Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධමාතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය

By D.K. K S Dissanayake in නැගගන්න මිතුරනි අවසන් නෞකාවට..... (Files) · Edit Doc

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී 2012 සැප්තැම්බර් 29 වන බිනර පුන් පොහෝ දින ලබා දුන් සදහම් පත්‍රිකාව...

මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය

රාජ මාතාව, රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රීන් හට දුලභ නොවෙයි. එබඳු ආමන්ත්රණ ලොව ඕනෑතරම් ඇත. නමුත් යම් ස්ත්‍රියක් හට ‘බුද්ධමාතා’ යන නමක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභයි. එම දුර්ලභ වාසනාව හිමිවන්නේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකටය. ගෞතම බුදුරජුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි. බෝසත් කුමරුන්ව තම කුසින් නොවැදුවද ඇය එදා මෙදා තුර අප ආදරයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි. බුද්ධ මාතාවක් වීමේ වාසනාව ලද ඇයම බුදුරජුන්ගේ ළයෙහි උපන් උතුම් ශ්‍රාවක දියණියක් වීම කෙතරම් නම් ආශ්චර්යයක්ද?

විශේෂයෙන්ම ගෙවී යන නිකිණි මාසයේදී අන් කවරදාටවත් වැඩියෙන් මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ගැන කතාබහ කරයි. ඒ කාන්තාවන්ගේ විමුක්ති මාර්ගය උදෙසා භික්ඛුණි සංඝයා ඇතිකරවීම පිණිස පුරෝගාමී වු කාන්තා පරපුරේ මව් තෙරණිය ඇය වන නිසාය.

දඹදිව දෙව්දහ නුවර ‘අඤ්ජන’ මහරජුට දාව ‘සුළක්ඛණා’ රජබිසව කුසින් උපත ලද මහා ප්‍රජාපතී ගෞතමිය රූප සම්පත්තියෙන් මෙන්ම ගුණ නැණ බලයෙන්ද බැබලුණි. මහාමායා කුමරිය ඇයගේ දෙටු සොහොයුරියයි. දණ්ඩපානී හා සුප්පබුද්ධ යනු ඇයගේ සොහොයුරන් දෙදෙනාය. වැඩිවියට පත් මහාමායා කුමරියත්, මහා ප්‍රජාපතී ගෝතමියත් කිඹුල්වත්පුර සුදොවුන් නිරිඳුන්ගේ බිසොවුන් බවට පත්විය.

දෙවි මිනිස් ලෝකයට සොඳුරු වසන්ත සමය උදාකරමින් සොඳුරු වෙසක් පුන් පොහෝ දවසක සිඟිති බෝසත් පුතු මහාමායා දේවිය කුසින් මනුලොවට වැඩම කොට වදාළ සේක. නමුදු සම්බුදු උපතින් සත් දිනක් ඇවෑමෙන් මහාමායා බිසව කළුරිය කොට තුසිත දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයා නමින් ඉපදීමෙන් පසු බෝසත් කුමරාගේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමී දේවියටයි. ‘බුද්ධ මාතාව’ වීමට පෙරුම් පුරා සපැමිණි ඇය සිඟිති බෝසත් පුතුට කෙතරම් නම් සෙනෙහසක් දැක්වුයේද යත්, ඇය තම කුසින් වැදූ නන්ද කුමරුන් කිරිමව්වරුන්ගේ භාරයට පත්කොට බෝසත් කුමරුන්ගේ කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කළාය.

උතුම් සම්බුද්ධාභිෂේකයෙන් අභිසෙස් ලද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ මහරහතුන් විසිදහසක් පිරිවරා කිඹුල්වත්පුරයට වැඩම කරන ලදී. එදින බුදු සමිඳුන් විසින් යමා මහ පෙළහර පාමින් දහම් දෙසු අවස්ථාවේ ප්‍රජාපතී ගෝතමිය අතිශයින්ම සතුටට පත්විය. පසුදිනයේදී බුදුරජාණන් වහන්සේ විසින් රජ මාළිගයේදී දේශනා කරන්නට යෙදුන,

ධම්මං චරේ සුචරිතං - න තං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේතී - අස්මිං ලෝකේ පරම් හි ච

යන ගාථා රත්නය ශ්‍රවණය කිරීමෙන් ඇය උතුම් සෝතාපන්න ඵලයෙහි පිහිටියාය. ශ්‍රී සද්ධර්මය පිළිබඳව උතුම් දහම් ඇස උපදවාගත් ප්‍රජාපතී ගෞතමියගේ ඒකායන බලාපොරොත්තුව වුයේ ගිහිගෙයින් නික්ම අනගාරික බුදු සසුනේ පැවිදීවීමයි. නමුත් අවස්ථා කිහිපයකදීම ඇයගේ එම බලාපොරොත්තුව බුදුරජාණන් වහන්සේ වෙතින් ප්‍රතික්ෂේප විය.

එක්තරා දිනයක මහා ප්‍රජාපතී ගෝතමිය බොහෝ ශ්‍රද්ධාවෙන් යුතුව සියතින්ම සකස් කරන්නට යෙදුන මාහැඟි වස්ත්‍ර යුගලක් රන් කරඬුවක බහාගෙන බුදුරජාණන් වහන්සේ උදෙසා පුජා කිරීම පිණිස නීග්‍රෝධාරාමය කරා පැමිණෙන්නට විය. භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිට එම මාහැඟි වස්ත්‍ර යුගලය දෝතට ගත් මහා ප්‍රජාපතී ගෝතමිය,

“ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගලය මා විසින් ඔබවහන්සේ උදෙසාමයි සකස් කළේ. ඒ නිසා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මා කෙරෙහි අනුකම්පාවෙන් මේ වස්ත්‍ර යුගලය පිළිගන්නා සේක්වා..!” යැයි ඉල්ලා සිටියාය.

නමුත් එහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ “පින්වත් ගෝතමියනි, ඔය වස්ත්‍ර යුගලය සංඝයාට පුජා කරන්න. සංඝයාට පුජා කළ කල්හි එය මටද පුජා කළා වෙයි. සංඝයාටද පුජාකළා වෙයි” යනුවෙනි.

නමුත් තමන් විසින්ම බොහෝ ගෞරවයෙන් සකස් කළ වස්ත්‍ර යුගලය බුදුරජාණන් වහන්සේ වෙතටම පුජා කිරීමේ බලවත් කැමැත්තකින් පසුවු ඇය දෙවැනි, තෙවැනි වරටත් එය පිළිගන්නා ලෙස ඉල්ලා සිටියත් බුදුරජුන්ගේ පිළිතුර වුයේ “සංඝයාට පුජා කරන්න” යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි ඒ අසල සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ නැඟී සිට ඇඟිලි බැඳගෙන,

“භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා..! සුගතයන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ වස්ත්‍ර යුගලය පිළිගන්නා සේක්වා..! ස්වාමීනී, මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර කළා. ඔබ වහන්සේගේ කුඩා මෑණියෝය. ඔබවහන්සේ කුඩා කළ මැනවින් ඇතිදැඩි කළා. පෝෂණය කළා. වැදූ මව කලුරිය කළ දා පටන් ඔබවහන්සේට කිරි පොවමින් මහත් වු ආදරයෙන් යුක්තව රැකබලා ගත්තා. මේ ආකාරයට මැය ඔබවහන්සේට බොහෝ උපකාර කළා.

ස්වාමීනී, ඔබවහන්සේද මහා ප්‍රජාපතී ගෝතමියට බොහෝ සෙයින් උපකාර කොට තිබෙනවා. ඔබවහන්සේ නිසාම ඇය බුදුන් සරණ ගියා, දහම් සරණ ගියා, සඟුන් සරණ ගියා. ස්වාමීනී, ඔබවහන්සේ නිසාම ඇය පන්සිල් රැකීමට පුරුදු වුණා. පින්කම් කිරීමට පුරුදු වුණා. තෙරුවන් කෙරෙහි පැහැදීම උපදවා ගත්තා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයෙහි නිසැක වුණා”

යනාදී වශයෙන් මහා ප්‍රජාපතී ගෝතමියගේ ගුණ වර්ණනා කරන්නට විය. ආනන්ද ස්වාමීන් වහන්සේ එසේ වදාළ කල්හි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමිය අරභයා දන්දීමේ අනුසස් පිළිබඳව දැක්වෙන විස්මිත දෙසුමක් වන ‘දක්ඛිණ විභංග සුත්‍රය’ දේශනා කොට වදාළ සේක. එදා ප්‍රජාපතී ගෝතමිය අරභයා දේශනා වු එම දෙසුම අදටත් බොහෝ දෙනාට මහත්ඵල මහානිශංස ලැබෙන ආකාරයෙන් දන් පැන් පුජා කිරීම පිණිස බෙහෙවින් හේතු වෙයි.

මේ ආකාරයට උතුම් සෝතාපන්න ඵලයෙහි පිහිටා බොහෝ පින් දහම් රැස්කර ගත් ගෝතමියගේ සිත නිරන්තරයෙන් ඇදී ගියේ ආකාසය බඳු වු පැවිද්ද වෙතයි. විශේෂයෙන්ම සිද්ධාර්ථ කුමරුන්ගේ මහාභිනිෂ්ක්රමණයෙනුත්, නන්ද කුමරු, රාහුල කුමරු ආදී සමීපතමයන්ගේ දුරස්වීමෙනුත් ගිහිගෙය පිළිබඳව තිබු ආශාව වඩ වඩාත් දුරස් වන්නට විය. මේ අතර උතුම් අරහත්වය ලබා ගිහිව සිටිමින් සුදොවුන් මහරජතුමාද පිරිනිවන් පාන්නට විය. රජ මැදුරේ හුදෙකලා වු යශෝදරාවන්ගෙන්ද පැවිදිවීම පිණිස නිතර ඇවිටිලි ගලා එන්නට විය. ඒ අනුව මහා ප්‍රජාපතී ගෝතමිය මහත් වු අපේක්ෂාවෙන් යුතුව කිඹුල්වත්පුර නීග්‍රෝධාරාමයේ වැඩවිසු බුදුරජුන් හමුවී පැවිදිවීම පිණිස අවසර ඉල්ලා සිටියත් බුදුරජුන් වෙතින් එය තෙවරක්ම ප්‍රතිඬේප විය. සතරවෙනි වරටත් යාඥා කිරීමට නොහැකි නිසා මහත් වු දුකට පත්වු ගෝතමිය බුදු සිරිපා වැඳ නමස්කාර කොට කඳුළු පිරුණු මුහුණින් යුතුව නීග්රෝධාරාමයෙන් නික්මී රජගෙයට නික්මී ගියාය.

නමුදු ගෞතම බුදුසසුනේ පැවිදි උපසම්පදාව ලබාගැනීමේ බලවත් වුවමනාවකින් පසුවු ඇය රෝහිනී නදී තීරයේදී බුදුරජාණන් වහන්සේ වෙතින් ‘කලහවිවාද සුත්‍ර දේශනාව’ අසා පැවිදි වු පන්සීයක් පමණ වු කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් සමඟ කෙස් වැටි කපා දමා, කසාවත් හැඳ, මැටි පාත්‍රා ගෙන, ශ්‍රමණ වෙස් ගෙන බුදුරජුන් හමුවීම පිණිස ගමන් අරඹන ලදී. මෙසේ කිඹුල්වත්පුර සිට විශාලා මහනුවර දක්වා වු පනස් එක් යොදුනක් වු ගමන් මග පා ගමනින්ම නිමකොට වෙහෙසුණු සිරුරින් යුතුව කුටාගාර ශාලාවේ දොරකඩ නතරවිණි. මෙසේ ඉදිමී ගිය පා ඇතුව, දුහුවිල්ලෙන් වැකී ගිය සිරුරු ඇතුව, බොහෝ දුකට පත්ව, කඳුළු පිරුණු මුහුණින් යුතුව හඬා වැටෙමින් විහාර දොරටුවෙන් පිටත රැඳී සිටින්නාවු මෙම කුල ස්ත්‍රීන් පිරිස ආනන්ද ස්වාමීන් වහන්සේට දැකගන්නට ලැබිණි.

ඉක්බිති ආනන්ද ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙන් “කාන්තාවන් සඳහා පැවිද්ද ලබාදෙන සේක්වා!” යන ඉල්ලීම නැවතත් බුදුරජුන් ඉදිරියේ ඉදිරිපත් විය. එකල්හී බුදුරජුන් ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළේ “ආනන්දයෙනි එයින් කම් නැත. ස්ත්රීන්ගේ පැවිදීවීමට උත්සාහ නොකරව” යනුවෙනි.

නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ බලවත් ඉල්ලීම මත, එමෙන්ම ගෞතම බුදුසසුන තුළ පැවිදිවු කාන්තාවන්ටද සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මගඵල පසක් කිරීමට බාධාවක් නොමැති බැවින්ද අවසානයේ බුදුරජාණන් වහන්සේ අනුමැතිය ඒ සඳහා ලැබුණි.

"එසේනම් ආනන්දයෙනි, මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරුධර්ම පිළිගන්නේ නම් එයින්ම ඇගේ පැවිදි උපසම්පදාව සිදුවන්නේය.”

බුදු සසුනේ චිරස්තිථිය පළුදු නොවීම පිණිස බුදුරජුන් විසින් පණවා වදාළ අෂ්ට ගරුධර්මයන් ආනන්ද ස්වාමීන් වහන්සේ වෙතින් ශ්‍රවණය කළ මහා ප්‍රජාපතී ගෝතමිය මහත් සොම්නසට පත්විය.

"පින්වත් ආනන්ද මහතෙරුන් වහන්ස, ශරීරයෙහි අලංකාරය කැමති තරුණ වියෙහි පසුවන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හිස් සෝදා නා පිරිසිදු වී මහනෙල් මල්දමක් හෝ දෑසමන් මල්දමක් හෝ වෙනත් සුවඳැති මල්දමක් දෝතින්ම ගෙන එය හිස මුදුනේ දවටා ගන්නේ යම් සේද, පින්වත් ආනන්ද මහතෙරුන් වහන්ස, එලෙසින්ම මමත් මේ උතුම් අෂ්ට ගරුධර්මයන් දිවිහිමියෙන් ආරඬා කිරීම පිණිස දොහොත් මුදුන් දී පිළිගන්නෙමි. පිළිගෙන ඒ අනුවම පිළිපදින්නෙමි”

එපරිද්දෙන් ශාසන වංශකතාවේ භික්ෂුණී පැවිදි උපසම්පදාවේ මුලාරම්භය සනිටුහන් විය. එදා මෙදා තුර ශාසනයට ඇතුළු වු බොහෝ කුල කාන්තාවන් ගෞතම බුදුසසුන තුළ උතුම් මහරහත් භාවය උපදවාගෙන සසර දුක නිමාකරන්නට යෙදුණේ මහා ප්‍රජාපතී ගෝතමිය නිසාමයි. ඒ සඳහා මහත් පරිශ්‍රමයකින් යුතුව, අප්‍රමාණ වීර්යයකින් යුක්තව කටයුතු කළ නිසාම බුද්ධමාතාව නම් වු මහා ප්‍රජාපතී මහරහත් තෙරණියට භික්ෂුණී සංඝයා අතර වැඩිමහළුභාවය නිතැතින්ම හිමිවිය.

ශාසන බ්‍රහ්මචර්යාවේ අප්‍රමාදීව නිවන් මගේ ගමන් කළ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය දිනක් භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් නිවන් ලැබීම පිණිස උපකාර වන්නා වු දහමක් සැකෙවින් දේශනා කළ මැනවයි ඉල්ලා සිටි සේක.

එකල්හී බුදුරජුන් "ගෞතමියනි, ඔබ විසින් යම් දහමක් රාගය ඇතිවීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. රාගය නැතිවීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. සසර හා බැඳීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. සසරින් එතෙරවීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. කෙලෙස් රජස් එක්වීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. කෙලෙස් රජස් දුරුවීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. මහත් වු ආශාවන් ඇති කිරීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. මහත් වු ආශාවන් නැතිකිරීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. ලද දෙයින් සතුටු නොවීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. ලද දෙයින් සතුටුවීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. ගණයා කෙරෙහි ඇලී ගැලී වාසය කිරීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. ගණයා කෙරෙන් වෙන්ව වාසය කිරීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. කුසීත බව පිණිස පවතී කියා දැනගන්නේ නම්.. වීර්යය පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. දුකසේ පෝෂණය කළයුතු බව පිණිස පවතී කියා දැනගන්නේ නම්.. සුවසේ පෝෂණය කළහැකි බව පිණිස නොපවතී කියා දැනගන්නේ නම් ගෞතමියනි, එසේ වු කරුණු ධර්මය නොවෙයි. විනය නොවෙයි. ශාස්තෘ ශාසනය නොවේ යයි කියා සළකන්න" ආදී වශයෙන් දහම් දෙසා වදාළා.

ඒ අවවාදය හිස් මුදුනින් පිළිගත් මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය බුදු පා කමල් වන්දනා කොට ගෞරව දක්වා ගණයා කෙරෙන් වෙන්ව, කෙලෙස් තවන වෙර ඇතිව විදසුන් වඩා සියලු කෙලෙස් ප්‍රහාණ කරමින් මහරහත් භාවයට පත්ව අමා මහ නිවනට පැමිණ වදාළා.

දිනක් බුදුරජාණන් වහන්සේ විසින් සිව්වනක් පිරිස මධ්‍යයේදී “(ඒතදග්ගං භික්ඛවේ මම සාවිකානං භික්ඛුණීනං චිරරත්තඤ්ඩීනං යදිදං මහා පජාපතී ගෝතමී) මහණෙනි, මගේ මේ ශාසනයේ පැවිදි වී බොහෝ කල් ගතකළ (චිරරාත්‍රඥ) භික්ෂුණීන් අතරින් මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය අග්‍ර වන්නේ යැයි වදාරමින් මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය පළමුව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානයේ තැබු සේක. මෙසේ කෙමෙන් කාලය ගතවී එකසිය විස්සක් වු ආයු ඇති මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය පිරිනිවන්පෑම පිණිස අවසර ලබාගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ හමුවට වැඩම කළ සේක. දොහොත් මුදුන් දී වන්දනා කොට මහත් ගෞරවයෙන් යුතුව මෙසේ පවසා සිටින්නට විය,

"සුගතයන් වහන්ස, මම ඔබවහන්සේගේ මව් වෙමි. වීර්යයන් වහන්ස ඔබවහන්සේද මාගේ පියා වෙයි. නාථයන් වහන්ස, ඔබවහන්සේ මට සදහම් සුවය ලබාදුන් සේක. ගෞතමයන් වහන්ස, මම ඔබවහන්සේ වෙතින් උපන්නෙමි. සුගතයන් වහන්ස, ඔබවහන්සේගේ රූපකාය මා විසින් වඩන ලදී. උතුම් වු මාගේ දහම්කාය ඔබවහන්සේ විසින් වඩන ලදී. මහා මුනිවරයාණෙනි, මා විසින් කුඩා කළ ඔබවහන්සේ හදා වඩා ගන්නා ලදී. නමුත් ඒ හදාවඩා ගැනීමට ඔබවහන්සේ මට ණයගැති නොවෙයි..” ආදී වශයෙන් තුති ප්‍රකාශන කොට ආදර ගෞරව වන්දනා මාන දක්වා නොයෙක් පෙලහරපාමින් පිරිනිවන් පිණිස සමුගෙන වඩින ලදී.

එකල්හී අපගේ බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධ මාතාවන්ට කෘතගුණ දැක්වීම පිණිස සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන සඟරුවන සමගින් විහාර දොරටුව තෙක් වැඩම කළහ. මේ ආකාරයට මහා ප්‍රජාපතී ගෝතමිය විටෙක අපගේ බෝසත් කුමරාණන්ට සෙනෙහෙබර මවක් වුවාය. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ ළයෙහි උපන් සැබෑම දියණියක් වීමේ භාග්‍යයද ඇයට හිමි විය. එපමණක් නොවෙයි එදා මෙදා තුර ගෞතම බුදු සසුනේ පැවිදි බිමට පත්ව සසර දුකින් අත්මිදී වදාළ උතුම් තෙරුණිවරුන්ගේ විමුක්ති මාර්ගය පිණිස මංපෙත් විවර කර දීමට මුලිකත්වය ගත්තේද ඇයයි. ඒ නිසාම බුද්ධ මාතාව වීමේ භාග්‍ය ලද ඇය භික්ෂුණී සංඝයා වහන්සේගේද ආදරණීය මෑණියන් වහන්සේ වන්නේය.

“සියලු සත්වයන්ට වඩා උතුම් වු බුද්ධ වීරයන් වහන්ස, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! මාවත් බොහෝ ජනතාවත් සංසාරයෙන් එතෙර කොට වදාළේ ඔබවහන්සේමයි.”

ඒ මහාප්‍රජාපතී ගෞතමිය නම් වු මහරහත් තෙරණියගේ බුද්ධ වන්දනාවයි. ගෞතම සසුන් අඹරේ පායා සුදිලුණු අද්විතීය උත්තම චරිතයක් වන අපගේ මහා ප්‍රජාපතී ගෝතමී නම් වු මහරහත් තෙරණින් වහන්සේට අපගේ නමස්කාරය වේවා...!

සාදු…! සාදු…!! සාදු…!!!

[QUOTE="hirashgeff, post: 16945908, member: 15895"] [SIZE="5"][SIZE="4"]මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය By D.K. K S Dissanayake in නැගගන්න මිතුරනි අවසන් නෞකාවට..... (Files) · Edit Doc පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී 2012 සැප්තැම්බර් 29 වන බිනර පුන් පොහෝ දින ලබා දුන් සදහම් පත්‍රිකාව... මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය රාජ මාතාව, රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රීන් හට දුලභ නොවෙයි. එබඳු ආමන්ත්රණ ලොව ඕනෑතරම් ඇත. නමුත් යම් ස්ත්‍රියක් හට ‘බුද්ධමාතා’ යන නමක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභයි. එම දුර්ලභ වාසනාව හිමිවන්නේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකටය. ගෞතම බුදුරජුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි. බෝසත් කුමරුන්ව තම කුසින් නොවැදුවද ඇය එදා මෙදා තුර අප ආදරයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි. බුද්ධ මාතාවක් වීමේ වාසනාව ලද ඇයම බුදුරජුන්ගේ ළයෙහි උපන් උතුම් ශ්‍රාවක දියණියක් වීම කෙතරම් නම් ආශ්චර්යයක්ද? විශේෂයෙන්ම ගෙවී යන නිකිණි මාසයේදී අන් කවරදාටවත් වැඩියෙන් මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ගැන කතාබහ කරයි. ඒ කාන්තාවන්ගේ විමුක්ති මාර්ගය උදෙසා භික්ඛුණි සංඝයා ඇතිකරවීම පිණිස පුරෝගාමී වු කාන්තා පරපුරේ මව් තෙරණිය ඇය වන නිසාය. දඹදිව දෙව්දහ නුවර ‘අඤ්ජන’ මහරජුට දාව ‘සුළක්ඛණා’ රජබිසව කුසින් උපත ලද මහා ප්‍රජාපතී ගෞතමිය රූප සම්පත්තියෙන් මෙන්ම ගුණ නැණ බලයෙන්ද බැබලුණි. මහාමායා කුමරිය ඇයගේ දෙටු සොහොයුරියයි. දණ්ඩපානී හා සුප්පබුද්ධ යනු ඇයගේ සොහොයුරන් දෙදෙනාය. වැඩිවියට පත් මහාමායා කුමරියත්, මහා ප්‍රජාපතී ගෝතමියත් කිඹුල්වත්පුර සුදොවුන් නිරිඳුන්ගේ බිසොවුන් බවට පත්විය. දෙවි මිනිස් ලෝකයට සොඳුරු වසන්ත සමය උදාකරමින් සොඳුරු වෙසක් පුන් පොහෝ දවසක සිඟිති බෝසත් පුතු මහාමායා දේවිය කුසින් මනුලොවට වැඩම කොට වදාළ සේක. නමුදු සම්බුදු උපතින් සත් දිනක් ඇවෑමෙන් මහාමායා බිසව කළුරිය කොට තුසිත දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයා නමින් ඉපදීමෙන් පසු බෝසත් කුමරාගේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමී දේවියටයි. ‘බුද්ධ මාතාව’ වීමට පෙරුම් පුරා සපැමිණි ඇය සිඟිති බෝසත් පුතුට කෙතරම් නම් සෙනෙහසක් දැක්වුයේද යත්, ඇය තම කුසින් වැදූ නන්ද කුමරුන් කිරිමව්වරුන්ගේ භාරයට පත්කොට බෝසත් කුමරුන්ගේ කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කළාය. උතුම් සම්බුද්ධාභිෂේකයෙන් අභිසෙස් ලද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ මහරහතුන් විසිදහසක් පිරිවරා කිඹුල්වත්පුරයට වැඩම කරන ලදී. එදින බුදු සමිඳුන් විසින් යමා මහ පෙළහර පාමින් දහම් දෙසු අවස්ථාවේ ප්‍රජාපතී ගෝතමිය අතිශයින්ම සතුටට පත්විය. පසුදිනයේදී බුදුරජාණන් වහන්සේ විසින් රජ මාළිගයේදී දේශනා කරන්නට යෙදුන, ධම්මං චරේ සුචරිතං - න තං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේතී - අස්මිං ලෝකේ පරම් හි ච යන ගාථා රත්නය ශ්‍රවණය කිරීමෙන් ඇය උතුම් සෝතාපන්න ඵලයෙහි පිහිටියාය. ශ්‍රී සද්ධර්මය පිළිබඳව උතුම් දහම් ඇස උපදවාගත් ප්‍රජාපතී ගෞතමියගේ ඒකායන බලාපොරොත්තුව වුයේ ගිහිගෙයින් නික්ම අනගාරික බුදු සසුනේ පැවිදීවීමයි. නමුත් අවස්ථා කිහිපයකදීම ඇයගේ එම බලාපොරොත්තුව බුදුරජාණන් වහන්සේ වෙතින් ප්‍රතික්ෂේප විය. එක්තරා දිනයක මහා ප්‍රජාපතී ගෝතමිය බොහෝ ශ්‍රද්ධාවෙන් යුතුව සියතින්ම සකස් කරන්නට යෙදුන මාහැඟි වස්ත්‍ර යුගලක් රන් කරඬුවක බහාගෙන බුදුරජාණන් වහන්සේ උදෙසා පුජා කිරීම පිණිස නීග්‍රෝධාරාමය කරා පැමිණෙන්නට විය. භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිට එම මාහැඟි වස්ත්‍ර යුගලය දෝතට ගත් මහා ප්‍රජාපතී ගෝතමිය, “ස්වාමීනී, මේ අලුත් වස්ත්‍ර යුගලය මා විසින් ඔබවහන්සේ උදෙසාමයි සකස් කළේ. ඒ නිසා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මා කෙරෙහි අනුකම්පාවෙන් මේ වස්ත්‍ර යුගලය පිළිගන්නා සේක්වා..!” යැයි ඉල්ලා සිටියාය. නමුත් එහිදී බුදුරජාණන් වහන්සේ වදාළේ “පින්වත් ගෝතමියනි, ඔය වස්ත්‍ර යුගලය සංඝයාට පුජා කරන්න. සංඝයාට පුජා කළ කල්හි එය මටද පුජා කළා වෙයි. සංඝයාටද පුජාකළා වෙයි” යනුවෙනි. නමුත් තමන් විසින්ම බොහෝ ගෞරවයෙන් සකස් කළ වස්ත්‍ර යුගලය බුදුරජාණන් වහන්සේ වෙතටම පුජා කිරීමේ බලවත් කැමැත්තකින් පසුවු ඇය දෙවැනි, තෙවැනි වරටත් එය පිළිගන්නා ලෙස ඉල්ලා සිටියත් බුදුරජුන්ගේ පිළිතුර වුයේ “සංඝයාට පුජා කරන්න” යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි ඒ අසල සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ නැඟී සිට ඇඟිලි බැඳගෙන, “භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා..! සුගතයන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ වස්ත්‍ර යුගලය පිළිගන්නා සේක්වා..! ස්වාමීනී, මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර කළා. ඔබ වහන්සේගේ කුඩා මෑණියෝය. ඔබවහන්සේ කුඩා කළ මැනවින් ඇතිදැඩි කළා. පෝෂණය කළා. වැදූ මව කලුරිය කළ දා පටන් ඔබවහන්සේට කිරි පොවමින් මහත් වු ආදරයෙන් යුක්තව රැකබලා ගත්තා. මේ ආකාරයට මැය ඔබවහන්සේට බොහෝ උපකාර කළා. ස්වාමීනී, ඔබවහන්සේද මහා ප්‍රජාපතී ගෝතමියට බොහෝ සෙයින් උපකාර කොට තිබෙනවා. ඔබවහන්සේ නිසාම ඇය බුදුන් සරණ ගියා, දහම් සරණ ගියා, සඟුන් සරණ ගියා. ස්වාමීනී, ඔබවහන්සේ නිසාම ඇය පන්සිල් රැකීමට පුරුදු වුණා. පින්කම් කිරීමට පුරුදු වුණා. තෙරුවන් කෙරෙහි පැහැදීම උපදවා ගත්තා. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයෙහි නිසැක වුණා” යනාදී වශයෙන් මහා ප්‍රජාපතී ගෝතමියගේ ගුණ වර්ණනා කරන්නට විය. ආනන්ද ස්වාමීන් වහන්සේ එසේ වදාළ කල්හි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමිය අරභයා දන්දීමේ අනුසස් පිළිබඳව දැක්වෙන විස්මිත දෙසුමක් වන ‘දක්ඛිණ විභංග සුත්‍රය’ දේශනා කොට වදාළ සේක. එදා ප්‍රජාපතී ගෝතමිය අරභයා දේශනා වු එම දෙසුම අදටත් බොහෝ දෙනාට මහත්ඵල මහානිශංස ලැබෙන ආකාරයෙන් දන් පැන් පුජා කිරීම පිණිස බෙහෙවින් හේතු වෙයි. මේ ආකාරයට උතුම් සෝතාපන්න ඵලයෙහි පිහිටා බොහෝ පින් දහම් රැස්කර ගත් ගෝතමියගේ සිත නිරන්තරයෙන් ඇදී ගියේ ආකාසය බඳු වු පැවිද්ද වෙතයි. විශේෂයෙන්ම සිද්ධාර්ථ කුමරුන්ගේ මහාභිනිෂ්ක්රමණයෙනුත්, නන්ද කුමරු, රාහුල කුමරු ආදී සමීපතමයන්ගේ දුරස්වීමෙනුත් ගිහිගෙය පිළිබඳව තිබු ආශාව වඩ වඩාත් දුරස් වන්නට විය. මේ අතර උතුම් අරහත්වය ලබා ගිහිව සිටිමින් සුදොවුන් මහරජතුමාද පිරිනිවන් පාන්නට විය. රජ මැදුරේ හුදෙකලා වු යශෝදරාවන්ගෙන්ද පැවිදිවීම පිණිස නිතර ඇවිටිලි ගලා එන්නට විය. ඒ අනුව මහා ප්‍රජාපතී ගෝතමිය මහත් වු අපේක්ෂාවෙන් යුතුව කිඹුල්වත්පුර නීග්‍රෝධාරාමයේ වැඩවිසු බුදුරජුන් හමුවී පැවිදිවීම පිණිස අවසර ඉල්ලා සිටියත් බුදුරජුන් වෙතින් එය තෙවරක්ම ප්‍රතිඬේප විය. සතරවෙනි වරටත් යාඥා කිරීමට නොහැකි නිසා මහත් වු දුකට පත්වු ගෝතමිය බුදු සිරිපා වැඳ නමස්කාර කොට කඳුළු පිරුණු මුහුණින් යුතුව නීග්රෝධාරාමයෙන් නික්මී රජගෙයට නික්මී ගියාය. නමුදු ගෞතම බුදුසසුනේ පැවිදි උපසම්පදාව ලබාගැනීමේ බලවත් වුවමනාවකින් පසුවු ඇය රෝහිනී නදී තීරයේදී බුදුරජාණන් වහන්සේ වෙතින් ‘කලහවිවාද සුත්‍ර දේශනාව’ අසා පැවිදි වු පන්සීයක් පමණ වු කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් සමඟ කෙස් වැටි කපා දමා, කසාවත් හැඳ, මැටි පාත්‍රා ගෙන, ශ්‍රමණ වෙස් ගෙන බුදුරජුන් හමුවීම පිණිස ගමන් අරඹන ලදී. මෙසේ කිඹුල්වත්පුර සිට විශාලා මහනුවර දක්වා වු පනස් එක් යොදුනක් වු ගමන් මග පා ගමනින්ම නිමකොට වෙහෙසුණු සිරුරින් යුතුව කුටාගාර ශාලාවේ දොරකඩ නතරවිණි. මෙසේ ඉදිමී ගිය පා ඇතුව, දුහුවිල්ලෙන් වැකී ගිය සිරුරු ඇතුව, බොහෝ දුකට පත්ව, කඳුළු පිරුණු මුහුණින් යුතුව හඬා වැටෙමින් විහාර දොරටුවෙන් පිටත රැඳී සිටින්නාවු මෙම කුල ස්ත්‍රීන් පිරිස ආනන්ද ස්වාමීන් වහන්සේට දැකගන්නට ලැබිණි. ඉක්බිති ආනන්ද ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙන් “කාන්තාවන් සඳහා පැවිද්ද ලබාදෙන සේක්වා!” යන ඉල්ලීම නැවතත් බුදුරජුන් ඉදිරියේ ඉදිරිපත් විය. එකල්හී බුදුරජුන් ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළේ “ආනන්දයෙනි එයින් කම් නැත. ස්ත්රීන්ගේ පැවිදීවීමට උත්සාහ නොකරව” යනුවෙනි. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ බලවත් ඉල්ලීම මත, එමෙන්ම ගෞතම බුදුසසුන තුළ පැවිදිවු කාන්තාවන්ටද සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මගඵල පසක් කිරීමට බාධාවක් නොමැති බැවින්ද අවසානයේ බුදුරජාණන් වහන්සේ අනුමැතිය ඒ සඳහා ලැබුණි. "එසේනම් ආනන්දයෙනි, මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරුධර්ම පිළිගන්නේ නම් එයින්ම ඇගේ පැවිදි උපසම්පදාව සිදුවන්නේය.” බුදු සසුනේ චිරස්තිථිය පළුදු නොවීම පිණිස බුදුරජුන් විසින් පණවා වදාළ අෂ්ට ගරුධර්මයන් ආනන්ද ස්වාමීන් වහන්සේ වෙතින් ශ්‍රවණය කළ මහා ප්‍රජාපතී ගෝතමිය මහත් සොම්නසට පත්විය. "පින්වත් ආනන්ද මහතෙරුන් වහන්ස, ශරීරයෙහි අලංකාරය කැමති තරුණ වියෙහි පසුවන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හිස් සෝදා නා පිරිසිදු වී මහනෙල් මල්දමක් හෝ දෑසමන් මල්දමක් හෝ වෙනත් සුවඳැති මල්දමක් දෝතින්ම ගෙන එය හිස මුදුනේ දවටා ගන්නේ යම් සේද, පින්වත් ආනන්ද මහතෙරුන් වහන්ස, එලෙසින්ම මමත් මේ උතුම් අෂ්ට ගරුධර්මයන් දිවිහිමියෙන් ආරඬා කිරීම පිණිස දොහොත් මුදුන් දී පිළිගන්නෙමි. පිළිගෙන ඒ අනුවම පිළිපදින්නෙමි” එපරිද්දෙන් ශාසන වංශකතාවේ භික්ෂුණී පැවිදි උපසම්පදාවේ මුලාරම්භය සනිටුහන් විය. එදා මෙදා තුර ශාසනයට ඇතුළු වු බොහෝ කුල කාන්තාවන් ගෞතම බුදුසසුන තුළ උතුම් මහරහත් භාවය උපදවාගෙන සසර දුක නිමාකරන්නට යෙදුණේ මහා ප්‍රජාපතී ගෝතමිය නිසාමයි. ඒ සඳහා මහත් පරිශ්‍රමයකින් යුතුව, අප්‍රමාණ වීර්යයකින් යුක්තව කටයුතු කළ නිසාම බුද්ධමාතාව නම් වු මහා ප්‍රජාපතී මහරහත් තෙරණියට භික්ෂුණී සංඝයා අතර වැඩිමහළුභාවය නිතැතින්ම හිමිවිය. ශාසන බ්‍රහ්මචර්යාවේ අප්‍රමාදීව නිවන් මගේ ගමන් කළ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය දිනක් භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් නිවන් ලැබීම පිණිස උපකාර වන්නා වු දහමක් සැකෙවින් දේශනා කළ මැනවයි ඉල්ලා සිටි සේක. එකල්හී බුදුරජුන් "ගෞතමියනි, ඔබ විසින් යම් දහමක් රාගය ඇතිවීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. රාගය නැතිවීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. සසර හා බැඳීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. සසරින් එතෙරවීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. කෙලෙස් රජස් එක්වීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. කෙලෙස් රජස් දුරුවීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. මහත් වු ආශාවන් ඇති කිරීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. මහත් වු ආශාවන් නැතිකිරීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. ලද දෙයින් සතුටු නොවීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. ලද දෙයින් සතුටුවීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. ගණයා කෙරෙහි ඇලී ගැලී වාසය කිරීම පිණිස පවතී කියා දැනගන්නේ නම්.. ගණයා කෙරෙන් වෙන්ව වාසය කිරීම පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. කුසීත බව පිණිස පවතී කියා දැනගන්නේ නම්.. වීර්යය පිණිස නොපවතී කියා දැනගන්නේ නම්.. දුකසේ පෝෂණය කළයුතු බව පිණිස පවතී කියා දැනගන්නේ නම්.. සුවසේ පෝෂණය කළහැකි බව පිණිස නොපවතී කියා දැනගන්නේ නම් ගෞතමියනි, එසේ වු කරුණු ධර්මය නොවෙයි. විනය නොවෙයි. ශාස්තෘ ශාසනය නොවේ යයි කියා සළකන්න" ආදී වශයෙන් දහම් දෙසා වදාළා. ඒ අවවාදය හිස් මුදුනින් පිළිගත් මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය බුදු පා කමල් වන්දනා කොට ගෞරව දක්වා ගණයා කෙරෙන් වෙන්ව, කෙලෙස් තවන වෙර ඇතිව විදසුන් වඩා සියලු කෙලෙස් ප්‍රහාණ කරමින් මහරහත් භාවයට පත්ව අමා මහ නිවනට පැමිණ වදාළා. දිනක් බුදුරජාණන් වහන්සේ විසින් සිව්වනක් පිරිස මධ්‍යයේදී “(ඒතදග්ගං භික්ඛවේ මම සාවිකානං භික්ඛුණීනං චිරරත්තඤ්ඩීනං යදිදං මහා පජාපතී ගෝතමී) මහණෙනි, මගේ මේ ශාසනයේ පැවිදි වී බොහෝ කල් ගතකළ (චිරරාත්‍රඥ) භික්ෂුණීන් අතරින් මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය අග්‍ර වන්නේ යැයි වදාරමින් මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය පළමුව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානයේ තැබු සේක. මෙසේ කෙමෙන් කාලය ගතවී එකසිය විස්සක් වු ආයු ඇති මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය පිරිනිවන්පෑම පිණිස අවසර ලබාගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ හමුවට වැඩම කළ සේක. දොහොත් මුදුන් දී වන්දනා කොට මහත් ගෞරවයෙන් යුතුව මෙසේ පවසා සිටින්නට විය, "සුගතයන් වහන්ස, මම ඔබවහන්සේගේ මව් වෙමි. වීර්යයන් වහන්ස ඔබවහන්සේද මාගේ පියා වෙයි. නාථයන් වහන්ස, ඔබවහන්සේ මට සදහම් සුවය ලබාදුන් සේක. ගෞතමයන් වහන්ස, මම ඔබවහන්සේ වෙතින් උපන්නෙමි. සුගතයන් වහන්ස, ඔබවහන්සේගේ රූපකාය මා විසින් වඩන ලදී. උතුම් වු මාගේ දහම්කාය ඔබවහන්සේ විසින් වඩන ලදී. මහා මුනිවරයාණෙනි, මා විසින් කුඩා කළ ඔබවහන්සේ හදා වඩා ගන්නා ලදී. නමුත් ඒ හදාවඩා ගැනීමට ඔබවහන්සේ මට ණයගැති නොවෙයි..” ආදී වශයෙන් තුති ප්‍රකාශන කොට ආදර ගෞරව වන්දනා මාන දක්වා නොයෙක් පෙලහරපාමින් පිරිනිවන් පිණිස සමුගෙන වඩින ලදී. එකල්හී අපගේ බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධ මාතාවන්ට කෘතගුණ දැක්වීම පිණිස සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන සඟරුවන සමගින් විහාර දොරටුව තෙක් වැඩම කළහ. මේ ආකාරයට මහා ප්‍රජාපතී ගෝතමිය විටෙක අපගේ බෝසත් කුමරාණන්ට සෙනෙහෙබර මවක් වුවාය. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ ළයෙහි උපන් සැබෑම දියණියක් වීමේ භාග්‍යයද ඇයට හිමි විය. එපමණක් නොවෙයි එදා මෙදා තුර ගෞතම බුදු සසුනේ පැවිදි බිමට පත්ව සසර දුකින් අත්මිදී වදාළ උතුම් තෙරුණිවරුන්ගේ විමුක්ති මාර්ගය පිණිස මංපෙත් විවර කර දීමට මුලිකත්වය ගත්තේද ඇයයි. ඒ නිසාම බුද්ධ මාතාව වීමේ භාග්‍ය ලද ඇය භික්ෂුණී සංඝයා වහන්සේගේද ආදරණීය මෑණියන් වහන්සේ වන්නේය. “සියලු සත්වයන්ට වඩා උතුම් වු බුද්ධ වීරයන් වහන්ස, ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! මාවත් බොහෝ ජනතාවත් සංසාරයෙන් එතෙර කොට වදාළේ ඔබවහන්සේමයි.” ඒ මහාප්‍රජාපතී ගෞතමිය නම් වු මහරහත් තෙරණියගේ බුද්ධ වන්දනාවයි. ගෞතම සසුන් අඹරේ පායා සුදිලුණු අද්විතීය උත්තම චරිතයක් වන අපගේ මහා ප්‍රජාපතී ගෝතමී නම් වු මහරහත් තෙරණින් වහන්සේට අපගේ නමස්කාරය වේවා...! සාදු…! සාදු…!! සාදු…!!![/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom