝෝෂුප්පත්තිහි දී මේ සිදුවීම කථාවක් ලෙසින් නිර්මාණය කර තිබේ. ඒ අනුව එහිදී කියන්නේ භික්ෂූන්වහන්සේලාගේ ආරාධනය පිට දිව්යපුත්රයකුව සිට බුද්ධඝෝෂ, එකී බමුණු ගම්පතියාගේ වන කේසි බිරිඳගේ කුස පිළිසිඳගත් බවයි. එම කථාව නාගසේන, මොග්ගලීපුත්තතිස්ස කථාව හා සමානව යන කථාවක් බව බැලුබැල්මට පෙනේ. එවකට දඹදිව විසූ භික්ෂූන්වහන්සේලාට බුදු දහම ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මතුව තිබේ. ඒ සඳහා කටයුතු කිරීමට ගැලපෙන පුද්ගලයකු සොයාගැනීමේ අවශ්‍යතාවය මත දෙව් ලොවින් දිව්‍යපුත්‍රයකු කැඳ වූ බවට බුද්ධඝෝෂුප්පතියට අනුව කියයි.

මෙසේ ඉපැදෙන කුමරා ඝෝෂ නම් වූ අතර ඉක්මණින් ත්රිවේදය මැනවින් හදාරයි. ඔහුගේ පියා, කේසී එම ගම අයත් රාජ්‍යයේ රජුට උපදෙස් දෙන්නකු වී සිට ඇත. ඔහු මගින් කුමරා රජු වෙත ද ඉදිරිපත්ව තිබේ. එසේ ඉදිරිපත්වන්නේ රජුට හෝ ඔහුගේ උපදෙස් දෙන්නන්ට විසඳීමට නොහැකි වූ ප්‍රශ්නයකට උත්තර ලබා දෙමිනි. එයට පිළිතුරු සැපයීමත් සමඟ කුමරා, පියාට වඩා ගෞරව සම්මානයට ලක් වේ. මහෞෂධ කුමාරයා ද වරක පියා ඔස්සේ රජුට ඉදිරිපත් වී පියාටත් වඩා ඉහළ තත්ත්වයකට රජු ඉදිරියේ පත් වූ කථාවක් ඔබ අසා ඇති බවට සැක නැත. ඒ කථාවම බුද්ධඝෝෂුප්පත්තියෙහිදී බුද්ධඝෝෂ භික්ෂුව වෙත ආරෝපනය කර ඇති බවක් පෙනී යයි.

මේ කුමරාට දිනක් රේවත නම් වූ බුද්ධගයාව ආශ්‍රිතව වැඩ වාසය කරන්නා වූ රහතන්වහන්සේ නමක් සම්මුඛ වේ. රේවත ස්වාමීන්වහන්සේගෙන් වේදය පිළිබඳව ප්‍රශ්න කර එයට ලැබෙන පිළිතුරු වලින් ප්‍රසාදයට පත් වන කුමරා, රේවත ස්වාමීන්වහන්සේගේ ධර්මය ඉගැනීම සඳහා ශාසනයට ඇතුල් වේ.

මහාවංශයේ දැක්වෙන ආකාරයට මහ හඬක් ඇති නිසා ‘බුද්ධඝෝෂ‘ නම ඔහුට ලැබී ඇත. බුද්ධඝෝෂුප්පත්තියේ දැක්වෙන්නේ මසක් ඇතුළත ත්‍රිපිටකය පිළිබඳව වන දැනුම උන්වහන්සේ විසින් ලබා ගත් බවයි. එසේම ඒ දැනුමත් සමඟ දඹදිව තුළ පමණක් නොව දිව්‍යලෝක තුළදී උන්වහන්සේ ප්‍රසාදයට පත් වූ බව එහි දැක් වේ.

මෙසේ සිටියදී රේවත ස්වාමීන්වහන්සේ විසින් බුද්ධඝෝෂ භික්ෂුවට ලංකාවට ගොස් සිංහල බසින් තිබූ බුද්ධ භාෂිතය මගධ බසට පෙරළීමට කාර්යය පවරයි. බුද්ධඝෝෂ සමඟ ලංකාවේ බෞද්ධයන් කොටසකගේ එක් ආරවුලක් ඇරඹෙන්නේ මෙතැනදී ය. සමහරු කියන්නේ මෙහිදී සිංහල බසින් තිබූ ත්‍රිපිටකය මගධ බසට පෙරලීම අදහස් කරන බවයි. තවත් මතයක් වන්නේ සිංහල බසින් තිබූ අටුවාව මගධ බසට පෙරලීම අදහස් කරන බවයි. බුද්ධඝෝෂුප්පත්තියේ දී දැක්වෙන්නේ බුද්ධ භාෂිතය ලෙසිනි. මහාවංශයේ දී දැක්වෙන්නේ අටඨකතාව මගධයට පෙරළන ලෙසින් දැන් වූ බවයි. මහාවංශය බුද්ධඝෝෂුප්පත්තියට වඩා මෙහිදී විස්තරයක් ඉදිරිපත් කරන අතර එය සාධාරණ බවද පෙනේ. එහි දැක්වෙන්නේ මෙලෙසිනි.

“මෙහි පෙළපමණක් පරම්පරානිතය. මෙහි අටුවා නැත. එසේම නානා ප්‍රකාර ආචාර්යවාදයෝද නොවෙති. තුන් සඟායනාවට නගණ ලද බුද්ධ වචනද සාරිපුත්රාදී මහ තෙරුන් විසින් වදාරණ ලද කථාමාර්ගයද මොනවට බලා, ප්‍රාඥ මිහිඳු මහතෙරුවන් විසින් සිංහල භාෂාවෙන් කරණ ලද ශුද්ධ වූ සිංහල අට්ඨකථා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි. තෙපි එහි ගොස් ඒ අසා මාගධ නිරුක්තියට පෙරලව. ඕ තොමෝ සියලු ලොවට හිතඵල වන්නි වේ.“

මිහිඳු මහරහතන්වහන්සේ විසින් බුද්ධ භාෂිතය සිංහලයාට වැටහෙන ලෙසින් දේශනා කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම භාෂිතය මිහිඳු මහරහතන්වහන්සේට ලැබෙන්නේ තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව ය. සංගායනාවේදී සංගායනා කළ ධර්මයත් ඒ සම්බන්ධයෙන් තිබූ ආචාර්යවාදයත් මිහිඳු මහරහතන්වන්සේ විසින් දරා තිබේ. ඒ සියල්ල සහිතව සිංහලයන්ට සිංහල බසින් අට්ඨකතාව ඉදිරිපත් කිරීමට මිහිඳු මහරහතන්වහන්සේ විසින් කටයුතු කර ඇත. මහාවංශයේ දී කියන්නේ එයයි. රේවත ස්වාමීන්වහන්සේ විසින් කියන්නේ ඒ වන විට දඹදිව දී පෙළ දහම හමු වන්නේ නමුත් අට්ඨකතාව හමු නොවෙන බවයි. ඒ අනුව බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පැමිණෙන්නේ අට්ඨකතාව සිංහල බසින් මගධ බසට පෙරළීමට බව පෙනී යයි.

මෙනිසා බුද්ධඝෝෂ භික්ෂුව විසින් ත්‍රිපිටකය මගධයට පෙරලීමක් ගැන සිතිය නොහැකි අතර අට්ඨකතාව මගධයට පෙරලීම ගැන සිතිය හැක. අනෙක් අතට මහාවංශයේ ම දැක්වෙන ආකාරයට ඒ වන විට බුද්ධඝෝෂ භික්ෂුව විසින් අත්ථශාලිනී අටුවාව ලියා හමාර කර තිබේ.

මහාවංශයට අනුව බුද්ධඝෝෂ භික්ෂුවගේ ලංකාගමනය සිදුවන්නේ මහානාම රජ දවස ය. ඒ සාමාන්‍යයෙන් ක්‍රි.ව.5 වන සියවසේ පමණ වේ. ඒ වන විට ත්‍රිපිටකය ඇත්තේ ග්‍රන්ථාරූඩව ය. අට්ඨකතාව ද තිබෙන්නට ඇත්තේ ග්‍රන්ථාරූඩව ය.

රේවත ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීම මත බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පිටත් වෙයි.

ලංකා ගමන - සාගරයක් මැද

බුද්ධඝෝෂ භික්ෂුව ලංකාව බලා යාත්‍රා කරන අතරේ දී ලංකාවේ සිට දඹදිව බලා යාත්‍රා කරන තවත් බුද්ධදත්ත නම් භික්ෂුවක් හා සම්මුඛවීම ගැන බුද්ධඝෝෂුප්පත්තියේ දී දක්වා තිබේ. ඒ කතාවට අනුව බුද්ධදත්ත භික්ෂුවද ලංකාවට පැමිණ ඇත්තේ බුද්ධඝෝෂ භික්ෂුව පැමිණෙන කාර්යටම ය. බුද්ධඝෝෂ භික්ෂුවත් බුද්ධදත්ත භික්ෂුවත් අතර ඇතිවන සංවාදයේ දී බුද්ධදත්ත භික්ෂුව තමුන්ට ලංකාවේ දී ජිනාලංකාරය, දඨාවංශය, ධාතුවංශය හා බෝධිවංශය ලබා ගත් නමුත් අට්ඨකතා සහ ඨික පොත් නොලැබුන බව කියයි. එනිසා උන්වහන්සේ බුද්ධඝෝෂ භික්ෂුවට කියන්නේ අට්ඨකතා හා ඨික සිංහලයෙන් මගධයට පෙරලන ලෙසිනි.

මේ අනුව ද බුද්ධඝෝෂ භික්ෂුවගේ ලංකා ගමන සිදුවන්නේ ත්‍රිපිටකය සිංහල බසින් මගධයට පෙරලීමට නොව අට්ඨකතාව මගධයට පෙරලීමට බව පැහැදිලි වේ.

[QUOTE="hpalpola, post: 27264136, member: 321413"] [CENTER][U][SIZE=4][B][U]බුද්ධඝෝෂ භික්ෂුව[/U][/B][/SIZE][/U][/CENTER] [SIZE=4] මෙම කෙටි ලිපිය තුළින් බුද්ධඝෝෂ භික්ෂුව සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කිරීමට බලාපොරොත්තු වේ. හැඳින්වීම මහායාන බුදුදහම තුළ දී නාගර්ජුනයන්ට ලැබෙන පිළිගැනීම කෙසේද, ථෙරවාදී බුදුදහම තුළ ඊටත් වඩා වැඩි පිළිගැනීමක් බුද්ධඝෝෂ භික්ෂුවට ලැබේ. කෙසේවෙතත් එක් පාර්ශ්වයක් බුද්ධඝෝෂ භික්ෂුව ථෙරවාදී හෙළ බුදු දහමට විනාශයක් කළ ලෙසින් දක්වද්දී තවත් පිරිසක් එසේ නොවන බවට කියයි. තවත් පිරිසක් බුද්ධඝෝෂ භික්ෂුව යනු කවරෙක්දැයි පවා නොදනී. බුද්ධඝෝෂ - ආරම්භය ලංකාවේ වංශකතා අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා මහාවංශය තුළ 37 වන පරිච්ඡේදයේ දී බුද්ධඝෝෂ භික්ෂුව ගැන සටහන් ව තිබේ. මීට අමතරව ලංකාවේ ම ලියැවුණ බවට කියැවෙන බුද්ධඝෝෂුප්පත්ති නම් පොතේ ද බුද්ධඝෝෂ භික්ෂුව ගැන සඳහන් වේ. විනය අට්ඨකථා තුළින් ද උන්වහන්සේ ගැන යම් අදහසක් ලබා ගත හැකි වේ. මහාවංශයට අනුව බුද්ධඝෝෂ භික්ෂුව ඉපැදී ඇත්තේ දඹදිව බුද්ධගයාව ආශ්රිත ගමක ගම්පතියකුට පුත්රවය. බුද්ධඝෝෂුප්පත්තිහි දී මේ සිදුවීම කථාවක් ලෙසින් නිර්මාණය කර තිබේ. ඒ අනුව එහිදී කියන්නේ භික්ෂූන්වහන්සේලාගේ ආරාධනය පිට දිව්යපුත්රයකුව සිට බුද්ධඝෝෂ, එකී බමුණු ගම්පතියාගේ වන කේසි බිරිඳගේ කුස පිළිසිඳගත් බවයි. එම කථාව නාගසේන, මොග්ගලීපුත්තතිස්ස කථාව හා සමානව යන කථාවක් බව බැලුබැල්මට පෙනේ. එවකට දඹදිව විසූ භික්ෂූන්වහන්සේලාට බුදු දහම ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මතුව තිබේ. ඒ සඳහා කටයුතු කිරීමට ගැලපෙන පුද්ගලයකු සොයාගැනීමේ අවශ්‍යතාවය මත දෙව් ලොවින් දිව්‍යපුත්‍රයකු කැඳ වූ බවට බුද්ධඝෝෂුප්පතියට අනුව කියයි. මෙසේ ඉපැදෙන කුමරා ඝෝෂ නම් වූ අතර ඉක්මණින් ත්රිවේදය මැනවින් හදාරයි. ඔහුගේ පියා, කේසී එම ගම අයත් රාජ්‍යයේ රජුට උපදෙස් දෙන්නකු වී සිට ඇත. ඔහු මගින් කුමරා රජු වෙත ද ඉදිරිපත්ව තිබේ. එසේ ඉදිරිපත්වන්නේ රජුට හෝ ඔහුගේ උපදෙස් දෙන්නන්ට විසඳීමට නොහැකි වූ ප්‍රශ්නයකට උත්තර ලබා දෙමිනි. එයට පිළිතුරු සැපයීමත් සමඟ කුමරා, පියාට වඩා ගෞරව සම්මානයට ලක් වේ. මහෞෂධ කුමාරයා ද වරක පියා ඔස්සේ රජුට ඉදිරිපත් වී පියාටත් වඩා ඉහළ තත්ත්වයකට රජු ඉදිරියේ පත් වූ කථාවක් ඔබ අසා ඇති බවට සැක නැත. ඒ කථාවම බුද්ධඝෝෂුප්පත්තියෙහිදී බුද්ධඝෝෂ භික්ෂුව වෙත ආරෝපනය කර ඇති බවක් පෙනී යයි. මේ කුමරාට දිනක් රේවත නම් වූ බුද්ධගයාව ආශ්‍රිතව වැඩ වාසය කරන්නා වූ රහතන්වහන්සේ නමක් සම්මුඛ වේ. රේවත ස්වාමීන්වහන්සේගෙන් වේදය පිළිබඳව ප්‍රශ්න කර එයට ලැබෙන පිළිතුරු වලින් ප්‍රසාදයට පත් වන කුමරා, රේවත ස්වාමීන්වහන්සේගේ ධර්මය ඉගැනීම සඳහා ශාසනයට ඇතුල් වේ. මහාවංශයේ දැක්වෙන ආකාරයට මහ හඬක් ඇති නිසා ‘බුද්ධඝෝෂ‘ නම ඔහුට ලැබී ඇත. බුද්ධඝෝෂුප්පත්තියේ දැක්වෙන්නේ මසක් ඇතුළත ත්‍රිපිටකය පිළිබඳව වන දැනුම උන්වහන්සේ විසින් ලබා ගත් බවයි. එසේම ඒ දැනුමත් සමඟ දඹදිව තුළ පමණක් නොව දිව්‍යලෝක තුළදී උන්වහන්සේ ප්‍රසාදයට පත් වූ බව එහි දැක් වේ. මෙසේ සිටියදී රේවත ස්වාමීන්වහන්සේ විසින් බුද්ධඝෝෂ භික්ෂුවට ලංකාවට ගොස් සිංහල බසින් තිබූ බුද්ධ භාෂිතය මගධ බසට පෙරළීමට කාර්යය පවරයි. බුද්ධඝෝෂ සමඟ ලංකාවේ බෞද්ධයන් කොටසකගේ එක් ආරවුලක් ඇරඹෙන්නේ මෙතැනදී ය. සමහරු කියන්නේ මෙහිදී සිංහල බසින් තිබූ ත්‍රිපිටකය මගධ බසට පෙරලීම අදහස් කරන බවයි. තවත් මතයක් වන්නේ සිංහල බසින් තිබූ අටුවාව මගධ බසට පෙරලීම අදහස් කරන බවයි. බුද්ධඝෝෂුප්පත්තියේ දී දැක්වෙන්නේ බුද්ධ භාෂිතය ලෙසිනි. මහාවංශයේ දී දැක්වෙන්නේ අටඨකතාව මගධයට පෙරළන ලෙසින් දැන් වූ බවයි. මහාවංශය බුද්ධඝෝෂුප්පත්තියට වඩා මෙහිදී විස්තරයක් ඉදිරිපත් කරන අතර එය සාධාරණ බවද පෙනේ. එහි දැක්වෙන්නේ මෙලෙසිනි. “මෙහි පෙළපමණක් පරම්පරානිතය. මෙහි අටුවා නැත. එසේම නානා ප්‍රකාර ආචාර්යවාදයෝද නොවෙති. තුන් සඟායනාවට නගණ ලද බුද්ධ වචනද සාරිපුත්රාදී මහ තෙරුන් විසින් වදාරණ ලද කථාමාර්ගයද මොනවට බලා, ප්‍රාඥ මිහිඳු මහතෙරුවන් විසින් සිංහල භාෂාවෙන් කරණ ලද ශුද්ධ වූ සිංහල අට්ඨකථා තොමෝ සිංහලයන් කෙරෙහි වැටෙයි. තෙපි එහි ගොස් ඒ අසා මාගධ නිරුක්තියට පෙරලව. ඕ තොමෝ සියලු ලොවට හිතඵල වන්නි වේ.“ මිහිඳු මහරහතන්වහන්සේ විසින් බුද්ධ භාෂිතය සිංහලයාට වැටහෙන ලෙසින් දේශනා කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම භාෂිතය මිහිඳු මහරහතන්වහන්සේට ලැබෙන්නේ තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව ය. සංගායනාවේදී සංගායනා කළ ධර්මයත් ඒ සම්බන්ධයෙන් තිබූ ආචාර්යවාදයත් මිහිඳු මහරහතන්වන්සේ විසින් දරා තිබේ. ඒ සියල්ල සහිතව සිංහලයන්ට සිංහල බසින් අට්ඨකතාව ඉදිරිපත් කිරීමට මිහිඳු මහරහතන්වහන්සේ විසින් කටයුතු කර ඇත. මහාවංශයේ දී කියන්නේ එයයි. රේවත ස්වාමීන්වහන්සේ විසින් කියන්නේ ඒ වන විට දඹදිව දී පෙළ දහම හමු වන්නේ නමුත් අට්ඨකතාව හමු නොවෙන බවයි. ඒ අනුව බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පැමිණෙන්නේ අට්ඨකතාව සිංහල බසින් මගධ බසට පෙරළීමට බව පෙනී යයි. මෙනිසා බුද්ධඝෝෂ භික්ෂුව විසින් ත්‍රිපිටකය මගධයට පෙරලීමක් ගැන සිතිය නොහැකි අතර අට්ඨකතාව මගධයට පෙරලීම ගැන සිතිය හැක. අනෙක් අතට මහාවංශයේ ම දැක්වෙන ආකාරයට ඒ වන විට බුද්ධඝෝෂ භික්ෂුව විසින් අත්ථශාලිනී අටුවාව ලියා හමාර කර තිබේ. මහාවංශයට අනුව බුද්ධඝෝෂ භික්ෂුවගේ ලංකාගමනය සිදුවන්නේ මහානාම රජ දවස ය. ඒ සාමාන්‍යයෙන් ක්‍රි.ව.5 වන සියවසේ පමණ වේ. ඒ වන විට ත්‍රිපිටකය ඇත්තේ ග්‍රන්ථාරූඩව ය. අට්ඨකතාව ද තිබෙන්නට ඇත්තේ ග්‍රන්ථාරූඩව ය. රේවත ස්වාමීන්වහන්සේගේ මෙහෙයවීම මත බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පිටත් වෙයි. ලංකා ගමන - සාගරයක් මැද බුද්ධඝෝෂ භික්ෂුව ලංකාව බලා යාත්‍රා කරන අතරේ දී ලංකාවේ සිට දඹදිව බලා යාත්‍රා කරන තවත් බුද්ධදත්ත නම් භික්ෂුවක් හා සම්මුඛවීම ගැන බුද්ධඝෝෂුප්පත්තියේ දී දක්වා තිබේ. ඒ කතාවට අනුව බුද්ධදත්ත භික්ෂුවද ලංකාවට පැමිණ ඇත්තේ බුද්ධඝෝෂ භික්ෂුව පැමිණෙන කාර්යටම ය. බුද්ධඝෝෂ භික්ෂුවත් බුද්ධදත්ත භික්ෂුවත් අතර ඇතිවන සංවාදයේ දී බුද්ධදත්ත භික්ෂුව තමුන්ට ලංකාවේ දී ජිනාලංකාරය, දඨාවංශය, ධාතුවංශය හා බෝධිවංශය ලබා ගත් නමුත් අට්ඨකතා සහ ඨික පොත් නොලැබුන බව කියයි. එනිසා උන්වහන්සේ බුද්ධඝෝෂ භික්ෂුවට කියන්නේ අට්ඨකතා හා ඨික සිංහලයෙන් මගධයට පෙරලන ලෙසිනි. මේ අනුව ද බුද්ධඝෝෂ භික්ෂුවගේ ලංකා ගමන සිදුවන්නේ ත්‍රිපිටකය සිංහල බසින් මගධයට පෙරලීමට නොව අට්ඨකතාව මගධයට පෙරලීමට බව පැහැදිලි වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom