Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුන් අනුදැන වදාළ ආයුධ මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙත්තානුස්සතිය වැඩීම යනු මෛත්‍රිය වැඩීමයි. පරම මෛත්‍රියම ප්‍රගුණ කිරීමයි. ආර්ය මෛත්‍රිය වැඩීම යනුද මෙයටම නමකි. සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහිම එක සමාන වූ මෙත් සිතක් තමා තුළ පවත්වා ගැනීම මෙත්තානුස්සතිය වැඩීම යන්නෙහි නියත පරම අර්ථයයි. මෙත් සිතක් මතුවූ විට සිතක පවතින විට තමන්ගේ සිතෙහි පවත්නා ද්වේශය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි කිළිටි ගති සියල්ලම මෛත්‍රී සිත මගින් යටපත්ව යනු ඇත. මේ කිළිටි, නරක ගති යටපත්ව නොගියේ නම් නැවත නැවතත් වෛරී ගතියම මතු වන්නේ නම් තමන් මෛත්‍රී සිතක් භාවිත කරන්නට තවමත් පුරුදු පුහුණු වී නැති බව වටහා ගත යුතුය.

අද බෞද්ධයා මෙත්තානුස්සතිය වඩනවා යනුවෙන් කරනු ලබන්නේ "මම නිදුක් වෙම්වා, මම නිරෝගි වෙම්වා, මම සුවපත් වෙම්වා මම දුකින් මිදෙම්වා, මම නිවන් දකිම්වා යනුවෙන් භාවනා කිරීමකි. එමෙන්ම ඊළඟට මගේ මවුපියන්, මගේ ඥතීන්, මගේ මිතුරන් ආදීන් සිහිපත් කරමින් මට, මම, මගේ යනුවෙන් ආත්මීය වශයෙන් වූ මෛත්‍රී භාවනාවක් වැඩීමකි. තම තමන්ටම කරගන්නා මෙබඳු ආත්මීය භාවනා භාවිතයට ගෙන ප්‍රගුණ කිරීමෙන් මෙත්තානුස්සතිය වැඩීමෙන් ලබා ගත හැකි නිවැරදි අරමුණු හා ප්‍රතිඵල කොතරම් දුරට ඉටුවන්නේද යන්න අවංකවම සිතා බැලිය යුතුය.

තමන්ගේ සිතෙහි ගබඩා වී මුල් බැසගෙන පවතින ද්වේශය වෛරය වැනි කෙළෙස් ගති සිතෙන් ඉවත් වීමක් නොවන්නේ නම් හෝ සමස්ත ලෝක සත්ත්වයා වෙතම සම සේ මෙත් පැතිරවීමක් සිදු නොවන්නේ නම් හෝ මම මගේ ආදි වැරදි පාඨයන් භාවනාවක් ලෙසින් භාවිත කිරීමෙන් පරමාර්ථය ඉටුනොවන බවද පැහැදිලිවම වටහා ගත යුතුය. තමන් තමන්ටම මෙසේ මෛත්‍රී කර ගන්නේ "මම" යන ආත්ම දෘෂ්ටියෙනි. "මම" යෑයි දකින්නේ තාවකාලිකව අටවා ගත් මෙම ශරීර කූඩුවයි. මේ ශරීර කූඩුවට කොපමණ මෛත්‍රී කළත් මෙහි වයසට යැම, මරණයට පත්වී විනාශවී යැම ලෙඩ දුකට පත්වීම, දිරා ගොස් ජරාවට පත්වීම නැවැත්විය හැකි නොවේ. ඒ බව මනා ලෙස අවබෝධ කර ගෙන

මෙත්තානුස්සතිය වැඩීම යනුවෙන් පෙන්වා දුන් ආර්ය මෛත්‍රී භාවනාවම භාවිත කරන්නට පුරුදු පුහුණු විය යුතුය.

පරම මෛත්‍රී භාවනාව කළ යුතු වන්නේ ඒ පිළිබඳව ලබා ගත් යථා අවබෝධයක් ඇතිවමය. මමත්වයට, ආත්ම සංකල්පයන්ට ලෞකිකත්වයට බැඳෙන භාවනාවකින් සිතෙහි මුල් බැසගෙන පවතින කෙළෙස් ගති ග්‍රහණය කර නිදහස් විය නොහැකිය.

මේ සඳහා පරම මෛත්‍රියම සිත තුළ වර්ධනය වන සිතෙහි පවතින කෙළෙස් ගති ප්රහාණය කර දමන්නටද සමත් වන අප්‍රමාණ ෙච්තෝ විමුක්තිය ලබන, මෛත්‍රී කර්මස්ථානයක්ම භාවනා කරන්නට භාවිතයට ගන්නට පුරුදු විය යුතුය. පරම මෛත්‍රිය වැඩෙන භාවනා කර්මස්ථාන රාශියක් ඇති අතර ඉන් පහසු එකක් පහත දක්වමි.

මමද, සියලු ලෝක සත්වයෝද

සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා

සකෘදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා

අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා

අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා

නිවන් සුවයෙන් සුවපත් වෙත්වා///

මම, මාගේ, මගේ ආත්මය යනු පටු සංකල්පයන්ගෙන් මිදී සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහිම සමසේ පරම මෛත්‍රිය පතුරුවන්නට තම සිත සකස් කර ගැනීම ආර්ය මෛත්‍රිය පුරුදු කර ගැනීමයි. ද්වේශය, වෛරය, ක්‍රෝධය තම සිතින් සහමුලින් ඉවත් වීමටද මෙය උපකාර වෙයි.

මේ ආකාරයට තම සිත තුළම මෙත් සිතක් ඇති කර ගන්නටත්, සිතේ මෙතෙක් පැවැති වෛරී ගති සහමුලින්ම ඉවත් කර ගන්නටත් උපකාර වන මෛත්‍රී භාවනාවක් පුරුදු පුහුණු කරගෙන අවශ්‍ය අවස්ථාවකදී එය භාවිතයට ගැනීම පළමු වැනි ආයුධය සකස් කර ගැනීමයි. මෙය ද්වේශය නම් වූ කෙළෙස් කපන්නට සුදුසු ආයුධයක් පණ පොවා ගැනීමකි. මේ මෙත්තානුස්සතිය නම් ආයුධය අවශ්‍ය විට ප්‍රයෝජනයට ගන්නට නිරන්තරයෙන් මුවහත් කර තබාගත යුතුය.

2. අසුභානුස්සතිය ප්‍රගුණ කිරීම

පෘථග්ජන ලෝකයාගේ නියත ගති පුරුද්ද වන්නේ ආස්වාදයක් ලබන සුබ දේවල්වලට ඇලෙන, බැඳෙන ප්‍රිය මධුර දේ හඹා යන ගති පුරුද්දයි. ඇස, කන ආදී ඉන්ද්රියයන් පිනවීමෙන් ඒවාට අරමුණු වන රූප, ශබ්ද... ආදී දේ උපාදානය කර ගැනීමෙන් පෘථග්ජනයෝ නිරතුරුව සතුටු වෙති. එහි ආදීනව, ආනිශංස දැකගත නොහැකි තාක් කල් මෙසේ ප්‍රිය, මධුර දේ උපාදානය කර ගැනීම සතුටක් ලෙසින්ම සිතා කටයුතු කරති.

ඇස, කන ආදී ඉන්ද්රියයන් පිනවන්නට ක්‍රියාකරන හැම විටකම පංචස්කන්ධයම උපාදානය කර ගන්නටත් පුද්ගලයා ක්‍රියා කරයි. මේ ආකාරයට ඉන්ද්‍රියන් පිනවීමේ හා ආස්වාදයක් ලැබීමේ අවශ්‍යතාව ඇත්තේ විඤ්Æණයටයි. විඤ්Æණය තම පැවැත්ම සඳහා ආහාර සපයා ගන්නේ ආස්වාදයන් විඳිමින් ඉන්ද්රියයන් පිනවීමෙනි. සංසාර ගැටලුවට, සංසාර දුකට මුල් වන පළමු වැනි හේතුව වන්නේ මේ අයුරින් ඉන්ද්රියයන් පිනවීමට පංචස්කන්ධයම උපාදානය කර ගැනීමයි.

මොහොතකට ඇස, කන ආදී ඉන්ද්රියයන් පිනවා ලබන සුවය ආමිස සුවයකි. ආමිස සුවය යනු පසුවට අනිසි ප්‍රතිවිපාක ලබාදෙන ක්රියාවන්ය. හිතට වහල් වී හැඟීම්බර වී කරනු ලබන මෙවැනි ක්‍රියාවන් පසුව තමන්ටම දුක් ගෙන දෙනු නියතය.

අසුබ යන පදයේ විරුද්ධ පදය "සුබ" යන්නයි. අසුභානුස්සතිය වැඩීමෙන් ප්‍රගුණ කිරීමෙන් බලාපොරොත්තු විය යුතු වන්නේ සුබ සඤ්Æව සිතින් ඉවත් කර ගැනීමයි. සුබ නැතහොත් සුන්දර යන්නෙහි අර්ථය නිතරම ආස්වාදයක් ලබාදෙන ඇස, කන ආදී ඉන්ද්රියයන් මත් කරවන, පිනවන ගතිය යන්නයි. මෙම ඉන්ද්රියයන් අසීමිත ලෙස අන්තගාමී ලෙස පිනවන්නට යාම කාමච්ඡන්දයෙන් මත් වීමයි. අසුභානුස්සති භාවනාව ප්‍රගුණ කිරීමෙන් සිදුවන්නේ සුබ දෙයට මත්වීම නවතා දමා එයට නොඇලී, නොබැඳී ක්‍රියා කරන්නට පුරුදු පුහුණු වීමයි. සුබ දේ සුබ ලෙසින්, සුව ලෙසින් දැක ගත් විට පෘථග්ජන ලෝකයා ඒ සුබ දෙයට ඇලෙයි. ඒවා උපාදානය කර ගනියි. පෘථග්ජන ලෝකයාගේ සංසාර පැවැත්ම දිගින් දිගටම පවත්වා ගෙන යන්නට උපකාර වන සමුදය බිහි වන්නේම මේ සුබ දේට ඇලීමෙනි.

ලෝකයාගේ පෘථග්ජන ස්වභාවය පවතින තුරු සුන්දර, ප්‍රිය, මධුර දෙයට ඇලෙයි, බැඳෙයි. කාමච්ඡන්දයෙන් මුළා වෙයි. සමස්ත සංසාර ගැටලුවම නිර්මාණය කර ගන්නේ මෙලෙස ප්‍රිය මධුර දෙයට ඇලීමෙනි. මෙහි ආදීනව යථා පරිදි නොදැනීම දුක පිළිබඳව නොදැනීමයි. "දුක්ෙ€ අඤාණං" කියන තත්ත්වයයි. සිතට ප්‍රිය වූ රූපාදී යම් දෙයක් ප්‍රිය මධුර දෙයක් සේ දැක උපාදානය කොටගෙන එය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නට උත්සාහ දරන්නේ පැවැත්ම පිළිබඳ යථා තත්ත්වය නොදැනීම නිසයි. මේ තත්ත්වය යථා පරිදි අවබෝධ කරගත් පසුව "දුක්ෙ€ ඤාණං" කියන තත්ත්වයට පත් වෙනවා.

ඉන්ද්රියයන් හයටම අරමුණ වන රූපාදී දේවල් සුබ සේ, සුවසේ දකින්නේ වැරදි දැක්මක් සිතෙහි පවතින නිසාමය. මේ වැරදි දැක්ම යනු මිථ්‍යා දෘෂ්ටියයි. පෙර කී රූපාදී දේවල් ප්‍රිය මධුර බව විපරිණාමයට පත්වී ආදීනව ලෙසින් තමා කරාම අයහපත් ඵල විපාක ලෙස පැමිණෙන බව දැකීම නිවැරදි දැක්මයි. සම්මා දිට්ඨියයි, සංසාර ගැටලුවට, සංසාර දුකට මූලික හේතුව සුන්දර දේවලින් අන්තවාදී ලෙස ආස්වාදය ලබන්නට යැම බව දැනගත් පසුව සුබ යෑයි, සුන්දර යෑයි දුටු දේවල්වලම අසුබය දැක සුන්දර බව අත්හැරීමට ක්‍රියා කර දුකින් මිදී නිදහස් විය හැකි බවද දැක ගත හැකි වෙයි.

අසුභානුස්සතිය වැඩීම යනු පිළිකුල් භාවනාවක් නොවේ. යමක් කෙරෙහි සිතේ පිළිකුලක් ඇති වීම බුද්ධ භාෂිතයට අනුව නම් ද්වේශයක් ඇතිවීමයි. සුබ දේ සුන්දර දේ කෙරෙහි ද්වේශයක් හෝ පිළිකුලක් ඇති කර ගැනීම මගින් අසුභානුස්සතිය වැඩීමේ ක්‍රමයක් බෞද්ධ භාවනාවේ නම් නැත. බුදුන් වහන්සේ පෙන්වා වදාළේ අසුභාභුස්සතිය වැඩීමෙන් ප්‍රිය දේ මෙන්ම අප්‍රිය දේද උපේක්ඛා සිතින් ඉවසා, විමසා බලා එහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමේ මාර්ගයයි.

මේ අනුව අසුභානුස්සතිය වැඩීමෙන් සිතෙහි මතුවන ආස්වාදයන් විඳීමේ කෑදර ගතිය, කැමැත්ත අතහැර එහි යථා ස්වභාවය අවබෝධ කර ගත යුතුය. මේ අනුව ප්‍රිය, මධුර ඉෂ්ටකාන්ත රූප, ශබ්ද්ධ ගන්ධ, රස, ස්පර්ශ ආදියට ඇලෙන්නට, බැඳෙන්නට යනවා නම් ඒ බව තේරුම් ගෙන ඒවායේ ආදීනව, ආනිශංස දැක එවැනි ආස්වාදයන් විඳීමේ කැමැත්ත අතහැර ඉන් මිදී නිදහස් වීමට කටයුතු කිරීම අසුභානුස්සතිය වැඩීමයි.

අසුභානුස්සතිය වැඩීමේදී භාවනා කළ හැකි කර්මස්ථානද බොහෝ ඇත. මේ අතරින් පහසුවෙන්ම වැඩිය හැකි සරල කර්මස්ථානයක් පහත දක්වමි.

අරමුණ අත්හැරීම නාථයි

අරමුණෙහි නොඇල්ම නාථයි

අරමුණෙන් මිදීම නාථයි

අරමුණෙන් මිදී නිදහස් වීම නාථයි

අරමුණ අත් හැරීම වෙත්වා

එහි නොඇල්ම වෙත්වා

ඉන් මිදීම වෙත්වා

මිදී නිදහස් වෙත්වා

අසුබානුස්සතිය ප්‍රගුණ කිරීම යනු සිතෙහි හටගත් සුන්දර අරමුණ, ආස්වාදයක් ලැබීමේ අරමුණ අත්හැර දැමීමට ප්‍රගුණ කරන භාවනාවකි. සුබ දෙය, සුන්දර දෙය කෙරෙහි සිතෙහි ඇතිවූ කාමච්ඡන්දය, ඇල්ම සිතෙන් ඉවත් කර දමන්නට කටයුතු කරන භාවනාවකි. සිතේ මතුවන කෙළෙස් කපා දමන්නට, කෙළෙස් වලින් මිදී නිදහස් වන්නට උපකාර වන සේ අසුභානුස්සතියද ආයුධයක් සේ මුවහත් කර තබා ගෙන නිසි අවස්ථාවේදී භාවිතයට ගත යුතුය.

[QUOTE="asliyanage, post: 25965760, member: 8764"] මෙත්තානුස්සතිය වැඩීම යනු මෛත්‍රිය වැඩීමයි. පරම මෛත්‍රියම ප්‍රගුණ කිරීමයි. ආර්ය මෛත්‍රිය වැඩීම යනුද මෙයටම නමකි. සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහිම එක සමාන වූ මෙත් සිතක් තමා තුළ පවත්වා ගැනීම මෙත්තානුස්සතිය වැඩීම යන්නෙහි නියත පරම අර්ථයයි. මෙත් සිතක් මතුවූ විට සිතක පවතින විට තමන්ගේ සිතෙහි පවත්නා ද්වේශය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි කිළිටි ගති සියල්ලම මෛත්‍රී සිත මගින් යටපත්ව යනු ඇත. මේ කිළිටි, නරක ගති යටපත්ව නොගියේ නම් නැවත නැවතත් වෛරී ගතියම මතු වන්නේ නම් තමන් මෛත්‍රී සිතක් භාවිත කරන්නට තවමත් පුරුදු පුහුණු වී නැති බව වටහා ගත යුතුය. අද බෞද්ධයා මෙත්තානුස්සතිය වඩනවා යනුවෙන් කරනු ලබන්නේ "මම නිදුක් වෙම්වා, මම නිරෝගි වෙම්වා, මම සුවපත් වෙම්වා මම දුකින් මිදෙම්වා, මම නිවන් දකිම්වා යනුවෙන් භාවනා කිරීමකි. එමෙන්ම ඊළඟට මගේ මවුපියන්, මගේ ඥතීන්, මගේ මිතුරන් ආදීන් සිහිපත් කරමින් මට, මම, මගේ යනුවෙන් ආත්මීය වශයෙන් වූ මෛත්‍රී භාවනාවක් වැඩීමකි. තම තමන්ටම කරගන්නා මෙබඳු ආත්මීය භාවනා භාවිතයට ගෙන ප්‍රගුණ කිරීමෙන් මෙත්තානුස්සතිය වැඩීමෙන් ලබා ගත හැකි නිවැරදි අරමුණු හා ප්‍රතිඵල කොතරම් දුරට ඉටුවන්නේද යන්න අවංකවම සිතා බැලිය යුතුය. තමන්ගේ සිතෙහි ගබඩා වී මුල් බැසගෙන පවතින ද්වේශය වෛරය වැනි කෙළෙස් ගති සිතෙන් ඉවත් වීමක් නොවන්නේ නම් හෝ සමස්ත ලෝක සත්ත්වයා වෙතම සම සේ මෙත් පැතිරවීමක් සිදු නොවන්නේ නම් හෝ මම මගේ ආදි වැරදි පාඨයන් භාවනාවක් ලෙසින් භාවිත කිරීමෙන් පරමාර්ථය ඉටුනොවන බවද පැහැදිලිවම වටහා ගත යුතුය. තමන් තමන්ටම මෙසේ මෛත්‍රී කර ගන්නේ "මම" යන ආත්ම දෘෂ්ටියෙනි. "මම" යෑයි දකින්නේ තාවකාලිකව අටවා ගත් මෙම ශරීර කූඩුවයි. මේ ශරීර කූඩුවට කොපමණ මෛත්‍රී කළත් මෙහි වයසට යැම, මරණයට පත්වී විනාශවී යැම ලෙඩ දුකට පත්වීම, දිරා ගොස් ජරාවට පත්වීම නැවැත්විය හැකි නොවේ. ඒ බව මනා ලෙස අවබෝධ කර ගෙන මෙත්තානුස්සතිය වැඩීම යනුවෙන් පෙන්වා දුන් ආර්ය මෛත්‍රී භාවනාවම භාවිත කරන්නට පුරුදු පුහුණු විය යුතුය. පරම මෛත්‍රී භාවනාව කළ යුතු වන්නේ ඒ පිළිබඳව ලබා ගත් යථා අවබෝධයක් ඇතිවමය. මමත්වයට, ආත්ම සංකල්පයන්ට ලෞකිකත්වයට බැඳෙන භාවනාවකින් සිතෙහි මුල් බැසගෙන පවතින කෙළෙස් ගති ග්‍රහණය කර නිදහස් විය නොහැකිය. මේ සඳහා පරම මෛත්‍රියම සිත තුළ වර්ධනය වන සිතෙහි පවතින කෙළෙස් ගති ප්රහාණය කර දමන්නටද සමත් වන අප්‍රමාණ ෙච්තෝ විමුක්තිය ලබන, මෛත්‍රී කර්මස්ථානයක්ම භාවනා කරන්නට භාවිතයට ගන්නට පුරුදු විය යුතුය. පරම මෛත්‍රිය වැඩෙන භාවනා කර්මස්ථාන රාශියක් ඇති අතර ඉන් පහසු එකක් පහත දක්වමි. මමද, සියලු ලෝක සත්වයෝද සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකෘදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා/// මම, මාගේ, මගේ ආත්මය යනු පටු සංකල්පයන්ගෙන් මිදී සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහිම සමසේ පරම මෛත්‍රිය පතුරුවන්නට තම සිත සකස් කර ගැනීම ආර්ය මෛත්‍රිය පුරුදු කර ගැනීමයි. ද්වේශය, වෛරය, ක්‍රෝධය තම සිතින් සහමුලින් ඉවත් වීමටද මෙය උපකාර වෙයි. මේ ආකාරයට තම සිත තුළම මෙත් සිතක් ඇති කර ගන්නටත්, සිතේ මෙතෙක් පැවැති වෛරී ගති සහමුලින්ම ඉවත් කර ගන්නටත් උපකාර වන මෛත්‍රී භාවනාවක් පුරුදු පුහුණු කරගෙන අවශ්‍ය අවස්ථාවකදී එය භාවිතයට ගැනීම පළමු වැනි ආයුධය සකස් කර ගැනීමයි. මෙය ද්වේශය නම් වූ කෙළෙස් කපන්නට සුදුසු ආයුධයක් පණ පොවා ගැනීමකි. මේ මෙත්තානුස්සතිය නම් ආයුධය අවශ්‍ය විට ප්‍රයෝජනයට ගන්නට නිරන්තරයෙන් මුවහත් කර තබාගත යුතුය. 2. අසුභානුස්සතිය ප්‍රගුණ කිරීම පෘථග්ජන ලෝකයාගේ නියත ගති පුරුද්ද වන්නේ ආස්වාදයක් ලබන සුබ දේවල්වලට ඇලෙන, බැඳෙන ප්‍රිය මධුර දේ හඹා යන ගති පුරුද්දයි. ඇස, කන ආදී ඉන්ද්රියයන් පිනවීමෙන් ඒවාට අරමුණු වන රූප, ශබ්ද... ආදී දේ උපාදානය කර ගැනීමෙන් පෘථග්ජනයෝ නිරතුරුව සතුටු වෙති. එහි ආදීනව, ආනිශංස දැකගත නොහැකි තාක් කල් මෙසේ ප්‍රිය, මධුර දේ උපාදානය කර ගැනීම සතුටක් ලෙසින්ම සිතා කටයුතු කරති. ඇස, කන ආදී ඉන්ද්රියයන් පිනවන්නට ක්‍රියාකරන හැම විටකම පංචස්කන්ධයම උපාදානය කර ගන්නටත් පුද්ගලයා ක්‍රියා කරයි. මේ ආකාරයට ඉන්ද්‍රියන් පිනවීමේ හා ආස්වාදයක් ලැබීමේ අවශ්‍යතාව ඇත්තේ විඤ්Æණයටයි. විඤ්Æණය තම පැවැත්ම සඳහා ආහාර සපයා ගන්නේ ආස්වාදයන් විඳිමින් ඉන්ද්රියයන් පිනවීමෙනි. සංසාර ගැටලුවට, සංසාර දුකට මුල් වන පළමු වැනි හේතුව වන්නේ මේ අයුරින් ඉන්ද්රියයන් පිනවීමට පංචස්කන්ධයම උපාදානය කර ගැනීමයි. මොහොතකට ඇස, කන ආදී ඉන්ද්රියයන් පිනවා ලබන සුවය ආමිස සුවයකි. ආමිස සුවය යනු පසුවට අනිසි ප්‍රතිවිපාක ලබාදෙන ක්රියාවන්ය. හිතට වහල් වී හැඟීම්බර වී කරනු ලබන මෙවැනි ක්‍රියාවන් පසුව තමන්ටම දුක් ගෙන දෙනු නියතය. අසුබ යන පදයේ විරුද්ධ පදය "සුබ" යන්නයි. අසුභානුස්සතිය වැඩීමෙන් ප්‍රගුණ කිරීමෙන් බලාපොරොත්තු විය යුතු වන්නේ සුබ සඤ්Æව සිතින් ඉවත් කර ගැනීමයි. සුබ නැතහොත් සුන්දර යන්නෙහි අර්ථය නිතරම ආස්වාදයක් ලබාදෙන ඇස, කන ආදී ඉන්ද්රියයන් මත් කරවන, පිනවන ගතිය යන්නයි. මෙම ඉන්ද්රියයන් අසීමිත ලෙස අන්තගාමී ලෙස පිනවන්නට යාම කාමච්ඡන්දයෙන් මත් වීමයි. අසුභානුස්සති භාවනාව ප්‍රගුණ කිරීමෙන් සිදුවන්නේ සුබ දෙයට මත්වීම නවතා දමා එයට නොඇලී, නොබැඳී ක්‍රියා කරන්නට පුරුදු පුහුණු වීමයි. සුබ දේ සුබ ලෙසින්, සුව ලෙසින් දැක ගත් විට පෘථග්ජන ලෝකයා ඒ සුබ දෙයට ඇලෙයි. ඒවා උපාදානය කර ගනියි. පෘථග්ජන ලෝකයාගේ සංසාර පැවැත්ම දිගින් දිගටම පවත්වා ගෙන යන්නට උපකාර වන සමුදය බිහි වන්නේම මේ සුබ දේට ඇලීමෙනි. ලෝකයාගේ පෘථග්ජන ස්වභාවය පවතින තුරු සුන්දර, ප්‍රිය, මධුර දෙයට ඇලෙයි, බැඳෙයි. කාමච්ඡන්දයෙන් මුළා වෙයි. සමස්ත සංසාර ගැටලුවම නිර්මාණය කර ගන්නේ මෙලෙස ප්‍රිය මධුර දෙයට ඇලීමෙනි. මෙහි ආදීනව යථා පරිදි නොදැනීම දුක පිළිබඳව නොදැනීමයි. "දුක්ෙ€ අඤාණං" කියන තත්ත්වයයි. සිතට ප්‍රිය වූ රූපාදී යම් දෙයක් ප්‍රිය මධුර දෙයක් සේ දැක උපාදානය කොටගෙන එය ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නට උත්සාහ දරන්නේ පැවැත්ම පිළිබඳ යථා තත්ත්වය නොදැනීම නිසයි. මේ තත්ත්වය යථා පරිදි අවබෝධ කරගත් පසුව "දුක්ෙ€ ඤාණං" කියන තත්ත්වයට පත් වෙනවා. ඉන්ද්රියයන් හයටම අරමුණ වන රූපාදී දේවල් සුබ සේ, සුවසේ දකින්නේ වැරදි දැක්මක් සිතෙහි පවතින නිසාමය. මේ වැරදි දැක්ම යනු මිථ්‍යා දෘෂ්ටියයි. පෙර කී රූපාදී දේවල් ප්‍රිය මධුර බව විපරිණාමයට පත්වී ආදීනව ලෙසින් තමා කරාම අයහපත් ඵල විපාක ලෙස පැමිණෙන බව දැකීම නිවැරදි දැක්මයි. සම්මා දිට්ඨියයි, සංසාර ගැටලුවට, සංසාර දුකට මූලික හේතුව සුන්දර දේවලින් අන්තවාදී ලෙස ආස්වාදය ලබන්නට යැම බව දැනගත් පසුව සුබ යෑයි, සුන්දර යෑයි දුටු දේවල්වලම අසුබය දැක සුන්දර බව අත්හැරීමට ක්‍රියා කර දුකින් මිදී නිදහස් විය හැකි බවද දැක ගත හැකි වෙයි. අසුභානුස්සතිය වැඩීම යනු පිළිකුල් භාවනාවක් නොවේ. යමක් කෙරෙහි සිතේ පිළිකුලක් ඇති වීම බුද්ධ භාෂිතයට අනුව නම් ද්වේශයක් ඇතිවීමයි. සුබ දේ සුන්දර දේ කෙරෙහි ද්වේශයක් හෝ පිළිකුලක් ඇති කර ගැනීම මගින් අසුභානුස්සතිය වැඩීමේ ක්‍රමයක් බෞද්ධ භාවනාවේ නම් නැත. බුදුන් වහන්සේ පෙන්වා වදාළේ අසුභාභුස්සතිය වැඩීමෙන් ප්‍රිය දේ මෙන්ම අප්‍රිය දේද උපේක්ඛා සිතින් ඉවසා, විමසා බලා එහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමේ මාර්ගයයි. මේ අනුව අසුභානුස්සතිය වැඩීමෙන් සිතෙහි මතුවන ආස්වාදයන් විඳීමේ කෑදර ගතිය, කැමැත්ත අතහැර එහි යථා ස්වභාවය අවබෝධ කර ගත යුතුය. මේ අනුව ප්‍රිය, මධුර ඉෂ්ටකාන්ත රූප, ශබ්ද්ධ ගන්ධ, රස, ස්පර්ශ ආදියට ඇලෙන්නට, බැඳෙන්නට යනවා නම් ඒ බව තේරුම් ගෙන ඒවායේ ආදීනව, ආනිශංස දැක එවැනි ආස්වාදයන් විඳීමේ කැමැත්ත අතහැර ඉන් මිදී නිදහස් වීමට කටයුතු කිරීම අසුභානුස්සතිය වැඩීමයි. අසුභානුස්සතිය වැඩීමේදී භාවනා කළ හැකි කර්මස්ථානද බොහෝ ඇත. මේ අතරින් පහසුවෙන්ම වැඩිය හැකි සරල කර්මස්ථානයක් පහත දක්වමි. අරමුණ අත්හැරීම නාථයි අරමුණෙහි නොඇල්ම නාථයි අරමුණෙන් මිදීම නාථයි අරමුණෙන් මිදී නිදහස් වීම නාථයි අරමුණ අත් හැරීම වෙත්වා එහි නොඇල්ම වෙත්වා ඉන් මිදීම වෙත්වා මිදී නිදහස් වෙත්වා අසුබානුස්සතිය ප්‍රගුණ කිරීම යනු සිතෙහි හටගත් සුන්දර අරමුණ, ආස්වාදයක් ලැබීමේ අරමුණ අත්හැර දැමීමට ප්‍රගුණ කරන භාවනාවකි. සුබ දෙය, සුන්දර දෙය කෙරෙහි සිතෙහි ඇතිවූ කාමච්ඡන්දය, ඇල්ම සිතෙන් ඉවත් කර දමන්නට කටයුතු කරන භාවනාවකි. සිතේ මතුවන කෙළෙස් කපා දමන්නට, කෙළෙස් වලින් මිදී නිදහස් වන්නට උපකාර වන සේ අසුභානුස්සතියද ආයුධයක් සේ මුවහත් කර තබා ගෙන නිසි අවස්ථාවේදී භාවිතයට ගත යුතුය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom