Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධානුස්සති භාවනාවේ අනුසස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

** බුද්ධානුස්සති භාවනාවේ අනුසස් **

බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත්වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේ. එයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවත් පුද්ගලයෙක් වේ. එ බැවින් බුද්ධානුස්සතිය වඩනා පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දකු විසින් පැමිණිය හැකි දියුණුවට ද ගිහියෙක් නම් ගිහියකු විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ.

මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමග විසීමක් වැනිය. එබැවින් ඔහුගේ සිත පාපයට නො නැමෙයි. හදිසියෙන් මරණය සිදුවීමක් වතහොත් ඒ අවස්ථාවේ දී ඔහුට බුදුන් සිහි වේ. එයින් හේ මරණින් මතු ස්වර්ගයට මතු ස්වර්ගයට පැමිණෙන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්ත වූ සේකැයි සිහි කරන්නා වූ යෝගාවචරයා හට එ සමයෙහි රාග් ද්වේෂ මෝහයෝ නූපදිති. ඒ හේතුවෙන් ශුද්ධ වූ සිත් ඇති යෝගාවචරයාහට බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක විචාරකයෝ බොහෝ සෙයින් උපදිති. බුද්ධ ගුණයෙහි සිත හසුරුවන්නා වූ යෝගාවචරයාහට ප්‍රීතිය ඇතිවේ. ප්‍රීතිය නිසා ඔහුට කායික චෛතසික පීඩාවෝ සන්සිඳෙති. එයින් ඔහුට සුඛය ඇති වේ. ඒ සුඛය නිසා ඔහුගේ සිත බුද්ධ ගුණාරම්මණයෙහි සමාධියට පැමිණේ. කල් යෑමෙන් ඔහුට විතර්කාදි ධ්‍යානාංගයෝ එක් වර ම පහළ වන්නාහ. එහෙත් බුද්ධ ගුණය ගැඹුරු බැවින් හා බොහෝ බැවින් ද බුද්ධ ගුණාරම්මණයෙහි කසිණාදියෙහි මෙන් ධ්‍යානයෝ නූපදිති. බුද්ධානුස්සති භාවනාවෙන් නීවරණයන් බැහැර වී යෝගාවචරයාගේ සිත පිරිසිදු බැවින් ද ශ්‍රද්ධාදි ඉන්ද්රියයන් දියුණු තියුණු වන බැවින් ද බුද්ධානුස්සතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට විදසුන් වඩා පහසුවෙන් මර්ග පල ලබා නිවන් දැකිය හැකි වන්නේ ය. බුද්ධානුස්සතියෙන් සිත සමාධි කොට විදසුන් වඩා රහත් වූවෝ බොහෝ ය.

“ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමෝ ඒකෝ ධම්මෝ? බුද්ධානුස්සති. අයං ඛො භික්ඛවේ ඒකෝධම්මෝ භාවිතො බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.”

මේ තථාගතයන් වහන්සේ විසින් බුද්ධානුස්මෘති භාවනාවෙහි අනුසස් දක්වා වදාළ පාඨයෙකි. එහි තේරුම මෙසේ ය:-

“මහණෙනි, එක් ධර්මයක් භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දේ ඒකාන්තයෙන් සසරට කලකිරීම පිණිස සසරට ඇති ඇලීම නැතිවීම පිණිස දුක් නිවීම පිණිස කෙලෙස් ගිනි නිවීම පිණිස විශිෂ්ට ඥානයෙන් ලෝ තතු දැන ගැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධවීම පිණිස නිර්වාණය පිණිස පවතී. කිනම් එක් ධර්මයක් ද යත්? බුද්ධානුස්මෘතිය ය. මහණෙනි, මේ එක ධර්මය භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දේ ඒකාන්තයෙන් සසරට කල කිරීම පිණිස සසරට ඇති ඇලීම නැති වීම පිණිස දුක්ගිනි නිවීම පිණිස කෙලෙස් ගිනි නිවීම පිණිස විශිෂ්ට ඥානයෙන් ලෝ තතු දැන ගැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධවීම පිණිස නිවන පිණිස පවතී.”

"භාවෙහි බුද්ධානුස්සතිං - භාවනානමනුත්තරං

ඉමං සතිං භාවයිත්වා - පූරයිස්සසි මානසං”

(සුභූතිථෙරාපදාන)

තේරුම:-

“භාවනාවන් අතුරෙන් සියල්ලට උතුම් බුද්ධානුස්සසති භාවනා කරව. මේ භාවනාව කොට අදහස් සම්පූර්ණ කර ගනුව. මුදුන්පත් කර ගනුව."

බුදු ගුණ සිහි කොට බුදුන් වහන්සේ කෙරෙහි එක් වරක් සිත පහදවා ගැනීම ම මරණින් මතු දෙව් ලොව ඉපදීමට හේතුවන පිනකි. “මට්ටකුණ්ඩලී” ආදි බොහෝ දෙනකු බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් දෙව්ලොවට පැමිණි බව දක්වා තිබේ. යමෙක් භාවනා කිරීම් වශයෙන් නැවත නැවත බුදු ගුණ මෙනෙහි කෙරේ නම් ඔහුට එයින් මහත් වූ පුණ්‍ය සම්භාරයක් අත් පත් වීම ගැන කියනුම කිම? එබැවින් දුකින් මිදෙනු කැමැත්තෝ මේ උතුම් භාවනාව ආදරයෙන් කරත්වා!

අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි.

[QUOTE="asliyanage, post: 30835209, member: 8764"] ** බුද්ධානුස්සති භාවනාවේ අනුසස් ** බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත්වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේ. එයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවත් පුද්ගලයෙක් වේ. එ බැවින් බුද්ධානුස්සතිය වඩනා පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දකු විසින් පැමිණිය හැකි දියුණුවට ද ගිහියෙක් නම් ගිහියකු විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ. මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමග විසීමක් වැනිය. එබැවින් ඔහුගේ සිත පාපයට නො නැමෙයි. හදිසියෙන් මරණය සිදුවීමක් වතහොත් ඒ අවස්ථාවේ දී ඔහුට බුදුන් සිහි වේ. එයින් හේ මරණින් මතු ස්වර්ගයට මතු ස්වර්ගයට පැමිණෙන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්ත වූ සේකැයි සිහි කරන්නා වූ යෝගාවචරයා හට එ සමයෙහි රාග් ද්වේෂ මෝහයෝ නූපදිති. ඒ හේතුවෙන් ශුද්ධ වූ සිත් ඇති යෝගාවචරයාහට බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක විචාරකයෝ බොහෝ සෙයින් උපදිති. බුද්ධ ගුණයෙහි සිත හසුරුවන්නා වූ යෝගාවචරයාහට ප්‍රීතිය ඇතිවේ. ප්‍රීතිය නිසා ඔහුට කායික චෛතසික පීඩාවෝ සන්සිඳෙති. එයින් ඔහුට සුඛය ඇති වේ. ඒ සුඛය නිසා ඔහුගේ සිත බුද්ධ ගුණාරම්මණයෙහි සමාධියට පැමිණේ. කල් යෑමෙන් ඔහුට විතර්කාදි ධ්‍යානාංගයෝ එක් වර ම පහළ වන්නාහ. එහෙත් බුද්ධ ගුණය ගැඹුරු බැවින් හා බොහෝ බැවින් ද බුද්ධ ගුණාරම්මණයෙහි කසිණාදියෙහි මෙන් ධ්‍යානයෝ නූපදිති. බුද්ධානුස්සති භාවනාවෙන් නීවරණයන් බැහැර වී යෝගාවචරයාගේ සිත පිරිසිදු බැවින් ද ශ්‍රද්ධාදි ඉන්ද්රියයන් දියුණු තියුණු වන බැවින් ද බුද්ධානුස්සතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට විදසුන් වඩා පහසුවෙන් මර්ග පල ලබා නිවන් දැකිය හැකි වන්නේ ය. බුද්ධානුස්සතියෙන් සිත සමාධි කොට විදසුන් වඩා රහත් වූවෝ බොහෝ ය. “ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමෝ ඒකෝ ධම්මෝ? බුද්ධානුස්සති. අයං ඛො භික්ඛවේ ඒකෝධම්මෝ භාවිතො බහුලීකතෝ ඒකන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති.” මේ තථාගතයන් වහන්සේ විසින් බුද්ධානුස්මෘති භාවනාවෙහි අනුසස් දක්වා වදාළ පාඨයෙකි. එහි තේරුම මෙසේ ය:- “මහණෙනි, එක් ධර්මයක් භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දේ ඒකාන්තයෙන් සසරට කලකිරීම පිණිස සසරට ඇති ඇලීම නැතිවීම පිණිස දුක් නිවීම පිණිස කෙලෙස් ගිනි නිවීම පිණිස විශිෂ්ට ඥානයෙන් ලෝ තතු දැන ගැනීම පිණිස චතුස්සත්‍ය අවබෝධවීම පිණිස නිර්වාණය පිණිස පවතී. කිනම් එක් ධර්මයක් ද යත්? බුද්ධානුස්මෘතිය ය. මහණෙනි, මේ එක ධර්මය භාවනා කරන ලද්දේ නැවත නැවත භාවනා කරන ලද්දේ ඒකාන්තයෙන් සසරට කල කිරීම පිණිස සසරට ඇති ඇලීම නැති වීම පිණිස දුක්ගිනි නිවීම පිණිස කෙලෙස් ගිනි නිවීම පිණිස විශිෂ්ට ඥානයෙන් ලෝ තතු දැන ගැනීම පිණිස චතුස්සත්‍යය අවබෝධවීම පිණිස නිවන පිණිස පවතී.” "භාවෙහි බුද්ධානුස්සතිං - භාවනානමනුත්තරං ඉමං සතිං භාවයිත්වා - පූරයිස්සසි මානසං” (සුභූතිථෙරාපදාන) තේරුම:- “භාවනාවන් අතුරෙන් සියල්ලට උතුම් බුද්ධානුස්සසති භාවනා කරව. මේ භාවනාව කොට අදහස් සම්පූර්ණ කර ගනුව. මුදුන්පත් කර ගනුව." බුදු ගුණ සිහි කොට බුදුන් වහන්සේ කෙරෙහි එක් වරක් සිත පහදවා ගැනීම ම මරණින් මතු දෙව් ලොව ඉපදීමට හේතුවන පිනකි. “මට්ටකුණ්ඩලී” ආදි බොහෝ දෙනකු බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් දෙව්ලොවට පැමිණි බව දක්වා තිබේ. යමෙක් භාවනා කිරීම් වශයෙන් නැවත නැවත බුදු ගුණ මෙනෙහි කෙරේ නම් ඔහුට එයින් මහත් වූ පුණ්‍ය සම්භාරයක් අත් පත් වීම ගැන කියනුම කිම? එබැවින් දුකින් මිදෙනු කැමැත්තෝ මේ උතුම් භාවනාව ආදරයෙන් කරත්වා! ........................................................... අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom