Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදුන් වහන්සේ මස් මාංශ අනුභවය අනුමත කළෝද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ

මස් මාංශ අනුභවය – 3

පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්ෂුව දන් වළඳනවා. භික්ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්. දායක මහත්මයෙක් මේ මාළු කෑල්ල දැක භික්ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක් නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා.

භික්ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ හරි උපත ලබායි තිබෙන්නේ. සමහර විටෙක මනුෂ්‍යයෙක්, දෙවියෙක්, එසේත් නැතිනම් නැවත මාළුවෙක් වෙලාද ඉපදිලා ඉන්න පුළුවන්. එය ධර්මතාවයක්. භික්ෂුව දකින්නේ පාත්‍රය තුළ තිබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන මාළු නැමැති සංයුතියෙන් හැඳින්වෙන රූපයක් පමණයි. භික්ෂුව පරිප්පු, පොළොස්, මැල්ලුම් දකින්නේ යම්සේද මාළු කැබැල්ලත් භික්ෂුව දකින්නේ එම අර්ථයෙන්මය.

පිංවත් ඔබ මාළු කැබැල්ල තුළ මාළුවෙක් දකිනවා නම්, මස් කැබැල්ල තුළ කුකුලෙක් දකිනවා නම් එය දැඩි ආත්මීය දෘෂ්ඨියකි. අපි මේ ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කරන්නේ තමා තුළත් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැහැය කියන කාරණය අවබෝධයෙන් හේතුඵල ධර්මයන්ට අනුව දැකීමටය.

එමනිසා භවයේ කොතැනක හෝ නැවත උපත ලබා ජීවත්වන සත්ත්වයකුගේ, අතීත රූපය මගේ කොටගෙන දෘෂ්ඨි කාන්තාරවල අතරමං වීම ඔබ නැවත නැවත උනන්දුවෙන් මෙනෙහි කළ යුතු කරුණකි. භික්ෂුවගේ පාත්‍රයේ තිබෙන මාළුවා කව්රුන් හෝ ධීවර මහතෙක් විසින් මරන ලද මාළුවෙකි. එම මාළුව මරපු අයට එම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසලය අනිවාර්යයෙන්ම විපාක දෙනු ඇත. ඔය ආකාරයට සත්තු මරන අයමයි නැවත එය මාළු වෙලා උපදින්නේ. පිංවත් ඔබ ඔය නොදැනුවත් කම නිසා පෙනී සිටින්නේ, පෙර ජීවිතයේ මාළු මරලා එහි කර්ම විපාකයෙන් මේ ජීවිතයේ මාළුවෙක්ව ඉපදුනු සතෙක් වෙනුවෙන්. ඒ විදිහට මැරුම්කන්නයි ඒ සතා මාළුවෙක්ව ඉපදෙන්නේ. එම සතා දැළට හසු නොවුනා නම්, ලොකු මාළුවෙක්ට අසුවෙලා, ගොදුරුවෙලා ජීවිතය පූජා කරාවී. සත්ත්වයාගේ කුසල් පාලනය කරන්න ඔබට මට බැහැ. ඒවා ධර්මතාවයන්. හෙට පටන් රජය නීතියක් පනවලා මුහුදු තීරයේ මාළු ඇල්ලීම තහනම් කළොත් මුහුදේ මාළු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවේවි. තෝරු, මෝරු, තල්මසුන් වැනි විශාල මාළු සුවසේ සැපසේ පහසුවෙන් එම මාළු ගොදුරු කරගනීවි. පිංවත් ඔබ මාළු නොඇල්ලුවත්, පෙර කර්මය නිසා ආයුෂ අහවර වුණු මාළුවා, තව සතෙක්ට ගොදුරු වී මියයාවී.

පිංවත් ඔබට ඉන් පසුව සිදුවන්නේ තෝරු,මෝරු, තල්මසුන්ට නිර්මාංශ වීමට කියා බලකිරීමටයි. එය කළ හැකිද නොහැකිද යන්න පිංවත් ඔබම තීරණය කරන්න. භික්ෂුව සමග විරසක වෙන්න එපා. මම අතීත අකුසල් සංස්කාර හේතුවෙන් තව මොහොතකින් මාවත් කව්රුහරි මරාදමන්න පුළුවන්. එම නිසා ඉහත අදහසට පිංවත් ඔබ එකඟ නැතිනම්, එම අදහස අත්හැර දමන්න.

පිංවත් ඔබට නැවතත් මතක් කරමි. ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත් වෙන්න. කැමතිනම් මස් මාංශ අනුභව කරන්න. ඔබේ කැමැත්තට පටහැනි අයව විවේචනය කරන්න යන්න එපා. එසේ කොට අකුසල් රැස්කරගන්න එපා.

පිංවතුන්ලාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ වැඩීමේ ස්වභාවය විවිධයි. ඒ නිසා දෘෂ්ඨි, මතවාද, පරස්පර අදහස් ඇතිවීම ධර්මතාවයක්. එහෙම නොවුනොත් තමයි පුදුමය. මතවාද දෘෂ්ඨි වලින් ගහන ලෝකයේ පිංවත් ඔබ ධර්මයේ විවෘත ස්වභාවයට එන්න. ආත්මීය ස්වභාවයෙන් බැහැරව පටිච්ඡ සමුප්පන්නව ලෝකය දකින්න. දැලට හසුවී මැරෙන මාළුවා මනුෂ්‍යයෙක්, දෙවියෙක්… එසේත් නැතිනම් නැවත තිsරිසන් ලෝකයේම උපත ලබනවා. ඒ මාළුවාගේ අතීත රූපය බදාගෙන අපි සන්ඩුවෙනවා.

ඊළඟ කාරණය තමයි, මස් මාළු අනුභව කරන අයගේ කුස සුසාන භූමියක්ය කියලා නගන චෝදනවා. ඒ කියන්නේ පිංවතුනේ නිර්මාංශව ජීවත්වෙන පිංවතුන්ලාගේ කුස, සුවඳ දුම් සුගන්ධය වහනය වන රත්තරං ගුහාවක්ද? මස් මාළු කෑවත් නොකෑවත් පිංවතුනේ මේ කුස සුසාන භූමියක්ම තමයි. නිර්මාංශ පිංවතාගේ කුසත් ලේ, සැරව, මේදය, වමනය, අසූචි, මුත්‍ර බොකු බඩවැල් වලින්මයි පිරිලා තිබෙන්නේ. නිර්මාංශ පිංවතුන් ඔබ සිතනවා නම් ඔබගේ කුස සුසාන භූමියක් නොවේය, එය රත්තරං ගුහාවක්ය කියලා පිංවත් ඔබලාට කවදානම් සතර සතිපට්ඨාන ධර්මයක්, අසුභයක් පිළිබඳ දැනීමක් සකස්වෙන්නද? මන්ද ඔබ සුබ සංඥාවෙන්මයි මේ ජීවිතය දකින්නේ. මේ කය දකින්නේ. මගේ ශරීරය පිරිසිදුයි කියන නිත්‍ය සංඥාවමයි ඔබට වැඩෙන්නේ. අකුසල් සංස්කාර හේතුවෙන් මියයන සත්වයෙක් නිසා, පිංවත් ඔබ අහිමි කරගන්නා වූ ශාසනයේ අර්ථය මොන තරම් විශාලද.

ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ ධර්මය ඉක්මවා යන්න එපා. එසේ වුවහොත් නිර්මාංශ වුවද, මස් මාළු වලට කෑදර වුවද එය ප්‍රමාදයක්මය. නිර්මාංශ වීම තුළත්, මස් මාළු අනුභවය තුළත් නිත්‍ය සැප ආත්මීය වශයෙන් දෘෂ්ඨිගත වෙන්න එපා.

කෙනෙක් මාස් මාළු කනවා ශරීරය නිරෝගී, ශක්තිමත් කරගන්න. තව කෙනෙක් නිර්මාංශ වෙනවා ශරිරය නිරෝගී, ශක්තිමත් කරගන්න. මේ කාරණා දෙකේදීම ඔබ තුල වැඩෙන්නේ ආත්මීය දෘෂ්ඨියක්. මේ සා ශ්‍රේෂ්ඨ බුදුදහමක් අභියස දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න එපා. පිංවත් ඔබ කල්ප සියක්කෝටි ගණනාවක සිට, මස් මාංශ අනුභව කරලා ඇති. සිංහයෝ, කොටි, කිඹුල්ලු, මාළු වෙලා අනුන්ගේ මස් අපි කොච්චර කන්න ඇතිද? ඔබේ මස් අනුන් කොච්චර කන්න ඇතිද? මස් මාංශ නිසා දෘෂ්ඨිගත වෙලා කොච්චර සතර අපායන්ට වැටෙන්න ඇතිද? බත්, පරිප්පු, පොළොස්, මැල්ලුම්, තණකොළ මොන තරම් කන්දරාවක් අතීතයේ අපි කන්න ඇතිද?

ඒත් අපි දෙගොල්ලන්ටම තවම සුගතියක් නම් වෙලා නැහැ. මැරෙන ලෙඩවෙන නැවත ඉපදෙන ස්වභාවයෙන්මයි සිටින්නේ. කෙනෙක් මස් මාංශ වලට කැමතියි. තව කෙනෙක් මස් මාංශ වලට අකමැතියි. කැමැත්තත් , අකමැත්තත් විඳීම කියන ධර්මතාවයේ කාසියේ දෙපැත්ත වගේ. මේ දෙපැත්ත තුළින්ම ඔබ අල්ලාගන්නේ සංස්කාරමයි. සංස්කාර ඔබව රැගෙන යන්නේ භවයටමයි. මාළු කැබැල්ලක්, පරිප්පු හොද්දක් කරන විකාරයක හැටි බලන්නකෝ. මනුෂ්‍යයාව ඇද දමන මුලාව දෙස බලන්නකෝ. එමනිසා මින්පසු මාළු කැබැල්ල දෙස, පරිප්පු ව්‍යංජනය දෙස නොව, ඒවා කෙරෙහි ඔබ තුළ සකස්වෙන තෘෂ්ණාව දෙස බලන්න. තෘෂ්ණාවමයි දුක සකස් කරන්නේ. මේ ලැබුණු උතුම් ජීවිතයේදී ධර්මාවබෝධය, සම්මාදිට්ඨිය උදෙසා ගමන් කිරීමට අවශ්‍ය ජවය ශක්තිය ශරීරයට ලබාගැනීම උදෙසාම ආහාර අනුභව කරන්න. මාළු කැබැල්ල තුළ මාළුවෙක් නොව, පරිප්පු ව්‍යංජනය තුළ පරිප්පු නොව, ඒවා අසූචියක්, වමනයක්, මුත්‍රා කෝප්පයක්, රුධිරය කෝප්පයක් වශයෙන් දකින්න. ආහාරය කුමක් වුවද එහි ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, අනිත්‍ය බව සිතමින්ම, දකිමින්ම ඒවා ආහාරයට ගන්න. නිත්‍ය සංඥා, සැප සංඥා, ආත්මීය සංඥා මාළු නිසා ඇතිවුවද, පරිප්පු නිසා ඇතිවුවද ඒවා පිළීගඳ ඇති කෙළෙස්ම බව දකින්න.

මතු සම්බන්ධයි!

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org

Timeline Photos · Sep 7, 2015 ·

View Full Size · Report Photo

[QUOTE="Dewrangi, post: 19549718, member: 465964"] [COLOR="Blue"][SIZE="3"] Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ මස් මාංශ අනුභවය – 3 පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්ෂුව දන් වළඳනවා. භික්ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්. දායක මහත්මයෙක් මේ මාළු කෑල්ල දැක භික්ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක් නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා. භික්ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ හරි උපත ලබායි තිබෙන්නේ. සමහර විටෙක මනුෂ්‍යයෙක්, දෙවියෙක්, එසේත් නැතිනම් නැවත මාළුවෙක් වෙලාද ඉපදිලා ඉන්න පුළුවන්. එය ධර්මතාවයක්. භික්ෂුව දකින්නේ පාත්‍රය තුළ තිබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන මාළු නැමැති සංයුතියෙන් හැඳින්වෙන රූපයක් පමණයි. භික්ෂුව පරිප්පු, පොළොස්, මැල්ලුම් දකින්නේ යම්සේද මාළු කැබැල්ලත් භික්ෂුව දකින්නේ එම අර්ථයෙන්මය. පිංවත් ඔබ මාළු කැබැල්ල තුළ මාළුවෙක් දකිනවා නම්, මස් කැබැල්ල තුළ කුකුලෙක් දකිනවා නම් එය දැඩි ආත්මීය දෘෂ්ඨියකි. අපි මේ ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කරන්නේ තමා තුළත් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැහැය කියන කාරණය අවබෝධයෙන් හේතුඵල ධර්මයන්ට අනුව දැකීමටය. එමනිසා භවයේ කොතැනක හෝ නැවත උපත ලබා ජීවත්වන සත්ත්වයකුගේ, අතීත රූපය මගේ කොටගෙන දෘෂ්ඨි කාන්තාරවල අතරමං වීම ඔබ නැවත නැවත උනන්දුවෙන් මෙනෙහි කළ යුතු කරුණකි. භික්ෂුවගේ පාත්‍රයේ තිබෙන මාළුවා කව්රුන් හෝ ධීවර මහතෙක් විසින් මරන ලද මාළුවෙකි. එම මාළුව මරපු අයට එම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසලය අනිවාර්යයෙන්ම විපාක දෙනු ඇත. ඔය ආකාරයට සත්තු මරන අයමයි නැවත එය මාළු වෙලා උපදින්නේ. පිංවත් ඔබ ඔය නොදැනුවත් කම නිසා පෙනී සිටින්නේ, පෙර ජීවිතයේ මාළු මරලා එහි කර්ම විපාකයෙන් මේ ජීවිතයේ මාළුවෙක්ව ඉපදුනු සතෙක් වෙනුවෙන්. ඒ විදිහට මැරුම්කන්නයි ඒ සතා මාළුවෙක්ව ඉපදෙන්නේ. එම සතා දැළට හසු නොවුනා නම්, ලොකු මාළුවෙක්ට අසුවෙලා, ගොදුරුවෙලා ජීවිතය පූජා කරාවී. සත්ත්වයාගේ කුසල් පාලනය කරන්න ඔබට මට බැහැ. ඒවා ධර්මතාවයන්. හෙට පටන් රජය නීතියක් පනවලා මුහුදු තීරයේ මාළු ඇල්ලීම තහනම් කළොත් මුහුදේ මාළු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවේවි. තෝරු, මෝරු, තල්මසුන් වැනි විශාල මාළු සුවසේ සැපසේ පහසුවෙන් එම මාළු ගොදුරු කරගනීවි. පිංවත් ඔබ මාළු නොඇල්ලුවත්, පෙර කර්මය නිසා ආයුෂ අහවර වුණු මාළුවා, තව සතෙක්ට ගොදුරු වී මියයාවී. පිංවත් ඔබට ඉන් පසුව සිදුවන්නේ තෝරු,මෝරු, තල්මසුන්ට නිර්මාංශ වීමට කියා බලකිරීමටයි. එය කළ හැකිද නොහැකිද යන්න පිංවත් ඔබම තීරණය කරන්න. භික්ෂුව සමග විරසක වෙන්න එපා. මම අතීත අකුසල් සංස්කාර හේතුවෙන් තව මොහොතකින් මාවත් කව්රුහරි මරාදමන්න පුළුවන්. එම නිසා ඉහත අදහසට පිංවත් ඔබ එකඟ නැතිනම්, එම අදහස අත්හැර දමන්න. පිංවත් ඔබට නැවතත් මතක් කරමි. ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත් වෙන්න. කැමතිනම් මස් මාංශ අනුභව කරන්න. ඔබේ කැමැත්තට පටහැනි අයව විවේචනය කරන්න යන්න එපා. එසේ කොට අකුසල් රැස්කරගන්න එපා. පිංවතුන්ලාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ වැඩීමේ ස්වභාවය විවිධයි. ඒ නිසා දෘෂ්ඨි, මතවාද, පරස්පර අදහස් ඇතිවීම ධර්මතාවයක්. එහෙම නොවුනොත් තමයි පුදුමය. මතවාද දෘෂ්ඨි වලින් ගහන ලෝකයේ පිංවත් ඔබ ධර්මයේ විවෘත ස්වභාවයට එන්න. ආත්මීය ස්වභාවයෙන් බැහැරව පටිච්ඡ සමුප්පන්නව ලෝකය දකින්න. දැලට හසුවී මැරෙන මාළුවා මනුෂ්‍යයෙක්, දෙවියෙක්… එසේත් නැතිනම් නැවත තිsරිසන් ලෝකයේම උපත ලබනවා. ඒ මාළුවාගේ අතීත රූපය බදාගෙන අපි සන්ඩුවෙනවා. ඊළඟ කාරණය තමයි, මස් මාළු අනුභව කරන අයගේ කුස සුසාන භූමියක්ය කියලා නගන චෝදනවා. ඒ කියන්නේ පිංවතුනේ නිර්මාංශව ජීවත්වෙන පිංවතුන්ලාගේ කුස, සුවඳ දුම් සුගන්ධය වහනය වන රත්තරං ගුහාවක්ද? මස් මාළු කෑවත් නොකෑවත් පිංවතුනේ මේ කුස සුසාන භූමියක්ම තමයි. නිර්මාංශ පිංවතාගේ කුසත් ලේ, සැරව, මේදය, වමනය, අසූචි, මුත්‍ර බොකු බඩවැල් වලින්මයි පිරිලා තිබෙන්නේ. නිර්මාංශ පිංවතුන් ඔබ සිතනවා නම් ඔබගේ කුස සුසාන භූමියක් නොවේය, එය රත්තරං ගුහාවක්ය කියලා පිංවත් ඔබලාට කවදානම් සතර සතිපට්ඨාන ධර්මයක්, අසුභයක් පිළිබඳ දැනීමක් සකස්වෙන්නද? මන්ද ඔබ සුබ සංඥාවෙන්මයි මේ ජීවිතය දකින්නේ. මේ කය දකින්නේ. මගේ ශරීරය පිරිසිදුයි කියන නිත්‍ය සංඥාවමයි ඔබට වැඩෙන්නේ. අකුසල් සංස්කාර හේතුවෙන් මියයන සත්වයෙක් නිසා, පිංවත් ඔබ අහිමි කරගන්නා වූ ශාසනයේ අර්ථය මොන තරම් විශාලද. ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ ධර්මය ඉක්මවා යන්න එපා. එසේ වුවහොත් නිර්මාංශ වුවද, මස් මාළු වලට කෑදර වුවද එය ප්‍රමාදයක්මය. නිර්මාංශ වීම තුළත්, මස් මාළු අනුභවය තුළත් නිත්‍ය සැප ආත්මීය වශයෙන් දෘෂ්ඨිගත වෙන්න එපා. කෙනෙක් මාස් මාළු කනවා ශරීරය නිරෝගී, ශක්තිමත් කරගන්න. තව කෙනෙක් නිර්මාංශ වෙනවා ශරිරය නිරෝගී, ශක්තිමත් කරගන්න. මේ කාරණා දෙකේදීම ඔබ තුල වැඩෙන්නේ ආත්මීය දෘෂ්ඨියක්. මේ සා ශ්‍රේෂ්ඨ බුදුදහමක් අභියස දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න එපා. පිංවත් ඔබ කල්ප සියක්කෝටි ගණනාවක සිට, මස් මාංශ අනුභව කරලා ඇති. සිංහයෝ, කොටි, කිඹුල්ලු, මාළු වෙලා අනුන්ගේ මස් අපි කොච්චර කන්න ඇතිද? ඔබේ මස් අනුන් කොච්චර කන්න ඇතිද? මස් මාංශ නිසා දෘෂ්ඨිගත වෙලා කොච්චර සතර අපායන්ට වැටෙන්න ඇතිද? බත්, පරිප්පු, පොළොස්, මැල්ලුම්, තණකොළ මොන තරම් කන්දරාවක් අතීතයේ අපි කන්න ඇතිද? ඒත් අපි දෙගොල්ලන්ටම තවම සුගතියක් නම් වෙලා නැහැ. මැරෙන ලෙඩවෙන නැවත ඉපදෙන ස්වභාවයෙන්මයි සිටින්නේ. කෙනෙක් මස් මාංශ වලට කැමතියි. තව කෙනෙක් මස් මාංශ වලට අකමැතියි. කැමැත්තත් , අකමැත්තත් විඳීම කියන ධර්මතාවයේ කාසියේ දෙපැත්ත වගේ. මේ දෙපැත්ත තුළින්ම ඔබ අල්ලාගන්නේ සංස්කාරමයි. සංස්කාර ඔබව රැගෙන යන්නේ භවයටමයි. මාළු කැබැල්ලක්, පරිප්පු හොද්දක් කරන විකාරයක හැටි බලන්නකෝ. මනුෂ්‍යයාව ඇද දමන මුලාව දෙස බලන්නකෝ. එමනිසා මින්පසු මාළු කැබැල්ල දෙස, පරිප්පු ව්‍යංජනය දෙස නොව, ඒවා කෙරෙහි ඔබ තුළ සකස්වෙන තෘෂ්ණාව දෙස බලන්න. තෘෂ්ණාවමයි දුක සකස් කරන්නේ. මේ ලැබුණු උතුම් ජීවිතයේදී ධර්මාවබෝධය, සම්මාදිට්ඨිය උදෙසා ගමන් කිරීමට අවශ්‍ය ජවය ශක්තිය ශරීරයට ලබාගැනීම උදෙසාම ආහාර අනුභව කරන්න. මාළු කැබැල්ල තුළ මාළුවෙක් නොව, පරිප්පු ව්‍යංජනය තුළ පරිප්පු නොව, ඒවා අසූචියක්, වමනයක්, මුත්‍රා කෝප්පයක්, රුධිරය කෝප්පයක් වශයෙන් දකින්න. ආහාරය කුමක් වුවද එහි ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, අනිත්‍ය බව සිතමින්ම, දකිමින්ම ඒවා ආහාරයට ගන්න. නිත්‍ය සංඥා, සැප සංඥා, ආත්මීය සංඥා මාළු නිසා ඇතිවුවද, පරිප්පු නිසා ඇතිවුවද ඒවා පිළීගඳ ඇති කෙළෙස්ම බව දකින්න. මතු සම්බන්ධයි! ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා! සියලුම ලිපි : [url]www.maharahathunwadimagaosse.org[/url] Timeline Photos · Sep 7, 2015 · View Full Size · Report Photo [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom