Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආටානාටා සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්තර කරන එදා හෙළදිව

බුද්ධ දේශනාවක් ම වු ත්‍රිපිටකයේ දීඝනිකායේ සඳහන් වන ආටානාටා සූත්‍රයේ මෙන් ම මහාසමය සූත්‍රයෙහි ද සඳහන් වන කරුණු දෙස විමසිල්ලෙන් බැලුවොත් එදා ගෞතම බුදුපියාණන් වැඩසිටි, ධර්මය දේශනා කළ ජන්බුද්වීපය නම් වු සිව් හෙළය පිළිබදව නිවැරදි වුත් සත්‍යම වුත්, කරුණු රාශියක් හෙළිදරව් කරගත හැකි වෙයි. ත්‍රිපිටකයේ එන මෙම සුත්‍ර දෙක ම බෞද්ධයාට දැකගත හැකි වන්නේ පිරිත් පොතෙන් ය. ඒ වාගේ ම දිනපතා ම ගුවන් විදුලියෙන් ආටානාටා සුත්‍රය අසා ගන්නටත් ලැබෙයි. මෙම සුත්‍රයන් දිනපතා ම වාගේ ශ්‍රවණය කළත් මෙහි සඳහන් මාගධී පදවලින් කියැවෙන සත්‍යයමය වූ ඓතිහාසික කරුණු පිළිබඳව කවුරුන් හෝ තවමත් නිවැරදිව තේරුම් කර දී නැත. මේ ආටානාටිය සුත්‍රය කියන්නේ යකුන් භූතයන් එලවීමට කී දෙයක් යැයි කියමින් එහි අදහස යටපත් කිරීම අද උගත් බොද්ධ පැවිද්දාගේ පවා සිරිතයි.

දිනපතාම ඔබට අසන්නට ලැබෙන, හැම ගෙදරක ම වගේ ඇති පිරිත් පොත් ද සටහන් වන, මෙම සූත්‍ර දෙකෙහි ම සඳහන් වන විශේෂ ඓතිහාසික කරුණු රාශියක් පිළිබඳව විග්රහ කර ඒ අනුව අපේ හෙළ ඉතිහාසය ද නිරවුල් කරගත යුතුව ඇත. මෙම සූත්‍ර දෙකේ ම සඳහන් වන්නේ බිය උපදවන, ආශ්චර් යවත් වූ අත්භූත වු යක්ශ, භූත ආදී නොපෙනෙන බලවේගයන් සමූහයක් පිළිබඳව යැයි සිතතොත් නම් එය බලවත් ම වැරදීමකි. ආටානාටා සූත්‍රය යනු එදා බුද්ධ කාළයේ හෙළදිව පැවති තත්වය පිළිබඳව කදිම චිත්‍රයක් ඇඳ කරුණු හෙලි දක්වන, සත්‍යමය කරුණු විස්තර කරන සූත්රයකි.

මාගධී භාෂාවෙන් ත්‍රිපිටකයේ ලියා ඇති මෙම ආටානාටා සුත්‍රය සම්පූර්ණයෙන් ම නැවතත් මාගධී බසෙන් ලියා දැක්වීමට මෙහිදී බලාපොරොත්තු නොවන අතර සමහර වැදගත් කොටස් පමණක් විස්තර සහිතව විග්රහ කර බැලීමට ලියා දක්වන්නට අදහස් කරමි.

“ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා

රාජගහේ විහරති ගිජ්ජකූට පබ්බතේ

අථාකෝ චත්තාරෝ මහාරාජා

මහාතියාච යක්ඛ සේනාය

මහතියාච ගන්ධබ්බ සේනාය

මහතියාච නාග සේනාය

මහතියාච කුම්බාණ්ඩ සේනාය”

ගෞතම සම්මා සම්බුදු පියාණන් රජගහ නම් නුවරට නුදුරෙහි වු, ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි වැඩවසන එක්තරා දිනයක, මෙහි සඳහන් වන යක්ඛ ගෝත්‍රික මහ රජවරු හතර දෙනා තම සේනාවන් ද පිරිවරාගෙන බුදුපියාණන් බැහැදකින්නට පැමිණියහ. මොවුන් මෙසේ පැමිණියේ යම් විශේෂ කතිකාවක් සඳහා ය. වැදගත් යමක් ප්‍රකාශ කිරීමට ය.

රටක පාලකයකු, මහ රජ කෙනෙකු මෙවැනි විශේෂ කාරයයක් සඳහා තම පාලන ප්‍රදේශයෙන් පිටත පිහිටි තැනකට යෑමේදී තම සේනාවන්ද සහිතව ගමන් කිරීම එදා සිරිතක්ව පැවතිණි.

ගෞතම බුදුන් එදා වැඩසිටි රජගහ නම් නුවරත් ගිජ්ජකූට නම් පර්වත විහාරයත් යක්ඛ රාජ්‍යයත් පිහිටියේ එක ම දීපයක ය. ඒ බව මේ සූත්‍රයේ පැහැදිලිව ම සඳහන් වේ. නමුත් පාලන ප්‍රදේශ දෙකක ය. මෙහි නම් සඳහන් “වෙස්සවන” නම් කුවේර රජුත්, ධතරට්ඨ නම් ගාන්ධර්ව රජුත්, විරූපක්ඛ නම් නාග ගෝත්‍රික රජුත් විරූල්හ නම් කුම්භාණ්ඩ ගෝත්‍රික රජුත් යන හතර දෙනා ම මිනිසුන් ය. මේ රජවරුන් සමග පැමිණි සේනාවල සියලු ම දෙනා ද මිනිසුන් ය. ඔවුන් ඒ ඒ ගෝත්‍රිවලට අයත් මිනිසුන් ම මිස වෙනත් නොපෙනෙන නොදන්නා අද්භූත බලවේග නොවේ.

මේ ගෝත්‍ර හතරට ම අයත් රජවරුන් ද ඔවුන් සමග පැමිණි සේනාවන් ද එදා හෙළදිව ම ජීවත්ව සිටි විවිධ ප්‍රදේශවලට අයත් වු රාජධානිවලට අයත් වු මිනිසුන්ම වුහ.

යක්ඛ හෙළය. නාග හෙළය, කුම් භාණ්ඩ හෙළය හා ගාන්ධර්ව හෙළය නමින් මේ හෙළදිව ම එදා කොටස් හතරකට බෙදී වෙන් විය. ඊට අමතරව ජන්බුද්වීපය යනුවෙන් ප්‍රකාශ කළ දේව හෙළයේ ශාකය ජනපද සොළසක් ද විය. මෙහි සඳහන් රජගහ නුවර එදා පිහිටියේ දේවහෙළයට අයත් මගධ නම් ශාක්‍ය ජනපදයේ ය.

යක්ඛ ගෝත්‍රික මහරජවරුන් හතර දෙනා එදා රාත්‍රි කාලයේ බුදුන් හමුවට පැමිණියේ මහ එළි දල්වාගෙන ය. මේ සියලු දෙනාමද අප වැනිම මිනිසුන්ය. අපේ ම මී මුත්තෝය. මේ අපේ ම රටේ අතීතයේ විසූ ගෝත්‍රික ජන කොටසකට අයත් වු මිනිසුන් ය.

දේව හෙළය හා යක්ඛ හෙළය නමිනුත් නාග හෙළය නමිනුත් එදා තුන් හෙළය ප්‍රසිද්ධ විය. යක්ඛ හෙළයේ යක්ඛ කුම් භාණ්ඩ හා ගාන්ධර්ව නමින් යක්ශ ගෝත්‍රික ජනයා ම තුන් කොටසක් වූහ. ඔවුන්ට වෙන වෙන ම රජවරු සිටියහ. යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව යන ගෝත්‍ර හතරට ම නායක වු පාලක වු මහරජ කෙනෙක්ද විය. ඒ මහරජු අටානාටා නම් නුවර රජකළ වෙසමුණි නමින් හැඳින්වුණු කුවේර මහරජ තුමා ය.මේ යක්ඛ හෙළයේ පාලන මුලස්ථානය සහ රාජ්‍ය සභාව පිහිටියේ ආටානාටා නුවර ය. එය අද අනුරාධපුරයට ආසන්න විලච්චියේ පිහිටා තිබිණි.

යක්ඛ හෙළයේ රජමක් කළ මෙහි නම් සඳහන් වන රජවරුන් හතර දෙනාට ම පොදු වු මෙම රාජ සභාවේදී, ආටානාටා නුවරදී රජවරුන් හා නායකයෝ එක් වී ආටානාටා ප්රඥප්තිය – නමින් ආඥාවක් සම්මත කරගත්හ මේ ආඥාව පනවා ගත් මහරජුන් හතර දෙනා ගෞතම බුදුපියාණන් හමුවන්නට පැමිණ මේ පනවාගත් ආඥාව හා මෙහි අඩංගු කරුණු ගැනත් එය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැනත් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට බලය ලබා දුන් යක්ඛ ගෝත්‍ර හතරට අයත් නායකයින් හතළිස් දෙනකුගේ නම් පිළිබඳවත් ගෞතම බුදුපියාණන් වෙත දැනුම් දීමට මේ රාත්‍රියේ රජගහ නුවරට පැමිණි බව දැනුම් දුන්හ.

ආටානාටා නමින් ආඥාවක් පැනවීමට හේතුව ද වෙසමුණි රජු බුදුපියාණන් වෙත විස්තර සහිතව ම දන්වා සිටියේය.

වෙසමුණි රජතුමා ගෞතම බුදුපියාණන් සමගින් මෙසේ පවසා සිටියේ ය.

“භාග්‍යවතුන් වහන්ස, යක්ඛ ගෝත්‍රයට අයත් අපේ යටත් වැසි මිනිසුන්න් අතර බලවත් යක්ඛයෝ සමහරෙක් බුදුන් හා බුද්ධ ශ්රාවකයින්ට ප්‍රසන්න සිතකින් ගෞරවයෙන් සලකති, වැදුම් පිදුම් කරති. තවත් සමහරෙක් එසේ නොකරන සිත අප්පසන්නතාවයෙන් යුතුව බුද්ධ ශ්රාවකයින්ට හිරිහැර වන සේ කටයුතු කරති.

යක්ඛ ගෝත්‍රික වු මධ්‍යම බලයක් ඇති අපේම සමහර මිනිසුන් බුදුන්ට හා බුද්ධ ශ්රාවකයින්ට ප්‍රසන්න භාවයෙන් සලකති. ගෞරව දක්වති. නමුත් සමහර මධ්‍යම බලයක් ඇති යක්ඛ ගෝත්‍රික ජනයා බුදුන් හා බුද්ධ ශ්රාවකයින් කෙරේ අප්‍රසන්නව වෙසෙති. එය බුද්ධ ශ්රාවකයින්ට හිරිහැරයකි.

එමෙන්ම හීන වූ පහත් වු යක්ඛ ගෝත්‍රික ජනයාගෙන්ද සමහරෙක් බුදුන්ට හා බුද්ධ ශ්රාවකයින්ට ගෞරවයෙන් හා ප්‍රසන්න තාවයෙන් සලකති. නමුත් සමහර හීන හා පහත් වූ යක්ඛ ගෝත්‍රික මිනිසුන් එසේ නොකරති.

මෙසේ කොටසක් බුදුන් කෙරේ පැහැදීමටත් තවත් කොටසක් බුදුන් කෙරේ අප්‍රසන්න වීමටත් විශේෂ හේතුවක්ද ඇත.

භාග්‍යවතුන් වහන්ස, ඔබේ ශ්‍රාවකයෝ නිතරම පන්චසීලයේ අගය දේශනා කරති. පන්සින්ල් රකිනා ලෙසින් මිනිසුන්ට දන්වා සිටිති. සතුන් මැරීම නොකරන ලෙස සොරකම් නොකරන ලෙස සුරාපානය නොකරන ලෙස අපේ මිනිසුන්ට ද දන්වා සිටිති.

නමුත් භාග්‍යවතුන් වහන්ස, බහුතරයක් වන අපේ ගෝත්‍රික ජනයා දඩයම් කරමින්, සතුන් මරමින්, මසුන් මරමින් එයම ජීවිකාව කරගෙන ජීවත් වෙති. ඔවුහු කෙත්වතු වගා නොකරති. නගුලෙන් සීසා ජල පාලනය කරමින් සතුන් ඇති කරමින් ජීවත් වන මිනිසුන් කොටසක් නොවේ. ඔවුහු සොරකම් කරති, සමහර අය මිනිසුන්වද මරාගෙන තරමට දරුණු අය වෙති. සුරාපානය කරති. මෙවැනි මෙවැනි මිනිසුන්ට ඔබවහන්සේගේ ශ්රාවකයින් දේශනා කරන බුද්ධ ධර්මය නොගැලපේ. ඔවුන්ට ඒ ධර්මය අනුගමනය කළ නොහැකිය. යක්ඛ ගෝත්‍රයට අයත් අපේ මිනිසුන් සමහරකු තුළ ඇත්තේ අමනුස්ස ගති ගුණයෝය. මිනිසුන්ට නොගැලපෙන ගති සිරිත් ය. මේ නිසා මෙවන් පහත් ගති ඇති අපේ යක්ඛ ගෝත්‍රික ජනයාව, ඔබ වහන්සේ හෝ ඔබ වහන්සේ ගේ ශ්රාවකයින් හෝ දේශනා කරන ධර්මයෙන් පාලනය කළ නොහැකිය. ඔවුන්ට ධර්ම මාර්ගය නොගැලපේ. ඔවුන්ට ධර්මය තේරුම්ගත නොහැකිය.

අටානාටා නුවර පිහිටි යක්ඛ හෙළයේ අපේ රාජසභාවේදී මේ සියලු කරුණු විස්තර සහිතව සාකච්චා කර පහත සඳහන් ප්රඥප්තිය රාජසභාවේදී අප සම්මත කරගන්නා ලදී. මෙසේ අනුගමනය කරගත්, කරුණු ඔබ වහන්සේ වෙත දැන්වීමට අපි මෙසේ පැමිණියෙමු. මේ කරුණු ඔබවහන්සේගේ සියලු ශ්‍රාවකයින්ටද දන්වා ඒ අනුව ක්‍රියා කරන ලෙසින් බුද්ධ ශ්‍රාවකයන් වෙත දන්වන ලෙසද වෙසමුණි මහරජ තුමා ගොව්තම බුදුපියාණන් ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙය “ආටානාටා ප්රඥප්තියයි, ආඥාවයි, මේ ආඥාව ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධ ශ්රාවකයින්ට ගරු කරන, ඔවුන් කෙරේ ප්‍රසන්න වු එමෙන්ම බුද්ධ ධර්මය පිළිගත් යක්ඛ ගෝත්‍රික ප්‍රාදේශීය නායකයින් සතළිස් දෙනකු බලධාරින් ලෙස පත් කරන බවද වෙසමුනි මහරජු බුදුන්ට දැන්වීය. මේ යක්ඛ හෙළ බලධාරී නායකයින් හතලිස් දෙනා දේව හෙළය හා යක්ෂ හෙළයේ මායිම්වල, විශේෂයෙන් ම බුද්ධ ශ්රාවකයින් බණ භාවනා කරමින් ධම්මානු ධම්ම ප්‍රති පදාවෙහි යෙදෙන ආරඤ්ඤ සේනාසනවලට ගල්ගුහාවලට වනපෙත්වලට මෙන් ම විශාල රුක් මුල් ආදියට ද ආරක්ෂාව සපයා දෙනු ඇත. මිනීමරන මස්කන යක්ඛ ගෝත්‍රයේ දරුණු මිනිසුන් පලවා හැර බුද්ධ ශ්රාවකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයා දීමටත්, ඔවුන්ට සියලු ම රාජය බලතල පවරා ඇත. මේ ප්‍රාදේශීය නායකයින් වෙත යම් පැමිණිල්ලක් කළ සැනෙන් ඔවුන් ක්‍රියාත්මක වී වරදකරුවන්ට දඩුවම් දී බුද්ධ ශ්රාවකයින්ට අවශ්‍ය ආරක්ශාව සපයා දෙනු ඇත.

[QUOTE="sgrdk1, post: 19361840, member: 540900"] [SIZE="6"][COLOR="DarkGreen"]ආටානාටා සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්තර කරන එදා හෙළදිව[/COLOR][/SIZE] [SIZE="5"]බුද්ධ දේශනාවක් ම වු ත්‍රිපිටකයේ දීඝනිකායේ සඳහන් වන ආටානාටා සූත්‍රයේ මෙන් ම මහාසමය සූත්‍රයෙහි ද සඳහන් වන කරුණු දෙස විමසිල්ලෙන් බැලුවොත් එදා ගෞතම බුදුපියාණන් වැඩසිටි, ධර්මය දේශනා කළ ජන්බුද්වීපය නම් වු සිව් හෙළය පිළිබදව නිවැරදි වුත් සත්‍යම වුත්, කරුණු රාශියක් හෙළිදරව් කරගත හැකි වෙයි. ත්‍රිපිටකයේ එන මෙම සුත්‍ර දෙක ම බෞද්ධයාට දැකගත හැකි වන්නේ පිරිත් පොතෙන් ය. ඒ වාගේ ම දිනපතා ම ගුවන් විදුලියෙන් ආටානාටා සුත්‍රය අසා ගන්නටත් ලැබෙයි. මෙම සුත්‍රයන් දිනපතා ම වාගේ ශ්‍රවණය කළත් මෙහි සඳහන් මාගධී පදවලින් කියැවෙන සත්‍යයමය වූ ඓතිහාසික කරුණු පිළිබඳව කවුරුන් හෝ තවමත් නිවැරදිව තේරුම් කර දී නැත. මේ ආටානාටිය සුත්‍රය කියන්නේ යකුන් භූතයන් එලවීමට කී දෙයක් යැයි කියමින් එහි අදහස යටපත් කිරීම අද උගත් බොද්ධ පැවිද්දාගේ පවා සිරිතයි. දිනපතාම ඔබට අසන්නට ලැබෙන, හැම ගෙදරක ම වගේ ඇති පිරිත් පොත් ද සටහන් වන, මෙම සූත්‍ර දෙකෙහි ම සඳහන් වන විශේෂ ඓතිහාසික කරුණු රාශියක් පිළිබඳව විග්රහ කර ඒ අනුව අපේ හෙළ ඉතිහාසය ද නිරවුල් කරගත යුතුව ඇත. මෙම සූත්‍ර දෙකේ ම සඳහන් වන්නේ බිය උපදවන, ආශ්චර් යවත් වූ අත්භූත වු යක්ශ, භූත ආදී නොපෙනෙන බලවේගයන් සමූහයක් පිළිබඳව යැයි සිතතොත් නම් එය බලවත් ම වැරදීමකි. ආටානාටා සූත්‍රය යනු එදා බුද්ධ කාළයේ හෙළදිව පැවති තත්වය පිළිබඳව කදිම චිත්‍රයක් ඇඳ කරුණු හෙලි දක්වන, සත්‍යමය කරුණු විස්තර කරන සූත්රයකි. මාගධී භාෂාවෙන් ත්‍රිපිටකයේ ලියා ඇති මෙම ආටානාටා සුත්‍රය සම්පූර්ණයෙන් ම නැවතත් මාගධී බසෙන් ලියා දැක්වීමට මෙහිදී බලාපොරොත්තු නොවන අතර සමහර වැදගත් කොටස් පමණක් විස්තර සහිතව විග්රහ කර බැලීමට ලියා දක්වන්නට අදහස් කරමි. “ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා රාජගහේ විහරති ගිජ්ජකූට පබ්බතේ අථාකෝ චත්තාරෝ මහාරාජා මහාතියාච යක්ඛ සේනාය මහතියාච ගන්ධබ්බ සේනාය මහතියාච නාග සේනාය මහතියාච කුම්බාණ්ඩ සේනාය” ගෞතම සම්මා සම්බුදු පියාණන් රජගහ නම් නුවරට නුදුරෙහි වු, ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි වැඩවසන එක්තරා දිනයක, මෙහි සඳහන් වන යක්ඛ ගෝත්‍රික මහ රජවරු හතර දෙනා තම සේනාවන් ද පිරිවරාගෙන බුදුපියාණන් බැහැදකින්නට පැමිණියහ. මොවුන් මෙසේ පැමිණියේ යම් විශේෂ කතිකාවක් සඳහා ය. වැදගත් යමක් ප්‍රකාශ කිරීමට ය. රටක පාලකයකු, මහ රජ කෙනෙකු මෙවැනි විශේෂ කාරයයක් සඳහා තම පාලන ප්‍රදේශයෙන් පිටත පිහිටි තැනකට යෑමේදී තම සේනාවන්ද සහිතව ගමන් කිරීම එදා සිරිතක්ව පැවතිණි. ගෞතම බුදුන් එදා වැඩසිටි රජගහ නම් නුවරත් ගිජ්ජකූට නම් පර්වත විහාරයත් යක්ඛ රාජ්‍යයත් පිහිටියේ එක ම දීපයක ය. ඒ බව මේ සූත්‍රයේ පැහැදිලිව ම සඳහන් වේ. නමුත් පාලන ප්‍රදේශ දෙකක ය. මෙහි නම් සඳහන් “වෙස්සවන” නම් කුවේර රජුත්, ධතරට්ඨ නම් ගාන්ධර්ව රජුත්, විරූපක්ඛ නම් නාග ගෝත්‍රික රජුත් විරූල්හ නම් කුම්භාණ්ඩ ගෝත්‍රික රජුත් යන හතර දෙනා ම මිනිසුන් ය. මේ රජවරුන් සමග පැමිණි සේනාවල සියලු ම දෙනා ද මිනිසුන් ය. ඔවුන් ඒ ඒ ගෝත්‍රිවලට අයත් මිනිසුන් ම මිස වෙනත් නොපෙනෙන නොදන්නා අද්භූත බලවේග නොවේ. මේ ගෝත්‍ර හතරට ම අයත් රජවරුන් ද ඔවුන් සමග පැමිණි සේනාවන් ද එදා හෙළදිව ම ජීවත්ව සිටි විවිධ ප්‍රදේශවලට අයත් වු රාජධානිවලට අයත් වු මිනිසුන්ම වුහ. යක්ඛ හෙළය. නාග හෙළය, කුම් භාණ්ඩ හෙළය හා ගාන්ධර්ව හෙළය නමින් මේ හෙළදිව ම එදා කොටස් හතරකට බෙදී වෙන් විය. ඊට අමතරව ජන්බුද්වීපය යනුවෙන් ප්‍රකාශ කළ දේව හෙළයේ ශාකය ජනපද සොළසක් ද විය. මෙහි සඳහන් රජගහ නුවර එදා පිහිටියේ දේවහෙළයට අයත් මගධ නම් ශාක්‍ය ජනපදයේ ය. යක්ඛ ගෝත්‍රික මහරජවරුන් හතර දෙනා එදා රාත්‍රි කාලයේ බුදුන් හමුවට පැමිණියේ මහ එළි දල්වාගෙන ය. මේ සියලු දෙනාමද අප වැනිම මිනිසුන්ය. අපේ ම මී මුත්තෝය. මේ අපේ ම රටේ අතීතයේ විසූ ගෝත්‍රික ජන කොටසකට අයත් වු මිනිසුන් ය. දේව හෙළය හා යක්ඛ හෙළය නමිනුත් නාග හෙළය නමිනුත් එදා තුන් හෙළය ප්‍රසිද්ධ විය. යක්ඛ හෙළයේ යක්ඛ කුම් භාණ්ඩ හා ගාන්ධර්ව නමින් යක්ශ ගෝත්‍රික ජනයා ම තුන් කොටසක් වූහ. ඔවුන්ට වෙන වෙන ම රජවරු සිටියහ. යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව යන ගෝත්‍ර හතරට ම නායක වු පාලක වු මහරජ කෙනෙක්ද විය. ඒ මහරජු අටානාටා නම් නුවර රජකළ වෙසමුණි නමින් හැඳින්වුණු කුවේර මහරජ තුමා ය.මේ යක්ඛ හෙළයේ පාලන මුලස්ථානය සහ රාජ්‍ය සභාව පිහිටියේ ආටානාටා නුවර ය. එය අද අනුරාධපුරයට ආසන්න විලච්චියේ පිහිටා තිබිණි. යක්ඛ හෙළයේ රජමක් කළ මෙහි නම් සඳහන් වන රජවරුන් හතර දෙනාට ම පොදු වු මෙම රාජ සභාවේදී, ආටානාටා නුවරදී රජවරුන් හා නායකයෝ එක් වී ආටානාටා ප්රඥප්තිය – නමින් ආඥාවක් සම්මත කරගත්හ මේ ආඥාව පනවා ගත් මහරජුන් හතර දෙනා ගෞතම බුදුපියාණන් හමුවන්නට පැමිණ මේ පනවාගත් ආඥාව හා මෙහි අඩංගු කරුණු ගැනත් එය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැනත් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට බලය ලබා දුන් යක්ඛ ගෝත්‍ර හතරට අයත් නායකයින් හතළිස් දෙනකුගේ නම් පිළිබඳවත් ගෞතම බුදුපියාණන් වෙත දැනුම් දීමට මේ රාත්‍රියේ රජගහ නුවරට පැමිණි බව දැනුම් දුන්හ. ආටානාටා නමින් ආඥාවක් පැනවීමට හේතුව ද වෙසමුණි රජු බුදුපියාණන් වෙත විස්තර සහිතව ම දන්වා සිටියේය. වෙසමුණි රජතුමා ගෞතම බුදුපියාණන් සමගින් මෙසේ පවසා සිටියේ ය. “භාග්‍යවතුන් වහන්ස, යක්ඛ ගෝත්‍රයට අයත් අපේ යටත් වැසි මිනිසුන්න් අතර බලවත් යක්ඛයෝ සමහරෙක් බුදුන් හා බුද්ධ ශ්රාවකයින්ට ප්‍රසන්න සිතකින් ගෞරවයෙන් සලකති, වැදුම් පිදුම් කරති. තවත් සමහරෙක් එසේ නොකරන සිත අප්පසන්නතාවයෙන් යුතුව බුද්ධ ශ්රාවකයින්ට හිරිහැර වන සේ කටයුතු කරති. යක්ඛ ගෝත්‍රික වු මධ්‍යම බලයක් ඇති අපේම සමහර මිනිසුන් බුදුන්ට හා බුද්ධ ශ්රාවකයින්ට ප්‍රසන්න භාවයෙන් සලකති. ගෞරව දක්වති. නමුත් සමහර මධ්‍යම බලයක් ඇති යක්ඛ ගෝත්‍රික ජනයා බුදුන් හා බුද්ධ ශ්රාවකයින් කෙරේ අප්‍රසන්නව වෙසෙති. එය බුද්ධ ශ්රාවකයින්ට හිරිහැරයකි. එමෙන්ම හීන වූ පහත් වු යක්ඛ ගෝත්‍රික ජනයාගෙන්ද සමහරෙක් බුදුන්ට හා බුද්ධ ශ්රාවකයින්ට ගෞරවයෙන් හා ප්‍රසන්න තාවයෙන් සලකති. නමුත් සමහර හීන හා පහත් වූ යක්ඛ ගෝත්‍රික මිනිසුන් එසේ නොකරති. මෙසේ කොටසක් බුදුන් කෙරේ පැහැදීමටත් තවත් කොටසක් බුදුන් කෙරේ අප්‍රසන්න වීමටත් විශේෂ හේතුවක්ද ඇත. භාග්‍යවතුන් වහන්ස, ඔබේ ශ්‍රාවකයෝ නිතරම පන්චසීලයේ අගය දේශනා කරති. පන්සින්ල් රකිනා ලෙසින් මිනිසුන්ට දන්වා සිටිති. සතුන් මැරීම නොකරන ලෙස සොරකම් නොකරන ලෙස සුරාපානය නොකරන ලෙස අපේ මිනිසුන්ට ද දන්වා සිටිති. නමුත් භාග්‍යවතුන් වහන්ස, බහුතරයක් වන අපේ ගෝත්‍රික ජනයා දඩයම් කරමින්, සතුන් මරමින්, මසුන් මරමින් එයම ජීවිකාව කරගෙන ජීවත් වෙති. ඔවුහු කෙත්වතු වගා නොකරති. නගුලෙන් සීසා ජල පාලනය කරමින් සතුන් ඇති කරමින් ජීවත් වන මිනිසුන් කොටසක් නොවේ. ඔවුහු සොරකම් කරති, සමහර අය මිනිසුන්වද මරාගෙන තරමට දරුණු අය වෙති. සුරාපානය කරති. මෙවැනි මෙවැනි මිනිසුන්ට ඔබවහන්සේගේ ශ්රාවකයින් දේශනා කරන බුද්ධ ධර්මය නොගැලපේ. ඔවුන්ට ඒ ධර්මය අනුගමනය කළ නොහැකිය. යක්ඛ ගෝත්‍රයට අයත් අපේ මිනිසුන් සමහරකු තුළ ඇත්තේ අමනුස්ස ගති ගුණයෝය. මිනිසුන්ට නොගැලපෙන ගති සිරිත් ය. මේ නිසා මෙවන් පහත් ගති ඇති අපේ යක්ඛ ගෝත්‍රික ජනයාව, ඔබ වහන්සේ හෝ ඔබ වහන්සේ ගේ ශ්රාවකයින් හෝ දේශනා කරන ධර්මයෙන් පාලනය කළ නොහැකිය. ඔවුන්ට ධර්ම මාර්ගය නොගැලපේ. ඔවුන්ට ධර්මය තේරුම්ගත නොහැකිය. අටානාටා නුවර පිහිටි යක්ඛ හෙළයේ අපේ රාජසභාවේදී මේ සියලු කරුණු විස්තර සහිතව සාකච්චා කර පහත සඳහන් ප්රඥප්තිය රාජසභාවේදී අප සම්මත කරගන්නා ලදී. මෙසේ අනුගමනය කරගත්, කරුණු ඔබ වහන්සේ වෙත දැන්වීමට අපි මෙසේ පැමිණියෙමු. මේ කරුණු ඔබවහන්සේගේ සියලු ශ්‍රාවකයින්ටද දන්වා ඒ අනුව ක්‍රියා කරන ලෙසින් බුද්ධ ශ්‍රාවකයන් වෙත දන්වන ලෙසද වෙසමුණි මහරජ තුමා ගොව්තම බුදුපියාණන් ගෙන් ඉල්ලා සිටියේ ය. මෙය “ආටානාටා ප්රඥප්තියයි, ආඥාවයි, මේ ආඥාව ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධ ශ්රාවකයින්ට ගරු කරන, ඔවුන් කෙරේ ප්‍රසන්න වු එමෙන්ම බුද්ධ ධර්මය පිළිගත් යක්ඛ ගෝත්‍රික ප්‍රාදේශීය නායකයින් සතළිස් දෙනකු බලධාරින් ලෙස පත් කරන බවද වෙසමුනි මහරජු බුදුන්ට දැන්වීය. මේ යක්ඛ හෙළ බලධාරී නායකයින් හතලිස් දෙනා දේව හෙළය හා යක්ෂ හෙළයේ මායිම්වල, විශේෂයෙන් ම බුද්ධ ශ්රාවකයින් බණ භාවනා කරමින් ධම්මානු ධම්ම ප්‍රති පදාවෙහි යෙදෙන ආරඤ්ඤ සේනාසනවලට ගල්ගුහාවලට වනපෙත්වලට මෙන් ම විශාල රුක් මුල් ආදියට ද ආරක්ෂාව සපයා දෙනු ඇත. මිනීමරන මස්කන යක්ඛ ගෝත්‍රයේ දරුණු මිනිසුන් පලවා හැර බුද්ධ ශ්රාවකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයා දීමටත්, ඔවුන්ට සියලු ම රාජය බලතල පවරා ඇත. මේ ප්‍රාදේශීය නායකයින් වෙත යම් පැමිණිල්ලක් කළ සැනෙන් ඔවුන් ක්‍රියාත්මක වී වරදකරුවන්ට දඩුවම් දී බුද්ධ ශ්රාවකයින්ට අවශ්‍ය ආරක්ශාව සපයා දෙනු ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom