Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුන්ගේ වෛද්‍යවරයා ජීවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුන් කල වේසාලියේ අම්බපාලී නම් මහත් රූ ඇති ගණිකාවකි.

බිම්බිසාර රජු ද එහි ගොස් ඇගේ රුව ගුණ අසා, ඇගේ පහස විඳගෙන ආවේ ය. රජතුමාට වේසාලියේ අම්බපාලිය ගැන දැන්වූයේ වෙළෙන්දන් ය. රජගහ නුවරට ද වේසාලියේ අම්බපාලිය මෙන් මනා රූ ඇති ගණිකාවක සිටියේ නම් මනායැ යි සිටු කෙළඹියෝ රජුට දැනුම් දුන්නේ ය. “කොල්ලනි, එසේ නම් සුදුසු යුවතියක් ඒ සඳහා සොයවැ”යි බිම්බිසාර රජු සිටු කෙළඹිවරුන්ට දැන්වූහ.

එකල රජගහ නුවර සාලවතී නම් කුමාරියෙකි. ඇගේ රූපය දැකුම්කළු ය, ප්රසාදජනක ය. එබැවින් ඇය උසස් තත්ත්වයේ ගණිකාවක කොට තැබූ අතර ඇය නොබෝ කලකින් ම නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළත් පුරුෂයින් ඇදබැඳ තබා ගැනීමේ ශිල්පයන්හි දක්ෂ වූවා ය. එකල අද මෙන් දියුණු උපත් පාලන ක්‍රම නොතිබූ බැවින් නොබෝ කලකින් ම සාලවතිය ගැබිණියක විය.

සාලවතියගේ පුතු

ගර්භනී වූ සාලවතිය මඳ කලකට සිය සේවාව අත්හිටුවී ය. ගණිකාවක දරුවෙකු ප්‍රසූත කළා යනු ඇයගේ වටිනාකම අඩු විමකි. එබැවින් ඇය සිය දොරටුපාලයනට සාලවතිය ගිලන්යැ එන කුමරුන්ට සිටුන්ට පවසන්නට කියුවා ය. ඉන්පසු මාස කිහිපයක ඇවෑමෙන් පුත් රුවනක් වැඩු අතර, දරුවා “කෙල්ලනි මේ දරුවා දිරූ කුල්ලක දමා කසලගොඩක දමනු''යි සිය සේවිකාවන්ට අණ කළා ය.

බිම්බිසාර රජ මාළිගයේ සිටි අභයරාජ කුමාරයෝ පාන්දර ම අසුපිටින් නුවර යන අතරමඟ කපුටන් ගැවසෙන යම් පැසක් කුණු ගොඩෙහි දැක්කේ ය. කොල්ලනි ඒ කුමක්දැ යි බලන්නැ යි කී කල කුඩා බිළිඳෙකැ යි රාජ පුරුෂයෝ අභයරාජ කුමාරයාට දැනුම් දුන්නේ ය. රජ කුමරු කිරිකැටියා දෙස බලා වහා ම මාළිගයට ගෙනගොස් ඔහු ඇතිදැඩි කළේ ය.

ඒ මඟ දී හමු වූ දරුවා නම් බෝසතාණන් කාලයේ පටන් සංසාරයේ පෙරුම් පුරමින් බුදුන්ගේ වෛද්‍යවරයා වීමට බලා සිටි ජීවක කෝමාරභච්චයෝ විය. ඔහු තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප ශාස්ත්‍ර උගෙන මඟ දී සිටු දියණියකගේ උදරාබාධය ද ගිතෙල් බේතකින් සුවපත් කොට, එයින් උපයාගත් මහත් වූ වස්තු ඇති ව තරුණ වියේ දී නැවත රජගහ නුවරට ආවේ ය.

බිම්බිසාර රජුගේ අර්ශස් අමාරුව

බිම්බිසාර රජුගේ අධෝ මුඛය ආසන්නයේ වණයක් සැදී එයින් ලේ ගලන්නට වූ අතර එය භගන්දරාබාධය ලෙස හැදින්වීය. එවිට බිම්සර රජුගේ බිසෝවරුන්, “රජුටත් ඔසප් වෙනවානේ, මේ සළුපිලි ලෙයින් තෙමිලා තියෙන්නේ, තව ටික දවසකින් රජු ළමයෙකුත් වදාවි ද දන් නැහැ”යි කියමින් රජුට විහිළු කරන්නට විය. එයින් රජු ලැජ්ජාවෙන් වෙලී හතර අතින් වෙදුන් ගෙන්වා බෙහෙත් ගන්නට වූ නමුත් ආබාධය සුව නොවිණි. බිම්බිසාර රජුට වැළඳුණු භගන්දරාබාධය වර්තමානයේ වෛද්‍යවරුන් rectal fistula ලෙස හඳුන්වන අධෝ මාර්ගයේ ආසාදනයක් වැනි තත්ත්වයකැ යි ඇතැම් ඉතිහාසඥයන් පවසා ඇත.

අභයරාජ විසින් ජීවකට මෙය සැල කළ විට එසැනින් බෙහෙත සාදාගත් ජීවක නියපිටින් එය සඟවාගෙන ගොස් “දේවයන් වහන්ස, අපි වණය බලමු”යි කියා පරික්ෂා කොට, නියෙහි සැඟවූ බෙහෙත් ආලේපකොට එය සුව කරන්නට කටයුතු කළේ ය. එතැන දී බිම්බිසාර රජු සිය බිසෝවරුන් ආභරණවලින් සරසවා එවා, මේ සියලු ස්ත්‍රී ආභරණයෝ ඔබටයැ කියා ජීවකට දුන් නමුත් උපායෙහි දක්ෂ ජීවක තෙමේ රාජ බිසෝවරුන්ගේ ආභරණ ප්‍රතික්ෂේප කොට රජු යටතේ සිටින්නට කැමති බව කීයේ ය. ඉන්පසු රජු ජීවකයෝ කෙරෙහි මහත් සේ පැහැදුනි.

සිටුතුමාගේ හිස රුදාව

රජගහනුවර සිටුවරයෙක්ට දරුණු හිස රුදාවක් විය. සත් අවුරුද්දක් තිස්සේ තිබුණු එය, අවසානයේ පරීක්ෂා කළ වෙදුන් විසින් සිටුවරයා සත් දිනකින් මිය යන්නේ ය, පස් දිනකින් මිය යන්නේයැ යි කීය. රජගහ නුවර සිටි ඉසුරුමතුන් බිම්බිසාර රජුට මේ තත්ත්වය දැන්වූ අතර, සේනිය බිම්බිසාර තෙමේ ජීවක කෝමාරභච්චට තත්ත්වය සුව කරන්නැ යි අණ කළේ ය.

එක් එක් ඇලයට සත්මස බැගින් සිටින්නට හැකිදැ යි සිටුතුමාගෙන් ඇසූ කල වේදනාව බොහෝ දරුණු හෙයින් එය හැකියැ යි සිටු විසින් ජීවකට කිවේ ය. ඉන්පසු ජීවක ඇදුරා හිස් කබල වෙන් කොට පලා එහි සිටි පණුවන් දෙදෙනෙකු ඉවත් කළේ ය. ඒ විශාල පණුවා නිසා සිටුතෙමේ පස් දිනකින් මියෙන වගත්, කුඩා පණුවා නිසා සත් දිනකින් මිය යන වගත් පෙර වෙදුන් කියා ඇති බැව් ජිවක විසින් සිටුවරයාට පැහැදිලි කළේ ය. සිටුවරයා විසින් පෙර ඔහු කියූ පරිදි සිය සියලුම වස්තුව ජීවකට දෙන්නට කැමති වුව ද, ජීවක ඒවා ප්‍රතික්ෂේප කොට රජුට ලක්ෂයක් ද ජීවකට ලක්ෂයක් ද බැගින් ලක්ෂ දෙකක කහවනු ඒ වෙදකම වෙනුවෙන් ලබාගත්තේ ය.

බඩවැල හිරවුණු සිටුපුතු

බරණැස් නුවර එක් සිටුපුතෙක් කරණම් පැනීම් ආදී ක්‍රීඩාවන් හි නිරත වීමේ දී දිනක් ක්‍රීඩාව අතරතුර හදිසියේ මෙන් බඩවැල ගැට ගැසීමක් පැන නැගුණි. මෙය එදා පොත්වල හදිසි අනතුරක් නිසා ඇති වූ බඩවැල ගැටගැසීමයැ යි දක්වා තිබේ. මේ අනතුර නිසා සිටුපුතු කන දෙයක් කාගන්නට බැරි ය. කැඳ උගුරක් බිව්වත් එය ජීර්ණය නොවේ. එයින් වැහැරී ගිය සිටුපුතු කහ පැහැති සිරුර ඇති ව බොහෝ දුකින් කාලය ගත කළේ ය. රජුගෙන් ජීවක වෙදා ඉල්ලු අතර මහරජ බිම්බිසාර ජීවක වෙදැදුරු, සිටුපුතුට වෙදකම් කරන්නට බරණැස කරා නික්මූයේ ය.

මුලින්ම ජීවක තෙමේ වටේ සිටි මිනිසුන් බැහැර කරවා සිටුපුතු කණුවක බැන්දේ ය. ඉන්පසු බිරිඳ ඉදිරියේ දී ම බඩ සිවිය කපා බඩවැලේ ගැටය හෝ අවහිරතාවය නැවත පිරියම් කොට ඔහුගේ බිරියට ද ඒ පෙන්වීය. මේ නිසා කලින් කී ආහාර ගැනීමේ අපහසුතා, සිරුර කහ පැහැ ගැන්වීම් සිදුවුණායැ යි ජීවක වෙදැදුරු සිටුපුතුගේ බිරියට කීය. එයින් සිටුපුතු සුව වූ අතර, ඒ වෙනුවන් වියදම් වශයෙන් සිටුපුතු විසින් ජීවක කෝමාරබච්චවට කහවණු සොළොස්දහසක් ලබා දුන්නේ ය.

උදේනි රජුගේ පාන්ඩු රෝගය

උදේනියේ පජ්ජෝත රජුට ද උදරය හා සම්බන්ධ ආබාධයක් තිබූ අතර බිම්බිසාර රජුගෙන් පිළියමක් ඉල්ලූ කල පෙර පරදි ම ජීවක ව උදේනී දේශයට යැවීමට බිම්බිසාර රජු ක්‍රියා කළේ ය. එහි ගොස් රජු පරික්ෂා කළ ජිවක තෙමේ “මේ ලෙඩේට ගිතෙල්වලින් බෙහෙතක් තියෙනවා. ඒක ගමු නේද රජතුමනි?” කියා ඇසීය. උදේනියේ පජ්ජෝත රජතුමා “ගිතෙල් නම් එපා ජීවක. මට ගිතෙල් අප්පිරිය යි. වෙන මොනාහරි බලමු නේදැ”යි ගිතෙල්වලට ඇති අප්‍රිය බව ජීවකට දැන්වූවේ ය.

එහෙත් ගිතෙල් නැතිව එම බේත සාර්ථක නොවේ. ඒ නිසා ජීවක ඇදුරු ගිතෙල්වලට කහට පැහැය ද, කහට රසය ද එන සේ බෙහෙත් වර්ග දමා ගිතෙල් පසවා ගත්තේ ය. මේ බෙහෙත දුන් පසු ටිකකින් රජුට ඔක්කාරය ඒමට නියමිත ය. රජු ගිතෙල්වලට අප්‍රිය ය. මේ ජීවක වෙදුට පුරුදු පුහුණු දේශයක් හෝ රජෙක් හෝ නොවන හෙයින් මෙය අවදානමකි.

ජීවක වෙද තෙමේ රජු කරා එළැඹ, “රජතුමනි, අපිට බෙහෙත් හදනකොට ඕනි කරන දේවල් පෙළක් වෙලාවට වාහනේකින් ගිහින් පවා බේත් හොයන්නට වෙනවා ඉතිං”යැ යි කීය. එවිට රජු, “ඒකට මක්වෙනවා ද? ඔය මගේ ඇත්, අස්, රිය ඇතුළත් වාහන පන්තියක් ම තියෙන්නේ. ඕන එකක ගිහින් බේත් හොයලා ජීවක මට මේ ආබාදය සුව කරලා දෙන්නකෝ”යැ යි කීය. ඒ අවසරයකින් රජුට බෙහෙත පොවා තවත් බේත් හොයාගන්නට යන විදියට රජුගේ අධිවේගී ජවසම්පන්න භද්දවතිකා ඇතින්න පිට නැගී ජීවක වෙදැදුරු තෙමේ දුරකට පලා ගියේ ය.

රජුට දැන් ඕක්කාර එන්නට විය, ගිතෙල් පෙවුණු බව ද දැනෙන්නට විය. රජු කිපී වහා ම සිය වේගවත්ම කාක නම් භටයා වහා ම ජීවක අල්වන්නට යෙදවීය. කාක වේගයෙන් දවසක් දුවගොස් ජීවක කරා එළඹියේ ය. කාකට නෙල්ලි ගෙඩියක නියපොත්තෙන් ලූ විරේක බේතක් දී කාකගේ ගමන පමා කරන්නට ජීවක සමත් විය. පසුදින රෝගය සුව වූ පසු කාකට භද්දවතිකා ඇතින්න දී උදේනි රජු කරා සේවකයා පිටත් කළ අතර ජීවක තෙමේ පෙර පුරුදු බිම්බිසාර රජු කරා ම එලැඹියේ ය.

ඉන්පසු රෝගය සුව විය. උදේනියේ පජ්ජෝත රජු ජීවකට වරයක් දෙන්නට පැමිණෙන්න කී මුත් ජීවක එය ප්‍රතික්ෂේප කොට ඔහුගේ ක්‍රියාව සිහිකිරීම පමණක් ප්රමාණවත්යැ යි කීවේ ය. ඉන්පසු බොහෝ වටිනා වස්ත්‍ර යුග්මයක් පජ්ජෝත රජු විසින් ජීවකට දෙන ලද අතර ජීවක ඒ වස්ත්‍ර බුදුන් වහන්සේට පූජා කරන ලදී.

බුදුන් වහන්සේට බෙහෙත් කළ සැටි

බුදුන් වහන්සේට ද මල්වල ගැන්වූ විරේක බෙහෙතක් සිඹින්නට දී උන්වහන්සේගේ උදර දෝෂ වඩාත් මෘදු ලෙසින් සමනය කරවන්නට ජීවක කෝමාරභච්ච සමත් විය. පසුකලෙක පාපි දේවදත්තයෝ බුදුන්ට ගල් පෙරලා ඝාතනය කරන්නට සැරසුණේ ය. එතැන දී දේවදත්ත පෙරලූ මහ ගල විසල් ගල් දෙකක් විසින් නවතාලූ නමුදු කුඩා ගල් පතුරක් බුදුන්ගේ සිරි පතුලේ වැදුණි. ඒ අවස්ථාවේ දී ද බුදුන්ට වෙදකම් කළේ ජීවක වෛද්‍යාචාර්යතුමා ය. ජීවකගේ වෛද්‍යකර්ම සහ රෝග විනිශ්චයෝ පසුකලෙක ආයුර්වේද චරක සහ සස්රූත වැනි පුරාණ ඉන්දියානු ග්‍රන්ථවල ඇති වෛද්‍ය කර්මවලට සමානයැ යි අමෙරිකානු වෛද්‍යවරයෙක් ද පර්යේෂණ විශ්ලේෂණය කොට සනාථ කර තිබේ.

බුදුන්ට අඹ වනය පූජා කළ ජීවක

ජීවක තෙමේ විසින් බුදුන් වහන්සේ ඇතුළු සඟ රුවනට වැඩ වාසය කරන්නට රජගහ නුවර අඹ වනයක් පූජා කළ අතර අද ද එම අඹ වනය සහ එහි නටඹුන් දඹදිව වන්දනාවේ යන අයට දැකගන්නට හැකිය. වෙදකම පමණක් නොව ජීවිතයේ නිර්වාණ මාර්ගය ගැනත් පැහැදුණු ජීවක වෛද්යාචාර්යයෝ ඇසූ වැදගත් ප්‍රශ්න අරබයා දෙසූ ජීවක සූත්‍ර, ආජීවක සූත්‍ර ආදිය ද ත්‍රිපිටකයේ ම අන්තර්ගත වේ.

සිය දැනුමෙන් රජ, සිටු, මැතිවරු මෙන්ම බුදුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා සුවපත් කළ ජීවක තෙමෙ මහත් පිනක් රැස්කර ගත්තේ ය. ඔහු අවසාන කාලයේ ශාසනයේ පැවිදි ව සෝතාපන්න වී බොදු මගේ පළමු පියවර තැබූ බව පොතපතේ සඳහන් වේ.

[QUOTE="asliyanage, post: 29089503, member: 8764"] බුදුන් කල වේසාලියේ අම්බපාලී නම් මහත් රූ ඇති ගණිකාවකි. බිම්බිසාර රජු ද එහි ගොස් ඇගේ රුව ගුණ අසා, ඇගේ පහස විඳගෙන ආවේ ය. රජතුමාට වේසාලියේ අම්බපාලිය ගැන දැන්වූයේ වෙළෙන්දන් ය. රජගහ නුවරට ද වේසාලියේ අම්බපාලිය මෙන් මනා රූ ඇති ගණිකාවක සිටියේ නම් මනායැ යි සිටු කෙළඹියෝ රජුට දැනුම් දුන්නේ ය. “කොල්ලනි, එසේ නම් සුදුසු යුවතියක් ඒ සඳහා සොයවැ”යි බිම්බිසාර රජු සිටු කෙළඹිවරුන්ට දැන්වූහ. එකල රජගහ නුවර සාලවතී නම් කුමාරියෙකි. ඇගේ රූපය දැකුම්කළු ය, ප්රසාදජනක ය. එබැවින් ඇය උසස් තත්ත්වයේ ගණිකාවක කොට තැබූ අතර ඇය නොබෝ කලකින් ම නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළත් පුරුෂයින් ඇදබැඳ තබා ගැනීමේ ශිල්පයන්හි දක්ෂ වූවා ය. එකල අද මෙන් දියුණු උපත් පාලන ක්‍රම නොතිබූ බැවින් නොබෝ කලකින් ම සාලවතිය ගැබිණියක විය. [IMG alt="🌺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t99/1/16/1f33a.png[/IMG] සාලවතියගේ පුතු ගර්භනී වූ සාලවතිය මඳ කලකට සිය සේවාව අත්හිටුවී ය. ගණිකාවක දරුවෙකු ප්‍රසූත කළා යනු ඇයගේ වටිනාකම අඩු විමකි. එබැවින් ඇය සිය දොරටුපාලයනට සාලවතිය ගිලන්යැ එන කුමරුන්ට සිටුන්ට පවසන්නට කියුවා ය. ඉන්පසු මාස කිහිපයක ඇවෑමෙන් පුත් රුවනක් වැඩු අතර, දරුවා “කෙල්ලනි මේ දරුවා දිරූ කුල්ලක දමා කසලගොඩක දමනු''යි සිය සේවිකාවන්ට අණ කළා ය. බිම්බිසාර රජ මාළිගයේ සිටි අභයරාජ කුමාරයෝ පාන්දර ම අසුපිටින් නුවර යන අතරමඟ කපුටන් ගැවසෙන යම් පැසක් කුණු ගොඩෙහි දැක්කේ ය. කොල්ලනි ඒ කුමක්දැ යි බලන්නැ යි කී කල කුඩා බිළිඳෙකැ යි රාජ පුරුෂයෝ අභයරාජ කුමාරයාට දැනුම් දුන්නේ ය. රජ කුමරු කිරිකැටියා දෙස බලා වහා ම මාළිගයට ගෙනගොස් ඔහු ඇතිදැඩි කළේ ය. ඒ මඟ දී හමු වූ දරුවා නම් බෝසතාණන් කාලයේ පටන් සංසාරයේ පෙරුම් පුරමින් බුදුන්ගේ වෛද්‍යවරයා වීමට බලා සිටි ජීවක කෝමාරභච්චයෝ විය. ඔහු තක්ෂිලාවට ගොස් සියලු ශිල්ප ශාස්ත්‍ර උගෙන මඟ දී සිටු දියණියකගේ උදරාබාධය ද ගිතෙල් බේතකින් සුවපත් කොට, එයින් උපයාගත් මහත් වූ වස්තු ඇති ව තරුණ වියේ දී නැවත රජගහ නුවරට ආවේ ය. [IMG alt="🌺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t99/1/16/1f33a.png[/IMG] බිම්බිසාර රජුගේ අර්ශස් අමාරුව බිම්බිසාර රජුගේ අධෝ මුඛය ආසන්නයේ වණයක් සැදී එයින් ලේ ගලන්නට වූ අතර එය භගන්දරාබාධය ලෙස හැදින්වීය. එවිට බිම්සර රජුගේ බිසෝවරුන්, “රජුටත් ඔසප් වෙනවානේ, මේ සළුපිලි ලෙයින් තෙමිලා තියෙන්නේ, තව ටික දවසකින් රජු ළමයෙකුත් වදාවි ද දන් නැහැ”යි කියමින් රජුට විහිළු කරන්නට විය. එයින් රජු ලැජ්ජාවෙන් වෙලී හතර අතින් වෙදුන් ගෙන්වා බෙහෙත් ගන්නට වූ නමුත් ආබාධය සුව නොවිණි. බිම්බිසාර රජුට වැළඳුණු භගන්දරාබාධය වර්තමානයේ වෛද්‍යවරුන් rectal fistula ලෙස හඳුන්වන අධෝ මාර්ගයේ ආසාදනයක් වැනි තත්ත්වයකැ යි ඇතැම් ඉතිහාසඥයන් පවසා ඇත. අභයරාජ විසින් ජීවකට මෙය සැල කළ විට එසැනින් බෙහෙත සාදාගත් ජීවක නියපිටින් එය සඟවාගෙන ගොස් “දේවයන් වහන්ස, අපි වණය බලමු”යි කියා පරික්ෂා කොට, නියෙහි සැඟවූ බෙහෙත් ආලේපකොට එය සුව කරන්නට කටයුතු කළේ ය. එතැන දී බිම්බිසාර රජු සිය බිසෝවරුන් ආභරණවලින් සරසවා එවා, මේ සියලු ස්ත්‍රී ආභරණයෝ ඔබටයැ කියා ජීවකට දුන් නමුත් උපායෙහි දක්ෂ ජීවක තෙමේ රාජ බිසෝවරුන්ගේ ආභරණ ප්‍රතික්ෂේප කොට රජු යටතේ සිටින්නට කැමති බව කීයේ ය. ඉන්පසු රජු ජීවකයෝ කෙරෙහි මහත් සේ පැහැදුනි. [IMG alt="🌺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t99/1/16/1f33a.png[/IMG] සිටුතුමාගේ හිස රුදාව රජගහනුවර සිටුවරයෙක්ට දරුණු හිස රුදාවක් විය. සත් අවුරුද්දක් තිස්සේ තිබුණු එය, අවසානයේ පරීක්ෂා කළ වෙදුන් විසින් සිටුවරයා සත් දිනකින් මිය යන්නේ ය, පස් දිනකින් මිය යන්නේයැ යි කීය. රජගහ නුවර සිටි ඉසුරුමතුන් බිම්බිසාර රජුට මේ තත්ත්වය දැන්වූ අතර, සේනිය බිම්බිසාර තෙමේ ජීවක කෝමාරභච්චට තත්ත්වය සුව කරන්නැ යි අණ කළේ ය. එක් එක් ඇලයට සත්මස බැගින් සිටින්නට හැකිදැ යි සිටුතුමාගෙන් ඇසූ කල වේදනාව බොහෝ දරුණු හෙයින් එය හැකියැ යි සිටු විසින් ජීවකට කිවේ ය. ඉන්පසු ජීවක ඇදුරා හිස් කබල වෙන් කොට පලා එහි සිටි පණුවන් දෙදෙනෙකු ඉවත් කළේ ය. ඒ විශාල පණුවා නිසා සිටුතෙමේ පස් දිනකින් මියෙන වගත්, කුඩා පණුවා නිසා සත් දිනකින් මිය යන වගත් පෙර වෙදුන් කියා ඇති බැව් ජිවක විසින් සිටුවරයාට පැහැදිලි කළේ ය. සිටුවරයා විසින් පෙර ඔහු කියූ පරිදි සිය සියලුම වස්තුව ජීවකට දෙන්නට කැමති වුව ද, ජීවක ඒවා ප්‍රතික්ෂේප කොට රජුට ලක්ෂයක් ද ජීවකට ලක්ෂයක් ද බැගින් ලක්ෂ දෙකක කහවනු ඒ වෙදකම වෙනුවෙන් ලබාගත්තේ ය. [IMG alt="🌺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t99/1/16/1f33a.png[/IMG] බඩවැල හිරවුණු සිටුපුතු බරණැස් නුවර එක් සිටුපුතෙක් කරණම් පැනීම් ආදී ක්‍රීඩාවන් හි නිරත වීමේ දී දිනක් ක්‍රීඩාව අතරතුර හදිසියේ මෙන් බඩවැල ගැට ගැසීමක් පැන නැගුණි. මෙය එදා පොත්වල හදිසි අනතුරක් නිසා ඇති වූ බඩවැල ගැටගැසීමයැ යි දක්වා තිබේ. මේ අනතුර නිසා සිටුපුතු කන දෙයක් කාගන්නට බැරි ය. කැඳ උගුරක් බිව්වත් එය ජීර්ණය නොවේ. එයින් වැහැරී ගිය සිටුපුතු කහ පැහැති සිරුර ඇති ව බොහෝ දුකින් කාලය ගත කළේ ය. රජුගෙන් ජීවක වෙදා ඉල්ලු අතර මහරජ බිම්බිසාර ජීවක වෙදැදුරු, සිටුපුතුට වෙදකම් කරන්නට බරණැස කරා නික්මූයේ ය. මුලින්ම ජීවක තෙමේ වටේ සිටි මිනිසුන් බැහැර කරවා සිටුපුතු කණුවක බැන්දේ ය. ඉන්පසු බිරිඳ ඉදිරියේ දී ම බඩ සිවිය කපා බඩවැලේ ගැටය හෝ අවහිරතාවය නැවත පිරියම් කොට ඔහුගේ බිරියට ද ඒ පෙන්වීය. මේ නිසා කලින් කී ආහාර ගැනීමේ අපහසුතා, සිරුර කහ පැහැ ගැන්වීම් සිදුවුණායැ යි ජීවක වෙදැදුරු සිටුපුතුගේ බිරියට කීය. එයින් සිටුපුතු සුව වූ අතර, ඒ වෙනුවන් වියදම් වශයෙන් සිටුපුතු විසින් ජීවක කෝමාරබච්චවට කහවණු සොළොස්දහසක් ලබා දුන්නේ ය. [IMG alt="🌺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t99/1/16/1f33a.png[/IMG] උදේනි රජුගේ පාන්ඩු රෝගය උදේනියේ පජ්ජෝත රජුට ද උදරය හා සම්බන්ධ ආබාධයක් තිබූ අතර බිම්බිසාර රජුගෙන් පිළියමක් ඉල්ලූ කල පෙර පරදි ම ජීවක ව උදේනී දේශයට යැවීමට බිම්බිසාර රජු ක්‍රියා කළේ ය. එහි ගොස් රජු පරික්ෂා කළ ජිවක තෙමේ “මේ ලෙඩේට ගිතෙල්වලින් බෙහෙතක් තියෙනවා. ඒක ගමු නේද රජතුමනි?” කියා ඇසීය. උදේනියේ පජ්ජෝත රජතුමා “ගිතෙල් නම් එපා ජීවක. මට ගිතෙල් අප්පිරිය යි. වෙන මොනාහරි බලමු නේදැ”යි ගිතෙල්වලට ඇති අප්‍රිය බව ජීවකට දැන්වූවේ ය. එහෙත් ගිතෙල් නැතිව එම බේත සාර්ථක නොවේ. ඒ නිසා ජීවක ඇදුරු ගිතෙල්වලට කහට පැහැය ද, කහට රසය ද එන සේ බෙහෙත් වර්ග දමා ගිතෙල් පසවා ගත්තේ ය. මේ බෙහෙත දුන් පසු ටිකකින් රජුට ඔක්කාරය ඒමට නියමිත ය. රජු ගිතෙල්වලට අප්‍රිය ය. මේ ජීවක වෙදුට පුරුදු පුහුණු දේශයක් හෝ රජෙක් හෝ නොවන හෙයින් මෙය අවදානමකි. ජීවක වෙද තෙමේ රජු කරා එළැඹ, “රජතුමනි, අපිට බෙහෙත් හදනකොට ඕනි කරන දේවල් පෙළක් වෙලාවට වාහනේකින් ගිහින් පවා බේත් හොයන්නට වෙනවා ඉතිං”යැ යි කීය. එවිට රජු, “ඒකට මක්වෙනවා ද? ඔය මගේ ඇත්, අස්, රිය ඇතුළත් වාහන පන්තියක් ම තියෙන්නේ. ඕන එකක ගිහින් බේත් හොයලා ජීවක මට මේ ආබාදය සුව කරලා දෙන්නකෝ”යැ යි කීය. ඒ අවසරයකින් රජුට බෙහෙත පොවා තවත් බේත් හොයාගන්නට යන විදියට රජුගේ අධිවේගී ජවසම්පන්න භද්දවතිකා ඇතින්න පිට නැගී ජීවක වෙදැදුරු තෙමේ දුරකට පලා ගියේ ය. රජුට දැන් ඕක්කාර එන්නට විය, ගිතෙල් පෙවුණු බව ද දැනෙන්නට විය. රජු කිපී වහා ම සිය වේගවත්ම කාක නම් භටයා වහා ම ජීවක අල්වන්නට යෙදවීය. කාක වේගයෙන් දවසක් දුවගොස් ජීවක කරා එළඹියේ ය. කාකට නෙල්ලි ගෙඩියක නියපොත්තෙන් ලූ විරේක බේතක් දී කාකගේ ගමන පමා කරන්නට ජීවක සමත් විය. පසුදින රෝගය සුව වූ පසු කාකට භද්දවතිකා ඇතින්න දී උදේනි රජු කරා සේවකයා පිටත් කළ අතර ජීවක තෙමේ පෙර පුරුදු බිම්බිසාර රජු කරා ම එලැඹියේ ය. ඉන්පසු රෝගය සුව විය. උදේනියේ පජ්ජෝත රජු ජීවකට වරයක් දෙන්නට පැමිණෙන්න කී මුත් ජීවක එය ප්‍රතික්ෂේප කොට ඔහුගේ ක්‍රියාව සිහිකිරීම පමණක් ප්රමාණවත්යැ යි කීවේ ය. ඉන්පසු බොහෝ වටිනා වස්ත්‍ර යුග්මයක් පජ්ජෝත රජු විසින් ජීවකට දෙන ලද අතර ජීවක ඒ වස්ත්‍ර බුදුන් වහන්සේට පූජා කරන ලදී. [IMG alt="🌺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t99/1/16/1f33a.png[/IMG] බුදුන් වහන්සේට බෙහෙත් කළ සැටි බුදුන් වහන්සේට ද මල්වල ගැන්වූ විරේක බෙහෙතක් සිඹින්නට දී උන්වහන්සේගේ උදර දෝෂ වඩාත් මෘදු ලෙසින් සමනය කරවන්නට ජීවක කෝමාරභච්ච සමත් විය. පසුකලෙක පාපි දේවදත්තයෝ බුදුන්ට ගල් පෙරලා ඝාතනය කරන්නට සැරසුණේ ය. එතැන දී දේවදත්ත පෙරලූ මහ ගල විසල් ගල් දෙකක් විසින් නවතාලූ නමුදු කුඩා ගල් පතුරක් බුදුන්ගේ සිරි පතුලේ වැදුණි. ඒ අවස්ථාවේ දී ද බුදුන්ට වෙදකම් කළේ ජීවක වෛද්‍යාචාර්යතුමා ය. ජීවකගේ වෛද්‍යකර්ම සහ රෝග විනිශ්චයෝ පසුකලෙක ආයුර්වේද චරක සහ සස්රූත වැනි පුරාණ ඉන්දියානු ග්‍රන්ථවල ඇති වෛද්‍ය කර්මවලට සමානයැ යි අමෙරිකානු වෛද්‍යවරයෙක් ද පර්යේෂණ විශ්ලේෂණය කොට සනාථ කර තිබේ. [IMG alt="🌺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t99/1/16/1f33a.png[/IMG] බුදුන්ට අඹ වනය පූජා කළ ජීවක ජීවක තෙමේ විසින් බුදුන් වහන්සේ ඇතුළු සඟ රුවනට වැඩ වාසය කරන්නට රජගහ නුවර අඹ වනයක් පූජා කළ අතර අද ද එම අඹ වනය සහ එහි නටඹුන් දඹදිව වන්දනාවේ යන අයට දැකගන්නට හැකිය. වෙදකම පමණක් නොව ජීවිතයේ නිර්වාණ මාර්ගය ගැනත් පැහැදුණු ජීවක වෛද්යාචාර්යයෝ ඇසූ වැදගත් ප්‍රශ්න අරබයා දෙසූ ජීවක සූත්‍ර, ආජීවක සූත්‍ර ආදිය ද ත්‍රිපිටකයේ ම අන්තර්ගත වේ. සිය දැනුමෙන් රජ, සිටු, මැතිවරු මෙන්ම බුදුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා සුවපත් කළ ජීවක තෙමෙ මහත් පිනක් රැස්කර ගත්තේ ය. ඔහු අවසාන කාලයේ ශාසනයේ පැවිදි ව සෝතාපන්න වී බොදු මගේ පළමු පියවර තැබූ බව පොතපතේ සඳහන් වේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom